Thursday, August 11, 2016

ගුරු මාරුව (2016 -08- 11 ~ 2017 -09- 12)


ග්‍රහ ලොව සුරගුරු, සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා අගෝස්තු 11 වනදා රාත්‍රියේ සිංහ රාශියේ සිට කන්‍යා රාශියට පැමිණෙයි.
2015 ජුලි 14 සිට පුරා වසරකට වැඩි කාලයක් ගුරු, සිංහයේ සිටියේය.

කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයේ 2(ධනස්ථානය) සහ 11(අයස්ථානය) අධිපති වන්නේ ගුරු ග්‍රහයාය.
ලංකා කේන්දරයේ 7 වැන්නේ සිටි ගුරු ග්‍රහයා 8 වැන්නට පැමිණෙයි.
- 2017 සැප්තැම්බර් 12 වනදා දක්වාම ගුරු කන්‍යා රාශිය වන 8 වැන්නේ සිටි.
‘
ලග්න 12ට මෙම මාරුවේ පලාපලය මෙසේය.

( පොදු පලාපලයක් පමණී - කේන්දර සටහන අනුව වෙනස් විය හැක)

-

● මේෂ
සමඵයි.
ගුරු එන්නේ 6 වැන්නටය. 6 වැන්න කේන්දරයේ සතුරු ස්ථානයයි.
තමන්ගේ ආර්ථික තත්වයේ යම් දුර්වලතා, බිඳ වැටීම් සිදුවිමට ඉඩ ඇත. කෙසේ වුවද එතරම්ම ලොකු බාධාවක් ආර්ථිකයට කෙරෙන්නේ නැත.
එනිසා එවන් කටයුතු වලදී බුද්ධියෙන් කටයුතු කල යුතුමය. මූල්‍ය කළමනාකරණය අනිවාර්යයෙන්ම කල යුත්තකි.
විශේෂයෙන් ඔබට සිටින සතුරන්ගෙන් බාධා, කරදර ඇතිවන්නටද ඉඩ ඇති කාලයකි.
ගෘහ ජිවිතය තුලද ඉවසීම මද විම තුල ගැටළු ඇතිවිමටත්, ඥාතින් සමග ගැටළු ප්‍රශ්න ඇතිවිමටත් ඉඩ තිබේ.
මේ සියලු ගැටළු වලදී ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු නොකිරීම, නීතිමය ගැටළු දක්වා දුරදිග යාමේ හේතුද විය හැකියි.
ලබන ජනවාරියේ අවසානයේ සෙනසුරු ඒරාෂ්ටකය අවසන් වීමත් සමග තත්වය වඩා යහපත් වනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැනද විශේෂයෙන් අවදානමත්ව ගත කල යුතු කාලයකි.
- ගුරු මහ දසා ගත කරන අයට සහ කේන්දරයේ ගුරුගේ බල දුබල බව, චන්ද්‍රයාගේ ස්වභාවය යනාදි තත්වයන් මත මේ පලාපලයේ වෙනස් වීම් ඇතිවිය හැක.

-

● වෘෂභ
ශුභයි.
ගුරු එන්නේ 5 වැන්නටය. 5 වැන්න වන්නේ අධ්‍යාපන ස්ථානයයි.
මෙතෙක් පැවති බලාපොරොත්තු ඉටු වීමද, කැපවීමෙන් කටයුතු කිරීමේ හැකියාවට අවශ්‍ය කඩිසර බවද ඇති වෙයි. ව්‍යාපාර වලින් මනාව ලාබ ලබා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුමය. අනාගතයේ දියුණුව වෙනුවෙන් යම් වටිනා පියවර රාශියක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
නව දැනුම ලබා ගැනීමට සහ අධ්‍යාපන කටයුතු වලට සුභයි.  රැකියාවේ කටයුතු වලින් දියුණුව සහ අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල වාසනාව මතුවෙයි. අඹු සැමියන් අතර සමගිය තහවුරු වෙයි. ප්‍රේම සබදතා වලට පැවති බාධක දුරු වන්නට මෙන්ම වැඩිහිටි ආශිර්වාදය පවා ලැබිය හැක. විනෝද අවස්ථා මෙන්ම ආගම දහමට නැඹුරුව කටයුතු කරන්නටත් අවස්ථාව උදා වෙයි.
වාසනාවන්ත දරු උපත් අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයේ යහපත් තත්වයක්ද ඇතිවිය හැක.

-

● මිථුන
තරමක් ශුභයි.
ගුරු එන්නේ 4 වැන්නටය.
මේ කාලයේ සතුටින් ගත කරන්නට හැකියාව ඇත.
ව්‍යාපාර වල දියුණුව ඇතිවේ. තැන්පත් ධනය ඉහල යා හැක. භූමි ලාභ අපේක්ෂිතය. ගේ දොර ඉඩකඩම් වාසනාව මෙන්ම, ඒවා මිලදි ගැනීම්, අලුත්වැඩියා කිරීම්, යනාදියටත් හොඳ කාලයකි.
වෙනදාට වඩා කැපවීමකින් කටයුතු කරන්නට හැකියාව ලැබෙන අතර බොහෝවිට එයින් ජය ලබා ගැනීමේ හැකියාවද පවති. මේ සුභ තත්වයන් වලට බුද්ධිමත්ව කටයුතු කිරීමද ඉතා වැදගත් බව සිතේ තබාගන්න.
රැකියාවේ දියුණුව, උසස් වීම් ලබන්නට වාසනාව ඇත.
විදේශ ගතවීමට සිතා සිටියා නම් ඒ පැතුම්ද ඉටු වීමට වැඩි ඉඩක් පවති.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
ගෘහ ජිවිතයද සතුටින් සාමකාමිව ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදිය ගැන වැඩි වශයෙන් අවදානමත් වන්න.

-

● කටක
තරමක් ශුභයි.
ගුරු එන්නේ 3 වැන්නටය.
සහෝදරකාරකාදීන්ට සුභ කාලයකි. පැතුම් ඉටු කරගැනීමට තරමක් කැපවිය යුතුය. මනාව සැලසුම් සහිතව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.
අනාගතයේ දියුණුව වෙනුවෙන් නිසි පියවරක් ගැනීමට හැකියාව ලැබෙයි. නමුත් සතුරු කරදර සහ රැවටිලිකාර අය නිසා යම් තරමක් හෝ බුද්ධිමත්ව කටයුතු කල යුතුමය. රැකියාවේ කටයුතුද මනා බුද්ධියෙන් යුතුව කරන්නේ නම් යහපත් ප්‍රතිඵල ලැබිය හැක.
ආර්ථික තත්වය යහපත් වුවද වියදමද ඉහල යා හැක. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න. හදිසි ධනලාභ වාසනාවද ඔය අතර පවති.
විදෙස් ගතවීම් වලට සුභයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත කිරිමේ හැකියාව ඇත. ඇසුරු කරන අය සමග යම් භේද, හිත් නොහොදකම් ඇතිවිමට හේතු ඇති වෙයි. කෙසේ වුවද පවුල් වල අයගේ උදව් - උපකාරද හිමිය.  මංගල යෝග උදා වෙයි. අවිවාහක අයට පෙම් සබදතා ඇතිවිමේ වැඩි ඉඩක් පවති.
අධ්‍යාපන කටයුතු වලට ඇති උනන්දුව අඩුවිය හැකි නිසා දෙමාපියන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වඩා අවදානමත් වන්න.
නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුය.

-

● සිංහ
ශුභයි.
ගුරු එන්නේ 2 වැන්න වන ධනස්ථානයටය.
කටයුතු සාර්ථක වෙයි. උදව් ලැබේ. ආර්ථික තත්වය වඩා යහපත් වෙයි. ආදායම දියුණු වෙයි. බුද්ධිමත් භාවය විශේෂයෙන් වැඩි වන මේ කාලයේ අධ්‍යාපන කටයුතු වලටත් සුභයි. ව්‍යාපාර - හවුල් ව්‍යාපාර වලට සුබයි.
දේපල ලාභ ලැබෙයි.
සතුරු බාධක දුරු වෙන, සතුරන් නැති වෙන කාලයකි.
සමාජශීලි කටයුතු, අන් අයට උදව් උපකාර කටයුතු කරන්නේ නම් වෙනදාට වඩා සමාජයේ කැපී පෙනෙන, ඔබගේ ගුණ ඇගයීමට ලක්වන කාලයකි.
මේ සියලු සුභ තත්වයන් සමග ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කල යුතුමය. කලබලයෙන් කටයුතු නොකරන්නට වැඩ බලාගත යුතුය.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැකියි. නව නිවාස සෑදිමට හෝ නව නිවාස වල පදිංචියට යෑමට සුබ කාලයකි.
අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලට සුබයි.
සෞඛ්‍ය තත්වය වඩා යහපත් වෙයි.

-


● කන්‍යා
සමඵලයි.
ගුරු එන්නේ 1 වැන්න වන ලග්නයටය.
ගුරු පවතින්නේ සතුරුව නිසාද කන්‍යාවට බාධක ග්‍රහයා වන ගුරු වීමද තරමක් අසුබ ඵල ලැබෙයි. බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු නොකිරීම තමන්ගේ කටයුතු වලට බාධා, අන් අයගේ නොසැලකිල්ලට මෙන්ම අන් අය සමග හිත් නොහොඳකම් ඇතිවීමටත් හේතුකාරක විය හැකියි. විශේෂයෙන් මනාව සිතා බලා, සැලසුම් කර කටයුතු සාර්ථක  කරගන්නට සිතන්න.
ලබන්නට තිබුනු දියුණුව අඩාල වීමටද හේතුවක් විය හැක. තමන්ගේ හැකියාව, වටිනාකම් වෙනත් අය ඔවුන්ගේ වාසියට පමණක් භාවිත කරන්නටද ඉඩ ඇත.
රැකියාවේ දියුණුව අපේක්ෂිතයි. එහෙත් බාධා සහිතය.
කෙසේ වුවද අධ්‍යාපන කටයුතු වලට සුභ කාලයකි.
සෞඛ්‍ය තත්වයේ දියුණුවක් ඇතිවිය හැක. රෝගාබාධ ගැන සැලකිලිමත් වීමද වටී.


-


● තුලා
ශුභයි.
ගුරු එන්නේ 12 වැන්නටය. එය විපරීත වශයෙන් සුභ තත්වයක් ඇති කරයි. මනාව සිතා බලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
මෙය ශුභ - අශුභ බව චන්ද්‍රයාගේ පිහිටිම අනුව තීරණය වෙයි. පොදුවේ සුභයි.
රැකියාවේ හෝ පදිංචියේ වෙනසක් අපේක්ෂිතයි. ආදායම තත්වය යහපත් වුවද වියදම්ද අධික වන්නට ඉඩ ඇත. විශේෂයෙන් පින් කටයුතු උදෙසා, සමාජ සේවා කටයුතු වෙනුවෙන් වියදම් අධික වන්නට ඉඩ ඇත.
සතුරු කරදර බාධක ඇතිවන්නටද යම් ඉඩක් ඇති වුවද ඒවා පරාජය කල හැක.
ගෙදර දොර ජිවිතය යහපත්ව ගත වේ. මංගල යෝග ඇති වෙයි. ප්‍රේම සබදතා දියුණු වෙයි.
වෙනදාට වඩා ආගම දහමට කටයුතු කරයි.  දරුවන්ට සුබයි. පින්වත් දරු සම්පත් අපේක්ෂා කල හැකි කාලයකි.
සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්නට වග බලාගන්න.


-


● වෘශ්චික
ශුභයි.
ගුරු එන්නේ 11 වැන්නටය.
ආදායම වර්ධනය වෙයි. ආර්ථික තත්වය සතුටුදායක වෙයි. තැන්පත් ධනය ඉහල යයි. නව මිතුරන් ඇසුර මෙන්ම, මිතුරන්ගේ උදව් ලැබේ. දේපල ලාභ හිමි වේ. යාන - වාහන වාසනාවද හිමිය. හදිසි ධනලාභ අපේක්ෂා කල හැක. වෙනදාට වඩා ජයග්‍රහණ අපේක්ෂිතය.
රැකියාවේ දියුණුව සහ උසස් වීම්ද අපේක්ෂිතය. උසස් අයගේ ඇසුර ලැබෙයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත කිරිමේ හැකියාව ඇත. මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලටද සුබයි.
සමාජයේ ඔබේ හොඳ නම පැතිරෙන කාලයකි. සමාජ සේවා කටයුතු වලට සුබයි.
දරුවන්ට සුභ කාලයකි.
අධ්‍යාපන කටයුතු වල නිරත වන සියලුදෙනාට යහපත්ය.
සෞඛ්‍ය තත්වයද වඩා යහපත් වනු ඇත.
- ලබන ජනවාරියේ අවසානයේ ඒරාෂ්ටක අපල දෝෂ දුරු වූ පසු වඩාත් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

-


● ධනු
තරමක් ශුභයි.
ලග්නාධිපති ගුරු එන්නේ 10 වැන්නටය.
වෙනදාට වඩා යහපත් කාලයක් බව කිව හැක. ඉවසීම ප්‍රගුණ කරගත යුතුය. දියුණුව ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි. තැන්පත් ධනය ඉහල යනු ඇත. හදිසි ධනලාභ වාසනාවද පවති.
විදේශ ගමන් වලට තරමක බාධා ඇත.
යාන - වාහන, දේපල ලාභ අපේක්ෂිතය.
රැකියාවේ දියුණුව සහ උසස් වීම අපේක්ෂිතය. රැකියාවේ කටයුතු වලදි මනා බුද්ධියකින් කටයුතු නොකලොත් නීතිමය ගැටළු ඇතිවීමේ ඉඩක්ද පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. පවුලේ අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. එනිසාම සතුටක් ලැබිය හැක.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. තරඟ විභාග වලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය  වෙනදාට වඩා යහපත් වනු ඇත. කෙසේ වුවද සෙම් ආශ්‍රිත රෝග සහ උෂ්ණාධික රෝග ගැන සැලකිලිමත් වන්න.
ලබන ජනවාරියේ අවසානයේ ඒරාෂ්ටක අපලයේ මුල් කොටස අවසන් වූ වඩාත් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

-


● මකර
ශුභයි.
ගුරු එන්නේ 9 වැන්නටය.
සිතට සතුට ලැබෙන, අධිෂ්ඨානයෙන් කටයුතු කල හැකි කාලයකි. ව්‍යාපාර වලට සුබයි.
අධ්‍යාපන කටයුතු වලට, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. ගමන් අධික වන කාලයකි.
වෙනදාට වඩා ධාර්මික වීමටත්, දහමට නැඹුරුව කටයුතු කරන්නට සිත් දෙන කාලයකි.
විදේශ ගමන් වලට සුභ කාලයකි. එම කටයුතු සඵල කරගැනීමට හැකියාව ලැබෙයි. අන් අතර කැපී පෙනෙයි, සමාජය වෙනුවෙන් කරන කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. අන් අයගේ ප්‍රශංසාවට බඳුන් වෙයි. සිතට සතුට ලැබේ.
නව යාන වාහන මිලදී ගැනීම් වලට සුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. මංගල යෝග යෙදෙයි. ප්‍රේම සබදතා ස්ථිර වෙයි.
අධ්‍යාපන කටයුතු වලට සෑම අතින්ම සුභයි.
වාසනාවන්ත දරු උපත් අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයටද පොදුවේ සුබ කාලයකි.

-

● කුම්භ
ශුභයි.
ගුරු එන්නේ 8 වැන්නටය.
ව්‍යාපාර කටයුතු වලට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ මනා බුද්ධියෙන් යුතුව ඒ කටයුතු කිරීම සහ මනා කළමනාකාරිත්වයෙන් කලොත්ය. යම් යම් ගැටළු බාධක මෙන්ම වංචාකාරි අයට රැවටීම් වලට ලක් වීමේ යම් අවදානමක්ද පවති.
අනවශ්‍ය ලෙස අන් අයව විශ්වාස කිරිමෙන් වලකින්න.
බුද්ධියට මුල් තැනදී තමන්ගේ විශ්වාසවන්ත අය සමග පමණක් ව්‍යාපාර කටයුතු සහ එම කටයුතු වලට මුහුණ දීම් ආදිය කල යුතුය. මේ තත්වයන් අවබෝධයෙන් කටයුතු කිරීම තුලින් ව්‍යාපාර වලින් ජය ලැබෙයි.
හදිසි ධනලාභ වාසනාව පවති. උසස් අයගේ ඇසුර මෙන්ම උදව් උපකාරද හිමිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. දරුවන්ගේ තත්වය වැඩි දියුණු වේ. දරුවන්ට සුබයි. අධ්‍යාපනයට සුබයි එසේ වුවද බාධා පවතියි.
සෞඛ්‍ය තත්වය යහපත් වුවද, සෞඛ්‍ය තත්වය ගැන අවදානමත්ව සිටිය  යුතුය.


-


● මීන
ශුභයි.
ලග්නාධිපති ගුරු එන්නේ 7 වැන්නටය.
ආදායම් තත්වය යහපත් වෙයි. ව්‍යාපාර වලට සුබයි. කටයුතු සාර්ථක වෙයි.  අන් අය අතර කැපී පෙනෙන, ජනප්‍රියත්වය ඉහල යන කාලයකි.  කඩිසර වන කාලයකි. දේපල ලාභ, භූමි වාසනාව යනාදියද සියලු දියුණුවට, පවුලේ දියුණුවට වාසනාව ගෙනෙයි.
රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂිත කාලයකි.
තරමක හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. පවුලේ අය වෙනුවෙන් කැප වන කාලයකි. මංගල යෝග උදා වන කාලයකි. ප්‍රේම සබදතා සාර්ථක වෙයි. සතුරන් පරාජය වෙයි. ධන ලාභ ලැබේ. තමන්ගේ තත්වය උසස් වේ. අන් අයගේ ප්‍රශංසාවට ලක් වෙයි. සතුටින් සිටින කාලයකි. විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ වලට අවස්ථා ලැබෙයි.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. ජයග්‍රහණ ලැබේ.
මීන ලග්න දේශපාලකයන්ට විශේෂයෙන් සුභයි.
සෞඛ්‍ය තත්වයට සුබයි. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුයි.

Wednesday, August 10, 2016

ශ්‍රී පාද පද්මයට වඳින ගාථාව



යං නම්මදාය නදියා පුලිනෙ ච තීරෙ
යං සච්චබද්ධ ගිරිකෙ සුමනාචලගේග
යං තත්ථ යොනකපුරෙ මුනිනොච පාදං
තං පාදලාඤ්ජනමහං සිරසා නමාමි 



මෙම ගාථාව කියා වන්දනා කරන විට ශ්‍රී පාද පද්මය ඇතුළු ශ්‍රීපාදස්ථානය සුරකින සකෘදාගාමි තත්වයට පත්ව ඇති සුමන සමන් දිව්‍යරාජයාණන්වහන්සේටද පින් අනුමෝදන් කරන්න.
විශේෂ වශයෙන් “ඉෂ්ට දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට මේ පින් ලැබේවා“ යි පතන්න.

Monday, August 8, 2016

සතියේ ලග්න පලාපලය - අගෝ.08-14 (2016)

● මේෂ
මූල්‍ය ප්‍රශ්න මතු වෙන්නට ඉඩ ඇත. ව්‍යාපාර වලට බාධා, බිඳ වැටීම් සිදුවිය හැක. ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කල යුතුවේ නැත්නම් ගැටළු තවත් මතුවේ.
රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ දෝෂාරෝපණයට ලක්විය හැක. රැකියාවේ අතපසුවීම් සිදුවිය හැක. නව රැකියා අවස්ථාද ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසිය යුතුවේ. නෑයන් සමග තිබුුනු සබදතා බිද වැටිය හැක. හිතමිතුරන් විරසක විය හැක.
අධ්‍යාපන කටයුතු වලට බාධා මතුවිය හැක.

-

● වෘෂභ
ව්‍යාපාර සඳහා සුභ කාලයකි. ආර්ථික ගැටළු විසඳෙන කාලයකි. මෙතෙක් තිබු ගැටළුකාරි තත්වය සමනය වෙයි. අලුත් ව්‍යාපාරික සබදතා ගොඩනගා ගැනිමට හැකි වෙයි.
රැකියාවේ කටයුතු වලදී උසස් වීම් තිබු බාධා ඉවත් වෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි.
තරඟ විභාග ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ. වාසි සහගත දුර ගමන් යෙදිය හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු සදහා යම් පියවරක් ගැනීමට සිදුවෙයි. මාපිය පාර්ශවයෙන්, නෑයින්ගෙන් ප්‍රශංසා හිමි වෙයි.
උසස් ඉගෙනීම් වලට වරම් ලැබෙයි.
ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබෙයි.

-

● මිථුන
නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට සුදුසු කාලයකි. ව්‍යාපාර වලින් ලාභ ලැබෙයි. ව්‍යාපාර වැඩි දියුණු වෙයි. මූල්‍යමය ගැටළු විසදා ගැනීමට හැකි වෙයි.
බලාපොරොත්තු නොවු මොහොතක හදිසි ධන වාසනාවක් උදාවිය හැක.
රැකියාවේ ව්‍යාපාරික කටයුතු කරන අයට සුභ කාලයකි. ප්‍රධානීන් සමග ගැවසීමටත්, එයින් අත්දැකීම් මෙන්ම බොහෝ වාසි අත්කර ගැනීමට හැකියාව ලැබෙයි.
ගෘහ ජිවිතය සුභ කාලයකි. ප්‍රීතියෙන් ගත කිරිමට හැකිය. ආගමික කටයුතු වලට සිත යොමුවෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබයි.
දරු සම්පත් අපේක්ෂා කරන අයට සුභදායි තත්වයක් ඇති වෙයි.

-

● කටක
ව්‍යාපාර කටයුතු සුභදායි වෙයි. එහෙත් ආර්ථික පැත්තෙන් ගැටළු සුළු වශයෙන් මතුවිය හැක. නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට සුභ කාලයකි. ව්‍යාපාර වල තිබුනු ගැටළු විසදෙයි. ලොතරැයි ජයග්‍රහණ නොසිතූ මොහොතක හිමි කර ගැනීමේ වාසනාවද සහිතය.
රැකියාවට සුභ කාලයකි. උසස් වීම් ලැබෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි. තරඟ විභාග ආදියට මෙතෙක් තිබූ බාධා ඉවත් වෙයි.
ගෘහ ජිවිතය තුල මව්පියන්ගේ ගෞරවයට පාත්‍ර වෙයි. කාර්යබහුල විය හැක. දුර ගමන් යෙදිය හැක.
නිදන්ගත රෝග වලින් පෙලෙන අයට තරමක යහපත් සෞඛ්‍ය තත්වයක් අපේක්ෂා කල හැක.

-

● සිංහ
ව්‍යාපාර කටයුතු වැඩි දියුණු වෙයි. ව්‍යාපාර වල ලාභය දෙගුණ වෙයි. මෙතෙක් තිබූ බාධා ඉවත් වෙයි. ආර්ථික ගැටළු විසඳෙන කාලයකි. වැය පාර්ශවය වැඩි වන බැවින් එය අඩු කර ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතු බව සිතේ තබාගන්න.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා වල යෙදෙන අයට තනතුරු උසස් වීම්, බලතල වැඩි වීම් අපේක්ෂිතය. ශාස්ත්‍රීය අංශය සහ කලා අංශයේ යෙදෙන අයට සුභ ප්‍රතිඵල ලබාගත හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු වලට අන් අයගේ උදව් ලැබේ. පෙම්වතුන් තුල තිබූ විරසක භාවයන් දුරු වෙයි. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුභදායි පියවර ගත හැක.

-

● කන්‍යා
කාර්යබහුල වැඩ කටයුතු වලින් ලාභයක් ගැනීමට හැකියාව ලැබේ. ව්‍යාපාර වල මෙතෙක් තිබූ බාධා තත්වයන් ඉවත් වෙයි. ණය ලැබෙයි. පොලව ආශ්‍රිත ව්‍යාපාර කරන අයට සුභ කාලයකි.
ඉඩම් මිලදී ගැනීමට සුබ කාලයකි.
රැකියාවේ දුර ගමන් යෙදිය හැක. එම ගමන් වලින් සුභ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි. ප්‍රධානින්ගේ පැසසුමට ලක් වෙයි. විදෙස් ගමන් වලට අවස්ථාව උදා වේ.
ගෘහ ජිවිතය තුල තරමක් පීඩාකාරි තත්වයක් ඇති වන අතර, සුළු සුළු සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත. විවාහ කටයුතු වලට බාධා මතුවිය හැක.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව උදා වෙයි.

-

● තුලා
ධනය තර කර ගැනීමට අවස්ථා උදා වෙයි. මෙතෙක් තිබූ බාධා ඉවත් වෙයි. කාලයක් තිස්සේ තිබු ප්‍රශ්නයකට විසදුම් ලැබේ. මූල්‍යමය අංශයෙන් ණය ලැබේ.
වෙළද ව්‍යාපාර වලට සුභ කාලයකි.
ආරක්ෂක අංශයේ රැකියා වල නියුතු අයට සුබයි, උසස් වීම් ලැබේ. නව රැකියා අවස්ථා ලැබේ. ප්‍රධානින් සමග කාලය ගත කිරිමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. පෙම්වතුන් තුල, සුළු සුළු අමනාපකම්, සිත් තැවුල් ඇති වීමට ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට තරමක් අසුබ කාලයකි.
ශරීර සෞඛ්‍ය යහපත් වේ.

-

● වෘශ්චික
ආදායම් මාර්ග ඇහිරෙන්නට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩි වෙයි. ණය ගනුදනෙු වලින් ප්‍රවේසම් විය යුතුය. ව්‍යාපාරය පවත්වාගෙන යාමට යම් පියවරක් ගැනීමට සිදු වෙයි.
රැකියාව කරගෙන යාමට බාධා ඇති වෙයි. නව රැකියා අවස්ථා වලට ප්‍රමාද වීම් ඇතිවිය හැක. ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
විදෙස් ගමන් වලට මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.
ගෘහ ජිවිතය තුල රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත. නීතිමය ගැටළු මතු වීමටද ඉඩ ඇත. නෑයින් සමග ගැටුම් අැති විමේ ඉඩක් ඇත.
අධ්‍යාපනයට අසුබ කාලයක් වේ, දැඩි බාධා පැමිණිය හැක.

-

● ධනු
ව්‍යාපාර වලින් ලාභ ලැබීම ප්‍රමාද විය හැක. ණය ගනුදෙනු වලදි ප්‍රවේශම් විය යුතුය. ණය දුන්නොත් නොලැබී යාමට ඉඩ ඇත. බලාපොරොත්තු නොවූ මොහොතක ව්‍යාපාරයට කරදර පැමිණීමට ඉඩ ඇත.
රජයේ රැකියා වල නියුතු අයට රැකියා ස්ථානයන් මාරු විය හැක. නව රැකියා අවස්ථා උදා වෙයි. ආයතන ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වේ. රැකියා ස්ථානයේ සතුරු කරදර මතුවීමේ අවදානමක්ද පවතින බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල මත ගැටුම් ඇතිවිය හැක. පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන අයට ජය ලබා ගැනීමට හැකියාව ලැබේ.
රුධිරය ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇත. ශරීර සෞඛ්‍ය පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුය.

-

● මකර
අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට සුබ කාලයකි. ව්‍යාපාර වල ගැටළු නිරාකරණය වෙයි. ව්‍යාපාර වලින් ලාභ ලැබීමට යම් පියවරක් ගැනිමට සිදු වෙයි. සතුරු කරදර දුරු වෙයි. ව්‍යාපාරික මිත්‍ර සබදතා ගොඩනැගෙයි.
රැකියාවේ කටයුතු කරන අයට, ගුරු වෘත්තියට සුභ කාලයකි. ස්ථාන මාරු වීම් ඇතිවිය හැක. දුර බැහැර ගමන් බිමන් යෙදිය හැක. වැඩ අධික විය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා ගොඩ නැගෙයි. ඥාතින්ගෙන්, අසල්වැසියන්ගෙන්  ලාභ ප්‍රයෝ්ජන අත් විය හැක.
අධ්‍යාපන කටයුතු වල නියුතු දරුවන්ට සුබ කාලයකි.

-


● කුම්භ
මූල්‍ය තත්වයේ කරදර ඇතිවිය හැක. අය පාර්ශවයට වඩා වැයවීම් ඉහල යාමට ඉඩ ඇත.
මුදල් ඉතිරි කර ගැනීමට කැපවීමෙන් යම් පියවරක් ගැනීමට සිදුවෙයි. ව්‍යාපාර ගැටළු, මූල්‍යමය ගැටළු මතුවිය හැක. ලොතරැයි වාසනාව හිමි විය හැක.
රැකියාවේ සතුරු කරදර ඇතිවිය හැක. ප්‍රධානින් සමගද මත ගැටුම් ඇතිවිමේ අවදානමක් පවති. කෙසේ වුවද ඒවායින් ජය ලබා ගැනීමට හැකියාව ලැබෙයි. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ ජයග්‍රහණයක් නිසා සතුටු විය හැක. මංගල යෝග උදා වේ.
උසස් අධ්‍යාපනයට වරම් ලැබෙයි.

-

● මීන
සතුරු කරදර මැඩ පවත්වා ගත හැක. ව්‍යාපාර තුල තිබූ ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. සිතට සහනයක් ගෙන දෙයි. මූල්‍යමය ප්‍රශ්න විසදෙයි.
රැකියා වල නිරත අයට ස්ථාන මාරු වීම් සිදුවිය හැක. ප්‍රධානින් සමග ගැවසීමට සිදුවිය හැක. රැකියා ලැබීම් ප්‍රමාද විය හැක. රැකියා වල අලුත් කරදර ඇතිවිමේ ඉඩක්ද පවතින බැවින් ඉවසීමෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල සුළු සුළු ගැටළු ඇතිවිය හැක. හොද හිත පළුදු විය හැක. පදිංචි ස්ථානය මාරු වීමටද ඉඩ ඇත.
අධ්‍යාපනයෙන් ජයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

Saturday, August 6, 2016

ගනේශ්වර දෙවියන්

ලෝක පාලක ඊශ්වර මහ දෙවියන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවියන් සියලුමදෙනාගේ ගෞරව බහුමානයට පාත්‍රව හිඳී.
වතාවක් අපට ත්‍රී රෝද රථ මහතෙකු කීවේ, “ගිහින් එන්නම් මචං කිව්වත්“ පිහිටාරක්ෂාව සැලසෙන බවයි.

එනිසාම බොහෝ මෘදු දෙවි කෙනෙක් ලෙස ප්‍රචලිතව ඇතත්, අයුක්තියට අසාධාරණයට එරෙහිව කටයුතු කරන ඍජු ගති ඇති දෙවි කෙනෙකු ලෙසද ප්‍රසිද්ධය.

** තවද විශේෂ කරුණක් වන්නේ, මෙම දෙවියන්ට වන්දනාමාන කරන්නට විශේෂ දිනයක් හෝ දිශාවක් නැත. දවසේ කුමන වෙලාවක වන්දනා කලද ගැටළුවක් නැත.

ගණ දෙවියන් ගැන කියන මහා පරිමාණ ව්‍යාපාර ඇතත්, ඒවා කිසිවකට ගණ දෙවියන්ගේ සම්බන්ධයක් නැත. දෙවිවරු එවන් කටයුතු වලට සම්බන්ධ වන්නේ නැත, අධ්‍යාත්මිකව දියුණු නිසාය.
ඒ ඒ අයට තමන්ගේ හොඳ කර්ම ගෙවී ගිය විට, ගණ දෙවියන් පෙන්වාගෙන කරන වංචා වලට විපාක ලැබෙනු ඇත.

ඔබද ගණ දෙවියන්ට ගරු කරන්නේ නම් මූලිකව කල යුත්තේ නිසි පැවැත්මෙන් හිඳීමත්, සීලය රැක ගැනීමත්, නිසි පින්කම් කර ඒ පින් ගණ දෙවියන්ටද ලැබේවායි පැතීමත්ය( සිතින් සිතුවත් හොදටම ඇතිය. ගණ දෙවියන්ට පින් දෙන ගාථාව ඉල්ලමින් අපට මසේජ නොකරන්න).

ඔබ යහපත් කෙනෙක් නම්, අකුසල කර්මයක් ගෙවන්නේ නැත්නම් ගණ දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්ය ලැබෙනු ඇත.

Thursday, August 4, 2016

මහ දෙවියන් හෙවත් ශිව දෙවිඳුන්

හින්දු දේව කතා වල සඳහන් වන නිසා ලංකාවේ අපිට මහ දෙවියන් ගැන එතරම්ම හැඟීමක් නැත.
කතරගම දෙවියන්ට, භද්‍රකාලි මෑණියන්ට හෝ පත්තිනි මෑණියන් තරම් අපට ශිව දෙවියන් ගැන අදහසක් නැත.
- කෙසේ වුවද මැද විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන කොටසේ සිටින බලගතු, අනුහස් සහිත දෙවි කෙනෙකි.

කෙසේ වුවද, ලෝකයටම අධිරාජ්‍යයෙක්ව සිටි මහා රාවණ මහ රජතුමා දැඩි ශිව භක්තිකයෙක් බව සඳහන්ය. යෝග බලයෙන් යුතු රාවණ රජතුමාට ඒ සම්බන්ධව ආශිර්වාද ලබාදීමට මූලික වී ඇති දෙවි කෙනෙකි ඊශ්වර දෙවියන්.

● ඊශ්වර දෙවියන්ට දේවීන් 3ක් යැයි සඳහන් වේ.
ප්‍රධාන දේවිය වන්නේ පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන්ය.
ඊලගට ගංගා දේවිය ගැන සඳහන් වන අතර උමයංගනා දේවිය ගැනද සඳහන් වෙයි.

● ලංකාවේ අතිමහත් වන්දනයට පාත්‍ර වන ස්කන්ධ කුමාර හෙවත් කතරගම/මුරුගන් දෙවියන්ගේද, සැමගේ ආදරයට පත්ව සිටින ගනේශ්වර හෙවත් ගණ දෙවියන්ගේද, කැලේ දෙවියන් යන නමින් ගෞරවබහුමානයට ලක්වන, අයියනායක බණ්ඩාර දෙවියන්ගේද පියා වන්නේ ශිව දෙවියන්ය.
- මෙහිදී ශිව දෙවියන් පෙර ආත්ම භාවයේ බලගතු ඍෂිවරයෙකි. අයියනායක බණ්ඩාර දෙවියන්ද පෙර ආත්ම භාවයේ ඍෂිවරයෙකි.

● සූර්යයාට මූලිකව ප්‍රධානත්වය දරන්නේ ශිව දෙවියන්ය. එනිසා හිරුගේ අපල දුරු වීමට මූලිකව පින් දිය යුත්තේ, ශිව දෙවියන්ටය. රාහු - කේතු ග්‍රහ පීඩනයන්ගෙන් මිදීමටද පින් දිය යුත්තේ ශිව දෙවියන්ටය.
* සූර්ය වන්දනාව පවා මුලින් ශිව දෙවියන්ට වන්දනා කර, ඉන්පසු සූර්ය දිව්‍ය රාජයාට වන්දනාමාන කිරීම යහපත්ය.

