Saturday, August 18, 2018

කරණීයමෙත්ත සූත්‍රය සමග මෛත්‍රිය වඩමු !

( විවේකීව නිදහසේ අහන්න - අරුත වටහා ගන්න - මේ අයුරින් මෛත්‍රිය වඩන්න )

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්‌ෂාවට කියන පිරිතක්‌ මෙන්ම භාවනා කර්මස්‌ථානයක්‌ වශයෙනුත් හැඳින්විය හැකියි.
සියලු කල්හි ආරක්ෂාව සැලසෙන බැවින් බෞද්ධ-අබෞද්ධ සියලුදෙනාට භාවිත කල හැකි පිරිත් රත්නයකි.

1) කරණීය මෙත්ත කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
(ශාන්ත තත්වයට පැමිණීමට කැමති කෙනා කල යුත්තේ කුමක්ද ?
දක්ෂයා එය කටයුතු කල යුතුය. සමර්ථ විය යුතු අතර, අවංක, කීකරු, මුදු, නිහතමානි ගතිගුණ වලින් යුක්ත විය යුතුය.)

2)
සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

(සිතේ සතුට ඇත්තෙක් වන්නෙය. පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙක් වේ. කටයුතු ස්වල්පයක් ඇති අයෙක් වේ. සැහැල්ලු ගති ඇති, සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වේ. ප්‍රඥාවන්ත වේ. හැඩි දැඩි නොවේ, කුලයන්හි නොඇලේ)

3)
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(නුවණ ඇති අය විසින් නින්දා කරන කුඩා වරදක් පවා නොකරන්නෙය. සියලු සත්වයන් භය නැත්තෝ වේවා. සියලු සත්වයන් සුවයෙන් පිරුණු සිත් ඇති අය වේවා)

4)
යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

(කෙලෙස් සහිත සත්වයෝද, කෙලෙස් රහිත සත්වයෝද යන සියලු ප්‍රාණ භූත සත්ව කෙනෙක් වෙ දික්වූ හෝ මහත්වු හෝ මධ්‍යම හෝ කුඩා සිරුරක් අත්තාවූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වූ සත්වයෝ වෙත්ද)

5)
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(ඇසට පේන්නාවු හෝ නොපෙන්නාවු සත්වයෝ වෙත්ද, සත්ව කෙනෙක් දුර හෝ ලග සිටිද, උපන්නාවු සත්ව කෙනෙක් වෙත්ද, ඉපදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද)

6)
නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

(වෙන කෙනෙක් නොරවටන්නේය. කිසිතැනක අන්අයට අවමන් නොකරන්නේය. කය-වචනය 2න් කරන දෝෂාරෝපණ, සිතින් කරන ක්‍රෝධයෙන්ද ඇතිවන දුක් නොකැමති වන්නේය.)

7)
මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

(මවක් තම පුතා රකින්නා සේ සියලු සතුන් කෙරේ මෛත්‍රි සිත වඩන්නේය.)

😎
මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

( පමණ රහිත, පීඩා රහිත වෛර චේතනා රහිත වූ, සතුරන්ට රහිත වූ මෛත්‍රියද උඩ යට සරස යන සියලු ලෝකයෙහි වඩන්නේ්ය.)

9)
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

(මෛත්‍රිය සිටගෙන සිටින විට, ගමන් යන විට, හිඳගෙන සිටින විට හෝ නිදමින් සිටින විට නොනිදා සිටිනතාක්කල් වඩන්නේය.)

10)
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

( මිථ්‍යාදෘෂ්ටියට පත් නොවි, සේවාන් මාර්ග ඥාන දර්ශනයෙන් යුතුවී වස්තු වලට ගිජුබව/ක්ලේශකාමය, සකෘදාගාමි, අනාගාමි මාර්ග 2න් ප්‍රහීන කොට ඒකාන්තයෙන් මව්කුස පිලිසිද ගැනිමට නැවත නොපැමිනෙන්ය)

#ඉරු

irusewaya@gmail.com

Monday, August 13, 2018

රවි මාරුව ඔබට කොහොමද ?



