Sunday, February 16, 2025

“ ප්‍රියයන්ගෙන් වෙන්වන යෝගය “



( පියමුක්ත යෝගය)

මේ යෝගය තියෙද්දි, විශේෂයෙන් ආදරය ප්රේමය සහ විවාහය කියන හැමදේටම වෙන්වීම හෝ දුරස්වීම හෝ සමහරවිට මරණය පවා ගෙන දෙනව. එනිසා විවාහ පරික්ෂාවේදි ඉතාම සුපරික්ෂාකාරිව මේ ගැන බලන්න ඕන.
* පොරොන්දම් විතරක් ගැලපුවාම ඒක​ හොයාගන්න බෑ. විවාහයට අදාලව පූර්ණව කේන්දර සටහන් 2ත් පරික්ෂා කල යුතුයි.

◘ මේ යෝගය යෙදෙන්නෙ කොහොමද ?

◙ යම් කේන්දරයක 7 අධිපති සහ 8 අධිපති ග්රහයන් 2 සංයෝග වීමෙන් ඇති වේ.
◙ 7 සහ 8 අධිපතින් දෙදෙනා කුමන කොටුවේ සංයෝගව සිටියද මෙම යෝගය යෙදේ.
◙ මෙම යෝගය 7 අධිපතියාගේ නැකතක, 8 අධිපතියා තැන්පත් වීමෙන්ද ක්රියාත්මක වේ ( මෙය දැනගැනීමට කේන්දරය ගැඹුරින් පරික්ෂා කල යුතුය).
( එසේම මෙය ගෝචරයෙන් නොවේ උප්පත්ති කේන්දරයේ ග්රහ පිහිටීම ගැනය).
◙ 7 වැන්නට අදාල ග්රහයාගේ නැකතේ 8 වැන්නාධිපති ග්රහයා සිටීම මෙන්ම 8 වැන්න අධිපති ග්රහයාගේ නැකතක 7 අධිපති ග්රහයා සිටීමෙන්ද ඇතිවේ.

මෙම යෝගය නිසා,
දෙදෙනාගේ වෙන්වීම
කසාදය තිබුනත් සෑහෙන කලකට හෝ දුරස් වී ජිවත් වීමට සිදුවීම
දෙදෙනාගෙන් එක් අයෙකු හෝ මරණයට පත්වීම

◘ කේන්ද්ර ශාස්ත්රය තියෙන්නෙ ජිවිතය සැපවත් කරන්නයි. ඉතින් මේ තත්වයෙන් මිදෙන්නෙ හරි බේරෙන්නෙ කොහොමද ?

♥ විවාහයට අදාල පූර්ණ පරික්ෂාවක් කිරීමේදි,
නිසියාකාරව ආයුෂ ගැලපිය යුතුය. මෙහිදී ආයුෂ පොරොන්දම ගැලපීම නොව දෙදෙනාගේ කේන්දරයන් අනුව ආයුෂ ගැලපීම එක ක්රමයකි.

♥ විශේෂයෙන් දෙදෙනාගේ පවතින අපල දෝෂ තත්වයන් වලට නිසි ශාන්ති කර්ම - පින්කම් - ප්රතිකර්ම කිරීමෙන් මේ තත්වය සමනය කරගත හැක.

♣ සටහනේ දක්වා ඇති වෘශ්චික ලග්න කේන්දරයේ 7 වැන්නාධිපතියා වන්නේ සිකුරු/ශුක්රය.
එම 7 වැන්නාධිපති ග්රහයා වන සිකුරු, 8 වැන්නේ, 8 වැන්න අධිපති බුධ සමග තැන්පත්ව සිටි. මෙම කේන්දර සටහනේ පැහැදිලිව එම යෝගය දක්නට ඇත. (අපගෙන් සේවාව ලබාගත් අයෙකුගේ අවසරය සහිතව පල කරන ලදි)

-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්ර, ආරක්ෂණ යන්ත්ර, පැලදිය යුතු ස්වර්ණාභරණ, මැණික් වර්ගය, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව යනාදිය ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
irusewaya@gmail.com

071 383 5369
(WhatsApp

Wednesday, January 29, 2025

මැයි 31 වෙනතුරු බලපාන “ සිකුරු උච්චය “

 ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු තම උච්ච රාශිය වන මීනයේ මැයි 31 වනදා තුරු සිටියි.


ලංකා කේන්දරයේ 4 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා, කේන්දරයේ 2 වැන්නට හෙවත් ධනස්ථානයට පැමිණ ඇත.
ජනරජ කේන්දරයේ 3 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති සිකුරු/ශුක්‍ර  8 වැන්න හෙවත් ආයුෂ ස්ථානයට පැමිණ ඇත.

මෙතෙක් පැවති උෂ්ණාධික කාලගුණය තරමක් පහව යන කාලයකි. සීතල කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැක.

ජනරජ කේන්දරය අනුව සිංහ ලග්නයේ 8 වැන්නට එනම් ආයුෂ ස්ථානයට සිකුරු පැමිණීම, ආණ්ඩුවට තරමක් අපලයි. ආණ්ඩුවට දොස් අහන්නට වෙන කාලයකි.  ආණ්ඩුව ඉතාම බුද්ධිමත්ව සහ ජනතා අපේක්ෂාවන් ගැන මැනවින් බලා තීරණ ගත යුතු කාලයකි.
කුම්භ ලග්න ලංකා කේන්දරය අනුව සලකා බලන කල මෙය යහපත් කාලයකි. රටේ දියුණුවට ඍජු පියවර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. මුදල් ලැබීම් ඇති වෙයි. ණය ආධාර යනාදිය ලැබෙන නිසා ආර්ථිකය ස්ථාවර වෙන්නට කරුණු යෙදේ
( පෙර ජනාධිපතිවරයා පවත්වාගෙන ගිය ආර්ථික දර්ශනයට සමාන දර්ශනයක් උදා- IMF වැනි තීරණ නිසා ආර්ථිකයට යහපතක් විය හැකි වුවද, ජනතාවගේ ප්‍රසාදය පිලිබද ගැටළු ඇතිවිය හැක.

පොදුවේ සලකන කල ආදරවන්තයන්ට යහපත් කාලයකි. ආදරය සහ පවුල් ජිවිත වල සබදතා ශක්තිමත් වන කාලයකි.
ලංකාවට තරමක් ස්වභාවික විපත් ඇතිවීමට ඉඩක් ඇත, ඒනිසා ගංවතුර තත්වයන් සුලි සුළං තත්වයක් ඇතිවීමේ අවදානම ඇත.
-

#සිකුරු #ශුක්‍ර # #srilanka

Sunday, January 19, 2025

සතියේ ලග්න පලාපය ( ජන 20 - 26)


 ජනවාරි 20 සිට 26 දක්වා ලග්න 12ට පොදු බලපෑම මෙසේය.


● මේෂ

සතිය උදාවේදි සදු සිටින්නේ කේතු සමග 6 වැන්නේ වීම තරමක් අයහපත්ය.
එනිසා සිතෙ නොසන්සුන්තාවයක් බලපවත්වයි. එය සතිය පුරාම තිබිය හැක. එසේම කලබලකාරි තීරණ ගැනීමේත් ඉඩ ඇත.
රැකියාවේ කටයුතු තම කැපවීම මත දියුණුවක් ලබාගැනීමට පුලුවන. නව රැකියා වලට යහපත්ය.
දුර ගමන් යෙදේ.
සෙම් ආශ්‍රිත රෝග, පපුව ආශ්‍රිත රෝග, ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.


-
● වෘෂභ

සදු සිටින්නේ කේතු සමග 5 වැන්නේ වීම යහපත්ය.
සිතේ සතුට ඇතිවන එසේම ගැටළු වලින් නිදහස ලැබෙන කාලයකි. නව ආර්ථික අවස්ථා, යම් හදිසි ලාභද ලැබිය හැක. ප්‍රේමය සම්බන්ධ කටයුතු වලට වඩා හොදයි.
රැකියාව හොදින් කෙරේ. රැකියාව වෙනුවෙන් සෑහෙන කැපවීමකින් කටයුතු කරයි.
අධ්‍යාපන කටයුතු වලට හොදයි. නව ආයෝජන වලටත් සුබයි.
දෙපා සම්බන්ධ සෞඛ්‍ය තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න.

-
● මිථුන

සදු  - කේතු සමග 4 සිට ඇරඹෙන සතිය හොදයි.
පවුල් ජිවිතය - ආදරය යනාදියට යහපත් සතියකි. කෙසේ වුවද තීරණ ගැනීමේදි මනාව සිතාබලා බුද්ධිමත්ව කටයුතු කරන්න. හදිසි ගමන් යෙදෙනු ඇත. මිතුරන් හමුවීමට අවස්ථා ලැබේ.
රැකියාවේ දියුණුව සහ නව රැකියා වලට යහපත්ය.
ඇස - කණ - නාසය යනාදිය සම්බන්ධ සෞඛ්‍ය තත්වයන් සහ සෙම් රෝගද, ඇවිදීමේදි ගමන් යාමේදි ඇතිවිය හැකි හදිසි අනතුරු ගැනද අවදානමත්ව සිටින්න.

-
● කටක

සදු - කේතු 3 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
ඔබගේ ජනප්‍රියතාවය වැඩිවන සතියකි. පවුලේ අය සමග සුහදතාවයෙන් සිටිමට අපහසු කරුණු යෙදෙුන ඇත. පවුල වෙනුවෙන් කැපවෙන කාලය අඩුවීම ගැටළුවක් වනු ඇත.
ආර්ථිකය යහපත් වුවද සිතට යම් කලබලකාරි බවක් තිබෙනු ඇත. ආවේගශීලි නොවන්න.
නව ආයෝජන, නව ආර්ථික අවස්ථා වලට යහපත්ය.
උගුර - නාසය සම්බන්ධ රෝගද කට ආශ්‍රිත රෝග ගැනද සැලකිලිමත් වෙන්න. සීතලෙන් පරිස්සම් වීමට කටයුතු කරන්න.


-
● සිංහ

සදු - කේතු 2 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය යහපත්ය.
වෙනදාට වඩා සාමාජීය කටයුතු කිරිම තුල යම් ජනප්‍රියතාවයක් ඇතිවනු ඇත. පවුලේ සමගිය දියුනු වේ. ආර්ථිකය සාමාන්‍ය පරිදි තිබේ.
රැකියාව වැඩි දියුණු වෙයි. රැකියාවේ ඉහලට යෑමට අවස්ථා ලැබේ. කලා කටයුතු වලට හොදයි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වුවත් මේ දිනවල සීතලෙන් ආරක්ෂා වන්න.


-
● කන්‍යා

සදු - කේතු 1 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය හොද සතියකි.
සැලසුම් සහගතව කරන කටයුතු වලින් ජය අත්වේ. ජයග්‍රාහි මානසිකත්වයක් ඇති වෙයි.
ආර්ථිකය දියුණු වේ. ලාබ සහිතයි.
ප්‍රේමය - ආදරයට යහපත් කාලයකි.
රැකියාවේ දියුණුව ව්‍යාපාර වල දියුණුව අපේක්ෂා කල හැක.
සෙම් ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

-
● තුලා

සදු - කේතු 12 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය තරමක් අයහපත්ය.
කෙසේ වුවද මග ඇරී තිබුනු කටයුතු සාර්ථක වෙයි.
ප්‍රේමය ආදරය ගැන යහපත් ආරංචි ලැබේ.
රැකියාවේ වෙනදාට වඩා කැපවන්නට සිදුවන කාලයක් වන අතර නිසි ලෙස කලොත් වඩාත් යහපත් වෙයි.
ඇස - කණ - නාසය සම්බන්ධ රෝග සහ ස්නායුගත රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න.


-
● වෘශ්චික

සදු - කේතු 11 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
දුර බැහැර ගමන්, විදේශගත වීම් යනාදියට අවස්ථා යෙදෙනු ඇත. මේ සමග පවුලේ අයගෙන් යම් දුරස්වීම් විය හැක.
රැකියාවට හොදයි. ආදායම් ලැබේ. ව්‍යාපාර යනාදියටත් යම් සහන ලැබේ.
හදිසි ලාභ ලැබීමටත් වාසනාව තිබේ. 
සෞඛ්‍ය තත්වය සෑම අංශයක් ගැනම සැලකිලිමත් විය යුතුය.


-
● ධනු

සදු - කේතු 10 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
පවුලේ අය සමග කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න.
රැකියා කටයුතු වලට හොදයි. ව්‍යාපාර යනාදියටද හොදයි නමුත් වියදම් අධිකව යෙදීමට ඉඩ ඇත.
යම් යම් ලාභ තිබේ.
සෙම් රෝග - පපුව සම්බන්ධ රෝග, කශේරුකාව ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

-

● මකර

සදු - කේතු 9 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය බොහෝසෙයින් හොදයි.
පෙර පින මතුවන කාලයකි. හදිසි ලාභ ලැබෙනු ඇත. නුවණැති අය ඇසුරට ලැබේ.
වෙනදාට වඩා කැපී පෙනෙන කාලයකි. යාන වාහන ලාභ ලැබෙන සතියකි.
රැකියාවේ දියුණුව මෙන්ම උසස්වීම් වලටද යහපත්ය. ව්‍යාපාර යනාදියටත් යහපත්.
උගුර - කණ - නාසය මෙන්ම මුඛ්‍ය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

-

● කුම්භ

සදු - කේතු 8 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය තරමක් අයහපත්ය.
නොසිතු විරු පාඩුවක් හෝ සිත බිදවැටීමකට ඉඩ ඇත. සැලකිලිමත් වන්න. දුර ගමන් යෙදිය හැක.
​දේපල ලාභ තිබෙන නමුත් කරන කටයුතු මනාව සිතා බලා කරන්න.
රැකියාවේ කටයුතු වලට කැපවීම තුල යහපත්ය. විදේශගත රැකියා ලැබෙන්නට වාසනාව තිබේ.
මහන්සිය තුල සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන්න.


-
● මීන 

සදු - කේතු 7 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය යහපත්ය.
යන එන තැන කැපී පෙනෙන සතියකි. බාධා දුරු වේ. නෑයන් - හිතවතුන් සමග ඇසුරට කාලය සැලසේ.
සමාජයට කරන​ සේවා නිසාද කැපී පෙනෙන කාලයකි.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. වෙනදාට වඩා සිතට සහනයක් ලැබේ.
හෘද වස්තුව ආශ්‍රිත රෝග, මහන්සිය යනාදිය ගැන සැලිකිලිමත් වීමද, ආහාරපානාදිය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වීමද කල යුතුය.

-

මේ සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මේවා වෙනස් විය හැක.

#iruastrology #iru Iru astrology 


 

Wednesday, January 8, 2025

සතියේ ලග්න පලාපලය ( ජන 08 - ජන 14)




ලග්න 12ට 2025 ජනවාරි මස 08 දින සිට ජනවාරි මස 14 දක්වා පොදුවේ බලපෑම මෙසේය.
 

