Tuesday, December 8, 2015

විවාහය ගැන විග්‍රහය - 2

“ හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නෙ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නෙ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ???
ග්‍රහයො තමයි ඕව දන්නේ I don't y ...


විවාහයකදී,

* දෙදෙනා, දෙදෙනාට කැමති වීම
* පොරොන්දම් ගැලපීම
* කේන්දර සටහන් වල ගැලපීම

යනාදියට අමතරව, අදාල ගත කරන මහ දසාවන්, අතුරු දසාවන්, විදසාවන් ආදියද සුවිශේෂිව පරික්ෂා කල යුතුය.

එනම් දෙදෙනෙක් විවාහ වන විටදී සුභ මහ දසා ගත කරමින් සිටියද වසර කීපයකින් අයහපත් කාලයන් 2ටම ගත වුවොත් නැති ගැටළු ඇතිවිමේ අවදානමක් ඇත.
එසේම විවාහ වන අවස්ථාවේ අසුභ කාලයක් ගත කරමින් සිටින්නේ නම් එවිටද ගැටළු ඇතිවිමේ ඉඩක් ඇත.
කෙසේ වෙතත් බුද්ධිමය කටයුතු සහ අදාල වත් පිලිවෙත් වලින් මෙම තත්වයන් යහපත් කරගත හැක. 

Monday, December 7, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ 7 සිට

● මේෂ
සමඵල සතියකි.
ඔයාගෙ ලග්නයට මේ සතියෙ ආර්ථික පැත්තෙන් නම් ඒ තරම් හොදයි කියන්න බැහැ. චන්ද්‍රයා 7,8,9 වැන්නේ ගත කරන මේ සතියේ මුල් කොටසෙදි ණය තුරුස් වෙන්න පුලුවන්, හිත අවුල් වෙලා කඩන් වැටෙන්න පුලුවන්. සතියේ මුල් දින කීපයෙදි ණයතුරුස් වලට අහුවෙන්න එපා. සතිය අගදි සියලුම කටයුතු සාරථක වෙනවා කියල විශ්වාසයි.
ගෘහ ජිවිතය කටයුතුද මධ්‍යස්ථයි. ඒරාෂ්ඨක අපලයකුත් තියෙන මේ සතියේ අඹුසැමි භේද ඇතිවෙන්නට පුලුවන්. දෙදෙනාම විශේෂයෙන්ම අවබෝධයකින් කටයුතු කරන්නට ඕන, ඉවසන්න ඕන. සතිය අගදී පුණ්‍ය කටයුත්තකට සහභාගි වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය ටිකක් නරකයි, ඒරාෂ්ටක අපලයකුත් තියෙන නිසා. වාහන වල යන එන අය පරිස්සම් වෙන්න ඕන. හදිසි තුවාල, අනතුරු විය හැකියි. පොඩි දරුවන්ද ආරක්ෂා කරගන්න.


● වෘෂභ
ටිකක් අසුබයි.
කාලයකට පස්සෙ වෘෂභයට ටිකක් අසුබ වෙච්ච සතියක් මේක. මේ සතියෙදි ආර්ථිකය ගැන හොදක් කියන්න අමාරුයි. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න, එක එක ඒවට අහුවෙන්නෙ නැතිව ආරක්ෂා කරගන්න, ආරක්ෂා කරගන්න කියන්නෙ ධනය. ඒ ප්‍රශ්න මොනවද කියල ඔයා දන්නවා, ආර්ථික ප්‍රශ්න.
ගෙදර දොරේ ජිවිතයෙදි ගැටළු බොහෝමයි. දෙන්න දෙමහල්ලෝ අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුලුවන්. ඔයාල ඒ ගැන නිසි අවධානයෙන් සිටින්න. ඒවගේම තමයි රිමෝට් කන්ට්‍රෝල් බෝම්බ ගේ ඇතුලේ පිපිරෙන්න පුලුවන් - ඒකියන්නෙ පිට ඉදල කවුරුහරි ගේ ඇතුලේ ගිනි තියන්න පුලුවන්. සතිය පුරාම මේ තත්වයන් ගැන බුද්ධියෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වය එතරම් හොද නැහැ, ලෙඩ වෙලා සුවය ලබමින් සිටින අය නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂණ පිලිවෙත් අනුගමනය කරන්න ඕන.



● මිථුන
සමඵලයි.
ඔයාටත් කියන්න තියෙන්නේ මේ සතියේ මුල් දවස් 2 සහ අග දවස් 2 තමයි හොද. සතිය මැදදි ආර්ථික පාඩු වෙන්න පුලුවන්. ව්‍යාපාරික සහ රැකියා කරන අයට තරහකාරයන් ඇතිවෙලා ස්ථාවරත්වයට, රැකියාවේ දියුණුවට බාධා එන්න පුලුවන්. මිතුරන් හතුරන් වෙන්න පුලුවන් මේ සතියෙදි එනිසා පරිස්සම් වෙන්න ඕන. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය  තුල ලොකු වරදක් නැහැ. දරුවන් සහ බිරිඳ අතර හොඳ සහයෝගයක් ඇති කරගන්න පුලුවන්. ඒවගේම තමයි සතිය අගදි අවිවාහක ඔයාට මංගල යෝග උදා වේවි. අලුත් හිතවත්කම් ගොඩනැගේවි.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු ගැන විශේෂ අවධානයෙන් ඉන්න.


● කටක
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයේ ආර්ථික වාසි එනවා. කරන කියන කටයුතු වලට හොදයි. ඒවගේම තමයි ඔයාට අලුත් ඉඩකඩම්, ඒවගේම වාහන මිලදී ගැනීමේ වාසනාව මුල් කොටසේදි තියෙනව. සතිය අගදී කාගෙහරි සතුරු කරදරයකට ඔයාව ලක්වෙන්න පුලුවන්. විමසීමෙන් ඉන්න.
ගෘහ ජිවිතය  ගැන කියන්න තියෙන්නෙ හොදයි කියල තමයි. ඔයාට ගෙදරට අලුත් බඩුමුට්ටු ගන්න පුලුවන්. ඒවගේම සමහරවිට පිටපලාත් වල සංචාරයට අවස්ථාව ලැබෙනවා. අලුත් ඥාති මිත්‍රකම් ඔයාට ඇතිවෙනවා.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම් අමාරු, බඩේ කැක්කුම් තියෙන්න පුලුවන්. ඒවායෙන් ප්‍රවේසම් වන්න.


● සිංහ
ශුභ සතියකි.
සඳුගේ ගමන අනුව ඔයාගේ කීර්ති නාමය ලොව දසදෙස පැතිරෙන කාලයක්. ඒවගේම තමයි ඔයා කොයිතරමටද උත්සහ කරන්නේ ඒ තරමටම ප්‍රතිඵල මේ සතියෙදි ඔයාට ලැබෙනවා. ඒවගේම තමයි පරණ ණයක්, දුන්නු දෙයක් ලැබෙන්න මේ සතියෙදි තියෙනව. ඒනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕන, සතිය පුරාම සුබයි.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම සාමකාමි. ඔයාට හිතවත් අය මේ සතියෙදි ගෙදර එන්න පුලුවන්. පවුල ඇතුලෙත් පිටත් ජනප්‍රිය වෙන්න පුලුවන්. සතිය අගදි දරුවන්ගේ දෙයකට කැපවෙන්න ඔයාට පුලුවන්, ඒකෙන් දරුවන් හා ඔයා අතර තියෙන බැඳිම ගොඩක් වැඩිවෙනව.
සෞඛ්‍ය තත්වයේ අවුලක් නැහැ. සෙම් අමාරු ගැන අවදානමත් වන්න.


● කන්‍යා
ශුභ සතියකි.
කාලෙකට පස්සෙ, ඔන්න ඔයාට හොඳ කාලයක් ලැබුවා. සෑහෙන කාලයක් තිබ්බ ප්‍රශ්න ඉවර වෙලා, හොඳ සතියක් මේ සතිය. හිතට එකඟව මේ සතියෙදි වැඩ කරන්න, අලුත් ආයෝජන අවස්ථා, අලුත් ආදායම් මාර්ග ඔයාට ඇතිවෙනවා. ඒවගේම තමයි හොඳ පුද්ගලයන් ආශ්‍රය කිරිම නිසා ඔයාගෙ ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන්. කරන ඕනම දෙයක් හරියනව.
ගෘහ ජිවිතය හොඳයි ඔයාට. කාලෙකට පස්සෙ ගෙදර නිකන් සතුටක් සමාදානයක් තියෙනව වගේ තියෙනව. ඔයාට මංගල යෝග තියෙනවා. අලුත් නෑදෑයෝ ඔයාව හොයාගෙන ඒවි. පරණ තරහ වෙච්ච අය ඔයා එක්ක යාළු වේවි. ඉතින් ඔයත් හොදින් ඉන්න ඕන.
සෙම් අමාරු තමයි හැදෙන්න තියෙන්නෙ, මේ දවස් වල වැස්සට තෙමෙන්න එපා.


● තුලා
හොඳ සතියකි.
ඔයා හොඳ මිනිහ කියල හැමතැනම ප්‍රසිද්ධ වෙනව. ඒවගේම හොඳ ධෛර්යයක් ඔයාට ලැබෙනව. ඒකම භාවිත කරලා ඔයා මේ සතියෙදි හැදෙන්න ඕන. අලුත් දේවල් අරඹන්න මේ සතිය හොද සතියක් වෙනව. ඔයාට හරියාවි සැලකිල්ලෙන් වැඩ කරන්න.
ගෙදර දොරේ ජිවිතය ඉතාම හොදයි. භාර්යාව-ස්වාමියා අතර හොද සම්බන්ධකම් ඇතිවෙනවා. ඒවගේම පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න හිතෙනව. සහෝදර සහෝදරියනුත් ඔයා එක්ක වෙනදට වඩා ලෙංගතු වෙනව.
උගුරේ සෙම් අමාරු, සෙම් ගෙඩි ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
ශුභ සතියක්.
හැබැයි සතියේ මැදදී ඔයා පොඩ්ඩක් කලබල වෙන්න පුලුවන්, ආදායම් තත්වය හා යම් යම් දේවල් සම්බන්ධව. ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. වෙන ගැටළුවක් නැහැ. සතිය අගදී අලුත් ආදායම් මාර්ග ලැබෙනවා. අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනව.
ගෙදර දොරේ ජිවිතය හොදයි. ප්‍රශ්න නැහැ. නමුත් ඔයා කලබල වෙන නිසා, ඔයා විසින් සමහර ලෙඩ දාගන්න පුලුවන්. ඒ ගැන කල්පනාකාරි වන්න.
හිස බරගතිය, හිසේ කැක්කුම් සෞඛ්‍ය ගැටළුය.


