Thursday, December 24, 2015

විවාහය ගැන විග්‍රහය - 3


විවාහ වෙලා කාලයක් ගියාම විවාහයේ ඇතිවිය හැකි ගැටළු
පොරොන්දමක් දුන්නා කියා,

කේන්දර තිබුනා කියා දෙදෙනාගේ ජිවිත ගැන පෞද්ගලිකව සූක්ෂමව පරික්ෂා කල යුතුය.










https://www.youtube.com/watch?v=ar8jiXsng4k

Monday, December 21, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ. 21 - 28

මේ සියලු කරුණු පොදු කරුණුය, කේන්දර සටහන අනුව වෙනස්විය හැක.

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
● මේෂ
ඉතාම ශුභ සතියකි.
කරන කියන කටයුතු වල දියුණුව ඇතිවේ. ආදායම් මාර්ග දියුණු වේ. ඔබගේ රැකියා තත්වය සහ ව්‍යාපාරික කටයුතු දියුනු වෙයි. නව ආයෝජන අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර නිවසට, අඹුසැමියන්ට සුභ කාලයකි. විශේෂයෙන්ම මේෂ ලග්න ගෘහණියන්ට සිය ස්වාමියාගෙන් surprises ලැබේ. නිවසට නව බඩුමුට්ටු ගැනිමේ හැකියාව පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු පමණයි.


● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික වාසි සැලසෙනවා, නමුත් සතිය මුල් කොටසෙදි ඔබ ප්‍රවේසම් විය යුතුයි. සතිය මැදදි අලුත් ආයෝජන අවස්ථා මෙන්ම, පිට පලාත් වල වැඩ කටයුතු වලින් හොද තත්වයක් ලැබෙනවා.
ගෘහ ජිවිතය නම් සැලකිය යුතු වරදක් නැහැ. අඹුසැමියන් අතර ආදර ප්‍රේමය දළුලනවා. ඔබටත් පිට පලාත් වල ගමන් බිමන් යෑමේ හැකියාව පවතිනවා. නව හිතවත්කමක් ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ.


● මිථුන
හොඳ සතියකි.
මේ සතිය ඇතුලත, බොහෝ කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්. ඔබගේ ආර්ථික කටයුතු දියුනු වනවා. එසේම කරන කියන කටයුතු දියුණු වෙනවා. අලුත් ආයෝජන අවස්ථා උදා වෙනවා. මේ කාලය ඇතුලත ඔබගේ දුන් ණය මුදල් අයවිමේ හැකියාවක්ද තියෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, අවිවාහයකයන්ට මංගල යෝග උදා වෙනවා. ඥාති මිත්‍ර හිතවත්කම් ගොඩනැගෙනවා. තවද ඔබගේ දියුණුවට වැඩිහිටියන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.


● කටක
ඉතාම හොඳ සතියකි.
මේ කාලයෙදි ආර්ථික වාසි නිතැතින්ම සැලසෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයටද, විදේශ රැකියා කරන අයටද ඉතාම හොදයි. රැකියා කරන අයට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒ අතර විදේශ සංචාරද හිමියි.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවන කාලයක්.
අතමිට සරුවන නිසා පවුලේ දියුණුවද මේ අතර සැලසෙනවා. පිට පලාත් වල සංචාරයට හැකියාව ලැබෙනවා. මංගල යෝග උදාවන අතර, නව හිතවත්කම් ගොඩ නැගෙන කාලයකි.
නිදන්ගත රෝග හැරුනු විට ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැහැ.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
මේ සතියේදි ඔබට පෙර පින පෑදෙනවා මෙන් ආදායම් මාර්ග හිමි වෙනවා. කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. නව ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරගෙන යන ව්‍යාපාර වලට වැඩිහිටියන්ගේ පූර්ණ ආශිර්වාදය හිමි වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම සුබයි. යුග දිවි සැපත ලැබෙනවා. මංගල යෝග උදා වේ. නව නෑ හිතවත්කම් ලැබේ. මේ කාලයේ ඔබට කිව යුතුයි, කාලයකින් නොදුටු මිතුරෙකුගේ හමුවීම සතිය අගදී සිදු වේවි.
සෙම් අමාරු සහ උදාරාබාධ හැරුනු විට ප්‍රබල ග්‍රහ දෝෂ තත්වයක් නැත.

● කන්‍යා
සමඵලයි.
සතියේ ආරම්භක දින 2 හමාර පරිස්සම් වන්න. මුදල් යෙදවීම ඉතාම පරිස්සමට කල යුතුයි. පාඩු, කරදර සිදුවිමට පුලුවන්. ඒ අතරතුර කාලයේදී ඔබ අතින් අතපසුවිම්ද වීමට පුලුවන්. සතිය අග වන විට මේ තත්වය දුරුවී නැතිවු දේ නැවත ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන්නේ සතිය අගදි. මුලදි අඩදබර ආරවුල් වලින් ඔබ ආරක්ෂා විය යුතුයි. දුවාදරුවන් සමග ඔබට විනෝද චාරිකා ආදිය යෑමට පුලුවන්, සතිය අගදි.
සෞඛ්‍ය ගැටළු නම් උදරාබාධ, ජීර්ණ පද්ධතියේ අසනීප ආදියයි - ආරක්ෂා වන්න.

