Friday, February 26, 2016

ජිවිතය දිනන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න !

තමන්ගෙ ජීවිතයේ කුමන දෙයක් කේන්ද්‍ර සටහනේ තිබුනද, සියල්ල තමාට වාසියට හෝ අවාසියට හරවා ගත හැකි බව සිතන්න.

කේන්දරයේ අධ්‍යාපනයට කෙතරම් හොඳයි කීවද අදාල කාල වලදි අවශ්‍ය ලෙස පාඩම් නොකරන ලද ළමයින් ඉහලට නොගිය බව අපි දන්නෙමු.

එසේම ජීවිතයෙ කිසිදු හොඳක් නොකරයි කියා සිතනා අය ඉහලට ගොස් සතුටින් ජීවත්වනු දැක ඇත්තෙමු. කර්මය ජීවිතයේ බොහෝ දේවල් වලට බලපෑවද සෑහෙන ඇත්තක් තම ක්‍රියාමත පවතිනු ඇත.

ඔබට යමක් ලබාගැනීමට උවමනා නම් හෝ ප්‍රාර්ථනාවක් ඇත්නම් ඒ වෙනුවෙන් කැපවිය යුතුය.
එය තමාට කරගැනීමට අපහසු දෙයක් නම් ඒ ඒ අවශ්‍ය තත්වයන් ලබාගැනීමට කැපවිය යුතුය. එසේ නැතිව එය කල නොහැකි දෙයක් ලෙස අතහරින්නෙ නම් පරාජයකි.
තමාට එය කල හැකි මාර්ග ඒ අරමුණට යා හැකි මාර්ග සිතා ඒ වෙනුවෙන් කටයුතු කල යුතුය.

ඒ හැරුණු කොට පවතින රජය හෝ විපක්ෂය හෝ වෙනත් තත්වයන් හෝ ගැන නොසිතා තම දියුණුව ගැනම සිතා අන් අයට හානි නොවන ලෙස කටයුතු කරන්න. ජීවිතය ජය ගැනීම පහසු වන අතර එවන් අය අප දැක ඇත්තෙමු...

#Iru

irusewaya@gmail.com

පිය ආශිර්වාදය

ගනේෂ්වර දෙවියන්ට තම පියාණන් වූ ශිව හෙවත් ඊශ්වර දෙවියන් ආශිර්වාද කරනු ලබන අවස්ථාවක් !

ගණ දෙවියන්ට සහ කතරගම දෙවියන්ට වන්දනාමාන කරන, පින් අනුමෝදන් කරන අයට ‪#‎ශිව‬ දෙවියන්ගේද ආශිර්වාදය ලැබේ !

මනා පැවැත්මෙන් හිඳ, ගරුත්වය රැකගෙන පින්කම් කරගන්න, ඉන්පසුව එම පින් දෙවියන්ටද අනුමෝදන් කරන්න.
එතුලින් දෙවියන්ගෙන්ද ආශිර්වාද ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

‪#‎ඉරු‬ Iru Astrology

Tuesday, February 23, 2016

නියම ජ්‍යෝතීර්වේදියා හඳුනා ගන්නේ කෙසේද ... ?

පාඨමාලා හෝ යම් ඉගෙනීමක් කල සැණින්ම තමන් ජ්‍යොතිෂ්‍යවේදියෙක් කියල පුද්ගලයෙක්ගෙ කේන්දරය නිවරදිව කියන්න අපහසුයි.

Monday, February 22, 2016

“ දස දිසා පිරිත “



- සියලු යහපත ගෙනදෙන මෙම දස දිසා පිරිත විශේෂ වශයෙන්, වාස්තු දෝෂ දුරලීමට භාවිතා කල හැක. භූත දොස් දුරුවීමටද, ගෙදර ආරක්ෂාව සහ ඇස්වහ කටහව දෝෂ දුරු කිරීම්, කුඩා දරුවන්ගේ රෝගී තත්වයන් වලටද විශේෂ වශයෙන් ගුණදායක මහානුභාවසම්පන්න පිරිතකි.

