Wednesday, June 21, 2017

සෙනසුරු වක්‍ර වීම ලග්නෙට කොහොමද ?

පසුගිය ජනවාරි 26 වනදා සෙනසුරු ග්‍රහයා ධනු රාශි ගත විය. එසේ ධනු රාශි ගත වීමට පෙර සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේය.
ඉන්පසුව සෙනසුරු ජුනි අද(21) වක්‍ර වෙයි. ඔක්තෝබර් 26 නැවත ධනු රාශියට පැමිණෙයි. මෙම කාලය විශේෂයෙන් වක්‍ර වීම ඇරඹුනු කාලයේ සිට රටට තරමක හෝ විපත් ගෙන දෙන කාලයකි. මේ කාලයේ ඉවසීමෙන් සහ බුද්ධියෙන් තම කටයුතු කරගත යුතුය. ස්වභාවික ආපදා යනාදියෙන් ආරක්ෂා විය යුතුය. දේශපාලකයන් විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.

-
● මේෂ
සෙනසුරු 9 සිට නැවත 8 වැන්නට පැමිණියේය. ඒ අනුව මාස 3කට අෂ්ටම ඒරාෂ්ටකයක් පවති.
මේ කාලයේ මුදල් හානි, කටයුතු අඩපණ වීම් සහ දුක් කරදර යනාදිය ඇති වීමට හේතුයි.
පවුල් ජිවිතයේ සිත් අමනාපකම් යනාදිය ඇතිවිය හැකි බැවින් බුද්ධිමත් වන්න.

-
● වෘෂභ
සෙනසුරු 8 සිට නැවත 7 වැන්නට පැමිණියේය. ඒ අනුව මාස 3කට අෂ්ටම ඒරාෂ්ටකයේ අසුභ ප්‍රතිඵල මර්දනය වෙයි.
අධික ලෙස මහන්සි වීමට සිදු වෙයි. අධිකව වෙහෙස වන මාස කීපයක් විය හැක. රැකියා කටයුතු වලදි ඉදිරයට යාමේදි බාධා, අපහසුතා ඇති විය හැක.
ගෘහ ජිවිතයෙදි පවුලේ සමගිය තරමක් අඩු විය හැක.

-
● මිථුන
සෙනසුරු 7 සිට නැවත 6 වැන්නට පැමිණියේය.
තරමක අසුභ ඵල අපේක්ෂා කල හැකි කාලයකි. සිත් පීඩා, ලෙඩ රෝග යනාදිය ඇති වීමට ඉඩ ඇති කාලයකි. සේවකයින්ගේ ක්‍රියාකලාපය නිසා සිත් පීඩා ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල පිය පාර්ශවය බාප්පලා - මාමලාගෙන් තිබෙන හොද ප්‍රතිඵල තරමක් අඩු විය හැක.

-
● කටක
සෙනසුරු 6 සිට නැවත 5 වැන්නට පැමිණියේය.
රැකියාවේ ඉදිරියට යාමේදී ගැටළු ඇති විය හැක. තරමක මුළුගැන්වීමක්ද පෙන්වයි. මුදල් අතින් පාඩු වීමට ඉඩ ඇත. වැටුප් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සාමාන්‍ය ලෙස වෙනදා තිබුනු කරදරකාරි ගති අඩු වී, නෑදෑයින්ගේ උදව් උපකාර ලැබීමට හැකියාව තිබේ.

-
● සිංහ
සෙනසුරු 5 සිට නැවත 4 වැන්නට පැමිණියේය.
සාමාන්‍ය ලෙස මුදල් අතින් කරදර - පාඩු වීමට ඉඩ ඇත. හිඟ පාඩු, ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. සිත් පීඩා ඇති වීමට ඉඩ ඇත.
රැකියාවේ කටයුතු වලදී යටත් පිරිසෙන් සිත් පීඩා ඇති විය හැක.
ගෘහ ජිවිතය තුල පෙර තිබුනු සුබ තත්වයන් අඩු වී මානසික පීඩනය වැඩි වීමට ඉඩ ඇත. පවුලේ සමගියට තරමක බාධා ඇති විය හැක.

-
● කන්‍යා
සෙනසුරු 4 සිට නැවත 3 වැන්නට පැමිණියේය. තරමක් හොදයි.
ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකියාව ඇත.
රැකියාවේ තිබු බාධා තත්වයන් ඉවත්ව ඉදිරියට යාමේ හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල සහෝදරයින් අතර ගැටුම් ඇති විමටද ඉඩ ඇත. නිවසක් සාදා ගැනීමේ උවමනාව තිබේ නම් ඒ කටයුතු වලට සුබයි.



