Sunday, April 19, 2026

සතියේ ලග්න පලාපලය ( අප්‍රේල් 20 - 26)

 


සතියේ ලග්න පලාපලය ( අප්‍රේල් 20 - 26)

පොදු පලාපලයක් පමණි.

-

● මේෂ
චන්ද්‍රයා 02 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
මංගල යෝග සහිත කාලයක් උදා වෙයි.
පෙර තිබුනු අඩදබර තත්වයන් සමනය වෙයි.
පෙරට වඩා පිරිසිදුවට ලස්සනට සිටිමට උත්සාහ දරන කාලයකි.
ඒ වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කරන කාලයකි.
වියදම් තත්වය අධික වෙයි. ආදායමට වඩා වියදම වැඩි වෙයි.

-
● වෘෂභ
චන්ද්‍රයා 01 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
පෙරට වඩා යහපත් කාලයකි. ආදායම් තත්වය වර්ධනය වෙයි.
ආදායම් මාර්ග වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි.
නව ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයකි.
මංගල යෝග සහිතය, විවාහ යෝජනා ඇතිවන කාලයකි. විවාහයට සුදානම් වන අයට යහපත් කාලයකි.  

-
● මිථුන
චන්ද්‍රයා 12 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
වියදම් අධික වෙයි. වියදම කළමනාකරණය කරගත යුතුය.
ආදායම තරමක් අඩු වෙයි. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි.
පෙරට වඩා ප්‍රශ්න ගැටළු ඇතිවිය හැකි බැවින්, කල්පනාකාරිව කටයුතු කල යුතුය.
පවුලේ ස​මගිය වර්ධනය කරගැනිමට හැකිවන කාලයකි.

-
● කටක
චන්ද්‍රයා 11 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
ආදායම් මාර්ග උදා වෙයි.
ආදායම් තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයක් උදා වෙයි, ඒ සම්බන්ධ කටයුතු වල ප්‍රගතියක් පෙන්නුම් කරන කාලයකි.
පවුල් ජිවිතයේ වෙනදාට වඩා දෙදෙනාගේ සමගිය ගැන සිතන කාලයකි.

-
● සිංහ
චන්ද්‍රයා 10 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
ආර්ථිකය වර්ධනය කරගත හැකි කාලයකි.
නව රැකියා හෝ රැකියාවේ උසස් වීම් බලාපොරොත්තුව සිටින අයට යහපත් කාලයක් උදා වෙයි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා වෙහෙසීමට සිදුවෙයි.
අන් අයගේ ගැටළු ප්‍රශ්න නිසා පීඩාවට තම මනස පීඩාවට පත්විය හැක.

-
● කන්‍යා
චන්ද්‍රයා 09 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
දුරගමන් යෙදෙන කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තු ඇති අයට ඒ සම්බන්ධ යහපත් ප්‍රතිචාර ලැබෙන කාලයකි.
නව ආදායම් මාර්ග වලට යොමුවිමට උත්සාහ කල හැකි කාලයකි.

-
● තුලා
චන්ද්‍රයා 08 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා ගැටළු ප්‍රශ්න ඇතිවිය හැකි කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට පියවර ගැනිමට සිදුවෙයි.
ආදායම සහ වියදම කළමනාකරණය නොකරගත හොත් මුදල් පිලිබද ගැටළු ඇතිවිය හැක.
සතුරු උවදුරු කරදර ඇතිවිමටත් ඉඩක් තිබේ, කල්පනාකාරි වන්න.

-
● වෘශ්චික
චන්ද්‍රයා 07 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
වෙනදාට වඩා ආදරය ආලය ගැන සිතන කාලයකි.
තම පවුල් පරිසරය තුල කැපී පෙනෙන ලෙස ජිවත් වීමට උත්සාහ දරන කාලයකි.
වෙනදාට වඩා තම පවුල පිලිබද සිතන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට උත්සාහ දරන කාලයකි.
හවුල් ව්‍යාපාර හෝ කණ්ඩායම් ක්‍රියාකාරකම් කිරිමේදි වාසි අත්කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.

-
● ධනු
චන්ද්‍රයා 06 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
පෙර තිබුනු සතුරු පීඩා විසදෙන කාලයකි.
යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි.
ආර්ථික තත්වය තරමක් පහල බසින අතර, වර්ධනයට පියවර ගත යුතු කාලයකි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා ගැටළු ඇතිවිය හැකි අතර ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

-
● මකර
චන්ද්‍රයා 05 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
ආදර සබදතා වල තිබුනු ගැටළු ප්‍රශ්න නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.
වෙනදාට වඩා යහපත් කාලයකි.
ආර්ථික තත්වයට යහපත් කාලයකි.
දරුඵල පිලිබද ගැටළු ප්‍රශ්න තිබුනු අයට ඒ සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට ඉඩ ලැබෙන කාලයකි.

-
● කුම්භ
චන්ද්‍රයා 04 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
ආර්ථික තත්වය තරමක් ගැටළුකාරි පීඩාකාරි විය හැක.
රැකියා සම්බන්ද ගැටළු නිර්මානය විමටත් ඉඩ ඇත.
ගේදොර පිලිසකර කිරිම්, අලුත්වැඩියා කටයුතු වලට වෙහෙස වන කාලයකි.
සෙම් රෝග ඇතිවිමටත් යම් ඉඩක් ඇත.

-
● මීන
චන්ද්‍රයා 03 වැන්නේ සිට සතිය ඇරඹේ.  සදු + සිකුරු යෝගය ඇති වෙයි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට පියවරක් ගැනිමට සිදු වෙයි.
නව රැකියා සොයන අයට රැකියා ලැබේ.
දුරබැහැර ගමන් බිමන් යෙදෙන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා යහපත්ව ගතවන කාලයකි.

-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..



No comments:

Post a Comment