● තවද විශේෂයෙන් කිව යුත්තේ, දැන් සහ විශේෂයෙන් ඉදිරියේ පැමිණෙන වසර වල ධර්මයට ලෝකයම නැඹුරු වන කාලයක් උදාවෙමින් පවතින බවය. එහිදී අකුසල් තිබෙන පව්කාරයන්ට ඔවුන්ගේ කර්ම විපාක අනුව දඬුවම් දෙන්නට මූලික වන දෙවි කෙනෙකි ශිව දෙවියන්. ශිව දෙවියන්ගෙන් බලය ලබාගෙන දුර්ගා මෑණියන් සහ මහා භද්‍රකාලි මෑණියන් අධර්මය නැසූ ආකාරයන් ගැන පරණ කතා වල දැක්වේ.

- අපට කීමට උවමනා වන්නේ, ඔබ තව තවත් ධාර්මික විය යුතු බවයි.
- පසුගිය කාලයේ රට පුරා ඇති කල මතයක් ලෙස, සල්ලි තියෙනව නම් දෙවියන් උනත් යටයි යන කාරණය දැක්විය හැක. එසේ වුවද දෙවියන් සල්ලි හෝ වෙනත් කිසිවකින් රැවටිය නොහැක. දෙවිවරුන්ගේ අධ්‍යාත්මික ගුණය වැඩි අතර, අපට වඩා දහම ගැන අවබෝධයද වැඩිය.
එනිසා ඔබ යහපත් කෙනෙක් නම් පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කරන්න.
වැඩියෙන් ලොකු පූජා වට්ටියට දෙවිවරු කැමතියි යන මිථ්‍යා මත වලින් මිදෙන්න. තවද ඕනෑම දේවාලයක පැවැත්මට එතන සිටින කපු මහතුන්ට මුදල් දීම වරදක් නැත. එවන් තැන් පවත්වාගෙන යා යුතු බැවිනි. නමුත්
ඒ මුදල වැඩිවීම මත දෙවියන් ඔබට ආශිර්වාද නොකරයි.

● දෙවියන් ආශිර්වාද කරන්නේ සිල්වත් ගුණවත් යහපත් අයටය. ඔබට අකුසලයක් නැත්නම් ඔබ යහපත් කෙනෙක් නම් අනිවාර්ය ඔබට දෙවිවරු ආශිර්වාද කරනු ඇත. එය සිහි තබාගෙන කටයුතු කරන්න.

● කරන සියලු පින්කම් වලදී, මතක තබාගන්න පින්කම් කරන්නට මුදල් උවමනා නැත. අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාවයි.
කෑම කෑමෙන් අනතුරුව ඉඳුල් ස්වල්පය සහිත පිඟාන සේදීමේදී පවා, “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතුන්ට ආහාරයක්, පානයක් වේවා “ යැයි ප්‍රාර්ථනා කිරිමම පින් ලැබෙන කටයුත්තකි.

ඒ ආකාරයට කරන සියලු පින්කම්, “ඉෂ්ට දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි “ සිතින් ප්‍රාර්ථනා කරන්න( එක් එක් දෙවියන්ට පින් දෙන ගාථා කියන්නට අත්‍යාවශ්‍ය නැත).

එවිට ඔබගේ යම් අකුසලයක් පාපකර්මයක් අපලයක් තිබුනද ඒවායේ තරමක් හෝ දුරු වීමට දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත. දෙවිවරු අපගේ පින් මත යැපෙන්නේ නැති බවද කිව යුතුය.
දෙවියන්ට පින් දීම බුදුන්වහන්සේ විසින්ද අනුමත කල කටයුත්තකි !


#සත්හටසෙත්පතනඉරු

Wednesday, August 3, 2016

පෙරේදා රාත්‍රියේ හිරු ප්‍රවෘත්ති වලින්, දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාට නිසි ආරක්ෂාවක් බලධාරීන් පොරොන්දු වුවද එය ලබාදී නැති බව එලි කලා.

ඊයේ දිනයේදී වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අවශ්‍ය ආරක්ෂාව සහ අනිකුත් අවශ්‍යතා, පහසුකම් ලබාදිමට කටයුතු සම්පාදනය කර තිබෙනවා...

ජාතික කර්තව්‍යයක් ඉටු කල Hiru News ඔබට පින් ^_^

Tuesday, August 2, 2016

සතියේ ලග්න පලාපලය - අගෝස්තු 02 සිට

● මේෂ

ආර්ථික අපහසුතා මඟහැරෙන සතියකි. මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ ලැබේ. නව ආදායම් මාර්ග වලට යොමු වීමට සුභ කාලයකි. වෙළද ව්‍යාපාර වලට සුබයි.
රැකියාවේ කාර්යබහුල බව වැඩි වේ. වෙනදාට වඩා කැපවීම වැඩි කාලයකි.
ගෘහ ජිවිතය තුල නෑයන්ගෙන් උදව් ලැබෙයි. යන තැන ප්‍රධානත්වය ලැබෙයි, පෙර තිබූ අපහසුතා මග හැරෙයි. මංගල යෝග උදා වන කාලයකි.



● වෘෂභ

ව්‍යාපාර වලින් වෙනදාට වඩා වැඩි ලාභ උපයන්නට හැකි කාලයකි. භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන අයටද වෙනදාට වඩා සුභ ඵල ලැබෙයි.
රැකියා කටයුතු වල බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි. රැකියාවේ වෙනස්කම්ද, දියුණුවද අපේක්ෂිතය.
ගෘහ ජිවිතය වෙනදාට වඩා උනන්දුවෙන් ගෙදරදොර වැඩ කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබෙයි. ප්‍රිය සම්භාෂණ, විනෝද අවස්ථා උදා වෙයි. මිතුරන්ගේ ඇසුර වැඩිවේ.


● මිථුන

ණය ලැබේ. තරමක් අසුභ ඵල ආර්ථික පැත්තෙන් ලැබෙන සතියකි. මුදල් අාශ්‍රිත ගැටළු ඇතිවෙයි.  මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා මඟහරවා ගත යුතුමය. ඒ ගැන බුද්ධිමත් වන්න.
රැකියාව වැඩි දියුණු කර ගැනීමට වැඩි ඉඩකඩක් උදා වේ. පුහුණු වීම්, තරඟ විභාග ආදියට අවස්ථාව උදා වෙයි. නව රැකියා අවස්ථාද උදා වේ.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. මංගල යෝග උදා වේ. මිතුරු ඇසුර වැඩි වේ. නෑයන්ගේ පැමිණීම සහ ආශ්‍රය අපේක්ෂා කල හැක. නෑයන්ගේ සහ වැඩිහිටියන්ගේ ගෞරවයට පාත්‍ර වේ.


● කටක

ආර්ථික ගැටළු විසඳා ගැනීමට හැකියාව ලැබෙයි. නව ආදායම් මාර්ග විවර වෙයි. ගැටළුකාරි තත්වයන් මඟ හරවා ගැනීමට හැකියාව ලැබේ.
නව රැකියා උදා වේ. රාජ්‍ය අංශයේ රැකියා වලට සුබයි. ප්‍රධානීන්ගෙන් වැඩි වගකීමක් තමා වෙත පැවරෙන්නට ඉඩ ඇති සතියකි.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය - සාමදානය වැඩි වන කාලයකි. පවුලේ අය සමග වැඩියෙන් කාලය ගත කරන්නට හැකියාව ලැබේ.
අධ්‍යාපන කටයුතු වලට සුබ කාලයකි.


