මුහුදු මණිමේඛලා දේවතාවිය ලෙසද හැඳින්වෙන මණි මේඛලා දේව මෑණියන් මුහුදට විශේෂයෙන් සම්බන්ධකම් ඇති දේවතාවියකි. මුහුදු යන අය එතුමියට වැඳ ආශිර්වාද ගෙන මුහුදු යන සිරිතක්ද තිබේ.
- ඉන්දියානු දේව කතා සාහිත්‍යයේ පමණක් නොවන, ග්‍රීක දේව කතා වලද මණිමේඛලාව නොහොත් හීබෘව ලෙස හැඳින්වීමක් ඇත.
- වන්දනය කිරීමේදී දේව මාතාවගේ කැමැත්ත නම් ඕනෑම වර්ගයක මල් 3ක් ගෙන එහි නටු අනිත් පැත්තට එන ලෙසද, මල් 3 ත්රිකෝණාකාරව එන ලෙසද තබා වන්දනය කිරිමය.
මහානුභාවසම්පන්න - මහේශාක්‍ය - සුපින්වත් දේව මාතාවකි.
පින්කමක් කර අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.
#ඉරු
irusewaya@gmail.com
Wednesday, October 23, 2019
Friday, October 11, 2019
“ උච්ච වීම සහ සබැඳුනු කරුණු “
සරලව ඇහුවොත් මොකක්ද උච්ච වීම කියන්නෙ, ලංකාවෙ හැටියට නම් තරු 5 හෝටලයක ග්‍රහයා ඉන්නවා වගේ. තරු 5 හෝටලයක ඉන්නකොට ගොඩක් සැප පහසුකම් සහිතව ඉන්න පුලුවන්නෙ. අන්න ඒ වගෙයි.
උච්ච වීම ගැන කියද්දි මතකයට එනවා ජ්‍යොතිෂ්‍යයට අනුව ප්‍රධානම රාජ යෝග 5ක් වන, පංච මහා පුරුෂ යෝග. පංච මහා පුරුෂ යෝග යෙදෙන්නේ කුජ, සිකුරු, බුධ, ශනි සහ ගුරු කියන ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්රව 1,4,7,10 තැන් වල හිටියොත් විතරයි.
පාපී ග්‍රහයන් විදියට කිව්වත්, කුජ, ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්ර වීම තුල, රුචක සහ සස කියන පංච මහා පුරුෂ යෝග යෙදෙනවා.
● ඕනෑම ග්රහයෙකු උච්ච උනොත් ඒ කියන්නෙ දියුණුව ලැබෙන්න පුලුවන්. ඒකෙ තේරුම උච්ච නොවී තිබුනොත් හොද නෑ කියන එක නෙමෙයි. නමුත් සරලව උච්ච උනොත් හොදයි. නීච උනත් දියුණු වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඕනම කේන්දරයක රාහු - කේතු ඇර, අනිකුත් ග්‍රහයන් 7 ගෙන් 4ක් උච්ච වෙනව නම් රජ වෙනවා හා සමාන තත්වයක් කියල ජ්‍යොතිෂ්‍යෙය් කියවෙනවා.
● රවි උච්ච උනොත්, මයුරපාල කියන යෝගය යෙදෙනවා. ඒ යෝගය තියෙන අය කිසි කෙනෙකුට ඔළුව නමන්න කැමති නෑ. ඒවගේමයි, ඒ යෝගය 10 තිබුනොත්, ඒකියන්නෙ රැකියාව ගැන කියැවෙන 10 තිබුනොත්, රැකියා ස්ථානයේ උනත් ලෙහෙසියට ඔළුව නමන්න අකමැති ගති තියෙනවා. අසාධාරණයක් නම් කොහොමත් හිස නමන්නෙ නෑ.
● චන්ද්‍ර/ සදු උච්ච වීම කාන්තා පාර්ශවයට ඉතාම හොද දෙයක්. පිරිසිදු - ප්‍රසන්න රූපයක් වගේම කාරුණික හදවතක් තියෙනව කියනවා. සදු උච්ච වෙන්නෙ වෘෂභ රාශියෙ. ඒවගේමයි කාන්තාවන්ට සදු නීච උනොත් ඒක ගැටළුසහගත බව අපි අත්දැකිමෙන් දන්නවා. එහෙම අයගේ සිතිවිලි වල ගැටළුවක් - ස්ථිර නැති ගතියක් නිතර තියෙනවා.
● කුජ වගේ ග්‍රහයෙක් උච්ච උනොත්, තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න දක්ෂයි.
සාමකාමි ගති අඩුයි. ගැටුමට බර වැඩියි. කුජ නීච උනාම ඒකත් නරක නෑ. කුජ උච්ච වෙන එක කාන්තා පාර්ශවයට එච්චර හොද නෑ. කුජ නීච වෙන එක පිරිමි පාර්ශවයට උනත් ලොකු ගැටළුවක් නෑ. වර්තමාන ජනාධිපතිවරයාගේ කුජ නීචයි. එතකෙට ඒකාධිපති වෙන්න තියෙන ඉඩ අඩුයි. හිටපු හමුදාපතිවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ තුලා ලග්නයේ 4 වැන්නේ කුජ උච්චයි.
ඔය වගේ කාරණා බොහෝමයක් තියෙනවා. අපි ඉදිරි ලිපියකින් තව කතා කරමු !
irusewaya@gmail.com
#ඉරු #ඉරුසේවය

Saturday, October 5, 2019
“ නිදුකාණෙනි වඩිනු මැන “
දෙවියන් සහ බ්‍රහ්මයින් විසින්, අප මහා බෝසතාණන්ට බුදු වන්නට කල ආරාධනය පිළිබිඹු කෙරෙන පින්තූරයකි මෙය.
- ලෝකය මෙලෙස පවතින්නේද, පවත්වාගෙන යන්නේද දෙවිවරු විසිනි. කර්මය මූලිකව අදාලව මේ තත්වයන් අදටද සුරැකෙන්නෙ දෙවියන්ගේ ඇල්ම බැල්ම නිසාය.
- මේ ආකාරයටම තව කාලයකට පසුව, මෙත් මහ බෝසතාණන්ටද බුදු වන්නට ඇරයුම් කිරීම දෙව් බඹුන් විසින් සිදු කරනු ලබයි !

Friday, October 4, 2019
“ දිව්‍ය සැප ලැබෙන මුතු කුඩ පූජාව “
මුතු කුඩයක් මිලදී ගෙන පූජා කරනවාට වඩා, තමන් විසින් සාමාන්‍ය කුඩයක් මිලදී ගෙන, හිත පහදවාගෙන, බුද්ධ - ධම්ම - සංඝ ත්‍රිවිධරත්නයට පූජා කිරීම පිණිස සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස, විශේෂයෙන් ධාතු කරඩුව වඩම්ම වීම පිණිස කැපවීමෙන් තමන් විසින්ම අලංකාරවත් කර සඟ සතුකොට පූජා කරන්නේ නම් මහත්ඵල මහානිසංස වෙයි.
- විශේෂයෙන් කිව යුත්තේ, පෙර ආත්ම භව වල කරන ලද අකුසල්, මේ ජිවිතයෙදි අපල දෝෂ ලෙස පැමිණි විට අපද යෝජනා කරන ශාන්ති කර්මයකි මුතු කුඩ පූජාව. අපට පෙර කරන ලද කර්මයන් වෙනස් කල නොහැක. කල යුතු සහ කල හැකි දෙය නම් බුද්ධිමත්ව පින් දහම් කිරීමය.
- එහිදී වඩාත් වැදගත් වන්නේ, සම්බුදු සසුන සහ බුදුන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය විෂයෙහිලා මෙම පූජාව සිහි කිරීමය.
තමන්ම වැඩ දමා අලංකාරවත් කර පූජා කරන්නේ නම් ඉතාම අගනේය !!!
⭕ මුතු කුඩ පූජාවේ මූලික ආනිසංසය නම් දිව්‍ය සැප ලැබීමය !
තවද, පොතපතේ සදහන් පරිදි, මුතු කුඩ පූජාවෙන්,
1. ශීතලෙන් පීඩා නොලැබීම.
2. තම ශරීරයෙහි කුණු නොඇලීම.
3. උපද්‍රව අඩු වීම.
4. හැම කල්හි අන්‍යයන් විසින් ගරැ බුහුමන් ලැබීම.
5. සියුම් වූ සමක් ඇතිවීම.
6. සිත පිරිසිදු වීම.
7. ඌෂ්ණයෙන් පීඩා නොලැබීම.
8. බොහෝ විචිත්‍ර කුඩ ලැබීම.
යනාදි ආනිසංස ලැබේ.
සිත පහදවාගෙන, නුවණින් සිතා නිවන පිණිස හේතු වාසනා වන්නට අධිෂ්ඨාන කර මෙවන් පින්කම් සිදු කරන්න.
එසේ සිදු කර එම සියලු පින්, සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි ! අනුමෝදන් කරන්න.
සම්මා සම්බුදු සරණයි !
#ඉරුසේවය
Saturday, September 28, 2019
2020 ජනාධිපති වන්නේ සජිත්ය - ඉරු අනාවැකි
ඉදිරිය සහ දැන් පවතින තත්වයන් ගැන සියලු කරුණු කාරණා සලකා බැලීමෙන් පසුව, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩියම සුදුසුකම සහ ඊට අදාල පින සපුරා ඇත්තේ “ සජිත් ප්‍රේමදාස “ මහතාය.
- 24 ඉදිරියට කාලයෙදි ඔහුගේ පිනට සම්බන්ධ කාරණා 1 බැගින් සිදුවෙමින් ඔහුට රාජ්‍යත්වය ලැබෙන්නට අවශ්‍ය කටයුතු සිදුවනු ඇත.
● සජිත් ප්‍රේමදාස මහතාගේ පින බලවත් බැවින්, පක්ෂයෙන් ඉවත්ව සිටි පරණ පාක්ෂිකයන් මෙන්ම වෙනත් පක්ෂ වල අයද සපිරිවරාගෙන ඉතා ඉහල ජයක්, වාර්තාගත ජයක් ලැබීමට නියමිතය.