- පිරිත සහ එහි දළ තේරුම පහතින් _

දීසාසු දසභාගෙසු
ඨිතා බුද්ධානුභාවතෝ
වේරාදි අන්තරායාපි
විනස්සන්තු අසේසතෝ

ඒවමාදි ගුණෝපේතං
පරිත්තංතං භණාමහේ

පදුමුත්තරෝ පුරස්ථිමායං
අග්ගිමහිචෙච  රේවතෝ
දක්ඛිණො කස්සපෝ බුද්ධෝ
නිරිතේච සුමංගලෝ

පච්චිමේච සිඛීබුද්ධෝ
වායව්‍යාමේධං කරෝ
උත්තරේ පියදස්සීච
ඊසානේ දීපංකරෝ

පඨවියං කකුසංධෝච
ආකාසේ සරණංකරෝ
එවං දස දිසාචෙච
සබ්බෙ බුද්ධා පතිට්ඨිතා

අච්චංතරායා සබ්බේ මෙ
සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා මයිහං
සබ්බීරියා පථෙසුච

යක්ඛාදිදේවතා හීච
රාජ චොරාරි අග්ගිහි
අමනුස්සේහි සබ්බේහි
තිරච්ඡානගතෙපිච

ජාතා උපද්දවා සබ්බේ
විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨෝ
සාරිපුත්තෝච දක්ඛිණෝ
වාමංසේ මොග්ගල්ලානො
පුරතොපිටකත්තයං

පච්චිමේ මම ආනන්දෝ
චතුස්දිසා ඛීණාසවා
සමන්තා ලෝක පාලාච
ඉන්ද්‍රදේවෝච බ්‍රාහ්මච

ඒතේසං ආනුභාවේන
සබ්බුපද්දවපද්දවා
අනේකා අන්තරායාපී
විනස්සන්තු අසේසතෝ

- මෙම පිරිත වතාවක් බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක නිරෝගී භාවය උදෙසා චුල්ල මහරහතන්වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. බුදුවරුන් 10ක් විවිධ දිශා අනුව සිටිමින් ඒ බුදුවරයන්වහන්සේලාගේ ආනුභාවයෙන් මේ බුද්ධ ශාසනයේ බුදුන්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ දකුණු අත මෙන් සැරියුත් මහරහතන්වහන්සේද, උන්වහස්නේගේ වමත මෙන් මුගල් මහරහතන් වහනසේද, ඉදිරියට ත්‍රිපිටකයද, පිටුපසින් ආනන්ද මහතෙරුන්ද, සතර දිශාවටම රහතන් වහන්සේලාද,  ලෝක පාලක ඉන්ද්‍ර දෙවියන් සහ මහා බ්‍රහ්මයාද යන සියලු උතුමන්ලාගේ ආනුභාවයෙන් සියලු දෝෂ, සියලු දුක, සියලු බය දුරුවී සහනය ලැබේවා  යන්න පතයි !

විශේෂ වශයෙන් නිවසේ, ගොඩනැගිල්ලේ පවතින අමනුෂ්‍ය දෝෂ, වාස්තු දෝෂ, හදි හූනියම්, කොඩිවින, ඇස්වහ කටවහ හෝවහ මෙන්ම සතුරු කරදර පවා දුරු කර සියලු යහපත උදා කරදෙන පිරිතකි !

ඔබත් සීලය, ප්‍රතිපත්තිය රැකගෙන නිසි ලෙස පිලිවෙතින් සිට පිරිත කියා ආශිර්වාද ලබාගන්න !

තෙරුවන් සරණයි !

#ඉරුසේවය #පිරිත් #බුදුදහම #ධර්මය #දහම

Saturday, February 20, 2016

කුජ මාරුව ලග්න 12ට - පෙබ.20 සිට

කුජ හෙවත් ග්‍රහ ලොව සෙන්පති, තුලා රාශියෙන් මිදී තමන්ගේ වාසස්ථානය වන වෘශ්චික රාශියට අද(පෙබ.20) පැමිණියේය. මාස 7ක් පමණ කාලයක් මෙම රාශියේ අඟහරු සිටිනු ඇත. රටට විශේෂ වශයෙන් කාලගුණික විපර්යාස සහ වෙනදාට වඩා ක්‍රියාශීලි වීමද පොදුවේ කිව හැක. විප්ලවකාරි ගුණ ඉස්මතු වන කාලයකි.

අඟහරු වෘශ්චික රාශියට බලවත්ය. එනම් ස්වක්ෂෙත්‍රය. වෘශ්චිකයේ සෙනසුරු/ශනි ග්‍රහයාද මේ අවස්ථාවේ තැන්පත්ව සිටි. මෙනිසා ශනි - මංගල යෝගයක් යෙදෙයි. මෙම යෝගයේ පලාපලයන් එක් එක් තැනට වෙනස් වුවද, පොදුවේ විවාහය, ආදර- ප්‍රේමය යනාදි කටයුතු වලදි යම් බාධක ගෙනදෙන යෝගයකි. ශනි දුකට අධිපති වන අතර, කුජ කාමයට අධිපති වීම පොදු හේතුවක් ලෙස කිව හැක.


ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
( පොදු පලාපලයක් පමණි, කේන්දරය අනුව වෙනස් විය හැක)

● මේෂ
ආයුෂස්ථානය වන 8 වැන්නට කුජ පැමිණේ.
මෙම කාලය පොදුවේ සුබ කාලයකි. වෙනදාට වඩා කඩිසරව වැඩ කල හැකි කාලයකි. පවුලේ සමගිය වෙනුවෙන් කැපවිය යුතු කාලයකි. මංගල කටයුතු වලට යම් බාධාවන් පෙන්වන නිසා එම කටයුතු වලදි ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධිමත්ව කටයුතු කරන්න.


● වෘෂභ
විවාහස්ථානය වන 7 වැන්නට කුජ පැමිණේ.
රුචක යෝග බලයද කේන්දරස්ථානයක පිහිටිමෙන් යෙදෙන බැවින් සුභ තත්වයක් අපේක්ෂිතය. අධ්‍යාපන කටයුතු වලට බොහෝ සුබයි. තරඟ වලින් ජයග්‍රහණ හිමිි වේ.
පවුලේ අය සමග කරන කටයුතු වලදි, ප්‍රේම සබදතා වලදි ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධියෙන් කටයුතු කරන්න.


● මිථුන
රෝගස්ථානය වන 6 වැන්නට කුජ පැමිණේ.
රෝගස්ථානය වුවද නරක ස්ථානයක පාප ග්‍රහයන් යෙදීමද සුබ තත්වයක් ලෙස කිව හැක. කරන කටයුතු විශේෂ වශයෙන් බුද්ධිමත් වුවොත් අන් අයගේ උදව් උපකාර විශේෂ වශයෙන් ලබාගත හැකි කාලයකි. සතුරු කරදරද යම් තරමකට හෝ යෙදීමද, සතුරන් පරාජය හෝ තම මතයට නම්මවා ගැනිමට හැකියාව ඇත.  ව්‍යාපාර කටයුතු දියුනු කරගැනිමේ වාසනාව පවති.


● කටක
විද්‍යාස්ථානය වන 5 වැන්නට කුජ පැමිණේ.
කුජගේ බලය, කටක ලග්න හිමියන්ට විශේෂයෙන් වැදගත් බැවින් සුබ කාලයකි. අධ්‍යාපන කටයුතු වලට වඩාත් යහපත් කාලයකි. ඔබගේ හැකියාවට නිසි පිලිගැනිම ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි. මෙම සුබ තත්වයන් සමග හදිසි අනතුරු වලින්ද ප්‍රවේශම් වන්න.


● සිංහ
දේපල, මව් ගැන කියවෙන 4 වැන්නට කුජ පැමිණේ.
රුචක යෝගයේ බලයද ඇතිවන නිසා සුභදායකයි. විශේෂ වශයෙන් භූමිය සම්බන්ධ වාසනාව ලැබෙන කාලයකි. දේපල වාසනාවද පවති. මැණික්, මිනිරන් ව්‍යාපාර කටයුතු වලට විශේෂයෙන් සුබයි.
පවුලේ සමගිය වෙනුවෙන් ඇප කැපවි කටයුතු කල යුතු කාලයකි. විශේෂ වශයෙන් අනවශ්‍ය ලෙස මත ගැටුම් ඇති නොකරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.


