Thursday, June 29, 2017

සිකුරු මාරුව (06-29 - 07 - 26)

මේෂ රාශියේ සිට ග්‍රහ ලොව මනාලිය වන සිකුරු තමන්ගේ නිවස වන වෘශභ රාශියට පැමිනේ 2017.06.29 දින සිට  2017.07.26 දින දක්වා ගෝචරය වේ.

සිකුරු බලවත් වීම පොදුවේ රටටම යහපත් එකකි. ලග්න 12ට පොදුවේ මෙහෙමයි.

-
● මේෂ ලග්නය

මේෂ ලග්නයේ 02 දෙවැන්නට සිකුරු පැමිනේ.
 ආදායම් මාර්ග වල දියුනුව පෙන්නුම් කරන කාලයක් වේ. රැකියාවේ පෙර තිබු ගැටලු නිරාකරනය වේ.
ණය ලැබේ.
පවුල් ජිවිතය තුල පිඩාකාරි තත්වයන් මග ඇරි යයි. වචනය සංවර විය හැක.

-
● වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයේ  සිකුරු ග්‍රහයා 01වැන්නට  ගෝචර විම තුලින් මුල්‍යය ප්‍රශ්න විසදා ගත හැක.
 ආදායම් මාර්ග වල අවහිරතා මග ඇරියා හැක. ආත්ම ශක්තියෙන් යුතුව තම ප්‍රශ්න වලට මුහුණ දිමට හැකිවේ. රැකියාවේ දියුනුව පෙන්නුම් කරයි.  තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.
පවුලේ සමගිය වර්ධනය වේ. මංගල යෝග උදාවේ.

-

● මිථුන ලග්නය
මිථුන ලග්නයේ සිකුරු ග්‍රහයා 12 වැන්නේ  ගෝචර වේ.
 නව ව්‍යාපාර ආරම්භ කිරිමේදි තරමක් ප්‍රවෙශම් වියයුතුය. වියදම් තත්වය වර්ධනය වේ.
රැකියාවේ ගැටලු ඇතිවේ. කල්පනාකාරි විය යුතුය.
විදෙස් ගමන් යාමට හැකියාව ඇත. පවුල වෙනුවෙන් වැදගත් තීරණ වලට යොමු වීමට ඉඩ ලැබේ.

-
● කටක ලග්නය
කටක ලග්නයේ 11 වැන්නේ සිකුරු ගෝචරය වේ.
අාදායම් මට්ටම පහල බැසීමට කරුණු යෙදේ. ණය ගැනිමට සිදුවේ.
රැකියාවේ දියුණුව උසස්විම් තරග විභාග ආදියෙන් නිසි පල ලබා ගත හැකි කාලක් වේ.
  ඉඩකඩම් මිලදි ගැනිම් වලට සුබ කාලයක් වේ. පවුලේ සමගිය වර්ධනය වේ .

-
● සිංහ ලග්නය
සිංහ ලග්නයේ 10 වැන්නේ සිකුරු ගෝචර වේ.
 ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත. එහෙත් ආදායමට වඩා වියදම වැඩි වේ. කල්පනාකාරි විය යුතුය.
  රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ. රැකියාව කාර්යබහුල වේ.
 ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. බැහැර විනෝද ගමන් බිමන් යෙදෙනු ඇත.

-
●  කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයේ 9 වැන්නේ සිකුරු ගෝචර වේ. ආදායම් මට්ටම තරමක් ඉහල යයි. ආර්ථික ප්‍රතිලාභ ලැබීමටත්, ව්‍යාපාර වල දියුණුවටත් කරුනු යෙදේ.
 රැකියාවට තරමක් බාධා මතුවේ. කල්පනාකාරි විය යුතුය. ඉගෙනීම් කටයුතු වලදී දරුවන් වෙනදාට වඩා උනන්දුව වැඩිවේ.
 ආදර සබදතා වලට වෙනදාට වඩා සිත යොමු වේ.

-
● තුලා ලග්නය
තුලා ලග්නයේ සිකුරු 8වැන්නේ ගෝචර වේ.
 කලබලකාරි ගති වැඩිවිම නිසා වෙනදාට වඩා  ගැටලු ඇති වේ. කල්පනාකාරි විය යුතුය. වෙනදාට වඩා තම ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ. නව රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වේ.
  ප්‍රේම සම්බන්ධතා ප්‍රේම සබදතා පවත්වාගෙන යාමෙදි එවායේ ගැටලු මතුවේ කල්පනාකාරි විය යුතුය.

-
● වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයේ සිකුරු 7වැන්නේ ගෝචර වේ.
වෙනදා තිබු කරදර කාරි පිඩාකාරි ගති නැතිවි සහනදායි කාලයක් උදාවේ.
 හවුල් ව්‍යපාර සහ හවුල් කටයුතු වලින් තරමක් සුබ පල ගෙන දෙන කාලයකි. පවුලේ සමගිය වර්ධදනය වේ. පෙම් සබදතා වර්ධනය කර ගැනිමට හැකිවේ.

-
● ධනු ලග්නය
ධනු ලග්නයේ සිකුරු 6වැන්නේ ගෝචරය වේ.
 වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. වියදම් පාලනය කරගත යුතු වෙයි, නැතහොත් ප්‍රශ්න ඇතිවේ.
රැකියාවල නියුතු අයට තමන්ට ඇතිවන ගැටළු විසදා ගැනීමට පියවර ගතයුතු කාලයක් වේ.

-
● මකර ලග්න
මකර ලග්නයේ සිකුරු 5න්නේ ගෝචර වේ.
  ආදායම් මට්ටම යහපත්ව පවත්වාගෙන යා හැකි වේ පවතී. ගැටළුදායක තත්ව විසදා ගැනීමට  තරමක් දුරට හැකියාව ලැබේ.
රැකියාව කාර්ය බහුල වේ ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතු වේ.
පවුලේ සමගිය වර්ධනය වේ. දරුවන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ .

-
●  කුම්භ ලග්නය‍
කුම්භ ලග්නයේ සිකුරු 4 ගෝචර වේ.
ව්‍යාපාර වල දියුණුව උදාකර ගැනීමටත් අවස්ථාව යෙදෙනු ඇත. පැවති ගැටළුදායක තත්ව විසදා ගැනීමට හැකිවෙයි. රැකියාවට තරමක් බාධා මතුවේ.
තරුණ තරුණියන්ගේ  ප්‍රේම සබදතා ගොඩනගා ගත හැකිවේ පවුලේ සමගිය වර්ධනය වේ .

-
● මීන ලග්නය
මීන ලග්නයේ 3 වැන්නට සිකුරු ගෝචර වේ.
ආදායමට වඩා වියදම වැඩිවිය හැක. පැවති  ගැටලු නිරාකරනය කරගත හැක.
 රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවේ. රැකියා දියුණුව ලැබීමට දරන උත්සාහයන් සාර්ථක වේ.
පවුල් ජීවිතයේ සමගිය ඇතිවේ.
 මිතුරු ඇසුර වර්ධනය වේ.

-

#sikuru

-

ඉරු සේවය
https://www.facebook.com/irusewaya?ref=br_rs

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment