Tuesday, December 29, 2015

2016 වසර ලග්න 12ට කොහොමද ?

● මේෂ
මෙම වසර ආරම්භ වන්නේ මෙවන් ග්‍රහචාරයක් මතය.
ගුරු 5, සඳු-රාහු 6 වැන්නේද, ලග්නාධිපති කුජ 7 වැන්නේද, ශනි-සිකුරු 8 වැන්නේද, රවි 9 වැන්නේද, බුධ 10 වැන්නේද කේතු 12 වැන්නේද සිටියදී නව වසර ඇරඹේ.
ආර්ථික තත්වය මෙම කේන්දරයට අනුව හොඳ තත්වයක පවති. ඔබට නව වසර උදාවන්නේ පරිවර්ථන යෝගයක් සමගයි. ගුරු සහ රවි පරිවර්ථන යෝගයක් සමගය. මෙනිසා ඔබ කරන කියන කටයුතු වල හොද දියුණුවක් ඇති කරගැනීමට ඔබට හැකියාව ලැබේ. ව්‍යාපාර කටයුතු වල නව්‍යකරණයක් ඒවාට එකතු කරගැනීමට ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසයෙන් පසුව උසස්වීම් හිමිවෙන්නට වාසනාව තිබේ.

ගෘහ ජිවිතය අතින් ගත්කල මේ වසරේදී හොඳ සාමකාමි තත්වයක පවතින බව කිව යුතුයි. විශේෂයෙන්ම දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිමට ඔවුන් වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමට ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම ඔබට සතුටින් සිටින්නට අවස්ථාව ලැබෙනවා සේම, අගෝස්තු මාසයෙන් පසු ඔබ තරමක සතුරු කරදර වලින් ආරක්ෂා විය යුතුයි. බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් ඔබට බොහෝ උපද්‍රව වලක්වා ගත හැක.

සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග, මුත්‍රා අමාරු, උෂ්ණාධික රෝග ගැන විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන්න.


● වෘෂභ

ගුරු 4, සඳු-රාහු 6 වැන්නේද, කුජ 7 වැන්නේද, ශනි-සිකුරු 8 වැන්නේද, රවි 09 වැන්නේද, බුධ 10 වැන්නේද, කේතු 11ද    සිටියදී නව වසර ඇරඹේ.
වෘෂභ ලග්න හිමියන්ට 2016 නව වසර ඉතාම ශුභ බව කිව යුතුයි. 2015 වසරට වඩා ආර්ථික තත්වය ඉහල මට්ටමක පවතින බව කිව යුතුයි. විශේෂයෙන්ම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට එහි දියුණුව සහ ප්‍රගතිය ලැබේ. ඔබටද මෙම දියුණුව සමග භූමිලාභ, ඉඩකඩම් ලැබීමේ වාසනාවද පවති. රැකියා කරන ඔබ ස්ථානී්‍ය වශයෙන් හොද තත්වයකට පැමිණේ. එනම් වැටුප් ලැබීම, උසස්වීම් ආදියට ඔබට වාසනාව 2016 වසරේදී පවති. හදිසි ධනලාභ වාසනාවද මේ අතර හිමිය.

ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මන්ද මේ වසර අවසානය තෙක්ම සෙනසුරු 7 වැන්නේ සිටින බැවින්, අනිත් ග්‍රහ බලපෑම් සමග ඔබට විවාහ ජිවිතයේ යම් ආරවුල් ඉදහිට පැන නැගීමට පුලුවන්, නමුත් ඒවා කතා කර විසඳගැනීමට හැකි සුළු ඒවාය. ඉවසීමෙන් කටයුතු කරන්නට බුද්ධිමත්ව සිතාගන්න.

සෞඛ්‍ය තත්වයේ උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම සහ ආමාශගත රෝග, අජීර්ණ රෝග ආදිය වැළඳීමට හේතුයි, ඒවායෙන් ආරක්ෂා වන්න.


● මිථුන

ගුරු 3 , සඳු-රාහු 4 වැන්නේද, කුජ 5 වැන්නේද, ශනි-සිකුරු 6  වැන්නේද, රවි 7  වැන්නේද, බුධ 8 වැන්නේද, කේතු 10ද සිටියදී 2016 නව වසර ඇරඹේ
2016 වසර තරමක අවිවේකී සහ ක්‍රියාශීලි වසරක් වනවා ඇත. විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු නියුතු මිථුන ලග්න හිමියන්ට විදේශයන් වලට යෑමට පවා සිදුවේ. අතිශයින්ම කර්යබහුල කාලයක් වනවා ඇත. රැකියා කරන ඔබට ස්ථාන මාරුවීම් ලැබීමටද ඉඩ ඇත. බොහෝවිට එම ස්ථාන මාරු උසස්වීම් සමගම ලැබීමටත් ඔය අතර ඉඩකඩක් පවතී. කෙසේ වෙතත් උනන්දුවේ, උත්සාහයේ හැටියට ඔබට දියුණුව හිමිවන බව කිව යුතුයි.

ගෘහ ජිවිතය අතින් ගත්කල ඔබ දරු පවුලට යුතුකම් ඉෂ්ට කරන බව කිව යුතුයි, නමුත් ඔබගේ කාර්ය බහුලත්වය නිසා නිවසේ රැදී සිටිමේ ප්‍රවණතාවය බොහෝසෙයින් අඩුවිය හැක. එමෙන්ම ඔබට යම් යම් ගෘහ ජිවිතය තුල යම් බලපෑම් ඇතිවීමට පුලුවන් - සතුරු කරදර, අන් අයගේ යම් ප්‍රකාශ නිසා ගෘහ ජිවිතය තුල ආරවුල් ඇතිවිම් ආදිය) මේ තත්වයන් වසරේ මුල් කොටසේදි තදින් දැනීමට පුලුවන්. එනිසා ප්‍රශ්න පැන නැගෙද්දි බුද්ධිමත්ව මුහුණ දීමට අවවාද කරමු.

සෞඛ්‍ය තත්වය පපුවේ දැවිල්ල, ගෑස්ටික් එසේම සෙම් අමාරු, උදරාබාධ මේ ආදි අසනීප වලින් නව වසරේදී ඔබ ආරක්ෂා විය යුතුයි.



● කටක


ගුරු 2, සඳු-රාහු 3  වැන්නේද, කුජ 4 වැන්නේද, ශනි-සිකුරු 5 වැන්නේද, රවි 6  වැන්නේද, බුධ 7  වැන්නේද, කේතු 9ද සිටියදී 2016 නව වසර ඇරඹේ
පවතින ග්‍රහචාරය සමග බලන කල ආර්ථික වශයෙන් ඉතාම ඉහල දියුණුවක් ඔබට ඇතිකරගැනීමට පුලුවන්. ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට එම කටයුතු පුළුල් කරගැනීමට පුලුවන්. මේ අතර විදේශයන් සමග කරන ගනුදෙනු කටයුතු වලදී ඔබගේ භූමිකාව ඉතාම ශක්තිමත් වනවා ඇත. එසේම ඔබගේ කීර්ති නාමයත් හොද තත්වයක තිබෙන නිසා හොඳ නමත් සමග ඉදිරියට යෑමේ හැකියාව පවති. රැකියා කරන ඔබටද, උසස්වීම් වැටුප් වර්ධක ලැබීමේ වාසනාව පවති.

ගෘහ ජිවිතය අතින් ගත්කල අඹුසැමි ප්‍රේමය ඉතාම හොදින් පවතින කාලයකි. දරුවන් සමග වැඩි කාලයක් ගතකිරිමේ හැකියාව ඇති වෙනවා, කෙතරම් කාර්යබහුල උවත්. අවිවාහක ඔබට මංගල යෝග උදා වේ. ඒ අතරතුර ප්‍රේම සම්බන්ධතා, ස්ථිර වේ. ඒවාට වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය හිමි වේ.

සෞඛ්‍ය තත්වය සම්බන්ධව ප්‍රබල ගැටළු නැති වුවත්, නිදන්ගත රෝග ඇති ඔබ පරිස්සම් විය යුතුයි. අගෝස්තු මසින් පසු ඔබගේ පවතින රෝග ගැන වඩාත් සැලකිලිමත් වන්න. රෝග නිර්ණය ආදි කටයුතු කරගන්න.


● සිංහ

ගුරු 1වැන්නේ හෙවත් ලග්නයේද , සඳු-රාහු 2  වැන්නේද, කුජ 3 වැන්නේද, ශනි-සිකුරු 4  වැන්නේද, රවි 5 වැන්නේද, බුධ 6 වැන්නේද, කේතු8ද සිටියදී 2016 නව වසර ඇරඹේ

වසර උදාවන්නේ ඉතාම හොඳ තත්වයක් ඇති කරගෙනයි. විශේෂයෙන්ම ලග්නය සහ 5 වැන්න අතර යෙදෙන ප්‍රබලම පරිවර්ථන යෝගය එනම් රජතුමාගේ සහ පුරෝහිතයාගේ පරිවර්ථන යෝගය නිසා 2016 වසර ඒකාන්තයෙන්ම ඔබගේ ජිවිතයේ ප්‍රාර්ථනා දළුලනවා ඇත. අලුත් ආදායම් මාර්ග නිර්මාණය වීමද, නව ව්‍යාපාර කටයුතු මෙන්ම හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුවද ඇතිවේ.
සිංහ ලග්න කරුවන්ට පවසන ඉතා විශේෂ අනාවැකියක් නම් 2016 වසරේදී මලගිය ඥාතියෙකුගේ දේපල හෝ වැඩිහිටියෙකුගේ දේපල අයත්වන්නට වාසනාව තිබෙන බවයි.

ගෘහ ජිවිතය තුල, ඔබට කෙතරම් බාධක කරදර ආවත්, වසර ආරම්භයෙදි යම් යම් සුළු ප්‍රශ්න ආවත්, විශේෂයෙන්ම මැයි, ජුනි මාස වලින් පසු ඔබගෙන් ඈතට යනු ඇත. කෙසේ වෙතත් සියලුම පැමිණෙන උපද්‍රව ඔබගේ වාසනා මහිමය නිසා ඔබගෙන් ඈත්වී යනු ඇත. මේ අතර මංගල යෝග උදාවන ඔබට උසස් පවුල් සමග සම්බන්ධතා ගොඩනැගීමට තරම් ඔබ වාසනාවන්තයෙක් වනු ඇත.

සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ප්‍රබල ගැටළු නොපවති, නමුත් උෂ්ණාධික රෝග, ආමාශගත රෝග, සෙම් රෝග ප්‍රධානයි. අවධානයෙන් සිටින්න.


● කන්‍යා

ගුරු 12 , සඳු-රාහු 1 වැන්නේද, කුජ 2 වැන්නේද, ශනි-සිකුරු  3 වැන්නේද, රවි 4 වැන්නේද, බුධ 5 වැන්නේද, කේතු 7 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ඉතාම අභියෝගාත්මක කාලයකි. පවතින ග්‍රහචාරයත්, ඉදිරියේදී සිදුවන්නට නියමිත ග්‍රහ මාරුත්, සැලකිල්ලට ගැනීමෙන් දැවැන්ත අභියෝග රාශියකට ඔබ මුහුණ පායි. විශේෂයෙන්ම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබ උපාය මාර්ගිකව ආරක්ෂා විය යුතුයි. 2016 වසරේ ඔබ ආයෝජනය කිරිමට නියමිත මුදල් ගැන විශේෂ කළමනාකරණයක් ඇති කරගත යුතුයි. එසේ නොවුනොත් ඔබ බංකොලොත් විය හැක. රැකියා කරන අයද ආයතන ප්‍රධානින්ගේ ආදරය දිනාගෙන වැඩ කල යුතුය. එසේම අප ඔබට අවවාද කරනවා, ආයතන ප්‍රධානින් සමග ‘වලි‘ දාගන්න එක හොද නැහැ කියල.
දේශපාලනයේ නියුතු කන්‍යා ලග්න කරුවන් පිල්මාරු කිරිම, හිතුවක්කාර තින්දු තීරණ ගැනීම, නායකත්වයෙන් පිට කටයුතු කිරිම නොකල යුතු අතර ඒවා කලොත් ඔබ දේශපාලන අනාථයෙක් වේවි. බුද්ධිමත් වන්න.

ගෘහ ජිවිතය තුලද ඔබගේ හිතුවක්කාරි, මුරණ්ඩු ගති, ඔබගේ අදහස් උදහස්ද අනුව යම් යම් ගැටළු ඇතිවිය හැකියි. අනියම් සබදතාද ඇතිවිය හැකියි ඒ ගැනද ඔබ සැලකිලිමත් විය යුතුයි. අගෝස්තු මාසයේ සිදුවන ගුරු මාරුව වනතුරු ඉවසා සිටින්න, ඉන්පසු මීට වඩා යහපත් කාලයක් වනු ඇත. මේ අතර ඔබට විදේශ ගතවීමේ හැකියාවද පවති. බුද්ධිමත්ව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.

සෞඛ්‍ය තත්වයේ, මානසික ආතතිය, කේන්ති යාම, එසේම අස්ථි උලුක්කු වීම්, කොන්දේ අමාරු ආදිය ඇතිවිමට පුලුවන්. ඔබට උෂ්ණාධික රෝගද වැළදීමට පුලුවන්. කාන්තාවන්ට විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව ගැන සැලකිලිමත්ව සිටිය යුතුයි.


● තුලා


ගුරු 11 , සඳු-රාහු 12 වැන්නේද, කුජ 1 වැන්නේද, ශනි-සිකුරු 2  වැන්නේද, රවි 3 වැන්නේද, බුධ 4 වැන්නේද, කේතු 6 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ශුභදායක බව කිව යුතුයි. ඔබ මේ වසර තුල බුද්ධිමත්ව කටයුතු කරමින් නිවරදිව සිටියොත්, වසර 1 හමාරක කාලයකට ඔබව හොල්ලන්නවත් වෙන කාටවත් බැරිය. විශේෂයෙන්ම 2015 සිදුවු සියලුම අලාභ-පාඩු මේ වසරේදි පියවේ. ප්‍රබල ග්‍රහ යෝගයක් - කෝටියක් දෝෂ භංග වන යෝගයක් සමග යෙදෙන, වසර ආරම්භයෙදි රාහු-කේතු මාරුවෙන් ව්‍යාපාරික කටයුතු දියුණු වේ. ආනයන - අපනයන ආදි ව්‍යාපාර වල නියුතු ඔබට ඒ ව්‍යාපාර ඉතාම හොදින් පුළුල් කරගැනීමට හැකියාව ලැබෙන අතර, දේශ දේශාන්තරයේ ව්‍යාපාරික කටයුතු ස්ථාපනය කිරිමට ඔබට හැකියාව ලැබෙනු ඇත. සතුරු කරදර 2015 වසරේ ඔබට විරුද්ධව ඇතිවූ යටිකූට්ටු කුමන්ත්‍රණ සහ සතුරු කරදර හිරු දුටු පිණි මෙන් මේ වසරේදි ඔබගෙන් ඉවත්ව යයි.
එසේම ආර්ථික තත්වයේ ශුභ නව්‍යකරණයක් ඇතිවේ. ඔබගේ ආකල්පමය පැත්තද හොදින් ඇතිවන නිසා රැකියා කරන ඔබටද ව්‍යාපාර සහ සියලුම වෘත්තින් සහ විදේශ රැකියා කරන ඔබටද ජයෙන් ජයයි !

ගෘහ ජිවිතය ඉතාම හොදින් ගතවේ, ස්වාමි-භාර්යා සම්බන්ධය හොදින් පවත්වාගෙන යත හැක, යුග දිවියේ යම් යම් සුළු සුළු ගැටළු ආවත්, ඒවා යම් කාලයක, යම් ප්‍රමාණයකට පමණි. සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාති වර්ගයා සමග සහජීවනයෙන් වාසය කිරිම ඔබගේ අරමුණ වන අතර එම කටයුතු සාර්ථක වේ. ස්ත්‍රින්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්‍රින් සමගද රිසිසේ විනෝද වීමට මේ වසරේදි හැකියාව ලැබේ.

සෞඛ්‍ය තත්වය අතින් බැලූ කල, 2016 වසර තුල ඔබගේ ගිය වසරට වඩා මානසික සෞඛ්‍ය තත්වය ඉතාම ඉහල තත්වයක පවතිනු ඇත. ඔබ වසරේ මුල් මාසයෙන් පසු මානසිකව ඉතාම ඉහල තත්වයකට පැමිණේ. එනම් ශාරිරික නිරෝගිතාවය, මානසික ඒකාග්‍රතාවය ඇතිවේ, මේ තත්වය ඔබට ඇති අනිකුත් සියලු කරදර, දෝෂ සමනය කිරිමට තරම් ප්‍රබල සාධකයකි.


● වෘශ්චික

ගුරු 10 , සඳු-රාහු 11  වැන්නේද, කුජ 12  වැන්නේද, ශනි-සිකුරු 1  වැන්නේද, රවි 2 වැන්නේද, බුධ 3 වැන්නේද, කේතු 5 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ඔබට මධ්‍යස්ථ වසරකි. එසේ අප පැවසුවේ, වසර ආරම්භයේදීම ලග්නයේ සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටින නිසාය. ව්‍යාපාර සහ රැකියාවේ පවතින දුෂ්කරතාවයන්ට ඔබ ඍජුවම ගොදුරු වීම, එසේම අධික කාර්යබහුලත්වය මේ තත්වයන් ඔබට විශේෂයෙන්ම බලපාන කාරණාවන්ය. ඒ කෙසේ වෙතත් ඉතාම දුෂ්කර ගමන් මාර්ගයකින් පසුව ඔබට වසර අවසානයෙදි ඔබට යහපතක් වනු ඇත. රැකියා කරන ඔබ ආයතන ප්‍රධානින් සමග හොද සබදතාවක් පවත්වා ගන්න. ව්‍යාපාර කරන ඔබ ණය ගැනීම සහ දීම සම්බන්ධව සැලකිල්ලෙන් සිටිය යුතුයි.
මේ වසරේදි කිසිවිකටවත් අනුන්ගේ වාහන, දේපල ගැනීමට හෝ විකිණීමට ඇප වන්න එපා, එය ඔබටම කරදරයක් වෙන්නට ඉඩ තිබේ. අගෝස්තු මසින් පසුව ඔබගේ ආර්ථිකය වඩා යහපත් වේවි.

ගෘහ ජිවිතය තුල ඉවසීම සහ සංයමය පුරුදු පුහුණු කරගත යුතුයි. එසේ නොමැති වුවොත් ස්වාමියා බිරිද සමග වචන හුවමාරු විශාල ප්‍රශ්නයකට පෙරලී ඔබ පීඩාවට පත්වනු ඇත. ඇත්ත වශයෙන්ම කට පරිස්සම් කරගත යුතුයි. කෙසේ වෙතත් වසර මැද කොටස වනවිට අවිවාහක ඔබට මංගල යෝග උදාවන අතර, පවතින පෙම් සබදතා වලට දෙමාපිය වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වේ. කෙසේ වෙතත් ඔබගේ ඉවසීම සහ සිහිබුද්ධිය අනුව ජිවිතය ප්‍රීතිමත් කරගත හැක.

විශේෂයෙන්ම හිසේ කැක්කුම්, ඇඟපත අමාරු, තුනටියේ අමාරු, බෝවන රෝග යනාදියෙන් ආරක්ෂා වන්න. කුඩා දරුවන් හිසට ඇතිවන අනතුරු වලින් විශේෂයෙන් පරිස්සම් කරගන්න.



● ධනු

ගුරු 9 , සඳු-රාහු 8  වැන්නේද, කුජ  11 වැන්නේද, ශනි-සිකුරු 12 වැන්නේද, රවි 1 වැන්නේද, බුධ 2 වැන්නේද, කේතු 4 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ඔබට මිශ්‍රපල ගෙන දෙන අවුරුද්දකි. අප ඔබට සදහන් කරන්නේ ඔබගේ කළමනාකරණය හරියට කරගන්න පුලුවන් නම්, වසර පුරාම වැයස්ථානයේ සිටින සෙනසුරුගේ බලපෑමෙන් ඔබගේ මුදල් නිවරදිව භාවිත කරගන්නට හැකියාව ඇති බවයි. ඔබට ආර්ථික හානියක් 2016දි සිදු නොවන බව වගකීමෙන් කියනවා. විශේෂයෙන්ම 2016 මධ්‍ය කොටසෙන් පසු ඔබට සීග්‍රගාමි වන දියුණුවක් ඇතිවනු ඇත. ඔබ කළමනාකරණය විය යුතුයි.

ගෘහ ජිවිතය තුල ඔබට මධ්‍යස්ථ ජිවිතයක් හිමිය. ඔබ ඉවසිලිමත්ව කටයුතු කරන්න. සියලුම ප්‍රශ්න උපද්‍රව ඔබ මනසින් කළමනාකරණය කරගන්න, සෙනසුරු 12 බැවින් සුළු ප්‍රශ්න, මහා පරිමාණ ඒවා විය හැක. එසේම ඔබට 2016 වසරේදි වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබීමද, ඔවුන්ගෙන් ආධාර උපකාර ලැබීමද, ඔබට වන්දනා ගමන් බිමන් යෑමටත්, ආගමික භක්තිය ඇතිවිමටත් හේතු කාරණා යෙදෙනවා. වසර මැදින් පසු මංගල යෝග උදාවෙනව, ඒවා සාර්ථක වනවා සේම ප්‍රේම සබදතා වලටද වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා.

සෞඛ්‍ය තත්වයේ මානසික ආතතිය, හන්දිපත් වේදනා, ශාරිරික අපහසුතා, හිසේ කැක්කුම් ගැන ඔබ සැලකිල්ලෙන් සිටින්න.



● මකර

ගුරු 8 , සඳු-රාහු 9 වැන්නේද, කුජ 10 වැන්නේද, ශනි-සිකුරු 11 වැන්නේද, රවි 12 වැන්නේද, බුධ 1 වැන්නේද, කේතු 3 ද සිටියදී 2016 නව වසර ඇරඹේ.
ඔබට මේ කාලයේදී 2016දී තරමක ගැටළු සහගත තත්වයන් එන කාලයක් වේ. ආර්ථික වශයෙන් ඔබ යම් දුෂ්කරතාවයන් වලට හසුවිය හැකිය. එම තත්වය තුල විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුය. කරන කියන ව්‍යාපාර කටයුතු වලට බාධක-උපද්‍රව සහ කරදර එල්ල වේ. එසේ නම් ඒවාට මුහුණ දීමේදි ඔබ ඉතාම සූක්ෂමව කල්පනා කරගත යුතුය. ණය තුරුස් වලට මැදිහත් වීමද එමෙන්ම යම් යම් බැඳීම් වලට ඇප වීමද නොකර සිටිම වඩා සුදුසුය. තවත් එක්තරා විශේෂ කාරණාවක් නම් ඔබ කරන සියලුම ආර්ථික අංශයේ, රැකියා කරනවා නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි.  ආයතනයේ ප්‍රධානින් සමග ඉතාම සංයමයෙන් කටයුතු කල යුතුය.

ගෘහ ජිවිතය තුල ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි. අඹුසැමියන් අතර යම් යම් ගැටළු සහ ආරවුල් ඇතිවිමට හේතුයි. සුළු ප්‍රශ්න ලොකුවට නොගෙන යාමට කල්පනා කල යුතුයි. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. දුවාදරුවන්ගේ කටයුතු වලදී වෙනදාට වඩා ඔවුන් ගැන විමසා බැලීම සොයා බැලීම කල යුතුය. අගෝස්තු මාසයෙන් පසුව ඔබට මෙම තිබෙන ගැටළුකාරි - පීඩාකාරි තත්වයන් යහපත් වනු ඇත.

සෞඛ්‍ය තත්වයේ, තරමක ගැටළුකාරි තත්වයක් පවති. පවතින ලෙඩ රෝග වල යම් වැඩිවිමක් විය හැකි නිසා ඒවායෙන් ආරක්ෂා වන්න. එසේම නිදන්ගත රෝග ඇති ඔබට ඒවා වල සංකූලතා ඇති නොවිමට වග බලා ගන්න.



● කුම්භ

ගුරු 7 , සඳු-රාහු 8 වැන්නේද, කුජ 9 වැන්නේද, ශනි-සිකුරු 10 වැන්නේද, රවි 11 වැන්නේද, බුධ 12 වැන්නේද, කේතු  2ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර මධ්‍යස්ථයි. කරන කියන කටයුතු වල මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට හිමි වනු ඇත. විශේෂයෙන්ම සෙනසුරු මහ දසාව ගතවනවා නම් ඔබගේ ආර්ථික තත්වයේ යම් පිරිහිමක් ඇතිවිය හැක. රාහු මහ දසා ගත කරන ඔබගේද ආර්ථිකය තරමක් අවුල් සහගත විය හැකියි, වඩාත් සැලකිලිමත් වීම මැනවි. ආර්ථිකය යහපත් වීමට ඔබ දැවැන්ත උත්සාහයක්, උනන්දුවක් ගත යුතුය. කෙසේ වෙතත් ඔබට අගෝස්තු වනතුරු යම් ශුභදායක තත්වයක් පැවතුනද, ඉන්පසුව ඔබ කරන කියන කටයුතු සහකරුගේ හෝ සහකාරියගේ නමින් කිරිම වඩා යහපත් ප්‍රතිඵල ලැබිමට හේතුවනු ඇත.

2016දි ගෘහ ජිවිතය තුල ආකූල-ව්‍යාකූල තත්වයක් පවතිනවා. මෙම තත්වය තුල විවාහක ඔබ ඉතාම ඉවසීමෙන් යුක්තව කටයුතු කල යුතුයි. සමහරවිට විවාහක පුරුෂයන්ද, ස්ත්‍රින්ද අනියම් සම්බන්ධතා වලට පැටලීමේ වැඩි ඉඩකඩක් පවතින බව නොකියා බැරිය. එසේම ඥාති හිතවතුන් සමග යම් ආරවුල් ගැටළු උපද්‍රව - ප්‍රශ්න මතුවිමේ වැඩි ඉඩක් පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න. කේලාම්, අනුන්ගේ වචන විශ්වාස කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගන්න. වෙනදා මෙන් නොව සියලුම ඥාති පාර්ශව හා ඇසුරු කිරිමෙදි මනාව කල්පනාවෙන් කටයුතු කරන්න. පූර්ණ විනිවිද භාවයකින් කටයුතු කරන්න.

සෞඛ්‍ය තත්වය මුත්‍රා අමාරු, හිසේ කැක්කුම්, යනාදි රෝගාබාධ ඇතිවිය හැක. ක්‍රීඩාවේ යෙදෙන දරුවන් අගෝස්තු මාසයෙන් පසු තමන්ගේ මෞත්‍ර ලිංගික පද්ධථිය ආරක්ෂා කරගත යුතුය.



● මීන

ගුරු 6 , සඳු-රාහු 7 වැන්නේද, කුජ 8 වැන්නේද, ශනි-සිකුරු 9 වැන්නේද, රවි 10 වැන්නේද, බුධ 11 වැන්නේද, කේතු 1 ද සිටියදී 2016 නව වසර ඇරඹේ.
2016 වසර ශුභදායක වසරකි. ඔබට ආර්ථික තත්වය ඉතාම යහපත් තත්වයකට ගෙන ඒමට හැකියාව ලැබේ. වෙනසකට භාජනය නොවු ආර්ථික තත්වය 2016දි නව්‍යකරණයකින් ඉදිරියට යයි. ව්‍යාපාර කරන්නේ නම් ඒවාට නව මුහුණුවරක් ගෙනඒමටත්, අලුත් ආරකට ගෙනයෑමටත් ඔබට සිත් පහල වේ. ආනයන-අපනයන වෙලදාම්, කාර්මික ක්සෙත්‍ර වල වෙලදාම් කරන අයට වැඩි වාසි අත් කරගත හැක. අගෝස්තු මසින් පසුව ආර්ථික තත්වයද හොද වෙනසක් බලාපොරොත්තු විය හැක. හවුල් ව්‍යාපාර කටයුතු ඉතාම හොදින් දියුණු කරගත හැක.

ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම ශක්තිමත් වෙයි. හොඳ දැසි දසුන් සහ මෙහෙකරුවන්ගේ සහයෝගය ඉතාම හොදින් ලැබෙන අතර, ගෙදර දොරේ දියුණුවද ඉතාම හොදින් සිදුවේ. එසේම ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඔබගේ මංගල අවස්ථාව, විවාහ කටයුතු සාර්ථක වීම මැයි මසින් පසු සීග්‍රගාමි වේ. එම තත්වයත් සමග පෙම් සබදතා වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ඒවා තහවුරු වීමේ හැකියාවද තිබේ - මෙයම ඔබ ලබන ජයග්‍රහණයකි. වැඩිහිටියන්ගේ අනුග්‍රහය, ආශිර්වාදය අනුව ජිවිතය දියුණු කරගැනීමේ වාසනාව පවති.

සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය මේ කාලයෙදි යම් තරමකට ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. හිසේ කැක්කුම, ආමාශගත රෝග ආදිය ඇතිවිමට ඉඩ තිබෙනවා - ඒවා වලක්වාගත හැකියි. එතරම් සෞඛ්‍ය ගැටළු නොපායි. බුද්ධියෙන් කටයුතු කරන්න.

Monday, December 28, 2015

ජනතාව ජ්‍යොතිෂ්‍යය භාවිත කල යුත්තේ කෙසේද ???

ජ්‍යොතිෂ්‍යය බුද්ධ කාලීන භාරතයටත් එහා ගිය අතීතයක් තියෙන දෙයක්.
අද වැඩ කටයුතු එක්ක සමහර අය මේක පටලවා ගෙන.

ජ්‍යොතිෂ්‍යවේදියා කියන කෙනත්, එය භාවිතා කරන අයත් කියන අය අතිනුත් ප්‍රශ්න ඇතිවෙලා තියෙනව.

Friday, December 25, 2015

මෙම ගාථාව බොහෝ ලෙඩදුක් සහිතව සිටි අයට සැනසීමක් සහ රෝග සුවයට හේතුවක් වුනු ගාථාවක් බව අප අත්දැකීමෙන් දනිමු !

“ බුද්ධං සරණේ සිරසට සීමා 
ධම්මං සරණේ ලමැදට සීමා 
සංඝං සරණේ දෙවුරට සීමා 
මේ තුන් සරණේ සිරුරට සීමා “

ඔබද සජ්ජායන කරන්න. විශේෂ වශයෙන් ලෙඩක් දුකක් ඇති කෙනෙකුට සජ්ජායනයට දෙන්න.
සම්බුදු සරණයි !

‪#‎ඉරුධර්මදාන‬ ‪#‎පිරිත්‬ ‪#‎ආරක්ෂකපිරිත්‬ ‪#‎Pirith‬ ‪#‎Iru‬
‪#‎Buddhism‬

Thursday, December 24, 2015

විවාහය ගැන විග්‍රහය - 3


විවාහ වෙලා කාලයක් ගියාම විවාහයේ ඇතිවිය හැකි ගැටළු
පොරොන්දමක් දුන්නා කියා,

කේන්දර තිබුනා කියා දෙදෙනාගේ ජිවිත ගැන පෞද්ගලිකව සූක්ෂමව පරික්ෂා කල යුතුය.










https://www.youtube.com/watch?v=ar8jiXsng4k

Monday, December 21, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ. 21 - 28

මේ සියලු කරුණු පොදු කරුණුය, කේන්දර සටහන අනුව වෙනස්විය හැක.

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
● මේෂ
ඉතාම ශුභ සතියකි.
කරන කියන කටයුතු වල දියුණුව ඇතිවේ. ආදායම් මාර්ග දියුණු වේ. ඔබගේ රැකියා තත්වය සහ ව්‍යාපාරික කටයුතු දියුනු වෙයි. නව ආයෝජන අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර නිවසට, අඹුසැමියන්ට සුභ කාලයකි. විශේෂයෙන්ම මේෂ ලග්න ගෘහණියන්ට සිය ස්වාමියාගෙන් surprises ලැබේ. නිවසට නව බඩුමුට්ටු ගැනිමේ හැකියාව පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු පමණයි.


● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික වාසි සැලසෙනවා, නමුත් සතිය මුල් කොටසෙදි ඔබ ප්‍රවේසම් විය යුතුයි. සතිය මැදදි අලුත් ආයෝජන අවස්ථා මෙන්ම, පිට පලාත් වල වැඩ කටයුතු වලින් හොද තත්වයක් ලැබෙනවා.
ගෘහ ජිවිතය නම් සැලකිය යුතු වරදක් නැහැ. අඹුසැමියන් අතර ආදර ප්‍රේමය දළුලනවා. ඔබටත් පිට පලාත් වල ගමන් බිමන් යෑමේ හැකියාව පවතිනවා. නව හිතවත්කමක් ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ.


● මිථුන
හොඳ සතියකි.
මේ සතිය ඇතුලත, බොහෝ කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්. ඔබගේ ආර්ථික කටයුතු දියුනු වනවා. එසේම කරන කියන කටයුතු දියුණු වෙනවා. අලුත් ආයෝජන අවස්ථා උදා වෙනවා. මේ කාලය ඇතුලත ඔබගේ දුන් ණය මුදල් අයවිමේ හැකියාවක්ද තියෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, අවිවාහයකයන්ට මංගල යෝග උදා වෙනවා. ඥාති මිත්‍ර හිතවත්කම් ගොඩනැගෙනවා. තවද ඔබගේ දියුණුවට වැඩිහිටියන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.


● කටක
ඉතාම හොඳ සතියකි.
මේ කාලයෙදි ආර්ථික වාසි නිතැතින්ම සැලසෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයටද, විදේශ රැකියා කරන අයටද ඉතාම හොදයි. රැකියා කරන අයට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒ අතර විදේශ සංචාරද හිමියි.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවන කාලයක්.
අතමිට සරුවන නිසා පවුලේ දියුණුවද මේ අතර සැලසෙනවා. පිට පලාත් වල සංචාරයට හැකියාව ලැබෙනවා. මංගල යෝග උදාවන අතර, නව හිතවත්කම් ගොඩ නැගෙන කාලයකි.
නිදන්ගත රෝග හැරුනු විට ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැහැ.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
මේ සතියේදි ඔබට පෙර පින පෑදෙනවා මෙන් ආදායම් මාර්ග හිමි වෙනවා. කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. නව ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරගෙන යන ව්‍යාපාර වලට වැඩිහිටියන්ගේ පූර්ණ ආශිර්වාදය හිමි වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම සුබයි. යුග දිවි සැපත ලැබෙනවා. මංගල යෝග උදා වේ. නව නෑ හිතවත්කම් ලැබේ. මේ කාලයේ ඔබට කිව යුතුයි, කාලයකින් නොදුටු මිතුරෙකුගේ හමුවීම සතිය අගදී සිදු වේවි.
සෙම් අමාරු සහ උදාරාබාධ හැරුනු විට ප්‍රබල ග්‍රහ දෝෂ තත්වයක් නැත.

● කන්‍යා
සමඵලයි.
සතියේ ආරම්භක දින 2 හමාර පරිස්සම් වන්න. මුදල් යෙදවීම ඉතාම පරිස්සමට කල යුතුයි. පාඩු, කරදර සිදුවිමට පුලුවන්. ඒ අතරතුර කාලයේදී ඔබ අතින් අතපසුවිම්ද වීමට පුලුවන්. සතිය අග වන විට මේ තත්වය දුරුවී නැතිවු දේ නැවත ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන්නේ සතිය අගදි. මුලදි අඩදබර ආරවුල් වලින් ඔබ ආරක්ෂා විය යුතුයි. දුවාදරුවන් සමග ඔබට විනෝද චාරිකා ආදිය යෑමට පුලුවන්, සතිය අගදි.
සෞඛ්‍ය ගැටළු නම් උදරාබාධ, ජීර්ණ පද්ධතියේ අසනීප ආදියයි - ආරක්ෂා වන්න.

● තුලා
ඉතාම විචල්‍ය වූ සතියකි.
චන්ද්‍රයා 8 වැන්නේ හැසිරෙන සතිය මැදදි ආර්ථික පාඩු සිදුවිය හැකියි. සතිය අගදි එම තත්වය දුරුවෙනවා. ආයෝජන අවස්ථා වලදි පරිස්සම් විය යුතුයි. යම් ව්‍යාපාරයකට මුදල් යට කර ඇත්නම් ඒ ගැන සොයා බලා කටයුතු කිරිම ඔබගේ යහපතට හේතුවේවි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාවට යම් පරහක එල්ල විය හැකියි. ඥාති හිතමිතුරන් තරහවිම්, ස්වාමි - භාර්යා දෙදෙනා අතර යම් යම් අසමගිකම් ඇතිවිය හැකිය. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, උදරාබාධ පීනස් රෝග ඇති අය ඒවා පාලනයට උත්සුක වන්න.

● වෘශ්චික
චිවල්‍ය සතියකි.
මේ සතියෙදි ලාබ-පාඩු මධ්‍ය රේඛාවේ යන්නේ. කල්පනාවෙන් කටයුතු කරන්න. ආර්ථිකය පාඩු පැත්තට බරයි, කරන කියන කටයුතු සිතා බලා කරන්න. ඒ තුලින් පාඩු අවම කරගත හැක.
ගෘහ ජිවිතයද එසේමයි. ඥාති හිතවතුන් අතර යම් අමනාපකම් ඇතිවිය හැකියි. ඔබට සතුරු කරදර ඇතිවන්නට මෙන්ම,  ස්වාමි - භාර්යා අතර විරසකයක්ද ඇතිවිය හැක. දුවාදරුවන්ගෙන් යම් තරමක් ඈත්ව සිටිම කරනවා නම් හොදයි. ඉවසිමෙන් කටයුතු කරන්න.
එතරම් යහපත් නැහැ සෞඛ්‍ය තත්වයේ, තිබෙන කුඩා අසනීපය ලොකු විය හැකියි. සැලකිලිමත්ව කටයුතු කරන්න.

● ධනු
සමඵලයි.
සතිය ආරම්භයෙදි තිබුනු ප්‍රබෝධය අගදි නැති වෙනවා. සෙනසුරුද 12 නිසා පාඩු විය හැකි. ණයට ගැනිම සහ ණය දිම නොකර සිටිනවා නම් වඩා හොදයි. ආයෝජන අවස්ථා වලදි කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා.
දුවාදරුවන් සමග සතිය මුලදි සිටිමට හැක. ඉන්පසු යම් ඈත්වීමක් පෙන්වනවා. සතිය අගදී ඔබට මංගල යෝග වැනි සුබ පණිවිඩයක් ලැබීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, මුත්‍රා අසනීප, උෂ්ණාධික රෝග සහ මානසික ආතතිය ආදිය ඇතිවිමට හැකියාව තිබේ.


● මකර
සාමාන්‍ය සතියකි.
සතිය ආරම්භය සහ මැද ඉතාම හොදයි. එම කාලෙදි ඔබට කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. එනම් සතියේ මුල් දින කීපයෙදි ඒවාට ප්‍රවේශයක් ගැනිම ඔබට හොදයි. සතිය අගදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරිම යහපත්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ම ගත වෙනවා. නිවසට අලුත් බඩුබාහිරාදිය ගැනීමට ඔබට පුලුවන්. ඒ ගැන ගැටළුවක් නැහැ. මංගල යෝග මේ අතර උදා වෙනවා. නව හිතමිතුරුකම් ගොඩනැගෙනවා.
සෞඛ්‍ය තත්වය  ඔබට ඇඟපත වේදනාව සහ ආමාශගත ගැටළු හැරුනුවිට වෙනත් ප්‍රශ්න නැහැ.


● කුම්භ
හොඳ සතියකි.
සහෝදර සහෝදරියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. ඔබට ඉතාම හොද කාලයක්. පිට පලාත් වල කරන රැකියා බොහෝසෙයින්ම සාර්ථක වෙනවා. එසේම ඔබට අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරන කියන කටයුතු බාධාවකින් තොරව කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය දළුලනවා. දුවාදරුවන් සමග වැඩිපුර කාලය ගත කිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් අමාරු තත්වයන් ඇතිවිමට පුලුවන්. ඒ ගැන කල්පනාකාරි විය යුතුයි.


● මීන
ඉතාම ශුභ සතියකි.
සතිය ආරම්භයේ සිට අවසන් වනතුරු ඉතාම සුබයි. කුමන රැකියාව, ව්‍යාපාරය කලත් ඒවායේ තත්වයේ හැටියට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ඒ අනුව හිමි වෙනවා. සතිය මැදදී අලුත් කටයුත්තකට අතගැසීමට පුලුවන්. කරන කියන කටයුතු වල නව්‍යකරණයක් දකින්ට ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. දුවාදරුවන් සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිය හැකියි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු ගැන අවදානමත් වන්න.

Sunday, December 20, 2015

ලෝක පාලක ඊශ්වර දෙවිඳු !

(ශිව/මෙහෙසුරාණන්)
අධර්මයෙන් ලොව වනසන මිනිසුන්ට, ඉදිරි වසර කීපයේදි සිදුවන විපාක වලට මූලිකත්වය ගන්නෙ මෙම දෙවියන්ය !

Friday, December 18, 2015

පුරා වසර 30-40ක ජ්‍යොතිෂ්‍යය ගමන් ම‍ඟේ අපගෙන් සේවය ලද අහිංසක මහතෙකුගේ සංවේදී කතාව !

කොත්මලේ ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මහතා, 2007 වසරේදි දරුණු ලෙස රෝගාබාධයකට ගොදුරු උනා. එම රෝගය නම් ආඝාත/ස්ට්‍රෝක් යන තත්වයට පත්වීමයි.

