Sunday, March 20, 2016

“ බුධ මාරුව “

(2016 - මාර්තු 19)

ග්‍රහ ලොව සුරතලා වන බුධ ග්‍රහයා අද (මාර්තු 19) උදෑසන ස්වකීය
නීච රාශිය වූ මීන රාශියට පිවිසියා. එතන රවි ග්‍රහයා සිටින නිසා
රවි-බුධ යෝගයක් එනම් බුධ ආදිත්‍ය/භාග්‍ය යෝගයක්ද යෙදෙනවා.
කෙසේ වුවද බුධ නීච වීම පොදුවේ අශුභයි.
පවත්නා කාලය සති 2කට රටටම එතරම් ශුභ නැත.

* මැයි-ජුනි සිට රටටම ශුභ කාලයක් ක්‍රමිකව උදා වනු ඇත.
පුරා සති 2ක පමණ කාලයක් මේ ගෝචරය පැවැත් වේ.

ලග්න 12ට ඉතා කෙටියෙන් මෙසේ දක්වමු.
- මේ සියල්ල පොදු කරුනුය. කේන්දර සටහන අනුව වෙනස් විය
හැක.

● මේෂ
12 වැන්න වන වැයස්ථානයට බුධ පැමිණියේය.
මෙම මාරුව සමඵලයි. වියදම් කිරිමේදි බුද්ධිමත් වන්න.

● වෘෂභ
11 වැන්න වන අයස්ථානයට බුධ පැමිණියේය.
ශුභදායකයි. ආදායම් මාර්ග දියුණු කරගැනීමේ වාසනාව පවති.

● මිථුන
10 වැන්න වන රැකියා ස්ථානයට බුධ පැමිණීයේය.
ශුභයි. වාසනාවන්ත කාලයකි.

● කටක
9 වැන්න වන පෙර පින ගැන කියවෙන ස්ථානයට බුධ පැමිණියේය.
ශුභයි. පෙර පින් බලය මතුවන තරමක වාසනාවන්ත කාලයකි.

● සිංහ
8 වැන්න වන ආයුෂස්ථානයට බුධ පැමිණියේය.
ශුභදායකයි. රවි-බුධ යෝගය යෙදිම උසස් අයගේ අවධානය ඔබට
හිමි වන කාලයකි.

● කන්‍යා
7 වැන්න වන විවාහ ස්ථානයට බුධ පැමිණියේය.
සමඵලදායකයි. කටයුතු වල වෙනදාට වඩා ප්‍රගතියක් දකින්නට
ලැබෙනු ඇත.

● තුලා
6 වැන්න වන රෝගස්ථානයට බුධ පැමිණියේය.
ශුභයි. හදිසි ලාභ ලැබෙන්නට වාසනාව පවති.

● වෘශ්චික
5 වැන්න වන විද්‍යාස්ථානයට බුධ පැමිණියේය.
සමඵලදායකයි. අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා කැපවන්න.

● ධනු
4 වැන්න වන දේපල ගැන කියවෙන ස්ථානයට බුධ පැමිණියේය.
ශුභයි. ආර්ථික මාර්ග දියුනු කරගැනිමේ වාසනාව පවති.

● මකර
3 වැන්න වන වික්‍රමස්ථානයට බුධ පැමිණියේය.
මිශ්‍රපලදායකයි. පොදුවේ සාමාන්‍ය පරිදි ගත කරන්නට හැක.

● කුම්භ
2 වැන්න වන ධනස්ථානයට බුධ පැමිණියේය.
ශුභපලදායකයි. නව ආදායම් අවස්ථා ඇතිවිමේ වාසනාව පවති.

● මීන
1 වැන්න වන ලග්නයට බුධ පැමිණියේය.
ශුභයි. නව කටයුතු ඇරඹීමට සුභයි.

#ඉරුසේවය Iru Astrology

Saturday, March 19, 2016

දුර්ගා දේව මෑණියන් !

දුර්ගා මෑණියන් යනු පාර්වතී දේව මෑණියන්මය.

මහ දෙවියන් ලෙස සැලකෙන ලෝක පාලක ශිව/ඊශ්වර දෙවියන්ගේ දේවිය වන්නේ මෙතුමියයි.

තවද ස්කන්ධකුමාර/කතරගම දෙවියන් සහ ගණ/ගනේශ්වර දෙවියන්ගේ මවද වේ.

විශේෂ වශයෙන් යුක්තියට සම්බන්ධ කටයුතු වලට මූලිකත්වයක් ගන්නා මෙම දේව මෑණියන්ට නිවරදි පින්කම් තුලින් පින් අනුමෝදන් කිරිම කල යුතුය. සිල්වත් ගුණවත් අයට ආශිර්වාද ඒ අයුරින් ලබාගත හැකිය.

බුදු ගුණ කවි 01 - යෝගි සුජිත් නිශාන්ත


Thursday, March 10, 2016

බොහෝදේ අහිමි වුවද ජිවිතය ජයගත හැක !



ඔබට ජිවිතයේ බොහෝ දේ අහිමි වී උනාද... ?

අද ඔබ සිටින තත්වය සමග සිතන විට, ඔබ සිටින්නෙ හොඳ තැනකද, නරක තැනකද... ?
සිතා බලන්න...

බොහෝ දේ අහිමි වුවද ජිවිතය ජය ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද ??

එසේ කල බොහෝ අය ලෝකයේ සිටින බව ඔබ දන්නවාද ?

● ලෝකයේම ප්‍රසිද්ධියට පත්, බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් කල, තෝමස් අල්වා එඩිසන්ව කුඩා කාලයේ මනස විකල් ළමයෙක් ලෙස පාසලෙන් නෙරපූ බව දන්නවාද ?

●  ලොව විශිෂ්ටම විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින්ටද ඉගෙනීමට නොහැකි කෙනෙක් ලෙස මූලික අධ්‍යාපනයද අහිමි වූ බව දන්නවාද  ?

●  ලොව හොදම වාහන නාමයක් වන “ෆෝර්ඩ්“ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් විධිමත් අධ්‍යාපනයක් නොලද අයෙක් බව දන්නවාද  ?

●  ලෝකයේ විශිෂ්ටම සමාජ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සැලකෙන නැපෝලියන් හිල්ගේ මව ඔහු කුඩා කාලයේම මිය ගිය අතර, කිසිවක් කල නොහැකි කරදරකාරි කෙනෙකු ලෙස පවුල් වල අය විසින්ම හැඳින් වූ බව දන්නවාද  ?

මෙවන් අය බොහෝ සිටිති.

● එවන් සියලුදෙනාගේ සිත් වල තිබි ඇත්තේ සැහැල්ලුවෙන් තම ජිවිතය සහ කටයුතු ඉදිරියට ගෙන යාමේ උවමනාවයි.

එසේම අපගේ අත්දැකීමද පරිදි සෑම කෙනෙකුටම කිසියම් වූ දවසක තමාගේ කටයුතු සාර්ථක කරගැනීමට අවස්ථාවක් පහල වෙයි. එය නිසි ලෙස භාවිත කල යුතුය.
- දක්ෂතාවයක් ඇත්නම් එය දියුණු කරගැනීමටත්, එයින් අවස්ථා ලබාගැනිමටත් කටයුතු කල යුතුය.

- එසේ කරන්නේ නම් දේවල් අහිමි වුවද නැති වුවද යන්න මත නොව, තමන්ගේ ජිවිතය තමන්ට උවමනා පරිදි ජයග්‍රහණය කරා ගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇත !!!

● සිතන්න  කටයුතු කරන්න.. ජිවිතය ජය ගන්න !

Tuesday, March 8, 2016

සතියේ ලග්න පලාපලය - මාර්තු 8 සිට

● මේෂ
සමඵලයි.
මේ සතිය තුල ඔබගේ කටයුතු ප්‍රවේසම් සහගතව කල යුතුයි. අය වැය පාලනය කරගන්න. හදිසි ධන හානි ඇතිවිය හැක. සතිය අගදි ඒවා මග හැරේ.
ගෘහ ජිවිතය ගැටළුවක් නැහැ. යුග දිවි සැපත හිමියි. පවුලේ අය සමග සතුටින් සිටිය හැකියි.
සෞඛ්‍ය තත්වයේ වාත අමාරු, සෙම් රෝග, හිසේ කැක්කුම යනාදිය ගැන අවධානයෙන් සිටින්න.


● වෘෂභ
ඉතාම ශුභයි.
සතියේ මුල් දින කීපයෙදි නොසිතු විරු විදියට දියුණුව ලැබේ, ධන ලාභ, උදව් උපකාර ලැබෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, නෑදෑයන්ගේ ආගමනය ඇති වෙනවා. වැඩිහිටි සහෝදරයෙක්ගෙන් උදව් ලැබෙන්නටද වාසනාව පවති.
සෞඛ්‍ය තත්වය සතිය අගදි අතපය වේදනා ආදියෙන් ප්‍රවේසම් වන්න.


● මිථුන
ඉතාම විශිෂ්ඨ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වේ. දියුණුව ලැබේ. එසේම වැඩිහිටියන්ගේ උදව් උපකාර ආර්ථික වාසි වලට හිමියි. නව ව්‍යාපාර ඇරඹීමට හොදයි. සතිය අග දුර ගමන් ව්‍යාපාර
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්. සතුටින් සිටිමට වාසනාව තියෙනවා.
සෞඛ්‍ය ගැටළු නෑ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න


● කටක
හොද සතියකි.
සතිය මුලදි යම් බාධක තිබුනද සතිය අගට වන්ට වන්ටම ඔබට ඉතාම හොදයි. මෙනිසා වෙළද ව්‍යාපාර කටයුතු දියුණු වේ. ආයෝජනයට මුදල් හදල් ලැබේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි භේද සතිය මුලදි ඇති වුවද, සතිය අගට යන්ට යන්ට ඒවා නැති වෙනවා. පිනට දහමට සිත නැඹුරු වනවා. වන්දනා ගමන් යෑමටත් ඔබට හැකියාව ලැබේ.
සතියේ මුල් දින කීපයෙදි සෙම් අමාරු, ඇඟපත වේදනාව ආදිය ඇතිවිමට පුලුවන්.


● සිංහ
සමඵලයි.
සතිය මුලදී ආර්ථික වාසි ඇති වුවද, සතියේ මැද කොටසේදී ආර්ථික පාඩු ඇතිවිය හැකියි. කරන කියන කටයුතු අසාර්ථක විය හැක. සතිය අගදි ඒවා හරියනව.
ගෘහ ජිවිතය තුල අඹු සැමි භේද ඇතිවිය හැකි. පවුලේ අය සමග ආරවුල්, සිත් තැවුල් ආදිය සතිය මුල සහ වැදදී ඇතිවිය හැකියි. බුද්ධිමත්ව කටයුතු කරන්න. සතිය අගදි මෙම තත්වයන් පහව යයි.
සෙම් රෝග, ඇඟපත වේදනාව යනාදිය ඇතිවිය හැකියි.


● කන්‍යා
සමඵල සතියකි.
ආර්ථික අවාසි ප්‍රබලව ඇති වෙන මේ කාලයෙදි හවුල් ව්‍යාපාර බිද වැටිය හැකියි. කරන කියන කටයුතු වලට බාධක ඇති වෙනවා. ඒ ගැන ප්‍රවේසම් වන්න, බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුලද අඹුසැමි භේද ඇතිවිමට, පවුල් ආරවුල් ඇතිවිමට ඉඩ තිබෙනවා.  කට පරිස්සම් කරගැනීම විශේෂයෙන් කල යුතුයි. දේශපාලනේ නියුතඅ අයට විශේෂයි. දුවාදරුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැනද අවධානයෙන් සිටිනන්.
සෞඛ්‍ය තත්වයේ, බඩේ අමාරු, සෙම්රෝග, ඇඟපත වේදනාව යනාදිය ඇතිවන්නට ඉඩ තිබෙන බැවින් බුද්ධියෙන් කටයුතු කරන්න.