● කන්‍යා
වික්‍රමස්ථානය වන 3 වැන්නට කුජ පැමිණේ.
ගෝචරයෙ තිබෙන අපලදායක තත්වයන් දුරුවන්නට හේතුවන ග්‍රහමාරුවකි. රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබීම්ද, ව්‍යාපාර ආදියේ දියුණුවද අපේක්ෂිතයි. සමාජයේ හොඳ නම පැතිරෙන කාලයකි. දේශපාලකයන්ටද සුබයි. සිතට අභිමානය ලැබෙන කාලයක් නිසා, කරන කටයුතු නිසි ලෙස බුද්ධියට අනුව වැඩ කටයුතු කරන සුබ තත්වයන් වර්ධනය කරගන්න.


● තුලා
ධනස්ථානය වන 2 වැන්නට කුජ පැමිණේ.
ආර්ථික වාසි ලැබෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවද පවති. ඉතිරි කිරිමේ හැකියාව ලැබෙන කාලයකි. එම මුදල් නිසි ලෙස කළමනාකරණයටද යොමුවිය යුතු කාලයකි.
පවුලේ සමගිය, යුග දිවියේ සමගිය වෙනුවෙන් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.


● වෘශ්චික
ලග්නය වන 1 වැන්නට කුජ පැමිණේ.
 ලග්නාධිපති කුජගේ පැමිණීම රුචක යෝග බලය ගෙන දෙයි. සමාජ සේවා ධූරයන්, උපදේශන කටයුතු යනාදි වෘත්තින් කරන අයට විශේෂයෙන් සුබයි. ව්‍යාපාර කටයුතු වලටද සුබයි.
ගෙදර දොර ජිවිතය ගැන වැඩි අවධානයක් ලබාදිය යුතු කාලයි. සමගිය වෙනුවෙන් ඉවසිමෙන් කටයුතු කල යුතු කාලයකි.


● ධනු
වැයස්ථානය වන 12 වැන්නට කුජ පැමිණේ.
කුජගේ මේ පැමිණිම පොදුවේ අයහපත්ය. පවතින ඒරාෂ්ටක තත්වයද අනුව විශේෂ වශයෙන් ගිවිසුම් අත්සන් කිරීම් යනාදියෙදි පරිස්සම් විය යුතුයි. වංචාකාරින්ගෙන් ප්‍රවේසම් වන්න. සියලුම කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.
ජන්ම පත්‍රය පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා පරික්ෂා කරගෙන, ගතවන ගෝචරය, මහ දසා යනාදියේ අපල තත්වයන්ද පවති නම් නිසි ප්‍රතිකර්ම/පින්කම් කිරිම වඩා යහපත්.


● මකර
අයස්ථානය වන 11 වැන්නට කුජ පැමිණේ.
ඉතා ශුභ ග්‍රහ මාරුවකි. සිතට සැනසීම ලැබෙන කාලයකි. ආර්ථික වාසි සැලසේ. මෙතෙක් කල් කරගැනිමට නොහැකිව තිබුනු කටයුතු ආදිය සාර්ථක කරගැනිමේ වාසනාව පවතින කාලයකි. මනා බුද්ධියෙන් කරන කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙන කාලයකි.
හදිසි අනතුරු, ලෙඩ රෝග තත්වයන්ද අත්විය හැකි බැවින් අවධානමත් වන්න.



● කුම්භ
රැකියාස්ථානය වන 10 වැන්නට කුජ පැමිණේ.
ශුභදායකයි. නව රැකියා අවස්ථා ලැබෙන කාලයකි. රුචක යෝග බලයද සහිතව කුජගේ දිග් බලයද නිසා බොහෝ සුභපල අපේක්ෂිතයි. රැකියාවේ දියුණුවද ඇතිවිය හැක. කරන කටයුතු සාර්ථක වන කාලයකි. මේ සියලු සුබ තත්වයන් සමග ඔබට ඉරිසියා කරන යම් පාර්ශව වලින් බාධක ගෙන ඒමටද හේතු ඇතිවිය හැක, ඒ තත්වයන් බුද්ධියෙන් කළමනාකරණය කරගන්න.