-
● තුලා
සෙනසුරු 3 සිට නැවත 2 වැන්නට පැමිණියේය.
ඒ අනුව නැවත ලග්න ඒරාෂ්ටක අපලය මාස 3කට ක්‍රියාත්මක වෙයි.
මුදල් අතින් තරමක හානි වීමට ඉඩ ඇත. මානසික පීඩා - සිත් පීඩා යනාදිය ඇති වීමට ඉඩ ඇත. වචනය ආවේගශීලි විය හැක. රැකියාවේ කටයුතු වලදි ඉදිරියට යාමට බාධා ඇති විය හැක.

-
● වෘශ්චික
සෙනසුරු 2 සිට නැවත 1 වැන්නට පැමිණියේය.
ලග්න ඒරාෂ්ටක අපලය ප්‍රබල ලෙස මාස 3ක් ක්‍රියාත්මක වෙයි.
කරන ව්‍යාපාර කටයුතු වලට තරමක් දුරට හෝ හානි විය හැක(මුදල් හෝ ශ්‍රමය). ආදායම් මාර්ග හිර වීමට ඉඩ ඇත.
රැකියාවේ කටයුතු වලදී කලබලකාරි ගති වැඩි වීමෙන් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් - සහෝදරයින් - භාර්යාව/සැමියා සමග ප්‍රශ්න ඇති වන්නේ ඔබ දුර දිග නොසිතා කටයුතු කිරීමෙනි.

-
● ධනු
සෙනසුරු 1 සිට නැවත 12 වැන්නට පැමිණියේය.
ඒ අනුව ලග්න ඒරාෂ්ටක අපලය ප්‍රබලව තවත් මාස 3කට පවති.
තැන්පත් ධනය වැය වීමට, හිඟතාවයක් ඇති වීමට හේතු ඇත.
රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට යොමු වීමට තිබුනු අවස්ථාවන් ගිලිහි යාමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සමීප ඥාතින් සමග සිත් අමනාපකම් ඇති විය හැක.

-
● මකර
සෙනසුරු 12 සිට නැවත 11 වැන්නට පැමිණියේය.
ඒ අනුව ලග්න ඒරාෂ්ටක අපලය මාස 3කට ඉවත් වේ.
මෙය තරමක් හොදයි. කරන වැඩ කටයුතු වල ප්‍රගතියක් තිබෙයි. ආයතන ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබෙයි. ආදායම් තත්වය වර්ධනය විය හැක. සිතේ තිබෙන කරුණු කාරණා ඉෂ්ට කර ගැනීමේ හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල සහෝදර - ඥාතින් සමග විවාහ සහකරු/සහකාරිය සමග පෙර තිබුනු සිත් අමනාපකම් ඇත් හැර සමගියෙන් කටයුතු කල හැකි කාලයකි.


-
● කුම්භ
සෙනසුරු 11 සිට නැවත 10 වැන්නට පැමිණියේය.
මුදල් ලැබීම් අතින් හිඟ පාඩු සිදු වීමට ඉඩ ඇත. රැකියාවේ තරමක් වෙහෙසකාරි ගති වැඩි විය හැක. දුර පලාත් වලට මාරු වීම් හෝ රැකියා ස්ථානය වෙනස් වීම් වීමට ඉඩ ඇත. කාර්යබහුල බල වැඩි වේ.
ගෘහ ජිවිතය තුල තරමක කලබලකාරි ගති වැඩි වී සිත් අමනාපකම් ඇති වීමට ඉඩ ඇත.
මේ අනුව කකුල් ආශ්‍රිත රෝගාබාධ ඇති විමට ඉඩ ඇත.

-
● මීන
සෙනසුරු 10 සිට නැවත 9 වැන්නට පැමිණියේය.
මෙය යහපත්ය.
තම අභිමථාර්ථ සපුරා ගැනීමේ හැකියාව ඇත. ඊට අවස්ථාවන් උදා වෙයි.
රැකියා ස්ථානයේ කැපී පෙනෙන කෙනෙක් වෙයි. 
මංගල යෝග උදා වෙයි. ගෘහ ජිවිතයෙදි දෙමාපියන්ගේ ආශිර්වාද ලැබෙයි. කීකරුව සිටිමේ හැකියාව ඇත.


-

සෙනසුරු මාරුවේ අහිතකර විපාක දුරු වීම යහපත පිණිස මෙය කරන්න.

නිල් හෝ දම්  මල් වට්ටි 01, පහන් 01, හඳුන් කූරු 09, පැන් වීදුරු 01.
වෙලාව - රාත්‍රි 8.30-9.15 අතර
බදාදා සහ සෙනසුරාදා දින වල කරන්න.
පහන් දැල්ලේ දිශාව - බටහිර

(ප්‍රාර්ථනය)
මෙම පූජාව ශ්‍රි විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් සතර බුදුවරයන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා !
මේ කුසල් බෙලෙන් අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරු වී යහපත උදා වේවා !

-

irusewaya@gmail.com
 077 2238041

No comments:

Post a Comment