● තුලා
 සාමාන්‍ය සතියකි.
ආර්ථික වාසි සතිය මුල් දින කීපයෙදි ලැබුනත් සතිය මැද අග ඉතාම නරක බව කිව යුතුයි. පාඩු ඇතිවිය හැකියි. තත්කාලයේ සෙනසුරුද ධනස්ථානයේ නිසා ගැටළු ඇතිවිමේ වැඩි ඉඩකඩක් පවති. එනිසා කරන කටයුතු බුද්ධියට මුල් තැනදී කරන්න.
ගෘහ ජිවිතය තුලද සුබයි කියන්න බැහැ. දුවාදරුවන් සහ ඥාතින් සමග හිත් නොහොඳකම් ඇතිවීමට ඉඩ තිබෙනව. ස්වාමි - භාර්යා ගැටළුද උද්ගත විය හැකි නිසා ඒවා  අවම වන ලෙස කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු ඇතිවිමේ හැකියාව පවති.
සෙම් රෝග සහ ඇඟපත වේදනාව ආදියෙන් පරිස්සම් වන්න.


● වෘශ්චික
සාමාන්‍ය සතියක්.
සතියේ මුල් දින කීපය තුල ව්‍යාපාර දියුනු වෙනවා. නිවසේ සාමාජිකයන් ඥාතින්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙයි. ඉතාම හොදින් තමන්ට වාසනාව සැලසෙනවා. සතිය මැද සහ අගදි වෙනස් විය හැක.
ගෘහ ජිවිතය තුල තමන්ගේ ස්ථාවරත්වය හිමි වන අතර දුවාදරුවන්ටද ඉතාම හොදයි. දරුවන්ගේගේ ජයග්‍රහණ අපේක්ෂිතයි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් සෙම් රෝග සහ ජලයෙන් ඇති වෙන රෝගයි.



● ධනු
ඉතාම හොද සතියකි.
පිට පලාත් වල කරන රැකියා දියුණු වන අතර, තමාගේ වැඩ කටයුතු වලට අන් අයගෙන් ප්‍රබල සහයෝගයක් ලැබෙනවා. ඥාතින්ගෙන් හිතවතුන් සමග කරන කියන කටයුතු ඇත්ත වශයෙන්ම දියුණු වෙනවා. විදේශගත අයට හොදයි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය රජ වෙනවා. අළුත් ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා. සිතේ ප්‍රීතිය රජයන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.


● මකර
ඉතාම ශුභ සතියකි.
අතපසු වූ සියලුම වැඩ කටයුතු කරගැනීමට පුලුවන්. අලුත් ව්‍යාපාර කරන අයට හොදයි. විදේසගත අයටද ඉතාම හොදයි. වාසනාව ලැබෙනවා. තමාගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන දියුණු විමට පුලුවන් කාලයක් බැවින් මේ කාලයේ එම වාසනාව මැනවින් භාවිත කරන්න.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. තමාගේ කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට පුලුවන්. හොද කාලයක් උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ අයහපත් නැහැ. ඉතාම හොදයි.



● කුම්භ
ඉතාම හොද සතියකි.
දියුණු වීමට හොදයි. දියුණුව ලැබෙනවා. ආර්ථික තත්වයේ දියුණුව, රැකියා-ව්‍යාපාර දියුණුව යනාදිය ඇතිවිමට ඉඩ වැඩියි. වාසනාවන්තයි.
ගෘහ ජිවිතය තුල තමාට ඉතාම හොද තත්වයක් ලැබෙනවා. ගෙදර දොරේ දියුණුවට තමන්ගෙන් යම් දායකත්වයක් ලබාදිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග, නිදිමත ගතිය යනාදිය ගැන සැලකිලිමත්ව තම කටයුතු කරන්න.