● මීන
පුණ්‍යස්ථානය වන 9 වැන්නට කුජ පැමිණේ.
ශුභයි. සිතට සතුට, සැනසීම ඇතිවන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතයට සුබයි. එසේම විවාහ කටයුතු වලටද සුභ කාලයකි. ප්‍රේම සබදතාවයන් ස්ථිර වීමද වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබීමද මේ කාලයේ සිදුවන්නට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වයේ අජීර්ණ තත්වයන් වලින් ප්‍රවේසම් වන්න.


#ඉරු #කුජමාරුව #කුජ #අඟහරු

කුජ 7
https://www.youtube.com/watch?v=E-0XeyUYX4Y

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

Friday, February 19, 2016

“ පත්තිනි දේව මෑණියන් “



ස්වකීය පතිවෘතතාවයේ බලයෙන් බොහෝ හාස්කම් පෑ මෙතුමිය විශේෂ වශයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ගැහැණු දරුවන් රකින දේවතාවියක් ලෙසයි.

එය සත්‍යයක් වන අතර, මෙතුමියගේ පිහිටාරක්ෂාව සෑමදෙනාටම ලබාගැනීමට හැකියාව ඇත.

මතු බුද්ධත්වය පතන මෙතුමියගේ බුදු වන ආත්ම භවයෙදි, එනම් එම ශාසනයෙදි විශේෂ වශයෙන් ලොව ප්‍රසිද්ධ එක් ආගමක බොහෝමයක් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ඇති කරගනී.
ලංකාවේද වෙනත් නම් වලින් ඇති දේවස්ථාන වලද සැබෑවට වන්දනාව කරන්නේ මෙම දේව මෑණියන්ටය.

නාග පත්තිනි, මල් පත්තිනි යනාදි ලෙස දේව මෑණිවරුන්ගෙන් පත්තිනි මණ්ඩලය සමන්විත වෙයි.

- සීලය රැකගෙන, ප්‍රතිපත්තිය මත ජිවත්වන අතර කරන කුසලකර්ම පත්තිනි දේව මෑණියන්ට, පත්තිනි දේව මණ්ඩලයට අනුමෝදන් කරන්න.

ඔබටද ආශිර්වාද ලබාගත හැක !

#ඉරුසේවය

Tuesday, February 16, 2016

දරුසම්පත් ජීවිතයෙන් ඈත් කරන යෝග ගැන දන්නවාද ?

විවාහ දිවියට එළඹෙන සියලුම දෙනාගේ ඊලග බලාපොරොත්තුව වනුයේ, දරු සුරතල් බැලීමයි.

නමුත් අද කාලයේ තරුණ-තරුණියන්ගේ ජන්ම පත්‍ර බැලූකල, කේන්දරයේ ඇති ග්‍රහ පිහිටිම් දරු සම්පත් වලට ප්‍රබල බාධාවක් බව පෙනෙන්ට තිබේ.

සාමාන්‍ය ලෙස අප ජ්‍යොතිෂ්‍යයේදී 5 වැන්න පුත්‍රස්ථානය ලෙස හඳුන්වමු.
* එසේ නම් යහපත් පින්වත් දූ කුමාරියක් හෝ පුත් කුමරෙක් ලැබීමට,

• කේන්දරයේ 5 වැන්නේ සිටින ග්‍රහයා,
• 5 වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ඨි,
• 5 වැන්නාධිපතියා ලැබෙන ස්ථානයේ බල තත්වය,
• 5 වැන්නාධිපතියා උපතේදි නවාංශකයේ සිටින ආකාරය,
• විවාහ වී දරු සම්පත් බලාපොරොත්තු වෙන අවස්ථාවේදී, එම කාලයේදි ඔබ ගත කරන, මහ දසා, අතුරු දසා, විදසා සහ
• ග්‍රහ ගෝචරය
පොදුවේ මේවාට බෙහෙවින්ම බලපෑමක් ඇති කරන බව පෙනීයයි.

● එසේම යම්කිසි කෙනෙකුගේ 5 වැන්නේ කුජ/අඟහරු සිටිම දරුඵල වලට හානිකර බව ජ්‍යොතිෂ්‍යෙය් දැක්වේ.

