Saturday, October 14, 2017

“ අඟහරු මාරුව “




ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ ග්‍රහයා රවි හිමි සිංහ රාශියෙන් මිදී බුධ ගේ නිවස වන කන්‍යා රාශියට පැමිණෙයි. පැමිණ එම රාශියේ සිටින රවි, සිකුරු සමග සංයෝග වේ.  ඒ අනුව රවි - සිකුරු - කුජ සංයෝගයක් ඇති වේ.
කුජ ග්‍රහයා 2017/10/13 සිට 2017/11/30 දක්වා කන්‍යා රාශියේ ගෝචර වේ.

ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 8 වැන්නට කුජ පැමිණීම තුල, කාලගුණය සමතුලිත නොවීමට ඉඩ ඇත. පෙර පැවති බාධාකාරී තත්ත්වයන් තවදුරටත් ඇති වීමට ඉඩ ඇත.
-

ලග්න 12ට පොදුවේ මෙහෙමයි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
     මේෂ ලග්නයේ 6 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේය.
ආර්ථික අපහසුතා පැන නැගීමට ඉඩ ඇති  කාලයකි. ව්‍යාපාරවල මූල්‍යමය ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
රැකියා කරන අයගේ රැකියා කාර්ය බහුල වීමටද, රැකියා වල තරමක් කරදර ඇතිවීමටද ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා දෙමාපියන්ට විවේකය  අඩු වන කාලයක් වීමට ඉඩ ඇත.    
     
-
● වෘෂභ
වෘෂභ ලග්නයේ 5 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේය.
තම ආදායමට වඩා වියදම් වැඩි වීමට ඉඩ ඇත. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට පියවර ගැනීම ද සිදු විය හැක.
රැකියා ස්ථානයේ  වෙනදාට  වඩා කාර්ය බහුලව  වැඩ කටයුතු කිරීම තුළින් වැඩපල අතපසු වීමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තරමක් පහල බැසීමට ඉඩ ඇත.  

-

● මිථුන
    කුජ ග්‍රහයා පැමිණියේ මිථුන ලග්නය 4 වැන්නට ය.
තම දේපළ පිළිබඳ ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරී විය යුතු ය. ආදායම් තත්ත්වය පහළ බැසීම ද කරුණු යෙදෙයි.
රැකියා කරන අයගේ රැකියා වෙනස් වීමක් මාරු වීමක් පෙන්නුම් කරන කාලයක් වේ. නව රැකියා ප්‍රමාද කරයි.
දෙමාපියන් තම දරුවන් අතර මත ගැටුම්  ඇතිවීමට ඉඩ ඇත. පවුලේ සමගිය පවත්වා ගැනීමට පියවරක් ගැනීමට සිදු විය හැක.  

-
● කටක
    කටක ලග්නයේ 3 වැන්නට කුජ ග්‍රහයා පැමිණ තිබේ.
  වෙනදාට වඩා උද්යෝගයෙන් තමා ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමටත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියා  ස්ථානයේ  ආයතන ප්‍රධානීන් සමඟ ගැවසීමටද ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබීමට ද ඉඩ ඇත.
සහෝදර සහෝදරියන් සමඟ සිංහල වැඩ කටයුතු සාර්ථකව  නිම කර ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
   
-
● සිංහ
  සිංහ ලග්නයේ 2 වැන්නට කුජ ග්‍රහයා පැමිණ තිබේ.
තම ආදායම් මාර්ග වල ආදායමට වඩා වියදම් වැඩි වීමට ද ඉඩ ඇත. නව ආදායම් මාර්ග වලට මාර්ග වලට යොමු වීම ගැන දෙවරක් සිතා බැලීම වඩා යහපත්ය.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන් සමඟ මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. වචනය පාලනය කර ගත යුතුය.
සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත.  දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් අවවාද ලබා ගැනීමට සිදු විය හැක.
   
 -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ කුජ ග්‍රහයා ලග්න ගත වි තිබේ.
තම නිවාස දේපල ආශ්‍රිත ගැටලු නිරාකරණය කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
අසල්වාසීන් සමග වැඩ කටයුතු කිරීමට ද,  විනෝද ගමන් ප්‍රිය  සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ ලැබේ.
 
-
● තුලා
  තුලා ලග්නයේ 12 වැන්නට කුජ ග්‍රහයා පැමිණ තිබේ.
තම ආදායම් මාර්ග වල වෙනදාට වඩා වියදම් වැඩිවීම තුළින් මූල්‍ය ගැටලු නිර්මාණය විය හැක.
රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීම තුලින් නව සබඳතා ගොඩනගා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
වෙනදාට වඩා තම පවුල් පසුබිම තුළ  ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කල යුතු ය.
   
  -
● වෘශ්චික
    වෘශ්චික ලග්නයේ ලග්නාධිපති  වන කුජ ග්‍රහයා 11 පැමිණියේය.
වෙනදාට වඩා ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට හැකි කාලයක් විමට ඉඩ ඇත. නව ව්‍යාපාර ආරම්භ  කල හැකි කාලයකි.
රැකියා සොයන අයට තමන්ගේ සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදා වෙයි.  රැකියා කරන්න අයට උසස් වීම් වලට සුදුසු අවස්ථා උදා වනු ඇත.
ගෘහ ජිවිතයේ කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු සිදු කිරීමට අවස්ථා උදාවේ. මංගල යෝග උදාවේ.
 
  -
● ධනු
   කුජ ග්‍රහයා ධනු ලග්නයේ පැමිණියේ 10 වැන්න වන කර්මස්ථානයටය.
වෙනදාට  වඩා නොසන්සුන්  ගති වැඩි වීම තුලින් ආදායම් තත්වය පහල බැසීමටත් බාධා ඇතිවිමටත් ඉඩ ඇත.
රැකියා ස්ථානයේ ගනු ලබන සෘජු තීරණ හේතුවෙන් ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. රැකියා සොයන අයට නව රැකියා ප්‍රමාද කරයි.
පවුලේ සමගියට බාධා පැමිණේ. දරුවන්ගේ ගැටලු විසදා ගැනීමට කාලය වැය කිරීමට සිදුවේ.