ග්‍රහ ලොව නායකයා වන රවි හෙවත් ඉරු ග්‍රහයා අගෝස්තු 17 වනදා තමනගේ නිවහනට එනම් ස්වක්ෂෙත්‍ර ස්ථානය වන සිංහ රාශියට පැමිණෙයි.
* රවි බලවත් වන ස්ථානයක් බැවින්ද රවිගෙන් පවතින ආණ්ඩුව ගැන කියවෙන බැවින්ද ආණ්ඩුවට විවිධාකාර තීන්දු තීරණ ගැනීමටත්, මෙතෙක් රජයේ තිබුනු දුර්වලතා මග හැරෙන තත්වයක්ද අනිකුත් ගෝචරය අනුව සලකා බලන කල රජය බලවත් වන බවද කිව හැක.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.


-
● මේෂ
5 වැන්නට රවි පැමිණේ.
වෙනදාට වඩා බුද්ධියෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කරන කාලයකි. අන් අය අතර කැපී පෙනෙයි. දියුණුව ලැබෙයි.
සෞඛ්‍ය සම්පන්න වන කාලයකි.

-
● වෘෂභ
4 වැන්නට රවි පැමිණේ.
රැකියා කටයුතු වල සහ දේපල යනාදියේ වෙලදාම් වලින්ද දියුණුවට හේතු ඇති වේ. සුබ තත්වයන් සමග බුද්ධිමත් විය යුතුය. ධනවත් වීමට හේතු කාරකයි.

-
● මිථුන
3 වැන්නට රවි පැමිණේ.
ලාභ සහ වාසනාව තිබෙන කාලයකි. අන් අයගේ ගරුත්වයට පාත්‍ර වන සහ කම්මැලිකම් දුරලන කාලයකි. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කර ජය ලැබිය හැකි කාලයකි.

-
● කටක
2 වැන්නට රවි පැමිණේ.
ඔබ ඇසුරු කරන අයගෙන් සැලකිල්ල ලැබේ. විශේෂයෙන් ඉහල අයගෙන් සැලකුම් ලැබෙන්නට හැකි කාලයකි. 2 වැන්න වචනය ගැන කියවෙන තැන බැවින් වචනය වෙනදාට වඩා තියුණු වීම අනවශ්‍ය බාධක ඇති කරන්නට ඉඩ ඇති බව සිහියේ තබාගන්න.

-
● සිංහ
1 වැන්නට රවි පැමිණේ.
මෙතෙක් පැවති දුර්වලතා සහ පාඩු යනාදිය අඩු වන කාලයකි. රැකියාවේ උසස් වීම් යනාදිය අපේක්ෂා කල හැක. හදිසි ධන ලාභද ලැබෙන්නට ඉඩ ඇත. කෙසේ වුවද නම්‍යශීලිව කටයුතු කල යුතුය.

-
● කන්‍යා
12 වැන්නට රවි පැමිණේ.
රවි 12ට පැමිණීම තරමක් අයහපත් වුවද රවි බලවත් වීම තුල, බුද්ධියෙන් සහ උපායශීලිව කටයුතු සිදු කරන්නේ නම් මේ කාලය යහපත් කරගැනීමට හැකියාව ඇත. ආයෝජන වලදි තරමක් සැලකිලිමත් වන්න.

-
● තුලා
11 වැන්නට රවි පැමිණේ.
කරන කියන කටයුතු සාර්ථක වන කාලයකි. වෙනදාට වඩා කැපවීම තුලින් කුමන අන්දමේ අභියෝගයක් වුවද ජයගත හැකි කාලයකි. වෙනත් අය සමග කරන කටයුතු වලදී ඉවසිලිවන්ත වීම යහපත්ය.

