Sunday, January 28, 2018

“ සතියේ ලග්න පලාපලය “


-
( ජන 29 - පෙබ 03 )
-

* පොදු කරුණු පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.
-
●  මේෂ
  මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්ය බහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන් ඒ නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.

       -
● වෘෂභ
  මේ සතිය  වෘෂභ ලග්න හිමියන්ට නම් කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

● මිථුන
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස් වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
මේ සතිය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

   -
● කටක
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ලැබෙන්න  පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
ඔන්න මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.

    -
● සිංහ
   ඔබ කාලයක ඉඳලා ණය මුදලක් ගන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ ගැන බැංකුවත් එක්ක කතා කර ගන්න ලැබෙන සුබ කාලයක් තමයි මේ.
රැකියා ස්ථානය නම් තරමක් දුර බැහැර ගමන් බිමන් යෙදෙන පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය. නව රැකියා වලට ඉල්ලුම් කිරීමටත් සුඛ සතියක් වේවි ඉදිරි සතිය.
ඔබගේ නිවාසයේ තියෙන ගැට‍ළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් ලැබෙන්න පුළුවන් සතියක්  තමයි ඉදිරි සතිය.

     -
● කන්‍යා
ඔබගේ අතේ තියන මුදල් ටික පරිස්සම් කර ගන්න වෙනවා සොර සතුරු උවදුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
ඔබ ඉල්ලුම් කළ තිබුණ රැකියා ප්‍රමාද වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. රැකියා කරන අයට නම් කරදරයකින් තොර ව රැකියාව කර ගෙන යාමට ඉඩ ලැබේවි.  
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට උදව් කිරීමට ඉඩ ලැබෙන්න පුළුවන් පවුලේ සමගිය වෙනදාට වඩා වර්ධනය කර ගන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්.
   -

● තුලා
   ඔබගෙ ළඟ තියෙන තියන සල්ලි ආයෝජනයක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ සදහා යහපත් කාලයක් ඔබට ඉදිරියට උදා වේවි.
ඔයාගේ රැකියා ස්ථානයේ කලින්ට වඩා ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි නව රැකියා ඉල්ලුම් කරලා තිබුණ අයටත් රැකියා ලැබෙන්න පුළුවන්.
නෑයන් සමඟ සිත් අමනාපකමින්  සිටියේ නම් ඒ නෑදෑයින් සමග නෑකම් අලුත් කර ගැනීමට ඉඩ ලැබෙන්නට පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

  -
● වෘශ්චික
     වෘශ්චික ලග්න හිමියන් වන ඔබට මෙම සතිය තුළ තරමක් කල්පනාවෙන් වැඩ කිරීමට සිදු වේවි. තම ආදායම් මාර්ග වල  නීතිමය නැති වෙන්න පුළුවන්.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියාව වෙනස් වීමක් හෝ මාරු වීමක් පෙන්නුම් කරන කාලයක් තමයි ඉදිරි කාලය.
ගෘහ ජීවිතයේ අනුන්ට උදව් කරන්න නම් යන්න එපා වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන වගේ වැඩ සිද්ධ වෙන්න පුලුවන් නිසා, ඒ ගැන සැලකිලිමත් වෙන්න.


     -
● ධනු
පෙර තිබූ ආදායම් මාර්ග වලට ගැට‍ළුදායක තත්වයන් වලට ඉදිරි සතිය තුළ විසඳුම් ලැබෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කරදර වැඩි වෙන කාලයක් තම ඉදිරි කාලය. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන.
මව්පියන්ට උදව් කිරීමට පෙරට වඩා කාලය ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මව්පියන්ගෙන් පැසසුම්  ලැබෙනවා.
    -
● මකර
  මකර ලග්න හිමියන් ගෙවල් ඉඩම් ගන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා යහපත් කාලයක් ඉදිරියට උදා වෙනවා.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
මෙම සතිය තුළ වන්දනා ගමන් විනෝද සවාරි යාමට ඔබට ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.

    -
● කුම්භ
  ඔබ ආර්ථික ලාභ ලබා ගන්න බලාපොරොත්තුවෙන් ගිවිසුම් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන වංචා සහගත දේවල් වලට අහු වෙන්න තරමක අවදානමක් තියෙන නිසා.
නව රැකියා ගන්න බලාපොරොත්තුවෙන් ඔබ සිටිය නම්. ඒ සඳහා කැඳවීම් ලිපි ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
අසල්වාසීන් සමඟ සිත් අමනාපකමින්  ඔබ සිටියා නම්  සිත් අමනාපකම් දුරු දුරු කරලා එකට වැඩ කරන්න ඉඩ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

   -
● මින
නව ආදායම් මාර්ග වලට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා වැඩි  ඉඩ ලැබෙන්නට  පුළුවන්. යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ ඇතිවන කරදර හේතු සිත් තැවුල් හේතු හා සිත්තැවුල් මානසික පීඩා අධික ව ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.
නෑදෑයින් හිත මිත්‍රාදීන් නිසා ඉදිරි කාලයේ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත් ව කටයුතු කරන්න ඔන.


-

#ඉරු

Monday, January 22, 2018

සතියේ ලග්න පලාපලය


-
( ජන 23 සිට)
-

මෙම සතියේ සඳු  කුම්භ, මීන, මේෂ යන රාශි වල ගෝචර වේ.
-

● මේෂ
ඔබගේ ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර දියුණුවට උවමනා කරන වැඩ පිලිවල ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාවන් උදා වනු ඇත.
මේෂ ලග්න හිමියන්ගේ රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමේ මාර්ග ලැබෙන්නට වාසනාව පවති. රැකියා කරන අයට, නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජිවිතය තුල සිතට සහනදායී කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.
සතුරු කරදර ජය ගන්නට හැකියාව   ඇත.

-

● වෘෂභ
වෘෂභ ලග්න හිමි ඔබගේ ආදායම් මාර්ග දියුණු කර ගැනීමට කල උත්සාහයන් සාර්ථක වනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍ර වල ව්‍යාපාර කරන අයට සුබයි. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුභ ඵල ලැබෙන කාලයකි. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් නොවුන හොත් අවාසි සහගත සතියක් විය හැක.
ඔබට රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදුවිය හැක. කාර්මික ක්ෂෙත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
විදෙස් ගත වීමට කටයුතු කරන අයට ප්‍රමාද වීම් විය හැක.
සහෝදර සහෝදරියන් සම්බන්ධව කටයුතු කිරීමටත්, ඔවුන් සමග කටයුතු කිරීමටත් අවස්ථාවන් උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.

-


● මිථුන
ඔබගේ දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට වාසනාව පවති. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලැබීමට ද වාසනාව පවති. මුදල් ඵලදායි දේට යොදවා ගැනීමට හැකියාවන් ලැබෙන්නට ඉඩ ඇත.
මිථුන ලග්න හිමියන්ගේ රැකියා කටයුතු වලදී මධ්‍යම ප්‍රතිඵල වලට මුහුණ දීමට හැකි විය හැක. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
නිවසේ සිටීමට ඇති කාලය අඩු විය හැක.
පින් කටයුතු වලට සිත යොමු වනු ඇත.
මුත්‍රාශය සම්බන්ධ රෝග පීඩා ඇති විය හැක.

-

● කටක
ආර්ථිකය ස්ථාවරව ගොඩ නගා ගැනීමට අවස්ථාවන් උදා විය හැක. ඉඩම් මිලදී ගැනීම්, මුදල් සම්බන්ධ ප්‍රශ්න කරුණු කාරණා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
රැකියා කටයුතු වලදීද තමන්ගේ රාජකාරියෙදි වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ වෙනදාට ලැබෙන සහයෝගය පවා නොලැබෙන්නට ඉඩ පවති.
පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටළුකාරි තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි. ඒවායින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට කල්පනාවෙන් වැඩ කටයුතු කල යුතුය.

-

● සිංහ
ඔබගේ නව ආදායම් මාර්ග වලට උත්සාහ දරන අයට ඒ සදහා ඉඩකඩ සැලසිය හැක. මුදල් නාස්තිය සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
ඔන්න ඔයාට රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට අවස්ථාවක් උදා වෙයි. තමන්ට කිරිමට අපහසු රාජකාරි පවා කිරිමට සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදිමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජිවිතයේ අන් අය සමග පැවති සබදකම් දුරස් වීමට ඉඩ ඇත.
සුළු සුළු අනතුරු බාධා ඇති විමටද ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

-

● කන්‍යා
මේ සතියේ ඔබගේ ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුනද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න - ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
ඔබගේ රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වලින් තමන්ට ගැටළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳාගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-

● තුලා
තුලා ලග්න හිමියන්ගේ  මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදුවිය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදුවිය හැක. ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාවන් සලසා ගැනීමට හැකිවනු ඇත.
ඔබගේ රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. තමන්ට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා කර ගැනීමට වාසනාව පවති.
විදේශ රැකියාවකට යොමු වීමට උත්සාහ දරන්නේ නම් සාර්ථක වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වුවොත්, ඉක්මණ් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩක් පවති. තරුණ අයට ගැලපෙන මංගල යෝජනා උදා විය හැක.
-

● වෘශ්චික
මෙම සතිය ඔබටආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. දේපල ලාභ, ව්‍යාපාර ලාභද, ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇත. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබදතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
ඔබට මෙම සතියේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යන්න පුළුවන් වේවි. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
යම් කලකිරිම් ඇතිවිය හැක.

-

● ධනු
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ඇත. වෙනදාට වඩා කලබලකාරි ගති පැවතුම් ඇති වීමටද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී යහපත් ඵල ලැබීම අඩු විමට ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතුවිය හැක. බුද්ධිමත් වන්න.

-

● මකර
ඔබට නම් මෙම සතිය තුල ආදායම් තත්වය යහපත් කර ගැනීමට වාසනාව තියෙනවා. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා විය හැක. ඉඩකඩම් වලට පැවති බාධාකාරි තත්වයන් මග හරවා ගත හැකි වෙන සේ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරී තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යෑමේදි බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න..

-

● කුම්භ
ඔබගේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මෙම සතිය බෙහෙවින් ඉඩ ලැබිය හැක. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන ඔබට නම් නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබුනු බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවක් උදා විය හැක.
මේ සතියේ ඔබගේ පෙම් සබඳතා වැඩි විය හැක.. විනෝදයෙන් කාලය ගත වනු ඇත.
දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

-

● මීන
ඔයාලාගේ බැංකුවේ තියන සල්ලි තර කර ගන්න ඉඩ ලැබෙන්න පුළුවන්. නව ආදායම් මාර්ග වලටත් යොමු වෙන්න ඉඩ කඩ ලැබෙන්න පුළුවන්.
ඔබගේ රැකියා කටයුතු වලදි වෙනදාටත් වඩා කාර්යබහුල විය හැක. රැකියා සොයන අයට අවස්ථාවන් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා වැඩි ඉඩක් පවති.
තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.

   
-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Friday, January 12, 2018

“ 2018 වසරේ පළමු සිකුරු මාරුව “



-
2018.01.13 සිට 2018.02.06 දක්වා ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු ග්‍රහයා මකර රාශියේ ගෝචර  වේ.
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 12 වැන්නට සිකුරු පැමිණීම නිසා කාලගුණය අසමතුලිත වීමට ඉඩ ඇත. එම නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
-
●  මේෂ
මේෂ ලග්නයේ සිකුරු  පැමිණෙන්නේ 10  රාශිය වන කර්මස්ථානයටය.
මේෂ ලග්න හිමියන් වන ඔබට මෙවර සිකුරු මාරුව නිසා තරමක් අසුබ ඵල ලැබෙන කාලයක්. අතමිට මුදල් ගැවසෙන වගේම ආර්ථික වාසි සැලසෙනවා.
රැකියා කර්මාන්ත වල තිබුණ ප්‍රශ්න විසඳ ගන්න හැකියාව ලැබෙන  කාලයක් තමයි මේ. නව රැකියා සොය සොය ඉන්නවා නම් ඒ අයට යහපත් කාලයක්.
ඔබේ ජීවිතයටත් යහපත් කාලයක් වෙනවා මේ කාලය. දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වෙනුවෙන් ඔබට වැඩිපුර කාලය වැය කිරීමට සිදුවනව.

       -
● වෘෂභ
  වෘෂභ රාශියේ සිකුරු  09 වැන්න වන පුණ්‍යස්ථාන ගත වෙයි.
වෙනදාට තිබුණු පීඩාකාරි  බවින් මිදිලා යහපත්ව කාලය ගත කිරීමට ඉඩ ලැබෙන මූල්‍ය ලාභ ලැබෙන්නට පුළුවන් කාලයක් වෙනවා මේ කාලය.
රැකී රක්ෂා කටයුතුවල යෙදෙන අයට රැකියා ස්ථානයෙන් වරදාන වරප්‍රසාද හිමි වෙන්නට ඉඩ කඩ තියෙන කාලයක් තමයි මේ.
ගෘහ ජීවිතය නම් ඔබට වෙනදාට වඩා විනෝදකාමීව සහ  දනට - පිනට නැඹුරුව වැඩ කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් වෙන්නට ඉඩ තියෙනවා.
    -

● මිථුන
මිථුන රාශියේ 8 වැන්න වන ආයුෂ ස්ථානයට සිකුරු පැමිණෙනවා.
මෙම කාලයේ ඔබ ඉතා පරිස්සම් විය යුතුයි. ණය ගනුදෙනු වලදී සහ මූල්‍යමය කටයුතු වලදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.
රැකී රක්ෂා කටයුතුවල පීඩාකාරී බව වැඩි වීමටත් රැකියා ස්ථානයේ තිබෙන වැඩ කටයුතු හේතුවෙන් නොරුස්සන ගති ගති ඇති වීමටත් මෙම ග්‍රහ මාරුව හේතු වෙන්න පුළුවන්.
ගෘහ ජීවිතයේ දී ඔබ දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුය. තරහ ගන්නේ නැතුව ඉතා අවබෝධයෙන් වැඩ කරනව නම් ඔබගේ ජීවිතය යහපත් කර ගන්න පුළුවන්.
 
-
● කටක
   කටක ලග්නයේ 7 වැන්න වන  කලත්‍ර ස්ථානයට සිකුරු පැමිණෙනවා.
මෙම සිකුරු මාරුව කටක ලග්න  හිමියන් වන ඔබට ටිකක් තදින් දැනෙන ග්‍රහ මාරුව වේවි. දුරදිග  දිග නොසිතා ගනු ලබන තීරණ නිසා ඔබට පසුතැවෙන්න වෙන අවස්ථා උදා වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ නම් නම් එතරම් ප්‍රශ්න ඇති කරන එකක් නැහැ. සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කර ගෙන යන්න පුළුවන් වෙයි.
ගෘහ ජීවිතයටත් යහපත් කාලයක් පෙර තිබුණු ප්‍රශ්න අමතක කරලා අඹු සැමියන්ට ආදරයෙන් ඉන්න ලැබෙනව.

    -
● සිංහ
සිංහ ලග්නයේ  6 වන රෝග ස්ථානයට සිකුරු පැමිණේ.
සිංහ ලග්න හිමියන්ට නම් මෙම ග්‍රහ මාරුව එතරම් සුබ වෙන එකක් නැහැ. සොර සතුරන්ගෙන් තම ආර්ථිකයට බාධා ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය.
නව රැකීරක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට නම් බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන් වේවි.
ගෘහ ජීවිතය ජීවිතයේ දරු දැරියන්ගේ ප්‍රශ්න නිසා තරමක් සිත අවුල් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

     -
● කන්‍යා
කන්‍යා ලග්නය පුත්‍ර ස්ථානය වන  5 වැන්නට සිකුරු ග්‍රහයා පැමිණේ.
අලුත් ආදායම් මාර්ග වලට යොමු වෙන්නට ඔබට අවස්ථාව ලැබෙන පුළුවන්. ඔබට තිබෙන ආදායම් මාර්ග වැඩි දියුණු  කරගන්නත් අවස්ථාව ලැබෙනවා.
රැකී රක්ෂා ප්‍රමාද වෙලා සිටින අයට මෙම ග්‍රහ මාරුව නිසා සුදුසුකම් වලට සරිලන රැකියා ලැබෙන අවස්ථාව උදා වෙන්න පුළුවන්.
ඔන්න මංගල යෝග ප්‍රමාද වෙලා ඉන්න අයට සුඛ ආරංචි ලැබෙන මංගල යෝග උදා වෙන කාලයක් වෙන්න පුළුවන්.

   
   -
● තුලා
   තුලා ලග්න ලග්නය කුටුම්භ ස්ථානය වන 4 වැන්නේ සිකුරු ගෝචර වේ.
තුලා ලග්න හිමියන්ට නම් තරමක් වියදම් වැඩි වෙන්න පුළුවන්. අනවශ්‍ය දේවල් වලට පවා වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා දෙවරක් සිතා බලා කටයුතු කරන්න ඕන.
රැකියා ස්ථානය නම් තරමක් බැනුම් අහන්න සිද්ධ වෙන්න පුළුවන්. තමන්ට පැවරෙන රාජකාරි නිසියාකාරව සිදු කරන්නට වග බලා ගන්න  ඕන කාලයක් තමයි මේ කාලය.
ගෘහ ජීවිතයේ මෙතෙක් තිබූ ගැටලු බාධක ඉවත් වෙලා යන සුබ කාලයක් තමයි මේ කාලය. එම නිසා අඹු සැමියන්ට සතුටෙන් ඉන්න ලැබෙනවා.




  -
● වෘශ්චික
වෘශ්චික ලග්නය සහජ ස්ථානය වන 3 වැන්නට සිකුරු පැමිණේ.
තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගන්න නව පියවර  ගන්න සිද්ධ වෙන කාලයක් තමයි මේ ඉදිරි කාලය.
රැකියා ස්ථානය වෙනදාට වඩා පැසසුම් ලැබෙන්න පුළුවන් කාලයක් ඉදිරියට ඔබට උදා වෙනවා. සතුටින් රැකියාව කරන්න ලැබෙන කාලයක්.
ඔබගේ ගෘහ ජීවිතයේ වෙනදාට වඩා සතුටින්  ගත කිරීමට ඉඩ ලැබෙනවා. මංගල යෝජනා ස්ථිර වෙන්න පුළුවන්.


     -
● ධනු
  ධනු ලග්නයේ සිකුරු 2 වැන්න වන ධන ස්ථානයට පැමිණේ.
ධනු ලග්න හිමි ඔබට හා ආර්ථික වාසි සැලසෙනවා වගේම ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත් ඉඩ තියන කාලයක් වෙන්න පුළුවන් ඒ ගැන සැලකිලිමත් වන්න.
රැකියා සොයන අයට නම් නව රැකියා ලැබෙන මෙන්න ග්‍රහ මාරුව ඔබට වාසනාව ගෙනෙන්න පුළුවන්.
නිවාස අලංකරණය සහ නිවාස ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
 
-

● මකර
මකර ලග්නයේ සිකුරු ලග්න ගත වේ.
මකර ලග්න හිමියන් වන ඔබට මෙම සිකුරු ග්‍රහ මාරුව නිසා ඔබට නොලැබී තිබුණ මුදල් ලැබෙන්න බොහෝ ඉඩ තියන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ නම් තරමක් වැඩ වැඩි වෙන්න පුළුවන්. කොහොම උනත් රැකියාවක් සොයා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් යහපත් කාලයක් වෙන්න පුළුවන් මේ කාලය.
ගෘහ ජීවිතය තුල නම් ඔබට ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වගේම විවාහ ප්‍රමාද වෙලා ඉන්න අයට යහපත් මංගල  යෝජනා ඉදිරිපත් වෙන කාලයක් තමයි මේ කාලය.
 
 -
● කුම්භ
  කුම්භ ලග්නයේ සිකුරු වැය ස්ථානය වන 12 වැන්නට පැමිණේ.
මෙම සිකුරු මාරුව ඔබට මුදල් අතින් තරමක් අඟ හිඟකම් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ. ඒ නිසා මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.
රැකියා ස්ථානයේ  නොසැලකිලිමත්කම නිසා ඔබගේ ආයතන ප්‍රධානීන් ගෙන් හරි අංශ ප්‍රධානීන් ගෙන් දෝෂාරෝපණ එල්ල වෙන්න පුළුවන්.
ගෘහ  ජීවිතයේ දෙන්න දෙමාල්ලන්ගේ මතභේද වලට තුඩු දෙන කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.


   -
● මින
  මීන ලග්නයේ 11 වැන්න වන අයස්ථානයට සිකුරු පැමිණේ.
  වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කරල තමන්ගේ ආර්ථික  ඉලක්ක සපුරා ගන්න මෙම ග්‍රහ මාරුව නිසා මීන ලග්න හිමි ඔබට ලැබෙනවා.
රැකියා කරන ඔබට උසස් වීම් තරඟ විභාග වලට යන්නට බලාපොරොත්තුවෙන් සිටියා නම් එම බලාපොරොත්තු සියල්ල ඉටු කර ගන්න මෙම ග්‍රහ මාරුව නිසා ඔබට  පුළුවන් වේවි.
ගෘහ ජීවිතයේ වෙනදා තිබුණු පීඩා කාරී බව කලබලකාරී බව අඩු වෙලා අඹු  සැමියන් අතර ආදරය වැඩි වෙන කාලයක් වේවි ඉදිරි කාලය.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Sunday, January 7, 2018

සතියේ ලග්න පලාපලය - ජන 08 සිට
-


- පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

● මේෂ
ආර්ථිකය  ගොඩනගා ගැනීමට අවස්ථාවක් උදා විය හැක. ඉඩම් මිල දී ගැනීමේ දී  මුදල් සම්බන්ධ ප්‍රශ්න   ඇති විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ගේ රාජකාරි ස්ථානයේ වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටලුකාරී තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි.
_

● වෘෂභ
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. පෙරට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමට හැකියාව ඇත.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි  කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න නැතිනම්  කලකිරීම් ඇති වීමට ඉඩ ඇත.

_


● මිථුන
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට ඉඩ අත. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලබාගැනීමට ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පින් කටයුතු වලට සිත යොමු වීමට ඉඩ  ඇත.
_

● කටක
ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත.  නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල සිතට සහනදායි කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.

_

● සිංහ
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට නව පියවරක් ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  තමන්ට කිරීමට අපහසු රාජකාරි පවා කිරීමට සිදු විය හැක.
ගෘහ ජීවිතයේ  තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජීවිතයේ අන් අය සමග පැවති සබඳකම් දුරස් වීමට ඉඩ ඇත. සුළු අනතුරු බාධා ඇති විමට ඉඩ ඇත.

_

● කන්‍යා
තමා ආදායම් මාර්ග වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වීමට ඉඩ ඇත. මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසදා ගැනීමට බුද්ධිමත් ව කටයුතු කල යුතුය. සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.

_

● තුලා
ව්‍යාපාර කරන අයට සුබ කාලයක් වීමට ඉඩ ඇත. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුබ ඵල ලැබෙන කාලයක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදු විය හැක. කාර්මික ක්ෂේත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
ගෘහ ජීවිතයේ අසල්වැසියන්  සමග කටයුතු කිරීමට අවස්ථා උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.


_

● වෘශ්චික

මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදු විය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු විය හැක.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. රැකියා සොයන අයට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ඉවසීම අඩු වී ඉක්මන් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩ ඇත. තරුණ අයට ගැළපෙන මංගල යෝග  උදා විය හැක.

_

● ධනු
නව ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න.

-
● මකර
ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබීමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.

_

● කුම්භ
ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

_

● මීන
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා ඉඩකඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
_
   
#Facebook ඉරු සේවය
@Iru sewaya

077 2238041
irusewaya@gmail.com

Friday, December 29, 2017

2018 වසර ලග්න 12ට පොදුවේ,



-
පොදු පලාපලයක් පමණි !
-

● මේෂ
ආර්ථිකය -
තම ආර්ථික තත්ත්වය අඩු වැඩි නොවන ලෙස පවත්වා ගෙන යාමේ හැකියාව ඔබට මෙම වසරේ  ලැබිමට ඉඩ ඇත. දියුණුව සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග  සාර්ථක වීමේ ප්‍රවණතාවක් මෙම කාලයේ දැකිය හැක.
රැකියාව -
මෙතෙක් ප්‍රමාද ව තිබූ රැකියා ලැබීමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද ව තිබූ තනතුරු වරප්‍රසාද ලැබීමට ද වැඩි ඉඩක් ඇති කාලයකි. රැකී රක්ෂා වල මෙතෙක් තිබූ කරදර බාධක තත්වයන් ඉවත් වී යාමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතය -
නිවාස ඉදිකිරීමට ඉදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන කාලයකි. තම පවුල තුළ තිබූ සුළු සුළු සිත් අමනාපකම් දුරු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය-
ඔබගේ අධ්‍යාපන තත්ත්වය පෙරට වඩා සාර්ථක කර ගැනීමටද, උසස් අධ්‍යාපන කටයුතු මනා ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමටද හැකියාව ලැබීමට ඉඩ ඇත. පපුවේ අසනීප වැඩිපුර ඇති වීමට ඉඩ ඇති කාලයකි.
       -

● වෘෂභ
  ආර්ථිකය -
ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වය පැවතීම හේතුවෙන් ඔබට ආර්ථික අපහසුතා ඇති විය හැක. මෙතෙක් පැවති ආදායම් තත්වය තරමක් දුරට අඩු වී යෑමට ඉඩ ඇත. එහෙත් වසරේ අග භාගය වන විට යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියාව -
රැකියා ස්ථානයේ තිබෙන ගැට‍ළුදායක තත්ත්වයන් වැඩිවීමට  ඉඩ ඇත. රැකියා ලබාගැනීමට  බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා තරමක් යහපත් කාලයක් උදා විය හැක. ඇති වී තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු වේ.
ගෘහ ජීවිතය -
ගෙදොර ඉඩකඩම් වල හිමිකම් ලබාගැනීමේ දී ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත තරමක් පළුදු විය හැක.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි කාලයක් විය හැක. එහෙත් උසස් අධ්‍යාපනයට වරම් ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති විය හැක. උගුර ආශ්‍රිත රෝග සෙම් රෝග බහුලව වැලඳිය හැක.

    -

● මිථුන
  ආර්ථිකය -
යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නමුත් වසර අවසාන කාලයේ ආර්ථික අපහසුතා ඇති විය හැක. ඉතා කල්පනාකාරීව කටයුතු කල යුතුය.
රැකියාව -
රැකියා ස්ථානයේ කටයුතු කරන ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක. රැකියා වලට ඉල්ලුම් කරන තරුණ තරුණියන්ට යහපත්  රැකියා ලැබීමට වැඩි ඉඩක් ඇත. රැකියා ස්ථානයේ ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතය -
ගේ දොර ඉඩකඩම් පිළිබඳව තිබූ ගැටලු විසඳා ගැනීමට ඉඩ ලැබිය හැක. ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය හා සෞඛ්‍යය -
ඉගෙනීම් කටයුතුවලට ඇති උනන්දුව වැඩිවීමට ඉඩ ඇත. ඒත් උසස් අධ්‍යාපනයේදී තරමක් බාධා ඇති වීමට ද ඉඩ ඇත. දත්  සහ ඇස් වල අසනීප බහුලව ඇති වීමට ඉඩ ඇත.


   -
● කටක
  ආර්ථිකය   -
තිබෙන ආර්ථික අපහසුතා වලට විසඳුම් සොයා ගැනීමට ඉඩ ලැබිය හැක. බලාපොරොත්තු ආර්ථික ඉලක්ක කරා යොමු වීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාව -
රැකියා ස්ථානයේ තිබූ කරදරකාරී තත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා වල නියුතු අයට සුබ පල ගෙන දෙන කාලයක් විය හැක.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපන කටයුතුවල පෙර පැවති බාධාකාරී තත්වයන් අවම වී යයි. කාලයකි. උසස් අධ්‍යාපනයටද වරම් හිමි වන කාලයක් විය හැක.
උදරාබාධ  සහ හිසේ කැක්කුම් බහුලව ඇති වීමට ඉඩ ඇත.


    -
● සිංහ
ආර්ථිකය -
ආදායම් මාර්ග වලට බාහිර කරදර ආර්ථික අපහසුතා ඇතිවීමට ඉඩ ඇත. වසර අවසානයේ සාමාන්‍ය ආදායම් තත්ත්වයක් බලාපොරොත්තු වීමට හැකි කාලයකි. ආදායම් මාර්ගවල මාර්ග වල තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමට වග බලා ගත යුතුය.
රැකියාව -
තමන් කරගෙන යන  රැකියා කර්මාන්ත වලට බාහිර බලපෑම් එල්ල විය හැක. කල්පනාකාරීව කටයුතු කල යුතුය.  රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය -
ගේ දොර සමගියට තිබූ බාධා ඉවත් විය හැක. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇති වීමට හෝ තිබෙන සබඳතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
තම අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති වීමට ඉඩ ඇති කාලයකි. අධ්‍යාපන කටයුතු වලද යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට පෙරට වඩා වෙහෙසීමට සිදු විය හැක.  එහෙත් ලෙස වසර අවසාන කාලය වන විට යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට ඉඩ ලැබේ. මානසික ආතතිය වැඩි වීමට ඉඩ ඇත.


-

● කන්‍යා 
  ආර්ථිකය  -
මෙම වසරේ තම ආදායම් තත්ත්වය වර්ධනය විය හැකි අතර ඔක්තෝම්බර් වනතුරු සුබ පල  ගෙන දීමට ඉඩ ඇත. ඉතුරුම් ධනය වැඩි කර ගැනීමට සහ ඉතිරි කර ඇති ධනයෙන් යම් ප්‍රතිඵලයක් ගැනීමට අවස්ථාවක් උදා විය හැක. 
රැකියාව -
උසස් වීම් තරග විභාග ආදියට යොමු වීමට උත්සාහ දැරූ අයට ඒ සඳහා අවස්ථා උදා විය හැක.  කරන රැකියාවට තිබූ බාධා ඉවත් වේ. නව රැකියා සොයන අයට තමන්ට සුදුසු රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය - 
තම ගමන් බිමන් වැඩිවිමටද  පදිංචිය වෙනස් වීමටද කරුණු යෙදීමට ඉඩ ඇති කාලයක් විය හැක. පවුලේ සමගිය වර්ධනය විය හැක. නව මිතුරන් මුණගැසීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය විය හැක. උසස් අධ්‍යාපනයෙදි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් විමට ඉඩ ඇත. සෙම් අමාරු මානසික පීඩා ඇරුණු කොට තදබල අසනීප නො යෙදේ.      
     
   - 


● තුලා 
ආර්ථිකය - 
සමාජ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. තම ආදායම් මාර්ග වල මෙතෙක් තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට යොමු වීමට හැකියාව ලැබෙන කාලයකි. 
රැකියාව -  
රැකියාවේ ස්ථාන මාරු වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කර රැකියාවේ තිබෙන ගැට‍ළුදායක තත්වයන් නිරාකරණය කර ගත යුතුය. 
ගෘහ ජීවිතය -  
ගේ දොර දියුණුව පිළිබඳ පෙරට වඩා වෙහෙසීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. ඉඩම් හා නිවාස වල උරුම කම් හිමිකම් ලබා ගැනීමට උත්සාහ දරන අයට මෙම වසර යහපත් වීමට ඉඩ ඇත. 
අධ්‍යාපන සහ සෞඛ්‍යය - 
දරුවන්ගේ අධ්‍යාපන තත්වයට පෙර තිබු බාධා ඉවත් වීමට ඉඩ ඇත. අධ්‍යාපනය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්න කාලයක් වීමට ඉඩ ඇත. කොඳු ඇට පෙළ ආශ්‍රිත අසනීප වැළඳීමට ඉඩ ඇත. 

  -
● වෘශ්චික 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක තත්ත්වය අවසන් වසර 2 හමාර දැනට ගත කරමින් සිටින ඔබට. මෙම වසරේ වියදම තරමක් අධික වීමට ඉඩ ඇත. වියදම තරමක් පාලනය කර ගැනීම තුළින් යහපත් ආදායම් තත්වයක් උදා කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නිවාස ඉඩම් මිල දී ගැනීමට අවස්ථා උදා විය හැක. 
රැකියාව - 
රැකියාවේ තිබූ බාධා සියල්ල ඉවත් වී යාමට ඉඩ ඇත. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵල වීමට වැඩි ඉඩක් ඇත. රැකියා සොයන තරුණ තරුණියන් ගේ සිහින සැබෑ වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය -  
ගෙදර සමගිය වර්ධනය විය හැක.  ගුරු දශාව ගත කරන අයට ගෘහ ජීවිතය සම්බන්ධ කරුණු කාරණා වල දී වැඩි වශයෙන් සුබ පල ලැබීමද ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -  
මෙම වසර මුල් කාලයේ දී අධ්‍යාපනය ලබන දරුවන් ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධා ඇති වුවද ඔක්තෝම්බර් මාසයෙන් පසුව එම තත්ත්වය සමනය විය හැක. දත් වල අසනීප, සෙම් අමාරු ඇතිවීමට ඉඩ ඇත. 


     - 
● ධනු 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක අපල තත්වය ඉදිරියට වසර 5ක කාලයක් බල පවත්වයි. වැඩිදුර නොසිතා ගනු ලබන තීරණ වලින් ආදායම් මාර්ග වලට  පාඩු සිදු වීමට ඉඩ ඇත. දෙවරක් සිතා බලා තම වැඩ කටයුතු කිරීම තුල මෙම අසුබදායක තත්වය පාලනය කර ගත හැක. නව ආදායම් මාර්ග වලට යොමු වීම නොකල යුතුය. 
රැකියාව - 
රැකියා ස්ථානය තුළ නොසිතූ  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. එම නිසා රැකියාවේ ද බාධා ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා ලැබිමට ඇති ඉඩ කඩ අඩු කාලයකි. රැකියා ස්ථානයේ තීරණ ගැනීමේ දී ප්‍රවේසම් විය යුතුය. 
ගෘහ ජීවිතය -
නිවාස ගේ - දොර පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන කාලයක් වීමට ඉඩ ඇත. පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට සිදුවන  කාලයක් වීමට ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය -
අධ්‍යාපනයේ මෙතෙක් තිබූ ගැටලු බාධා ඉවත් වී යාමට ඉඩ ඇත. ඔබගේ  අධ්‍යාපනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමට සිඳුවේ. හිස ආශ්‍රිත අසනීප වලට ගොදුරු වීමට ඉඩ ඇත. 

    - 
● මකර 
ආර්ථිකය -
ලග්න ඒරාෂ්ටක තත්වය ආරම්භ උවද  බුධ, සිකුරු දශා ගත කරන අයට යාන වාහන මිල දී ගැනීම් ඉඩකඩම් මිලදී ගැනීම් ගැනීමට අවස්ථා උදා විය හැක. ආර්ථික තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා විය හැක. 
රැකියාව -  
රැකියාවේ  මෙතෙක් ඉදිරියට යාමට තිබූ බාධා ඉවත් වීමට ඉඩ ඇත. එහෙත් වසර අවසානයේ තරමක් බාධා ඇතිවීමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය - 
ගෘහ ජීවිතයේ මෙතෙක් කර ගෙන ආ වැඩ කටයුතු සාර්ථක ව ඉදිරියට කර ගෙන යාමට ඉඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගිය උදෙසා ගනු ලබන තීරණ සාර්ථක වීමට ඉඩ ඇත. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
අධ්‍යාපන තත්ත්වය යම් දුර්වලතා පැවතියද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම අසුබ පල දායක තත්වයන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. උගුර සහ පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති වීමට ඉඩ ඇත. 

    - 
● කුම්භ 
ආර්ථිකය -
ආදායම් මාර්ග වල තිබෙන දුර්වලතා මඟ හරවා ගෙන, ආර්ථික වශයෙන් ඉහළට යාමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ ඇත. නව ව්‍යාපාර හෝ ආදායම් මාර්ග ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඒ සඳහා යහපත් වසරකි. 
රැකියාව -
තම රැකියා ආයතනයේ තිබෙන කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට වැඩිපුර වෙහෙසෙන කාලයක් වීමට ඉඩ ඇත. නව රැකියා බලාපොරොත්තු සිටින අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. 
ගෘහ ජීවිතය -
ගෘහ ජීවිතයේ මෙතෙක් තිබූ කරදර බාධක වලින් මිදීමට හැකි වන කාලයකි. ඉදිරි අනාගතය උදෙසා පියවර රාශියක් ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. 
සෞඛ්‍යය සහ අධ්‍යාපනය -
තම සෞඛ්‍යය තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන  යාමට හැකි වුවද   කොන්ද ආශ්‍රිත අසනීප සහ ගෙල ආශ්‍රිත අසනීප ඇතිවීමට ඉඩ ඇත.
අධ්‍යාපන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. 