එම අවස්ථාවෙදි අප ඉරු සේවයේ රාජකරුණා මහතා විසින් සිදුකල නියමාකාර ජ්‍යොතිෂ්‍යයට අනුව කේන්දර පරික්ෂාවකට අනතුරුව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනු ශාන්ති කර්ම නිසාත්, ඒ අතර නියම කරන ලද සිංහල ආයුර්වේද වෙදකම් නිසාත් අද ඒ මහත්මා රෝගී තත්වයෙන් 80%කට පමණ සුවයක් ලබා සිටිනවා.

* විශේෂයෙන් කිව යුත්තේ, “වෛද්‍ය ප්‍රතිකාර“ සමග ග්‍රහ දෝෂයටද අදාල ලෙස දෙහි කපා දෝෂ නාශනය කරගෙන, ඉන්පසුව නිසි ආරක්ෂා යන්ත්‍රයක් පැලදී බවයි.

පසුගිය දිනෙක, අපට එම වීරසිංහ මහත්මා ඉරු සේවයේ ප්‍රධාන ජ්‍යොතිර්වේදි රාජකරුණා මහත්මයා සහ අපගේ සේවාව ගැන කෘතඥතා පූර්වකව කල සංවේදි අදහස් දැක්වීමේ වීඩියෝව ලගදීම අපගේ යුටියුබ් නාලිකාවෙන් !
(පොදුවේ කිවයුත්තේ වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් කලත් සුව නොවන්නේ නම්, අදාල ග්‍රහ අපලයක් එනම් අකුසල කර්මයක බලපෑමක් තිබිය හැකි බවයි)

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Thursday, December 17, 2015

2015 දෙසැම්බර් මස 24 හෝ ආසන්න දිනයක සුනාමි අනතුරක් ලංකාවට ???



2015 වසර අවසන් වීමට ඇත්තේ සති 2කට ආසන්න කාලයකි. සමහර ජ්‍යොතිෂ්‍යෙවේදින් එක් එක් කරුණු පදනම් කරගෙන ලංකාවට ප්‍රබල සුනාමි විපතක් සිදුවන බවට අනාවැකි පල කරමින් සිටි.
විශේෂයෙන්ම සුනාමි තත්වයක්  සිදුවේයැයි ඔවුන් මත පල කරමින් සිටිනවා.

බොහෝදෙනෙක් කල ඉල්ලීම් අනුව, මෙහි ඇත්ත නැත්ත ජ්‍යොතිෂ්‍යයට අදාලව සොයා බැලීමට සහ පාඨක සහෘදයන්ට දැනුම් දීමට අප ඉරු සේවයේ පර්යේෂණ අංශයේ අවධානය යොමු උනා.

● එනම් මුලික විමසා බැලිය යුතුයි, මේ වසරට යෙදෙන අවසාන පොහොය දිනය ගැන. එම දිනය යෙදෙන්නේ 2015 දෙසැ. මස 24 වන දිනයි.
උඳුවප්පුර, පුර තුදුස්වක තිථිය වරා, පුරපසලොස්වක තිථිය ලබන්නේ දෙසැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා දින පස්වරු 6.31ටය. මේ තිථිය ලබන විට සඳු ග්‍රහයා වෘෂභ රාශියේ උච්ච බලයෙන් මුවසිරස නැකතේ ගමන් කරමින් සිටි.
සාධ්‍යය යෝගයද, විශ්ටිකරණයද, වනිජකරණයද යෙදේ.

● මෙදින ඉර උදාව පෙරවරු 6.18ටය, ඉර බැසීම පස්වරු 6.01ටය.
මෙදින සූර්යයා ධනු රාශියේ අංශක 07යි කලා 46 ඉක්මවා සිටි.

මුලින්ම සදහන් කරන්නම් අපගේ මතය !

* ● * ශ්‍රී ලංකා ද්වීපයට කිසිදු  සුනාමි තත්වයක් සිදුවන්නේ නැත.

එදින උදෑසන 6ට උදාවන ලග්නය වන්නේ ධනු ලග්නයයි !

● ධර්මකර්මාධිපති රාජ යෝගය සමග ධනු ලග්නය ඉතාම බලවත්ව පිහිටා ඇත.
එසේම ලග්නයේ දුෂ්ට ස්ථානයක් වන 6 වැන්නේ චන්ද්‍රයා උච්ච බලයෙන් පිහිටා සිටි. විශේෂයෙන්ම ලග්නය/1 වැන්න සහ 9 වැන්න අතර ප්‍රබල පරිවර්ථන යෝගයක් යෙදී ඇත.
ගුරු ග්‍රහයා මේ පරිවර්ථනය වන අවස්ථාවෙදි, ගුරු ග්‍රහයා 9 වැන්නේ සිටිමින් ලග්නය ආරක්ෂා කරමින් ඉතාම ප්‍රබලව පිහිටා ඇත.

● 4 වැන්නාධිපති සිකුරුද ස්වක්ෂෙත්‍ර බලයෙන් 11 වැන්නේ සිටින අතර, තත්කාල ග්‍රහචාරය පොහෝදින යෙදෙන මෙදින ඉතාම ප්‍රබල තත්වයක ඇත.
එනම් මේ දිනයට ලොකු ආරක්ෂාවකි.

● එසේම 24 වන දින සිට 31 වනදා දක්වා ග්‍රහචාරය මෙආකාරව බලවත්වි ඇත.

● මෙයාකාරව බලවත්විම ලෙස අප සදහන් කරන්නේ 2015 ධනු - රවිය යෙදෙන දෙසැම්බර් 16 වන දින සිට දෙසැ 31 වනදාම දක්වා කාලය තුල රවි ග්‍රහයා ඉතාම බලගතුව ධනු රාශියේ බලවත් වන අතර, ගුරු ග්‍රහයාගෙන්ද ප්‍රබල රැකවරණයක් සූර්ය ලග්නයට එල්ල කරයි.
තත්කාල ග්‍රහචාරයේ කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයටද ප්‍රබල රැකවරණයක් ග්‍රහයන් 3දෙනෙක්ගෙන් ලැබේ.

● ප්‍රධාන වශයෙන් බ්‍රහස්පති/ගුරු ග්‍රහයා 7 වැන්නේ බලවත් වී ලග්නයට සුභ දෘෂ්ඨි හෙලයි.
එසේම 9 වැන්නේ සිටින සිකුරු ග්‍රහයා කුම්භ ලග්න කේන්දරයට පූර්ණ සුභ දෘෂ්ටි හෙලීම නිසා පැමිණෙන ස්වභාවික අනතුරු අවම කරයි !
එසේම මෙහිදි 7 වැන්න සහ 11 වැන්න අතර ප්‍රබල පරිවර්ථන යෝගයද ලංකා කේන්දරයට ආරක්ෂාව සපයයි.

● එසේම කිව යුතුයි, 24 වනදින උදාවන විට ලංකා කේන්දරයේ සදුද බලවත් වී උච්ච බලයෙන් 4 වැන්නේ තැන්පත්ය.
මේ තත්වයත් සමග ඉතාම ගැඹුරින් අධ්‍යයන කිරිමෙදි හැඟී යන්නේ, මේ ඉදිරි දින කිහිපය තුල එනම් ජ්‍යොතිෂ්‍යය වේදින් කියන අය අනුමාන කරන පරිදි 24 වන දින කිසිදු සුනාමි අනතුරක් අප ශ්‍රිලංකා ද්වීපයට සිදු නොවන බවයි.
පලාත් වශයෙන් ගත්කල යම් පීඩාකාරි තත්වයක් දකුණු පලාතට යම් තරමකට බල පවත්වයි.

