Friday, November 28, 2014

අපගේ යන්ත්‍ර කටයුතු වල මූලිකත්වය දරන උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ සමඟ කරන කතාව

Q 01
 ජෞතිර්වේදි මහතෙකු විසින් නියම කල පසු එම අදාල යන්ත්‍රය ජප කරන එම තැනැත්තාට තිබිය යුතු ගුණාංග මොනවාද ? ඒ ගැන ඔබතුමාගෙ අදහස කුමක්ද ?

Q 02.
අපි දන්නවා නාගර්ජුන යන්ත්‍රය රාහු අපලයට, සෙනසුරු/ශනි අපලයට ශනි මාතුංජය, සෙනසුරුගේ මහ දසාවේ අපල වලට නීල මණ්ඩල යන්ත්‍රය, බුදගේ ග්‍රහ අපල වලට විෂ්ණු මණ්ඩල යන්ත්‍රයන් තිබෙනවා. ඒවගේම බුදුගුණ යන්ත්‍ර තිබෙනව, මහා අභිසම්පිධාන යන්ත්‍රය, රතන යන්ත්‍රය ආදි ලෙස මේ යන්ත්‍ර වලිනුත් සෙතක් ශාන්තියක් ඇතිවෙනව නේද...

* Q 03:-
තියෙන මතයක් තමයි ජල නන්දන පිරිත ගෙදරක කියන එක සුදුසු නෑ කියල, ජල නන්දන යන්ත්‍රය පැලදීම සුදුසුද කියන එක ?
ඔබතුමා පැහැදිලි කරල දෙන්න මේ ගැන... ?

ඉරු ජෝතිෂ්‍යය සේවයේ යන්ත්‍ර කටයුතු වල මූලිකත්වය දරන උක්කුං බණ්ඩා වෙද ගුරුන්නාන්සේ..

Thursday, November 27, 2014

ඔබ නොදන්න දේශපාලන යෝග

දේශපාලනය, දේශපාලකයින්ගේ විවිධාකාර ක්‍රියාකාරකම් ගැන කියවෙන, කතා කරන මෙවැනි කාලයක් නැති තරම්ය.
සෑම මනුෂ්‍යයෙක්ම දේශපාලන සත්වයෙක් බව ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් පවසා ඇත.
එසේ නම්, දේශපාලනයේ හිණි පෙත්තට යෑමට හෝ දේශපාලනයේ යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට නම් පුද්ගලයෙක්ට එම යෝග බලයන් අත්‍යාවශ්‍යය වේ.

●  දේශපාලන බලය දෙන ප්‍රබලම ග්‍රහ තාරකාව ශනි හෙවත් සෙනසුරුය.
* ශනි යනු මහජනතාව නියෝජනය කරන්නාය.
* එසේම පංච පුරුෂ යෝග වලින් 1ක් වන කුජ හෙවත් අඟහරු නිසා ඇතිවන  “රුචක යෝගයද“(හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිණියටද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටද තිබේ),
ශනිට අදාල “සස යෝගයද“(හිටපු ජනාධිපති ප්‍රේමදාසයන්ට තිබුනි) බලවත්ම රාජ යෝග වේ.
එසේම මීට අමතරව, ප්‍රසිද්ධිය අවශ්‍ය වේ.

● ප්‍රසිද්ධිය නැත්නම්, දේශපාලනයේ යම් යම් කඩඉම් පසුකිරීමට නොහැකිය. එම දේශපාලන කටයුතු වලට අවශ්‍ය ජන ප්‍රසාදය, ප්‍රසිද්ධිය ලබාදෙන්නේ “රාහු“ ග්‍රහයාය.
මෙම රාහු ග්‍රහයා ප්‍රසිද්ධිය ලබාදෙන සුවිශේෂි ග්‍රහයෙකි.
● එසේම සිකුරු බලවත් වීමෙන් සියලුම ජනී ජනයා අතර පුද්ගලයා ජනප්‍රිය වේ. එයද අවශ්‍යම කාරණාවකි.