    -
● මකර
   මකර ලග්නයේ 9 වැන්නට කුජ ග්‍රහයා පැමිණියේ ය.
වෙනදාට වඩා තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
තම රැකියා ස්ථානයේ තම වැඩකටයුතු කර ගැනීමට අන් අයගේ සහය ලබා ගැනීමට සිදු විය හැකි කාලයකි.
ගෘහ ජීවිතයේ තම දෙමාපියන් දරුවන් අතර සමගිය වර්ධනය වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා පැමිණේ.
   
-
● කුම්භ
  කුම්භ ලග්නයේ කුජ ග්‍රහයා 8 වැන්නට පැමිණියේය.
තම ආදායම් මාර්ග වල  පවතින දුර්වලතා හේතුවෙන් මූල්‍ය කළමනාකරණයේ පාඩු සිදුවිය හැක. කල්පනාකාරීව කටයුතු කල යුතුය.
රැකියා  කර්මාන්ත වල  පෙර  පැවති බාධා තත්වයන්  දුරු වී යෑමට ඉඩ ඇත. නව රැකියා ලැබීමට ඉඩ ඇත.
තම පවුලේ දියුණුව උදෙසා වැඩ කටයුතු  කිරිමට හැකි කාලයකි. පාසල් බාහිර ක්‍රියාකාරකම් වලින් ජය ලැබිමට හැකි කාලයක් විය හැක.
 
 -
● මින
   මීන ලග්නයේ 7 වැන්නට කුජ  ග්‍රහයා පැමිණියේය.
ව්‍යාපාරික ස්ථාන වල හෝ තම ආදායම් මාර්ග වල පවතින බාධා දුරු කර ගැනීමට යාමෙන් මුදල් සම්බන්ධ ගැටලු ඇතිවීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ තනතුරු  වෙනස් වීමක් පෙන්නුම් කරයි.නව රැකියා සොයන අයට රැකියා  ලැබීමට ඉඩ ඇත.
පවුලේ සමගියට බාධා ඇති වේ. ගනු ලබන තීරණ වලදී නම්‍යශීලී විය යුතුය. ප්‍රේම සබඳතා වලට දෙමව්පියන් ගෙන් බාධා ඇතිවිමට ඉඩ ඇත.

  -

Iru Sewaya

077 2238041
irusewaya@gmail.com

“ බුධ මාරුව “


-
ග්‍රහ ලොව සුරතල් කුමාරයා වන බුධ ග්‍රහයා තම සහෝදරියගේ නිවස වන තුලා රාශියට 2017/10/13 වැනිදා පැමිණේ. එහි 2017/11/02 දක්වා කාලය ගත කිරීමට සිදුවේ.

ලංකා කුම්භ ලග්න  කේන්ද්‍රයේ 9 වැන්නට බුධ පැමිණේ. තරමක් වැහිබර කාලගුණයක් තවදුරටත් ඇති  වීමට ඉඩ ඇත.
 රට වෙනුවෙන් වැදගත් තීරණ  රාශියක් ගැනීමට හැකි කාලයකි.
-

ලග්න 12ට පොදුවේ මෙහෙමයි (කේන්දරය අනුව වෙනස් විය හැක).

-

● මේෂ
මේෂ ලග්නයේ බුධ 7වැන්නට පැමිණේ.
පැවති ගැටළු ගැටලුකාරී තත්වයන් පහවී තරමක් සුබ පල ගෙන දෙන කාලයක් වේ.
රැකියා නොමැති අයට රැකියා ලැබීමටද ඇති අයගේ ගැටලු  තත්වයන් වලින් මිදිමටද අවස්ථා උදාවිමට ඉඩ ඇත.
ඉඩකඩම් මිලදී ගැනීමට නිවාස අලුත්වැඩියා කිරීමට වැඩි වශයෙන් උනන්දුවක් දක්වන කාලයක් වීමට ඉඩ ඇත .
 
    -
● වෘෂභ
වෘෂභ ලග්නයේ 6 වැන්නට බුධ පැමිනේ.
හවුල් ව්‍යාපාර කටයුතු වලින් තරමක් දුරට පාඩු සිදුවීමට ඉඩ ඇත. කල්පනාකාරීව සහ මනා බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුය.
තම රැකියා කටයුතුවල පෙර තිබූ නිදහස අඩු වේ. රැකියා සොයන අයට රැකියා තරමක්  ප්‍රමාද වීමට ඉඩ ඇත.
ජිවිතයේ සමගියට බාධා පැමිණේ ඉවසීමෙන් සහ  බුද්ධියෙන් යුතුව  කටයුතු කළ යුතුය.

    -

● මිථුන
මිථුන ලග්නයේ බුධ 5 වැන්නට පැමිණේ.
අලුත් අදායම් මාර්ග වලට යොමු වීමට අවස්ථාව උදා වෙයි. ඔබගේ ආදායම් මාර්ග වල දියුණුව උදෙසා කටයුතු කිරීමට හැකි කාලයක් විය හැක.
තමන් සමග රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
පවුලේ සමගිය වර්ධනය වේ. තරුණ අයට යහපත් විවාහ අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. නිෂ්ඵල ගමන් බිමන් වලට අවස්ථා උදාවෙයි.


   -
● කටක
   කටක ලග්නයේ 4 වැන්නට බුධ පැමිණේ.
ආදායම් මාර්ග වල ඉදිරි දියුණුව උදෙසා නව පියවර රැසක් ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.
රැකියාවේ පෙර පැවති බාධාකාරී තත්ත්වයන් ඉවත් වේ. උසස්වීම් තරඟ විභාග වලට යොමු වීමට අවස්ථා උදා වේ.
ගෘහ ජීවිතයේ තමන්ට පවතින ගැටලු විසඳා ගැනීමට කාලය වැය කිරීමට සිදුවිය හැක .

