සතියේ ලග්න පලාපලය
( අප්‍රේල් 28 - මැයි 03)
-
● මේෂ
චන්ද්‍රයා 06 සිට සතිය ඇරඹේ.
නිවාස සම්බන්ධ වැඩ කටයුතු ප්‍රමාද වීමට ඉඩ ඇත.
විදේශ ගමන් යාමට උවමනා අයට හොද කාලයකි.
වියදම වැඩිවන කාලයකි.
ආදායම් මාර්ග අවහිර වීමට ඉඩ ඇත.
පවුලේ අසමගිය ඇතිවිමට ඉඩ ඇත.
-
● වෘෂභ
චන්ද්‍රයා 05 සිට සතිය ඇරඹේ.
ලග්නාධිපති සිකුරු 01 වැන්නේ සිටි.
වෙනදාට වඩා ප්‍රියමනාපව සිටිමට උත්සාහ දරණ කාලයකි.
තමන්ගේ ශරීරයේ අලංකාරය වෙනුවෙන් කැපවන කාලයකි.
ආදායම් මාර්ග වැඩිදියුනු කරගැනිමට හැකියාව ලැබේ.
දරුඵල බලාපොරොත්තුව සිටින අයට තරමක සුභ ප්‍රවෘත්ති ලැබෙන කාලියක.
-
● මිථුන
චන්ද්‍රයා 04 සිට සතිය ඇරඹේ.
රැකියාවේ මාරුවීම් හෝ වෙනස් වීම් අපේක්ෂිතය.
දුරබැහැර ගමන් බිමන් යෙදෙන කාලයකි.
ආදායම් මාර්ග වැඩිදියුණු කරගැනිමට උත්සාහ දරණ කාලයකි.
නිවාස වැඩ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● කටක
චන්ද්‍රයා 03 සිට සතිය ඇරඹේ.
ලග්නාධිපතියා වික්‍රමස්ථානයේ සිට ඇරඹෙන සතිය,
ඉදිරි අනාගතය ගැන කටයුතු කරන, වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් යුතුව වැඩ කරන කාලයකි.
අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට ඉඩ තිබෙන කාලයකි.
යන එන පිලිගැනීමට ගෞරවයට ලක්වන කාලයකි.
-
● සිංහ
චන්ද්‍රයා 02 සිට සතිය ඇරඹේ.
දුර බැහැර ගමන් යෙදෙන කාලයකි.
අවිවේකී බව වැඩි වෙයි.
වියදම වැඩිවන කාලයකි.
ආදායම අඩුවන අතර, කළමනාකරණය නොකලොත් ණය ලබාගන්නට සිදුවනු ඇත.
අන් අයගේ කටයුතු නිසා, තමන්ට දෝෂාරෝපණ එල්ලවිය හැකි කාලයකි.
-
● කන්‍යා
චන්ද්‍රයා 01/ ලග්නයේ සිට සතිය ඇරඹේ.
මුදල් ලැබීම සිදුවන කාලයකි. ණය ලැබෙන කාලයකි.
ගැටළු නිරාකරණය කරගත හැකි කාලයකි.
නව ආදායම් මාර්ග වෙනුවෙන් කැපවන කාලයකි.
අවිවේකී බව වැඩිවිම නිසා පවුල තුල අසමගිකම් ඇතිවිමට ඉඩ ඇත.
-
● තුලා
චන්ද්‍රයා 12 සිට සතිය ඇරඹේ.
විදේශගත වීමකට වෙහෙස වන අයට සුභ ප්‍රතිඵල ලැබෙන කාලයකි.
ආර්ථික තත්වය තරමක් දුර්වල වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කරන්න.
රැකියාවේ උසස් වීමක් හෝ වෙනස් වීමක් පෙන්නුම් කරයි.
රැකියාව තුල පීඩාකාරි ගති ස්වභාවය වැඩිවිමට ඉඩ ඇත.
-
● වෘශ්චික
චන්ද්‍රයා 11 සිට සතිය ඇරඹේ.
දරුඵල පිලිබද ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ඒ සම්බන්ධ කටයුතු වලදි ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ආදායම් මාර්ග තරමක් දුර්වල විය හැක.
නොසිතන කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැකි කාලයකි.
විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබිමට ඉඩ ඇති කාලයකි.
ප්‍රේම සබදතා වැඩි දියුණුකරගත හැකි කාලයකි. ඒ සම්බන්ධ ගැටළු නිරාකරණය වෙයි.
-
● ධනු
චන්ද්‍රයා 10 සිට සතිය ඇරඹේ.
රැකියා කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි.
ඒ සම්බන්ධ කටයුතු වලදී මෙන්ම ජිවිතයේ කටයුතු වලදිද දුරබහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට උත්සාහ දරණ කාලයකි. එහෙත් ඒ පිලිබද කටයුතු වලදි ගැටළු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරි වන්න.
අන් අයගේ දෝෂාරෝපණ වලට ලක්වන්නට ඉඩ ඇති කාලයකි.
-
● මකර
චන්ද්‍රයා 09 සිට සතිය ඇරඹේ.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකිවෙයි.
උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වීමට බලාපොරොත්තු අයට ඒ පිලිබද යහපත් බලාපොරොත්තු තබාගත හැකි කාලයකි.
අන් සමග කටයුතු කිරිමෙදි ගැටළු ඇතිවිමට ඉඩ ඇති නිසා අසල්වාසින් සමග වුවද ඉවසීමෙන් කටයුතු කල යුත්තේ ගැටුම් ඇතිවිමට ඉඩ ඇති බැවිනි.
-
● කුම්භ
චන්ද්‍රයා 08 සිට සතිය ඇරඹේ.
ආර්ථික තත්වය තරමක් දුර්වල විය හැක.
තම වචන භාවිතයෙදි ප්‍රවේසම්සහගත නොවුනොත්, මිතුරු පාර්ශවයන් පවා අමනාප වීමට ඉඩ ඇති කාලයකි.
සිත්තැවුල් මානසික පීඩා බහුල වන කාලයකි.
පවුලේ සමගිය වෙනුවෙන් කැපවන්නට වැඩියෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● මීන
චන්ද්‍රයා 07 සිට සතිය ඇරඹේ.
මංගල යෝග උදාවන කාලයකි. මංගලමය කාරණා වලදී වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන කාලයකි.
ආර්ථික තත්වයේ ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි. එමනිසා ගෘහ ජිවිතය තුලද ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
අන් අය වෙනුවෙන් වෙහෙසීමට යාමේදී තමන්ගේ කටයුතු අතපසුවීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් පවා දෝෂාරෝපණයට ලක්වීමටත් ඉඩ ඇත.
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment