Saturday, June 24, 2017

ග්‍රහ ගෝචරය යනු කුමක්ද ?

ග්‍රහ ගෝචරය කියන්නෙ මොකක්ද ?

ග්‍රහයෙක් එක රාශියක් තුල ගමන් කිරීමට ගත වන කාලය ග්‍රහ ගෝචරය  වෙනව.
එක ග්‍රහයෙක්ගෙන් තවත් ග්‍රහයෙක්ට ගෝචරය වෙන්න යන කාලයන් වෙනස්.

● සඳු/ චන්ද්‍රයා ග්‍රහයා තමයි ගෝචර වීමෙදි අඩුම කාලයක් ගත වන ග්‍රහයා.
සඳුට ගෝචරයට ගත වෙන්නෙ දින 2 හමාරක් වගේ කාලයක්.

● රවි ග්‍රහයා ගෝචර වෙන්න මාස 01 පමණ කාලයක්.

● බුධ, කුජ/ අඟහරු, සිකුරු/ ශුක්‍ර ග්‍රහයන්ට සාමාන්‍ය විදියට ගෝචර වෙන්න මාස 01 හමාරක්  පමණ කාලයක් ගත වෙනව.

● ගුරු/ බ්‍රහස්පතී ග්‍රහයාගේ ගෝචරයට ගත වෙනවා අවුරුදු 01ක් ගත වෙනව.

● රාහු - කේතු කියන ඡායා ග්‍රහයන්ට ගෝචරයට අවු 01 හමාරක කාලයක් ගත වෙනවා.

● ශනි/ සෙනසුරුට ගෝචරයට සාමාන්‍ය විදියට අවුරුදු 02 හමාරක් ගත වෙනවා.
ශනි තමයි වැඩිම කාලයක් ගත කරන්නෙ.


* ගෝචර ගමන තමයි අපි කේන්දර වල පලාපල කථනයෙදි උපයෝගි කරගන්නෙ..

Wednesday, June 21, 2017

සෙනසුරු වක්‍ර වීම ලග්නෙට කොහොමද ?

පසුගිය ජනවාරි 26 වනදා සෙනසුරු ග්‍රහයා ධනු රාශි ගත විය. එසේ ධනු රාශි ගත වීමට පෙර සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේය.
ඉන්පසුව සෙනසුරු ජුනි අද(21) වක්‍ර වෙයි. ඔක්තෝබර් 26 නැවත ධනු රාශියට පැමිණෙයි. මෙම කාලය විශේෂයෙන් වක්‍ර වීම ඇරඹුනු කාලයේ සිට රටට තරමක හෝ විපත් ගෙන දෙන කාලයකි. මේ කාලයේ ඉවසීමෙන් සහ බුද්ධියෙන් තම කටයුතු කරගත යුතුය. ස්වභාවික ආපදා යනාදියෙන් ආරක්ෂා විය යුතුය. දේශපාලකයන් විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.

-
● මේෂ
සෙනසුරු 9 සිට නැවත 8 වැන්නට පැමිණියේය. ඒ අනුව මාස 3කට අෂ්ටම ඒරාෂ්ටකයක් පවති.
මේ කාලයේ මුදල් හානි, කටයුතු අඩපණ වීම් සහ දුක් කරදර යනාදිය ඇති වීමට හේතුයි.
පවුල් ජිවිතයේ සිත් අමනාපකම් යනාදිය ඇතිවිය හැකි බැවින් බුද්ධිමත් වන්න.

-
● වෘෂභ
සෙනසුරු 8 සිට නැවත 7 වැන්නට පැමිණියේය. ඒ අනුව මාස 3කට අෂ්ටම ඒරාෂ්ටකයේ අසුභ ප්‍රතිඵල මර්දනය වෙයි.
අධික ලෙස මහන්සි වීමට සිදු වෙයි. අධිකව වෙහෙස වන මාස කීපයක් විය හැක. රැකියා කටයුතු වලදි ඉදිරයට යාමේදි බාධා, අපහසුතා ඇති විය හැක.
ගෘහ ජිවිතයෙදි පවුලේ සමගිය තරමක් අඩු විය හැක.

-
● මිථුන
සෙනසුරු 7 සිට නැවත 6 වැන්නට පැමිණියේය.
තරමක අසුභ ඵල අපේක්ෂා කල හැකි කාලයකි. සිත් පීඩා, ලෙඩ රෝග යනාදිය ඇති වීමට ඉඩ ඇති කාලයකි. සේවකයින්ගේ ක්‍රියාකලාපය නිසා සිත් පීඩා ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල පිය පාර්ශවය බාප්පලා - මාමලාගෙන් තිබෙන හොද ප්‍රතිඵල තරමක් අඩු විය හැක.

-
● කටක
සෙනසුරු 6 සිට නැවත 5 වැන්නට පැමිණියේය.
රැකියාවේ ඉදිරියට යාමේදී ගැටළු ඇති විය හැක. තරමක මුළුගැන්වීමක්ද පෙන්වයි. මුදල් අතින් පාඩු වීමට ඉඩ ඇත. වැටුප් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සාමාන්‍ය ලෙස වෙනදා තිබුනු කරදරකාරි ගති අඩු වී, නෑදෑයින්ගේ උදව් උපකාර ලැබීමට හැකියාව තිබේ.

-
● සිංහ
සෙනසුරු 5 සිට නැවත 4 වැන්නට පැමිණියේය.
සාමාන්‍ය ලෙස මුදල් අතින් කරදර - පාඩු වීමට ඉඩ ඇත. හිඟ පාඩු, ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. සිත් පීඩා ඇති වීමට ඉඩ ඇත.
රැකියාවේ කටයුතු වලදී යටත් පිරිසෙන් සිත් පීඩා ඇති විය හැක.
ගෘහ ජිවිතය තුල පෙර තිබුනු සුබ තත්වයන් අඩු වී මානසික පීඩනය වැඩි වීමට ඉඩ ඇත. පවුලේ සමගියට තරමක බාධා ඇති විය හැක.

-
● කන්‍යා
සෙනසුරු 4 සිට නැවත 3 වැන්නට පැමිණියේය. තරමක් හොදයි.
ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකියාව ඇත.
රැකියාවේ තිබු බාධා තත්වයන් ඉවත්ව ඉදිරියට යාමේ හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල සහෝදරයින් අතර ගැටුම් ඇති විමටද ඉඩ ඇත. නිවසක් සාදා ගැනීමේ උවමනාව තිබේ නම් ඒ කටයුතු වලට සුබයි.



-
● තුලා
සෙනසුරු 3 සිට නැවත 2 වැන්නට පැමිණියේය.
ඒ අනුව නැවත ලග්න ඒරාෂ්ටක අපලය මාස 3කට ක්‍රියාත්මක වෙයි.
මුදල් අතින් තරමක හානි වීමට ඉඩ ඇත. මානසික පීඩා - සිත් පීඩා යනාදිය ඇති වීමට ඉඩ ඇත. වචනය ආවේගශීලි විය හැක. රැකියාවේ කටයුතු වලදි ඉදිරියට යාමට බාධා ඇති විය හැක.

-
● වෘශ්චික
සෙනසුරු 2 සිට නැවත 1 වැන්නට පැමිණියේය.
ලග්න ඒරාෂ්ටක අපලය ප්‍රබල ලෙස මාස 3ක් ක්‍රියාත්මක වෙයි.
කරන ව්‍යාපාර කටයුතු වලට තරමක් දුරට හෝ හානි විය හැක(මුදල් හෝ ශ්‍රමය). ආදායම් මාර්ග හිර වීමට ඉඩ ඇත.
රැකියාවේ කටයුතු වලදී කලබලකාරි ගති වැඩි වීමෙන් ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් - සහෝදරයින් - භාර්යාව/සැමියා සමග ප්‍රශ්න ඇති වන්නේ ඔබ දුර දිග නොසිතා කටයුතු කිරීමෙනි.

-
● ධනු
සෙනසුරු 1 සිට නැවත 12 වැන්නට පැමිණියේය.
ඒ අනුව ලග්න ඒරාෂ්ටක අපලය ප්‍රබලව තවත් මාස 3කට පවති.
තැන්පත් ධනය වැය වීමට, හිඟතාවයක් ඇති වීමට හේතු ඇත.
රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට යොමු වීමට තිබුනු අවස්ථාවන් ගිලිහි යාමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සමීප ඥාතින් සමග සිත් අමනාපකම් ඇති විය හැක.

-
● මකර
සෙනසුරු 12 සිට නැවත 11 වැන්නට පැමිණියේය.
ඒ අනුව ලග්න ඒරාෂ්ටක අපලය මාස 3කට ඉවත් වේ.
මෙය තරමක් හොදයි. කරන වැඩ කටයුතු වල ප්‍රගතියක් තිබෙයි. ආයතන ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබෙයි. ආදායම් තත්වය වර්ධනය විය හැක. සිතේ තිබෙන කරුණු කාරණා ඉෂ්ට කර ගැනීමේ හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල සහෝදර - ඥාතින් සමග විවාහ සහකරු/සහකාරිය සමග පෙර තිබුනු සිත් අමනාපකම් ඇත් හැර සමගියෙන් කටයුතු කල හැකි කාලයකි.


-
● කුම්භ
සෙනසුරු 11 සිට නැවත 10 වැන්නට පැමිණියේය.
මුදල් ලැබීම් අතින් හිඟ පාඩු සිදු වීමට ඉඩ ඇත. රැකියාවේ තරමක් වෙහෙසකාරි ගති වැඩි විය හැක. දුර පලාත් වලට මාරු වීම් හෝ රැකියා ස්ථානය වෙනස් වීම් වීමට ඉඩ ඇත. කාර්යබහුල බල වැඩි වේ.
ගෘහ ජිවිතය තුල තරමක කලබලකාරි ගති වැඩි වී සිත් අමනාපකම් ඇති වීමට ඉඩ ඇත.
මේ අනුව කකුල් ආශ්‍රිත රෝගාබාධ ඇති විමට ඉඩ ඇත.

-
● මීන
සෙනසුරු 10 සිට නැවත 9 වැන්නට පැමිණියේය.
මෙය යහපත්ය.
තම අභිමථාර්ථ සපුරා ගැනීමේ හැකියාව ඇත. ඊට අවස්ථාවන් උදා වෙයි.
රැකියා ස්ථානයේ කැපී පෙනෙන කෙනෙක් වෙයි. 
මංගල යෝග උදා වෙයි. ගෘහ ජිවිතයෙදි දෙමාපියන්ගේ ආශිර්වාද ලැබෙයි. කීකරුව සිටිමේ හැකියාව ඇත.


-

සෙනසුරු මාරුවේ අහිතකර විපාක දුරු වීම යහපත පිණිස මෙය කරන්න.

නිල් හෝ දම්  මල් වට්ටි 01, පහන් 01, හඳුන් කූරු 09, පැන් වීදුරු 01.
වෙලාව - රාත්‍රි 8.30-9.15 අතර
බදාදා සහ සෙනසුරාදා දින වල කරන්න.
පහන් දැල්ලේ දිශාව - බටහිර

(ප්‍රාර්ථනය)
මෙම පූජාව ශ්‍රි විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් සතර බුදුවරයන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා !
මේ කුසල් බෙලෙන් අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරු වී යහපත උදා වේවා !

-

irusewaya@gmail.com
 077 2238041

Sunday, June 18, 2017

සතියේ ලග්න පලාපලය - ජුනි 19 -25

පොදු පලාපලයක් පමණි.

-
● මේෂ
පෙර තිබුනු යහපත් තත්වයන් තරමක් පහව ගොස් තරමක අයහපත් කාලයක් වෙයි.
ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්විය හැක.
රැකියාවේ වෙනසකට හෝ ස්ථාන මාරුවකට ඉඩ ඇත.
ගෘහ ජිවිතයෙදි තම පවුල සමග කටයුතු කරන විට තරමක ආවේගශීලි ගති පැවතුම් ඇතිවිය හැක. දෙමාපියන් සමග ආරවුල් යනාදිය ඇති විය හැක.

-
● වෘෂභ
ආර්ථික වශයෙන් තරමක් සුභ ඵල ගෙන දෙන කාලයකි. නමුත් ආදායමට වඩා වියදම වැඩි වීමට හේතු විය හැක.
රැකියාවේ කටයුතු වලටද බාධාකාරි තත්වයන් මතුවිය හැකි වුවද, එහෙත් ප්‍රධානින් සමග ගැවසීමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය සාමාකාමිව ගත කල හැක. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.

-
● මිථුන
ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් විය හැක. ආර්ථිකය සකසා ගැනීමට නව පියවරක් ගැනීමට සිදු වෙයි. රැකියාව කාර්යබහුල වෙයි. මිතුරන්ගෙන් උපකාර ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ අවවාද උපදෙස් මතම ක්‍රියා කිරීමට සිදුවිය හැක, පෙර තිබුනු බාධාකාරි තත්වයන් ඉවත් වනු ඇත.


-
● කටක
ආදායම් තත්වය වර්ධනය වෙයි. ණය ලැබෙයි. සුභ ඵල ගෙන දෙන කාලයකි.
රැකියාවේ තරමක් කාර්යබහුල වුවද උසස් වීම්, තරග විභාග ආදියට යොමු වීමට ඉඩ ප්‍රස්ථා ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. තමන්ගේ කටයුතු අතපසු විය හැක.

-
● සිංහ
ආර්ථික වශයෙන් තරමක් සුභ ඵල ගෙන දෙන කාලයකි. පෙර තිබුනු බාධාවන් ඉවත් වෙයි. ණය ගැනීමට සිදු වෙයි.
රැකියාවේ බාධාකාරි සිදුවිම් විය හැක, එහෙත් තමන්ගේ බුද්ධියෙන් කටයුතු කිරීමෙන් ඒ තත්වයන් වලක්වා ගත හැක.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. දෙමාපියන්ගේ අවවාද උපදෙස් පිලි ගැනීමට සිදු වෙයි. මංගල යෝග උදා වෙයි.

-
● කන්‍යා
ආදායම් තත්වය වර්ධනයට නව පියවරක් ගැනීමට සිදුවනු ඇත. ආදායම් තත්වය වර්ධනය වනු ඇත. නව ව්‍යාපාර ඇරඹීමෙදි කල්පනාකාරි විය හැක.
රැකියාවෙදි දුර ගමන් යෙදෙනු ඇත. රැකියා ස්ථානයෙදි කාර්යබහුල සහ වෙහෙසකාරි ගති ඇති වනු ඇත.
ගෘහ ජිවිතය තුල සුභ ඵලයි. පවුලේ සමගිය වර්ධනය වෙයි. තමන්ගේ ක්‍රියාවන් නිසා අසල්වාසින්ගෙන් පැසසුම් ලැබේ.

-
● තුලා
සුභ ඵලයි. ආර්ථික වශයෙන් දියුණුවක් ලැබෙනු ඇත. නව ආදායම් මාර්ග උදා වෙයි. බාධා ඉවත් වේ.
රැකියාවේ කටයුතු වලදී ප්‍රධානින්ගේ පැසසුම්ද, මිතුරන්ගෙන් උපකාරද ලැබේ.
ගෘහ ජිවිතය තුලදී දෙමාපියන්ගේ අවවාද ලැබේ. අසල්වාසින්ගේ කටයුතු වලදි සුහදතාවයන් වර්ධනය කරගත හැක.

