Saturday, September 19, 2020

සිහිනෙන් බිය වීම

 හීනෙන් භූත - යක්ෂ - ප්‍රේත යනාදි අමනුෂ්‍ය ආත්ම දැක කුණුහර්පයෙන් බැන්න විට, එම ආත්මයන් නොපෙනී යාම. හීනෙන් හෝ සැබවින් යන කුමන අවස්ථාව වුවද, කුණුහර්ප වචන භාවිතය අයහපත්ය. තිත්ත කුණුහර්පයෙන් බැන මම හොල්මන එලෙව්වා - බය කලා ලෙස උජාරුවට කියන අය සිටිති.
නමුත් සැබෑව නම්, කුණුහර්ප වැනි දේ කියා අමනුෂ්‍ය ආත්මයන් එලවීම වැරදි සහගත ක්‍රියාවකි. අදාල අමනුෂ්‍ය ආත්මයන් යන්නේ, ක්‍රෝධයක්ද සහිතවය.
* කල යුතු දේ වන්නේ, එවන් අවස්ථාවක බුදු ගුණ සිහි කිරීමයි. එනම් “ ඉතිපිසෝ ගාථාව“ සජ්ජායනය කිරීමයි. එවිට මෛත්‍රියෙන් යුතුව එම ආත්මයන් එතනින් ඉවත් වීම සිදුවේ.

#තේරුම්ගන්න.

#Dhamma


Tuesday, September 15, 2020

 අප ජිවත් වන ලෝකයද කොටස් 3කි.

අහස් තලය = දිව්‍ය - බ්‍රහ්ම - ගාන්ධර්ව වැනි

මැද අහස් තලය = භූත - ප්‍රේත - යක්ෂ - පිසාච කුම්භාණ්ඩ

භූමි තලය = භූත වැනි ආත්ම භව සහ මනුෂ්‍ය ලෝකයට ආසන්නව ජිවත් වන ආත්ම භවයන්.


Sunday, August 23, 2020

නව ග්‍රහයින්ට අධිපති සිරි විෂ්ණු දිව්‍ය රාජයා 🙏

 

- විශේෂයෙන් සෙනසුරුට සහ කේතුට අධිපති, සදුදා, බදාදා, සෙනසුරාදා දින වලට මූලික ආශිර්වාද දෙන, මතු බුදු බව පතන දෙවි කෙනෙක්ය..

සම්බුදු සසුන, සිරි ලංකාව බලා ගැනීමට සක් දෙව් රජගේ අණින් කටයුතු කරයි..
රටට වින කරන බලවේග, කර්මය අනුව, කල්යල් බලා විනාශ කරන්නට අවැසි කටයුතු වල මූලිකත්වය දරන්නෙ මෙම දෙවියන්ය. දැනට දුෂ්ට බලවේග වලට රිසිසේ තම කර්මය අනුව අකුසල පුරවා ගැනීමට ඉඩ දී බලා හිදී..

#විෂ්ණු #ලංකාව #බුදුදහම #vishnu #srilanka #buddhism

Saturday, August 1, 2020

වැසි සළු පූජාව - 2020


මේ වසර තුළ උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා.
සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා.

● වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්.මෙහිදි ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම සිරිතයි.

මොකක්ද මේ වැසි සළු පූජාව....?

● වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම, වැසි සළු පූජාව නමින් හැඳින්වේ. එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.
'ඉච්ඡාමහo භන්තේ සoඝස්ස යාවජීවo වස්සික සාටිකo දාතුo' ,
ස්වාමිනි,මම දිවි ඇති තාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම, බුදුරජාණන් වහන්සේ විසින්,
'අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකo' යයි අනුමත කළහ. ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජල ස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි.එය පූජා කෙරෙන්නේ බුලත්වලින් සකස්කරන ලද දැහැත් ගොටුවක් සමගය.

● භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයක්, චීවර මාසයත් යන මාස හතරක් සදහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය. එනම්,
'ඉමo වස්සිකසාටික චීවරo වස්සානo චතුමාසo අධිට්ඨාමි' යනුවෙනි.

● ඇසළ මස පුරපසළොස්වක දින පෝය කිරිමෙන් පසුව (මෙවර නම් නිකිණි පුරපසළොස්වක දින), භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසළු පූජාකර වස් ආරාධනා කරති..වස් ආරාධනා කරන අවස්ථාවේ දි සංඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසි සළුව අතැතිව,
'ස්වාමින්වහන්ස, මේ වස් කාලයේ අපගේ ආරණ්‍යයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. වස් කාලයේදි ඔබ වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු. අපටත් දාන, සීල, භාවනාදි පින්කම් කරගැනීමට අනුග්‍රහ පිණිසත් මෙහි වස් වසන ලෙස සියලුදෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු' යැයි කියා වැසිසළු භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත.

● ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසි, ඒකවිහාරිය සහ ග්‍රාමවාසි මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වෙනවා.ඒ නිසා ඔබගේ සාංසාරික දුක් පිපාසාව සංසිදවා ගැනීම වෙනුවෙන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෝෂණය කර ගැනීම උදෙසාම මේ උතුම් වස් කාලය ප්‍රයෝජනයට ගන්න. එසේනම් අප්‍රමාදිව මේ උත්කෘෂ්ට අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් උතුම් ශීලයක් අඛණ්ඩවම ආරක්ෂා කරගනිමින්, උපරිම අයුරින් සංඝෝපස්ථානයේ නිරතවන්න.

තෙරුවන් සරණයි....!!!

උපුටා ගැනීම - @Hiniduma Sarada හාමුදුරුවන්ගෙනි.

Thursday, March 19, 2020

කොරෝනාව බොහෝවිට ඉදිරි සති කීපය ඇතුලත ක්‍රමිකව රටෙන් බැහැර වනු ඇත. කෙසේ වුවද නිසි අධ්‍යාත්මික ගුණ වගාවක් සම්පූර්ණ නොකිරීම තුල ජනතාව බොහෝ පීඩාවට පත් වන බව කිව යුතුය. පාලකයන්ට සහ ජනතාවට ක්‍රම 2කින් සලකන අතර, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ආර්ථිකය අතිශයින් අනතුරේය.
එයට කලකට පසුව තවත් වෙනත් ලෙඩක් බොහෝවිට ඇතිවන්නට හේතු ඇති අතර, එය මුස්ලිම් අයට වැඩියෙන් ආසාදනය වීමේ හැකියාවක්ද ඇත ( එය වසර ගණනාවකට පසුව සිදුවන දෙයකි)
2020 වසර පුරාම යම් යම් ආකාර වලින් විපත් සහ ලෙඩ රෝග ඇතිවිමේ අවදානමක් තිබේ.

රටේ පාලකයන් ධර්මිෂ්ට නොවන්නේ නම් ජනතාවට දුක් පීඩා - කරදර බාධක ආදිය දිගින් දිගටම ඇති වීමේ අවදානමක් තිබේ.
මේ තුල ආණ්ඩුවෙ පැවැත්ම අභියෝගයට ලක්වනු ඇත.

Friday, February 21, 2020

බෝධි පූජා කරන්නට පන්සලට ගිය විට සාමාන්‍ය ලෙස කරන දෙයකි බෝමළුව ඇමදීම. එය මහත්ඵල මහානිසංස පින්කමක් ලෙස කුඩා කල සිට ඔබ අසා ඇතිවාට සැක නැත. මෙහිදී වැදගත් වන්නේ, ඔබගේ සිත සන්සුන් වීමය. පන්සලක තිබෙන පරිසරය සැනසිලිදායකය. ඒතුල ඔබ විසින් යහපතක් ජිවිතයට එක්කර ගැනීමට ගොස් සිටින විටෙක, බෝමළුව ඇමදීම ඉතා වටිනා කටයුත්තකි.
- බෝමළුව ඇමදීම, බෝධි පූජා කටයුතු වලට පෙර පැයක පමණ කාලයක් ගෙන ඉවසීමෙන් කිරීම ඉතා වැදගත්ය.