● ධනු
ටිකක් හොඳ නැහැ මේ සතිය.
ඔයා සතිය මුලදී හොඳයි. සතිය මැදදී පාඩුවක් ඇතිවෙන්න පුලුවන්. රැකියා කරන ඔයාගෙ අතපසුවීම් නිසා පාඩු වෙන්න පුලුවන්. ව්‍යාපාර කරන ඔයාගෙ ණය ගැනීම්, දීම් එක්ක ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුලුවන්, ආරක්ෂා වන්න. සතිය අගදි මේ තත්වයන් හරියනව.
ගෙදර දොරේ ජිවිතයෙදි ස්වාමියා-භාර්යාව එක්ක ගැටුම් ඇතිවිය හැකියි, ඒවා සමනය කරගන්න ඕන. ඒවගේම අනවශ්‍ය දේවල් වලට ඔයාගෙ කාලය - ධනය - ශ්‍රමය වැයවෙන්න පුලුවන්. සතිය අගදි මේ තත්වයන් හරියනව.
සෞඛ්‍ය තත්වය ගත්තම ඇඟේපතේ අමාරුකම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන අවදානමත් වන්න.


● මකර
හොඳ සතියක්.
වෙළහෙලදාම් කරන අයගේ තත්වය දියුණු වෙනවා. සැලකිය යුතු රැකියා කරන අයට විදෙස සංචාර හිමිවෙනවා, අලුත් වගකීම් එක්ක හොද දේවල් ලැබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භයට හොදයි. විශේෂයෙන්ම කැවිලිපෙලිවි, ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ගොඩක්ම හොදයි කියන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය හොදයි. පවුලේ සමගිය ඇතිවෙනවා. භාර්යාව-ස්වාමියා ඔයාට හොදින් සලකනවා. ඒවගේම ස්වාමියාට-බිරිදට ස‘ප්‍රයිස් එකක් දීලා සතුටු කරන්න මේ සතියෙදි පුලුවන්.
සෞඛ්‍ය තත්වය ලොකු වරදක් නැහැ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වෙන්න.


● කුම්භ
ඉතාම ශුභයි.
ඔයාගෙ ග්‍රහචාරය අනුව ඔයාට මේ සතියේ අතපසුවුනු ගොඩාක් දේවල් කරගන්න පුලුවන්. මුදල් සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය වෙනව. අලුතෙන් දෙයක් පටන් ගන්න පුලුවන්. කාලය හොද වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. ඔයාට හිතකර ගිවිසුම් වලට එළඹෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතයත් ඉතාම ප්‍රීතිමත්. වැඩිහිටි නෑදෑයො එක්ක පින් දහම් කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. දුරබැහැර සංචාර වලට අවස්ථාව ලැබෙනවා. භාර්යාව, ස්වාමියා එක්ක හොද බැඳීමක්, සම්බන්ධයක් ඇති වෙනව. ඒවගේම ප්‍රීතිමත් සතියක් මේ සතිය.
සෞඛ්‍ය තත්වයේ ප්‍රශ්න නෑ, දණිස් අමාරු තියෙනව නම් පරිස්සම් වන්න. සැප වැඩි නිසා නිදන්ගත රෝග එහෙම වැඩි වෙන්න පුලුවන්.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් කොටස ඔයාට හොදයි කියන්න බෑ. කරන කියන කටයුතු වල යම් ප්‍රබල බාධක ඇතිවෙන්න පුලුවන්. ලැබෙන්ට තියෙන මුදල් නොලැබී යන්ට පුලුවන්. ඔයා සතුරු කරදර හෝ රැවටීම් වලට ගොදුරු වෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය සාමාන්‍යයි. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. භාර්යාව-ස්වාමියා අතර ගැටුම් ඇතිවෙන්න පුලුවන්, ඒවා කතා කරලා නිරාකරණය කරගන්න.
සෞඛ්‍ය තත්වයේ යම් ප්‍රශ්න තියෙනවා, හිසේ කැක්කුම, ඇඟපත අමාරුව සහ විවිධාකාර රෝගාබාධ වලින් පරිස්සම් වෙන්න. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.


https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

________

Sunday, December 6, 2015

* අපොස සාමාන්‍ය පෙල විභාගය 2015 - O/L Exam

2015 දෙසැම්බර් 8 වනදාට ඇරඹෙන සාමාන්‍ය පෙල විභායෛන් බොහෝ දරුදැරියන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්නා බව අපගේ අනාවැකියක් අනුව අපි ප්‍රකාශ කරමු !

ලෝකායතන ජ්‍යොතිෂ්‍යය අනුව 2015 දෙසැම්බර් මස 8 වන අඟහරුවාදා/කුජ දින ඉර උදා වන්නේ උදෑසන 6.10 ඉර බසින්නේ පස්වරු 5.54ටය.

● උදෑසන 6.10ට ඉරු උදාවන විට රවි ග්‍රහයා වෘශ්චික රාශිගතව සිටින අතර, ඉල්මස අවදොලොස්වක තිථිය උදාව පවති. ශෝභන යෝගයද, තෛපිලකරණයද යෙදෙන අතර නැකැත් 27න් ශුභම නැකැතක් වන රාහු හිමි සා නැකත එදින පස්වරු 8.54 දක්වාම පවති.

● ඉහත දැක්වූ පංචාංගය සමග ග්‍රහචාරය ගැන කල්පනා කරන විට, මෙම විභාගයෙන් වැඩිම හොඳ ප්‍රතිඵල දිවයිනේ බස්නාහිර පලාතටත්, දකුණු පලාතටත් හිමි වේ.
එසේම මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව හොඳ ප්‍රතිඵල හිමිවනු ඇත.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයද පසුගිය කාල වලටත් වඩා අධ්‍යාපනික වශයෙන් යම් පිබිදීමක් ඇතිවන බව කිව යුතුය.
මෙම ප්‍රදේශවල පොදුවේද අධ්‍යාපනික ප්‍රතිඵල බොහෝ හොඳ මට්ටමක පවති.
පොදුවේ මුළු රටටම වෙනදාට වඩා ප්‍රතිඵල යහපත් වනු ඇත !

