Monday, May 25, 2015

සතියේ ලග්න පලාපලය - මැයි 25 සිට

● මේෂ
ඔබට සමඵලයි.
මේෂ ලග්නයෙන් උපන් ඔයාට මේ සතිය ශුභාශුභ 2ම සමඵල විදියට තමයි ලැබෙන්නෙ. සතිය මුලදී ආදායම් මාර්ග දියුණු වෙනව. දුන්නු ණය අය වෙනව. ඒවගේම හදිසි ධනලාභ ආදියත් ඇතිවෙනව. සතියේ පලවෙනි දවස් 2ට පස්සෙ යම්කිසි සතුරු කරදරයක් නිසා ආදායම් තත්වය බිඳ වැටෙන්න පුලුවනි. ඒ කාලෙදි පරිස්සම් වන්න. සතිය අග වෙනකොට මේ තත්වය නැති වෙනව. ආයෙත් හවුලේ කරන වැඩ වලට හොදයි.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගතවීමට තියෙන වාසනාව වැඩියි. දරුවන් සමග වැඩිපුර කාලය ගත කිරීමටත් ඔවුන්ගේ දක්ෂකම නිසා සිත ප්‍රීතියට පත්වීමටත් පුලුවන්. සතිය අගදී ඔයාට මංගල යෝග උදා වෙනව.
මේ සතියේදී නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි. සමහරවිට බඩේ කැක්කුම් ආදිය ඇතිවන්ට පුලුවන්.

● වෘෂභ
ඔබට මේ සතිය ශුභයි.
වෘෂභයෙන් උපන් ඔයාගෙ වාසනාවන්ත සතියක් කියල කියන්න පුලුවන්. මෙම සතියෙදි ආර්ථික තත්වය දියුණු කරගන්න ඔයාට වාසනාව ලැබෙන්නෙ නිතැතින්මයි. ඒනිසා උනන්දුවෙන් වැඩ කරන්න ඔය වෙළද ව්‍යාපාර කටයුතු කරන අය, තව ටිකක් මහන්සි උනෝතින් තමන්ගේ ඒ කටයුතු දියුණු තියුණු කරගන්න පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනව. උරුමහරුමකම් ලැබිමේ වාසනාව තියෙනවා. සමහරවිට අලුත් ගෙවල් දොරවල් ලැබෙන්න පුලුවන්. ඒවගේම ගෙදරට ඕන කරන බඩුමුට්ටු ගන්න පුලුවන්. දරුවන් සමග විනෝදයෙන් ගත කරන්න පුලුවන්.
ඔයා මේ සතියෙදි පපුවේ සෙම තියෙනව නම් පරිස්සම් වෙන්න ඕන, ඒකෙන් පොඩි පීඩාවක් ඇතිවෙන්න පුලුවන්.

● මිථුන
ඉතාම හොඳ සතියකි.
මිථුනනේ උපන් ඔයාගේ වර්තමාන ග්‍රහ තත්වයත් එක්ක බලනකොට මේ සතියෙදි ගොඩාක් දේවල් කරගන්න පුලුවන් කියන එකයි මගේ විශ්වාසය. චන්ද්‍රයා 3, 4, 5 හැසිරෙන මේ සතියෙදි පිට පලාත් වල රැකියා කරන අයටත්, වෙළදාම් කරන ඔයාටත් ගොඩාක් වාසිදායකයි. ඒවගේම පිටරට ඉන්න ඔයාගෙ පඩි නඩි වැඩි වෙන්න පුලුවන්. ඒවගේම ඔයා ජනප්‍රිය වෙනවා.
ගෙදර දොරේ ජිවිතය ගැන, සතුටුයි කියන්න ඇයි දන්නවද ? නෑදෑයෝ එනවා. ඒකට නම් ඉතින් වියදමක් යනවා. ඒ උනාට සිත සතුටින් පිරෙනවා. සතිය අගදී දුර පලාත් වල විනෝද වීමට යන්න පුලුවන්. සිත සතුටින්ම පිරෙන කාලයක්. ඔයා බැඳල නැත්නම්, කසාද බඳින්න මංගල යෝග උදා වෙනව. යාළු වෙලා ඉන්න ගෑණු ළමයගේ/පිරිමි ළමයගේ පැත්තේ අය ඔයාට කැමති වෙන්න ඉඩ තියෙනවා.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. ඔය නිදන්ගත රෝග තියෙන අය පරිස්සම් උනොත් ඇති. සෙම් අමාරු හැදෙන්න පුලුවන් ප්‍රවේසම් වන්න.

● කටක
මේ සතිය ඉතාම හොදයි.
කටක ලග්නයේ ඔයාගේ ගජකේශරී යෝගයත් එක්ක උදා වෙන මෙම සතිය ගොඩාක්ම වාසනාවන්තයි. තමන්ගේ පෙර පිනට වගේ ආදායම් මාර්ග වලට අවතීර්ණ වෙනව. සමාජයට වැඩක් කරන ඔයා මේ සතියෙදි දියුණු වෙනව. ඒවගේම දෙයක් කියන්ට ඕනෑ, මේ සතිය පැවිදි උතුමන්ට ගොඩාක්ම හොදයි. ඒක ජාති භේදයක් ආගම් භේදයක් නෑ. පැවිදි වෙලා ඉන්න සියලුම දෙනාට හොදයි. ආර්ථික තත්වය නම් දියුණු වෙනව.
ගෙදර දොරේ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනව. නිවසේ වැඩි කාලයක් රැඳි ඉන්ට වාසනාව ලැබෙනව. දුවාදරුවන් සමගත්, අසල්වැසියන් සමගත් බොහෝම මිත්‍රශීලිව ඉන්න කාලයක් කියන්න පුලුවනි. කටක ලග්නයට මේ කාලය හොදයි.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළුවක් නැහැ. සමහරවිට තුන්දොස් කිපීමෙන් ඇතිවෙන රෝගාබාධ පොඩ්ඩක් කරදර කරන්න පුලුවන්, වැඩිය ගණන් ගන්න දේකුත් නෙමයෙි ඒක.

● සිංහ
වරදක් නැති සතියක්.
ග්‍රහචාරයේ වරදක් නැති සතියකි. ආර්ථික තත්වය සතියේ මුල් දවස් 2දී පොඩි ගැටළුකාරි තත්වයක තිබුනත්, සතිය මැදදී මේ තත්ව ඉවත් වෙනව. ඊට පසුව තමන් දියුණු වෙනවා කියන්ට පුලුවන්. වෙළද ව්‍යාපාර වල නියුතු අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් මේ කාලයෙදි දියුණුව ඇතිවෙනව.
ගෘහ ජිවිතයේ ලොකු වරදක් නැහැ. කසාද බැඳලා ඉන්න ඔයාගෙ, දෙදෙනා අතර තියෙන සමගියට හොඳ අවස්ථාවක් ලැබෙනව. ඒවගේම තමයි, දෙදෙනා අතර කායික සතුට ගොඩක් බලාපොරොත්තු වෙන සතියක්. අවිවාහක ඔයාගෙ මංගල සිහිනය සැබෑ වෙනව. සමහරවිට ඒ දුර පලාතකින් වෙන්නත් පුලුවන්.
සෞඛ්‍ය තත්වය, දණිස් අමාරු, කකුල් කැක්කුම් ආදිය තියෙනව නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වීම හොදයි.

