Monday, June 26, 2017

සතියේ ලග්න පලාපලය - ජුනි 26 - ජුලි 01

පොදු පලාපලයක් පමණි.

-
● මේෂ ලග්නය
පහසුවෙන් තම ඉලක්ක සපුරා හැනීමට හැකිවනු ඇත. ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකිවේ. නවතාවයකින් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට හැකිවේ.
කාර්මික ක්ෂෙත්‍රයේ රැකියා වලට සුබ සතියකි. රැකියා සොයන අයට හොඳ රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජීවිතය යහපත් සතියකි. මංගල යෝග උදා වේ. අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ගේ දක්ශතා පෙන්නුම් කරන කාලයක් වේ.

-
● වෘෂභ ලග්න
පෙර තිබු කරදර බාධා ඉවත් වනු ඇත. ගනු ලබන ආර්ථිකමය තීරණ තමන්ට අවාසි සහගත විය හැකි බැවින් තමන් කල්පනාකාරිව කටයුතු කල යුතුය.
රැකියා සොයන අයට යහපත් රැකියා අවස්ථා උදාවේ. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුන ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ.

-

● මිථුන ලග්නය
තරමක් බාධා මතු වීම් ගෙන දේ. ආර්ථික ගැටලු විසදා ගැනිමට හැකි වනු ඇත. තමන් තුල තිබු ගැටලු ප්‍රශ්න විසදා ගැනිමට ඉඩ කඩ ලැබෙන සතියක් වේ.
රැකියාවේ මෙතෙක් තිබු කරදර බාධා ඉවත් වනු ඇත. නව රැකියා ලැබෙයි.
 වැඩිහිටි අයගේ අවවාද ලැබේ. පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

-

● කටක ලග්නය
අවදානම් සහගත තීරණ ගැනිමට සිදුවේ. ආදායම් මාර්ග වල මෙතෙක්  තිබුනු ආදායම් තත්වය පහල යා හැක. කල්පනාකාරි විය යුතුය. උසස් ව්‍යාපාරික සබදතා ගොඩ නගා ගත හැකි කාලයක් වේ.
රැකියාවේ මෙතෙක් තිබු නිදහස අඩුවන  තත්වයන් උදා වේ.
ගෙදර පරිසරය අලංකාර ලෙස පවත්වාගෙන යාමට හැකිවේ.

-

● සිංහ ලග්නය
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකිවේ. තමන්ගේ ආදායම් මාර්ග වල සුළු සුළු  අඩුපාඩු නිසා නිසා තරමක් කලබලකාරි ගති මතුවන සතියක් වේ.
රැකියා කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් ඇති වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

-

● කන්‍යා ලග්නය
ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට හැකිවේ උත්සාහයෙන් ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීරණ සාර්ථක විමට ඉඩ ඇත.
උසස්වීම් තරග විභාග ආදියෙන් ජය ලබාගත හැක. රැකියාව කිරීමේදී තමන්ට පෙරදී යෙදුන බාධක තත්ව වලට විසදුම් ලැබී යහපත් කාලයක් උදාවේ. විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
පවුලේ සමගිය වර්ධනය වේ.  දරුවන් වෙනුවෙන් ඉගෙනීම් කටයුතු වලට වෙහෙසිමට සිදුවේ .

-
● තුලා ලග්නය.
ආර්ථික වශයෙන් මෙන්ම සමාජිය වශයෙන් පියවර රැසක් ගැනීමට හැකි වේ.
ජය පැසසුම් ලැබෙයි.
රැකි රක්ෂා පිළිබද උනන්දුව අඩු වීම රාජකාරි අතපසු වීම් වැනි තත්ව උදාවේ.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා පොත්පත් කෙරෙහි යොමු වීම අඩු වේ.
විවාහය පිළිබද වැදගත් තීරණ ගැනීම් වලටද අවස්ථා උදාවේ.

-

● වෘශ්චික ලග්නය
මෙතෙක් තිබු ආර්ථික තත්වය තරමක් දුරට පසුබෑමකට ලක්විය හැක.
 මුදල් නාස්ති වීම් සිදුවිය හැක. එසේම ගනුදෙනු වලදී ප්‍රවේසමෙන් කටයුතු කල යුතුය. ණය ආධාර ලබා ගැනිමට හැකි වේ.
රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
 පවුල් ජීවිතයේ සමගිය ඇති වේ. මිතුරු ඇසුර වර්ධනය වේ. පැවති ගැටළු විසදා ගැනීම්ට හැකියාව ලැබිමට ඉඩ ඇත.

-

● ධනු ලග්නය
ආදායමට වඩා වියදම වැඩි වෙන සතියක් වේ.
 තමන්ට මෙතෙක් ලැබුනු ආදායම් මාර්ග වලින් තරමක් ආදායම  වෙනස් වේ.
 රැකියා වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයක් වේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ. පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ. වැදගත් තීරණ ගැනීම් වලට ද අවස්ථා උදාවේ.

-
● මකර ලග්නය
මුදල් පිලිබද ප්‍රශ්න ඇති වේ. මුල්‍ය ප්‍රශ්න විසදා ගැනිමට හැකි වන පියවර ගැනීමට සිදුවනු ඇත.
 නව රැකියා ලැබේ.  රැකියාව කාර්යබහුල වේ.
 ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. දුර බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.
ඉගෙනීම් කටයුතු වල දී දරුවන් වෙනදාට වඩා උනන්දු විය යුතුය. ආදර සබදතා වලට බාධා මතු වේ.

-

● කුම්භ ලග්නය
 මුල්‍ය ප්‍රශ්න විසදා ගත හැකි වේ. ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරි යයි. ආර්ථිකය ගොඩ නගා ගැනීමට ගන්නා තීරණ සාර්ථක වේ. උසස් වීම් තරග විභාග ආදියෙන් ජය ලබා ගත හැක.
රැකියාව ඇත. පෙර තිබු ගැටළු නිරාකරණය වේ.
පවුල් ජිවිතය තුල පීඩාකාරි තත්වයන් මග ඇරි යයි. තම පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබෙයි.

-

● මීන ලග්නය
 තම ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට පියවර ගැනිමට සිදු වේ.
 නව ආදායම් මාර්ග උදා වෙයි. සතුරු කරදර ඇතිවිමට ඉඩ ඇත.  ණය ලැබෙයි. ව්‍යාපාර ක්ෂෙත්‍රෙය් නව  පියවරක් ගැනිමට සුබ කාලයකි. වාහන ලාභ ලැබේ.
  නව රැකියා උදාවෙයි. රැකියාවේ බාධා ඉවත් වේ. කල්පනාකාරි විය යුතුය.
 ඉගෙනීමට අමතරව ක්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ වීමෙදි ගැටලු නිර්මාණය විය හැක.


-

#ඉරු
Facebook ඉරු සේවය


irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment