Sunday, January 17, 2016

සතියේ ලග්න පලාපලය - ජන. 18 සිට

● මේෂ
ඉතාම සුභ සතියකි.
චන්ද්‍රයා ලග්නය, 2-3-4 වැන්න තුල ගෝචර වන මේ සතිය තුල ආර්ථික වාසි ඇතිවේ. ව්‍යාපාරික කටයුතු වලින් වැඩි ලාභ ලැබිමට හැකිවනවා සේම අලුත් ආයෝජන අවස්ථා යෙදේ. දුර ගමන් වලින් ලාබ ප්‍රයෝජන ලැබේ. විශේෂයෙන්ම විදෙස් රැකියා, විදෙස්ගත අයට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර වෙනදාට වඩා ප්‍රබෝධයක් හිතට දැනේ. ඔබ වඩාත්ම ප්‍රියමනාප විනෝදශීලි කෙනෙක් වේ. පෙම් සබදතා සඵල වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පවුලේ අය සමග සතුටින් සිටිය හැක.
ප්‍රබල ගැටළු නැතත්, සෞඛ්‍ය තත්වයේ ලෙඩ වලින් සුව වෙමින් සිටින අය ඒවායින් ආරක්ෂා වන්න.


● වෘෂභ
සමඵලයි.
සතියේ මුල් දින 2 තරමක ගැටළුකාරි තත්වයක් පවති. එයින් ඔබ ආරක්ෂා විය යුතුයි. එසේම ප්‍රවේසමෙන් මුදල් පරිහරණය කරන්න. ජිවිතයේ වැදගත් ව්‍යාපාරික කටයුතු ආදිය, රැකි රක්ෂා කටයුතු ආදිය මේ සතියෙදි තීරණාත්මක මට්ටමකට පැමිණෙනවා, සතිය අගදී දැවැන්ත වාසි අවස්ථාද, රැකියා කරන අයට උසස්වීම්ද ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය කෙසේ වෙතත් සතුටින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය වැඩි වෙනවා. ඔබ පවුලේ ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වේ. සතිය අගදී ඥාතියෙකුගේ දුර බැහැර නිවසකට යාමට හැකි වේ. පෙම් සබදතා ඇති අයට එහි හොද ප්‍රතිඵල ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ, ඇඟපත වේදනාව, සෙම් රෝග වලින් පරිස්සම් වන්න.


● මිථුන
සමඵලයි.
කරන කියන කටයුතු වලට හොඳ අවස්ථා ලැබෙනවා. සතියේ දින 2 හමාරකට පමණක් ආර්ථික පාඩු ඇතිවිය හැකියි. ණයට ගැනීම, ණයට දීම මුල් දින වලදි නොකරන්න. පසුව ඔබට හොදයි.
ගෘහ ජිවිතය තුල, ඔබට එතරම්ම ගැටළුකාරි තත්වයක් නැහැ. මේ අතර ඔබට ඔබගේ පවුල් පදනම වෙනුවෙන් යම්කිසි හොද දෙයක් කිරිමට අවස්ථාව උදා වෙනවා.
සෞඛ්‍ය  තත්වය, විශේෂ ගැටළු නැහැ.
සෙම් රෝග සහ ඇඟපත අමාරු වලින් ආරක්ෂා වීමම ප්‍රමාණවත්ය.


● කටක
සමඵල සතියකි.
මේ සතියේදි ඔබ අලුත් ආයෝජන අවස්ථාවන් වලට යොමු වෙනවා. ඒතුල ඔබගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරිමට පුලුවන්. ලග්නාධිපති උච්ච වන මේ සතියේදී අලුත් හිත මිතුරන් මාර්ගයෙන් ඔබගේ අනාගතය හෙලි පෙහෙලි කරගැනිමේ හැකියාවක් මේ සතියෙදි පවතිනවා.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. මේ සතියෙදි අතමිට සරු වෙන නිසා, ඔබට ගෙදර දොර වෙනුවෙන් යම්කිසි හොද දෙයක් කරගැනීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග ගැන විශේෂ අවධානයකින් සිටින්න.