   - 
● මින 
ආර්ථිකය -
  තම ආදායම් තත්ත්වය සමබරව  පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන කාලයක් බැවින් දියුණුව උදෙසා තීරණ ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත. ණය හෝ මූල්‍යමය උපකාර ලබා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වීමට ද ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදා විය හැකි කාලයක් වේ. 
රැකියාව -
තම රැකියාවල උසස් වීම් වෙනස් වීම් සිදුවීමට ඉඩ ඇති කාලයකි. එසේම තම වෘත්තිය ස්ථීර කර ගැනීමටද යම් ඉඩක් ලැබිය හැක. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ඉල්ලුම් කිරීමට මෙන්ම ඉල්ලූම් කර ඇති රැකියා ලැබීමට ඉඩ ඇති කාලයකි. 
  ගෘහ ජීවිතය -
ගේ දොර වැඩ කටයුතු නිමා කර ගැනීමටද ඉඩ ලැබෙන විට නිවාස අලංකරණය සඳහා සිත යොමු වන කාලයක් වීමට ඉඩ ඇත. අසල්වාසීන් නෑදෑ  හිතමිත්‍රාදීන් ගේ ඇප උපකාර ලැබීමටත්,  ඔවුන්ට උදව් උපකාර කිරීමටත් ඉඩ ලැබෙන කාලයක් විය හැක. 
අධ්‍යාපනය සහ සෞඛ්‍යය - 
ඉගෙනුම ලබන දරුවන් ගේ අකීකරු කම් නිසා අධ්‍යාපන තත්ත්වයට බාධා ඇති වීමට ඉඩ ඇත. දණහිස් ආබාධ උදර ආබාධ ඇති වීමට ද ඉඩ ඇති කාලයක් වේ. 
     

Facebook ඉරු සේවය !

077 2238041
irusewaya@gmail.com

Monday, December 18, 2017

වසරේ අවසාන රවි මාරුව

 රවි ග්‍රහයා 2017/12/17 සිට 2017/01/17 දක්වා ධනු රාශියේ ගෝචර වේ.
-
ග්‍රහලොව  රජතුමා සැප දුක බැලීමට  පුරෝහිතයාගේ නිවසට පැමිණෙයි.  ලංකා කේන්ද්‍රයේ 11වැන්න වන ධනු රාශියට  රවි පැමිණ ශනි සමග සංයෝග වේ.  නුවණින් සහ  බුද්ධිමත්ව තීරණ  ගැනීමට හැකියාව සැමට ලැබීමට ඉඩ ඇත.
-

● මේෂ
මේෂ ලග්නයේ  9 වැන්නට  හිරු නොහොත් රවි පැමිණේ.
තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. කරන රැකියාවේ බාධා ඉවත් විය හැක.
ගෘහ  ජීවිතයේ ගෙදර දොර වැඩකටයුතු වෙනුනේ වෙහෙසීමට සිදු විය හැක. සහෝදරයන්ගෙන් උදව්  උපකාර ලැබීමට ඉඩ ඇත.
-

● වෘෂභ
වෘෂභ ලග්නයේ 8 වැන්නට රවි පැමිණේ.
තම ආදායම් මාර්ගවල දුර්වලතා පෙන්නුම් කරන කාලයක් විය හැක. කල්පනාකාරී විය යුතුය.
කරන රැකියාවේද තරමක් විවිධාකාර සිදුවීම් සිදුවීමට ඉඩ ඇත. නව රැකියා  බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද විය හැක.
ගෘහ ජීවිතයේ තරමක් කලබලකාරී ගති වැඩි වීමට ඉඩ ඇත. ප්‍රේම සබඳතා වල  ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
-
 

● මිථුන
මිථුන ලග්නයේ  7 වැන්නට රවි පැමිණේ.
ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි කාලයක් උදාවිමට ඉඩ ඇත.
රැකියාවෙ බාධාකාරී තත්වයන් තරමක් අඩු විය හැක. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට  ඉඩ ඇත. ප්‍රීති උත්සව වලට සහභාගි විමට ඉඩ ලැබේ .
-

● කටක
කටක ලග්නයේ රවි 6 වැන්නට පැමිණේ.
ආර්ථික තත්වය තරමක් පහල බැසීමට ඉඩ ඇත ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කල හැකි කාලයක් විය හැක.
රැකියා ස්ථානයේද තරමක් ගැටලුකාරි තත්වයන් මතු විමට කරුණු  යෙදිය හැක.
ගෘහ  ජීවිතයේ වැඩිපුර තම පෞද්ගලික කරනු කාරනා වෙනුවෙන් වෙහෙසීමට සිදු විය හැක.
-


● සිංහ
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි 5 වැන්නට පැමිණේ.
මෙතෙක් තිබු කරදර බාධක තත්වයන් මග හැරී  යන තත්වයක් නිර්මාණය විය හැක.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ  අධ්‍යාපනයට තිබු බාධා ඉවත් වීමට ඉඩ ඇත.උසස් අධ්‍යාපන වරම් ලැබිමට ඉඩ ඇත.

-
● කන්‍යා
කන්‍යා ලග්නයේ 4 වැන්නට රවි පැමිණේ.
වෙනදාට වඩා කලබල කාරි වැඩි වීම  නිසා වෙනදාට වඩා  ගැටලු ඇති විය හැක. නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇත.
නව රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාව කාර්ය බහුල විය හැක.
  පවුල් ජීවිතයේ සමගියට බාධා මතු විය හැක. බැවින් කල්පනාකාරී වියයුතුය.
-


● තුලා
තුලා ලග්නයේ රවි 3 වැන්නට පැමිණේ.
තරමක් සුබ පල ගෙන දෙන කාලයක් විය හැක.  පෙර පැවති වියදම් තත්වය මග ඇරී යන තත්වයක් නිර්මාණය විය හැක.
රැකියාවෙ බාධාකාරී තත්වයන් තරමක් දුරට පහ වීමට ඉඩ ඇත. විදෙස් ගමන් යාමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජීවිතයේ මෙතෙක් පැවති ගැටලු වලට විසඳුම් ලැබිමට ඉඩ ඇත.
-


● වෘශ්චික
වෘශ්චික ලග්නයේ  රවි 2 වැන්නට පැමිණේ.
ආදායම් මාර්ග වල දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු විය හැක. ව්‍යාපාර  වල දියුණුව උදා කර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත. රැකියාව කාර්යබහුල විය හැක.
ගෘහ ජීවිතයේ   ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ විය හැක.
-