1. මේශ ලග්නය 


මෙම සතියේදී ආර්ථික වර්ධනයට බොහෝ අවස්ථා ලැබිය හැක. නව ආයෝජන අවස්ථාද ලැබෙනු ඇත.​ කෙසේ
වුවද වියදම් ගැන සැලකිලිමත් වීමත් වැදගත්ය.
හිසරදය, මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. නිසි ව්‍යායාම ගැනද සැලකිලිමත් වෙන්න.
පවුලේ සාමය සහ සන්සුන් වාතාවරණයක් පවතී. සාමාජිකයන් සමඟ විවෘත සන්නිවේදනයේ නිරත වීමෙන් සම්බන්ධතා වැඩි දියුණු කළ හැක. දරුවන් දෙමාපියන් සමග නිසි ලෙස සන්නිවේදනය කිරීමට කටයුතු කරන්න. 


2. වෘෂභ ලග්නය 

ආර්ථිකය ස්ථාවරව පවති. පෙර කල ආයෝජන වල ප්‍රතිඵල ලබා ගැනීමේ මොහොතක් විය හැක. මනා සැලසුම් සහිතව ව්‍යාපාර ගිවිසුම්, කොන්ත්‍රාත් ආදියට එළඹීම යහපත්ය. කෙසේ වුවද මුදල් සම්බන්ධ දේවලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.
හිස, බෙල්ල උගුර ආදිය ගැන සැලකිලිමත් වෙන්න. සීතලට හසුවිමෙන්ද පරිස්සම් වන්න.
නින්ද ගැනද සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වනු ඇත. දෙමාපියන් සහ පවුලේ අය සමග වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව යෙදේ. 


3. මිතුන ලග්නය 

නොසිතු වියදම් ඇතිවෙන්නට පුලුවන් සතියකි. එනිසා වියදම් ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. අලුත් දේට යොමු නොවි ඉවසීමෙන් ගත කල යුතු සතියකි. 
මානසික ශක්තිය වැඩි දියුණුව වන කාලයකි. භාවනාවේ    යෙදෙන්නට හැකි නම් වඩාත් යහපත්ය. 
නව සබදතා ඇතිවීමට ඉඩ ඇත, මිතුරු සබදතා මෙන්ම ආදර සබදතා වලටද අවස්ථාව පවති. නිවසේ රැදෙන කාලය තරමක් අඩුවිය හැක.


4. කටක ලග්නය 


ආර්ථික තත්වයේ යම් යහපතක් ඇතිවිය හැක අනිවාර්යෙන්ම. නමුත් වියදම් ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. කලබලයෙන් තීරණ නොගන්න. 
මානසික සහනය පිණිස සන්සුන් සංගීතයට සවන් යොමු කරන්න.
වෙනදාට වඩා පවුලේ සාමය පවතින කාලයකි. පවුලේ අය වෙනුවන් කැපවෙන ඒ ගැන සතුටු විය හැකි කාලයකි. 


5. සිංහ ලග්නය 

අනවශ්‍ය වියදම් වලින් සැලකිලිමත් වන්න. කෙසේ වුවද ආර්ථිකය සාමාන්‍ය පරිදි පවති. 
ආහාර ගැනීමේදි පෝෂණීය ආහාර ගැන සැලකිලිමත් වෙන්න. ඒකාකාරි ආහාර රටාවෙන් මිදෙන්න. ව්‍යායාම් ආදියේද    යෙදිය හැකි නම් වඩා හොදයි. 
පවුලේ අය සමග සුළු සිද්ධි වලට මත ගැටුම් ඇතිවිය හැක. ඒවා වැඩිදුර නොගෙන යෑමට කටයුතු කරන්න. පවුලේ අය සමග සුහදතාවය වර්ධනය පිණිස කටයුතු කරගන්න.

6. කන්‍යා ලග්නය 

වෙනදාට වඩා ආර්ථික තත්වය යහපත් වන සතියකි. යම් කාලයකට පෙර සිට නොසිතු ලෙස යහපත් වෙන කාලයකි. 
ආහාර ගැනීම නිසි වේලාවන්ට සිදු කරන්න. ආහාර අජීර්ණ තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න. 
පවුලේ අය නිසා සතුටු සිතෙන සතියකි. එනිසාම පවුල් බැදීම වැඩි දියුණු වේ. 


