Monday, November 9, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 9 -16

● මේෂ
සමඵල සතියකි.
ආර්ථිකය විචල්‍යය වූ එකකි මේ සතියට. සතිය ආරම්භයෙදි අතපසු වන වැඩ සතිය අගදි ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය කල්පනාවෙන් ගත කල යුතුය. අඹුසැමියන් අතර ප්‍රශ්න උපද්‍රව ඇතිවිමට හේතු ඇතිවිය හැක. බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය, ආමාශගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඇඟපත වේදනාව ප්‍රදානයි.


● වෘෂභ
සමඵලයි.
ආර්ථික තත්වය සතියේ මුල් දින කීපෙයදි හොදයි. අගදි ඉතාම දරුණු වෙනවා. ණය තුරුස් ඇතිවිමටද හේතු විය හැකියි. තමාගේ කටයුතු වලට බාධක ඇතිවිමට හේතුයි. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය අඹුසැමියන් අතර භේද ඇතිවිය හැක. ප්‍රේම සබදතා වලට බාධා, විවාහ ස්ථිරවීම් වලට බාධා ඇතිවිය හැක. ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය ගැටළු ලෙස සිත කලබලවීම්, ඇඟපත වේදනා ආදිය ගැන සැලකිලිමත් වන්න.


● මිථුන
සමඵලයි.
සතියේ මුල් දින කීපයෙදි ආර්ථික වාසි සැලසේ. භුමි ලාභ ලැබේ. ව්‍යාපාර කටයුතු දියුණු වේ. ආර්ථිකය සතිය අගදී ඔබ ප්‍රවේසම් විය යුතුයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. පවුලේ අය සමග වැඩි කාලයක් ගත කල හැක. දරුවන් සමග විනෝද විය හැක, දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටු විය හැක.
සෞඛ්‍ය තත්වය අයහපත් වන්නේ සතිය අගදි විය හැක. සෙම් අසනීප වැඩිවිමට, පාද වල වේදනා, යටි බඩේ වේදනා ආදිය ඇතිවිය හැක, පරිස්සම් වන්න.

● කටක
ශුභ සතියකි.
මේ සතියේදි ආර්ථික තත්වය දියුනු වෙනවා. නව වෙලද ව්‍යාපාරික කටයුතු ඇතිවේ. රැකියා කරන අයටද, ව්‍යාපාර කටයුතු කරන අයටද හොදයි. තමාගේ හොද නම හැමතැනම පැතිරෙනවා. උරුමහරුමකම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබට හොද කාලයක්. නිවසට නෑදෑ හිතමිතුරන් එනවා, අලුත් ඥාති මිත්‍ර සබදතා ගොඩනැගෙනවා. මංගල යෝජනා ලැබෙනවා. ප්‍රීති උත්සව යෙදේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ, පපුවේ සෙම ගැන විමසිලිමත් වන්න.


● සිංහ
ශුභ සතියකි.
ධන ධාන්‍ය තත්වය දියුණු වේ. ආර්ථික වාසි සැලසේ. දුර පලාත් වල කරන රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. විදේශ රැකියා වල නියුතු අයටද ඉතා හොදයි. මේ සතියෙදි අලුත් දෙයක් කිරිමට සිත යොමු වෙනවා. ඒ ගැන කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. දරුවන් සමග ප්‍රීතියෙන් සිටිනවා. මංගල යෝග උදා වේ. කලක සිට බලාපොරොත්තු වි සිටි දෙයක් ඉටු වෙන ලකුණු දැනෙනවා.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.


● කන්‍යා
ශුභ සතියක්.
ආර්ථිකය දියුනු වේ. කරන කියන කටයුතු සාර්ථක වේ. තමාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයකි. අලුත් අයෝජන කිරිම හොද කාලයකි.
ගෘහ ජිවිතය හොදින් ගත වේ. එසේම කරන කියන දේ ඔබගේ හොදින් කෙරෙනු ඇත. ඔබට බොහෝදේ ලබාගැනීමේ හැකියාව මේ සතියෙදි තියෙනවා. ඉඩකඩම් භූමිලාභ වාසනාව ලැබෙනවා. නිවස තුල උත්සව සිරියක් ගන්නවා. අලුත් ඥාති සබදතා ඇතිවෙනවා. මංගල යෝග උදා වේ.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග සහ සෙම් සම්බන්ධ අමාරු, පීනස ගැන සැලකිලිමත් වන්න.


● තුලා
ඉතාම හොඳ සතියක්.
මේ සතියෙදි ඔබගේ සියලු බලාපොරොත්තු ආර්ථික වශයෙන් ඉටු වෙනවා. කරන කියන කටයුතු ඉටු වෙනවා. ඔබගේ බලය ව්‍යාප්ත වන කාලයකි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. එසේම තමාගේ පවුලේ අය සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන් කාලයක් මෙය. ප්‍රිය සම්භාෂණ වලට නිතර නිතර සහභාගි වීමට පුලුවන්. එසේම දුර පලාතක සංචාරයක් යෙදෙනවා. සිත ප්‍රීතියෙන් පිරෙන සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. හිසේ කැක්කුම, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
හොඳ සතියකි.
මේ සතියේදී ඔබට ආර්ථික වාසි සැලසේ. විශේෂයෙන්ම සතිය මැදදී ඔබ වඩාත් තීරණාත්මක වශයෙන් ආර්ථික ජයග්‍රහණ ඇතිකර ගනී. මේ කාලයෙදි අමතර ආදායම් මාර්ග ඇතිවෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. ඔබගේ යුග දිවිය සම්බන්ධව තිබුනු ගැටළු නිරාකරණය වනවා. එසේම හොද කාලකයකි.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ, මේ කාලයෙදි ඔබ සෙම් රෝග සහ පාද වල ආබාධ වලින් පරිස්සම් වන්න.