● තුලා
ඉතාම විචල්‍ය වූ සතියකි.
චන්ද්‍රයා 8 වැන්නේ හැසිරෙන සතිය මැදදි ආර්ථික පාඩු සිදුවිය හැකියි. සතිය අගදි එම තත්වය දුරුවෙනවා. ආයෝජන අවස්ථා වලදි පරිස්සම් විය යුතුයි. යම් ව්‍යාපාරයකට මුදල් යට කර ඇත්නම් ඒ ගැන සොයා බලා කටයුතු කිරිම ඔබගේ යහපතට හේතුවේවි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාවට යම් පරහක එල්ල විය හැකියි. ඥාති හිතමිතුරන් තරහවිම්, ස්වාමි - භාර්යා දෙදෙනා අතර යම් යම් අසමගිකම් ඇතිවිය හැකිය. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, උදරාබාධ පීනස් රෝග ඇති අය ඒවා පාලනයට උත්සුක වන්න.

● වෘශ්චික
චිවල්‍ය සතියකි.
මේ සතියෙදි ලාබ-පාඩු මධ්‍ය රේඛාවේ යන්නේ. කල්පනාවෙන් කටයුතු කරන්න. ආර්ථිකය පාඩු පැත්තට බරයි, කරන කියන කටයුතු සිතා බලා කරන්න. ඒ තුලින් පාඩු අවම කරගත හැක.
ගෘහ ජිවිතයද එසේමයි. ඥාති හිතවතුන් අතර යම් අමනාපකම් ඇතිවිය හැකියි. ඔබට සතුරු කරදර ඇතිවන්නට මෙන්ම,  ස්වාමි - භාර්යා අතර විරසකයක්ද ඇතිවිය හැක. දුවාදරුවන්ගෙන් යම් තරමක් ඈත්ව සිටිම කරනවා නම් හොදයි. ඉවසිමෙන් කටයුතු කරන්න.
එතරම් යහපත් නැහැ සෞඛ්‍ය තත්වයේ, තිබෙන කුඩා අසනීපය ලොකු විය හැකියි. සැලකිලිමත්ව කටයුතු කරන්න.

● ධනු
සමඵලයි.
සතිය ආරම්භයෙදි තිබුනු ප්‍රබෝධය අගදි නැති වෙනවා. සෙනසුරුද 12 නිසා පාඩු විය හැකි. ණයට ගැනිම සහ ණය දිම නොකර සිටිනවා නම් වඩා හොදයි. ආයෝජන අවස්ථා වලදි කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා.
දුවාදරුවන් සමග සතිය මුලදි සිටිමට හැක. ඉන්පසු යම් ඈත්වීමක් පෙන්වනවා. සතිය අගදී ඔබට මංගල යෝග වැනි සුබ පණිවිඩයක් ලැබීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, මුත්‍රා අසනීප, උෂ්ණාධික රෝග සහ මානසික ආතතිය ආදිය ඇතිවිමට හැකියාව තිබේ.


● මකර
සාමාන්‍ය සතියකි.
සතිය ආරම්භය සහ මැද ඉතාම හොදයි. එම කාලෙදි ඔබට කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. එනම් සතියේ මුල් දින කීපයෙදි ඒවාට ප්‍රවේශයක් ගැනිම ඔබට හොදයි. සතිය අගදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරිම යහපත්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ම ගත වෙනවා. නිවසට අලුත් බඩුබාහිරාදිය ගැනීමට ඔබට පුලුවන්. ඒ ගැන ගැටළුවක් නැහැ. මංගල යෝග මේ අතර උදා වෙනවා. නව හිතමිතුරුකම් ගොඩනැගෙනවා.
සෞඛ්‍ය තත්වය  ඔබට ඇඟපත වේදනාව සහ ආමාශගත ගැටළු හැරුනුවිට වෙනත් ප්‍රශ්න නැහැ.


● කුම්භ
හොඳ සතියකි.
සහෝදර සහෝදරියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. ඔබට ඉතාම හොද කාලයක්. පිට පලාත් වල කරන රැකියා බොහෝසෙයින්ම සාර්ථක වෙනවා. එසේම ඔබට අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරන කියන කටයුතු බාධාවකින් තොරව කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය දළුලනවා. දුවාදරුවන් සමග වැඩිපුර කාලය ගත කිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් අමාරු තත්වයන් ඇතිවිමට පුලුවන්. ඒ ගැන කල්පනාකාරි විය යුතුයි.


● මීන
ඉතාම ශුභ සතියකි.
සතිය ආරම්භයේ සිට අවසන් වනතුරු ඉතාම සුබයි. කුමන රැකියාව, ව්‍යාපාරය කලත් ඒවායේ තත්වයේ හැටියට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ඒ අනුව හිමි වෙනවා. සතිය මැදදී අලුත් කටයුත්තකට අතගැසීමට පුලුවන්. කරන කියන කටයුතු වල නව්‍යකරණයක් දකින්ට ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. දුවාදරුවන් සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිය හැකියි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු ගැන අවදානමත් වන්න.

Sunday, December 20, 2015

ලෝක පාලක ඊශ්වර දෙවිඳු !

(ශිව/මෙහෙසුරාණන්)
අධර්මයෙන් ලොව වනසන මිනිසුන්ට, ඉදිරි වසර කීපයේදි සිදුවන විපාක වලට මූලිකත්වය ගන්නෙ මෙම දෙවියන්ය !

Friday, December 18, 2015

පුරා වසර 30-40ක ජ්‍යොතිෂ්‍යය ගමන් ම‍ඟේ අපගෙන් සේවය ලද අහිංසක මහතෙකුගේ සංවේදී කතාව !

කොත්මලේ ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මහතා, 2007 වසරේදි දරුණු ලෙස රෝගාබාධයකට ගොදුරු උනා. එම රෝගය නම් ආඝාත/ස්ට්‍රෝක් යන තත්වයට පත්වීමයි.

එම අවස්ථාවෙදි අප ඉරු සේවයේ රාජකරුණා මහතා විසින් සිදුකල නියමාකාර ජ්‍යොතිෂ්‍යයට අනුව කේන්දර පරික්ෂාවකට අනතුරුව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනු ශාන්ති කර්ම නිසාත්, ඒ අතර නියම කරන ලද සිංහල ආයුර්වේද වෙදකම් නිසාත් අද ඒ මහත්මා රෝගී තත්වයෙන් 80%කට පමණ සුවයක් ලබා සිටිනවා.

* විශේෂයෙන් කිව යුත්තේ, “වෛද්‍ය ප්‍රතිකාර“ සමග ග්‍රහ දෝෂයටද අදාල ලෙස දෙහි කපා දෝෂ නාශනය කරගෙන, ඉන්පසුව නිසි ආරක්ෂා යන්ත්‍රයක් පැලදී බවයි.

පසුගිය දිනෙක, අපට එම වීරසිංහ මහත්මා ඉරු සේවයේ ප්‍රධාන ජ්‍යොතිර්වේදි රාජකරුණා මහත්මයා සහ අපගේ සේවාව ගැන කෘතඥතා පූර්වකව කල සංවේදි අදහස් දැක්වීමේ වීඩියෝව ලගදීම අපගේ යුටියුබ් නාලිකාවෙන් !
(පොදුවේ කිවයුත්තේ වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් කලත් සුව නොවන්නේ නම්, අදාල ග්‍රහ අපලයක් එනම් අකුසල කර්මයක බලපෑමක් තිබිය හැකි බවයි)

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Thursday, December 17, 2015

2015 දෙසැම්බර් මස 24 හෝ ආසන්න දිනයක සුනාමි අනතුරක් ලංකාවට ???



2015 වසර අවසන් වීමට ඇත්තේ සති 2කට ආසන්න කාලයකි. සමහර ජ්‍යොතිෂ්‍යෙවේදින් එක් එක් කරුණු පදනම් කරගෙන ලංකාවට ප්‍රබල සුනාමි විපතක් සිදුවන බවට අනාවැකි පල කරමින් සිටි.
විශේෂයෙන්ම සුනාමි තත්වයක්  සිදුවේයැයි ඔවුන් මත පල කරමින් සිටිනවා.

බොහෝදෙනෙක් කල ඉල්ලීම් අනුව, මෙහි ඇත්ත නැත්ත ජ්‍යොතිෂ්‍යයට අදාලව සොයා බැලීමට සහ පාඨක සහෘදයන්ට දැනුම් දීමට අප ඉරු සේවයේ පර්යේෂණ අංශයේ අවධානය යොමු උනා.

● එනම් මුලික විමසා බැලිය යුතුයි, මේ වසරට යෙදෙන අවසාන පොහොය දිනය ගැන. එම දිනය යෙදෙන්නේ 2015 දෙසැ. මස 24 වන දිනයි.
උඳුවප්පුර, පුර තුදුස්වක තිථිය වරා, පුරපසලොස්වක තිථිය ලබන්නේ දෙසැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා දින පස්වරු 6.31ටය. මේ තිථිය ලබන විට සඳු ග්‍රහයා වෘෂභ රාශියේ උච්ච බලයෙන් මුවසිරස නැකතේ ගමන් කරමින් සිටි.
සාධ්‍යය යෝගයද, විශ්ටිකරණයද, වනිජකරණයද යෙදේ.

● මෙදින ඉර උදාව පෙරවරු 6.18ටය, ඉර බැසීම පස්වරු 6.01ටය.
මෙදින සූර්යයා ධනු රාශියේ අංශක 07යි කලා 46 ඉක්මවා සිටි.

මුලින්ම සදහන් කරන්නම් අපගේ මතය !

* ● * ශ්‍රී ලංකා ද්වීපයට කිසිදු  සුනාමි තත්වයක් සිදුවන්නේ නැත.

එදින උදෑසන 6ට උදාවන ලග්නය වන්නේ ධනු ලග්නයයි !

● ධර්මකර්මාධිපති රාජ යෝගය සමග ධනු ලග්නය ඉතාම බලවත්ව පිහිටා ඇත.
එසේම ලග්නයේ දුෂ්ට ස්ථානයක් වන 6 වැන්නේ චන්ද්‍රයා උච්ච බලයෙන් පිහිටා සිටි. විශේෂයෙන්ම ලග්නය/1 වැන්න සහ 9 වැන්න අතර ප්‍රබල පරිවර්ථන යෝගයක් යෙදී ඇත.
ගුරු ග්‍රහයා මේ පරිවර්ථනය වන අවස්ථාවෙදි, ගුරු ග්‍රහයා 9 වැන්නේ සිටිමින් ලග්නය ආරක්ෂා කරමින් ඉතාම ප්‍රබලව පිහිටා ඇත.

● 4 වැන්නාධිපති සිකුරුද ස්වක්ෂෙත්‍ර බලයෙන් 11 වැන්නේ සිටින අතර, තත්කාල ග්‍රහචාරය පොහෝදින යෙදෙන මෙදින ඉතාම ප්‍රබල තත්වයක ඇත.
එනම් මේ දිනයට ලොකු ආරක්ෂාවකි.

● එසේම 24 වන දින සිට 31 වනදා දක්වා ග්‍රහචාරය මෙආකාරව බලවත්වි ඇත.

● මෙයාකාරව බලවත්විම ලෙස අප සදහන් කරන්නේ 2015 ධනු - රවිය යෙදෙන දෙසැම්බර් 16 වන දින සිට දෙසැ 31 වනදාම දක්වා කාලය තුල රවි ග්‍රහයා ඉතාම බලගතුව ධනු රාශියේ බලවත් වන අතර, ගුරු ග්‍රහයාගෙන්ද ප්‍රබල රැකවරණයක් සූර්ය ලග්නයට එල්ල කරයි.
තත්කාල ග්‍රහචාරයේ කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයටද ප්‍රබල රැකවරණයක් ග්‍රහයන් 3දෙනෙක්ගෙන් ලැබේ.

● ප්‍රධාන වශයෙන් බ්‍රහස්පති/ගුරු ග්‍රහයා 7 වැන්නේ බලවත් වී ලග්නයට සුභ දෘෂ්ඨි හෙලයි.
එසේම 9 වැන්නේ සිටින සිකුරු ග්‍රහයා කුම්භ ලග්න කේන්දරයට පූර්ණ සුභ දෘෂ්ටි හෙලීම නිසා පැමිණෙන ස්වභාවික අනතුරු අවම කරයි !
එසේම මෙහිදි 7 වැන්න සහ 11 වැන්න අතර ප්‍රබල පරිවර්ථන යෝගයද ලංකා කේන්දරයට ආරක්ෂාව සපයයි.

● එසේම කිව යුතුයි, 24 වනදින උදාවන විට ලංකා කේන්දරයේ සදුද බලවත් වී උච්ච බලයෙන් 4 වැන්නේ තැන්පත්ය.
මේ තත්වයත් සමග ඉතාම ගැඹුරින් අධ්‍යයන කිරිමෙදි හැඟී යන්නේ, මේ ඉදිරි දින කිහිපය තුල එනම් ජ්‍යොතිෂ්‍යය වේදින් කියන අය අනුමාන කරන පරිදි 24 වන දින කිසිදු සුනාමි අනතුරක් අප ශ්‍රිලංකා ද්වීපයට සිදු නොවන බවයි.
පලාත් වශයෙන් ගත්කල යම් පීඩාකාරි තත්වයක් දකුණු පලාතට යම් තරමකට බල පවත්වයි.

● එසේම 2015 දෙසැම්බර් 24වන දින පුරපසලොස්වක පොහොය ලබන්නේ හවස 6.31 ටය.
එම මොහොතට උදාවන්නේද මිථුන ලග්නයයි. එනම් ධනුවේ අධිමිත්‍ර රාශිය වන මිථුන ලග්නය උදාව පැවතීමද, ලංකා කේන්දරයේ කුම්භ ලග්නයට හිමිවන 5 වැන්න මිථුනයට හිමිවීමද කිසිදු අනතුරක්, ස්වභාවික අපදාවක් නොවන බව මේ අනුව නිගමනය කල හැක !!!

එසේම මෙම තත්කාල ග්‍රහචාරය විග්‍රහ කිරිමද අනවශ්‍ය බව අපගේ හැඟිමයි !


රවි මාරුව ඔබගේ ලග්නයට කොහොමද ?

● මේෂ
ශුභයි.
රවි 9 වැන්නට පැමිණේ.
 සමාජ තත්වය ඉහල යයි. සමාජයේ ගෞරවය ලැබේ. ප්‍රසිද්ධ වේ.
දියුණුවට උසස් අයගෙන් උදව් උපකාර ලැබේ.  විදේශ සංචාර ලැබේ.


● වෘෂභ
සමඵලයි.
රවි 8  වැන්නට පැමිණේ.
කලහෝලාහල වලට මැදිහත් වීම, මානසික තත්වය පිරිහීම, ධන-ධාන්‍ය තත්ව වල අඩුපාඩු සහ තැන්පත් මුදල් වැයවීම ආදියත් ශාරීරික රෝගාබාධත් වැළදිමට ඉඩ ඇත. බුද්ධියනේ කටයුතු කරන්න.