●  බෝධියකට බොහෝ අය පැමිණෙති. බොහෝ අය බෝධියට පූජා පවත්වති. එනම් බෝධිය පොදු තැනකි. පොදුවේ භාවිත වන තැනක් පිරිසිදු කිරීම ඉතා වටිනා පින්කමකි. වෙරළ පිරිසිදු කිරීම, බස් ස්ටෑන්ඩ් පිරිසිදු කිරීමද, අවට පරිසරය පිරිසිදු කිරීමද එවන් වැදගත් කටයුතු වේ.
සක්දෙව් රජ පදවිය ලැබූ මාඝ ගැන කතාවෙන් පොදු ජනතාව වෙනුවෙන් සේවා කිරීමේ වටිනාකම අපට පෙන්වා දී ඇත.
ඉතින් හිත සනසාගෙන, බුදුන්වහන්සේට බුද්ධත්වය ලැබෙන්නට උදව් කල බෝධින්වහන්සේ අවට පිරිසිදු කිරීම ඉතා හොද පින්කමකි !

තවද බෝධි පූජාව අවසානයේ, සියලු බෝධින්වහන්සේලා රැක බලාගන්නා “ කළු දේවතා බණ්ඩාර දෙවියන්ට“ පින් අනුමෝදන් කිරීමද වැදගත්ය.

බෝමළුව ඇමදීමේ ආනිසංස මෙසේය.
(අපදාන පාලි 421 වන අපදානය)


01) සමාධිගත සිත් ඇත්තෙකු වේ.
02) නිර්මල පුද්ගලයෙක් වේ.
03) ශෝක නො දැනේ.
04) චිත්ත පීඩා දැවිලි ඇති නොවේ.
05) කුෂ්ඨ රෝග, ගෙඩි රෝග, කැසිලි රෝග නොසෑදේ.
 06) මී මැස්මොර යනාදි ලෙඩ නොසෑදේ.
07) වැලපීම් නැත්තෙක් වේ.
08) තැති නොගන්නා සිතක් ඇති වේ.
09) සෘජු සිත් - පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
10) කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.


#ඉරු

Saturday, December 28, 2019

බෞද්ධ ධජය

බුදුන්වහන්සේගේ රැස් වළල්ල වර්ණ 6කින් යුතුය.
රහතන් වහන්සේලාගේ තිබෙන්නේ කහ පැහැයකි.

වර්ණ 6ක් එකතු වූ විට ෂඩ් වර්ණ වෙයි. බෞද්ධ කොඩියේ තිබෙන්නේ වර්ණ 5කි.
වර්ණ 6ම එක් වූ විට “ ප්‍රභාෂ්වර“ වෙයි.‍්

නීල + පීත + ලෝහිත + ඕජාත + මාන්ජිස්ට = ප්‍රභාෂ්වර

ප්‍රභාෂ්වර යනු, අළු පැහැයට හුරු පැහැයකි ( එළියක් නැත. දුර්වර්ණයකි).

Friday, December 27, 2019

අධිෂ්ඨාන ශ්‍රීපාද පද්ම 4කි.


01 _ කැළණි ගඟ පතුල

02 _ නාග ලෝකයේ පිහිටා ඇත.

03 _ ශ්‍රී පාදය

04 _ මක්කම

මෙයින් මිනිසුන්ට වන්දනාමාන කල හැක්කේ රත්නපුරයේ පිහිටා ඇති ශ්‍රීපාද පද්මයට සහ මක්කම පිහිටි ශ්‍රී පාද පද්මයට පමණි.
ශ්‍රී පාද වන්දනාව තරමක් අපහසු වන්නේද එය ලෙහෙසියට නොකිරීමටය. ඉතිරිවා අයත් වන්නේ නාග සහ දිව්‍ය අයට පමණි. කෙසේ වුවද අවාරයේදී දෙවිවරු රත්නපුර ශ්‍රීපාදය වන්දනා කෙරෙත්.

Friday, December 20, 2019

ඔවුන්ට විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධානම අයෙකුට වැඩි ආයුෂ නැත.
කර්ම ශක්තියට පිටුපාමින් ඔවුුන් කරමින් පවතින මේ කටයුතු නිසා ඔවුන් සසර පුරාවටම විපාක තව තවත් වැඩි කරගන්නා අතර, රටේ ජනතාවද එයට හවුල් කරගෙන නිසා ඔවුන්ටද දැඩි විපාක ඉදිරියෙදි ලැබෙන්නට නියමිතය.
පින වෙනුවට පව සිදු කරගත් ජාතියකට අවාසනාව උරුම වනු ඇත.