● මෙම ග්‍රහචාරයත් සමග මෙවර සාමාන්‍ය පෙල විභාගයට සියලුම ලග්න හිමි දරුවන්ට ශුභ බව කිව යුතුයි. ලග්න බොහෝමයකට ඉතාම ශුභයි.

අපගේ ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය බාරගැනීමට සිටින අපගේ ආදරණීය දරු පරම්පරාවට ශුභ ප්‍රාර්ථනා එක් කරන අතර මේ දිනයේදි ඔබ විසින් කල යුතු වතාවත් ඔබගේ අධ්‍යාපනික කටයුතු අතිසාර්ථක කල යුතු වතාවත් එක් කරමින් මේ ලිපියට අවසන් තිත තබමු !

● උදෑසන අවදි වන්න.

● කහ වතුර මිශ්‍ර වතුරෙන් නා පිරිසිදු වන්න.

● බුදුන් වැඳ, බුදු ගුණ සිහිකර සැරියුත් මහරහතන්වහන්සේගේ ගුණ මෙනෙහි කරමින්, උන්වහන්සේගේ ඥාන ගුණය සිහිපත් කරමින්, ඔබගේ ඉෂ්ට දේවතාවුන්ට යම් ප්‍රාර්ථනාවක් එක්කරන්න.
(වෙනත් ආගමක නම් තම ආගමානුකූලව එම කටයුතු කරන්න)

● එදිනට කිරිබතක් අනුභව කිරිම සුදුසුයි.
(මේ කිරිබතට, රතු කැකුළු මිශ්‍ර සුදු කැකුලුද, කඩක පරිප්පු තම්බා එයට එක්කොට එළඟි තෙල් මිශ්‍ර කර තිබිම වඩා හොදයි)

● දෙමාපියන්ට, වැඩිහිටියන්ට වැඳ ආශිර්වාද ලබාගෙන, මරුට පිටුපා එනම් නැගෙනහිර දිශාව බලා නිවසින් පිටත් වන්න.

සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සමස්ත දරු පරම්පරාවටම සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා !

රත්නත්‍රයේ සරණයි !

‪#‎ඉරුසේවය‬

‪#‎විභීෂණ‬ දෙවියන්

ලෝකයටම අධිපති වූ මහා රාවණ මහරජුගේ සොයුරෙක් වූ මෙම දෙවියන් රට ජාතිය ගැන තමන්ගේ සිතිවිලි අනුව යුද්ධයෙදි වෙනත් මගක් ගත්තේය.
කෙසේ වුවද එම සිතිවිලි නිවරදි නිසාම දේවත්වයට පත්විය...

මහා රාවණ මහරජුද, අද දෙවි කෙනෙකි..

අද එදා මෙන් සුර, අසුර ගැටළු නැත...

සියලුදෙනා දහමට අනුව සිටිමට කටයුතු කරනවා, දේව මණ්ඩලයේ...

‪#‎ඉරුසේවය‬

Saturday, December 5, 2015

" අපල සඵල කරගන්න “ !!!

ඔබ යහපත් දෙයක් යහපත් සිතින් කරන්නේ නම් අපල තිබුනද එහි සැලකිය යුතු සාර්ථකත්වයක් දැකිය හැක. අපල පමණක් නොව අදාල වෙනත් බාධා තිබුනද ඔබ නිසිලෙස කැපවන්නේ නම් බොහෝ සාර්ථක විය හැකි බව අපගේ පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

● අපල වලදී වැදගත් දෙයක් වන්නේ අදාල අපල තත්වය තේරුම් ගෙන කටයුතු කිරීමයි.
* එනම් අපලය කුමක්ද, විය හැක්කේ මොනවාද සහ පැවැත්ම කෙසේ විය යුතුද යන්නයි.

● එහිදී අදාල ශාන්ති කර්ම, යහපත් පැවැත්ම තිබෙන්නෙ නම් වඩා මැනවි.

● අපලය ගෙවෙන්නෙ හෙට යැයි සිතන්න. නමුත් අද ඔබ කකුලට හානි කරගත්තොත් තවත් මාස කීපයකට ඔබට එක්තැන්ව සිටින්නට විය හැක.
කේන්දර බලන්නේ, ජෝතිෂ්‍යය කටයුතු ගැන උනන්දු වන්නේ ඒ සඳහාය.
* යම් කේන්දර සටහනක් බලා අනිවාර්යෙන්ම මැරෙනවා, මේ දෙන්න හොඳින් ඉන්නේම නෑ යනාදි ලෙස කීම ජෝතිර්වේදියෙකුට තරම් නොවේ.
එනම් ජෝතිෂ්‍යය ඇත්තේ දැනගෙන අවබෝධයෙන් කටයුතු කිරීමට නිසාය.

● ඒනිසා සතියේ පලාපල, කේන්දර සටහන ගැන යනාදි ලෙස යොදන පොදු විස්තර වලින් කලබල හෝ දුක් නොවී ඒවා එසේ නම් මා මගේ කටයුතු මෙසේ කරගනිමි යනාදි ලෙස පෙර දැනගෙන කටයුතු කරන්නට පෙළඹෙන්න. - විය යුත්තේ එයයි.

‪#‎බුදුසරණයි‬ !

‪#‎ඉරුසේවය‬

irusewaya@gmail.com.
0711 345 364

Wednesday, December 2, 2015

මකර ලග්නය

*** මේ සියල්ල පොදු කරුණුය, අපගේ ජ්‍යොතිෂ්‍යමය පර්යේෂණ වලින් තහවුරු කරගත් පරිදිය.
කේන්දර සටහන් අනුව මේවා වෙනස් වනු ඇත.

ග්‍රහ ලොව දුප්පතා වන ශනිට අයත් වන මෙම රාශිය පඨවි රාශියක් වශයෙන් සදහන් වේ. නැගෙනහිර ක්ෂිතිජයේ විශාල අහස් ප්‍රදේශයක් පුරා පැතිර පවතින පියවි ඇසෙන් දෘෂ්‍යමාන වන මකරෙකුගේ හැඩය ගත් මෙම රාශිය ලග්න රාශි වළල්ලෙන් විශේෂ අනන්‍යතාවයක් ඇති ලග්නයකි.
විශේෂයෙන්ම සෙනසුරුට අප කිව යුතුයි, ලග්න 2ක උරුමය පවතිනවා. ස්ත්‍රිකාරක වන මකර රාශිය හැරුනුවිට පුරුෂ රාශිය වන කුම්භ රාශිය මේ 2යි.

* මකර ලග්නය පඨවි බල රාශියක් වන අතර මේ මකර ලග්නය හරහා චන්ද්‍රයාගේ ගමනේදි නැකැත් 3ක් මුණ ගැසේ.
එම නැකැත් නම්, උත්‍රසල, සුවණ හා දෙනට වේ.
උත්‍රසල නැකත රවිටත්, සුවණ නැකත සදුටත් දෙනට නැකත කුජටත් හිමි වේ.

මකර ලග්නයෙන් උපන් අයගේ කේන්ද්‍ර ගැන අප ඔබට කීමට ප්‍රථම මා සිතන්නේ මකර ලග්නයේ අය ගැන පාඨක ඔබද යම් කරුණු කාරණා දන්නවා ඇතැයි සිතමි.

● මකර ලග්නයෙන් උපන් අය තරමක් ආත්මාර්ථය විශේෂයෙන් කල්පනා කරති.
එය විවිධාකාර විදියට කෙනෙකුට බලපෑමට පුලුවන.
සමහරවිට ලග්නයට පාප ග්‍රහ බලයක් පිහිටා තිබුනහොත් ඉතාම ප්‍රබල ආකාරයට එම නරක ගතිගුණ ඉස්මතු විමට පුලුවන්.
කිසියම් ආකාරයකට ලග්නයට සුභයන් බලපෑම් කරනවා නම්, එම තත්වය කෙනෙකුට කරදරයක් නොවි තමන්ගේ දියුණුව උදෙසා භාවිතා කරන කෙනෙක් බවට පත්විමට පුලුවන්.

● මකර ලග්නයෙන් උපන් අයගේ විශේෂ ලක්ෂණයක් නම්,
තමාගේ කටයුතු දියුණු කරගැනීමට දිවා රෑ වෙහෙස මහන්සි වි කටයුතු කිරිමයි. අපේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලදි අපිට මුණගැසුනු බොහෝ මකර ලග්න හිමියන් ව්‍යාපාර ක්ෂෙත්‍ර වල නියුතු අයයි. ඒ අයගේ කේන්දර බැලිමෙදි අප්‍රතිහත ධෛර්යය කඩා නොවැටෙන බව ව්‍යාපාරික ඥානය සහ තීක්ෂණ බුද්ධිය ඇති අය බව මනාව පැහැදිලි වේ.
* රැකියා වල නියුතු එසේම අධ්‍යාපනය ලබන මකර ලග්නයේ අය සුවිශේෂි කැපවීමක් ඒ සියලුම කටයුතු වලට යොදයි.

● මකර ලග්නයෙන් උපන් අයගේ විශේෂතාවය නම් තමා කරන දේ ඉතාම පැහැදිලිව සහ ප්‍රකටව කිරිමට උත්සහ ගැනීමයි. මොවුන් ධනාත්මකව සිතන වැට කඩොලු පවුරු කඩාගෙන පෙරට යන දක්ෂ අය වෙති.
මකර ලග්නයේ කුඩා දරුවා පවා ඉතාම ඉදිරිය කල්පනා කරන ඥානවන්ත දරුවන්ය. උපතින්ද ලග්නයට බුද්ධිය සහ ජයග්‍රහණය කිරිම ලග්නයට කාවි ඇත.

* කෙසේ වෙතත් බොහෝ දියුණු වූ අය මකර ලග්නයෙන් අපට මුණගැසි ඇත. ඕනෑම කටයුත්තකට පාඩු වෙන්නට හෝ ලාභ වෙන්නට තමාගේ ධනය, ශ්‍රමය කාලය ආයෝජනය කරයි.
ආත්මාර්ථකාමි බව ඇති මොවුන් තමාගේ ධනය රැස් කිරිම සහ බලය රැස් කිරිම උදෙසා යම් කාලයක් මිඩංගු කරයි.

● ප්‍රේම සබදතා සම්බන්ධව තරමක් විචාරශීලිව බලයි. එසේ නම් ආවට ගියාට නොවේ. යම් ආකාරයකින් ඒ සම්බන්ධව හොද තත්වයකින් බලයි.
ඍජු තීරණ ගනී. එසේම මකර ලග්නයේ අය අතර විශේෂයෙන්ම ප්‍රේම සබදතා ඇති අතර යම් යම් ගැටළු පැනනැගිමේ යම් ඉඩකුත් පවති. මන්ද සමහරවිට මේ ලග්නයට ගැලපෙන ලග්න එසේ නොමැති නම් ගැලපෙන ග්‍රහ තත්වයන් නොමැති වුවහොත් සමහරවිට ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
මකර ලග්නකරු හුඟාක් ආශා කරනවා, තමාගේ මතයට අන් අය ගරු කරනවා නම්, එසේ නොමැති නම් තමාගේ මතයේ අනිත් අයත් පිහිටනවා නම්.

● කෙසේ වෙතත් ආදරය ප්‍රේමය නැමති හැඟීම සිතිවිලි වලට පෙරලුනහොත් තමාගේ භාර්යාවට ස්වාමියාට ආදරය කරයි.
විශේෂයෙන්ම අපි හිතමු මකර ලග්නය හිමිව ලග්නයේ සදු පිහිටා තිබියදී, එම සදු සුවණ නැකතේ ගමන් කර ඇත්නම් අවශේෂ වශයෙන් සිකුරු 4 වැන්නේ පිහිටා තිබියොත් බොහෝම ප්‍රේමණීය හදවතක් ඇති දැඩි ලෙන්ගතුකමක් ඇති බොහෝම ආදරණීය කෙනෙක් මේ තුලින් බිහිවේ. එය සුවිශේෂි තත්වයකි.

● මකර ලග්න කරුවන්ගේ සිදුවන්නේ බොහෝවිට විවාහය සිදුවන්නේ තම කැමැත්තෙනි.
මේ අයට යෝජිත විවාහයක් සිදුවුවත් ආශ්‍රය කර හදුනාගැනිමේ වැඩි ඉඩකඩක් පවති. කෙසේ වෙතත් මකර ලග්නයේ හොද විවාහයක් සිදුවීමේ වැඩි සම්භාවිතාවයක් පවති. විවාහයෙන් පසු දියුණුවීම මකර ලග්න අයගේ විශේෂත්වයකි. බොහෝවිට ශුභ ග්‍රහ තත්ව ඇත්නම් විවාහයෙන් පසු දායද වල හිමිකමද ඇතිවනු ඇත.


● මකර ලග්නකරුවන්ට රෝග වශයෙන් විශේෂයෙන්ම දණිස් ආශ්‍රිත රෝග, ආමාශ රෝග වැළදීමේ යම් ඉඩකඩක් පවති. එසේම ලග්නාධිපති සෙනසුරු නිසා සමහර වෙලාවට කල් අල්ලන රෝග එසේ නොමැති නම් කාලයක් ගොස් සුවපත් වන රෝග වැළදීමට පුලුවන්.
මකර ලග්න අයගේ කේන්ද්‍ර වල ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා බලවත් තැනක පිහිටා 8 වැන්නාධිපති රවි බලවත් නම් එසේම ලග්නයට සුභ බලපෑම් තිබේ නම් මේ අය අවුරුදු 80 ඉක්මවා ආයුෂ වින්දනය කරති.

_ දුර්වලතා _

● මේ ලග්නය බොහෝවිට ඉතාම මසුරු සහ ලෝභී බවක් පෙන්වයි.
මේ ලග්නයේ අය තමාගේ පවුලේ අයට වඩා පිට අයට බොහෝ සලකයි.

● ඇති දේ ගැන නොසිතා නැති දේ ගැන බොහෝ සිතයි. බොහෝවිට අනුන්ගේ සිත් රිදවයි. එය මෙය ලග්නයේ උපන් අයගේ ලක්ෂණයකි.


●  සුභ දින = බදාදා, සිකුරාදා, සදුදා


● ශුභ වර්ණ = ලා කොළ, ලා නිල්

● ශුභ අංක = විශේෂයෙන්ම 5 සහ 6

● ශුභ දිශාව = ඊසාන දිශාවයි.

● ශුභ මැණික් = පච්ච ගල, සුදු නිල් ගල අපල ඇත්නම් කාක නිල් ගල ශරීරයේ ස්පර්ශ නොවන සේ.


මකර ලග්නයෙන් උපන් ප්‍රවීණයෝ ජිවිතය තම ස්වෝත්සාහයෙන් ජයගත් අය බව මතක් කරමින් ලිපිය අවසන් කරමු !



සියලුදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත මාසයක් වේවා !


Tuesday, December 1, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 30 - දෙසැ 7

● මේෂ
ශුභ සතියකි.
ඉතාම වාසනාවන්ත මේ සතියේදි ආර්ථික තත්වය නිරායාසයෙන්ම දියුණු වේ. වෙළද ව්‍යාපාර කරන අයටත්, රැකියා වල නියුතු අයටත් චිත්ත ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරන්න පුලුවන්. එසේම දියුණුවට අතහිත මෙන්ම පිරිස් බලයද ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල පවුලේ සමාදානය විශේෂයෙන්ම රැකෙන අතර, ස්වාමියා-බිරිඳ පුදුම කිරිමට තරම් යම්කිසි සුභ සිදුවිම් සිදු වෙනවා. පවුලේ අය සමග වැඩිපුර කාලය ගත වෙනවා, නිවස ප්‍රීති උත්සව සිරියක් ගෙන දෙනවා.
සෞඛ්‍ය තත්වය හොදයි, පපුවේ සෙම ඇත්නම් පරිස්සම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
සතිය ආරම්භයෙදි ඔබගේ සියලු කටයුතු ඉතාම ප්‍රබෝධයකින් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඔයාගේ කටයුතු වලට යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒවගේම ව්‍යාපාර කටයුතු තියෙනව නම් ඒවට අවශ්‍ය කරන උපකරණ මිලදි ගැනිමේ හැකියාව තියෙනව. නමුත් සතිය අගදී ප්‍රවේසම් විය යුතුයි ඒරාෂ්ටකයකට අහුවෙන නිසා.
ගෙදර දොරේ ජිවිතය බොහෝම සාමකාමි. ඔබගේ භාර්යාව/ස්වාමියා එක්ක ඉතාම සාමකාමි ජිවිතයක් ගත කරන්නට හැකි බව කියන්නට ඕන. ඒවගේම ගෙදරට හිතවතුන් සහෝදරයන් එනවා. සිත ප්‍රීතියෙන් තිබෙනවා, ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය ගැටළු විදියට, පපුවේ සෙම් අමාරු ඔයාටත් තියෙනවා - පරිස්සම් වෙන්න.


● මිථුන
බොහොම හොඳ සතියක් !
ගිය සතියට වඩා හොඳ සතියක් කියන්නෙ, ඔයාගෙ හැකියාවෙන් ඉතාම හොද ප්‍රයෝජන ගන්න පුලුවන්. මේ අතර හදිසි ධනලාභ පවා ඔයාට තියෙනව. අලුත් ව්‍යාපාර ඇරඹීමට සුබයි. මුදල් ලැබෙනවා, දියුණුවට අතහිත ලැබෙනවා. සතිය පුරාම එක වගේ ශුභ තත්වයක් තමයි පෙනෙන්ට තියෙන්නෙ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. කාලෙකට පස්සෙ අඹුසැමි ප්‍රේමය කියන දේ් ඉතාම හොද තත්වයකින් තියෙනවා. ඒකියන්නෙ ඒ තත්වය බබලනවා. අලුත විවාහ වු අයට නම් බොහෝම සුභ කටයුතු, ආරංචි ඇතිවෙන සතියක්, විශේෂ හොදක් තියෙනවා.
සෞඛ්‍ය තත්වයේ හොඳ තත්වයක් තමයි පෙනේට තියෙන්නෙ, චන්ද්‍රයා යන ගමන අනුව සෙම් අමාරු විතරයි කියන්න පුලුවන්, සමහර වෙලාවට බඩේ කැක්කුම් තියෙන්න පුලුවන් පරිස්සම් වෙන්න.


● කටක
ඉතාම ශුභ පල සතියකි.
මේ සතියේදි ඔබගේ ආර්ථික තත්වය ඉතාම ඉහලට ගැනිමට ඔබට වාසනාව ලැබෙනවා. මේ තත්වය නිසා ඔබට විශේෂ ආර්ථික වාසි ඇතිවෙනවා. කල්පනාවෙන් කටයුතු කලහොත් ඔබට ලොකු දියුණුවක් ලබාගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මේ සතියෙදි ඔබ ආගන්තුක සත්කාර ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. එනම් නිවසට ඔබගේ හිතවතුන් ඥාති මිත්‍රයන් ඒමට පුලුවන්. පවුලේ අය සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත්, සදු ලග්න භාවයේ, 2වැන්නේ හැසිරෙන කාලයෙදි හිස බරගතිය, උගුරේ සෙම ආදිය ඇතිවන්නට පුලුවන්.



● සිංහ
සුභ සතියකි.
සතියේ මුල් දින කීපය නම්, සඳුදා සහ අඟහරුවාදා සම්පූර්ණයෙන්ම ඔබ ගිවිසුම් ප්‍රාකාර වැඩ වලින් ඉවත් වන්න, ඇපයට එහෙම යන්නට හොද නැහැ. ඉතින් සදු ලග්න භාවයේ, 2 වැන්නෙ හා 3 වැන්නේ ගතවෙන කාලය ඔයාට ඉතාම හොදයි. ඒ දවස් වල ඔයාගෙ උත්සහයට මහන්සියට නියමිත ප්‍රතිඵල ඔයාට ලැබෙනවා, ඒකෙ ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ගැටළුවක් නැහැ. ගෘහ ජිවිතයේ පවුලේ අය වෙනුවෙන්, සහෝදරසහෝදරියන් එක්ක සතුටින් ඉන්න පුලුවන්, ඒ පැත්තෙන් වියදම් වැඩියි. සතිය අගදී විශේෂ ගමන් බිමන් යෙදෙන්නත් ඉඩ තියෙනවා ඔය අතර.
හිස බර ගතිය, සෙම් රෝග සෞඛ්‍ය තත්වයේ තියෙන ගැටළු.


● කන්‍යා
සමඵලයි.
සතිය ආරම්භයේ තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය මැදදි නැති වෙන්න පුලුවන්. ඒකියන්නේ සතිය මැදදි ලොකු ආර්ථික ගැටළුවකට හසුවෙන්න පුලුවන්. ඔයාගෙ නිසි කල්පනාව සහ බුද්ධිමත් තීරණ වලින්, සැලකිල්ල නිසා සතිය අගදී මේ තත්වය නැති වෙලා යනවා.
ගෘහ ජිවිතය අතින් ගත්තම අඹුසැමි ප්‍රේමයට සහ දුවාදරුවන්ගේ කටයුතු වලදි හොදයි, නමුත් යම් කනස්සල්ලක් ගෙනදිමට ඉඩ තියෙනවා යම් යම් සිද්ධි නිසා. ඒගැන සැලකිල්ලෙන් ඉන්න.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැහැ. නමුත් දණිස් වල වේදනා, පාද වල වේදනා ගැන සැලකිලිමත් වන්න.


● තුලා
සමඵල සතියකි.
මේ සතියේ ඔබට වෙලද ව්‍යාපාර කටයුතු වලින් හොද ආදායමක් උපයා ගැනිමට පුලුවන්. නමුත් සතිය අගදි ඒ තත්වයන් වෙනස් විය හැකියි. ඔබ අනවශ්‍ය මැදිහත් විම නිසා ආර්ථික පාඩු ඇතිවිමට පුලුවන්. ඒවායින් ඔබ ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. සතිය මැදදි ආගන්තුකයන්, ඥාති මිතුරන් ආදින් පැමිණිමට ඉඩ තිබෙනවා. සතිය අගදී යම් යම් මත ගැටුම් ඇතිවෙන්නට පුලුවන් ආර්ථික තත්වයේ විචල්‍යතා නිසා, ඒ ගැන සැලිකිලිමත්
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. පාද වල වේදනා ඇගපත වේදනා


● වෘශ්චික
මේ සතිය ඉතාම හොදයි.
සියලු තත්වයන් හොදින් කළමනාකරණය කොට ආර්ථිකය ජය මාවතකට ගෙන යාමට පුලුවන්.
එසේම ඔබට මේ සතියෙදි වැඩහිටියන්ගෙන් දියුණුවට අතහිත ලැබෙන්න පුලුවන්, බැංකු ණය වැනි දේවල්ද ලැබෙන්නට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. වැඩිහිටියන් සමග සමගියෙන් සමාදානයෙන් ගතවන අතර මේ කාලය ආර්ථිකයටත් ගැටළුවක් නැති නිසා ඔබ හොදින් ඉන්නවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති ආරක්ෂා වන්න.


● ධනු
ශුභ සතියකි.
මේ සතියෙදි සියලු කටයුතු සාර්ථක වෙනවා. විශේෂයෙන්ම ආර්ථික වාසි සැලසේ, ලැබෙන්නට තිබු මුදලක් ලැබේ. සතිය පුරාම එකසේ සුබයි. ව්‍යාපාර ඇරඹීමට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වේ. පවුලේ අය සමගත් ඥාතින් සමගත් ඉතාම හොද සම්බන්ධකම් ඇතිවෙනවා. එසේම ඔබට ආර්ථිකය හොද නිසා සිතට සතුට ලැබෙනවා, ඥාති මිතුරන් ආදින් නිවසට එනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.


● මකර
සමඵලයි.
ආර්ථික ප්‍රබෝධය තිබෙනවා, සතිය මැදදි එය නැතිවි යන්ට පුලුවන්. ඔබටත් යම් බාධක කරදර උපද්‍රව ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒවායින් ආරක්ෂා විය යුතුයි. කෙසේ වෙතත් සතිය මැදදි ඉතාම දරුණුවට දැනුනද අගදී මේ තත්වයන් යහපත් වනවා. ගනුදෙනු වලදි පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. සතිය මුලදි මංගල යෝග උදා වෙනවා. නව ඥාතින් මුණ ගැහෙනවා. සතිය අගදි සමහරවිට කෙනෙකුගේ දුකක් අහන්නට ලැබේවි. මානසික තත්වය හොදින් තබාගැනිම ඔබගේ වගකිමයි.
සෞඛ්‍ය තත්වයේ යම් යම් දුර්වලකම් පවතිනවා, ඒවායින් ආරක්ෂා වන්න. ඔබට මේ කාලයෙදි යම් යම් ගැටළු සහගත තත්වයන් මතුවිමට පුලුවන්.


● කුම්භ
සමඵල සතියකි.
ආර්ථික තත්වය ගැන නම් පොඩ්ඩක්වත් සතුටු වෙන්න බෑ. සතිය පුරා ආර්ථික ගැටළු ඇතිවිය හැකියි. චන්ද්‍රචාරය සතිය පුරා අයහපත්ව පවතින්නේ. විවිධ ආර්ථික අපහසුතාවයන් වලට ඔබ හසුවන්නට පුලුවන්. ගනුදදෙනු වලදි ඉතාම බුද්ධිමත් සහ පාරදෘශ්‍ය වීම ඉතාම වැදගත්. හවුල් ව්‍යාපාර කරන අයට යම් සහනයන් තියෙනවා
ගෘහ ජිවිතය ඔබට එතරම් ගැටළුවක් වන්නේ නැහැ. සමහරවිට පොඩි පොඩි බාධා ගැටළු ඇතිවිය හැකියි. සතිය මැදදි ඔබට මංගල යෝග උදා වේ. ඥාති මිතුරන් ගෙදරට එන්න පුලුවන්. ඔබගේ ඉවසීම මත පවුලේ සමගිය රැකේවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, අජීර්ණ තත්වයන්, ආමාශගත රෝග ඇතිවන්නට ඉඩ තිබෙනවා. ප්‍රවේසම් වන්න.

● මීන
එතරම් යහපත් සතියක් නොවෙයි
මේ සතිය පුරාවට ඔබට බාධක කරදර විටින් විට ඇතිවෙනවා. ඔබට ලැබෙන්නට නියමිත මුදලක් නොලැබි යාමට පුලුවන්. මේ සතිය මැදදී ගනුදෙනු හා විවිධ ගිවිසුම් ප්‍රාකාර වලට එළඹීම එතරම් සුදුසු නැහැ. සඳු කන්‍යා වේ සිටින කාලයෙදි යම් දෙයක් සාර්ථක වෙනව.
ගෘහ ජිවිතය තුල මුලදි දරුවන් සමග ගත කිරිමේ අවස්ථාව ලැබුනත් සතිය මැදදි අවිවේකි විම නිසා ඒ තත්වයන් තරමකට අයත් වෙනවා. කෙසේ වෙතත් ඔබට ඉදිරියෙදි හොදයි. අවිවේකි බව නිසා ගැටළු තිබුනත් ඉදිරියෙදි හොදයි.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග සහ සෙම් අමාරු ඇති අය පරිස්සම් වන්න.