● සිංහ
ඉතාම සුබ සතියකි.
පෙර පිනට මෙන්ම ඔබගේ ආර්ථික වර්ධනය මේ සතියෙදි සීග්‍රගාමි වනවා ඇත. ආයෝජන අවස්ථාද, පරණ ණය තුරුස් ලැබීමද මේ සතියෙදි ඔබට අත්වන සුවිශේෂි වාසි තත්වයන් වේ. එසේම සතිය මැද, අග විශාල දියුණුවක් ඔබට ලැබේ. ඒ අතර ව්‍යාපාරික කටයුතු දියුණු කිරිමේ හොද හැකියාවක් ලැබේ. දියුණුව
ගෘහ ජිවිතයහොදයි පවුලේ අය හා විනෝද ගමන් යෙදීමේ අවස්ථාව මේ සතියේදි හිමිවනනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබාගෙන කටයුතු දියුණු කරගැනීමටත් හැකියි.
සෞඛ්‍ය තත්වයේ දණිස් අමාරු, කොන්දේ වේදනාව යනාදියෙන් පරිස්සම් වන්න.


● කන්‍යා
මේ සතිය හොද සතියකි.
සතිය මුලදි සුළු ආර්ථික අවපාත ඇතිවන නමුදු සතිය මැදට යන්ට යන්ටම ඒවා හොද විදියට නිරාකරණය වෙයි. විශේෂයෙන් කරන කියන කටයුතු වලට හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. තවද ඔබගේ ජනප්‍රියත්වය නිසා අලුත් ආයෝජන අවස්ථා උදා කරගැනිමට පුලුවන්. රැකියා - ව්‍යාපාර කරන අයට මේ සතිය ඉතා හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව වෙන සති වලට වඩා ශක්තිමත් වේ. ඔබගේ පවුල තුල ඔබට හොද ප්‍රසාදයක් හිමි වේ. පමාවු අයට මංගල යෝග ඇතිවන කාලයකි. විශේෂයෙන්ම කිව යුතුයි, ආර්ථික තත්වයේ ශුභදායක වෙනස්කම් නිසා ගෙදර දොර ජිවිතයද හොද වේ.
රෝගාබාධ ලෙස හිස කැක්කුම, අනවශ්‍ය කලබල විම් ඇතිවිය හැක.


● තුලා
සමඵලයි.
ආර්ථික වශයෙන් ගත්කල සතිය මුල් කොටසෙදි ඔබට හරියන ආර්ථික - ව්‍යාපාරික තත්වයන් එසේම සියලුම ආර්ථික වාසි සතිය මැදදී යම් ආකාරයකට නැතිවිමට පුලුවන්. ඒ ගැන ඔබ අවධානය යොමු කල යුතුයි. එසේම වෙනත් විශේෂ කරුණු නැහැ. සතිය අගදී පිට පලාත් වල සංචාරයෙන් ආර්ථික වාසි හිමිවනු ඇත.
ගෘහ ජිවිතය තුල යම් යම් විචල්‍යකාරි තත්වයක් ඇතිවිය හැක. සතිය ආරම්භයේ ඔබට පවතින සුබ තත්වයන් සතිය මැදදී නැතිවිමට පුලුවන්, අවධානයෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් ආමාශගත රෝග, මුත්‍රා ආබාධ ආදියෙන් පරිස්සම් වන්න.


● වෘශ්චික
තරමක අපහසුතා ඇතිවන කාලයකි.
මේ සතියෙදි කරන කියන කටයුතු වලට බාධක මතුවිමට පුලුවන. ආර්ථිකමය වශයෙන් ඔබට එතරම් ශුභදායක නැහැ. ඔබ ප්‍රවේශම් විය යුතුයි, හවුල් ව්‍යාපාර කරනවා නම්, එසේම මුදල් ආයෝජනය කරන්නට සිතේ තියාගෙන ඉන්නවා නම් ඒ ගැන දෙවරක් සිතා බලා බුද්ධියෙන් කරන්න. ණයට ගැනීමත් දීමත් බුද්ධිමත්ව කරන්න. රැකියා කරන අයද ආයතන ප්‍රධානින් හා උරණ නොවි ඉන්න බලන්න.
ගෘහ ජිවිතය තුල විචල්‍යකාරි වෙන්න පුලුවන්. අඹුසැමියන් අතර භේද ඇතිවිය හැකියි. පවුලේ අය හෝ දීර්ඝකාලිනව ආශ්‍රය කල කෙනෙක් දුරස් විමට හෝ තරහ විමට පුලුවන්. කල්පනාවෙන් සියලු කටයුතු කරන්න.
ආමාශගත රෝගථ යටි බඩේ රෝග ජිර්ණ ආබාධ ගැන විම් ගැන අවදානමත් වන්න.


● ධනු
එතරම් ශුභ නැත.
හොද නැති භාව2කයි සතිය මුලදි සදු  හැසිරෙන්නේ. එනිසා ඔබ ව්‍යාපාර හෝ රැකියා කටයුතු කරනවා නම් ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න. ණයට දීම හා ගැනිම 2ම හොද නැහැ. ආරක්ෂාකාරි-කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල දරුවන් ගැන නම් හොද සුභ දෙයක් අහන්න ලැබෙනවා. සමහරවිට නැන්දා මාමා කෙනෙකුගේ උදව් උපකාර ලැබිමට - ඒ වාසනාව ලැබිමට පුලුවන්. ප්‍රබල ගැටළු ඇති නොවේ.
සෞඛ්‍ය තත්වයේ සාමාන්‍ය පරිදි ගත වේ. මුත්‍රා අසනීප ඇතිවිමට පුලුවන්. සැලකිලිමත් වන්න. එසේම යම් යම් ජීර්ණ පද්ධතියේ රෝග වලින්ද ආරක්ෂා වන්න.


● මකර
හොඳ සතියකි.
අතපසුවු හුඟක් දේවල් මේ සතියේදි කරගැනිමට පුලුවන්. එසේම ඔබ මේ කාලයේදී ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය කරන යම් යම් පහසුකම් ඇති කරගැනිමට ඔබට හැකියාව ලැබෙනවා. හොද තත්වයකි.
ගෘහ ජිවිතය සතුට සමාදානය ඇති වෙනවා. පවුලේ අය වෙනුවෙන් ලොකු සාදයක් පැවැත්වීමට පවා ඔබට පුලුවන්. ඥාති මිතුරුකම් අලුත් වෙනවා. නිවසට අලුත් බඩුමුට්ටු ආදිය මිලදි ගැනිමේ හැකියාව මේ සතියෙදි ඇති ‍වෙනවා.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. පපුවේ සෙම් ගතියෙන් ආරක්ෂා වන්න.


● කුම්භ
ඉතාම ශුභ සතියකි.
තමාගේ හැකියාව ඉතාම හොදින් ප්‍රදර්ශනය වෙනවා. ආර්ථික වාසි එමගින් ලැබෙනවා.
තමාගේ දක්ෂපක්ෂකම් ඉස්මතු විම මේ සතියෙදි වන දෙයක්. දියුණුවට අතහිත ලැබෙන මේ සතියෙදි චිත්ත ප්‍රීතිය නිසා කරන සියලුම කටයුතු සාර්ථක වීම සිදුවෙනවා. රැකියා කරන අයටද බොහෝ සුබයි.
ගෘහ ජිවිතය තුල සතුට ලැබෙනවා. මංගල යෝග ඇතිවෙනවා. නැවති තිබු ඥාති මිතුරුකම් ඇතිවෙනවා. නව ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා. පවුලේ අය හා ඥාතින් සමග වෙනදාට වඩා සහයෝගයෙන් සහ සතුටින් ගතකිරිමට හැකියාව ලැබෙනවා
සෞඛ්‍ය තත්වෙය් ජලය ආශ්‍රිතව ගොඩනැගෙන රෝගාබාධ වලින් පරිස්සම් වන්න.


● මීන
ඉතාම හොද සතියකි.
අලුත් ආයෝජන අවස්ථා ඔබට හිමි වෙනවා. කරන කියන කටයුතු සාර්ථක වෙනවා. ව්‍යාපාරික කටයුතු වල අයට බැංකු ණය ආදි අතහිත ලැබෙනවා, මේ අනුව හොද සතියක්.
මීන ලග්නයේ ගෘහණියන්ට/කාන්තාවන්ට රන් ආභරණ, ආයිත්තම් ආදිය ලැබෙනවා. ඒ වාසනාව පවතිනව. කාන්තාවන්ට ඉතාම සුභ සතියක් මේ සතිය.
ගෘහ ජිවිතයද  ඉතාම හොදයි. ආර්ථිකය සමග ඉතා ඉහල තැනක ඔබ සිටිනවා. ඔබ ගැන සොයා නොබැලු ඥාතින් ඔබ ගැන සොයා බැලීමට පුලුවන්. මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා සඵල වෙනවා. හොදයි.
පපුවේ සෙම, ඒ නිසා හටගන්නා ඇගපත වේදනාව ඇතිවිය හැකියි. ආරක්ෂා වන්න.