● ධනු
සමඵලයි.
සතියේ මුලදි තිබු ආර්ථික ප්‍රබෝධය සතිය අගදී නැතිවි යාමට පුලුවන්. මන්ද ණයතුරුස් දීම සහ ණයට ගැනීම යන ගැටළු නිසා. ඒවායින් පරිස්සම් වන්න, ලගම හිත මිතුරන් පවා තරහ වීමට ඉඩ තිබෙනවා.
ගෘහ ජිවිතයටද ආර්ථිකයට සමානයි. මුල් දින වල තිබු සතුට අගදි නැතිවිය හැක, අඹුසැමි ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. එසේම ඥාති හිතවතුන් සමග යම් ආරවුල් සතිය අගදි විය හැකියි.
නිදන් ගත රෝග සහ පාදවල වේදනා ගැන සතිය අගදි පරිස්සම් වන්න.


● මකර
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයෙදි දියුණුවට ආධාර උපකාර ලැබේ. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. එසේම ව්‍යාපාර කටයුතු වලට ඉතාම හොදයි. නව අයෝජනයන් තුලින් ව්‍යාපාර තව දියුණු කරගත හැකියි. සතිය අගදි පාඩුවිමට ඉඩ ඇත, බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය හොදින් ගත වේ. බිරිදව සතුටු කිරිමට යම් යම් දෑ මිලදී ගැනීමට පුලුවන්. අඹුසැමි ප්‍රේමයට හොදයි. අවිවාහක අයට හොදයි, මංගල යෝග උදා වේ. ඥාතින් නිවසට පැමිණේ.
සෞඛ්‍ය තත්වය සතිය අග වන්නට, යම් යම් ඇඟේ පතේ අමාරු ඇතිවිය හැක, කල්පනාකර කටයුතු කර ඒවා වලක්වා ගන්න.

● කුම්භ
හොද සතියකි.
සතිය ආරම්භයෙදිම ආර්ථික වාසි හිමි වෙයි. කරන කටයුතු සාර්ථක වේ. නව ආයෝජන අවස්ථා යෙදේ. රැකියා කරන අයටද හොදයි. පිට පලාත් වල කටයුතු කරන අයටත් හොදයි. නව රැකියා බලාපොරොත්තු වූ අයටද රැකියා හිමි වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වේ. එසේම මේ සතියෙදි ආගමික වශයෙන්ද යම් ප්‍රබෝධයක් ඔබ තුල පවතිනවා. වැඩිහිටියන් සමගද හොද සබදතාවයක් ගොඩනැගේ. ඔබගේ දියුණුවට ඔවුන්ගේ උපකාර ලැබේ. ඉතාම හොදයි.
සෞඛ්‍ය ගැටළු එතරම් ඔබට මේ සතියේ නැහැ. මේ කාලයෙදි ඔබ විමසිමෙන් කටයුතු කරන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● මීන
සමඵල සතියකි.
මේ සතියෙදි ආර්ථික වාසි මධ්‍යස්ථ ආකාරයට සැලසේ. ඔබ ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි, කරන කියන කටයුතු වල සාර්ථකත්වය උදෙසා. විශේෂයෙන්ම ඔබ කල්පනා කරන්න ඔබගේ ජිවිතයේ යම් වෙනස්කම් ආර්ථික වශයෙන් ඇතිවේව. විදේශ රැකියා කරන අයට මේ සතිය හොදයි. සතිය අගදී ආර්ථික දියුනුව ඇතිවේවි.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සතිය මැදදී අඹුසැමි ආරවුල් ඇතිවිය හැක. එසේම නොසිතු ප්‍රශ්න උපද්‍රව වලින් සිත පීඩාවට පත්විය හැකියි, බුද්ධිමත් වන්න.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග හා ඇඟේ පතේ වේදනාව ගැන සැලකිලිමත් වන්න.




Sunday, November 8, 2015

මහා භද්‍රකාලි මෑණියන් !


අයුක්තියට, අසාධාරණයට විරුද්ධව ඉතා ප්‍රසිද්ධ නමුත්, දියුණුවට යහපතට කටයුතු කර දෙන ගුණවත් දේව මෑණියන් කෙනෙකි.
- සත් කාලි මණ්ඩලයම පෙරටත් වඩා ධාර්මිකය.
බිලි පූජා දෙවිවරු ගන්නේ නැත.

** ඔබට පෙනෙනවා ඇති යටින් ඇති රූපය ශිව දෙවියන්ට සමාන බව.
එයින් අදහස් වන්නේ “ අයුක්තිය අසාධාරණය මැඩීමට, ලෝක පාලක ඊශ්වර/ශිව දෙවියන්ගේ බලය ලබාගන්නා බවයි “ !

‪#‎ඉරු‬

Friday, November 6, 2015

ව්‍යාජ ජෝතිර්වේදින්ගෙන් පරිස්සම් වනු !

මෙම කේන්දරය හිමි තැනැත්තිය ඉතාම මෑතක අපගෙන් කේන්දර පරික්ෂා කරගත්තාය.

ප්‍රසිද්ධ කේන්දර බලන කෙනෙක් මේ කේන්දරය ගැන
ඇහුවාම, තමන්ගේ දන්න කෙනෙක් කියල, මේ කේන්දරය
හිමි තැනැත්තිය බොහෝම නරක කෙනෙක්, මුදල්
වෙනුවෙන් පිරිමින්ට නැමෙන කෙනෙක් වගේ ඉතාම අප්‍රසන්න සහගත විදියෙ කතා කියල තිබෙනව.

● මේ කේන්දරය හිමි තැනැත්තිය, වැදගත් පවුලක
ඉපදුනු, හොඳ දෙමාපියන් ඉන්න, හොඳ ගරු කටයුතු රස්සා
කරන සහෝදරයො ඉන්න ඒවගේම තමනුත් ලොකු
සමාගමක වගකිවයුතු විධායක ශ්‍රේණියෙ රස්සාවක් කරන
කෙනෙක්.

ඉතින් ජ්‍යොතිෂ්‍යය දන්නව කියන අයත් මෙහෙමයි නම් ඉතින් මේ ශාස්ත්‍රය ගැන අපට ඇතිවන්නෙ බියක්.

● මෙම කේන්දරයේ ග්‍රහ පිහිටිම අනුව,
රාහු සිකුරු 1 වැන්නේද, සෙනසුරු 2 වැන්නේද , රවි බුධ 3 වැන්නේද , 6 වැන්නේ චන්ද්‍රයාද, 7 ගුරු-කේතුද ,9 වැන්නේ කුජද පිහිටා ඇත.

● රාහු සිකුරු ලග්න භාවයේ සිටිම තුල හොද රූමත් කෙනෙක්.