● කන්‍යා
සමඵලයි.
සතිය මුලදී ආර්ථික තත්වයේ දියුණුවක් තිබුනත්, පස්සේ ඒවා වෙනස් වෙන්න පුලුවන්. ඒකියන්නෙ සතිය මැදදී මුදල් හදල් අඩු වෙලා, වියදම වැඩි වෙන්න පුලුවන්. කල්පනාවෙන් ඉන්න.
ගෘහ ජිවිතයෙදි සතුට සමාදානය ඇතිවෙනව. ඒවගේම තමයි, ගෙදරට නෑදෑයෝ එහෙම එන නිසා, ප්‍රීතියෙන් පිරෙනවා. අලුත් ඥාති මිත්‍රකම්, හිතවත්කම් ඇතිවෙන සතියක් තමයි මේ සතිය ඔයාට.
සෞඛ්‍ය තත්වය, හිත කලබල වීම, මානසික ආතතිය ආතතියයි. ඒවගේම නිදන්ගත රෝග තියෙන ඔයා පරිස්සම් වෙන්න.

● තුලා
සමඵල සතියකි.
මේ සතියෙදි ආර්ථිකය දියුණු වෙනව. ඔයාට හොද සතියක්. විශේෂයෙන් වෙලහෙලදාම් වල නියුතු ඔයාගෙ ව්‍යාපාර දියුනු වෙනව. ඒවගේම රාජකාරි කරන ඔයාගෙ නිලතල ලැබෙන්ට වාසනාව තියෙනව. විදේශ රැකියා කරන ඔයාටත් බොහෝම හොදයි. සතිය අගදී මුදල් නාස්තියක් හෝ ඔයාගෙ වටිනා දෙයක් නැතිවෙන්ට පුලුවන්. කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය ගොඩක් හොදයි. ප්‍රිතියෙන් ඉන්නවා වගේම, ගෙදර දොරට අලුත් බඩුවක් මුට්ටුවක් ගැනීමට හිත දෙනව. මුදල් ගැවසෙන නිසා ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය ගැටළු නම්, සෙම් රෝග, උගුරේ සෙම් ගෙඩි ආදිය ඇතිවීමට හේතුයි. පරිස්සම් වෙන්න ඕන.

● වෘශ්චික
ඔයාගෙ ග්‍රහචාරය ගොඩක් හොදයි.
දැන් තියෙන ග්‍රහ තත්වෙත් එක්ක බලනකොට කිසිම අඩුපාඩුවක් වෙන්න නම්, දැනට හේතුවක් නැහැ. ඒවගේම තමයි ගොඩක් දුරට ආදායම් තත්වය දියුණු වෙනව. රැකි රක්ෂා කරන ඔයාගෙ වෙළද ව්‍යාපාර කටයුතු වල ඔයාගෙත් දියුණුව ඇතිවෙනව. ඒවගේම මේ සතියෙදි අලුත් වැඩකටයුතු වලට අතගැසීමට පුලුවන්.
ගෘහ ජිවිතයත් හොදයි. කරන කියන කටයුතු, සාර්ථක වෙනව. අලුත් නෑදෑ හිතවත්කම් ඇතිවෙනව. ඒවගේම ඔයාගෙ හිත පිනට දහමට යොමුවෙන්න පුලුවන්.
පාද වල ආබාධ, හිසේ කැක්කුම රෝග විදියට දකින්න පුලුවන්. ආරක්ෂා වෙන්න.

● ධනු
ඔයාට මේ සතිය හොඳ සතියක්.
පෙර පිනට වගේ ආර්ථික තත්වය දියුණු වෙනව. කරන කියන දේවල් වලට, වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒවගේම උරුමහරුමකම් ලැබෙනවා වගේම තමන්ගෙ බැඳල ඉන්න කෙනාගෙන් යම්කිසි දේවල් තමන්ට ලැබෙන්න පුලුවන්. ඉඩම් කඩම් මිල මුදල් වගේ දේවල්.
ගෙදර දොරේ ජිවිතය හොදයි. පිට පලාත් වල සංචාරය කරන්න මේ සතියෙදි අවස්ථාව ලැබෙනවා. පින්වන්ත සිතිවිලි වලින් සිත පිරෙනවා. ධනු ලග්නයේ ඔයාට සමහර වෙලාවට දැන්ම හිතෙන්න පුලුවන්, මිහින්තලේ වන්දනාවෙ යන්නත් ඕන කියල.
සෞඛ්‍ය තත්වයේ ලොකු ගැටළු නැහැ.