( මෙය කුමනාකාරයේ හදි හූනියම් - ගුරුකමකින්වත් වැලැක්විය නොහැකි බවද අවධාරණය කරමු)
පසුගිය දිනවල බොහෝදෙනා කතා කරනවා ඇසුනේ, සජිත්ට යුඑන්පියෙන් අපේක්ෂකත්වය දෙන්නෙ නෑ කියාය. දැන් එය ලැබී ඇත.
ඒ ආකාරයටම, ඉහල ප්‍රතිශතයකින් ඊලග ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත්වීමට නියමිතය !!!
රටේ ඊලග වසර 10කට පමණ කාලයකට නායකත්වය මෙන්ම ඊට පසුව පවා දේශපාලනේ වැදගත් භූමිකාවක් කරන්නට සජිත් ප්‍රේමදාසයන්ට වාසනාව - පින පවති !
#sajithpremadasa #spg2020
#ඉරුසේවය #ඉරුසැප්2019

Monday, September 16, 2019
Friday, September 6, 2019
බොහෝ අය අහන common ප්රශ්නය ??
අපගෙන් කේන්දර පරික්ෂා කරගන්නා විට සමහර අයගේ විමසන ප්රශ්නය නම්, “ මගේ මේ අපල කාලය කවදාද ඉවර වෙන්නෙ? “
- මෙය ගැඹුරින් සිතිය යුතු කාරණාවකි. කාලය සමග අපල දෝෂ තත්වයන් වල අඩු වීමක් සිදුවන බව ඇත්තය.
- ඔබ අසා තිබෙනවාද මෙය ?
ඉහලම සැප විඳින දිව්‍ය ලෝකයන් වල උපරිම ආයු කාලයට සමාන කාලයක් අපායක 1 දිනයකට සමාන බව ???
- එසේ නම් වයස 80ක් වැනි මනුෂ්‍ය ජිවිතයක් ගත කරන අපි - ඔබ, පෙර අකුසල කර්ම වසර ගණනාවකින් ඉබේ ගෙවේ යයි සිතනවාද තවත් ?
● එනිසා හැකි සෑමවිටම පින්කම් කරන්න. කෑම කා පිගානේ අත සෝදන විටද, මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සත්වයන්ට ආහාරයක් වේවා, මේ පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබෙවායි ප්‍රාර්ථනා කරන්න !
- එසේම අපල අකුසල තත්වයන් වලට නිසි ප්‍රතිකර්ම නිර්දේශ කලොත් ඒවා ඒ ආකාරයටම සිදු කරන්න.
බුදු සරණයි !
#ඉරු #ඉරුසැප්2019
Sunday, September 1, 2019
Monday, August 26, 2019
“ පෙරහන්කඩ පූජාව “
⭕ පෙරහන්කඩ පූජාවේ මූලිකම ආනිසංසය නම් නිරෝගීභාවය ලැබීමයි !
එනම් සෑම ආකාරයටම නිරෝගී භාවයද, ආරක්ෂාවද පෙරහන්කඩ පූජාව තුලින් ලැබෙයි !
තවද, පොතපතේ සදහන් ආකාරයට,
බුදුන් වහන්සේ ප්රමුඛ වූ මහා සංඝයාවහන්සේට පෙරහරන්කඩ පූජා කිරීමේ අනුසසින් කර්මයට අනුරූප වූ අනුසස් 5ක් වේ.
● සෑම දෙනාම ඉක්ම වූ දිව්‍යායුෂය ලැබීම.
●සොර සතුරු බියක් ඇත්තෙක් නොවීම.
● අවි ආයුධයෙන් හිංසාවක් නොවීම.
● වස විෂ ආදියෙන් පීඩාවක් නොවීම.
● පෙරහන්කඩ පිදීමේ අනුහසින් සසර වාසය කළ සැමදා අතුරු මරණයක් නැත්තෙක් වීම.
- පෙරහන්කඩ පූජාවේදී මෙන්ම, ඕනෑම පිනකදී - කුසලයකදී සිත පහදවාගෙන, තමන්ගෙන් යම් දෙයක් වැය වෙනවා, නැති වෙනවා බව තේරුම් ගෙන, එයම මසුරු බව අඩු වීමටත්, නිවන්ගාමී වීමටත් හේතු වන බව අවබෝධයෙන් යුතුව කිරීම මැනවි !
ඒ ආකාරයට සිත පහදවාගත් විට පිනේ ප්‍රමාණයක් නැත. මහත් ඵල මහානිසංස වෙයි !
තවද අනන්ත සංසාරයේ ඕනෑතරම් ඥාතින් අපගෙන් පින් බලාපොරොත්තුවෙන් සිටින නිසා, “ මේ පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් වේවායි “ සිතින් ප්‍රාර්ථනා කරන්න !
#ඉරු #ඉරුඅගෝ2019 #iru #srilanka #dhamma
Subscribe to:
Posts (Atom)