 
    -
● සිංහ
  සිංහ ලග්නයේ බුධ පැමිණෙන්නේ 3 වැන්නටය.
කලක් තිස්සේ තිබූ බලාපොරොත්තු සඵල කර ගැනීමට වැඩි ඉඩ කඩක් ලැබෙන කාලයකි.
නව රැකියා උදා වේ. තම රැකියාවට  තිබු කරදර බාධා ඉවත් විය හැකි කාලයකි.
තමන්ගේ දරුවන් ගේ අධ්‍යාපනය වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ඉඩ ලැබිය හැකි කාලයකි.


     -
● කන්‍යා
    කන්‍යා ලග්නයේ බුධ 2 වැන්නට පැමිණෙයි.
ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. නිවාස දේපල මිලදී ගැනීමටද හැකියාව  ලැබෙනු ඇත.
රැකියා ස්ථානයේ තරග විභාග උසස් වීම් වලට සහභාගි වීමට සහ පියවර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් වේ.
ගෘහ ජීවිතයේ වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක.    
 
-
● තුලා
   බුධ තුලා ලග්නයේ පැමිණෙන්නේ ලග්න භාවයට හෙවත් 1 වැන්නටය.
පෙරට වඩා ඉතිරි කිරීමට උනන්දුවක් දක්වන කාලයක් විය හැක.  නව ආදායම් මාර්ග ආරම්භ කිරීමට සුදුසු කාලයක් වෙයි.
අලෙවිකරණය ආශ්‍රිත  රැකියා කරන අයට සුබ පල ගෙන දෙන කාලයක් වේ.
කවුද සමගියට තරමක් බාධා පැමිණේ. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා කටයුතු කිරීමට සිදු වේ.
   
  -
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ බුධ 12 වැන්නේ ගෝචර වේ.
  මූල්‍ය ආයතන වලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මුදල්  කළමනාකරණයේදී ප්‍රවෙශම් විය යුතුය.
රැකියා කර්මාන්ත වල සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
අසල්වාසීන් සමඟ  පොදු සමාජ කටයුතු වලට යොමු වීමට ඉඩ කඩ ඇති කාලයක් වේ.

     -
● ධනු
ධනු ලග්නයේ බුධ 11 වැන්නට පැමිණේ.
වෙනදාට වඩා ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ව්‍යාපාර කටයුතු කිරීමට වෙනදාට වඩා බුද්ධිය මෙහෙය වීමට සිදුවේ.
රැකියා ස්ථානයේ අනික් අය සමග සමගියෙන් කටයුතු කිරීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. නව රැකියා උදා වේ.
මව් පියන්ට ඇප උපස්ථාන කිරිමට ඉඩ ලැබේ. වැදගත් තීරණ රැසක් ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.

    -
● මකර
  මකර ලග්නයේ බුධ  10වැන්න ට පැමිණේ.
ආදායම් මාර්ග සහ තම ව්‍යාපාර කටයුතු වල මුල්‍යමය ගැටලු විසදා ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
මෙතෙක් ස්ථිර නොවු රැකියා ස්ථිර විමට ඉඩ ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට හැකි කාලයකි.
නිවස වැඩ කටයුතු වලදී මෙතෙක් තිබුනු බාධා  ඉවත්වි එම වැඩ නිම කරගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.

    -
● කුම්භ
කුම්භ ලග්නයේ 9 වැන්නට බුධ පැමිණේ.
  තමන්ගේ ආදායම් මට්ටම පෙරට වඩා  වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. තම සේවකයන්ගේද සහය ලැබීමට ඉඩ ඇත.
නව රැකියා සොයන අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් කරදරකාරී කාලයක් වේ.
පවුලේ සමගිය වෙනදාට වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.

   -
● මින
මීන ලග්නයේ බුධ 8 වැන්නට පැමිණේ.
තම ව්‍යාපාරික ස්ථානයේ හෝ ආදායම් මාර්ග වල නීතිමය ගැටලු  ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කළ යුතු ය
රැකියා ස්ථානයේ  කලබලකාරී ගති වැඩිවිම නිසා මෙතෙක් පැවති නිදහස අඩුවේ. නව රැකියා  ප්‍රමාද වීමට ඉඩ ඇත.
පවුලේ සමගියට තරමක් බාධා මතුවිමට ඉඩ ඇත. ප්‍රේම සබදතා වල ගැටලු ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කල යුතු වේ.

  -

@Iru Sewaya

077 2238041
irusewaya@gmail.com

Thursday, October 12, 2017

“ රාහු මහ දසාව “ - 01 ලිපිය


රාහු ගැන කිව්වාමත් ඇතිවන්නේ ඒතරම හොඳ සිතිවිල්ලක් නෙමෙයි.

නාග හිසකින් සහ දේහධාරි පුරුෂ ශරීරයකින් හෙබි රාහු ග්‍රහයාගේ මහ දසාව ගැන, මතක් වන විට සියලුම දෙනාට මතක් වෙන්නේ අවුල්කාරි ගැටළුකාරි සිතිවිල්ලකි. මේ තත්වය නිසාම ඉගෙන ගන්නා දරුවන්ට විශේෂයෙන්ම අපලකාරි තත්වයක් බලපායි.

● මෙම මහ දසාව පොදුවේ ගත්කල අවුරුදු 40න් පසුව ලබනවා නම් පුද්ගලයන්ගේ සමාජ, ආර්ථික දියුණුව ඇතිවේ. දේශපාලන ක්සෙත්‍රයේ සිටින බොහෝ අයට, කලා ක්ෂෙත්‍රයේ අයට ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ලබාදීමට රාහු පසුබට නොවේ.
මේ අතින් බැලුවොත්, රාහු ප්‍රබල ග්‍රහයෙක් කියල ඔබට තේරේවි.

* උපතේදි රාහු බලවත් නම්, ආර්ථික දියුණුව, ජනප්‍රියත්වය, ලොතරැයි වාසනාව ආදිය ලැබේ.
* හදිසි ධනලාභ දීමේ මහා පොදු සාධකය වෙන්නෙත් “ රාහු “ තමයි.
ගුරුට, සිකුරුට දෘෂ්ඨි වැටෙන එකෙන් ක්ෂණිකව පොහොසත් වෙනව.
හැබැයි පොඩි දෙයක් තියෙනවා කියන්න, රාහු-සිකුරු දෘෂ්ඨිය හොඳයි තමයි, හැබැයි ලග්නාධිපතියා ශුභයෙක් වෙලා විශේෂයෙන්ම ගුරු වගේ වෙලා චන්ද්‍රයා හොඳ තැනක හිටියොත් හරි. නැත්නම් ඒ පුද්ගලයා තෘප්තිමත් නොවන කාමාශාවක් ඇති කරන්න පුලුවන්.

* රාහු අපලයට නාගර්ජුන යන්ත්‍රය තමයි ප්‍රසිද්ධ.
ඒක කිව්වාම හැමෝම අහනවා නාගර්ජුන යන්ත්‍රය ගැන. නාගර්ජුන යන්ත්‍රය පලදින්න ඕන තමන්ගේ කේන්දරය අනුව ඊට සුභ වෙලාවල් බලලා, ඒ අනුව ජප සංඛ්‍යාව තීරණය කරලා වගේ තවත් ගොඩක් කරුණු බලල.
හැමතැනම වගේ කලින් හදපු හරි, එකපාරට 100කට විතර හදන නාගර්ජුන වලින් ඇතිවෙන්නේ සුභ ඵල බොහෝම ටිකයි. අන්තිමට මිනිස්සු හිතනවා නතර වෙන්නෙ ජ්‍යොතිෂ්‍යය බොරු කියල.

( ලිපිය කියවන අයට කියන්නෙ, ඕනෑම යන්ත්‍රයක් ඉරු සේවයේ අපි කරන්නෙ කේන්දරය සූක්ෂමව බලල ඒ අනුව තියෙන තත්වයන් වලටයි. ඒනිසා යන්ත්‍රයක්, ශාන්ති කර්මයක් කියපු ගමන් ඒකෙ ගාන අහන්න එපා...
ජ්‍යොතිෂ්‍යය සේවාවන් කියන්නේ කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නව වගේ දෙයක් නෙමෙයි)

නාගර්ජුන යන්ත්‍රය ගැන,
https://www.facebook.com/irusewaya/photos/a.850896334927447.1073741830.833656709984743/1834094616607609/?type=3&theater

* ඔබ දන්නවද, අපි දැකල තියෙනවා ලසිත් මාලිංග වඩා වේගෙන් පන්දු යවන්න පුලුවන් අය. හැබැයි ඒ අය නෙමෙයි ඉදිරියට ඇවිල්ලා බැබලෙන්නේ. ඒකටත් ප්‍රධාන හේතුවක් වෙනවා, අවශ්‍ය ප්‍රසිද්ධිය. ඒ ප්‍රසිද්ධිය ලැබෙන වාසනාවටත් “ රාහු ලොකු හේතුවක් “.

*** රාහු මහ දසාවේ අතුරු දසා ගැන ඊලග ලිපියකින් !
077 2238041
irusewaya@gmail.com

_ සබැඳි ලිපි _

* රාහු හෝ කේතු 7 ද ?
https://www.facebook.com/photo.php?fbid=225750774286601&set=a.234978960030449.1073741848.100005550390980&type=3&theater



* හදිසි ධනවත් වීම්
https://www.facebook.com/pg/irusewaya/photos/?tab=album&album_id=1006313519385727

* Youtube
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

* Instagram
https://www.instagram.com/iru_astrology/

#Rahu #kalaya #srilanka #lka #kendara #hadahana #palapala

Monday, October 9, 2017

“ සිකුරු මාරුව “

ග්‍රහ ලොව සියුමැලි තරුණිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා,  රවි හිමි සිංහ රාශියෙන් මිදී බුධ හිමි කන්‍යා  රාශි ගත වෙයි. 2017/10/09 - 2017/11/03 දක්වා මෙය බල පැවැත්වේ.

-
ලංකා කුම්භ ලග්න කේන්දරයේ 8 වැන්නට සිකුරු පැමිණීම තරමක් අයහපත් කාලයක් වීමට ඉඩ ඇත. විශේෂයෙන් කාලගුණය තරමක් නොසන්සුන් වීමට ඉඩ ඇත.

ලග්න 12ට කෙසේද බලමු..
මෙය පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ
මේෂ ලග්නයේ සිකුරු 6 වැන්නට පැමිණේ.
    මූල්‍ය කළමනාකරණය පාඩු පෙන්වයි, තම ආදායම් මාර්ග වලද අවහිරතා ඇතිවිය හැක.
රැකියා ස්ථානවල ස්ථාන වල ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති වීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කරන්න.
තම පවුලේ සමගියට බාහිර අයගෙන් බාධා පැමිණේ. විවාහ යෝජනාවන් කල් යාමට ඉඩ ඇත.
   
       -
● වෘෂභ
      වෘෂභ ලග්නයේ ලග්නාධිපති - සිකුරු 5 වැන්නේ ගෝචර වෙයි.
නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇත. පෙර පැවති කරදර වලින්  නිදහස් වීමට ඉඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා විරහිත තරුණ තරුණියන් ගේ සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට ඉඩ ඇත.
ගේ දොර සමගිය වර්ධනය වේ. මංගල යෝග උදා වේ.
    -

● මිථුන
     මිථුන ලග්නයේ සිකුරු 4 වැන්නට පැමිණේ.
වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. තම ව්‍යාපාර සැලසුම් කිරීමට ඉඩකඩ ලැබෙන  කාලයකි.
 රැකියාවේ පැවති කරදරකාරී ස්භාවය අඩු වීමට කරුනු යෙදෙනු ඇත.
පවුලේ සමගියට තරමක් බාධා පැමිණේ.  දේපල පිළිබඳ ආරවුල් ඇතිවිමට ඉඩ ඇත.
   -

● කටක
    කටක ලග්නයේ සිකුරු 3 වැන්නට පැමිණේ.
වෙනදාට වඩා ඉදිරිය ගැන සිතා වැඩ කටයුතු කරන කාලයක් වීමට  ඉඩ ඇත.  තවද තම දේපල කෙරෙහි සිත යොමු වීමට ඉඩ ඇත.
තම රැකියා ස්ථානයේ වෙනදාට වඩා උද්යෝගයෙන් වැඩ කටයුතු කර ගෙන යාමට ඉඩකඩ ලැබිය හැකිය.
තම පවුලේ සමඟිය වර්ධනය වේ. විනෝද ගමන් සහ සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ ලැබේ.

    -

● සිංහ
සිංහ ලග්නයේ සිකුරු 2 වැන්නට  පැමිණේ.
වෙනදාට වඩා බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලැබීමට ඉඩ ඇත. තම වැඩ කටයුතු  වෙනදාට වඩා ප්‍රමාද වීම තුළින් ගැටලු ඇතිවීමට  ඉඩ ඇත.
ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ වලට  සහභාගි වීමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.
 

     -
● කන්‍යා
    කන්‍යා ලග්නය සිකුරු ලග්නයට/ 1 වැන්නට පැමිණෙයි.
තමන්ගේ කාලය වෙනදාට වඩා නිෂ්ඵල දේ සඳහා වැය කිරීමට සිදු විය හැකි නිසා පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
රැකියා ස්ථානයේ වෙනදාට වඩා කලබලකාරී ගති වැඩි වේ. එම නිසා ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු සඳහා කාලය වැය  කිරීමට සිදු වෙයි. විදෙස් ගමන් යාමට සිතා සිටින අයට සුබ කාලයක් විය හැක.
   
   -
● තුලා
තුලා ලග්නයේ සිකුරු 12 වැන්නට පැමිණේ.
   තම ව්‍යාපාර ආදායම් මාර්ග වල නීතිමය ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ ව සැලකිලිමත්ව  කටයුතු කරන්න.
රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීම ඉඩ ඇත. ස්ථාන මාරු හෝ රැකියා වෙනස් වීමක් විය හැකි කාලයක් වෙයි.
අඹුසැමියන් අතර හොඳ හිත පළුදු වීමට ඉඩ ඇත. අසල්වාසීන් සමග වැඩ කටයුතු කිරීමට සිදු වන කාලයක් විය හැක.
   
  -
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ සිකුරු 11 වැන්නට පැමිණේ.
ආදායම් තත්ත්වය අඩුවීමට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩිවි යන තත්වයක් නිර්මාණය වේ.
රැකියා ස්ථානයේ බාහිර කරදර ඇතිවිමට ඉඩ ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
පිනට දහමට නැඹුරුව කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.  

     -
● ධනු
    ධනු ලග්නයේ සිකුරු 10 වැන්නට පැමිණේ.
නව ආදායම් මාර්ග උදාවෙයි. ණය  ලැබේ.  ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව පියවරක් ගැනීමට සුබ කාලයක් විය හැක.
සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාවේ. රැකියා ස්ථානය වෙනදාට වඩා නිදහස වැඩි වීමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. දෙමාපියන්ගේ අවවාද උපදෙස් අනුව ක්‍රියා කිරීමට සිදු වන කාලයක් විය හැක.

    -
● මකර
මකර ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ.
   ආර්ථික ගැටලු  විසඳාගැනීමට  තම සමීපතමයන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. ඉඩකඩම් සම්බන්ධ ගැටලු  විසඳා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ  උසස් වීමක් හෝ වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයකි. නව රැකියා ලැබීමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. තම විවාහය  පිළිබඳ තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.

    -
● කුම්භ
   කුම්භ ලග්නයේ සිකුරු 8 වැන්නට පැමිණේ.
මූල්‍ය කළමනාකරණය පාඩු සිදුවිය හැකි කාලයකි. රැවටීම් මුලාවීම් වලට ලක් වීමට ඉඩ ඇත, සැලකිලිමත් වන්න.
රැකියා   ස්ථානයේ සතුරු කරදර එල්ල විය හැකි කාලයකි. කල්පනාකාරී විය යුතුය. නව රැකියා ප්‍රමාදවේ.
තම පවුලේ සහෝදර සහෝදරියන් අතර ගැටලු - ප්‍රශ්න  නිර්මාණය වීමට ඉඩ ඇත කල්පනාකාරී වන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණේ.

   -
● මින
   මීන ලග්නයේ සිකුරු 7 වැන්නට පැමිණේ.
තම ආදායම් මාර්ග හෝ ව්‍යාපාර වලට බාහිර පාර්ශවයන්ගෙන් සහාය ලබා ගැනීමට සිදු වේ. මූල්‍යමය ගැට‍ළු  නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ සමගින් සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. රැකියා සොයන අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට ඉඩ ඇත.
අඹු සැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. ප්‍රමාද වී තිබූ මංගල යෝග ඉක්මන් වේ. දෙමව්පියන්ගේ  ආශීර්වාද ලැබේ.

  -

077 2238041
irusewaya@gmail.com

Iru Sewaya

#lk #sl #lanka #sikuru

Sunday, October 8, 2017

සතියේ ලග්න පලාපලය - ඔක් 9 සිට

චන්ද්‍රයා මෙම සතිය තුල  මේෂ - වෘෂභ - මිථුන යන රාශි වල ගෝචර වේ.

පොදු කරුණු පමණි.  කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
     ආර්ථික වශයෙන් සුබ පල ගෙන දෙන සතියක් වීමට ඉඩ ඇත. හදිසි ධන ලාභ  ලැබිමට ඉඩ ඇත. යාන වාහන මිලදී ගැනීම් වලට සුබ සතියකි.
රැකියා ස්ථානයේ තමාට පැවරෙන වැඩකටයුතු නිසි වෙලාවට කිරීමට ඉඩ ප්‍රස්ථාව උදා  විය හැකි කාලයක් වෙයි.
පවුලේ අය සමග සමගියෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ. සිතට සහනයක් උදා වේ. වෙනදාට වඩා පවුලේ අයගෙන් උපකාර ලැබේ.
   
       -
● වෘෂභ
     ආදායම් මාර්ග වලට වෙනදාට වඩා සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. ප්‍රවෙශම් විය යුතුය. නව ආදායම් මාර්ග මාර්ග වලට යොමු වීම නොකළ යුතුය.
රැකියා  ස්ථානයේ බාධාකාරී සිදුවීම් සිදුවිම තුලින් තම වැඩ කටයුතු එපා විමට ඉඩ ඇත.
පවුලේ සමගිය වර්ධනය වේ. වෙනදා තිබූ කලබලකාරී ස්වභාවයක් අඩු වීමට ඉඩ ඇත.

    -

● මිථුන
    තම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවන කාලයකි. තම ආදායම් මාර්ගවලින් වෙනදාට වඩා සාර්ථක ප්‍රතිඵල ලගා කර ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට තිබු බාධා අඩුවේ.
මංගල යෝග ක්‍රියාත්මක වීමට ඉඩ ඇති සතියකි. ප්‍රමාද වී තිබූ මංගල යෝජනා ස්ථිර වෙයි. හිතට සහනයක් ගෙන දෙයි.

   -
● කටක
    තම ව්‍යාපාර ආදායම් මාර්ග වල මූල්‍යමය කටයුතු පාලනයේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය. ගැටලු ඇතිවිමට ඉඩ ඇත.
රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ ඇත. එමනිසා වෙනදාට වඩා තරමක් පිඩාකාරි විය හැක.
තම සහෝදරියන් සමඟ තරමක් ආරවුල් පෙන්නුම් කරන සතියකි. වැඩ කටයුතු කිරිමෙදි  ප්‍රවෙශම් විය යුතුය.

 
    -
● සිංහ
   වෙනදාට වඩා තම වැඩකටයුතු වැඩ කටයුතු ඉක්මන් කිරීමට යාම තුළින් තරමක් ගැටලූ නිර්මාණය වීමට ඉඩ ඇත.
රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට නව රැකියා ප්‍රමාද කිරීමට ඉඩ ඇත. රැකියා කරන අයට තරමක් සුබ සතියකි.
තම පවුල වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි. අසල්වැසියන් සමග වෙනදාට වඩා සමීපව කටයුතු  කිරීමට ඉඩ ලැබිමට හැකිය.

     -

● කන්‍යා
   මූල්‍යමය ව්‍යාපාර වල යෙදී සිටින අයට වෙනදාට වඩා යහපත් ප්‍රතිඵල උදාවිමට ඉඩ ඇති සතියකි. ආදායම් මාර්ගද වෙනදාට වඩා යහපත් විය හැක.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් වෙනදාට වඩා පැසසුම් ලැබීමට ඉඩ ඇත. රැකියා සොයන අයට  නව රැකියා උදා වේ.
දෙමාපියන්  සමග වෙනදාට වඩා ගැවසිමට ඉඩ ලැබිය හැක. පවුලේ සමගිය වර්ධනය වේ.
   
   -

● තුලා
   තම ආදායම් මාර්ග දියුණු කිරීම උදෙසා නව පියවරක් ගැනීමට සුදුසු කාලයකි. ඉදිරිය ගැන සිතා වැඩ කටයුතු කිරීමට ඉඩ ඇති කාලයකි.
රැකියාවේ උසස් වීම්, තරග විභාග ආදියට මුහුණ දීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස වීමට සිදුවිය හැක. ආදර සම්බන්ධතා වල තිබූ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ

   
  -

● වෘශ්චික
   මුදල් පරිහරණයේදී ප්‍රවේශම් විය යුතුය නැත හොත් ගැටළු ඇතිවිමට ඉඩ ඇත. තම ඉදිරි දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට සිදු වන සතියකි.
තම වැඩකටයුතු වලට ඇති සැලකිලිමත් භාවය අඩුවි යාම නිසා රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණ එල්ල වේ.
තම අනාගත දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මාපියන්ගේ ආශිර්වාදය හිමි වේ. පෙම් සබදතා වලට ගැටලු ප්‍රශ්න ඇති වේ.

     -
● ධනු
    නව ආදායම් මාර්ගයක් හෝ ව්‍යාපාර ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ කාලයක් වෙයි. වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කිරීම ට හැකියාව ලැබිමට ඉඩ ඇත.
රැකියා ස්ථානයේ වෙහෙසකාරී බව වැඩි වේ. දුර බැහැර ගමන් බිමන් යෙදිමට ඉඩ ඇත. නව රැකියා සොයන අයට රැකියා තරමක් ප්‍රමාද වේ.
තම අසල්වාසීන් සමඟ සමග වෙනදාට වඩා සුහදව වැඩ කිරීමට ඉඩකඩ ලැබිය හැකි කාලයකි. පවුලේ සමගියට තිබූ බාධා ඉවත් වේ.

    -
● මකර
   තම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ. තම ආදායම් මාර්ග වලට සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත.
තම රැකියා ස්ථානයේ  වෙනදාට වඩා බුද්ධියෙන් වැඩ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. නව රැකියා ප්‍රමාද වේ.
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ. ඉගෙනීම් කටයුතු වලට බාධා එල්ල විය හැකි සතියකි.
    -

● කුම්භ
   තමන් ගනු ලබන තීරණ තමන්ට අවාසි සහගත වීමට ඉඩ ඇත. එමනිසා තරමක් කල්පනාකාරීව වැඩ කටයුතු කර ගතයුතු කාලයකි.
රැකියා ස්ථානයේ සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත. ස්ථාන මාරු පෙන්නුම් කරන කාලයකි. රැකියා සොයන අයට නව රැකියා උදා වේ.
තම දරුවන්ගේ කටයුතු නිසා සිත් තැවුල් මානසික පීඩා බහුල කාලයක් වීමට ඉඩ ඇත. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධතා වර්ධනය වේ.

   -
● මින
  නිවාස ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමට සුබ කාලයකි. ඉදිරි දියුණුව උදෙසා වැඩ  කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයකි.
තම රැකියාවේ ස්ථානය කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන කාලයක් විය හැක. නව රැකියා ලැබේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් සහ තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇති සතියකි. ප්‍රේම සබදතා  වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කලයුතුය.
  -


iru sewaya #lka #srilanka

077 2238041
irusewaya@gmail.com

Saturday, October 7, 2017

කඩවර දෙවියන්

කඩවර දෙවියන් ගැන බොහෝ ජනප්‍රවාද මෙන්ම කතා ඇත.
මැණික් කඩවර, කළු කඩවර, ලේ කඩවර ලෙස කඩවර දෙවිවරුද සත් කට්ටුවක් වෙති.

මූලිකව කඩවර දෙවියන් කතරගම දේවාලයේ දොරටුපාලක ධූරය උසුලයි. එනිසා කතරගම වන්දනාවේ යන අය, මුලින් කිරි වෙහෙරට ගොස් වන්දනාමාන කර, ඉන්පසුව පැමිණිය යුත්තේ කඩවර දේවාලයටය. එතැන වන්දනාමාන කර අවසන් වූ පසුවයි අනිකුත් දේවාල වලට යා යුත්තේ.

සීලවන්ත - ගුණවන්ත අයට උදව් කරන, ආශිර්වාදය ලබාදෙන, සතුරන් පරාජයට උදව් කරන දෙවි කෙනෙකි. මහා සේනාවකින් යුක්තය. එම සේනාවේ දෙවිවරු මෙන්ම යක්ෂ - ප්‍රේත - භූත - බහිරව යනාදි අමනුෂ්‍ය ආත්මද බොහෝ වෙති.

නිසි ලෙස පින්කම් කර දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය..

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Tuesday, October 3, 2017

_ සෙනසුරු අපලයට කපුටු දානය දීමේ නිවැරදි ක්‍රමය _



● සෙනසුරාදා  දිනයක උදේ පාන්දර අවදි වන්න.

● පළමුව දෙය නම් තමන් කායික මෙන්ම මානසික සංවරයක් ඇති කර ගැනීමයි.  අවදිව මුහුණ කට සෝදා - නා පියා, පිරිසුදු ඇඳුමක් ඇඳ තෙල් මල් පහන්  පුදා බුදුන් වැඳ තෙරුවන් සරණ ගොස් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
* උදේ අවදි වූ අවස්ථාවේ සිටම ඔබ සිටිය යුත්තේ හිස් බඩ මෙන්ම කතා බහෙන් තොරවය.

● ඉන්පසු  නොඉඳුල් කැකුළු හාල් හුණ්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසුදු කර අලුත් නැවුම් මුට්ටියක බහා ලිප තබා තැම්බෙන්නට හරින්න.
අලුත් පොල් ගෙඩියක් ගෙන තමාම ගාගන්න.
 ගාගත් පොල් ටික මිරිකා බතට  කිරි  සහ ගිතෙල් මිශ්‍ර කර කිරි බත සාදා ගන්න.
● ඉන්පසුව කිරිබත් ගුළි 9 ක් සූදානම් කරන්න.

● තමා පදිංචි නිවසේ බස්නාහිර පැත්තට වන්නට  තරමක් උස් තැනක   සෙනසුරාදා දින 7ක් නොකඩවා උදේ 6 ට පමණ කපුටු දානය තබන්න. ඉන් පසු  කපුටන්ට අඬ ගසා දානය දී ඒ දෙස බලා සතුටු වන්න.

● සෙනසුරාදා දින සවස  තෙරුවන් උදෙසා තෙල්, මල්, හඳුන්කූරු, දැහැත්, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කර,  තිසරණ සහිත  පංචශීලය සමාදන් වන්න.

● අට විසි පිරිත, ජය පිරිත, රතන සූත්‍රය,  සබ්බ පාපස්ස අකරණං යන ගාථාවද ඇතුළුව සෙත් පිරිත් කියා සවස මල් පූජා කර එයින් ලැබෙන  පින් විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, සෙනසුරු ඇතුළු ග්‍රහ මණ්ඩලයට ඉෂ්ට දේවතාවන්  ඇතුළු සියලු දේව  මණ්ඩලවලට පිං අනුමෝදන් කරන්න.

● බෝධි පූජාවට ප්‍රථමව පැන් කළයක් ගෙන සබ්බ පාපස්ස අකරණං යන ගාථාව 108 වරක් මතුරා බෝධිය නාවා මෛත්‍රී වඩන්න.
 කරණීයමෙත්ත  සූත්‍රය කියන්න.

● සෙනසුරාදා දින 7ක් වත් පිළිවෙත් කර 7 වන සෙනසුරාදා දින කපුටු දානය දී සවස  බෝධි පූජාවක් පවත්වා, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්ටද, නව ග්‍රහ මණ්ඩලයටද තමන්ට සිටින ඉෂ්ඨ දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න.

@Iru astrology

077 2238041
irusewaya@gmail.com

Monday, October 2, 2017

සතියේ ලග්න පලාපලය (ඔක් 02-07)

සඳු ග්‍රහයා මේ සතිය තුල,  කුම්භ - මීන - මේෂ යන රාශි  වල ගෝචර වේ.
පොදු පලාපලයක් පමණි !

-
● මේෂ
ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර දියුණුවට උවමනා කරන වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කර ගැනීමට අවස්ථාවන් උදා වනු ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබීමේ මාර්ග ලැබෙන්නට වාසනාව පවති. රැකියා කරන අයට, නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවන් උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල සිතට සහනදායි කාලයක් උදා වනු ඇත. පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කරගත හැක.
සතුරු කරදර ජය ගන්නට හැකියාව   ඇත.

