Tuesday, May 29, 2018

කැළණි රජමහා විහාරය


" සම්බුද්ධ පාදස්පර්ශෙයන් පූජනීය වූ කැළණි රජමහා විහාරය "

_ වන්දනා ගාථාව _

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි
-
කැළණි රජමහා විහාරයට පැමිණි විට මුලින් චෛත්‍ය සහ බෝධිරාජයාද වැඳ ආගමික වතාවත් සිහි කර ඊටපසුව විභීෂණ දේවාලයට ගොස් දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න !


#ඉරු
#කැළණිය #කැළණිරජමහාවිහාරයට #ලංකාව
#kelaniya #kelanirajamahaviharaya #lka
srilanka

Sunday, May 6, 2018

සතියේ ලග්න පලාපලය - මැයි 7 සිට


-
මෙම සතිය තුල සඳු,  මකර - කුම්භ - මීන යන රාශි වල ගෝචර වේ.
-
● මේෂ
  මේ සතිය  මේෂ ලග්න හිමියන්ට, කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

●  වෘෂභ
  මෙම සතිය තුළ වෘෂභ  ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්ය ්‍බහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන්, ඒ නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.
   
-
● මිථුන
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න,  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ලැබෙන්න  පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔන්න මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.
 
    -
● කටක
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස්වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
මේ සතිය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

-
● සිංහ
   ඔබ කාලයක ඉඳලා ණය මුදලක් ගන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ ගැන බැංකුවත් එක්ක කතා කර ගන්න ලැබෙන සුබ කාලයක් තමයි මේ.
රැකියා ස්ථානය නම් තරමක් දුර බැහැර ගමන් බිමන් යෙදෙන පුළුවන් සතියක් තමයි ඉදිරි සතිය. නව රැකියා වලට ඉල්ලුම් කිරීමටත් සුඛ සතියක් වේවි ඉදිරි සතිය.
ඔබගේ නිවාසයේ තියෙන ගැට‍ළු නිරාකරණය කර ගන්න වැඩි ඉඩක් ලැබෙන්න පුළුවන් සතියක්  තමයි ඉදිරි සතිය.

     -
● කන්‍යා
ඔබගේ අතේ තියන මුදල් ටික පරිස්සම් කර ගන්න වෙනවා, සොර සතුරු උවදුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
ඔබ ඉල්ලුම් කළ තිබුණ රැකියා ප්‍රමාද වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. රැකියා කරන අයට නම් කරදරයකින් තොරව රැකියාව කරගෙන යාමට ඉඩ ලැබේවි.    
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට උදව් කිරීමට ඉඩ ලැබෙන්න පුළුවන් පවුලේ සමගිය වෙනදාට වඩා වර්ධනය කර ගන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්.
   -

● තුලා
   ඔබගෙ ළඟ තියෙන තියන සල්ලි ආයෝජනයක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ සදහා යහපත් කාලයක් ඔබට ඉදිරියට උදා වෙිවි.
ඔයාගේ රැකියා ස්ථානයේ කලින්ට වඩා ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි නව රැකියා ඉල්ලුම් කරලා තිබුණ අයටත් රැකියා ලැබෙන්න පුළුවන්.
නෑයන් සමඟ සිත් අමනාපකමින්  සිටියේ නම් ඒ නෑදෑයින් සමග නෑකම් අලුත් කර ගැනීමට ඉඩ ලැබෙන්නට පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

  -
● වෘශ්චික
     වෘශ්චික ලග්න හිමියන් වන ඔබට මෙම සතිය තුළ තරමක් කල්පනාවෙන් වැඩ කිරීමට සිදු වේවි. තම ආදායම් මාර්ග වල  නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියාව වෙනස් වීමක් හෝ මාරු වීමක් පෙන්නුම් කරන කාලයක් තමයි ඉදිරි කාලය.
ගෘහ ජීවිතයේ අනුන්ට උදව් කරන්න නම් යන්න එපා, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන වගේ වැඩ තමයි වෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න.


