Sunday, May 17, 2015

සතියේ ලග්න පලාපලය - මැයි 17 සිට

●   මේෂ
ආර්ථික තත්වය යහපත් වෙයි. රැකියාවේ දියුණුව සහ නව කටයුතු තුලින් ආර්ථික ශක්තියද වර්ධනය කරගැනීමට අවස්ථා සැලසේ. කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබේ.අන් අයගේ උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. පවුලේ අය සමග කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. දුරබැහැර ගමන් යෙදිය හැක.

●   වෘෂභ
ආර්ථිකය සරුවන කාලයකි. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරගත හැකි අතර, කරන්නට සිතාගෙන සිටි වැඩ කරන කාලයකි. ආදායම වැඩි වීම මෙන්ම ඊට සාපෙක්ෂව වියදම්ද වැඩිවිමට ඉඩ ඇත. රැකියාවේ වෙනස්කම් හෝ ස්ථාන මාරු ආදියද දුර ගමන් යෙදිමද සිදුවිය හැක.
ගෘහ ජිවිතය යහපත් වේ. දරුවන් ගැන සතුටු විය හැකි කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.
නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමු වෙන්න.

●   මිථුන
 ආර්ථිකය යහපත් වන කාලයකි. විශේෂයෙන් උපදේශන සේවා, සමාජ සේවක කටයුතු සහ ආරක්ෂක අංශ වල අයට ලැබීම් පෙන්වයි. ව්‍යාපාරික කටයුතු දියුණු වෙයි. මෙතෙක් පැවති බාධා දුරුවේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. මෙතෙක් පැවති විවිධාකාර ගැටළු අවම වෙයි. සති අගදී විශේෂ සතුටු අවස්ථා යෙදේ. මේ සියලු යහපත් දෑ අතර යම් බාධාද පෙන්වන නිසා කරන කටයුතු බුද්ධියෙන් කරන්න.

●   කටක
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදිය. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි කටයුතු සාර්ථක කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාවේ දියුණුව මෙන්ම රැකියාව ප්‍රබෝධයෙන් කිරීමට හැකි කාලයකි. ගැටළු දුරු වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙයි. ඉගෙනීමේ කටයුතු දියුණු වේ. තරඟ, ක්‍රීඩා ආදියෙන්ද ජය අපේක්ෂිත සුබ කාලයකි.

●   සිංහ
ආර්ථිකය අයහපත් නොවුනද ව්‍යාපාරිකයන්ට යම් බාධා ඇතිවිය හැක. විශේෂයෙන් ආනයන අපනයන කටයුතු කරන අයට එසේ විය හැක. උසස් අය හා සම්බන්ධ විය හැකි අතර එවන් අය සමග සහයෝගයෙන් කටයුතු වලට මුල පිරිය හැකි සතියකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි වේ.
දැනට පවතින ගැටළු වලට ක්‍රමිකව විසදුම් ලැබෙනු ඇත. විදේශිය සංචාර වලට හොද කාලයකි.

●   කන්‍යා
ආර්ථික තත්වයේ පැහැදිලි වෙනසක් ඇති නොවේ. සිත චංචල කාලයකි. ඒනිසා කරන කටයුතු වල යම් පසුබෑමක් ඇතිවිය හැක. සමාජ සේවා කටයුතු කරන අයට එම කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේ.
ආගම දහමට සිත යොමුවන කාලයකි. ඒ තුලින් යම් සැනසීමක් අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කරන්නට ඉවසීම වැදගත් වේ.

●   තුලා
ආදායම් අඩු නොවුනද අනවශ්‍ය වියදම් අධික විය හැකි බැවින් බුද්ධියෙන් කටයුතු කල යුතු කාලයකි. වෙනදාට වඩා අලස වීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ තත්වය මගහරවා ගන්න. තමන් කලයුතු කටයුතු වෙනත් අයට කරන්නට කීමෙන් දෝෂදර්ශණයට ලක්විය හැක. තම අරමුණු ගැන මනා විශ්වාසෙයන් කටයුතු කරන්න. බලාපොරොත්තුවෙන් සිටි මුදලක් අතට ලැබිය හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි වුවද ඔබගේ හැසිරිම අනුව ඒ තත්වය වෙනස් විය හැක.

●   වෘශ්චික
ආර්ථිකය අයපහත් නැත. ව්‍යාපාරික කටයුතු වලට සුබයි. කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට සුබයි. රැකියාවේ උසස් වීමක් හෝ බලාපොරොත්තුව සිටි වෙනසක් ලැබීමට ඉඩ ඇත.
වෙනදාට වඩා ආගම දහමට නැඹුරුවන කාලයකි. පිංකම් ආදියට සහභාගි විය හැක. ඒතුලින්ද සැනසීමක් ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි සතුටින් ගත් වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ.

●  ධනු
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි වේ. කටයුතු තමන්ගේ කැපවීමේ උත්සාහයේ තරමට සාර්ථක වෙයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයට හොදයි. උසස් අධ්‍යාපන කටයුතු කරන අයටද එම කටයුතු සාර්ථව කරගෙන යා හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. පෙම් සබදතා ආදියට වැඩිහිටියන්ගේ ආශිර්වාදයන් ලැබෙයි.
සෞඛ්‍ය තත්වයේ සෙම ආශ්‍රිත රෝග ඇති අය පරිස්සම් වන්න.

●   මකර
ආර්ථිකය සාමාන්‍ය පරිදි වේ. එසේ වුවද හදිසි ධනලාභ ලැබිමේ වාසනාව පවති. විශේෂයෙන් ලොතරැයි වාසනා ලැබිමේ ඉඩක් පවති. තම සිතුම් පැතුම් සාර්ථක වන කාලයකි. අන් අයගේ ප්‍රශංසාවට ලක් වෙයි. එයම සිතට සතුටක් වේ. කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබේ.
ජ්‍යොතිෂ්‍යය ආදි කටයුතු වලින්ද යහපත් ප්‍රතිඵල ලැබේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ.

●   කුම්භ
ආර්ථික තත්වය වර්ධනය කරගැනීමට විවිධාකර මාර්ග උදාවන සතියකි. නිවරදිව තීරණ ගතහොත් ඒවා සාර්ථක කරගත හැක. ඉඩකඩම් වාසනා සහ ලාභ පෙන්වයි. කෘෂිකාර්මික කටයුතු කරන අයටද සුබ කාලයකි. වෙනදාට වඩා කටයුතු කරගෙන යාමට හැකි කාලයකි. ව්‍යාපාරිකයන්ට, හවුල් ව්‍යාපාරිකයන්ට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ.

●   මින
ආර්ථික තත්වය වර්ධනය වෙයි. ව්‍යාපාරිකයන්ට සුබයි. නව ආයෝජන අවස්ථා වලට සුබ කාලයකි. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. අධ්‍යාපන කටයුතු වලටද සුබයි. ඒ සම්බන්ධ දියුණුව ඇතිවේ. මිතුරන්ගේ උදව් ලැබෙන කාලයකි. වෙනදාට වඩා දුරබැහැර ගමන් සහ කෙටි ගමන් අධික වනු ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වෙයි.

No comments:

Post a Comment