-

● වෘෂභ
ආදායම් මාර්ගයන් දියුණු කර ගැනීමට කල උත්සාහයන් සාර්ථක වනු ඇත. නිෂ්පාදන ක්ෂෙත්‍ර වල ව්‍යාපාර කරන අයට සුබයි. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුභ ඵල ලැබෙන කාලයකි. මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් නොවුනොත් අවාසි සහගත සතියක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදුවිය හැක. කාර්මික ක්ෂෙත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
විදෙස් ගත වීමට කටයුතු කරන අයට ප්‍රමාද වීම් විය හැක.
සහෝදර සහෝදරියන් සම්බන්ධව කටයුතු කිරීමටත්, ඔවුන් සසමග කටයුතු කිරීමටත් අවස්ථාවන් උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.

-


● මිථුන
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට වාසනාව පවති. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලැබීමටද වාසනාව පවති. මුදල් ඵලදායි දේට යොදවා ගැනීමට හැකියාවන් ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී මධ්‍යම ප්‍රතිඵල වලට මුහුණ දීමට හැකි විය හැක. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
නිවසේ සිටිමට ඇති කාලය අඩු විය හැක.
පින් කටයුතු වලට සිත යොමු වනු ඇත.
මුත්‍රාශය සම්බන්ධ රෝග පීඩා ඇති විය හැක.

-

● කටක
ආර්ථිකය ස්ථාවරව ගොඩ නගා ගැනීමට අවස්ථාවන් උදා විය හැක. ඉඩම් මිලදී ගැනීම්, මුදල් සම්බන්ධ ප්‍රශ්න කරුණු කාරණා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
රැකියා කටයුතු වලදීද තමන්ගේ රාජකාරියෙදි වෙනදාට වඩා ප්‍රධානින් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමටද ඉඩ ඇත. රැකියා ස්ථානයේ වෙනදාට ලැබෙන සහයෝගය පවා නොලැබෙන්නට ඉඩ පවති.
පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටළුකාරි තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි. ඒවායින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට කල්පනාවෙන් වැඩ කටයුතු කල යුතුය.

-

● සිංහ
නව ආදායම් මාර්ග වලට උත්සාහ දරන අයට ඒ සදහා ඉඩකඩ සැලසිය හැක. මුදල් නාස්තිය සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවන් උදා වෙයි. තමන්ට කිරිමට අපහසු රාජකාරි පවා කිරිමට සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදිමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජිවිතයේ අන් අය සමග පැවති සබදකම් දුරස් වීමට ඉඩ ඇත.
සුළු සුළු අනතුරු බාධා ඇති විමටද ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

-

● කන්‍යා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුනද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න - ගැටළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වලින් තමන්ට ගැටළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසදා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.

-

● තුලා
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදුවිය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියරවක් ගැනීමට සිදුවිය හැක. ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට ඒ සදහා අවස්ථාවන් සලසා ගැනීමට හැකිවනු ඇත.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. තමන්ට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා කර ගැනීමට වාසනාව පවති.
විදේශ රැකියාවකට යොමු වීමට උත්සාහ දරන්නේ නම් සාර්ථක වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල ඉවසීම අඩු වුවොත්, ඉක්මණ් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩක් පවති. තරුණ අයට ගැලපෙන මංගල යෝජනා උදා විය හැක.
-

● වෘශ්චික
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. දේපල ලාභ, ව්‍යාපාර ලාභද, ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇත. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබදතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
යම් කලකිරිම් අැති විය හැක.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමේ වාසනාව ඇත. වෙනදාට වඩා කලබලකාරි ගති පැවතුම් ඇති වීමටද ඉඩක් ඇත. තරමක් දුරට මූල්‍යමය ප්‍රශ්න පැන නගින්නට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී යහපත් ඵල ලැබීම අඩු විමට ඉඩ ඇත. රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජිවිතයට පැවති බාධාකාරි තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතුවිය හැක. බුද්ධිමත් වන්න.
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.

-

● මකර
ආදායම් තත්වය යහපත් කර ගැනිමට වාසනාව පවති. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවන් උදා වනු ඇත. ඉඩකඩම් වලට පැවති බාධාකාරි තත්වයන් මග හරවා ගත හැකි වෙන සේ කටයුතු කරන්න.
රැකියා කටයුතු වලදි ඇති වන බාධා තත්වයන් වලදී ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
සිතට තරමක් අසහනකාරි තත්වයන් ඉස්මතු විය හැක. අරමුණු කරා යෑමේදි බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.

-

● කුම්භ
ආර්ථික වශයෙන් යහපත් ඵල ලැබීමට ගනු ලබන පියවර වලින් යහපත් පල ලැබෙනු ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව ලැබෙන්නට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබුනු බාධාවන් ඉවත් වී යනු ඇත. තරග විභාග, උසස් වීම්, ඉගෙනීම් යනාදියට අවස්ථාවන් උදා විය හැක.
පෙම් සබදතා වැඩි දියුණු විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත.
දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරි විය යුතුය.

-

● මීන
ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා වාසනාව පවති. පොලව සම්බන්ධ ව්‍යාපාර - මැණික් වැනි, ඒ සදහා යහපත් ඵල ලැබීමේ වාසනාව පවති.
රැකියා කටයුතු වලදි වෙනදාටත් වඩා කාර්යබහුල විය හැක. රැකියා සොයන අයට අවස්ථාවන් උදා විය හැක. දුර පලාත් වල රැකියා සොයන අයට ඒ සදහා වැඩි ඉඩක් පවති.
තරුණ අයට විවාහ කටයුතු වලට ඇති උද්යෝගය ඇති වේ. මංගල යෝග මේ කාලයේ උදා වේ.

-

Face book ඉරු සේවය

077 2238041
irusewaya@gmail.com