Tuesday, May 26, 2015

විවාහය සිදුවන කාලය ඔබ දන්නවාද ???

යොවුන් විය පසුකොට තරුණ වියට එළඹෙන තරුණ/තරුණියන් සියලුම දෙනාගේ ජිවිතයේ එක්තරා වැදගත් සිද්ධියක් තමයි මෙම විවාහය කියන්නෙ. මෙම විවාහයට බලපාන ග්‍රහමය සාධක මොනවාද කියල පාඨක ඔබ දැනුවත් කරන්නයි මේ සූදානම.
සමහර අයට මේක ජිවිතයේ ඉතුරු වෙන ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙනව. ප්‍රේම සබදතා වලින් ඈත්වුන තමන්ගේ දුවා දරුවන් ගැන දෙමාපියන්ට එහෙම නැත්නම්, තමාගේ අයියට අක්කට, මල්ලිට නංගිට, විවාහයක් සම්බන්ධව හොයල බලනකොට ඒ අයගේ පවුලේ අයටත් හිතාගන්න බැරි කරදරයක් සමහර වෙලාවට..
ඒ කොයික කරත්, මං කියවපු පොතක දැක්කා, විවාහයයි මරණයයි සිද්ධ වෙන්නේ තමන්ගේ දෛවය අනුවමයි කියල. සමහර සිද්ධීන් ගැන පූර්ව අපර සන්ධි ගලපා බලනකොට මේ කියමනේ ඇත්තක් නැති වෙන්නත් විදියක් නැහැ නේද...
ඒ කිව්වට ඔයාල හිතන්න එපා කසාඳ බඳින එකත් මැරෙනව වගේ වැඩක් කියල... ඒ කතාව අපි පැත්තක තියමුකෝ.

විවාහ වෙන්න නම් යෝග තියෙන්න ඕන... ඒ කිව්වම සමහර අයගෙ යෝග තියෙනවනේ, ඔය අවිවාහක යෝග, වැන්දඹු යෝග, බ්‍රහ්මචාරි යෝග, පැවිදි යෝග, අධිකාම යෝග, නපුංසක යෝග වගේ යෝග වර්ග. මෙන්න මේ වගේ යෝග අතුරින් සුභ මංගල යෝග තියෙන්න ඕන.
පොඩ්ඩක් මාතෘකාවෙන් පිට යන්න වගේ ආවා. ආයෙත් ඔන්න මාතෘකාවට එන්නම්.

යම්කිසි ගෑණු ළමයෙක්ගෙ හරි පිරිමි ළමයෙක්ගෙ හරි විවාහය සිද්ධ වෙන්නෙ කොයි කාලෙද...
මේක ජ්‍යොතිෂ්‍යෙයන් හොයාගන්නෙ කොහොමද කියල මම ඔයාලට කියල දෙන්නම්.

* විශේෂයෙන් විවාහය කිව්වම අපිට මතක් වෙන්නේ, 7 වැන්න.

අපගේ ඉරු සේවයේ, @Iru Astrology , Youtube(https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA) වීඩියෝ නාලිකාව ඔබ නරඹලා තිබ්බ නම් මෙ ්සම්බන්ධව ඔබට ලොකු දැනුමක් ඔයාලට ගන්න පුලුවන්.

● යම්කිසි කෙනෙක්ගේ කේන්දරයේ ලග්නාධිපතියගේ මහ දසාව ගත වෙනකොට විවාහය සිදුවීමට තියෙන ඉඩකඩ වැඩියි.
ඒකට තව උදව්වක් කරනවා, විවාහ ස්ථානාධිපතියා.
යම්කිසි කෙනෙකුගේ විවාහ ස්ථානාධිපතියගේ මහ දසාව ගත වීමත් විවාහය සිදුවෙන්නට තියෙන කාලය ආවා කියන දේට යම්කිසි ඉඟියක්.
* ඒවගේම තමයි ලග්නාධිපතියගේ මහ දසාවේ, විවාහ ස්ථානාධිපතියගෙ අතුරු දසාව ආවමත්, යම්කිසි කෙනෙකුට මංගල යෝග උදා වෙනවා.

● යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ, සිකුරු ඉන්න රාශියට ගුරු පැමිණිය හොත් ඒ කාලයෙදි මංගල යෝග උදා වෙනව.
 * එහෙම නැත්නම්, ගුරු ඉන්න රාශියට සිකුරු පැමිණියොත් මංගල යෝග උදා වෙනව.
* ඒවගේම තමයි, යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ උච්ච රාශිගතව ඉන්න බුධ ඒවගේම සිකුරු ඒ හරහා විවාහ ස්ථානාධිපතියා ගමන් කිරීමෙන්ද මංගල යෝග උදා වෙනවා.

● ඒවගේම සිකුරු මහ දසාව තුල, බුධ මහ දසාව තුල පොදුවේ මංගල යෝග උදා වෙනවා.

● ඒවගේම සදුගේ මහ දසාවේ, සදු අන්තර් දශාව, සදු මහ දසාවේ ගුරු අන්තර් දශාව, බුධ අන්තර් දශාව, සිකුරු අන්තර් දශාව ආදියෙදි ප්‍රබල මංගල යෝග ක්‍රියාත්මක වෙනවා.

● ඒවගේම තමයි කුජගේ මහ දසාවේ සිකුරු අන්තර් දශාවෙදි මංගල යෝග ක්‍රියාත්මක වෙනවා වගේම, සාමාන්‍යයෙන් මංගල යෝග ක්‍රියාත්මක නොවෙන්නේ,
* අපේ අත්දැකීම් අනුව රවි මහ දසාවෙදි තමයි.
නමුත් රවි මහ දසාව ලබල හිටං, සිකුරු අන්තර් දශාව ලැබුවොත් සමහර වෙලාවට උසස් පවුලක ප්‍රභූවරයෙක්ගෙ පුත්‍ර රත්නයක් හෝ දුහීතෘවක් කරකාර බඳින්ට ලැබෙනවා.

● මේ දවස් වල ගුරු - සිකුරු යෝගයක් ගැන මුහුණු පොතේ ලගදි දානවා.
* ඔන්න මේ කාලයෙදි කටක ලග්න සහ මකර ලග්න අයටයි ප්‍රබල මංගල යෝග තත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ.

٠ මම මෙච්චර වෙලා මුහුණු පොතේ අපේ පාඨකයන්ට මේ ගැන මෙච්චර වෙලාවක් කිව්වට විවාහ වෙන කාලයම නෙමෙයි. ප්‍රේම සම්බන්ධතා ඇතිවෙන්නෙත් මෙහෙමයි.
මේ වගේ කාල වකවානු වලදී දෙදෙනා තේරුම් ගැනිමේ අවශ්‍යතාවය තියෙනව.
ඒකට දෙදෙනාට අන්නෝන්‍ය වශයෙන් ආදරය කරන්න ඕන හිටං.
ඒනිසා ශක්තිමත් විවාහයකට මගේ මතය නම් ආදරය දෙදෙනාගේ අදහස් උදහස් තේරුම් ගැනීම ගොඩක්ම උවමනයි.
ඒ ගැන ජ්‍යොතිෂ්‍යය කරන අපට ඔයාලට කියල දෙන්න වගකීමක් තියෙනව. ඉතින් ප්‍රේම සබදතාවයකුත් හැදෙන්නෙ ඉහත යෝග සමග තමයි.

* ඉදිරියේදි, කසාඳ කැඩෙන්නේ ඇයි ? ප්‍රේම සබදතා කැඩෙන්නේ ඇයි ? ඒ ගැන අපි ඉදිරි දින කීපය තුල මුහුණු පොතට ඇවිදිල්ල හිටං ඔයාලට ඉදිරිපත් කරන්නෙ අති සුවිශේෂ සටහනක්. ඒකත් බලල හිටං දැනුමක් ගන්න.
අනිත් අයට ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. නොදන්න දේවල් අහගන්න.

ඔයාල සියලු දෙනාට රත්නත්‍රයේම පිහිටයි !

No comments:

Post a Comment