● 3 වැන්නේ රවි - බුධ යෝගයක් තියෙනව. ඒකියන්නෙ හොද උගත්කමක් තියෙනව.
රවි - බුධ බලවත්ව වික්‍රමස්ථානයේ ඉන්න කෙනෙක්, තමන්ගේ බලපරාක්‍රමය උගත්කම එක්ක තමයි විහිදුවන්නෙ. එහෙම කෙනෙක්ට නරක ලක්ෂණ ඇතිවෙන්න ඉඩ බොහෝම අඩුයි.
- ගණිකාවක් වගේ හිතුවොත් ඒ තත්වයට වැටෙන්න මූලික
හේතුව වෙන්නෙ තමන්ගෙ ආර්ථික දුර්වලතාවය.

● උගත්කමක් හොදට තියෙන කෙනෙක් ලේසියට ඒ පැත්තට
යන්නෙ නැහැ.

● ගුරු 7 වැන්නේ සිටිම තුල,
කීමටත් කියනවා එහෙම අයගේ
චරිතය පොදුවේ කිව්වත් කියන්නේ චරිතවත් අය කියල. හතර
කේනද්රයේ තැනක ගුරු සිටිම තුලම ඒක කියතෑකි.

● ඒවගේම මීන ලග්නයේ යෝගකාරකයා කුජ.
කුජ 9 බලවත්වීම තුල 9 වැන්නේ සිටිම තුලත් ඒ කෙනාගේ
පෞරුෂය සහ ආත්ම ශක්තිය බොහෝම හොදයි. එහෙම
කෙනෙක් අර වගේ තත්වයකට යොමුවෙන්න ඉඩ අඩුයි.

මගෙන් ඇහුවා, ඇත්තටම මහත්තයා මට මෙහෙම කිව්වා
කේන්දරය බලල කිව්ව. මෙහෙම දෙයක් තියෙනවද කියල..
මේ කාරණා පිලිවෙලට විස්තර කරද්දි ඒ ගෑණු ළමයා දුකට
පත්වෙලා ඇඬුම් ආවා.

** අප මේ කෙටියෙන් දළව කිව්වත්, සූක්ෂම පරික්ෂාව අනුව බැලුවමත් මේ කේන්දරයේ ගැටළුවක් නැහැ.

කේන්දර දන්නවා කියල හිතාගෙන පොතක් 2ක් කියවලා මාධ්‍යයට ගිහිල්ලා, එක්කො ප්‍රේත - භූත කොටස් ගෙන්නගෙන සංදර්ශන කරන අය, වෙනත් අදහස් වලින් මේ ශාස්ත්‍රය කරන අයට යම් කාලයක් වැජඹෙන්න පුලුවන් වේවි.

හැබැයි හැමදාටම බැහැ. මේවගේ බොරු විතරක් නෙමෙයි, කෙනෙක් හිත නරක් කරන, මානසිකව වට්ටන බොරුකාර දේවල් කීම තුල නොදැනුවත්වම බරපතල අකුසල් සිද්ධ කරගන්නවා ඒ කියන වංචාකාරි අය.

* ඍෂිවරුන්වහන්සේලා අපට මේ ශාස්ත්‍රය දුන්නෙ ජනතාවගේ යහපතට යොදවන්න.
කර්ම ශක්තියේ ඇති දුර්වලතා කියල දිලා දුර්වල අයට හොද කරන්න, හොද අයට තව හොද වෙන්න කියල දෙන්නයි...

බුදු සරණයි !

Thursday, November 5, 2015

සිකුරු මාරුව ලග්න 12ට


ග්‍රහ ලොව මනමාලිය වන සිකුරු/ශුක්‍ර ග්‍රහයා මේ මස 3වනදා සිංහ රාශියේ සිට කන්‍යා රාශියට පැමිණියේය.

තමාගේ නීච රාශියට වන කන්‍යාවෙදි ලග්න 12න් ඔබගේ ලග්නයට මොන විදියට පලාපල ලැබේවිද ?


● මේෂ
අශුභයි - සිකුරු 6ට පැමිණියේය.
ඔබගේ කේන්දරයේ නීච රාශිය වූ 6 වැන්නට සිකුරුගේ පැමිණිම එතරම් හොද නැහැ.
සතුරු කරදර ඔබට බලවත් වීමට ඉඩ ඇත. ලෙඩදුක් වැඩිවිමටද ඉඩ ඇත, විශේෂයි නිදන්ගත රෝග ඇති අය පරිස්සම් විය යුතුයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය තරමක් හෝ දුර්වල වීම නිසා අසනීප ඇතිවිය හැකියි. - බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න.


● වෘෂභ
ශුභයි - සිකුරු 5ට පැමිණියේය.
විශේෂයෙන්ම කලා කටයුතු වල නියුතු වන අයට නම් බොහෝ හොදයි. යම් නිර්මාණ අලුතින් කිරිමට පුලුවන් කාලයකි.
තමාගේ කාමාශාවද ඉතාම බලවත් වන කාලයකි, කාමුක සිතිවිලි වලින් පිරේ.
ප්‍රේම සබදතා වලට නම් තරමක අශුභ තත්වයක් මේ අතර පවති.


● මිථුන
ඉතාම ශුභයි - 4ට සිකුරුට පැමිණියේය.
නීච රාශිය වුවත් 4 වැන්නට දිග්බල බැවින්, ඔබට සැපසේ සිටිමට අවශ්‍ය කරන, ගෘහ උපකරණ ආදිය ලැබේ. කාන්තාවන්ට මෙය ශුභ ආරංචියක් !
භූමි ලාභ, වස්තු ලාභ හිමිවන කාලයකි. ඔබට ඉතාම හොඳයි. මංගල යෝජනා ඔබ කරා එන කාලයකි.


● කටක
 ඉතාම ශුභයි - සිකුරු 3ට පැමිණියේය.
තමා කීර්තිමත් පුද්ගලයෙක් බව අන් අය පිලිගනි, කීර්තිය පැතිරේ. මංගල යෝජනා පැමිණේ. ශරීරය වර්ණවත් වේ. තමා ගැන පිට අය ගුණ කියයි.
අලුත් ඥාති මිතුරුකම්, හිතවත්කම් ගොඩනැගෙන කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි - සිකුරු 2ට පැමිණියේය.
තමාගේ වචනයට අන් අය ගරු කරයි.
ඉතාම හොද කාලයකි. එසේම කරන කියන කටයුතු සාර්ථක වෙයි. විශේෂයෙන්ම සියලුම වෘත්තින් වල නියුතු ඔබට මෙම සිකුරුගේ මාරුව ඉතාම ශුභයි. තවද ඔබට බොහෝ වැදගත් අය ඇසුරු කිරීමේ වාසනාවද මේ අතර උදා වෙයි.


● කන්‍යා
ඉතාම හොඳයි - සිකුරු 1ට පැමිණියේය.
ලග්නයට පැමිණිම නිසා සමහරවිට සෙම් රෝග එහෙම අධික වීමට පුලුවන්.
කාමාශාව බලවත් වන කාලයකි. මේ කාලයෙදි තමාගේ වැඩ කටයුතු වලට දියුණුව ඇතිවෙනවා. තමා සමාජයට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙයි. ඉතාම හොද කාලයකි. රූප ශොභාවද වැඩිවන කාලයකි.


● තුලා
සමඵලයි - සිකුරු 12 ට පැමිණියේය.
සමහරවිට ඔබට අනවශ්‍ය ආකාරයට මුදල් වියපැහැදම් වීමේ ඉඩකඩක් පවති.
මෙනිසා ඔබ විටෙකදී මානසික පීඩාවන් වලට හසුවීමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාකාරි විය යුතුය. ඔබ ස්ත්‍රින් කරණකොටගෙන බොහෝ මුදල් නාස්ති කරගැනීමේ අවදානමක්ද පවති, කල්පනාකාරි වන්න.
වෙනත් අය වෙනුවෙන් අනවශ්‍ය මැදිහත් වීම්, ඇපවීම් මේ කාලයේ නොකර සිටිම වඩා හොදය.


● වෘශ්චික
ශුභයි - සිකුරු 11ට පැමිණියේය.
ආර්ථික වාසි ඇතිවිමට හේතුය.
උසස් සමාජයෙන් ඔබට ආධාර උපකාර ලැබේ. එසේම ඔබට යන එන තැන, ඔබට ඉහලම පිලිගැනිම හිමිවනු ඇත. ඉතා හොඳ කාලයකි. ඉහල පෙලේ මිතුරු මිතුරියන් ඇසුර ඔබට ඇතිවිය හැක. එසේම විදේශ රැකියා වල නියුතු ඔබටත් ඉතාම හොදයි.


● ධනු
ඉතාම ශුභයි - සිකුරු 10ට පැමිණියේය.
රැකියාවේ දියුණුව, ආර්ථික වාසි හිමි වේ. රැකියා කරන අයට ඉහල උසස්වීම්ද ව්‍යාපාරික වැඩ කටයුතු කරන අයට එහි දියුණුවද හිමි වේ. විදේශ වෙලදපල සමග ගනුදෙනු කරන අයටද ඉතා හොදයි. එසේම හැකියාව තුලින් තවත් ඔබට සමාජයක් හඳුනාගැනීමටද මේ කාලයෙදි පුලුවන.


● මකර
ඉතාම ශුභයි - සිකුරු 9ට පැමිණියේය.
පෙර පින පෑදෙන කාලයකි. ඔබගෙන් වැඩිහිටියන්ද ඉතාම ශුභයි. ඔබගේ කීර්ති නාමය පැතිරෙන කාලයකි. එසේම අලුත් අලංකරණයට අවශ්‍ය දෑ මිලදී ගැනිමට ලැබෙන කාලයකි. ඒ හැකියාවටද ආර්ථික වාසි හිමි වෙයි. උරුමහරුමකම් ලැබෙන ශුභ කාලයකි.


● කුම්භ
එතරම් ශුභ නැත, සිකුරු 8 වැන්නට පැමිණියේය.
ඇති ලෙඩ රෝග උත්සන්න වීමේ හැකියාවක් පවති.
යක්ෂ-ප්‍රේත උපද්‍රව වලට ලක්විමටත් ඉඩ ඇත. සතුරු කරදර වලට අවනත වීමටද අවදානමක් පවති. ඔබගේ මානසික තත්වය පිරිහීමටත්, ඒ අතරතුර අනියම් කම්සැප ලැබෙන්නටත් පුලුවන්. රහසිගත ප්‍රේම සබදතා ගොඩනැගෙන්නට පුලුවන්.


● මීන
ශුභයි - සිකුරු 7 වැන්නට පැමිණියේය.
හවුල් ව්‍යාපාර දියුණු වෙනව. සුබ කාලයකි.
රැකියා කරන, ව්‍යාපාර කරන අයටද ඉතාම හොදයි.
අලුත් මිත්‍ර සබදතා ගොඩනැගෙනවා. ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හිමි වෙනවා. පෙම් සබදතා ගොඩ නැගනෙවා. කාමාශාව ඉතා බලවත් වනවා. බලගතු ලිංගික ශක්තියක් ඇතිවෙනවා. පෙම් සබදතා ස්ථිර වෙනව.

Tuesday, November 3, 2015

කුජ මාරුව ඔබට ?

ග්‍රහ ලොව සෙන්පතියා වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා සිය මිත්‍ර රාශිය වන සිංහයේ සිට තම සතුරු රාශියක් වන කන්‍යා රාශියට පිවිසේ. ඒ මේ මස 3වන දින උදේ 8.10ටය. මාසයයි දෙසැ 24.
මෙම ග්‍රහමාරුවත් සමග ලග්න 12ට බලපාන පොදු පලාපල විස්තරයක් මෙසේය. 25 සිකුරු දෙසැ

● මේෂ
කුජගේ මාරුව සමඵලයි.
විශේෂයෙන්ම උදරාබාධ ඇතිවිමට හේතුයි. ආමාශගත වේදනා, හර්නියා වැනි රෝග තිබේ නම් ශල්‍යකර්ම ආදිය කිරිමට පවා හේතු යෙදීමට ඉඩ ඇත. පරිස්සම් වන්න.
සතුරන් පරාජය වී ඔවුන් මිතුරන් වන කාලයකි.
භූමි ලාභ ලැබේ. ඔබට ඒ අංශයෙන් සුභයි.