● දේශපාලකයෙකුට අවශ්‍යම වන තවත් කාරණයක් නම් ‘මුඛරි භාවය“යි. මේ මුඛරි භාවය දෙන්නේ බුධ ග්‍රහයාය. බුධ ග්‍රහයා බලවත්ව පිහිටිමෙන් ජනතාව අතරත්, මනාව ජනතාවට කතා කිරීමට එසේම පාර්ලිමේන්තුව තුල, ජන සභා තුල මාධ්‍ය ආයතන වල පවතින විවාද උදාහරණයක් වශයෙන් “රතු ඉර, වාද පිටිය, ජනහඬ, සටන “ වැනි වැඩසටහන් වලදී තමන්ගේ මතය තර්කානුකූලව ඉදිරිපත් කිරීමට මෙය සුවිශේෂි පිහිටිමකි.

●  රවි - බුධ යන ග්‍රහයන් 2ම එකතුම 11 වැන්නේ හෝ 2 වැන්නේ හෝ 1 වැන්නේ පිහිටිම වැනි දෑ දේශපාලකයින්ට ඉතාම යෝග්‍යම යෝග වේ. (රවි - බුධ යෝගයක් 3 වැන්නෙ තිබේ)
මෙවැනි අයත් සමග කතා කරලම දිනන්නට බැරිය.

● එසේම ගුරු/බ්‍රහස්පතී ග්‍රහයාගෙන් පුද්ගලයාගේ පෞරුෂය වර්ධනය වේ. (ගුරු ග්‍රහයා බලවත්වීමෙන් උදාවූ ‘ගුරු හංස ‘ නම් රාජ යෝගය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තිබුනි)
පෞරුෂයට ආභරණයක් ගුරුගෙන් ලැබේ. සියලුම ජනතාව අසවලා හොදයි යනුවෙන් පවසයි.
මේ ආකාරයෙන් බැලු කල විවිධ මෙවන් තවත් ග්‍රහයෝග ඇත.

ඒවාද ඉඩ ලැබෙන ලැබෙන විට ඉදිරිපත් කරමු !

ඔබද ඔබගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දරුවන්ටද මෙම යෝග ඇත්නම් කවදා හෝ දිනක මේ ශ්‍රී ලංකාවේ මෙම පදවි වලට එනම් ජනාධිපති, අගමැති, මැති ඇමති, මන්ත්‍රී ධූර වලට පත්වෙනු ඇත.
සොයා බලන්න.
Next President කොහෙන්ද කියල...

තෙරුවන් සරණයි !

Wednesday, November 26, 2014

බහිරව පූජාව සම්බන්ධව සිතීමට දෙයක් !

බහිරව යන වචනය අපට සිහියට නැගෙන්නේ, අප නිවසක් ඉදි කිරීමට යන අවස්ථාවක හෝ එසේ ‍නොමැති නම්, අප භූමිය සම්බන්ධ යම් කටයුත්තක් කිරීමට යන අවස්ථාවේදීය.

මේ බහිරවයන් වහන්සේලා, මේ භූමිය අරක්ගත් එක්තරා ප්‍රාණ ජීවි කොට්ඨාශයකි. ඔවුන් භූමිය දරාගෙන ඉන්නා බව අනාදිමත් කාලයක සිට පැවත එන විශ්වාසයකි.

අප යම්කිසි කටයුත්තක් කරන අවස්ථාවක, භූමිය සම්බන්ධව, එසේත් නොමැති නම් නිවසක් ඉදිකිරීමේදී එම අවස්ථාවකදි අනිවාර්යෙන්ම අප බහිරව පූජාවන් හා ඊට අදාල වත්පිලිවෙත් සිදුකල යුතුය.

එසේ නොමැති නම්, ඉදිකිරීමේදී හෝ ඉදිකිරීමෙන් අනතුරුව අනේක විධ වූ දුෂ්කරතාවයන් වලට පත්වීමට අපට සිදුවේ. එය අනිවාර්යයි.
අප අත්දැක ඇති විදියට, කිසි වතාවක් නොකර ඉදි කරන ගොඩනැගිලි වල අතරමගදී සේවකයන්ට අනතුරු, කොටස් කඩා වැටීම ආදිය සිදුවන්නේද මෙම දෝෂ තත්වයන් නිසාය.

එසේම එම නිවස්නෙහි පදිංචි වූවාට පසු ආර්ථික, සමාජිය සියලු අංශ වල කඩාවැටිම හා කැපී පෙනෙන පිරිහීම වන්නේද මෙම හේතු නිසාය. එය බහිරව දෝෂ යනුවෙන් හඳුන්වයි.

ගමේ ගොඩ් භාෂාවෙන් හොඳට මිල මුදල් හම්බ කරන ගෙවල් වල අය කියන්නේ, මොනව වෙනවද දන්නෙ නෑ, බහිරවය ගිල්ල වගේ නැති වෙනව කියන්නේ මෙවැනි තත්ව වලටය.

එසේ නම් බහිරව පිලිවෙලත් කල යුතු ආකාරයක් ඇත. එය අප සේවය මගින් ඉෂ්ඨ කරදෙනු ලබයි.

4 කොණ, 8 කොණ ආදිය ආරක්ෂා කිරීමට කුඩා මුට්ටි වලට බහිරව ආරක්ෂණ යන්ත්‍රත්, තව නිදන් වස්තුත් ඊට අදාල නිදන් වස්තුත් එක්කොට එම මුට්ටි 4 කොණ, 8 කොණ වැළලීම සිදු කරනු ලැබේ.

එසේම ප්‍රධාන දොරටුව, ආරක්ෂා කිරීමට මුට්ටි වළලනු ලැබේ.

බහිරව ආරක්ෂණ මංජුසාවල තැන්පත් නිදන් වස්තු හේතුවෙන්, බහිරවයන් වහන්සේලාගේ ඇල්ම බැල්ම දෘෂ්ඨිය එම මංජුසාවලට යොමුවීම නිසා ඔවුන්ගේ පාපී බැල්ම නිවසේ ධන - ධාන්‍ය තත්වයන් වලට යොමු නොවේ. මෙය තමා විශේෂම සාධකය.

එයින් නිවසේ ධන-ධාන්‍ය තත්වය ආරක්ෂා වේ. එසේම මේ තැන්පත් කිරීමෙන් පසු ආරක්ෂාව ලැබෙනවා සේම, උදේ හවස නිවැසියන් තමාගේ ඉඩම පිහිටි නිවස හෝ භූමියට වැඳීමෙන් භූමි ස්පර්ශ මුද්‍රාෙවන් වන්දනා මාන කිරීමෙන් ඔවුන් සතුටු වේ. ආරක්ෂාව නිති සැලසේ.
මෙය අත්දැකීම් ඇති පරම පවිත සත්‍යයකි !

ඔබත් මෙය කියවා තේරුම් අරගෙන, ගැටළුවක් ඇතහොත් අපෙන් විමසන්න.

තෙරුවන් සරණයි !

කේන්දරය අනුව ධනයෝග


ඉරු සේවයේ ජාත්‍යන්තර ජෝතිෂ්‍ය කටයුතු පිළිබද උපදේශක වසන්ත රාජකරුණා මහතා විස්තර කරයි !


කේන්දර සටහනක් ඇසුරින් ධන යෝග ගැන කෙරෙන විග්‍රහයක් !

ධනය සම්බන්ධව ජෝතිෂ්‍යයට අනුව මූළික වෙන ස්ථාන නම් 1, 2, 5, 9, 10 වැන්න සහ 11 වැන්නය.

1 ලග්නාධිපතියා ශුභ ස්ථානයක බලවත් වීම.

9 වැන්නේ ලග්නාධිපතියා බලවත් වීම.

ලග්නාධිපතියා 10 වැන්නේ හෝ 2 වැන්නේ බලවත් වීම.

අභිනවයෙන් විවෘත කරන ලද, ඉරු ජෝතිෂ්‍යය සේවයේ කාර්යාලය සම්බන්ධවයි !


සයිබර් අවකාශයේ ජෝතිෂ්‍යය අංශයෙන් අපටම ආවේණික නවතම මධ්‍යස්ථ මතවාදයකින් ජෝතිෂ්‍යය නැමති මහා සාගරය තුල සාමාන්‍ය ජන විඥානයේ තිබූ මිථ්‍යාවන් එසේම එම ජනී ජනයා තුල තිබූ විවිධ අයහපත් චින්තන බැහැර කොට සාරගර්භවූත් වටිනාවූත් යම්කිසි අමිල වූ ජෝතිෂ්‍යය මතවාද විශේෂයෙන්ම පරාශර, වරහමීර සහ ක්‍රිෂ්ණ මූර්ති යන විශිෂ්ට වූ ඉන්දියානු ජෝතිෂ්‍යය සංකල්පයන් සහ මතවාද ඔස්සේ ජෝතිෂ්‍යෙය් නව නිම් වළලු සයිබර් අවකාශය තුල පුළුල් කිරීමට අප දරන වෙහෙස අතිමහත්ය.

මෙහිදී අප සේවයෙන්, ප්‍රයෝජන ලබා ගන්නා සියලුම සහෘදයන්ට සිතට සැනසිල්ලක් එසේම මනසට සුවයක් ලබාදීමට දරන වෙහෙසත් අතිමහත්ය.

එසේම ඔබතමුන්නාන්සේලාට පැවසිය යුතු තවත් සංවේදීම කාරණාවක් වන්නේ, මෙම ස්ථානය අප ආරම්භ කලේ ඔක්තෝබර් මස 31වන දිනය. අප අපගේ මේ ආයතනයට දිනෙන් දිනම ජෝතිෂ්‍යය සේවය ලබාගැනීම පිණිස යම් ජනතාවක් පැමිණෙමින් සිටී.
ඔවුන්ගේ ඔවුන්ගේ වචන වලින්ම කියනවා නම්, “පිං සිද්ධ වෙනව මහත්තයෝ “ අපට මේ කරපු උදව්වට යනුවෙන් කඳුළු පිරි දෑසින් කියන ලදි.

ඔවුන් අපගේ සේවය ලබාගෙන, ඔවුන්ගේ ශුද්ධ සිතින් අපට ස්තූතිය පිරිනමා යයි.
අපගේත් පූර්ණ අභිලාෂය අන්තර්ජාලයෙන් වේවා, මුද්‍රිත මාධ්‍යයෙන් වේවා, එසේ නැතිනම් කාර්යාලීය මගින් හෝ සියලුම ජනතාවට ජෝතිෂ්‍යයේ සැබෑ තත්වය පැහැදිලි කරදීමටය.

අප මෙම ආයතනය විවෘත කර තබන්නේ, ඉරිදා, සදුදා, අගහරුවාදා යන දින වල පමණි.

එසේම විශේෂ ඉල්ලීම් අප වෙත ලැබුනොත් පෝය දිනයේදී සහ සෙනසුරාදා දිනයන්හීද, රජයේ විශේෂිත නිවාඩු දින වලද මෙම ආයතනය විවෘත කර තැබීම සම්බන්ධව ඉදිරියෙදි සලකා බැලීමට නියමිතයි.
අපගේ ඇති අති කාර්යබහුලතාවය නිසා සමහර වෙලාවල් වලට ආයතනය වසා දැමීමට සිදුවේ. එවැනි අවස්ථා වල අපට සමාවෙන මෙන් සියලුම ජෝතිෂ්‍ය අභිවෘද්ධිකාමි ජනතාවගෙන් ඉල්ලා සිටීමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !

Tuesday, November 25, 2014

ග්‍රහයන් අනුව පුද්ගයෙකුට ලැබෙන රූප ස්වභාවය

අපි හැමදෙනාම සමාජයේ බලන කල විවිධාකාර රූප සොබා වල අය අපිට දක්නට ලැබෙනව.
මේ අතර කෙනෙක් ලස්සනයි, කෙනෙක් අවලස්සනයි, කෙනෙක් විරූපී. තව කෙනෙක් රූපශ්‍රිෙයන් ඉහලයි. උසයි, කොටයි, මහතයි කෙට්ටුයි ආදි විවිධත්ව තියෙනව.

එතකොට කේන්දරයට අනුව තමන්ගේ රූපය පිහිටන්නේ කොහොමද ?

රූපයේ දැක්වෙන්නේ අතිශයින්ම රූමත් යුවතියකගේ හඳහන‍කි.

✿ කෙනෙකුගෙ කේන්දරයේ ලග්නයේ සිකුරු/ශුක්‍ර සිටිම ප්‍රියමනාප සහ රූමත් පෙනුමක් ඇති කරයි.

✿ ගුරු ලග්නයේ සිටියොත් උසට මහතට, ශාන්ත වූ පෙනුමක් සහිතව රූපයක් ඇති කරයි.

✿ බුධ ලග්නයේ හිටියොත් වයස ගියත් වයස නොපෙනෙන ක්‍රීඩාශිලි පුද්ගලයෙක් බිහි කරයි.

✿ කේතු ලග්නයේ සිටිම මුහුණේ කැළැල් ඇති, යම්කිසි ආකාරයකට කෙට්ටු හෝ බඩ තියෙන මහත පුද්ගලයෙක් බිහි කරයි.

✿ සෙනසුරු ලග්නයේ සිටියොත් දත් ලොකු, කොණ්ඩය බොහෝ ඝණකම, ටිකක් මෝරපු පෙනුමක් ඇති පුද්ගලයෙක් බිහි කරයි.

✿ රාහු ලග්නයේ සිටියොත් උසට, කලබලකාරි ස්වරූපයකින් හෙබි, නහර පෙනෙන සමහරවිට දත්වල යම්කිසි වෙනසක් ඇති පුද්ගලයෙකු බිහි කරයි.

✿ රවි ලග්නයේ සිටියොත්, ටිකක් මධ්‍යම ප්‍රමාණයේ දේහයක් ඇති ටිකක් දිලිසෙන ඇස් ඇති, තරමක ආඩම්බරකාර පෙනුමක් ඇති කෙනෙක් බිහි කරයි.

✿ සඳු/චන්ද්‍රයා ලග්නයේ සිටියොත් ඉතාම ශෝභමාන, මුහුණ සහ පපුව පෙදෙස මහත සෙම් අධික කාරුණික පුද්ගලයෙක් බිහි කරයි.

✿ කුජ/අඟහරු ලග්නයේ සිටින කල, මස්පිඩු ඉලිප්පී ඇති, කායවර්ධන ක්‍රීඩාවේ නියුතු වන පුද්ගලයෙකු සමාන දේහයක් සහිත කෙනෙක් උප්පත්තිය ලබයි. හැබැයි කේන්ති කාරයෙක්.
මේ විදියට කුජ ලග්නයේ සිට කාන්තාවක් ඉපදුනොත් ඇයගේ මුදු සුමුදු ගතිය බොහෝ සෙයින්ම අඩුය.

ඔබගේ හඳහනත් සමග බලන්න මෙවැනි තත්ව ඔබටද තියෙනවාද කියා ?

මේවා පොදු කරුණු බවද සිතේ තබාගන්න.

#ඉරුසේවය






Monday, November 24, 2014

රවි මහ දසාව - ග්‍රහයන්ගේ මහ දශා ඵල

ඉරු සේවය සමග ලබැඳි ඔබගේ දැනගැනීම සහ අවබෝධය පිණිස නවග්‍රහයින්ගේ මහ දශා ඵල සහ අන්තර් දශා ඵල ඉදිරිපත් කිරීමට අප තීරණය කලා.
ඒ අනුව හැකියාව ඇති අයුරින් නවග්‍රහයින් සම්බන්ධ මහ දසා ඵලාපල ඉදිරියේදි පල කරමු  !

මුලින්ම අපි විමසා බලමු රවි ග්‍රහයාගේ පලාපල

* ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයාට මහ දශාවක් වශයෙන් වසර 6ක් හිමිවේ. යම්කිසි කෙනෙක්ගෙ කේන්දරයේ පියා සම්බන්ධව නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා රවිය.
රවි ග්‍රහයා, පුද්ගලයෙකුගෙ ආත්ම ශක්තිය නිවේදනය කරයි.

●  රවි මහ දසාව ලැබූවිට පුද්ගලයාගේ සමාජ තත්වය ඉදිරියට යයි. පුද්ගලයා තේජමාන පුද්ගලයෙක් වේ. රජයේ සමාජයේ හොඳ ස්ථාන ලැබේ. ඇත්ත වශයෙන්ම කිවහොත් ග්‍රහ බලය අනුව පුද්ගලයා රජෙක් සමානව ජිවත්විමට වරම් ලැබෙන්නේද මේ කාලයේදිය.
මෙය ධනු ලග්නයේ ධර්මකර්මාධිපති රාජයෝගය යෙදි තිබ්බ නම් එසේම වේ.

●  රවිගේ සඳු අන්තර් දශාවේදී පිටපලාත් වල වාසය, අලංකාර නිවාස ලැබීම, යාන වාහන ලැබීම, එසේම විදේශ රටවල් වල සංචාරය සිදුවේ.

●  රවිගේ කුජ අන්තර් දශාවෙදි බලවත්ව පිහිටියොත් විවිධ කර්මාන්ත ශාලා අරඹන්නට ලැබිම, භූමි ලාභ, වාසනා ලාභ ලැබීම සහ බලවත් සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ.
දුර්වලව සිටියොත් සතුරු කරදර, ආයුධ වලින් විපත් සහ මුත්‍රාගල්, මුත්‍රා අමාරු ඇතිවිය හැක.

●  රවිගේ රාහු අන්තර් දශාවෙදි, විදෙස් ගමන් තීව්ර වීම හදිසි ධන වාසනාව, ලොතරැයි ලැබීම ආදිය සිදුවේ.
අයහපත්ව නම් පියා සමග දබර, නීතියෙන් දඩුවම්, ලේ විෂවීම් ආදිය ඇතිවේ.

●  රවිගේ ගුරු අතුරු දසාව ඉතාම ශුභ කාලයකි. පදවි නිලතල ලැබේ. දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින අයට මැති ඇමතිධුර ලැබේ.
අයහපත්ව පිහිටා සිටියොත් යම් වෙලාවක උදරාබාධ හෝ ගෙඩි හටගැනිමට පුලුවන.

●  රවිගේ ශනි අන්තර් දශාව ඇත්ත වශයෙන්ම අශුභ කාලයකි. අයහපත්ව පිහිටා සිටියොත් ගින්නෙන්, විදුලියෙන් අනතුරු විය හැක. රවි - ශනි යෝගය එතරම් හොද නැත. මුදල් වැයවීම අයහපත, කනස්සල්ල, පවුල් සංස්ථාවේ විවිධ ප්‍රශ්න මේ ආදිය සිදුවේ.
පූර්වාචාරින් සදහන් කරන ආකාරයට මෙය ඉතාම නරක කාලයක් බව සදහන්ය.

●  රවිගේ බුද අන්තරය ඉතාම ශුභයි. ඉගෙන ගන්නා වයසේ අයට ඥානය දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා සේම, බුද්ධිමත්ව කටයුතු කරන ප්‍රඥාව ලැබෙන කාලයයි. වැරදුනු ජිවිතය හරි මගට එන කාලයයි.
විසේසයෙන්ම සෙනසුරු අතුරු දසාවෙන් පසු ලබන බුද අතුරු දසාව ඒ තරමටම සුබයි.

●  රවිගේ කේතු අන්තරය, සැබැවින්ම සුභදායක නොවනු ඇත. මෙම තත්වය නිසා මුත්‍රා අමාරු, එසේම ලේ කෝපවීමේ දෝෂ හට ගැනිමට පුලුවන්. එමෙන්ම යම් යම් සිත තුල මානසික ව්‍යාකූලතාවය ඇතිවෙන්න පුලුවන්.

●  රවිගේ සිකුරු අන්තරය ඉතාම ශුභයි. මංගල්‍යය සහිත කාලයක්, සියලුම සුභ කටයුතු මෙන්ම ප්‍රේම සබදතා ඉෂ්ඨ සිද්ධ වීම, අධි සුඛෝපභෝගි ජිවිතයක් ලැබිම මේ කාලයෙදි සිදුවේ.

* අප මේ ඉදිරිපත් කල සියලුම කාරණා ඒ ඒ පුද්ගලයාගේ කේන්දරය අනුව සිදුවිය හැක.
බොහෝවිට රවි බලවත් නැති අයගේ රවි මහ දසාව ඔහේ යන්නන් වාලේ ගොස් කිසිම යහපතක් නොවි ඇත. අප පරික්ෂා කල කේන්දරවල බොහෝ ඒවායේ තමන් කරන්නේ කුමක්ද යන්නවත් නොදන අතරමංව සිටින අයුරු අපි අනේකවාරයක් දැක ඇත.

උක්කුං බණ්ඩා වෙද ගුරුන්නාන්සේ

අපගේ සියලුම යන්ත්‍ර වල මූලිකත්වය සහ උපදේශනය, සැකසීම කරනු ලබන්නේ, උතුම් වූ ගෞරවනීය උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ ගෙනි.

එතුමාණන්ට මෙම සේවය චිරාත්කාලයක් කිරීමට එතුමාගේ පූර්ව පුණ්‍ය මහිමය මතුවී එතුමාව ආරක්ෂා කරත්වා යනුවෙන් ඉරු සේවයේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු !

‪#‎ඉරුසේවය‬ - Iru Astrology

http://rivisanda.blogspot.com/