● මිථුන
ශුභයි.
රවි 7 වැන්නට පැමිණේ.
බුද්ධිමත්භාවය ඇතිවිම සිදුවේ. හවුල් ව්‍යාපාර කටයුතු දියුණුවීම, එසේම දේපල ලැබීම, සහකාරිය/සහකරුගෙන් උදව් උපකාර ලැබීමට නියමිතයි.


● කටක
ශුභයි.
රවි  6 වැන්නට පැමිණේ.
සතුරන් යටත්වීම, එදිරිවාදින් මෙල්ල වීම සිදුවන අතර, විදේශ රැකියා, විදේශ සංචාර ඇතිවිම ඇත. තමාට විරුද්ධව ඇති නඩුහබ වලට ඍජුව ඉදිරිපත් විමට හැකි කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි.
රවි 5 වැන්නට පැමිණේ.
ඉගෙනීමේ කටයුතු දියුණු වේ. දුවා-දරුවන්ගේ කටයුතු දියුණු වේ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු - තීරණ ඍජුව ගන්නා මැලි නොවන ඒවායින් යහපත සිදුවන කාලයකි. හදිසි ධනලාභ ලැබිමට හේතුවකි.


● කන්‍යා
මිශ්‍රපලයි.
රවි 4 වැන්නට පැමිණේ.
දේපල සම්බන්ධව යම් යම් ප්‍රශ්න ඇතිවිමට හේතුයි. එසේම කරන කියන කටයුතු වලට යම් බාධා ඇතිවිමට හේතුයි. ප්‍රවේසම් විය යුතුයි. මේ අතරම උපතේදි රවි ග්‍රහයා සුභව සිටින අයට, දේපල ලැබීම්, නිලතල ලැබීම්, ආගිය තැන ගරු සම්මාන ලැබිමට පුලුවන්.


● තුලා
ඉතාම ශුභයි.
රවි 3 වැන්නට පැමිණේ.
බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් තමාගේ බොහෝ කටයුතු සාර්ථක කරගැනිමට පුලුවන්. ඉගෙන ගන්නා දුවාදරුවන්ගේ තරඟ විභාග ආදියෙන් ජයගැනිමට වැඩි ඉඩක් පවති. පිටපලාත් වල සංචාරයට අවස්ථාව, විදේශ ගතවිමට වාසනාව ලැබේ.


● වෘශ්චික
ශුභයි.
රවි 2 වැන්නට පැමිණේ.
තමාගේ වචනය නිසා අන් අය තමාට යටත් කරගැනිමට පුලුවන්. විශේෂයෙන්ම නීතීඥ වෘත්තියේ අයට සහ දේශකයන්ට ඉතාම සුබයි. යුගදිවියේ නම් යම් ගැටළු ඇතිවිය හැකියි. ඔබ ආවේගශීලි විය හැකියි, කේන්ති යාම පාලනය කරගන්න. උෂ්ණ රෝග වැළදීමේ ඉඩකඩක්ද පවති.


● ධනු
ඉතාම ශුභයි.
රවි 1 වැන්නට පැමිණේ.
රවි ග්‍රහයා ධනු රාශියට පැමිණෙන විට බුධද ලග්නයේ බැවින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ යෙදෙනවා. ලග්න 12න් එයට ඉතාම හොද ධනුවයි. තරඟ විභාග වලින් ජයගත හැක. ගරු නම්බුනාම, ජන ප්‍රසාදය ලැබෙනවා. මේ කාලයේදී බුද්ධිය දියුණු වන බව කිව යුතුයි, මේ කාලයේ ධනුවෙන් උපදින දරුවන්ද ඉතාම වාසනාවන්තයි.


● මකර
සමඵලයි.
රවි 12 වැන්නට පැමිණේ.
මේ යෝගය යෙදෙන්නේද 12 වැන්නේ බැවින් කරන කියන කටයුතු වල ශුභා-ශුභ මිශ්‍රව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට බාධක මධ්‍යයේ එවා කල යුතුයි. ව්‍යාපාරිකයන්ට නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි, මන්ද තමා නොදැනුවත්ව ව්‍යාපාරික අංශයෙන් පාඩු විය හැකි නිසා.


● කුම්භ
ඉතාම ශුභයි.
රවි 11 වැන්නට පැමිණේ.
ඉතාම හොද කාලයක් වශයෙන් කිව හැකි මේ කාලයෙදි උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. එසේම අලුත් ආයෝජන අවස්ථා ව්‍යාපාරිකයන්ට ලැබෙනවා. උසස් පෙලේ මිතුරන් ආශ්‍රය කිරිමේ වැඩි ඉඩකඩක් ලැබෙනවා.


● මීන
ඉතාම ශුභයි.
රවි 10 වැන්නට පැමිණේ.
ආදායම් තත්ව දියුණු වේ. කරන කියන කටයුතු දියුණු වේ. රැකියා කරන අයට මේ කාලයෙදි උසස් වීම ලැබීමට නියමිතයි. ඉගෙන ගන්නා දරුවන්ටද සුබයි.

Wednesday, December 16, 2015

දෙවිවරු බඳු අය පේපර් මාර්කින් යා යුතුය !

මේ පින්තුරය අන්තර්ජාලයේ සංසරණය වන පින්තූරයකි, අපගේ හිතවත් මහතෙකු විසින් අපට ලබාදෙන ලදි !