7. තුලා ලග්නය 

ආර්ථිකය දියුණු වන සතියකි. නව ආයෝජන වලට වඩාත් හොද කාලයකි. 
නිරෝගී බව    රැකෙන සතියකි. වෙනදාට වඩා සිතට සැනසීමක් දැනෙනු ඇත.
පවුලේ සාමාජිකයින් සමඟ සන්සුන් සම්බන්ධතා පවතී. වෙනදාට වඩා පවුලේ එකමුතුකම, සමගිය වෙනුවෙන් කටයුතු කරන්නට හැකියාව ඇත. 



8. වෘශ්චික ලග්නය 

ආර්ථික තත්වය යහපත් වනු ඇත. කෙසේ වුවද වියදම පාලනය කරගත යුතුය. ගිවිසුම් - කොන්ත්‍රාත් වලදි ඉතා බුද්ධිමත් විය යුතුය.
ආර්ථික දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමේදි මානසික තත්වය තරමක් කලබලකාරි විය හැකි බැවින් ඒ ගැන අවදානමත් වෙන්න. 
යම් යම් කාරණා නිසා පවුලේ අය සමග සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා වචන භාවිතයෙදි පරිස්සම් වෙන්න. 


9. ධනු ලග්නය 

ආර්ථිකය අයහපත් නොවේ. කෙසේ වුවද හවුල් ව්‍යාපාර යනාදියෙදි මුදල් යෙදවීම ආදිය ගැන ඉතාම සැලකිලිමත් වෙන්න.
ආහාර රටාව ගැන සැලකිලිමත් වන්න. ජලය නිරතුරුව පානය කරන්න. 
පවුලේ ආදරය සමගිය රැකෙන වැඩෙන සතියකි. පවුලේ අය සමග කාලය ගතකිරීමෙන් සැනසිලිදායකව   ගෙවී යන සතියකි. 


10. මකර ලග්නය 

ආර්ථිකය වැඩි දියුණු වීම රදා පවතින්නෙ ඔබගේ කැපවීම මතය. දැඩි මහන්සියෙන් යම් දියුණුවක් ලැබිය හැක.
උගුර - කට - නාසය සම්බන්ධ   රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න. ආහාර රටාවේ යම් පාලනයක් කිරීමද වැදගත්ය. 
පවුලේ සාමය    රැකෙන සතියකි. 


11. කුම්භ ලග්නය 

ආර්ථිකය ගැන සුබවාදි බලාපොරොත්තු ඇතිවන කාලයකි. නිසි විශේෂඥ දැනුම සහ උපදෙස් සහිතව ආයෝජන වල යෙදෙන්න.
මානසික නිදහස      වෙනුවෙන් යම් තීරණ ගත යුතු සහ ගන්නා කාලයකි. පැය 6කවත් නින්දක් ඔබට මේ කාලයේ අත්‍යාවශ්‍ය වෙයි. 
පවුලේ සමගිය සාමය රැකෙන, ආදරය වැඩිදියුණු වන සතියකි. 



12. මීන ලග්නය 

නව ආදායම් මාර්ග උදා වන අතට මුදල් ලැබෙන කාලයකි. කෙසේ වුවද ඒවා වියදම් කිරීමේදි මනාව කළමනාකරණය කරන්න. 
නිසි ලෙස විවේක ගැනීම සහ මානසික සහනය වෙනුවෙන් කල යුතු කටයුතු කරන්න. හැකි නම් බෝධියකට ගොස් යම් වේලාවක් රැදී සිටින්න. 
පවුලේ සමගිය රැකේ. පවුල් සබදතාව වැඩි දියුණු වනු ඇත.


#ඉරු
#iruastrology #srilanka