● වෘෂභ
5 වැන්නට කුජ පැමිණීම - ශුභයි.
තමාගේ ශිල්පීය ඥාන තත්ව දියුණු වීමට හේතුවකි. දරුවන් ලැබීමට සිටින මව්වරුන් ප්‍රවේසම් විය යුතු කාලයකි. තමාගේ සිතට ආවේගශීලි අදහස් පහල වේ. එසේම තමන්ට බලවත් කාමාශාවක් උපදින කාලයකි.
සුළු උදරාබාධ ආදිය ඇතිවිය හැක.


● මිථුන
කුජ 4 වැන්නට පැමිණීම - සමඵලයි.
තමා සිටින ස්ථාන වල යම් ගැටුම් ඇතිවිම් ආදියට ඉඩ ඇත. එසේම ගෘහ ජිවිතය තුල යම් ගැටළු ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. ඒ සම්බන්ධව කල්පනාකාරි විය යුතුය.
භූමි ලාභ ඒ අතර හිමි වීමට වාසනාවද තිබේ. තවද ඔබගේ කේන්දරයට අනුව පිට පලාත් වල ඉඩකඩම් ආදිය හිමි වීමේ හැකියාවද පවති.


● කටක
3 වැන්නට කුජ පැමිණීම - ශුභයි.
ආර්ථික වාසි හිමි වෙනවා.
තමාගේ බලය ප්‍රචලිත වෙන කාලයකි. දේශපාලනයේ නියුතු අයට ඉතාම හොද කාලයකි. එසේම කරන කියන දේවල් දියුණු වෙනවා. බලවත් සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා.


● සිංහ
2 වැන්නට කුජ පැමිණීම - එතරම් ශුභ නැත.
හදිසි තීරණ නිසා පාඩු සිදුවීමට පුලුවන්. එසේම වචනය භාවිතයේදි අන් අය සමග කතාවේදි ප්‍රවේසම් විය යුතුයි. ඔබට චිත්ත ධෛර්යය මැනවින් ලැබෙන කාලයකි. එය ඔබගේ දියුණුවට හේතුවක් කරගන්නට කටයුතු කරන්න. අලුත විවාහ වූ අය අඹුසැමි ගැටළු ඇතිවිමට ඉඩ නොදි ප්‍රශ්න නිරාකරණය කරගැනීමට කටයුතු කරන්න.


● කන්‍යා
1 වැන්නට කුජ පැමිණීම - ශුභ නැත.
කුජ මාරුව නිසා ඔබට විවිධ ගැටළු මතුවිමට පුලුවන්.
එසේම හිසට අනතුරු - තුවාල ආදිය ඇතිවිමටද ඉඩ තිබේ. කේන්ති අධික වන කාලයකි. යාන වාහන වල යන එන අය ඉතාම ආරක්ෂාකාරි විය යුතුයි. ඔබ ඉතාම ඉවසීමෙන් කටයුතු කල යුතුයි. ලේ විෂවීමේ රෝග, ආහාර අපත්‍ය වීම් ආදිය ඇතිවිය හැකි බුද්ධිමත් වන්න.


● තුලා
12 වැන්නට කුජ පැමිණීම - ශුභ නැත.
නොකල වැරදි වලට දඬුවම් ලැබීමටත්, අභූත චෝදනා අපවාද එල්ල වීමටත් ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි. කල්පනාකාරි විය යුතුයි, එසේම ඔබගේ ජිවිතය තුල පසුතැවිලි ඇති නොවන ලෙස මේ කාලයෙදි කටයුතු කරන්න. මේ මාස 1 හමාරක කාලය තුල ඔබගේ දේපල ඉඩකඩම් වාහන ආදියට පවා බලපෑම් - අහිමිවිම් විය හැකියි.
අඹුසැමි ප්‍රේමයටද බාධා එල්ල විය හැකියි, බුද්ධියෙන් කටයුතු කරන්න.


● වෘශ්චික
11 වැන්නට කුජ පැමිණිම - එතරම් නරක නැත.
භූමි ලාභ සැප සම්පත් ලැබෙනවා.
නමුත් ඔබට හිතවත්ව සිටි මිතුරෙකු ඔබගේ අඩුපාඩුවක් නිසා තරහ වීමට පුලුවන්. ඔබ පොලව ආශ්‍රිත කර්මාන්ත කරන, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදාම් කරන ක්ෂෙත්‍රයක නියුතු අයෙක් නම්, ඔබට මේ කුජ මාරුව නිසා එම කටයුතු වලින් බොහෝසේ ලාබ ලැබෙනවා.
තමාගේ ධෛර්යමත් සිතිවිලි වලින් ඔබට ඉදිරියේ කටයුතු කිරිමට පුලුවන්.


● ධනු
10 වැන්නට කුජ පැමිණීම - ඉතා ශුභයි.
ඔබට 10 වැන්නේ කුජ දිග්බල වීම ඉතාම ශුභයි. ඔබ කරන රැකියාව කුමක් වුවත් එහි ස්ථාවරත්වය සහ බලය ඔබ කරා නිතැතින්ම පැමිණෙනවා. ඔබගේ ව්‍යාපාර වස්තු හොදින්  රැකෙන කාලයකි.
භූමි ලාභ  වාහන මිලදී ගැනීමට ඉතා හොද කාලයකි. දේශපාලනය කරන අයටද ඉතාම හොදයි.
මේ කුජ මාරුව නිසා බොහෝවිට තමන්ට වාසනාවන්ත ජිවිතයක් ගත කිරිමට පුලුවන්.


● මකර
9 වැන්නට කුජ පැමිණීම - ශුභත් නැහැ, අශුභත් නැහැ.
ඔබගේ තීන්දු තීරණ වල යම්කිසි සැරපරුෂකම් ඇතිවිමට පුලුවන්. එනිසා වැඩිහිටියන් යම් ආකාරයකින් කණගාටුවිමට සහ මානසිකව පීඩා විදීමට පුලුවන් හෙයින්, ඒ ගැන කල්පනා කරගත යුතුයි.
තවද ඔබගේ කටයුතු වලට වැඩිහිටියන්ගේ මැදිහත් වීම ඔබට දැඩි මානසික පීඩාවක් ඇතිකිරිමටද ඉඩ තිබෙනවා.


● කුම්භ
8 වැන්නට කුජ පැමිණීම - එතරම් ශුභ නැත.
මේ තත්වය නිසා ඔබට බොහෝසෙයින්ම කරදර ඇතිවිමට ඉඩ ඇත.
රෝග - පීඩා ඇතිවිමට පුලුවන්, ලේ විෂවිමේ රෝග ඇතිවිමට පුලුවන්. එසේම යාන වාහන වල යන ඔබ ඉතාම ප්‍රවේසමෙන් ආරක්ෂාකාරිව කටයුතු කල යුතුයි.


● මීන
7 වැන්නට කුජ පැමිණීම - සමඵලයි.
ඔබගේ ධෛර්යය ඇතිවිමට හේතුවකි.
එසේම කුජ ග්‍රහයා 7 වැන්නේ සිටිමෙන් අනවශ්‍ය කේන්තිය ඇතිවිමට හැකියි. එසේම අඹුසැමියන් අතර, යම් වාද විවාද ඇතිවිමෙන් ඔවුනොවුන් අතර අසමගිය ඇතිවිමටද යම් අවදානමක් පවතින නිසා, මේ තත්වයන් හොදින් තේරුම් අරගෙන කටයුතු කිරිම මැනවි.

Monday, November 2, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 2 සිට

● මේෂ
සමඵල සතියකි.
මේ සතියේදි ආර්ථික වාසි ඔබට ලගාකරගැනීමට පුලුවන්. විශේෂයෙන්ම තමාගේ ව්‍යාපාරික කටයුතු වල නව්‍යකරණයක් දකින්ට ලැබෙනවා. එසේම ආර්ථික වාසි ඔබ නොසිතු ආකාරයට ලගාවිමට තිබෙනවා. නමුත් සතිය අගදී සිදුවන ග්‍රහචාරයේ යම් යම් තත්ව නිසා ඔබට ලැබුනු දේ සමහරවිට රැකගැනිමට නොහැකි වීමට පුලුවන්.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වෙනවා. මේ සතියෙදි පවුලේ අය සමග කාලය ගත කිරිමට රුචිකත්වයක් දක්වනවා වගේම සතිය මැදදී තමාගේ දුවාදරුවන් සමග ගත කිරිමට හෝ විනෝද වීමට හෝ ඔවුන්ගේ කටයුතු වලට මැදිහත් වීමට ඔබට සිදුවේවි.
සෞඛ්‍ය තත්වය, යහපත්ව පවතින නමුත් සදුගේ ගමන අනුව සෙම් රෝග සහ සතිය අගදි යටි බඩේ අජීර්ණ තත්ව ඇතිවීමට පුලුවන්.


● වෘෂභ
ශුභ සතියකි.
මේ සතියෙදි ඔබ බලාපොරොත්තු වන දියුණුව ඔබ කරා පැමිණෙනවා. අලුත් ව්‍යාපාර කටයුතු ඇරඹීමට ඉතාම ශුභයි. පිටපලාත් වල මෙන්ම විදෙස් රැකියා කරන අයටද මේ සතිය හොදයි. හදිසි ධනලාභ ලැබෙන මේ සතියෙදි ව්‍යාපාර කටයුතු වලට වාහන ගැනීමට පුලුවන්. භූමි ලාබද හිමි වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අලුත් නෑදැ හිතමිත්‍රකම් ඇතිවෙනවා. මංගල යෝග ස්ථිර වෙන මේ සතියෙදි ඔබගේ නිවසට කාලයකින් නොපැමිණි ඥාතියෙකු හෝ හිතවතෙකු පැමිණිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සදුගේ ගමන අනුව සෙම සහ ජලයාශ්‍රිත බෝවන රෝග යම් හෙයකින් වැළදීමට පුලුවන්.


● මිථුන
ඉතාම ශුභ සතියකි.
මේ සතිය කලකට පසු ඔබට උදාවන සුභ සතියකි. ආර්ථික වාසි නිතැතින්ම ලගා වෙනවා. ඔබට හැකියාව අනුව බොහෝ ධනය උපයා ගැනීමට මේ සතියේදි පුලුවන්. ඔබේ දියුණුවට අතහිත ඔබ නොහිතූ ආකාරයට විවිධ පාර්ශව වලින් හිමි වෙනවා, මේ අතර භූමිලාභද වාහන ලාභද ගැනීමට මේ සතියෙදි සිත් පහල වෙනවා. ඒවා බොහෝවිට සාර්ථක වේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. සහකාර බන්ධනය ඉතාම තදින් අවශ්‍ය වන කාලයකි. අලුත විවාපත් වූවන්ගේ දරු සම්පත් ගැන බලාපොරොත්තු ඉෂ්ට වීමට පුලුවන්. මංගල යෝග උදා වන මේ සතියේදි තමාගේ වැඩිහිටියන්ගෙන් ඉටුවීමට ඇති යුතුකම් ඔබට ඉෂ්ට වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ. සදුගේ ගමන අනුව, පපුවේ සෙම අමාරු ආරක්ෂා වන්න.


● කටක
ඉතාම ශුභ සතියක්.
මේ සතියෙදි ආරම්භ වී මුල් පැය කීපයකින් ලග්නාධිපති ලග්නයේ බලවත් වීමෙන් ඔබට කුලීර යෝගය යෙදෙනවා. මේ හේතුව නිසා ආර්ථික වාසි නිරතුරුවම ඔබට ලැබෙනවා. උත්සාහයෙන් මහන්සියෙන් හම්බ කරන අයට අතමිට පිරෙන කාලයක්. ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. ඒ සදහා ඔබට වැඩිහිටියන්, හිතවතුන්ගෙන් උදව් උපකාර සහ මග පෙන්වීම ලැබෙනවා. මග පෙන්වීම කියන්නේ සමහර වෙලාවට මුදලට වඩා වටින දෙයක්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝග උදා වෙනවා. ප්‍රේම සබදතා සඵල වෙනවා. නිවසට අමුත්තන් එන කාලයක්. මුළු නිවසම ප්‍රිය සම්භාෂණයක සිරිය ගන්නවා. විශේෂයෙන්ම ඔබට කාන්තා පාර්ශවයේ නෑදෑ හිතවතුන්, යෙහෙලියන් ඔබට ලංවන කාලයක්.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. උගුරේ සෙම, සෙම් ගෙඩි වලින් ආරක්ෂා වන්න. මේ දිනවල ඇති අයහපත් කාලගුණ තත්වයන් වලින් ඔබ ආරක්ෂා වන්න.



● සිංහ
මේ සතිය සමඵලයි.
සමඵලයි කිව්වට, ඒ තරම්ම නරක නැහැ. ඔබට තියෙන්නේ සතියේ මුල් දවස් 2- 2හමාර කාලය තුල ඔබගේ ආර්ථික තත්වය ආරක්ෂා කරගැනිමට, ණය දීම, ගැනීම හොද නැහැ. ගිවිසුම් වලට එළඹීමට දෙවරක් නොසිතා කිරිම සුදුසු නෑ. අන් අයට උදව් කිරිමෙදි පරිස්සම් වන්න. සතිය අගදි ඔබ ජයග්‍රහණය කරනවා. නව ව්‍යාපාර ඇරඹීමට සුභයි. ඔබගේ කීර්ති නාමය පැතිරේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. අඹුසැමි ප්‍රේමය දළුලනවා. සහකාර සම්බන්ධය ඉතාම උවමනා වෙනවා. ඔබගේ නිවස තුල එක ලග්නයකට කීවා මෙන් ප්‍රීති උත්සවයක සිරිය ගන්නවා, ඔබත් සතුටින් සිටින්නේ, සතිය අගදී ඥාතින් නිවසට පැමිණෙන්ට පුලුවන් - ප්‍රීතිමත් සතියකි.
සෞඛ්‍ය තත්වය දෙපා වල වේදනාව, සහ හිස කැක්කුම ඇතිවිමට පුලුවන්.


● කන්‍යා
සමඵලයි.
ඔබට ආර්ථික තත්වය මේ සතියෙදි විචල්‍යයි. ලැබෙනවා ආයෙ අතඇරෙනවා, ඒවගේ. ඔබ හම්බ කරන දේ, ආරක්ෂා කරගැනිමට ඔබ උනන්දු විය යුතුයි. ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් නම්, හොර මැරකම් සහ වංචා දූෂණ නිසා ඔබගේ ව්‍යාපාරික කටයුතු පාඩුවීමට පුලුවන්. රැකියා කරන අයගේ, වගකීම් පැහැර හැරීමෙන් ඔබට අවාසි සහ දෝෂාරෝපණ එල්ල විය හැකියි. එය ආර්ථිකයට බලපාවි.
ගෘහ ජිවිතය සමඵලයි. විශේෂයෙන්ම මේ සතියේදි ඉතාම කාර්ය බහුල නිසා නිවසේ රැදී සිටිම අඩුයි. මේ නිසා අඹුසැමියන් අතර යම් විරසකයන් ඇතිවිමට පුලුවන්. පෙම් සබදතා වල යම් පළුදු ඇතිවිමට පුලුවන්. ඉවසීමෙන් කටයුතු කල යුතුයි.
ඇඟපත අමාරු, මානසික ආතතිය සෞඛ්‍ය ගැටළු ලෙස හැදින්විය හැක.


● තුලා
මේ සතිය සමඵලයි.
ආර්ථික තත්වය - සතියේ මුල් දින කීපයෙදි ඉතාම හොදයි. ඔබට ලැබෙනවා, ඔබ අලුත් ආදායම් මාර්ග හඹා යනවා. රැකියා කරන අයටත්, විදේශ රැකියා කරන අයටත් මේ තත්වය ඉතා හොදයි. ව්‍යාපාර කටයුතු වල නව්‍යකරණයක් දක්නට පුලුවන්. ඒවගේම පිට පලාත් වල දේපල ඉඩකඩම් මිලදී ගැනීමටත් පුලුවන්. නමුත් සතිය අගදි දින 2 හමාරක කාලයකට වියදම ඉතාම ඉහල යාමට පුලුවන්, ඒ තුල ණය තුරුස් වලට හිරවිම සහ අහුවීම දක්නට ලැබිය හැකියි, පරිස්සම් විය යුුතුයි.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. නමුත් කාර්ය බහුල කාලයක් තිබුනත්, ඔබ ටයිම් මැනේජ්මන්ට් එකකින් නිවසේ සිටිමට කාලයක් හොයා ගනීවි. ඔබට ප්‍රීතිමත් ආරංචි මේ සතියෙදි ලැබෙනවා. සතිය අගදී දුරබැහැර ගමනක් යෙදේවි. පෙම් සබදතා ආරක්ෂා කරගන්න.
ප්‍රබල ගැටළු නැ සෞඛ්‍ය තත්වයේ, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.


● වෘශ්චික
ඉතාම හොද සතියකි.
මේ සතියේදි ඔබට ආර්ථික වාසි සහ විවිධ ප්‍රතිලාභ ලැබෙන්නේ පෙර පිනකට වගේ. ඒ තුල ඔබ ස්ථාවර විමට උත්සහ ගනිවි. ආර්ථික වාසි හිමි වෙනවා, පිට පලාත් වල කරන ව්‍යාපාරික කටයුතු ඉතාම හොද වෙනවා. සමහරවිට ඔබට ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය අලුත් උපකරණ හෝ යාන වාහන මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. හොද සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා, වැඩිහිටියන් සමග කාලය ගත කිරිමට ඔබ ඉතාම කැමැත්ත දක්වනවා. ඔවුන්ටද හොදින් සැලකීමට ඔබට මේ සතියෙදි පුලුවන්. විශේෂයෙන්ම පින් දහම් කටයුතු වලට ඔබ නැඹුරු වෙනවා යැයි කිව්වොත් නිවරදියි. සතිය අගදි පවුලේ අය හෝ හිතවතුන් සමග යම් සංචාරයක් ඔබට නියතයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, සමහරවිට දෙපා, දණිස්, කොන්ද ආදියේ යම් යම් වේදනා ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න.


● ධනු
මේ සතිය සමඵලයි.
සතිය ආරම්භ වන්නේ ඔබට, සදු 8 වැන්නේ පිහිටා සිටියදි. මෙම දින 2 හමාරක කාලය තුල ඔබගේ මානසික තත්වයද යම් ආකාරයකට දුර්වල විමට පුලුවන්. එය ආර්ථික තත්වයට බලපාන්නාවූ කාරණාවක්. ඔබ ණයතුරුස් වලට හසුවිම හෝ ගිවිසුම් වලට බැඳීම ඒ දවස් 2දි කරන්න එපා. නමුත් සතිය මැදදී එම තත්වය ඔබගෙන් ඉවත් වී හොද තත්වයක් ඇති වෙනවා. ඒ තුල ඔබගේ ස්ථාවරත්වය ඇති වෙනවා. බෙහෙවින් වාසිසහගත කාලයක් උදා වෙනවා.
ගෘහ ජිවිතය ගැන සදහන් කලොත්, මුල් දින 2 හමාරේදි අඹුසැමි ගැටළු ඇතිවිමට පුලුවන්. ඔබගේද මානසිකත්වය එතරම් හොද නැති නිසා යම් යම් ප්‍රශ්න ගැටළු ඔබ කරා පැමිණිමට ඉඩ තිබෙනවා. ඔබ මේවායින් ආරක්ෂා විමට වගබලා ගත යුතුයි. ඉන්පසු හොදයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ නිදන් ගත රෝග වල සංකූලතා, ඇඟපතේ වේදනාව මේ ආදි තත්වයන් ඇතිවිමට පුලුවන්.


● මකර
මේ සතිය මධ්‍යස්ථ සතියකි.
සතිය ආරම්භයෙදි ව්‍යාපාර කටයුතු වල නව නැම්මක් දක්නට පුලුවන්. අලුත් පාර්ශවකරුවන් නිසා යම්කිසි හොද විදියකට ව්‍යාපාර යනවා, රැකියා කරන අයටද එසේමයි. විදේශ රැකියා වල නියුතු අයටද එසේමයි. සතිය මැද ඔබ ආරක්ෂා විය යුතුයි. ව්‍යාපාර සහ රාජකාරි වල නියුතු ඔබ ඔබගේ වගකීම් පැහැර හරින්න එපා. සතිය අගදී ඔබට නිදහසේ සිටින්නට කාලයක් මෙන්ම ඔබගේ වාසනාවන්ත සති අන්තයක් වේවි.
ගෘහ ජිවිතය මංගල යෝග උදා වන කාලයකි. මේ සතියෙදි දායාද හිමි වෙනවා, විවාහ වූ අයට. පෙම් සබදතා සඵල වෙනවා මෙන්ම නව ඥාති මිතුරුකම්, හිතවත්කම් ඇතිවෙනවා. සතිය අගදී ඥාතින් සමග දුර ගමනක් යෙදේවි - බොහෝවිට වන්දනා ගමනකි.
සෙම් අමාරු සහ අජීර්ණ රෝග වලින් පරිස්සම් වන්න.


● කුම්භ
මධ්‍යස්ථයි.
ව්‍යාපාරික කටයුතු සතුරු කරදර නිසා අඩාල විය හැකියි. රැකියා වල නියුතු ඔබටද කැපිලි වැඩියි. ඒ තරමටම කැපිලි ජෝසප්ලා ඉන්න පුලුවන්. එසේම ඔබ කරන කියන කටයුතු වල ඇදකුද හොයන අය වැඩියි. බොහෝ ප්‍රවේසම් විය යුතුයි, මිත්‍ර වේෂයෙන් සිටින සතුරන් ගැන. ඔබ මේ සතියෙදි සත 5ක්වත් හම්බ නොකරට, හම්බ කරගත්ත රුපියල හෝ වියදම් නොකර රැකගත්තොත් ඔබ ජයග්‍රාහකයෙක්.
ගෘහ ජිවිතය තුල ඉවසීම මනාව ප්‍රගුණ කල යුතුයි. හොයන්නේ බලන්නේ නැතිව කෑගැහුවොත් අඹුසැමියන් අතර දුරස්ථ වීම් ඇතිවන්නට පුලුවන්. පෙම් සබදතා වලට ඒක නරක විදියට බලපාන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය එච්චර හොද නැහැ. තියෙන රෝග වැඩිවීමටත් නව රෝග ඔබ කරා පැමිණීමටත් පුලුවන්, ප්‍රෙෂර්, කොලස්ට්‍රෙරා්ල් සහ ඩයබෙටික් තියෙන අය තමන්ගේ රෝග පාලනයට උනන්දු වන්න, මේ වහින වැස්සට තෙමෙන්නත් එපා.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් කාලයේ තිබ්බ ප්‍රබෝධය සතිය මැදදි නැතිවන්න පුලුවන්. ව්‍යාපාර කටයුතු වලට සතුරු කරදර එන්නට පුලුවන්. රැකියා කරන ඔබටත් කේලම් කීම්, යටිකූට්ටු වැඩ නිසා ඔබට සේවා ස්ථානයේ යම් යම් එපා වීම් වෙන්න පුලුවන්. විදේශ රැකියා කරන අයද මේ තත්වය තේරුම් අරගෙන ඉවසීමෙන් සිටිය යුතුයි. සතිය අගදි යම් සහනයක් තියෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. නමුත් නිවසේ දරුවන් සමග ප්‍රීතියෙන් සිටිමට පුලුවන්. නැන්දලා මාමලා සමග සතුටින් සිටීමට පුලුවන්. සතිය අගදී මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා සඵල වෙනවා.
සෞඛ්‍ය තත්වයේ බඩේ අජීර්ණ සහ අතපය වේදනාවන් ප්‍රධානයි !


Facebook Fan පේජය 40,000 ඉක්මවයි !

සමාජ ජාල වෙබ් අඩවි අතර වැඩියනේම අපගේ දෑ තිබෙන්නේ, ෆේස්බුක්හිය. වසර ගණනාවක එම අත්දැකීම සමග ගිණුමක් සහ ෆැන් පේජයක් යන 2ක්ම පවතී.
ඊයේ දිනයේදි ෆැන් පේජයේ පාඨක සංඛ්‍යාව 40,000 ඉක්මවීය !

* ‍Facebook Account 

* Blog

* Twitter

* YouTube

* Skype
- Iru.Sewaya

* email 
- irusewaya@gmail.com

* Google + 

* LinkedIn
(Iru Sewaya)

* Instagram