-
● වෘශ්චික
ආර්ථික වශයෙන් තරමක් සුභඵලයි. පෙර තිබුනු බාධාකාරි තත්වයන් ඉවත් වනු ඇත. තැන්පත් ධනය තරමක් ස්ථාවර වෙයි.
රැකියාවෙදි ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක් වෙයි. ආයතනය තුල කැපවීමෙන් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රබෝධයෙන් කටයුතු කරනු ඇත.
ගෘහ ජිවිතයෙදි දෙමාපියන් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. දෙමාපියන්ගේ උපදෙස් ලැබේ.


-
● ධනු
මෙතෙක් තිබුනු සුභදායක තත්වයන් අඩු විය හැක. වියදම අධික විය හැක. ණය ගැනීමට පවා සිදු විය හැක. ආදායම් මාර්ග ඇහිරෙන තත්වයක් පෙන්වයි.
රැකියාවේ කටයුතු වලදි නව අවස්ථා, නව රැකියා උදා වෙයි. රැකියාවේ වෙනසක් හෝ උසස් වීමකට හේතු තිබේ.
ගෘහ ජිවිතය තුල පෙර තිබුනු සහනදායි තත්වයන් ඉවත්ව කාර්යබහුල වේ. දරුවන්ගේ කටයුතු වලදී තරමක් කල්පනාකාරි විය යුත්තේ ප්‍රශ්න ඇතිවිය හැකි නිසාය.

-
● මකර
පෙර තිබුනු වෙහෙසකාරි ගති නිමාවන සතියකි. තරමක් සුභ ඵල ගෙන දෙයි.
ආර්ථික වශයෙන් වැඩි වාසි අත්වීමට ඉඩ ඇත.
රැකියාවෙදි පෙර තිබුනු ගැටළු - බාධා තරමක් හෝ අඩුවනු ඇත. සිතට සහනයක් උදා වෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි.
ගෘහ ජිවිතය තුල තරමක ගැටළු තිබුනද පවුලේ අය වෙනදාට වඩා සමීප වෙයි.

-
● කුම්භ
ආර්ථික වශයෙන් යහපත්ය. ආදායම් මාර්ග උදා වෙයි. ආර්ථික ගැටළු විසදෙනු ඇත.
රැකියාවෙදි තමන්ට වාසිදායක සිදුවීම් සිදුවිය හැක. කල්පනාවෙන් වැඩ කිරිම තුලින් අදාල ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල මිතුරන් සමග ඇසුර වැඩි වේ. පවුලේ සමගිය වර්ධනය වෙයි. අඹුසැමියන්ගේ ප්‍රේමය දළුලන කාලයකි.

-
● මීන
ආදායම් තත්වය වර්ධනය වනු ඇත. නව ආදායම් මාර්ග උදා වීමේ වාසනාව පවති. පෙර තිබුනු බාධාකාරි තත්වයන් ඉවත්වනු ඇත.
රැකියාවේ කටයුතු වලදී ප්‍රශ්න - ගැටළු විසදෙයි. මිතුරන්ගේ උපකාර ලැබේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. ප්‍රේම සබදතා වර්ධනය වේ. පවුලේ සමගිය දියුණු වේ.

-


Facebook ඉරු සේවය

irusewaya@gmail.com
077 2238041

-

Friday, June 16, 2017

චූල ජිනපඤ්ඤර යන්ත්‍රය

මෙම යන්ත්‍රය විශේෂයෙන් පලදින්නේ විවාහ දෝෂ දුරු කිරීමටය.

විවාහයේ පවතින දෝෂ තත්වයන් දුරු කොට, විවාහ ජිවිතයේ සමගිය, සාමදානය සුරැකීමට මෙම යන්ත්‍රය හේතුකාරක වෙයි. විවාහ ජිවිතයේ දියුණුව, මනා අවබෝධයටද රුකුල් දෙයි.

මෙම යන්ත්‍රය පැලදීමට නිර්දේශ කරනු ලබන්නේ මනා කේන්දර පරික්ෂාවකින් අනතුරුවය. එසේ කර යන්ත්‍රය සිදු කරන්නේ නම්, පැවැත්ම සහිත සීලවන්ත - ගුණවන්ත මහතෙකු විසින් යන්ත්‍රය කල යුතුය.

කේන්දරයට අනුව ජප සංඛ්‍යාව තීරණය කල යුතුය. එසේම අදාල වත් පිලිවෙත් යනාදි සියලු කටයුතු සූක්ෂමව කේන්දරයට ගැලපෙන පරිදි කල යුතුය. නිසි පරිදි කේන්දර නැකැත් සාදා කටයුතු ඇරඹිය යුතුය. 





Tuesday, June 13, 2017

සිකුරු මාරුව (මැයි 31 - ජුනි 29)

ග්‍රහ ලොව හැඩකාර තරුණිය වන සිකුරු/ශුක්‍ර ග්‍රහයා මැයි 31 වනදා තම උච්ච රාශිය වූ මීනයෙන් මිදී මේෂ රාශියට පැමිණියේය.
ලංකා කේන්දරයේ 9 වැන්නාධිපති වන සිකුරු, 9 වැන්න දැකීම තුල විදේශ ආධාර, විදේශීය සහන යනාදිය ලැබීමට වාසනාව පවති. තරමක හෝ සහනදායි කාලයක් රටටම ඇතිවනු ඇත.


ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
- කේන්දරය අනුව වෙනස් විය හැක.


-

● මේෂ
1 වැන්නට සිකුරු පැමිණියේය.
මුදල් ලැබේ, බාහිර දේවල් වලට වෙනදාට වඩා සිත යොමු වන කාලයකි. එනිසා වියදමද අධික වන්නට පුලුවන්.
පවුලේ සමගිය - සමාදානය ඇති වන කාලයකි.


-

● වෘෂභ
12 වැන්නට සිකුරු පැමිණියේය.
තරමක පීඩා සහිත කාලයක් විය හැක. නඩුහබ යනාදියට පැටලීමේ අවදානමක් පවති.
කරන ව්‍යාපාර සහ ආදායම් මාර්ග කඩා වැටීම් වලටද හේතු පවති.
රැකියාවේදි අධිකව වෙහෙසීමට සිදුවිය හැක.

-


● මිථුන
11 වැන්නට සිකුරු පැමිණියේය.
ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ඇති කාලයකි.
වෙනදාට වඩා ප්‍රියමනාපව, අලංකාරයට සිටිමට කටයුතු කරන කාලයකි.
වාහන, ඉඩම් - ගෙවල් මිලදී ගැනීම් වලටද සුබ කාලයකි.

-

● කටක
10 වැන්නට සිකුරු පැමිණියේය.
රැකියාවෙන් උසස් වීම්, ප්‍රශංසා ලැබෙන්නට වාසනාව ඇති සුබ කාලයකි.
ගෘහ ජිවිතය විනෝදයෙන් - සතුටින් ගත කිරීමට වාසනාව පවති.

-


● සිංහ
9 වැන්නට සිකුරු පැමිණියේය.
ආදායම් තත්වය වර්ධනය වෙයි. නව රැකියා ලැබීමේ වාසනාව පවති. රැකියාවේ උසස්වීම්ද තිබෙයි.
ගෘහ ජිවිතය තුල සමගිය බලපවත්වයි.

-


● කන්‍යා
8 වැන්නට සිකුරු පැමිණියේය.
ආර්ථික තත්වය තරමක් හෝ පසුබෑමට ඉඩ තිබෙයි.
රැකියාවේ වෙහෙසකාරි බව වැඩි වීමට ඉඩ පවති.
ගෘහ ජිවිතයේ සුළු අමනාපකම් ඇති වීමටත්, මංගල යෝග අවස්ථා කල් යෑමටත් ඉඩ ඇත.

-

● තුලා
7 වැන්නට සිකුරු පැමිණියේය.
ආදායම් මාර්ග ඉහලට ගැනීමේ වාසනාව පවති.
රැකියාවේ කාර්යබහුල බව වැඩි විය හැක.
ආදර සබදතා වර්ධනය වේ.


-
● වෘශ්චික
6 වැන්නට සිකුරු පැමිණියේය.
ආදායම් තත්වය තරමක් පසුබහින්නට පුලුවන්.
රැකියාවේ බාධාකාරි සිදුවීම් වීමට ඉඩ ඇත.
ප්‍රේම සබදතා වල සුළු ගැටළු ඇති විමට ඉඩ ඇත.

-

● ධනු
5 වැන්නට සිකුරු පැමිණියේය.
නව ආදායම් මාර්ග උදා කර ගැනීමට, යොමු වීමට අවස්ථා තිබේ.
රැකියාවේ ප්‍රධානින් සමග ගැවසීමට අවස්ථාවන් උදා වේ.
ගෘහ ජිවිතයට මංගල යෝග අවස්ථා සහ ඒ සම්බන්ධ කටයුතු  උදා විය හැක.


-

● මකර
4 වැන්නට සිකුරු පැමිණියේය.
ලැබීම් තත්වය වර්ධනය වෙයි. ගේ දොර - යාන වාහන සම්බන්ධ කටයුතු වලට සුබයි. වියදම්ද තරමක වැඩි වීමට ඉඩ ඇත.
රැකියාව කාර්යබහුල වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සිත් අමනාපකම් තරමකට ඇති වීමට ඉඩ ඇත.

-


● කුම්භ
3 වැන්නට සිකුරු පැමිණියේය.
ගේ දොර නිවාස , දේපල මිලදී ගැනීම් ආදියට සිතා සිටින්නේ නම් ඒවාට අවස්ථාවන් උදා වනු ඇත.
වෙන දේ වලට සිත යොමු වී රැකියාවේ කටයුතු වලට තරමක හෝ බාධා, අතපසුවීම් විය හැක.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය වේ.

-

● මීන
2 වැන්නට සිකුරු පැමිණියේය.
වියදම් අධික වන්නට ඉඩ ඇත්තේ, ඕන දේ සහ එපා දේ යන සියල්ලට වියදම් කිරිමට සිත් වීම නිසාය.
වෙනදාට වඩා ලස්සනට, ප්‍රියමනාපව ඉන්නට කටයුතු කරයි.
රැකියාවේ පෙර තිබුනු බාධා තත්වයන් දුරු වෙයි.


-

Monday, June 12, 2017

සතියේ ලග්න පලාපලය - ජුනි 12-18

-
පොදු පලාපලයක් පමණි !
කේන්දර සටහන අනුව වෙනස් විය හැක.


-
● මේෂ
ආර්ථික වාසි සැලසෙන සතියකි. ව්‍යාපාර සැලසුම් කිරීමට යහපත් කාලයකි.
රැකියාවේ පරමාර්ථ කරා ලගා වීමට සුබ සතියකි. තරග විභාග වලට මූණදීමටත් ජය ගැනීම් ආදියටත් සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ අවවාද ලැබේ. දෙමාපියන්ට වැඩිපුර උපකාර කිරීමට අවස්ථාවන් උදා වෙයි.


-
● වෘෂභ
ආර්ථික තත්වය පවත්වාගෙන යාමේදී බාධා ඇති විය හැක. කල්පනාකාරි වන්න. සතුරු කරදරද ඇති වීමට ඉඩ ඇත.
රැකියාවෙදි දුර ගමන් යෙදිය හැක. වෙනදාට වඩා නිදහස අඩු විය හැක.
ගෘහ ජිවිතය තුලද දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත. දෙමාපියන්ගේ දෝෂාරෝපණයට ලක්විය හැකි බැවින් අවධානමත් වන්න.


-
● මිථුන
නව ආදායම් මාර්ග උදා වෙයි. තිබු ආදායම් මාර්ග වලට පෙර තිබුනු බාධාකාරි තත්වයන් අඩු වෙයි. නව ව්‍යාපාර ඇරඹීමට සුබයි.
රැකියාවෙදි තම ඉලක්ක සපුරා ගැනීමට ඉඩ ලැබෙනු ඇත. බුද්ධියෙන් කටයුතු කල හැක. කැපී පෙනෙන කාලයකි.
ගෘහ ජිවිතය තුල තම පවුල සමග වැදගත් තීරණ වලට එළඹීමට ඉඩ ප්‍රස්ථා ලැබෙනු ඇත.


-
● කටක
ආදායම් මාර්ග වලදී අන් අයගේ උදව් උපකාර ලැබෙනු ඇත. බාධාකාරි තත්වයන් දුරු වී කාලය යහපත් වෙයි. රැකියාවෙදි මිතුරන්ගේ ඇසුර වැඩි වෙයි. එය සුළු බාධා ගෙන දීමට ඉඩ ඇත. ප්‍රධානින් සමග ගැවසීමට අවස්ථා ලැබෙයි.
ගෘහ ජිවිතය තුල සහෝදරයින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. දෙමාපියන්ගේ අවවාද උපදෙස් ලැබෙනු ඇත.

-
● සිංහ
පෙර තිබුනු බාධා අඩු වෙයි. නව ආදායම් සැලසුම් කිරීමට සුබ කාලයකි. ධනවත් අය මිතුරු වන හෝ ඇසුරට ලක්වන කාලයකි.
රැකියාවේදී උසස් වීම්, තරග විභාග ආදියට ඉල්ලුම් කිරිමට අවස්ථාවන් උදා වේ. රැකියාව වෙනස් වීමට හෝ රැකියාවේ ස්ථානය මාරු වීමටද ඉඩ තිබේ.
ගෘහ ජිවිතය තුල පීඩාකාරි සිදුවීම් විය හැක, වෙනදාට වඩා වෙහෙසකාරි කාලයක් වෙයි. ආගම දහමට අනුව කටයුතු කිරීමට පෙළඹෙයි.

-
● කන්‍යා
ආර්ථික වාසි සැලසුනද ආදායමට වඩා වියදම වැඩි විය හැක. බුද්ධියෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ කටයුතු වලදී තම අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. උසස් මිතුරන්ගේ උපකාර ලැබෙනු ඇත.
ගෘහ ජිවිතයෙදි වැදගත් තීරණ වලට එළඹීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජිවිතයේ සමගිය - සාමදානය ඇති වෙයි.

-
● තුලා
නව ආදායම් මාර්ග උදා වෙයි. ආදායම් මාර්ග වලට යොමු වීමට ඉඩ ලැබෙයි. ධන තත්වය ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේදී බාධාකාරි තත්වයන් දුරුවනු ඇත. කාර්යබහුල වීමත්, වෙහෙසකාරි වීමත් සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය වෙයි. මංගල යෝග උදා වෙයි.

-
● වෘශ්චික
ආදායමට වඩා වියදම වැඩි විය හැක. නව ව්‍යාපාරයක් හෝ ආදායම් මාර්ගයක් සැලසුම් කිරීමට හැකියාව ලැබෙයි.
රැකියාවේ සුළු අතපසු වීම් සිදුවිය හැක. ප්‍රධානින්ගේ දෝෂ දර්ශනයට ලක් විය හැක.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වැඩි දියුණු වෙයි. වැදගත් තීරණ ගැනීමට හැකියාව ලැබේ.

-
● ධනු
ආර්ථික තත්වය වෙනදාට වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. ණය ඉල්ලුම් කලේ නම් ඒවා ලැබෙන කාලයකි.
රැකියාවෙදී බාධා ඇති වීමට ඉඩ ඇත. වෙහෙසකාරි බවද දැනෙන සතියක් විය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. තම මව් පාර්ශවයේ හෝ බිරිඳගේ පාර්ශවයෙන් උදව් උපකාර ලැබිය හැක.

-
● මකර
ආදායම් තත්වය චංචල විය හැක. බුද්ධියෙන් කටයුතු කල යුතුම වේ. ව්‍යාපාර කළමනාකරණයෙදී ප්‍රවේසම් විය යුතුය. සතුරු කරදර ඇති විය හැක.
රැකියාවෙදි වෙහෙසකාරි බව ඇති විමට ඉඩ ඇත. සිත් තැවුල් පවා ඇති වීමට ඉඩ ඇත. ප්‍රධානින්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැකි බැවින් අවධානමත් වන්න.
ගෘහ ජිවිතය තුල පෙර තිබුනු බාධාවන් ඉවත් වී සමගිය වර්ධන වනු ඇත.

-
● කුම්භ
ආර්ථික තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. පෙර ඉල්ලුම් කල ණයක් ලැබෙන්නට හැකියාව ඇති සතියකි. ණය ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය.
නව රැකියා අවස්ථාවන් ලැබෙන්නට වාසනාව මෙන්ම උසස් වීම් වලටද වාසනාව තිබේ. තරග විභාග ආදියටද යොමු වීමට ඉඩ ප්‍රස්ථාවන් තිබෙයි.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය වෙයි. දරුවන් සමග වැඩියෙන් කාලය ගත කිරිමට හැකියාවන් ලැබෙනු ඇත.

-
● මීන
ආර්ථික තත්වයේ පෙර තිබුනු යහපත් තත්වය තරමක් දුරට අඩු විය හැක. ණය ඉල්ලුම් කිරීමට හෝ ඒ පිලිබද කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇත.
රැකියාවේ පෙර තිබුනු බාධාකාරි සිදුවීම් ඉවත් වනු ඇත. මිතුරන්ගේ උපකාර ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල දෙමාපියන්ගේ දෝෂ දර්ශනයට ලක් විය හැක. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com


-

Sunday, June 11, 2017

“ මහානුභාවසම්පන්න ශිව දෙවිඳු “

ලෝක පාලක දෙවියන් ලෙස සැලකෙන ශිව හෙවත් ඊශ්වර දෙවියන් මහානුභාවසම්පන්න දෙවි කෙනෙකි.
පෙර ආත්ම භවයේ ඍෂිවරයෙකු වූ නිසා එම අනුහස් සහිත භාවය මනාව පිලිබිඹු වෙයි.
ලෝකයම පාලනය කල අධිරාජ්‍යයෙකු වූ මහා රාවණ මහ රජතුමාටද ආශිර්වාද ලැබී තිබුනේ ශිව දෙවියන්ගෙනි. ඒ ගැන කිසිවෙක් කතා නොකරයි.

ලංකාවෙද ඉමහත් ගෞරවයට පාත්‍ර වන ගණ/පුල්ලෙයාර්, කතරගම/මුරුගන්, අයියනායක/කැලේ දෙවියන් යන දෙවිවරුන්ගේ පියා වෙයි.

ප්‍රධාන දේවිය පාර්වතී හෙවත් දුර්ගා මෑණියන්ය. උමයංගනා සහ ගංඟා නමින්ද දේවිවරු 2ක් සිටිති.
අධර්මයට එරෙහිව මූලිකව කටයුතු කරන, භද්‍රකාලි මෑණියන් ඇතුළු කාලි මණ්ඩලයටම ශක්තිය ලැබෙන්නේද ශිව දෙවියන්ගෙනි.

ඉරුට හෙවත් ඉරට අධීෂ්වර වෙයි, එනිසා රවි අපල වලටද මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ගත හැක.
පිනට කැමති සුපින්වත් දෙවි කෙනෙකි. මනාව පින්කම් කර අනුමෝදන් කරන්න. ආශිර්වාද ලැබෙනු ඇත.

#ඉරු

Iru Astrology
077 2238041
irusewaya@gmail.com

Thursday, June 8, 2017

කුජ මාරුව - ජුලි 11 දක්වා(2017)


ග්‍රහලොව සෙන්පති, කුජ හෙවත් අඟහරු මැයි 27 වනදා වෘෂභ රාශියෙන් ඉවත්ව මිථුනයට පැමිණියේය.

ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
- කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ
3 වැන්නට කුජ ආවා.
වෙනදාට වඩා කඩිසර වැඩ කරන කාලයකි. මෙතෙක් නොලැබී තිබු දේවල් ලැබෙන්නට වාසනාව පවති,
ඍජු තීරණ වලින් අවාසි සිදුවෙන්නටත් පුලුවන්. විදේශ ගත රැකියා වාසනාවද පවති.


-

● වෘෂභ
2 වැන්නට කුජ ආවා.
තැන්පත් ධනය නිකරුණේ වැය වෙන්නට ඉඩ තියෙනවා.
ගෘහ ජිවිතය තුල ආරවුල් සහගත සිදුවීම් සිදුවන්නට වැඩි ඉඩක් පවතිනවා, එනිසා වචනයෙන් සිදුවන දේ ගැන අවදානමත් වෙන්න.