-
● වෘශ්චික
10 වැන්නට රවි පැමිණේ.
රැකියා ස්ථානයට රවි පැමිණීම සමග රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂා කල හැක. කෙසේ වුවද වෙනදාට වඩා වගකීම් කටයුතු ලැබෙන බැවින් ඔබට යහපත පිණිස මේවා හේතු විය හැක.

-
● ධනු
9 වැන්නට රවි පැමිණේ.
පින ගැන කියවෙන 9ට රවි පැමිණීම පොදුවේ සුභයි. අනිකුත් ගෝචරය සමග තරමක බාධා තිබුනද බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් දියුණුව අපේක්ෂා කල හැක. ආයෝජන අවස්ථා වලට සුබ කාලයකි.

-
● මකර
8 වැන්නට රවි පැමිණේ.
ආයුෂ ගැන කියවෙන 8 වැන්නට පැමිණීම තුලින් ඔබගේ කලබලකාරි ගති ඉස්මතු වීමට තරමක ඉඩක් ඇත. කෙසේ වුවද කලබලකාරි නොවි කටයුතු කලොත් යහපත් කාලයක් අපේක්ෂා කරන්නට හැකියාව ඇත. හදිසි ධන ලාභ ලැබෙන්නටද ඉඩක් පවති.

-
● කුම්භ
7 වැන්නට රවි පැමිණේ.
හදිසි ලාභ, දේපල ලාභ යනාදියට තරමක හේතු කාරණා පවති. අන්පේක්ෂිත සිද්ධි වලටද ඉඩක් පවති. පවුල් ජිවිතය ඉවසීමෙන් ගත කල යුතුය, ඒ තුලද විශේෂ වාසනාවන් උදා වනු ඇත.

-
● මීන
6 වැන්නට රවි පැමිණේ.
ඔබ කරන කටයුතු වලට අන් අයගේ සහයෝගය මැනවින් ලැබෙන කාලයකි. මංගල යෝග තිබෙන නිසා යහපත් වුවද බුද්ධියෙන් යුතුව කටයුතු කිරිම හොදයි. හවුල් ව්‍යාපාර යනාදි කටයුතු වලටද යහපත්ය.

-
මේවා පොදු පලාපල පමණි !

#ඉරු

irusewaya@gmail.com


Sunday, August 5, 2018

" විහාර මහා දේවීන් වහන්සේ "

ලංකාවේ වීර කාන්තාවන් අතර 01 තැන ගන්නා විහාර මහා දේවිය දුටු ගැමුණු සහ සද්ධාතිස්ස යන රජව⁣රැන්ගේ මවය.

රටට - සම්බුද්ධ ශාසනයට මහගු සේවාවක් කල උත්තම කාන්තාවකි. ඇය නාග සම්භවයක් තිබුනු කෙනෙක් බව බොහෝදෙනා දන්නේ නැත.

පති භක්තියෙන් යුතුව, මව් ගුණයෙන් යුතුව සහ රට ජාතියට වැඩ කටයුතු මනාව කල නිසා, අද දිව්‍ය ලෝකයේ මහානුභාවසම්පන්න දේවතාවියක්ව වැඩ සිටී...

විශේෂයෙන් කිය යුත්තේ තමන් නූතන විහාර මහා දේවිට කියා ගන්නා බොහෝ චරිත වලට සැබෑවටම ඇති ගුණයක් - සීලයක් නැති බවය..
නූතන හෝ පැරණි කියා කිව්වද, නැවත මතු වන්නේ පරණ දේවල්මය. එය ⁣ලෝකයේ හැටිය. ගුණය - පින යනාදිය කාලය අනුව වෙනස් වන්නේ නැත.