සෑමදෙයම විශ්වාසය මත පදනම් වේ. දහම ගැන විශ්වාස කිරිම යහපත් දෙයකි.
එයින් ඇතිවන මානසික සහනය අතිශයින් වටී.

● විභාගයකට සූදානම් වන දරුවෙකු වෙනුවෙන්, බෝධි පූජාවක් කිරිම යහපත් කටයුත්තකි.
එයින් දරුවාට සිතට සැනසීමක් ලැබීමට ඉඩ ඇති අතර, එයම දරුවාට විභාගයට හොඳින් මුහුණ දීමට යම් ශක්තියක් වනු ඇත.

● කෙසේ වුවද, එහි මූලික පියවර වන්නේ දරුවා විභාගයට මනාව සූදානම් වීමයි. එසේ කිරිම තුල, බෝධි පූජාවකින්, වෙනත් පූජාවකින් දරුවාට අවශ්‍ය යම් සහනයක් සිතට ලබාදීමට හැකියාව තිබේ.

● දරුවාට අපලයක් තිබේ නම්, අදාල අපලය දුරුවන්නට කියා බෝධින්වහන්සේගේ ශාඛාවක යම් කොඩියක් එල්ලීම පුරාණ සිරිතකි.
අපලයක් යනු පෙර කරන ලද අකුසලයක් වන අතර, එය සමනය වන්නට එම පිලිවෙත උදව් වනු ඇත. (බෝධින්වහන්සේලා අසලදී සිත සහනයට පත්වන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන ඇත)

● ඒ හැර මෙවන් ආකාරයට විභාගයට ජය ලැබීමට මේ කටයුත්තෙන් කිසිවක් සිදුවන්නේ නැත. අපලය දුරුවන්නට කියා හෝ යහපතක් වන්නට කියා මිස විභාග ජයගන්නට මෙසේ කටයුතු කිරිම පැහැදිලිවම අනුවණකමකි.

● එයින් සිදුවන්නේ යම් නිර්ආගමික කොටසකට දහමටත්, ජ්‍යොතිෂ්‍යයටත් පහර ගැසීමට වක්‍රාකාරව උදව් කිරීමකි.

● දෙවිවරු ගැනද සමාජයේ ඇත්තේ අමුතුම මතයකි. දෙවිවරු සහ බුදු දහම කියා 2ක් නැත. මෙතුවක් කල් දහම රැකගන්නට සෑහෙන කාර්යයක් කලේද දෙවිවරු විසිනි. බොහෝ බුදුවරයන් සමයේ සිටි බොහෝ දෙවිවරු අදද දෙව්ලොඩ වැඩ වාසය කරන අතර, දහම රැකිමට කටයුතු කරන දහමට අනුකූල අධ්‍යාත්මික දියුණුව ඇති යහපත් කොටසකි දෙවිවරු...
ඒ හැර විභාග පාස් කිරිමට දෙවිවරු කටයුතු කරන්නේ නැත.
ඒවා යම් යම් සාස්තර, කට්ටඩිකරුවන් විසින් තම වාසියට සාදාගෙන ඇති ඒවා වන අතර, ඔවුන්ගේ කටයුතු වලට පැමිණෙන්නේ පුද පඩුරුවලට කැමති, පහත් අමනුෂ්‍යය ගණයේ අය වන භූත, ප්‍රේත, පිසාච ආදින් මිස උතුම් ගුණ ඇති දෙවිවරු නොවෙති.

- විභාග පරික්ෂාව කරන පරීක්ෂකවරයා නම් දෙවි කෙනෙක් බදු යහපත් කෙනෙක් වීම විභාගය ලියු දරුවන්ට සිදුවන යහපතකි. එසේ නැතිව නිවරදිව ප්‍රශ්න පත්‍ර මානුෂීය ආකාරයෙන් නොබලන පරික්ෂකවරු ගැන අපද දනිමු. එනයින් මෙම පින්තුරය ෂෙයා වන තැන්වල දෙවිවරු පේපර් මාකින් යනවා කියා සිතාගෙන යන අර්ථයෙන් කියන ඒවායෙ යම් ගත යුත්තක් ඇත.

* සියල්ල බුද්ධිය මත තීරණය වේ ! බුද්ධිමත්ව කටයුතු කරන්න !

තෙරුවන් සරණයි !

Sunday, December 13, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ 14 සිට

● මේෂ
ඉතාම ශුභ සතියකි.
ආර්ථික තත්වයට ඉතාම හොදයි. ඔබගේ ආදායම් තත්ව දියුණු වෙනවා. නව වෙළද ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. කරන කියන කටයුතු වල නව ගැම්මකින් කිරිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොද කාලයකි. පවුලේ අය සමග විනෝද වීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුර කාලයෙදි ඥාති හිතමිත්‍රාදිකම් උදා වෙනව. පෙම් සබදතා සඵල වෙනවා. අවිවාහක අයට මංගල යෝගද මේ කාලයේ උදා වෙනව.
සෞඛ්‍ය තත්වයද යහපත්ව තිබෙනවා. සෙම් අමාරු හැරුණුවිට විශේෂ අපලයක් නැහැ.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
මේ සතියෙදි ඔබට අතපසුවූ බොහෝදේවල් කරගැනීමට පුලුවන්. ඒ අතර අලුත් වැඩකටයුතු ආරම්භ කිරිමේ හැකියාවද තියෙනවා. එසේම කරන ව්‍යාපාර දියුණු කරගැනීමේ අවස්ථාව සැලසෙනවා. එයත් ඔබට ඉතාම වාසිසහගත විදියට වේවි.
ගෘහ ජිවිතය හොඳින් ගත වෙනවා. වැඩිහිටියන් සමග වන්දනා ගමන් විශේෂයෙන්ම යොමුවිමට පුලුවන්. අතමිට සරු නිසා ඔබට දුර ගමන් එහෙම යෙදේවි, විශේෂයෙන්ම විනෝද චාරිකා.
සෞඛ්‍ය හොද තත්වයේ පවතින අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කරගන්න.

● මිථුන
සමඵල සතියකි.
සතියේ මුල් දින 2 හමාර ඔබට තරමක අවාසි සහගත බවක් පෙනේ. මෙහිදි ඔබ ගිවිසුම් ප්‍රකාර වැඩකටයුතු වලින් ඈත්විය යුතුයි. මුදල් පරිහරණයෙදි පරිස්සම් වන්න. ණය ගැනීම සහ දීම යන 2න්ම ඔබ ප්‍රවේසම් විය යුතුයි. ඊට පසු මේ තත්වය හරියාවි.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ආරවුල් ඇතිවිමට පුලුවන්, ඉවසීමෙන් කටයුතු කරන්න, ඒ මුල් දින 2 හමාර තුලයි. සිත් තැවුල්, යම් භේදභින්න වීම් ඇතිවන්නට පුලුවන්, ඒවායින් ආරක්ෂා වීමට බුද්ධිමත් විය යුතුයි. ඔබට මේ තත්වය සතිය අගදී හරියනවා.
සෞඛ්‍ය තත්වය යහපත්, කල්පනාකාරිව වැඩ කටයුතු කරන්න.



● කටක
මේ සතිය සමඵලයි.
ආදායම සහ ආර්ථිකය තුල යම් යම් අඩුවැඩි වශයෙන් ශුභාශුභ 2ම තිබෙනවා. සතියේ මුල් දින 2 හමාර ඔබට ඉතාම හොදයි. හවුල් ව්‍යාපාර වලට හොදයි, ව්‍යාපාර වලට හොදයි. රැකියා කරන ඔබගේ දියුණුව නම් සතිය අගදී ලැබේවි. සතිය මැදදී ඔබට ලොකු පාඩුවක් වීමට පුලුවන්. අවධානයෙන් සිටින්න.
ගෘහ ජිවිතයෙදිත් සතිය මුලදි අඹුසැමි ප්‍රේමය, සමගිය සමාදානය වර්ධනය වන අතර යුගදිවි සැපතද ලැබෙනවා. මංගල යෝග උදාවෙනවා. සතිය මැදදී, යම් භේද භින්න වීම් ඇතිවිය හැකියි. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ ආමාශගත රෝග එම අංශ වල ගැටළු ඇතිවිය හැකියි. ප්‍රවේසම් විය යුතුයි.


● සිංහ
සමඵලයි.
අභියෝගාත්මක සතියක් තුල ආර්ථික තත්වය විචල්‍යයි. බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ සතියෙදි ලාභ පාඩු 2ම තියෙනවා. සතිය අගදී විශේෂයෙන්ම ලාභයි. මුලදී පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල ඔබ චිත්ත පීඩාවෙන් සිටිමට පුලුවන්, සතුරු කරදර වලින් පීඩා විඳිය යුතුයි. කාන්තා පාර්ශවයේ ඥාතින් මාර්ගයෙන් යම් යම් කරදර ඇතිවිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය බඩේ අමාරු, සෙම් රෝග උෂ්ණ රෝග ඇතිවිමට පුලුවන්.


● කන්‍යා
ඔබට එතරම් ශුභ සතියක් නොවෙයි.
බොහෝම විචල්‍යකාරි සතියක්. ආරම්භය හොද උනත් සතිය මැදදී සිට යම් ගැටළු ඇතිවිය හැකියි. ඔබගේ තරඟකාරි ජිවන රටාව තුල සතුරු කරදර ඇතිවිය හැකියි. කෙනෙක් ඔබට එදිරිවාදිකම් කරමින් ඉදිරියට යාමට පුලුවන්, ඒ ගැන සැලකිලිමත් වන්න. ඔය අතරතුර යම් යම් වාසිද සැලසෙනවා. සතිය අගදී විශේෂයෙන්ම පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල දරුවන් සමග කාලය ගත කරනවා. සතිය මැදදී කාර්යබහුලත්වය නිසා යම් විදියකට ගෙයින් දුරස්විමක් පෙන්වනවා. එසේම ඔය අතර මංගල යෝගද උදා වෙනවා.
සෞඛ්‍ය තත්වය උදරාබාධ, සෙම් රෝග, මුත්‍රා අමාරු ඇතිවිමට පුලුවන්.


● තුලා
ඔබට ඉතාම හොඳ සතියක්.
සතියේ වැඩි කොටසක් ඔබට ශුභ වේවි. අලුත් ආදායම් මාර්ග, ව්‍යාපාර වලට සුබයි. භුමි ලාභ පෙන්වනවා. අලුත් ව්‍යාපාර ඇරඹීමට හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භුමිකාව බලවත් වන බව පේනවා. අලුත් බඩුමුට්ටු මිලදී ගැනීමට පුලුවන් නිවසට, ඉතාම හොදින් ගත වෙනවා.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් රෝග සහ උදරාබාධ විශේෂයි ආරක්ෂා වන්න.


● වෘශ්චික
ජයෙන් ජය ලැබෙන සතියකි.
ඔබගේ හැකියාවට නිසි ගෞරවය ලැබෙනවා. ඔබගේ දියුණුව සැලසෙන්නේ ඔබගේ උත්සාහයම බලවත් විම නිසයි. ආර්ථික වශයෙන් ඔබ විශාල පිබිදීමකට ලක් වෙනවා. ව්‍යාපාර කටයුතු සහ රැකියා කරන සියලුදෙනාට මේ සතිය හොදයි.
ගෘහ ජිවිතය තුල නෑදෑ හිතමිත්‍රකම් අලුත් වෙනවා. අලුත් හිතවත්කම් ඇතිවනෙවා. අවිවාහක අයට මංගල සීනු හැඬ වෙනවා. කලක සිටන් හඳුනන මිතුරෙකුගේ හමුවීමක් මේ සතියෙදි නියමයි.
සෞඛ්‍ය තත්වයේ විශේෂ තත්වයක් නැහැ. පපුවේ සෙම සහ උදරාබාධ මේ අතර තියෙනවා. අධික ප්‍රීතිමත් ඔබට ඇතිවිය හැකියි පරිස්සම් වන්න.


● ධනු
ඉතාම ශුභ සතියක්.
මේ සතියෙදි නව ආදායම් මාර්ග බිහි වෙනවා සේම, අලුත් ආදායම් මාර්ග ඔබට හිමි වෙනවා. එසේම ව්‍යාපාරික කටයුතු නව මානයක යොමු කිරිමට මෙය සුභ සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අතපසුවු හුඟක් දේවල් කරගැනීමට පුලුවන් සතියකි. ඔබටද ඥාතින්ගෙන් ගරු සම්මාන සැලකිලි ලැබෙනවා. එසේම නෑදෑ ගමන් බිමන් යෙදීමට පුලුවන්. පවුලේ අය සමග සතුටින් සිටිය හැකියි.
විශේෂ සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නැහැ.

● මකර
ඉතාම ශුභ සතියකි.
මේ කාලයේදී ඔබටත් අතපසුවූ බොහෝදේවල් කරගැනීමට පුලුවන්. නව ආදායම් මාර්ග හිමි වෙනවා. ඔබට එසේම කරන කියන කටයුතු දියුණු වෙනවා. හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, නිවසට අලුත් දේ මිලදි ගැනීමේ හැකියාව පවතිනවා. තවද ඔබට මේ සතියෙදි ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමේ අවස්ථාව ලැබෙනවා. නව ඥාති මිත්‍රකම් උදාවීමට හැකියාව තියෙනවා. අවිවාහක අයට මංගල යෝග උදා වෙනව.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැ, සෙම් රෝග හා හිසේ බරගතිය බලපෑමට පුලුවන්.

● කුම්භ
මධ්‍යස්ථ සතියකි.
සතියේ මුල් දින 2 හමාර ඔබට අවාසියි. වගකීම් හා බැඳීම් වලින් යම්තාක් ඈත්විම හොදයි. ණය දීම, ගැනීම නොකර සිටිම හොදයි. මේ තත්වය සතිය අගදී වෙනස් වෙනවා. ඉන්පසු කරන කියන කටයුතු සාර්ථක වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. සමගියෙන් සමාදානයෙන් යුග දිවියේ කටයුතු කෙරෙනවා. නෑදෑ හිතමිතුරන් නිවසට එනවා. එසේම ඔබටද අලුත් හිතවත්කම් ගොඩනැගෙනවා. කලක හිටන් ආශ්‍රය කල කෙනෙක්ගේ හමුවීම මේ සතියෙදි සිදුවේවි.
සෞඛය තත්වයේ දණිස් රෝග, පාදවල වේදනා, සෙම් අමාරු යනාදියෙන් පරිස්සම් වන්න. හිසේ රදයත් ඇතිවන්නට පුලුවන්.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් දින 2හමාරත් සතිය අගත් ඉතාම සුබයි. සතිය මැදදී ආරක්ෂා වන්න. ඔබද ණය දීම සහ ණය ගැනීම නොකල යුතුයි. සතිය අගදී දුන් ණය අයවිමට නියමිතයි. වෙනත් අලාභ නැහැ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා. අලුත් නෑදෑ හිතවත්කම් ඇති වෙනවා. පිට පලාත් වල සංචාරයද සිදු වෙනවා. මේ සතිය කෙසේ වෙතත් ගෘහ ජිවිතය අංශයෙන් හොදයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, ඇඟපත වේදනාව ආදි ගැටළු ඇත්නම් ඒවාට ප්‍රතිකාර කරගන්න.