● ධනු
රවි ධනු ලග්නයේ ලග්නගත වේ.
  මූල්‍ය ගැටලු  විසඳාගත හැකි වීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වල අවහිරතා මග හැරීයාමට ඉඩ ඇත.
රැකියාවේ දියුණුව පෙන්නුම් කරන කාලයක් විය හැක.  උසස් විම් තරග විභාග ආදියෙන් නිසි පල ලබාගැනීමට ඉඩ ඇති කාලයක් විය හැක.
ඉඩකඩම් මිලදී  ගැනීම් වලට සුබ කාලයක් විය හැක.  පවුලේ සමගිය වර්ධනය  විය හැක.
-

● මකර
මකර ලග්නයේ 12 වැන්නට පැමිණේ.
පවතින ප්‍රශ්න ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට අවස්ථාව ලැබිය හැක. ආදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදීමට ඉඩ ඇත.
රැකියාවට තරමක් බාධා මතු විය හැක.  කල්පනාකාරී විය යුතුය.
ඉගනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ විමට ඉඩ ලැබෙන කාලයක් වේ.
-

● කුම්භ
කුම්භ ලග්නයේ 11 වැන්නට රවි පැමිණේ.
ව්‍යාපාර වලින් තරමක් වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට යාමට  හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියාවේ බාධා ඉවත් විය හැක. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
පවුල් ජීවිතයේ තිබු බාධා ඉවත් විය හැක. යහපත් මංගල යෝජනා  ඉදිරිපත් වීමට ඉඩ ඇත.
-


● මීන
මීන ලග්නයේ හිරු 10 වැන්නට පැමිණේ.
කලබලකාරී ගති නිසා ආදායම් මාර්ග වල  ගැටලු ඇති වීමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග  වලට යොමු නොවිය යුතුය.
රැකියාවට යහපත් කාලයක් උදා විය හැක. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ නිවාස වල ඇති ගැටලු තත්වයන් විසඳා ගැනීමට පියවර ගැනීමට සිදු විය හැක.
-


#ඉරු

Sunday, December 17, 2017

සතියේ ලග්න පලාපලය


( දෙසැ 18 - 24)

_
 සඳු  මෙම සතියේ වෘශ්චික - ධනු-  මකර යන රාශිවල ගමන් කරයි.
-
පොදු පලාපලයක් පමණි !

-

●  මේෂ
ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට ඉඩ ලැබිය හැක.  විදෙස්ගත විමට උත්සාහ දරන අයට  සුබ පල ගෙන දෙන කාලයක් විමට ඉඩ ඇත.        
       රැකියාවේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබිමට ඉඩ ඇත. නව රැකියා ලැබිමට ද ඉඩ ඇත.
ගේ දොර සමගිය අති වීමට ඉඩ ඇත.  සහෝදරියන් වෙනුවෙන් කැපවීමට සිදුවේ.
-

● වෘෂභ
මුදල් ඉපයීමට ඔබ ගනු ලබන තීරණ වලින් යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත. නව ආදායම් මාර්ග උදාවෙයි.
නව රැකියා සොයන අයට සහ ඉල්ලුම් කර ඇති අයට ඒ සඳහා යහපත් කාලයක් උදාවිමට ඉඩ ඇත.
  පවුලේ සමගියට තිබු බාධා ඉවත් වී යාමට ඉඩ ඇත. අසල්වැසියන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමටද හැකි කාලයක් වේ.
-

● මිථුන
ආදායම් මාර්ගවලට යොමු වීමට උත්සහ දරන අයට ඒ සඳහා තිබු බාධාවන් අඩුවී යා  හැකි සතියකි.
රැකියා ස්ථානයේ තිබු කරදර වලින් නිදහස් වීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නව රැකියා උදාවිමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ මිතුරු සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථා යෙදෙනු ඇත. පවුලේ සමගියට තරමක් බාධා මතු වීමට ඉඩ ඇත.
-

●කටක
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබීමට ඉඩ ඇත.  ව්‍යාපාර ලෝකයේ   නව  පියවරක් ගැනීමට හැකි වේ. අනෙක් අය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවස්ථා උදා වේ.
රැකියා ස්ථානයේ  නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතයේ ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැට‍ළු ඇති විය හැක. පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.
-

●සිංහ ලග්නය
කල්පනාකාරී විය යුතුය, මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි. ආදායම් මාර්ග වලට යොමු වීමට අවශ්‍ය සහයෝගය අන් අයගෙන්   ලැබිය හැක.
රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවෙයි. රැකියාවල නියුතු අයට තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට ඉඩකඩ යෙදෙනු ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබිය හැක.  ගෙදර පරිසරය අලංකාර ලෙස  තබා ගැනීමට උනන්දු වේ.
-


●කන්‍යා
නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇති සතියකි. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් විය හැක. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලට ද අවස්ථා උදා විය හැක.
-


● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුණ ද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න  ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-

● වෘශ්චික
දේපල ලාභ, ව්‍යාපාර දියුණුව මනාව සලසා ගැනීමට ද හැකියාව ඇති කාලයක් විය හැක. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබඳතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරීමට සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
වෙනදාට වඩා කලබලකාරී ගති පැවතුම් ඇති වීමට ද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස්වීම් අපේක්ෂා කල හැක.
ගෘහ ජීවිතයේ තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.
-


● මකර
නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවෙන් උදා වනු ඇත. ඉඩකඩම් වලට පැවති බාධාකාරී තත්වයන් මග හරවා ගත හැකි වෙන සේ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරී තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යාමට බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න..

-
● කුම්භ
ආදායම් තත්වය යහපත් කර ගැනීමට වාසනාව පවති. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවෙන් උදා විය හැක.
පෙම් සබඳතා වැඩි විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.
-

● මීන
නව ආදායම් මාර්ග වලට බාධා පැමිණීමට ඉඩ ඇත. ණය ලබාගැනීමට යාමේ දී ගැටලු  ඇතිවීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී වෙදාටත් වඩා කාර්යබහුල විය හැක.
රැකියා සොයන අයට අවස්ථාවක් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා අවස්ථාවක් උදාවිමට හැක.
ගෘහ ජීවිතයේ තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.
-


Facebook irusewaya

077 2238041
irusewaya@gmail.com