#ඉරැ

irusewaya@gmail.com

Sunday, July 15, 2018

දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන “ සක් දෙව් රජ “

ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන්නේය. පසුගිය දිනක අප මෙය යෙදූ විට පොතපත කියවූ අය විසින් සක් දෙව් රජ චතුර් මහාරාජිකයටත්, තව්තිසාවටත් පමණක් ප්‍රධාන බව කියන ලදි. එය පොතේ දැනුමින් උගතුන් වෙන අයගේ දැනුමින් කියන ලද්දකි. වසර දහස් ගණනකට පෙර තත්වය එයයි.
නමුත් අද කුසල තත්වය අනුව ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය ලෝක වලට පමණක් නොව බ්‍රහ්ම ලෝක වලටද ප්‍රධාන වෙයි. බ්‍රහ්ම ලෝක වල මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේද වැඩි සිටි.

බුදුන්වහන්සේද දේශනා කර ඇති පරිදි, යමක් නිවරදිව දැන ගැනීමට අවශ්‍ය නම් තමන් විසින්ම එය සොයාගත යුතුය. දැනුම වැදගත් බව සැබෑය. නමුත් දැනුමද අවසානයේ අතහැරිය යුතු බව විදර්ශනාවෙන් සිතන පතන අය නම් දන්නවා විය යුතුය. සැබෑවටම උගත්කම යහපත් වුවද, උගත් බවද මාර විලාශයක් වන බව විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නේ නම් දන්නා කාරණාවකි.
තවද සමහර අයට ඇති ගැටළුවක් නම් ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනය ගැනයි. එය බුදුන්වහන්සේට පූජා කරන ලදි. එනිසා දැන් එය රත් වන්නේ නැත.

ශක්‍ර දිව්‍ය රාජයා අද සිටින තත්වය  “ විශේෂ චිත්ත සමාධියක්“ ඇති මහතෙකු විසින් භාවනාවෙන් දැනගන්නා ලද කාරණාවකි. නාථ දෙවියන් සහ මෛත්‍රි බෝධිසත්වයන් යනු දෙවිවරු 2ක් බව අප කීවේද එසේය.
පොතේ ඇත්තේ, සුමනසමන් දෙවියන් සෝවාන් බවය. ඔබ සුමනසමන් දෙවියන්ට අදාල දේවාල සෑම එකකටම ගියද, ශ්‍රීපාදයේ පවතින එම දෙවියන්ට කැපවූ දේවාල වලද කපු මහතුන් කියන්නේ සුමනසමන් දෙවියන් සෝවාන් බවය. එය ඔවුන් පෙර දැනුමින් ලබාගත් දෙයකි. නමුත් ඔවුන් අද තත්වය සොයා බලා නැත. සුමනසමන් දෙවියන් දැන් සකෘදාගාමි තත්වයට පැමිණ ඇති සුපින්වත් දෙවි කෙනෙකි.

ඔබට යහපත්ව ජිවිතය ගත කිරිමට අවශ්‍ය නම් කල යුත්තේ, යහපත්ව - ප්‍රතිපත්තියෙන් - සීලයෙන් යුතුව ජිවිතය ගත කිරීමය. කරන පින් කටයුතු වල පින් සියලු දෙවිවරුන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ටම අනුමෝදන් කිරීමය.  පූජා වට්ටි හෝ වැඩියෙන් මුදල් දුන්නා කියා දෙවිවරු ඔබට ආශිර්වාද කරන්නේ නැත. දේවාල වැනි දේ පවත්වාගෙන යාමට මුදල් ලබාදීම වරදක් නොවේය. නමුත් එයින් සියල්ල හරි නොයන බව තේරුම් ගන්නට ඔබට හැකි විය යුතුය. පන්සලට දෙන දානයත්, අසරණයෙක්ට දෙන දානයත්, තිරිසන් සතෙකුට දෙන දානයත් යන සියලු දාන, වටිනා බව තේරුම් ගන්නට හැකි විය යුතුය.
නිවරදිවම දන් දිය යුත්තේ අත්හරින්නටය, එනම් තමන්ට අවශ්‍ය වුවද තවත් කෙනෙකුට ලබාදීම තුල එම අත්හැරීම තේරුම් ගත යුතුය. එයින් ඔබට දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය සම්පත් ලැබෙන්නට හේතු වන්නේය. යම් කාලයදී එම දානයද අනිත්‍ය බව තේරුම් ගන්නට හැකියාව ලැබෙන තැන ඔබට නිවන් දොරටුව දුර නොවන්නේය.

දානය ගැන කියන ලද්දේ සක් දෙව් රජ මූලිකව කරන ලද පින්කම් වලදී දාන පින්කම ඇති නිසාය. එසේම පොදු ජනතාව වෙනුවෙන් පාරවල් සැකසීම, උද්‍යාන සැකසීම වැනි දේ සක් දෙව් රජ විමට මූලිකව උදව් වූ පින්කම්ය.

සියලු දේ යහපත්ව කර සුගතිගාමි වන්න හැකි වේවා !

බුදු සරණයි !

( ජ්‍යොතිෂ්‍යය ලෞකික දියුණුවට කරන කටයුත්තකි. බුදු දහම ලෝකෝත්තර දියුණුව මූලික අරමුණු කරගෙන ඇත්තකි. දහමට ‍ලගින්වත් තබන්නට ජ්‍යොතිෂ්‍යයට නොහැක. නමුත් ලෞකික ජිවිතයේ ගැටළු වලින් යම් සහනයක් හෝ ලබාදීම තුලින් ඔබට ජිවිතය යහපත් කරගන්නට මෙන්ම ලෝකෝත්තර ගමනටද සිත සකසා ගන්නට හැකියාවක් ජ්‍යොතිෂ්‍යය තුලින් ලැබීමට හැකියාව ඇත.)

Sunday, July 1, 2018

මහා භද්‍රකාලි දේව මෑණියන්


මහා භද්‍රකාලි දේව මෑණියන් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන මැද විශ්වය ලෙස හැදින්වෙන කොටසේ සිටින ප්‍රධාන දේවතාවියකි. කාලි මණ්ඩලයේම ප්‍රධානත්වය දරන අතර නපුරට මෙන්ම යහපතටද හේතු කාරණා බොහෝ සිද්ධ කරයි.
මේ පින්තූරයේ දැක්වෙන්නෙ ශිව දෙවියන්ගෙන් සියලු කටයුතු වලට ශක්තිය ලබා ගන්නා බවයි (වරදවා වටහා නොගන්න).
තවද දුර්ගා මෑණියන් සහ කාලි මෑණියන් යනු දෙවිවරු 2කි. දුර්ගා මෑණියන්ගේ වාහනය සිංහයා වන අතර කාලි මෑණියන්ගේ වාහනය කොටියා/ දිවියා වෙයි.

බොහෝමයක් හදි හූනියම්, පොල් ගැසීම් යනාදියට භද්‍රකාලි මෑණියන් ප්‍රමුඛ දේව මණ්ඩලයට සම්බන්ධතාවයක් තිබෙන අතර, එයට තමන්ගේ කර්ම ශක්තිය අදාල වන බවද අප දැනගත යුතු වේ. නපුරට දඩුවම් කිරීම දෙවිවරු පවරන්නෙ තමන්ගේ සේනා වල සිටින යක්ෂ අසුර ආදි අමනුෂ්‍ය ගණයාටය.
ඔබ මේ ජිවිතයේ යහපත්ව සිටියද, පෙර භවයක කල අකුසලයක් තිබුනොත්, ඔබට විරුද්ධව කරන හදි හූනියම්, ගුරුකම් ඔබට බලපෑමට ඉඩ ඇත.
එනිසා මේ ජිවිතය හැකි තරම් යහපත්ව සිල්වත්ව ගත කරන්න. පින්කම් කරන්න. ඒ පින්කම් වලදි භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි දේව මෑණිවරුන්ට ඇතුළු සියලු පිරිසට, සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

#Iru

Tuesday, May 29, 2018

කැළණි රජමහා විහාරය


" සම්බුද්ධ පාදස්පර්ශෙයන් පූජනීය වූ කැළණි රජමහා විහාරය "

_ වන්දනා ගාථාව _

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි
-
කැළණි රජමහා විහාරයට පැමිණි විට මුලින් චෛත්‍ය සහ බෝධිරාජයාද වැඳ ආගමික වතාවත් සිහි කර ඊටපසුව විභීෂණ දේවාලයට ගොස් දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න !


#ඉරු
#කැළණිය #කැළණිරජමහාවිහාරයට #ලංකාව
#kelaniya #kelanirajamahaviharaya #lka
srilanka

Sunday, May 6, 2018

සතියේ ලග්න පලාපලය - මැයි 7 සිට


-
මෙම සතිය තුල සඳු,  මකර - කුම්භ - මීන යන රාශි වල ගෝචර වේ.
-
● මේෂ
  මේ සතිය  මේෂ ලග්න හිමියන්ට, කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

●  වෘෂභ
  මෙම සතිය තුළ වෘෂභ  ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්ය ්‍බහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන්, ඒ නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.
   
-
● මිථුන
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න,  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ලැබෙන්න  පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔන්න මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.
 
    -
● කටක
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස්වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
මේ සතිය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

-
● සිංහ
   ඔබ කාලයක ඉඳලා ණය මුදලක් ගන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ ගැන බැංකුවත් එක්ක කතා කර ගන්න ලැබෙන සුබ කාලයක් තමයි මේ.
රැකියා ස්ථානය නම් තරමක් දුර බැහැර ගමන් බිමන් යෙදෙන පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය. නව රැකියා වලට ඉල්ලුම් කිරීමටත් සුඛ සතියක් වේවි ඉදිරි සතිය.
ඔබගේ නිවාසයේ තියෙන ගැට‍ළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් ලැබෙන්න පුළුවන් සතියක්  තමයි ඉදිරි සතිය.

     -
● කන්‍යා
ඔබගේ අතේ තියන මුදල් ටික පරිස්සම් කර ගන්න වෙනවා, සොර සතුරු උවදුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
ඔබ ඉල්ලුම් කළ තිබුණ රැකියා ප්‍රමාද වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. රැකියා කරන අයට නම් කරදරයකින් තොරව රැකියාව කරගෙන යාමට ඉඩ ලැබේවි.    
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට උදව් කිරීමට ඉඩ ලැබෙන්න පුළුවන් පවුලේ සමගිය වෙනදාට වඩා වර්ධනය කර ගන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්.
   -

● තුලා
   ඔබගෙ ළඟ තියෙන තියන සල්ලි ආයෝජනයක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ සදහා යහපත් කාලයක් ඔබට ඉදිරියට උදා වෙිවි.
ඔයාගේ රැකියා ස්ථානයේ කලින්ට වඩා ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි නව රැකියා ඉල්ලුම් කරලා තිබුණ අයටත් රැකියා ලැබෙන්න පුළුවන්.
නෑයන් සමඟ සිත් අමනාපකමින්  සිටියේ නම් ඒ නෑදෑයින් සමග නෑකම් අලුත් කර ගැනීමට ඉඩ ලැබෙන්නට පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

  -
● වෘශ්චික
     වෘශ්චික ලග්න හිමියන් වන ඔබට මෙම සතිය තුළ තරමක් කල්පනාවෙන් වැඩ කිරීමට සිදු වේවි. තම ආදායම් මාර්ග වල  නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියාව වෙනස් වීමක් හෝ මාරු වීමක් පෙන්නුම් කරන කාලයක් තමයි ඉදිරි කාලය.
ගෘහ ජීවිතයේ අනුන්ට උදව් කරන්න නම් යන්න එපා, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන වගේ වැඩ තමයි වෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න.


     -
● ධනු
පෙර තිබූ ආදායම් මාර්ග වල ගැට‍ළුදායක තත්වයන් වලට ඉදිරි සතිය තුළ විසඳුම් ලැබෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කරදර වැඩි වෙන කාලයක් තම ඉදිරි කාලය. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන.
මව්පියන්ට උදව් කිරීමට පෙරට වඩා කාලය ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මව්පියන් ගෙන් පැසසුම්  ලැබෙනවා.
 
 -
● මකර
  මකර ලග්න හිමියන් ගෙවල් ඉඩම් ගන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා යහපත් කාලයක් ඉදිරියට උදා වෙනවා.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
මෙම සතිය තුළ වන්දනා ගමන් විනෝද සවාරි යාමට ඔබට ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.

    -
● කුම්භ
නව ආදායම් මාර්ග වලට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා වැඩි  ඉඩ ලැබෙන්නට  පුළුවන්. යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ ඇතිවන කරදර හේතු සිත් තැවුල් හේතු හා සිත් තැවුල් මානසික පීඩා අධිකව ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.
නෑදෑයින් හිත මිත්‍රාදීන් නිසා ඉදිරි කාලයේ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න ඔන.

-
● මීන
  ඔබ ආර්ථික ලාභ ලබා ගන්න බලාපොරොත්තුවෙන් ගිවිසුම් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන, වංචා සහගත දේවල් වලට අහු වෙන්න සිදු වේවි.
නව රැකියා ගන්න බලාපොරොත්තුවෙන් ඔබ සිටිය නම්, ඒ සඳහා කැඳවීම් ලිපි ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
අසල්වාසීන් සමඟ සිත් අමනාපකමින්  ඔබ සිටියා නම්  සිත් අමනාපකම් දුරු දුරු කරලා එකට වැඩ කරන්න ඉඩ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

   -

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Sunday, April 22, 2018

සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 23 සිට

සඳු ග්‍රහයා මෙම සතිය තුළ මිථුන - කටක - සිංහ යන රාශි වල ගෝචර වෙයි.
-
● මේෂ
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට ඉඩ ඇත. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලබාගැනීමට ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පින් කටයුතු වලට සිත යොමු වීමට ඉඩ  ඇත.
_

● වෘෂභ
ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත.  නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල සිතට සහනදායී කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.
_

● මිථුන
ආර්ථිකය  ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා විය හැක. ඉඩම් මිල දී ගැනීමේ දී  මුදල් සම්බන්ධ ප්‍රශ්න   ඇති විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ගේ රාජකාරි ස්ථානයේ වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටලුකාරී තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි.

_
● කටක
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. පෙරට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමට හැකියාව ඇත.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි  කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
කටයුතු යාමේදී  කලකිරීම් ඇති වීමට ඉඩ ඇත.
_

● සිංහ
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට නව පියවරක් ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  තමන්ට කිරීමට අපහසු රාජකාරි පවා කිරීමට සිදු විය හැක.
ගෘහ ජීවිතයේ  තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජීවිතයේ අන් අය සමග පැවති සබඳකම් දුරස් වීමට ඉඩ ඇත. සුළු අනතුරු බාධා ඇති විමට ඉඩ ඇත.
_

● කන්‍යා
තමා ආදායම් මාර්ග වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වීමට ඉඩ ඇත. මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.
_

● තුලා
ව්‍යාපාර කරන අයට සුබ කාලයක් වීමට ඉඩ ඇත. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුබ ඵල ලැබෙන කාලයක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදු විය හැක. කාර්මික ක්ෂේත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
ගෘහ ජීවිතයේ අසල්වැසියන්  සමග කටයුතු කිරීමට අවස්ථා උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.
_

● වෘශ්චික
ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.
_

● ධනු
ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

_
● මකර
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා ඉඩ කඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
_

● කුම්භ
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදු විය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු විය හැක.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. රැකියා සොයන අයට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ඉවසීම අඩු වී ඉක්මන් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩ ඇත. තරුණ අයට ගැළපෙන මංගල යෝග  උදා විය හැක.
_

● මීන
නව ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

#srilanka #lka