Monday, March 17, 2025

" දිග්බලය "


දිග්බල වීම යනු,

  
ග්‍රහයන්ගේ ශක්තීන් 6න් 01කි. 

මෙය සම්පූර්ණ කේන්දරය නිවරදිව පරික්ෂාවකින් පමණක් නිසි ලෙස කිව යුතු කාරණාවකි.

දිශාවන් මත පදනම්ව ග්‍රහයන්ගේ ශක්ති තරම තීරණය කිරීම “ දිග් බලය “ වෙයි.

ප්‍රබල ග්‍රහයන් දිග් බල වන අතර,  දිග්බලය දුර්වල වේ නම් අයහපත් විපාක ලැබේ.

එනිසා කේන්දරය ගැඹුරින් කරන පරික්ෂාවකින් පමණක් මෙය නිවරදිව කිව හැක.

කෙසේ වුවද පොදුවේ, 

1 වැන්නට එනම් ලග්නයට ගුරු/බ්‍රහස්පතී සහ බුධ ග්‍රහයා දිග් බලයි.

( දිශාව - උතුර)

4 වැන්නට සදු/ චන්ද්‍ර සහ සිකුරු/ ශුක්‍ර ග්‍රහයන් දිග් බලයි.

( දිශාව -  බටහිර)

7 වැන්නට සෙනසුරු/ ශනි ග්‍රහයා දිග් බල වෙයි.

(  දිශාව - දකුණ)

10 වැන්නට රවි සහ කුජ/ අගහරු ග්‍රහයන් දිග් බලයි.

( දිශාව -  නැගෙනහිර) 

දිග් බලයෙන් යුතු වීමෙන් ලැබෙන යහපත් ඵල මෙසේය. 

-


 1 වැන්නේ දිග්බලයෙන් සිටින “ ගුරු “

අධ්‍යාපන තත්වය උසස් කරනු ඇත. දෝෂ තිබුනද ඒවා මැඩ පවත්වාගත හැකි වෙයි. 


 1 වැන්නේ දිග්බලයෙන් සිටින “ බුධ “

මානව හිතවාදි ගති ඇති, බුද්ධිමතෙකු බිහි කරයි.


 4 වැන්නේ දිග්බලයෙන් සිටින “ සදු “

දේපල ලාභ සහිත වාසනාවන්ත ජිවිතයක් උරුම කරවයි.


 4 වැන්නේ දිග්බලයෙන් සිටින “සිකුරු “

සුඛෝපභෝගි වාසනාවන්ත ජිවිතයක් හිමි කරවයි.


 7 වැන්නේ දිග්බලයෙන් සිටින “ සෙනසුරු “

යහපත් විවාහයක් හිමි කර දෙයි.


 10 වැන්නේ දිග්බලයෙන් සිටින “ රවි”

අන් අය අතර කැපී පෙනෙන ගරුත්වයට පාත්‍ර කරවයි.


 10 වැන්නේ දිග්බලයෙන් සිටින “ කුජ “

කළමනාකරණ ක්ෂෙත්‍රය වැනි ඉහල රැකියා ක්ෂෙත්‍රයක ඔබ බබලවයි..

- 

මේ සියල්ල පොදු කරුණු පමණි !

- 

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

 අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, 

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

 නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)

No comments:

Post a Comment