● සිංහ

ආර්ථික වාසි වැඩි වී ආර්ථිකය යහපත් වේ. නව ආදායම් මාර්ග උදා වෙයි. නව ආදායම් මාර්ග වලින්  සුභ ඵල අපේක්සා කල හැකි සතියකි.
රැකියාවේ මිත්‍ර සබදතා වැඩි වීම නිසා, රැකියා ස්ථානයේ තරමක් ගැටළු මතුවිය හැකි නමුත්, ප්‍රීතිමත්ව විනෝදයෙන් කාලය ගත කරන්නටද හැකියාව ලැබේ. නව රැකියා අවස්ථා උදා වේ. රැකියාවේ දියුණුව සහ වෙනස්වීම්ද අපේක්ෂිතය.
ගේ දොර වැඩ කටයුතු වලට වැඩි කාලයක් ගත කරන කාලයකි. නෑයන්ගේ, හිත මිතුරන්ගේ උදව් ලැබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබයි.
මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරේ.


● කන්‍යා

ආර්ථික ගැටළු නිර්මාණය වන සතියකි. ආදායම අඩු වෙන්නට ඉඩ ඇත. මූල්‍ය ආයතන වල පිහිට පැතීමට සිදුවිය හැක. මානසික පීඩනය වැඩි වන්නටද ඉඩ ඇත. සති අග වන විට ආර්ථිකයේ පවතින දුර්වලතා සමනය වෙයි.
රැකියාව උසස් විය හැක. රැකියා ස්ථානය මාරු වීමට ඉඩ ඇත. නව රැකියා උදා විය හැක. කාර්යබහුලතාවය වැඩි වෙයි. එනිසාම අතපසුවීම්ද වැඩිවිය හැක.
ගෘහ ජිවිතය තුල හිතමිත්‍රාදින්ගේ ඇසුර වැඩි වෙයි. වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබෙයි. මංගල යෝග උදා වුවද පෙම් සබදතා වලට ගැටළු මතුවිමට ඉඩ ඇත.



● තුලා

ආදායම් තත්වය සරු වෙයි. ආර්ථික ගැටළු නිරාකරණය වෙයි. ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට ගන්නා පියවර සාර්ථක වේ.
රැකියාවේ ගැටළු නිර්මාණය විය හැක. මානසික පීඩාද ඇති විමට ඇත. කාර්යබහුලතාවය වැඩි විය හැක. විදෙස් ගමන් වලට සුභ කාලයකි.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා වර්ධනය වෙයි. පෙම් සබදතා වල සාර්ථකත්වය වැඩි වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබයි.


● වෘශ්චික

ආර්ථික තත්වය දුර්වල වේ. ආදායම් මාර්ග ඇහිරිය හැක. පොලව සම්බන්ධ ව්‍යාපාර කරන අයට සුබයි, ඉඩම් මිලදී ගැනීම් ආදියටද සුබයි.
රැකියා ස්ථානයේ මාරුවීම් අපේක්ෂිතය. රැකියාවේ වෙනසක්ද සිදුවිමට ඉඩ ඇත. නව රැකියා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල වැඩිහිටියන්ගේ ඇසුර වැඩි වෙයි. පවුල් වල ප්‍රධානත්වය හිමි වෙයි. සිතට සතුට ලැබෙන සතුටුදායක කාලයකි.


● ධනු

බුද්ධියෙන් වැඩ කටයුතු කිරීමට සිදු වන කාලයකි. ආර්ථික ගැටළු නිර්මාණය වෙයි. නව ව්‍යාපාර වලට සුබ කාලයකි. ණය ලැබෙයි.
රැකියා අපේක්ෂිත අයට තරමක බාධා පෙන්වයි. රැකියාවේද ගැටළු මතුවිය හැක. ප්‍රධානින්ගේ දෝෂාරෝපණයන්ට ලක්විමට ඉඩ ඇත. ගමන් බිමන් වැඩි වේ.
ගෘහ ජිවිතය තුල සතුරු කරදර වලට මුහුණ දීමට ඉඩ ඇත. අසල්වැසියන් සමග හිත් අමනාපකම් ඇති වෙයි. මංගල යෝග උදා වෙයි.



● මකර

ආර්ථිකය වෙනදාට වඩා යහපත් වෙයි. ආර්ථික ගැටළු විසදා ගත හැකි කාලයකි. නව ව්‍යාපාර වලට සුබ කාලයකි. ණය ලැබෙයි.
රැකියා තත්වය උසස් වෙයි. රැකියා ස්ථානයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. විදෙස් රැකියා වලට යොමු වන අයට සුබ කාලයකි.
ගෘහ ජිවිතය හිත මිත්‍රාදීන්ගේ ඇසුර වැඩි වෙයි. ගේ දොර වැඩ කටයුතු වලට වැඩි කාලයක් ගත කිරිමට සිදු වෙයි, තමන්ගේ වැඩ කටයුතු අතපසු වීමටද හැකියාව ඇත.



● කුම්භ

ආර්ථික තත්වය වර්ධනය වෙයි. ආදායම් වර්ධනය කර ගැනීමට සුභ කාලයකි. ආදායම් වැඩි කර ගැනීමට ගත් පියවර සාර්ථක වේ. මූල්‍යමය ආයතන වලින් ණය ලැබේ.
රැකියාවේ වෙනදා ඇති ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. නව රැකියා වලට සුබ කාලයකි. රැකියාවේ වෙනසක්ද අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. අසල්වැසියන්ගේ ඇසුර වැඩි වේ. පෙම් සබදතා පළුදු වන්නට ඉඩ ඇත, බාධා ඇත.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.


● මීන

ආදායම් මාර්ග වෙනස් වේ. ආදායම් තත්වයන් වර්ධනය වෙයි. මූල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. මානසික පීඩනය වැඩි සතියකි.
රාජ්‍ය අංශයේ රැකියා වලට සුබයි. පුහුණු වීම්, තරඟ විභාග ආදියට ඉඩ ලැබෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල ගෙදර දොර වැඩ කටයුතු වලදී වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්නට සිදු වේ. විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ, විනෝද සවාරි ආදියට සහභාගි වන්නට ඉඩ ලැබේ. මිතුරු ඇසුර වැඩි වේ.
සෙම් අමාරු, උගුර ආශ්‍රිත අසනීප ආදිය වැලදීමට ඉඩක් ඇත, අවදානමත් වන්න.

දළදා කරඬුව වඩම්මන උතුම් නැදුන්ගමුවේ රාජා ඊයේ දිනයේ සුභ නැකතින් දළදා පෙරහරට පයින්ම ගමන් අරඹා ඇත.

- හිරු ප්‍රවෘත්ති වල සදහන් වූ පරිදි සැබෑවටම අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ නැත. එය රජයේ වගකීමකි, තවම ඉටුවී නැති.

- අපගේ දැනීම පරිදි, සම්බුද්ධ ශාසනය රකින මෙත් බෝසත් මහ දෙවියන්ගෙන් පටන් ගෙන, ශක්‍ර දේවේන්ද්‍රයා, ශ්‍රී නාථ දෙවිඳුන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් අපගේ උතුම් හස්ති රාජයා රකින්නේමය.

තුනුරුවන්ගේ ආශිර්වාදය නිසාම දෙව් රැකවරණය තුලින් 10 වසරක් පුරා මේ කල කර්තව්‍ය කරන්නට වාසනාව ලැබෙන්නේමය...

තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මෙවරද පෙරහරේ යාමටත්, අපගේ සංස්කෘතියේ මුදුන්මල් කඩක් වූ පෙරහර මනාව පැවැත්වීමටත් හැකියාව ලැබේවා !
‍
-
- පින්තූරය - හිරු නිවුස් තුලිනි.
‪#‎ඉරු‬

Monday, August 1, 2016

දහම වුවද නිවරදිව අල්ලා ගත යුතුය.

 අප ප්‍රේම දඩයම නාට්‍ය එකදිගට බලානැත. ෆේස්බුක් එකේ පල වන පෝස්ටු තුලින් එවන් කතාවක් ඇති බව තේරුම් ගෙන එය බැලීමෙන් යම් දෙයක් තේරුම් ගත්තෙමු.

අපගේ ඒ පෝස්ටුවට අදාලව, නාග ලෝකය මිථ්‍යාවක් ලෙස සඳහන්ව කමෙන්ට් 2ක් ලැබුනි. එයින් කියවෙන්නේ ලංකාවෙ පෙර පැවති නාග ගෝත්‍රිකයන් ගැනය.

● අප විශ්මයට පත්වූයේ එම කමෙන්ටු යෙදූ අය, බුදු දහම පෙන්වාගෙන කටයුතු කරන බැවිනි. කවර් පින්තුර වල පවා බුදු දහමේ වැකිය.

* දන්නා අයට කියා පරික්ෂා කල විට, ඔවුන් “බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා“ යන මිථ්‍යාව කරපින්නාගෙන කටයුතු කරන අය වෙති. ඉතින් එයින් එහාට කියන්නට දෙයක් නැත.
නාග ලෝකය ගැන බුද්ධ දේශනාවේ සඳහන්ය. නාග ගෝත්‍රය ලංකාවේ පැවතුනු බවද සැබෑය.

● “සෝමාවතී පුදබිම“ ජලයෙන් යට වන්නේ නාග ලෝකයේ අයට වන්දනාමාන කරන්නට බව, පොත්පත් වල පවා සඳහන් වෙයි.
(එය අප පමණක් කියූ කාරණයක් නොවෙයි, අප පමණක් කියූ කාරණයක් ලෙස, මෛත්‍රි බෝධිසත්වයන් සහ නාථ දෙවිඳුන් 1 අයෙක්ද යන ලිපිය කිව හැක. නිවරදිවම දෙවිවරු 2ම අඳුනා ගන්නා හැටි විස්තර කර ඇත.
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1469952438./1404035989613476/?type=3)

● ඒවා නිවරදිව නොදත් රටේ පාලකයන් සෝමාවති පුදබිම ගංවතුරින් රැක ගැනීමට කටයුතු කල සහ කරන බව අප පල කලේ රාජ්‍ය නායකයෙක් වෙන්නට පින තිබුනද ඒ ඒ කරුණු ගැන ඔවුන්ට නිවරදි අවබෝධයක් නැති බව ඔවුන්ට කියන්නටය, අප අත්දැකීමෙන් දන්නා කාරණාවකි.
(දේශපාලනඥයා = දේශපාලන + අඥානයා)

● ඕනෑම දෙයක් සෙවීමේ වරදක් නැත. නමුත් වැරදි දෙයක් සොයාගෙන එය වැරදි විදියට භාවිත කලොත්, විශේෂයෙන් ධර්මය වැරදියට අල්ලාගෙන කටයුතු කලොත් සිදුවන්නෙ තමන් මිථ්‍යාවට යාම සහ අකුසල් රැස් කරගෙන විපාක විඳින්නට සිදුවීමයි. දහම වුවද සර්පයා මෙන් බෙල්ලෙන් අල්ලා ගත යුතු බව බුද්ධ දේශනාවේ එන්නේ එබැවිනි. යම් ලෙසකින් වලිගයෙන් ඇල්ලුවොත් සර්පයා දශ්ට කරන බව දත යුතුය.

● බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මිථ්‍යාවද, ත්‍රිපිටක ධර්මය නොපිලිපදිමින්, වරක් අභිධර්මය සැකසහිත බව කියූ, ජ්‍යොතිෂ්‍යය එපා කියන්නට කටයුතු කරන මහමෙව්නා නමින් වන අසපු යනාදියෙන්ද ධර්මයට බාහිර කටයුතු කෙරෙයි.
අප වටහා ගත යුත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ කර්ම ශක්තිය හොදින් තිබෙනතාක් ඔවුන්ට කරදර නොවුනද, විපාක ස්ථිරවම ලැබෙන බවයි.
එම මිථ්‍යා තැන් වලට වැඩියෙන් සෙනග යන බව ඔබට සිතෙන්නේ නම්, “බුද්ධ කාලයේද අවස්ථා ගණනාවකදි බුදුන්වහන්සේගේ ධර්ම දේශනා වලට වඩා බොහෝ පිරිස් ගියේ දෙව්දතුන්ගේ මැජික් බලන්නටය.
බුද්ධ කාලයේත් එසේ වූවා නම්, අද වැනි කාලයක මිථ්‍යාවට යන පිරිස වැඩි වීම සාමාන්‍ය දෙයකි. බොහෝ අය එවන් මහා සෙනග ඉන්නා තැන් වලට යන්නේ තමන්ද මෙසේ යැයි පෙන්වන්නටය.. සරලව කිව්වොත් “පොෂ්“ වෙන්නටය..

ඒ සියලු කාරණා ගැන සිතා බලා, ඔබ තීරණය කරන්න ඔබ කරන්නේ කුමක්ද කියා....


● මතක තබාගන්න, පලවෙනි බුදුන්වහන්සේගේ කාලයේ පටන් සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ දෙවිවරු අදටද දෙව් ලොව වෙසෙති. මෛත්‍රි බෝධිසත්වයන් වැඩ හිඳිති. ඊලගට බුදු බව පතන ශ්‍රී නාථ දෙවියන් වැඩ හිඳියි.
බෝධිසත්වයන්ට මව් වීමෙන් ලැබූ කුසලයෙන් පිරිමි දෙව් ආත්ම භවයක් ලැබූ මාතූ දිව්‍ය රාජයා සිටියි. මේ ආදි වශයෙන් සම්‍යක් දෘෂ්ටික සහ දහමට ගරු කරන දෙවිවරු මේ ශාසනය රකිති.
දහම වනසන බොහෝ තැන් ඉදිරි වසර වලදි ගරා වැටෙන්නේය.
දහමට විනාස කරන්නට කටයුතු කරන ත්‍රස්තවාදින්ට සම්බන්ධ වන යම් විශ්වාසයන් දරන තැන් වෙත්නම් ඒවාද විනාශ වන්නේය.

 #සත්හටසෙත්පතනඉරු

irusewaya@gmail.com.
077 22 38041