     -
● ධනු
පෙර තිබූ ආදායම් මාර්ග වල ගැට‍ළුදායක තත්වයන් වලට ඉදිරි සතිය තුළ විසඳුම් ලැබෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කරදර වැඩි වෙන කාලයක් තම ඉදිරි කාලය. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන.
මව්පියන්ට උදව් කිරීමට පෙරට වඩා කාලය ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මව්පියන් ගෙන් පැසසුම්  ලැබෙනවා.
 
 -
● මකර
  මකර ලග්න හිමියන් ගෙවල් ඉඩම් ගන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා යහපත් කාලයක් ඉදිරියට උදා වෙනවා.
රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
මෙම සතිය තුළ වන්දනා ගමන් විනෝද සවාරි යාමට ඔබට ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.

    -
● කුම්භ
නව ආදායම් මාර්ග වලට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා වැඩි  ඉඩ ලැබෙන්නට  පුළුවන්. යහපත් කාලයක් තමයි ඉදිරි කාලය.
රැකියා ස්ථානයේ ඇතිවන කරදර හේතු සිත් තැවුල් හේතු හා සිත් තැවුල් මානසික පීඩා අධිකව ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි සතිය.
නෑදෑයින් හිත මිත්‍රාදීන් නිසා ඉදිරි කාලයේ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න ඔන.

-
● මීන
  ඔබ ආර්ථික ලාභ ලබා ගන්න බලාපොරොත්තුවෙන් ගිවිසුම් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන, වංචා සහගත දේවල් වලට අහු වෙන්න සිදු වේවි.
නව රැකියා ගන්න බලාපොරොත්තුවෙන් ඔබ සිටිය නම්, ඒ සඳහා කැඳවීම් ලිපි ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.
අසල්වාසීන් සමඟ සිත් අමනාපකමින්  ඔබ සිටියා නම්  සිත් අමනාපකම් දුරු දුරු කරලා එකට වැඩ කරන්න ඉඩ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ඉදිරි කාලය.

   -

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Sunday, April 22, 2018

සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 23 සිට

සඳු ග්‍රහයා මෙම සතිය තුළ මිථුන - කටක - සිංහ යන රාශි වල ගෝචර වෙයි.
-
● මේෂ
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට ඉඩ ඇත. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලබාගැනීමට ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පින් කටයුතු වලට සිත යොමු වීමට ඉඩ  ඇත.
_

● වෘෂභ
ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත.  නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල සිතට සහනදායී කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.
_

● මිථුන
ආර්ථිකය  ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා විය හැක. ඉඩම් මිල දී ගැනීමේ දී  මුදල් සම්බන්ධ ප්‍රශ්න   ඇති විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ගේ රාජකාරි ස්ථානයේ වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටලුකාරී තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි.

_
● කටක
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. පෙරට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමට හැකියාව ඇත.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි  කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
කටයුතු යාමේදී  කලකිරීම් ඇති වීමට ඉඩ ඇත.
_

● සිංහ
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට නව පියවරක් ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  තමන්ට කිරීමට අපහසු රාජකාරි පවා කිරීමට සිදු විය හැක.
ගෘහ ජීවිතයේ  තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජීවිතයේ අන් අය සමග පැවති සබඳකම් දුරස් වීමට ඉඩ ඇත. සුළු අනතුරු බාධා ඇති විමට ඉඩ ඇත.
_

● කන්‍යා
තමා ආදායම් මාර්ග වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වීමට ඉඩ ඇත. මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.
_

● තුලා
ව්‍යාපාර කරන අයට සුබ කාලයක් වීමට ඉඩ ඇත. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුබ ඵල ලැබෙන කාලයක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදු විය හැක. කාර්මික ක්ෂේත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
ගෘහ ජීවිතයේ අසල්වැසියන්  සමග කටයුතු කිරීමට අවස්ථා උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.
_

● වෘශ්චික
ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.
_

● ධනු
ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

_
● මකර
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා ඉඩ කඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
_

● කුම්භ
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදු විය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු විය හැක.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. රැකියා සොයන අයට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ඉවසීම අඩු වී ඉක්මන් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩ ඇත. තරුණ අයට ගැළපෙන මංගල යෝග  උදා විය හැක.
_

● මීන
නව ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

#srilanka #lka

Friday, March 30, 2018

“ ශිව වටුක යන්ත්‍රය “

මෙය සියලු දෝෂ - බාධක යනාදිය දුරු වීම පිණිස නිවසේ තබන යන්ත්‍රයකි.
විශේෂයෙන් නිවැසියන් සියලුදෙනාගේ කර්ම ශක්තිය මනාව පරික්ෂා කර බලා ඒ අනුව සුභ නැකැත් යනාදිය සකසා, නිසි ජප පූර්ණය කර නිසි ආරක්ෂාව සහිතව කල යුත්තකි.
මෙයට විශේෂයෙන් පූජා භාණ්ඩ මෙන්ම බොහෝ වත් පිලිවෙත් ඇත. ඒවාද නිසි ලෙසම කල යුතුමය.


#ඉරු >> Iru Sewaya

077 238041
irusewaya@gmail.com

Thursday, March 29, 2018

තමන්ට ගතවන කාලය කෙතරම් හොඳ වුවත් ඒ වෙනුවෙන් කැප නොවන්නේ නම් එම හොඳ කාලයේ ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇත.
කේන්දර සටහනේ කුමන රාජ යෝග තිබුනත් ඒ ඒ කාල වලදි හැසිරිය යුතු ක්‍රමවිධි, නොතිබෙන කෙනෙක් නම් තමා යායුතු තත්වයට යාගැනීමට නොහැකි වනු ඇත.
එනිසා අද හොඳ බව සිතා කටයුතු කරන්න. මේ කාලය අපල නම් මහන්සි වන්න. තව තවත් මහන්සි වන්න.
මේ කාලය හොද නම් ඒත් මහන්සි වන්න. එම මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල ඔබට ලැබෙනු නිසැකය.

Sunday, March 25, 2018

“ සතියේ ලග්න පලාපලය “ - මාර්තු 26 - 31



-
මෙම සතිය තුල සඳු ග්‍රහයා, මිථුන - කටක - සිංහ  යන රාශි වල ගෝචර වේ.

-
●  මේෂ
  මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන් වන ඔබට ආර්ථික වාසි වැඩිපුර සැලසෙන  සතියක් වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ තරමක් කාර්යබහුල වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. නව රැකියා බලාපොරොත්තු බලාපොරොත්තුව සිටින අයට නම් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
ගෘහ ජීවිතයේ මේ සතියේ තරම ගැටුම් ඇති වෙන්න පුළුවන්  නිසා තම පවුලේ සාමාජිකයින් එක්ක සමගියෙන් ඉන්න බලන්න.
       -

● වෘෂභ
  මේ සතිය  වෘෂභ ලග්න හිමියන්ට නම් කලින් නවත්තලා දාලා තියෙන වැඩක් නැවත පටන් ගන්න හිතන කාලයක් තමයි මේ කාලය.
රැකියා ස්ථානයේ පෙර තිබූ ගැටලුකාරී තත්ත්වයන් වලට විසඳුම්  සොයා ගන්න ඉඩ ලැබෙන කාලයක් තමයි මේ කාලය.
ඔයාලාගේ පවුලේ සාමාජිකයන්ගේ වැඩකටයුතුවලට උදව් කරන වෙන කාලයක් තමයි ඉදිරි කාලය.
    -

● මිථුන
   මේ සතියේ වැඩිපුර වාසි ලැබුණේ නැති උනත් කලින් ගන්න බැරි වෙලා තිබුණ මුදලක් ලැබෙන කාලයක් තමයි ඉදිරි කාලය.
මේ සතියේ වෙනත් රැකියාවක් හෝ උසස් වීමක්  බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට එම කරුණු කාරණා ඉෂ්ට කර ගන්න   වැඩි ඉඩක් ලැබෙන්න  පුළුවන්.
ගෘහ ජීවිතය තුල විවාහ ප්‍රමාද වෙලා තිබුණ ඔබගේ විවාහ යෝජනාව ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ සමගිය වර්ධනය වෙන්නත් පුළුවන් කාලයක් තමයි මේ.

   -
● කටක
   නව ආදායම් මාර්ග වලට ඔයා යොමු වෙන්න  බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඉදිරි සතිය තුළ ඔබට ඉඩ ඇහිරීමට පුළුවන්.
ඔබ නව රැකියා සොයන අයෙක් නම්  ඉදිරි සතිය තුල සුදුසුකම් මත සරිලන  රැකියා ලැබෙන්න පුළුවන් සතියක්. ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.
ගෘහ ජීවිතයේ  මේ සතියේ කලින් හිටියාටත් වැඩිය සමගියෙන් දරුවන් සමග ඉන්න ලැබෙන කාලයක් දෙමව්පියන් වන ඔබට උදා වෙන්න පුළුවන්.
-

 ● සිංහ
ඔබ කල්පනාකාරී විය යුතුය. මූල්‍ය කළමනාකරණයේ පාඩු පෙන්වයි, ආදායම් මාර්ග වලට යොමුවීමට අවශ්‍ය සහයෝගය අන් අයගෙන්   ලැබිය හැක.
රැකියා සොයන ඔබට යහපත් රැකියා අවස්ථා උදා විය හැක. රැකියා වල නියුතු අයට තමන්ට යෙදුණ ගැට‍ළු විසඳා ගැනීමට ඉඩකඩ යෙදෙනු ඇත.
ඔයාට ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබෙන්න පුලුවන්.  ගෙදර පරිසරය අලංකාර ලෙස  තබා ගැනීමට උනන්දු වේ.
-

●කන්‍යා
කන්‍යා ලග්න හිමි ඔබට නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇති සතියකි. උත්සාහයෙන් ආර්ථික මට්ටම ගොඩ නගාගැනීමට සිදුවේ.
රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකි වේ. රැකියාවේ දියුණුවක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.
වැඩිහිටි අයගේ දෝෂාරෝපණයට ලක් වෙන්න පුලුවන්. විවාහය පිළිබඳ තීරණ ගැනීම් වලටද අවස්ථා උදා විය හැක.
-

● තුලා
ආදායම් මාර්ග වලින් තමන්ට සිතු පැතූ ආකාරයට ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව තිබුණද, කලබල ගති වැඩි වීම නිසා තරමක් ප්‍රශ්න  ගැට‍ළු මතු වීමට ඉඩක් ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය.

-
● වෘශ්චික
ඔබගේ දේපල ලාභ, ව්‍යාපාර දියුණුව මනාව සලසා ගැනීමටද හැකියාව ඇති කාලයක් විය හැක. දුර බැහැර ගමන් වලදී ව්‍යාපාර සබඳතා පුළුල් කර ගැනීමේ වාසනාව පවති.
වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරීමට සිදුවිය හැක.
ඔබට ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි.

-

● ධනු
ඔබගේ පවතින  ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
පෙර ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක, බුද්ධිමත් වන්න.
-

● මකර
මකර ලග්න හිමියන්ගේ ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇතිවන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.
-

● කුම්භ
තම ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන ඔබට  නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත්වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත විය හැකි සතියකි . ඔබට දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.
-

● මීන
ආදායම් මාර්ග වලට උත්සාහ කරන ඔබට  ඒ සදහා ඉඩකඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
-


#ඉරු #lka

 077 2238041
irusewaya@gmail.com

Monday, March 19, 2018

සතියේ ලග්න පලාපලය - මාර්තු 19 සිට

මෙම සතිය තුල සඳු  මීන- මේෂ - වෘෂභ යන රාශි වල ගෝචර වේ.
-
පොදු පලාපලයක් පමණි !

-


● මේෂ
ඔබගේ ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි සතියකි. ගේ දොර, ඉඩකඩම් මිල දී ගැනීමට අවස්ථාව උදා වනු ඇත.
ඔයාගේ රැකියාවේ බාධා මෙම සතිය තුල අඩු විය හැක.  නව රැකියා සොයන ඔබට  නව රැකියා ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය මෙම සතිය තුල යහපත් විය හැක. ගේ දොර අලංකරණයට සිත යයි. උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට හැකියාව ලැබේ.

-
● වෘෂභ
වෘෂභ ලග්න හිමි ඔබගේ ආදායම් මාර්ග අවහිර විමට ඉඩ ඇත. මුදල් කළමනාකරණයේ දුර්වලතා නිසා අනවශ්‍ය ගැටළු ඇති වීමේ ඉඩක් ඇත.
රැකියාවේ ක්‍රියාශීලී ගති පෙන්වයි. වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාව කර ගෙන යා හැක. නව රැකියා සොයන අයට රැකියා ලැබෙයි.
ගෘහ ජීවිතයේ ඔබට වෙනදාට වඩා ගැටලු ඇතිවීමට ඉඩ ඇත. මංගල යෝග වල ගැටලු ඇති වීමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.

-
● මිථුන
මිථුන ලග්න හිමියන්ගේ ආදායම් මාර්ග පුළුල් විය හැක. ඒවායින් යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාවද පවති. මෙතෙක් තිබුණු බාධා  ගැට‍ළු තත්වයක් ලිහිල් විය හැක.
ඔබට මෙතෙක් රැකියාවේ බාධා අඩු වීමට ඉඩ ඇත. ඔයා වෙනදාට වඩා කාර්ය බහුල වෙයි. එම නිසා නිදහස අඩු විය හැක.
ගෘහ ජීවිතය තුල ඔබ ඉක්මන් තීරණ ගැනීමට යාමෙන්  තමන්ට අපහසුතා සිදුවීමට ද ඉඩ ඇත. සැලකිලිමත් වන්න.

-
● කටක
ඔබට මෙම සතිය තුල දියුණුව වෙනුවෙන් පියවර රැසක් ගැනීමට සිදු විය හැක.. මුදල් සම්බන්ධ ගැට‍ළු වලට විසඳුම් ලැබෙන කාලයකි.
ඔබගේ රැකියාවට ද සුබ කාලයකි. ඉදිරියට යාමට තමන්ට පියවර ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ඉක්මන් තීරණ ගැනීම ගැන සැලකිලිමත් වන්න.  ඔබගේ පවුල් ජීවිතය තුල වෙනසක් ඇති වන කාලයකි.
-

● සිංහ
ඔබගේ ආර්ථිකයේ යහපත් ප්‍රතිඵල උදා කර ගත හැක. බාධා අඩුවේ. ඉඩම් සම්බන්ධව තිබූ ප්‍රශ්නයක් නිරාකරණය විය හැක.
රැකියාවේ කටයුතු යහපත් වෙයි. ඉවසීමෙන් වැඩ කටයුතු කල යුතුය. කලබල ගති වැඩිවිය හැකි කාලයකි. නව රැකියා සොයන අයට සුබ කාලයකි.
ගෘහ ජීවිතය තුල කතාවෙන් ජය ගැනීමට හැකියාව ලැබිමට ඉඩ ඇත. දරුවන්ගේ දක්ෂතා වර්ධනය විය හැක.  සහෝදර සහෝදරියන්ගේ  දියුණුව උදෙසා කටයුතු කිරීමට ඉඩ ලැබිය හැක.
-

● කන්‍යා
ඔබගේ හවුල්  කටයුතු වලට තිබු බාධා දුරු විය හැක.  ණය ලැබේ. ආර්ථික බාධා ඉවත් වන කාලයකි.
රැකියාවේ දියුණුව උදෙසා කටයුතු කරන කාලයක් වීමට ඉඩ ඇත. රැකියා විරහිත අයට රැකියා ලැබීමේ වාසනාව පවති. උසස් වීම් සදහා යම් පියවර ගන්නා කාලයකි.
ගෘහ ජීවිතය තුල ඔබට  වගකීම් වැඩි විය හැක . පිරිස් ඇසුරෙන් සුබ ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් විය හැක.
-

● තුලා
තුලා ලග්න හිමියන්ගේ මුදල් සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ආදායම් මාර්ග වලට යම් ගැටලුකාරී තත්වයන් වලට විසඳුම් සොයා ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා සොයන අයට නව රැකියා උදා වෙයි. රැකියාවේ නිදහස අඩු වී කාර්ය බහුල විය හැක.
ගෘහ ජීවිතය තුල  පවුලේ අය සමග සමගිය වර්ධනය වේ. පවුලේ කටයුතු වලට උනන්දුව වැඩි වේ. යහළුවන් මුණ ගැසීමට හැකියාව ලැබේ. සිතට සතුටක් ලැබේ. උපකාර ලැබේ.
-

● වෘශ්චික
තම ව්‍යාපාර පවත්වා ගෙන යාම  සඳහා ණය ගැනීමට  මෙතෙක් තිබු අවහිරතා දුරු වේ. ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබේ. වෙළහෙළදාමට සුබයි.
රැකියාවේ දියුණුව පෙන්වයි. පිරිස් පාලනයේ දී ගැට‍ළු මතු වීමට ඉඩ ඇත. වෙනදාට වඩා සැලකිලිමත් ව වැඩ කල යුතුය.
ගෘහ ජීවිතය තුල මෙතෙක් තිබුණු ගැටලුකාරී තත්වයන් මග හැරේ. පෙම් සබඳතා  ස්ථිර විය හැක. සිතට සතුට ලැබේ. විනෝදයෙන් කාලය ගත කරන්නට හැකියාව ඇත.
-

● ධනු
ඔබගේ මාර්ග වල ගැට‍ළු මතු විය හැක. වියදම කළමනාකරණය කර ගත යුතුය. අනවශ්‍ය වියදම් බොහෝ යෙදීමට ඉඩ ඇත.
රැකියාවට තිබු බාධා ඉවත් වේ. නව රැකියා අවස්ථා උදා වෙයි. උනන්දුව වැඩි වෙයි ඒ සමග නිදහස අඩු වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල මෙම සතියේ ගමන් අධික වේ. මංගල යෝග උදා වන කාලයකි. අසල්වැසියන් නිසා සිත් පීඩා ගෙන දීමට යම් ඉඩකඩක් පවති.

-
● මකර
ඔබට මෙම සතිය තුල  නිෂ්ඵල දේ සඳහා වැඩිපුර මුදල් නාස්ති විය හැක. බාහිර කටයුතු වැඩි විය හැක. ආදායම් මාර්ග ඇහිරිය හැක.
ඔබට රැකියා ස්ථානයේ  රාජකාරිය අතපසු විය හැක, එයින් ගැට‍ළු ඇතිවිය හැක. ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමටද ඉඩ ඇත. වෙනදාට වඩා අලස ගති පෙන්නුම් කරන කාලයකි.
පවුල් ජීවිතය තුල පවුලේ අය වෙනුවෙන් වැඩිපුර කාලයක් වැය කිරීමට සිදු වෙයි. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයට තිබු බාධා තත්වයන් වැඩි විය හැක.
-

● කුම්භ
ඔබට මෙම සතිය තුල  මුදල් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබීම නිසාම නාස්තිය අවම කර ගත හැක.
  කුම්භ ලග්න හිමි ඔබගේ රැකියා කටයුතු වල නිෂ්ඵල ගමන් උදා විය හැක.   රැකියා සොයන අයට සුදුසු රැකියා ලැබේ.
ඔබගේ පවුල් ජීවිතය තුල  ගමන් බිමන් අධික වීමට ඉඩ ඇති නිසා නිදහස  විවේකය අඩු විය හැක. පෙම් සබඳතා වලට ගැට‍ළු නිර්මාණය විය හැක.
-

● මීන
ව්‍යාපාර ගැට‍ළු නිරාකරණය විය හැක. ඔබට අමතර ආදායම් මාර්ග වලින් සුබ ප්‍රතිඵල පෙන්නුම් කරන සතියක් වීමට ඉඩ ඇත.
මීන ලග්න හිමි  රැකියා විරහිත ඔබගේ නව රැකියා ලැබීමට ඉඩ ඇත. තිබු ගැටලුකාරී තත්වයන්ට යහපත් විසඳුම්  සොයා ගැනීමට හැකිවේ.
ගෘහ ජීවිතය තුල පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කිරීමට සිදුවේ. විනෝද ගමන් බිමන් යෙදීමට යාමට සිදු වන කාලයකි.
-

#ඉරු

077 22 38041
irusewaya@gmail.com