Thursday, March 6, 2025

“ ධන වාසනාව “





ධන වාසනාව කතා කිරීමේදී,

කේන්දරයක 2 වැන්න ගැන කතා කල යුතුමය. එමෙන්ම 5 වැන්න, 7 වැන්න, 9 වැන්න, 10 වැන්න, 11 වැන්න ගැන සෙවිය යුතුය.

♦ කේන්දරයක 2 වැන්න වන ධන ස්ථානය බලවත් වීම කෙනෙකුට ධනය ලැබීමට ඇති ප්‍රධානම සාධකයයි.
♦ එමෙන්ම තමන්ගේ ව්‍යාපාර හෝ තමන්ගේ ආදායම් මාර්ග වලින් ධනය ලැබීමට නම්,
2 සහ 11 වැන්න යන ස්ථාන බලවත් විය යුතුය.
♦ තමන් රැකියාවෙන් ධනය ලැබෙන්නෙක්ද යන්න තීරණය කිරීමට 2 - 5 - 10 බලවත් වීම විය යුතුය.
♦විදේශගත පදිංචිය, විදේශ රැකියා, විදේශගත ලාභ පිලිබදව එනම් විදේශගතව ධනය ලැබීමට නම් 2 - 5 - 9 බලවත් විය යුතුය.
♦ ලොතරැයි වාසනාව, අනුන්ගෙන් ලැබීම්, අන්සතු ලැබීම් වලින් ධනවත් වීමට නම්
2, 5, 8 ස්ථාන බලවත් විය යුතුය.
♦ විවාහයෙන් ධනවත් වීමට නම් 2, 5,7 යන ස්ථාන බලවත් වීම විය යුතුය.
♦ තවද 2 වැන්න සහ 5 වැන්න අධිපති ග්‍රහයින් එක් කොටුවක සංයෝග වීමෙන්ද ධන වාසනාව උදා වෙයි.
♦ 2 සහ 9 යන ස්ථාන වල අධිපතින් එක් රාශියක යෝග වීමෙන් තවත් ධන යෝගයක් උදා වෙයි. 2 වැන්න සහ 11 වැන්න අධිපතින් එක් රාශියක යෝග වීමෙන්ද ධන යෝග තත්වයන් උදා වෙයි.
♦ එසේම ධන යෝග තිබුනද සමහර ජන්මපත්‍ර වල මෙම යෝග ක්‍රියාත්මක නොවන අවස්ථාද දක්නට ලැබේ. ඒ එම ග්‍රහයින්ගේ බලය අඩු වීමෙන්ය.
♦ 22 දෙර්ණාධිපතියාගේ දසාවක් ක්‍රියාත්මක වීමෙන් වැනි දෑ වලින්ද බාධා විය හැක.
♦ ඕනෑම ලග්නයක ලග්නාධිපතියා දුර්වල වුවොත් පෙර කී යෝග තත්වයන් ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත. ක්‍රියාත්මක වුවද ධන වාසනාව ලැබුනද අධික වියදම් යෙදී එහි නිසි ඵල නොමැති විය හැක. 

* මෙම ධන යෝගයන් ක්‍රියාත්මක නොවුනද, නිසි ලෙස කේන්දරය අනුවම බලා කරන, නිසි ශාන්ති කර්ම පින්කම් යනාදියෙන්ද, මැණික් ප්‍රතිකර්ම වලින්ද ධනය සම්බන්ධ ස්ථාන බලවත් කර ධන වාසනාව උදා කරගැනීමේ හැකියාව ඇත.

_ පොදු කරුණු පමණි _

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

 අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, 

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

 නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

- irusewaya@gmail.com


071 383 5369

(WhatsApp)



No comments:

Post a Comment