● එසේම 2015 දෙසැම්බර් 24වන දින පුරපසලොස්වක පොහොය ලබන්නේ හවස 6.31 ටය.
එම මොහොතට උදාවන්නේද මිථුන ලග්නයයි. එනම් ධනුවේ අධිමිත්‍ර රාශිය වන මිථුන ලග්නය උදාව පැවතීමද, ලංකා කේන්දරයේ කුම්භ ලග්නයට හිමිවන 5 වැන්න මිථුනයට හිමිවීමද කිසිදු අනතුරක්, ස්වභාවික අපදාවක් නොවන බව මේ අනුව නිගමනය කල හැක !!!

එසේම මෙම තත්කාල ග්‍රහචාරය විග්‍රහ කිරිමද අනවශ්‍ය බව අපගේ හැඟිමයි !


රවි මාරුව ඔබගේ ලග්නයට කොහොමද ?

● මේෂ
ශුභයි.
රවි 9 වැන්නට පැමිණේ.
 සමාජ තත්වය ඉහල යයි. සමාජයේ ගෞරවය ලැබේ. ප්‍රසිද්ධ වේ.
දියුණුවට උසස් අයගෙන් උදව් උපකාර ලැබේ.  විදේශ සංචාර ලැබේ.


● වෘෂභ
සමඵලයි.
රවි 8  වැන්නට පැමිණේ.
කලහෝලාහල වලට මැදිහත් වීම, මානසික තත්වය පිරිහීම, ධන-ධාන්‍ය තත්ව වල අඩුපාඩු සහ තැන්පත් මුදල් වැයවීම ආදියත් ශාරීරික රෝගාබාධත් වැළදිමට ඉඩ ඇත. බුද්ධියනේ කටයුතු කරන්න.


● මිථුන
ශුභයි.
රවි 7 වැන්නට පැමිණේ.
බුද්ධිමත්භාවය ඇතිවිම සිදුවේ. හවුල් ව්‍යාපාර කටයුතු දියුණුවීම, එසේම දේපල ලැබීම, සහකාරිය/සහකරුගෙන් උදව් උපකාර ලැබීමට නියමිතයි.


● කටක
ශුභයි.
රවි  6 වැන්නට පැමිණේ.
සතුරන් යටත්වීම, එදිරිවාදින් මෙල්ල වීම සිදුවන අතර, විදේශ රැකියා, විදේශ සංචාර ඇතිවිම ඇත. තමාට විරුද්ධව ඇති නඩුහබ වලට ඍජුව ඉදිරිපත් විමට හැකි කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි.
රවි 5 වැන්නට පැමිණේ.
ඉගෙනීමේ කටයුතු දියුණු වේ. දුවා-දරුවන්ගේ කටයුතු දියුණු වේ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු - තීරණ ඍජුව ගන්නා මැලි නොවන ඒවායින් යහපත සිදුවන කාලයකි. හදිසි ධනලාභ ලැබිමට හේතුවකි.


● කන්‍යා
මිශ්‍රපලයි.
රවි 4 වැන්නට පැමිණේ.
දේපල සම්බන්ධව යම් යම් ප්‍රශ්න ඇතිවිමට හේතුයි. එසේම කරන කියන කටයුතු වලට යම් බාධා ඇතිවිමට හේතුයි. ප්‍රවේසම් විය යුතුයි. මේ අතරම උපතේදි රවි ග්‍රහයා සුභව සිටින අයට, දේපල ලැබීම්, නිලතල ලැබීම්, ආගිය තැන ගරු සම්මාන ලැබිමට පුලුවන්.


● තුලා
ඉතාම ශුභයි.
රවි 3 වැන්නට පැමිණේ.
බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් තමාගේ බොහෝ කටයුතු සාර්ථක කරගැනිමට පුලුවන්. ඉගෙන ගන්නා දුවාදරුවන්ගේ තරඟ විභාග ආදියෙන් ජයගැනිමට වැඩි ඉඩක් පවති. පිටපලාත් වල සංචාරයට අවස්ථාව, විදේශ ගතවිමට වාසනාව ලැබේ.


● වෘශ්චික
ශුභයි.
රවි 2 වැන්නට පැමිණේ.
තමාගේ වචනය නිසා අන් අය තමාට යටත් කරගැනිමට පුලුවන්. විශේෂයෙන්ම නීතීඥ වෘත්තියේ අයට සහ දේශකයන්ට ඉතාම සුබයි. යුගදිවියේ නම් යම් ගැටළු ඇතිවිය හැකියි. ඔබ ආවේගශීලි විය හැකියි, කේන්ති යාම පාලනය කරගන්න. උෂ්ණ රෝග වැළදීමේ ඉඩකඩක්ද පවති.


● ධනු
ඉතාම ශුභයි.
රවි 1 වැන්නට පැමිණේ.
රවි ග්‍රහයා ධනු රාශියට පැමිණෙන විට බුධද ලග්නයේ බැවින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ යෙදෙනවා. ලග්න 12න් එයට ඉතාම හොද ධනුවයි. තරඟ විභාග වලින් ජයගත හැක. ගරු නම්බුනාම, ජන ප්‍රසාදය ලැබෙනවා. මේ කාලයේදී බුද්ධිය දියුණු වන බව කිව යුතුයි, මේ කාලයේ ධනුවෙන් උපදින දරුවන්ද ඉතාම වාසනාවන්තයි.


● මකර
සමඵලයි.
රවි 12 වැන්නට පැමිණේ.
මේ යෝගය යෙදෙන්නේද 12 වැන්නේ බැවින් කරන කියන කටයුතු වල ශුභා-ශුභ මිශ්‍රව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට බාධක මධ්‍යයේ එවා කල යුතුයි. ව්‍යාපාරිකයන්ට නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි, මන්ද තමා නොදැනුවත්ව ව්‍යාපාරික අංශයෙන් පාඩු විය හැකි නිසා.


● කුම්භ
ඉතාම ශුභයි.
රවි 11 වැන්නට පැමිණේ.
ඉතාම හොද කාලයක් වශයෙන් කිව හැකි මේ කාලයෙදි උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. එසේම අලුත් ආයෝජන අවස්ථා ව්‍යාපාරිකයන්ට ලැබෙනවා. උසස් පෙලේ මිතුරන් ආශ්‍රය කිරිමේ වැඩි ඉඩකඩක් ලැබෙනවා.


● මීන
ඉතාම ශුභයි.
රවි 10 වැන්නට පැමිණේ.
ආදායම් තත්ව දියුණු වේ. කරන කියන කටයුතු දියුණු වේ. රැකියා කරන අයට මේ කාලයෙදි උසස් වීම ලැබීමට නියමිතයි. ඉගෙන ගන්නා දරුවන්ටද සුබයි.