● මකර
ශුභාශුභ මිශ්‍රයි.
සතියේ මුලදී පටන් ගත්ත වැඩ කටයුත්ත, සතිය මැදදී බකල් වෙන්න පුලුවන්. ඒවගේම තමයි සතිය මැදදී ආර්ථික වශයෙන් ලොකු පොල්ලක් වැටෙන්න පුලුවන්. ණය තුරුස්, ණය ගන්නෙත්, දෙන්නෙත් පරිස්සමෙන්. ඒ 2න්ම ඔයාට කරදර වෙන්ට පුලුවන්. මේ තත්වය හරියන්නේ සතිය අගදී තමයි.
ගෙදර දොරේ ජිවිතය නරකම නැහැ. නමුත් සතිය මැදදී දෙන්නා අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුලුවන්. සතිය මැදදී වැඩක් තියෙනව නම් ගෙදරින් පිටවෙලා හිටියට කමක් නැහැ. නමුත් බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස් වෙනකොට මේ තත්වය හරියනවා. නැවත යථා තත්වෙට ජිවිතේ පත් වෙනව.
සෞඛ්‍ය තත්වයේ විශේෂයෙන්ම සෙම් අමාරු සහ නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න, වැඩි වෙන්න පුලුවන්. මකර ලග්න කුඩා දරුවන් මේ දවස් වල වහින වැස්සෙන් සහ වතුරෙන් පරිස්සම් කරගන්න.

● කුම්භ
ඔයාට සමඵලයි.
මේ සතිය ලොකු හොදකුත් නැහැ, ලොකුම නරකකුත් නැහැ. හිතාගන්න බැහැ ග්‍රහචාරය යන්නෙ කොහොමද කියල ඇත්තටම. ව්‍යාපාර කටයුතු සතිය මුලදී මන්දගාමිව ගිහින්, ආයෙ බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට පොඩ්ඩක් කරදරයි. ව්‍යාපාර වලට පාඩු වෙන්න පුලුවන්. ඔයා මේ සතියෙදි බුද්ධියෙන් වැඩ කරන්න. මෝඩ වෙලා වැඩ කලොත්, මම ඔය කියපු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය දරුවන්ට අසනීප හැදෙන්න පුලුවන්. ඔයාටත් එච්චර සෞඛ්‍ය හරි නැති නිසා පොඩ්ඩක් ප්‍රශ්න තියෙනව.
සෞඛ්‍ය තත්වෙය් ගැටළු නම්, බඩේ අමාරු, මානසික ආතතිය, කණගාටුව ආදිය තමයි. ඒ ගැන කල්පනාවෙන් ඉන්න.

● මීන
මේ සතිය සමඵල සතියක්.
සතිය මුලදී ටිකක් හොඳයි. ආයෙත් කරදරයි. මකර ලග්නයේ කිව්ව පලාපලයට ආසන්න පලාපලයක් තමයි මීනෙට කියන්න තියෙන්නෙ. ණයතුරුස් ගන්නෙත්, දෙන්නෙත් පරිස්සම්සහගතව වෙන්න ඕන. සතිය අගදි මේ තත්ව නැති වෙලා යන නිසා කලබල වෙන්ටත් ඕන නැහැ.
ගෙදර දොරේ කටයුතු ලේසියෙන් පහසුවෙන් කෙරෙනවා. දරුවන්ට හොදයි. සතිය අගදී සියලුම දෙනා එක්ක සන්තෝසෙන් ඉන්න ලැබෙනවා. ඒ අතර විනෝද ගමන් ඇතිවෙන්ට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, බඩේ අමාරු, කකුල් කැක්කුම් ආදිය ඇතිවෙන්ට පුලුවන්. පරිස්සම් වෙන්න, වෙන නරකක් නැහැ.

No comments:

Post a Comment