● මීන
සතිය ශුභයි.
සතියේ මුල් දින 2 හොද නැහැ. ඉන්පසු හොදයි. කරන කියන කටයුතු දියුණු වෙනවා. රැකියා කරන අයට උසස් වීම් ලැබෙන්නට වාසනාව තිබෙනවා. විදේසගත අයට සහ පිට පලාත් වල රැකියා කරන අය, ව්‍යාපාර කරන අයට දියුණුව සැලසෙනවා.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇති වෙන අතර යුගදිවි සැපත ලැබෙනවා. දරුවන් අපේක්ෂා කරන අයට හොඳකාලයක්, එම වාසනාව පවතිනවා. ගැබිණි මව්වරුන්ටත් හොදයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග, අතේ පයේ කැක්කුම් යනාදිය ඇතිවිය හැකියි.


@Iru Astrology


* කේන්දරයේ  පලාපල විස්තරය ලබාදෙන,
Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
 inbox කරන්න.

irusewaya@gmail.com.
0711 345 364

Sunday, March 6, 2016

සිකුරු මාරුව - මාර්තු 7, 2016 (අප්‍රේල් 1 වනදා තෙක්)

ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු ග්‍රහ තාරකාව 2016 මාර්තු 7 වනදා රාත්‍රියේ කුම්භ රාශියට පැමිණේ. මෙම මාරුව ලබන අප්‍රේල් 01 වනදා දක්වා පවති.

(මේ සියලු පලාපලයන් කේන්දර සටහන අනුව වෙනස් විය හැක.)



● මේෂ
ඉතා ශුභයි.
11 වැන්න වන අයස්ථානයට සිකුරු පැමිණේ.
ආර්ථිකය දියුණු වෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසේ. එසේම වියදම්ද ලෝබ නැතිව කිරිමට සිතන කාලයකි. හදිසි ධනලාභ, භූමි ලාභ වාසනාව පවති. සිතේ සතුට රජයන කාලයකි. විනෝදයෙන් සිටිමට හැකියාව ලැබේ.


● වෘෂභ
ශුභයි.
10 වැන්න වන කර්මස්ථානයට  සිකුරු පැමිණේ.
ආර්ථික තත්වය දියුණු වුවද අනවශ්‍ය වියදම්ද කිරිමට සිත් දෙන බැවින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය. නව රැකියා අවස්ථා හිමිවිය හැකියි. නව ව්‍යාපාර ඇරඹීමටද සුභ කාලයකි. සුභ පල අතර තමන් හා කරට කර තරඟ කරන්නන්, සතුරන් ආදින්ගෙන් යම් යම් බාධා ඇතිවිය හැක, බුද්ධියෙන් ඒ තත්වයන් ජය ගන්න.



● මිථුන
ඉතා ශුභයි.
9 වැන්න වන පුණ්‍යස්ථානයට සිකුරු පැමිණේ.
නව රැකියා අවස්ථා සහ කරන රැකියාවේ දියුණුව ලැබීමට හැකියාව ඇති කාලයකි. අන් අයගේ උදව් උපකාර ලැබේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන කාලයකි. නව ව්‍යාපාර වලට සුබයි. ආර්ථිකය දියුණු කරගත හැක. ගෙදර දොර ජිවිතයද හොදින් ගත වේ.
පින්කම් යනාදි කටයුතු වලට වෙනදාට වඩා සිත යොමුවේ. එයම සිත සැනසීමට හේතුවක් වේ.