-

● මිථුන
1 වැන්නට කුජ ආවා.
කරදර බාධක මේ කාලයේ ඇති වෙන්න පුලුවනි. සතුරු කරදරද ඇතිවිය හැකි නිසා පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල වැදගත් තීරණ රාශියකට එළඹීමට හැකියාව ඇත.

-

● කටක
12 වැන්නට කුජ ආවා.
වියදම් අධික වෙන්න පුලුවන්, කල්පනාකාරි වන්න.
විදේශ ගත රැකියා වලටද තරමක බාධා විය හැක.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට බාධා තිබෙයි.

-


● සිංහ
11 වැන්නට කුජ ආවා.
ගේ දොර සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව පවති.
රැකියාවට පෙර තිබුනු බාධා තත්වයන් අඩු වන කාලයකි.


-

● කන්‍යා
10 වැන්නට කුජ ආවා.
ආදායම් මාර්ග ස්ථාවර කර ගැනිමට හැකියාව ඇත.
පෙර තිබුනු කරදර බාධක තත්වයන් තරමක් හෝ අඩු වෙන්නට පුලුවන්.
රැකියා - තරග විභාග ආදිය සහභාගි විය හැක.

-


● තුලා
9 වැන්නට කුජ ආවා.
ආදායම් මාර්ග සරු වෙන්න වාසනාව තිබෙනවා. තැන්පත් ධනය තර කරගන්න පුලුවනි.
පවුලේ සමගිය ඇති වේවි, පවුල වෙනුවෙන් වැඩ කරන්න පෙළඹෙන කාලයකි.


-
● වෘශ්චික
8 වැන්නට කුජ ආවා.
ආදායම් මාර්ග ඇහිරීම, බාධා ඇති වීම සිදුවිය හැක.
පවුල තුල සුළු සුළු බාධාකාරි තත්වයන්, සිත් තැවුල්, අතපසුවීම්ද වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.

-


● ධනු
7 වැන්නට කුජ ආවා.
ආදායම් තත්වය තරමක් පහත යා හැක. හවුල් ව්‍යාපාර කරන අයටද තරමක බාධා සිදුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුලද සමගියට බාධා ඇතිවිය හැක.

-


● මකර
6 වැන්නට කුජ ආවා.
වැඩ කටයුතු අධික වී, වියදමද අධික වන්නට ඉඩ ඇති කාලයකි.
රැකියාවට බාධා සිදුවිමෙන් මානසික පීඩන වැඩි වීමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල සුළු සිත් අමනාපකම් ඇති විමටද ඉඩ ඇත.

-

● කුම්භ
5 වැන්නට කුජ ආවා.
ආදායම් මාර්ග වලට පෙර තිබුනු බාධා අඩු විය හැක.
නව රැකියා ලැබීමේ වාසනාව පවති. රැකියා කරන අයට රැකියාවන් ස්ථිර විය හැක.
ගෘහ ජිවිතය තරමක සිත් නොහොදකම් තිබුනද, ඒවා ක්‍රමිකව පහව යනු ඇත.


-

● මීන
4 වැන්නට කුජ ආවා.
වියදම වැඩිවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල තරමක නොසන්සුන්කාරි සිදුවීම් සිදුවිය හැක. ගමන් අධික වන්නටද ඉඩ ඇත.


-:
https://www.facebook.com/irusewaya?ref=br_rs

Thursday, June 1, 2017

පසුගිය කාලයේ එක දිගට රටට - ජනතාවට කරදර වැල නොකැඩී ලැබුනි.

මූලික හේතුවක් ලෙස, මුළු රටේම අකුසල කර්ම විපාක ලැබීම දැක්විය හැක.
එසේ වුවද, ඒ සියලු කරදර වලදී පාලකයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු වගකිව යුත්තන්ගේ නොහැකියාව, නිසි කළමනාකරණයක් නොමැති වීමද, ජනතා අප්‍රසාදයට පත් වීමට තරම් කටයුතු කිරීමද ඔවුන්ගේම වැරදිය.
ස්වභාවික ව්‍යසනයකදී ක්‍රියා කල යුතු ආකාරය ගැන වෙනම ඇමතිවරයෙක් පවා සිටි. ස්වභාවික ව්‍යසන වලට ලංකාව රක්ෂණය පවා කර ඇත.

ඒ සියල්ල තිබියදී, රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් කිසිවක් කල නොහැකි නම්..., ඔවුන් අතිශයින් අවාසනාවන්ත පුද්ගලයන්ය.
මක්නිසාද යත්, ජනතාවට සේවය කරන්නට ජනතාවගෙන්ම පඩි ලැබූවද එය නොකරන නිසාය.
මේ කාලයේ සෙනසුරු වක්‍රයද මේ කරදර බාධක වලට බලපායි.
කොටසක් මේ නොහැකියාවන් සමග පවතින රජය වෙනස් කිරීමට බලාපොරොත්තු වුවද, ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය දැනුම අනුව මේ ආණ්ඩුව 2020 වනතුරු පවතින බව ස්ථිරවම කිව හැක.

#ඉරු Iru Sewaya

#FloodSL #Flood2017