● එසේම පුත්‍රකාරක ගුරු/බ්‍රහස්පතී ග්‍රහයා දුර්වල වීම එම තත්වය තීව්ර කරයි.
විශේෂයෙන්ම එවන් තත්වක් තිබියදී, පලමුව පිරිමි දරුවෙක් උප්පත්තිය ලැබීමේදි එම පවුලට සෑහෙන කරදර බාධක ඇතිවෙයි.
එසේම එවිට අප එම යුවලට උපදෙස් දෙනුයේ, ප්‍රථමයෙන් ගැහැණු දරුවෙක් ලබාගැනීමට ඇති ජ්‍යොතිෂ්‍යය පදනම ගැන දැනුවත් කිරීමෙනි.
එසේම ඉහත කේන්දරය මැනවින් පරික්ෂා කිරිමේදි පෙනී යන කරුණු රාශියක්ම වෙයි.
ඒ ගැන මා මේ කරන විග්‍රහයට මනාව අවධානය යොමු කරන්න.

● මෙම කේන්දරයේ 5 වැන්න වූ පුත්‍රස්ථානයේ ශනි-රාහුගේ පිහිටිම නිසා, එම ස්ථානය පාප බලයන්ගෙන් සන්නද්ධව ඇත.

● තිර රාශියක් වන වෘශ්චික රාශියට 9 වැන්න බාධක ස්ථාන යයි.
එම බාධක ග්‍රහයා, වන සදුගෙන් සහ කේතුගෙන් පාප දෘෂ්ඨි එල්ල වීම නිසා 5 වැන්න පීඩාවී ඇත.

● එසේම පුත්‍රකාරක වන ගුරු ග්‍රහයා, කේතු හිමි මා නැකතේ වීමද 5 වැන්නේ සිටින සෙනසුරු සහ රාහු මෙම කේන්දරයට අනුව 22වන දෙර්කාණාධිපතියා මෙන්ම අෂ්ඨමාධාපති බුදහුගේ නක්ෂත්‍රයක පිහිටිමත් සෙනසුරු ග්‍රහයා සදුගෙන් 8 වැන්නාධිපතියා වීමද ප්‍රබල දෝෂ තත්වයකි.
( ග්‍රහ පිහිටිම පමණක් දැනුවත් කර ඇත්තේ, තේරුම් ගැනීමේ පහසුවටය. සූක්ෂමව බැලිය යුත්තකි.)
එවිට අපිට පෙනී යන්නේ, මෙවැනි පාප පීඩිත හඳහනකින් දරුඵල බලාපොරොත්තු වීම ඉතාම දුෂ්කර දෙයක් බවයි.

* මෙම දෝෂ භංග වීමට නම් වාසනාවන්ත හඳහනක් ඇති අයෙක් සමග විවාහ වීම කල යුතුය.
* එසේම අද කාලයේ විවාහ නැකැත් පන්තිය, මනාව වැඩකටයුතු කරන ජ්‍යොතිෂ්‍යය වේදියෙක් ලවා ඉටු කරවා ගැනීමට කටයුතු කල යුතුය.

- එම තත්වයන් නිසාද මෙම දරුඵල සම්බන්ධවත්, විවාහ ජිවිතයේ චිරස්ථිතිය සහ දියුණුව සම්බන්ධවත් ගැටළු පැන නොනගින්නට විවාහ ජිවිතය ගත කරන දෙදෙනාම කටයුතු කල යුතුය.
එසේ නම් බුද්ධිමත් ඔබලා මේ සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි. එසේම ඉදිරියේදි මේ ගැන කටයුතු වලදි තීරණ ගනු ඇතැයි අපගේ විශ්වාසයයි.

- මේ ගැන තව දැනුම ගැනීමට අපගේ “රට-ජාතිය“ ගැන ඇල්බමය බලන්න.

‪#‎ඉරුසේවය‬ Iru Astrology

‪#‎විවාහය‬ ‪#‎දරුවන්‬ ‪#‎ජිවිතය‬ ‪#‎දරුසම්පත්‬ ‪#‎ලංකාව‬

* කේන්දරයේ සම්පූර්ණ විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com
0711 345 364