● කටක
ශුභයි.
8 වැන්න වන ආයුෂස්ථානයට සිකුරු පැමිණේ.
මෙය පොදුවේ ශුභ ග්‍රහ මාරුවකි. හදිසි ධනලාභ ලැබිමට වාසනාව පවති. කටක ලග්න අයට ලොතරැයි වාසනා වලට උත්සහ කිරිමට හොද කාලයකි. කැපවීමෙන් කරන සියලු කටයුතු වලින් ජය අත්විය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස්වීම්ද අපේක්ෂා කල හැක. ගෙදර දොරේ අලුත් වැඩියා කටයුතු, දියුණු කිරිම් කරගැනිමට වාසනාව ඇත.


● සිංහ
සමඵලයි.
7 වැන්න වන  විවාහ ස්ථානයට සිකුරු පැමිණේ.
සිකුරුගේ පැමිණිම සමග ස්ත්‍රි පාර්ශවයේ ඇල්ම බැල්ම වෙනදාට වඩා ලැබිය හැක. ආර්ථික තත්වයට යහපත් වන අතර, හවුලේ කරන කටයුතු වලට යහපත් වුවද බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි. වියදම්ද අධික වන්නට ඉඩ ඇත. පවුලේ කටයුතු වලදි වෙනදාට වඩා ඉවසීම ප්‍රගුණ කල යුතුය.


● කන්‍යා
එතරම් ශුභ නැත.
6 වැන්න වන සතුරු ස්ථානයට සිකුරු පැමිණේ.
සිකුරු 6 වැන්නට පැමිණීම අයහපත්ය. සතුරන්ගෙන් කරදර ඇතිවන්නට ඉඩ ඇත. එසේම ලෙඩ රෝග යනාදිය වැළදීමටද යම් ඉඩක් පවති. මේ කාලයේ ඉවසීමෙන් කටයුතු කල යුතුය. පවුලේ අයට ලෙඩ රෝග වැළදීමටද යම් ඉඩක් පවති. මේ සියලු තත්වයන් ඔබගේ කටයුතු මත වෙනස් කරගැනිමට හැකියාව ඇති බව සිතේ තබාගන්න.


● තුලා
බෙහෙවින් ශුභයි.
5 වැන්න වන විද්‍යා ස්ථානයට සිකුරු පැමිණේ.
පැවති කාලයට වඩා ශුභදායක කාලයකි. තමාගේ හොද නම අන් අය අතර පැතිරෙන, ප්‍රශංසා හිමි වෙන කාලයකි. ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන් සුබයි. ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙයි. රැකියා කරන අයටද යහපත්ය. ආදායම් මාර්ග දියුණු වෙයි. ආයෝජනයට හොද කාලයකි. හදිසි ධනලාභ වාසනාව පවති. පවුලේ අය සමග සතුටින් විනෝද විය හැකි කාලයකි.


● වෘශ්චික
ඉතා ශුභයි.
ගෙදර, දේපල සම්බන්ධව කියවෙන 4 වැන්න වන ස්ථානයට සිකුරු පැමිණේ.
ආර්ථිකය සරු වන කාලයකි. වෙනදාට වඩා සතුටින් සිටිය හැකි කායකි. සියලු වියදම් කරමින් මුදල් ඉතිරි කරන්නටද වාසනාව පවතින කාලයකි. රැකියාවේ සහ ව්‍යාපාර වල කටයුතු දියුණු වේ. නව වරප්‍රසාද ලැබෙන්නට වාසනාව පවති. විනෝදයෙන්, ප්‍රීතියෙන් සිටිය හැක. පවුලේ දියුණුව ඇතිවේ.
ලෙඩ ‍රෝග තිබුනු අයට නිරෝගී සුවය ලැබෙන කාලයකි.


● ධනු
ශුභයි.
වික්‍රමස්ථානය වන 3 වැන්නට  සිකුරු පැමිණේ.
ආර්ථිකය සරු වන අතර, තම සහෝදර සහෝදරියන්, හිතවතුන්, ඥාතින් සමග සතුටින් සිටිමට හැකියාව ඇති කාලයකි. යම් බාධක තත්වයන්ව තිබු දෑ ඔබගෙන් ඉවත්ව යනු ඇත. සියලු කටයුතු වල දියුණුවක් අපේක්ෂිතය. පවුලේ සතුට, සමාදානය රජයන කාලයකි.


● මකර
ශුභයි.
2 වැන්න වන ධනස්ථානයට  සිකුරු පැමිණේ.
නව ආර්ථික මාර්ග උදා වේ. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. රැකියාවේ කටයුතු මනාව කරගැනීමට හැකියාව ලැබේ. වෙනදාට වඩා හිතවතුන් ඇසුරු කරන්නට ලැබෙන කාලයකි. වෙනත් අයගේ ආධාර උපකාර ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. ප්‍රේම සබදතා ශක්තිමත් වේ. නිරෝගීභාවය ආරක්ෂා වේ.


● කුම්භ
ඉතා ශුභයි.
1 වැන්න වන ලග්නයට සිකුරු පැමිණේ.
රැකියාව දියුණු වේ. උස්සවීම් අපේක්ෂා කල හැක. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. පොලව සම්බන්ධවද වාසනා ගුණය පවති. වාසි ලැබෙන කාලයකි. නව ආර්ථික මාර්ග ලැබෙයි. වෙනදාට වඩා විරුද්ධ ලිංගිකයන් සමග ආශ්‍රය, අල්ලාප සල්ලාප ඇතිවන කාලයකි. සිතේ සතුට රජයන කාලයකි. මේ සියලු කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්නටද සිතට ගන්න.


● මීන
සමඵලයි.
12 වැන්න වන වැයස්ථානයට සිකුරු පැමිණේ.
12 වැන්න දුෂ්ට ස්ථානයක් වුවද සිකුරුගේ පැමිණීම එතරම් අයහපත් නැත. ගෙදර දොරේ දියුණුව, පවුලේ දියුණුව වෙනුවෙන් වෙනදාට වඩා කැපවෙන කාලයක් වන අතර එම කටයුතු සාර්ථක වෙයි. ඒවාට වියදම්ද අධික විය හැක. ආර්ථික වාසි සිදුවන තරමටම වියදමටද කරුණු කාරණා එකතු වන කාලයකි. සමාජයේ කැපී පෙනෙන කාලයකි. අනියම් කම් සැප, අනියම් සබදතා ආදිය ඇතිවිමටද යම් ඉඩක් පවති. විනෝදයෙන් සිටින කාලයකි.


Saturday, March 5, 2016

අයියනායක බණ්ඩාර දෙවියන් !

ලෝක පාලක ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ පුතකු වන මෙම දෙවියන්ගේ සහෝදරයන් වන්නේ කතරගම/ස්කන්ධකුමාර දෙවියන් යන ගනේශ්වර/ගණ දෙවියන්ය.

ශිව දෙවියන්ගේ අතින් මැවුනු බව පුරාණ කතා වල කිය වේ.

ශිව දෙවියන් මෙන්ම අයියනායක බණ්ඩාර දෙවියන්ද පෙර ආත්ම භවයේ ඍෂිවරයෙකු බැවින් අධ්‍යාත්මික ගුණය අතින් ප්‍රබලය.
කැලේ දෙවියන් ලෙසද හැඳින්වෙන අයියනායක බණ්ඩාර දෙවියන්ට ලංකාවේ ප්‍රදේශයක් ඊශ්වර දෙවියන් විසින් භාරදී ඇති බව කියවේ.

විශේෂ වශයෙන් මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට නම් තමන් විසින් මනා පැවැත්මෙන් ජිවත් වීමද, සීලය-ප්‍රතිපත්තිය රැක ගැනීමද අනිවාර්ය කල යුතුය.

(පුද පූජා වට්ටිය ලොකු වීමෙන් හෝ මුදල් ආධාර වැඩියෙන් කිරීමෙන් දෙවියන්ගේ ආශිර්වාද නොලැබෙන බවද, කිසිවෙකුගේ කර්ම ශක්තිය වෙනස් කිරීමට දෙවියන් කටයුතු නොකරන බවද මතකයේ තබාගන්න)

#ඉරුසේවය

Tuesday, March 1, 2016

හදිසි ධනලාභ  ලැබීම !

( මෙය පොදු පලාපලයක් පමණි. පොදු කරුණු පල කරන්නේ තේරුම් ගැනීමේ පහසුවටය. මේ කාරණා සූක්ෂමව කේන්දරය බලා තහවුරු විය යුතු කාරණාය)



● නව ග්‍රහයන් අතරින්, හදිසි ධනලාභ දීමේ ප්‍රමුඛයා වෙන්නේ “රාහු“ ග්‍රහයාය.
යම් කෙනෙකුගේ කේන්දරයේ රාහුගෙ දෘෂ්ඨිය සුභ තැනක ඉන්න සිකුරුට, ගුරුට වැටෙනවා නම් එම පුද්ගලයා හදිසි ධනලාභ ලබනව.

යම් කෙනෙකුගේ කේන්දරයේ රාහු 11 වැන්නේ සිට, 11 සිටින මේ රාහුට 7 වැන්නෙ හෝ 3 වැන්නේ සිටින ග්‍රහයන්ගේ දෘෂ්ඨිය ලැබෙනවා නම් පොදුවෙ ධනලාභ ලැබිමේ වාසනාව පවති.

● යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ රාහු ශුභයෙක් වන ලග්න තියෙනවා. එම රාහුගේ දෘෂ්ඨියට සිකුරු පාත්‍ර වෙනවා නම් අනිවාර්යෙන්ම හදිසි ධනලාභ ලැබෙනවා.

● සමහර අයගෙ කේන්දර තියෙනවා, ඉතාම නරක කාල පසුකරන, උදාහරණයක් විදියට කාන්තාරයක ජලය, ආහාරපාන තියෙන තැනක්/ක්ෂෙම භූමියක් හම්බවීම, එහෙම නරක කාලයක වුවත් පොඩි විදශාවක්, අන්තර් දශාවක් ලැබුවොත් යහපත් ඒ කාලේ හදිසි ධනලාභ ලැබෙන්න පුලුවනි.
( සෙනසුරු මහ දසාවේ, සෙනසුරු අතුරු දසාවේ, රාහු විදසාවේ, සූක්ෂම සිකුරු දසාවක් යනවවිට බොහෝවිට මේ කාලය සතියක් වැනි කාලයක් පවතින්නෙ, නමුත් ඒකාලෙම ලැබෙන්න පුලුවන් හදිසි ධනලාභ)

● භූමි ලාභ පවා හදිසි ධනලාභයක් තමයි. සදු-සිකුරු යෝගයක් තියෙන කෙනෙක්ටත් හදිසි ධනලාභ ලැබෙන්න පුලුවන්.
විශේෂයෙන්ම සිකුරු-රාහු සංයෝග වී දෘෂ්ටි ලැබෙනවා නම් එවන් අයට හදිසි ධනලාභ ලැබෙන්න පුලුවන්.

ධන ලාභ තිබුනු පමණින්ම හරියන්නෙ නැහැ.

● අපි කියනවා ලොතරැයි වාසනාව තියෙනවා කියල, ඉතින් එහෙම කිව්වට ලොතරැයි ගන්නෙ නැත්නම් ඒ වාසනාව ලැබෙන්න ඉඩ නැති වෙනවා. ඒනිසා ඒ වෙනුවෙන් යම් උත්සහයක් කල යුතුයි. ඒකත් තේරුම් ගත යුතුයි.

උගත් ජ්‍යෝතීර්වේදියෙක්ගෙන් කේන්දරය පරික්ෂා කරගෙන, මේවා දැනගෙන ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කිරීම වඩා සුදුසුයි.

#ඉරුසේවය


* කේන්දරයේ  පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම
 inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364