-
* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Saturday, January 16, 2016

“ සිනාවෙන් - සතුටින් ඉන්න “

" සිනාසී තරවන්න “
මේ කියමන ගොඩක් අය අහල ඇති. නිතර හිනාවෙන්, සැහැල්ලුවෙන්, සතුටින් ඉන්න අය ටිකක් මහත් වෙන්න ඉඩ වැඩියි... මහත් වෙනව කියන්නෙ පිරිපුන් වෙන්න ඉඩ වැඩියි..

● ජ්‍යොතිෂ්‍යය අනුව හිතුවත් ගුරු/බ්‍රහස්පති කියන්නෙ සෞභාග්‍යයට හේතුවෙන් ග්‍රහයෙක්... ගුරු උච්ච අය පොදුවේ නිතර හිනාවෙන් ඉන්න ප්‍රීතිමත් ජිවිත ගත කරන අය..
හිනා උනාම මහත් වෙන්නෙ කොහොමද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්... ?
ඒට හේතුව තමයි ධමනි හිනාවෙනකොට ප්‍රාණවත් වෙනවා, පුළුල් වෙනව..

● පොදුවේ හිතුවොත් වැඩියෙන් සතුටින් ඉන්නෙත් ටිකක්වත් මහත් අය, ලෝකෙ හොයාගත්ත පර්යේෂණ වලින්..
* ඉතින් අපි මේ කියන්න හදන්නෙ මහත් වෙන්න කියල නෙමෙයි, සතුටින් ඉන්න කියලයි...
සතුටින් ඉදිද්දි මහත් වෙනව කියන්න ලංකාවේ හොදම උදාහරණය දේශපාලනඥයො..
බලන්න ජනාධිපතිවරු උනත්, එනකොට කෙට්ටුවට එන්නෙ, ටික කාලයක් යද්දි හොදට පිරිපුන් වෙලා මහත් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් විශේෂයි...

● තව දෙයක් නිතර හිනාවෙන් සතුටින් ඉන්න අයට දීර්ඝායුෂ ලැබෙනවා..
දුකක් වේදනාවක් දැනුනොත් හොදම දේ බඩ පිරෙන්න කාලා නිදාගන්න එකයි...

* දුකකදී, කරදරයකදී ඉතින් දුකෙන් හිටිය කියල වෙන හොඳක් නෑනේ... ඒකත් හිතන්න..
මේ විදියට හිනා වෙලා, දුකකදී, වේදනාවකදි ඒ තත්වයන් අඩුකරගෙන ජිවත් වෙද්දි සෞඛ්‍ය ඉබේම රැකෙනවා..
නිරෝගී වෙනවා කියන්නෙ උතුම්ම ලාභයනේ..
ඒකෙන්ම දීර්ඝායුෂ ලබතෑකි...

● ඒනිසා මනුස්සකමට වෙන අය එක්ක හිනාවෙන්න.
පොඩි සතුටකදි උනත් ඒක හොඳට විඳින්න... අනිත් අය එක්ක සතුටින් ඉන්න... ජිවිත් වෙන කාලය හරිම ටිකයි.. ඒකාලයෙදි හොදින් ඉන්න ඕන අපි හැමෝම... සංසාරෙටම බලපානව ඔය දේවල් හ්ම්...

#‎ඉරු‬

Thursday, January 14, 2016

අප සේවයට හිතවත් විදේශගතව සිටින දියණියන් දෙදෙනෙකු වෙනුවෙන් අප තලවතුගොඩ කාර්යාලයේ පවත්වන්නට යෙදුනු සම්‍යක් දෘෂ්ටික දේව පූජාවේ එක් අවස්ථාවක්.

මේ පූජාවේ අනුහසින් එම දියණියන් දෙදෙනාගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නටත්, අපගෙන් සේවා ලබාගන්නා සියලු දෙනාට තම කටයුතු සාර්ථක වන්නටත්, අපට ලබැඳි පාඨක සියලුදෙනාටත් විශේෂ වශයෙන් මේ දේව පූජාව අනුව සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවායි සෙත් ප්‍රාර්ථනා කරමු !

‪#‎ඉරු‬

Monday, January 11, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් - 02

ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
(https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1266788290004914/?type=)
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් අයෙක්ද යන්න කේන්දරය අනුව අප බලමු.

( විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)

02 ) උගත් බව

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නාධිපතියා 5 වැන්නේ නම්, 7 වැන්න සහ 5 වැන්න පරිවර්ථනය වී ඇත්නම් ඔහුට හෝ ඇයට ඉතාම බුද්ධිමත් සහකරුවෙක්/සහකාරියක් ලැබේ.
නමුත් සමහර වෙලාවට එම සහකරු/සහකාරිය ඉතාම සූක්ෂම සහ තීක්ෂණ බුද්ධියකින් හෙබීය.  මෙවැනි අයට නියපොතු වලත් මොළය ඇතැයි පැරැන්නෝ කියති.

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නාධිපතියා ශුභයෙක් වී ඔහුට ගුරුගේ පූර්ණ දෘෂ්ටි වැටේ නම්, ඔහු/ඇයට සත්කලත්‍ර යෝග යෙදෙනවා මෙන්ම අධ්‍යාපන මට්ටමෙන් ඉතා අනූන, ප්‍රඥාවත් සහකරු/සහකාරියක් ලැබීමට නිසර්ඟ හේතුවකි.

● එසේම කන්‍යා - මිථුන ලග්න වල උප්පත්තිය ලබා, බුධ ග්‍රහයා ගුරු සමග සුභ දෘෂ්ටි හෙලීමද, එකට සංයෝග වී සිටිමද බුද්ධිමත් සහකරුවන්/සහකාරියන් ලැබීමට හේතුවකි.

● තවත් පර්යේෂණාත්මකව විශේෂිතව අත්දැකීමෙන් දත් කාරණාවක් නම්, විවාහ අපේක්ෂිත වයසේදී බුධ හෝ ගුරුගේ මහ දසා ගතවීම බුද්ධිමත් සහකරුවෙක්/සහකාරියක් ලැබෙන තවත් විශේෂිත අවස්ථාවකි.


- සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී  අයෙක්ද යන්න ඊලග ලිපියෙන් බලමු.


- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !

Sunday, January 10, 2016

විශ්ව පාලක විෂ්ණු දෙවිඳු


දහම රකින, යහපතට වැඩ සලසන උතුම් වූ විෂ්ණු දිව්‍ය රාජයා !

‪#‎Narayana‬ ‪#‎godvishnu‬ ‪#‎lordvishnu‬
‪#‎ඉරු‬

 ‪#‎විෂ්ණුදෙවියන්‬

Tuesday, January 5, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් ! - 01

දිගු නිහැඬියාවකට පසු ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය රූපසම්පන්න අයෙක්ද යන්න කේන්දරය අනුව අප බලමු.

(* විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක, 7 වැන්නාධිපතියා ශුභයෙක් වී, ගුරු/බ්‍රහස්පතිගේ හෝ සිකුරු/ශුක්‍රගේ දෘෂ්ටියක් ලබයි නම්, ඔහු/ඇයගේ සහකරු/සහකාරිය මනා කඩවසම් - රූපසම්පත්තිය ඇති පුද්ගලයෙකු බව පෙන්වයි.

● යම්කිසි ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නේ ශනි/සෙනසුරු තැන්පත් නම් ඔහු/ඇයට ලැබෙනුයේ, තරමක වයස් පරතරයක් ඇති ධනවත් අයෙකි. - මෙහිදී ශනිගේ බලය ඉතාම වැදගත් වන අතර, ශනි උච්ච නම් බොහෝදුරට එසේම සිදුවේ.

● ජන්ම පත්‍රයේ බුධ 7 වැන්නේ නම්, 7 වැන්නට සුභ දෘෂ්ටි වැටේ නම්, ඔහුට හෝ ඇයට ලැබෙන්නේ හුරුබුහුටි ගතිගුණ ඇති, මිහිරි තෙපුල් ඇති කෙනෙකි.

● යම් ජන්ම පත්‍රයක පුරසඳු බලවත්ව 7 වැන්නේ නම් මනා පිරුණු දේහයක් ඇති රූමත් සහකරුවෙකු හෝ සහකාරියක් ලබයි.


- සහකරු/සහකාරිය උගත්-බුද්ධිමත් අයෙක්ද යන්න ඊලග ලිපියකින් බලමු.


- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !