Tuesday, December 2, 2025

ජය ගෙනදෙන "ජය යෝගය "

 


ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාකුම්භරාශි ගත වීමෙන් මෙම යෝගය ඇති වෙයි. 


මෙම යෝගයෙන් උපන් අය ඉතාම ධෛර්යවන්ත අය වෙති. ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි. පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි. කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.


 ඔබගේ ලග්නය අනුව ඔබට ජය යෝගය තිබේද ???


* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.


-

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ, මෙම යහපත් යෝග තත්වය, ධෛර්යවන්ත භාවය ඇතිව ඔබට වඩාත් යහපත් වන්නට නම් සෙනසුරු ග්‍රහයා හොද පිහිටිමක මෙන්ම අසුභ දෘෂ්ටි නැතිවද, නැකත් යනාදියද අංශක වලින් මෙන්ම නවාංශකය යනාදි සියලු කාරණා අනුව හොදින් පිහිටා තිබිය යුතුය


** පොදු කරුණු පමණි !


071 383 5369

(WhatsApp)


#senasuru #jaya #jayayogaya #colombo  

Monday, December 1, 2025

දෙවිවරු අපට පිහිට විය යුතුද ?



බ්‍රහ්ම තත්වය හෝ දේවත්වයට පත්වන්නේ තමන්ගේ යහපත් කර්ම ශක්තිය අනුවය.

 එම තත්වයන් වලට පත්වූ විට මනස ඉතා දියුණු වේ. එම තත්වය අපට තේරුම් ගැනීම ඉතාම අපහසුය.

මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේ, ශක්‍ර දේවේන්ද්‍රයාණන්වහන්සේ සිට, කිසිදු බ්‍රහ්මයෙකු, කිසිදු දෙවියකු කර්මයට විරුද්ධව වැඩ කරන්නේ නැත. කර්මයට විරුද්ධව වැඩ කරන්නටද බැරිය..


දෙවිවරු සිටින්නේ මිනිසුන්ට පිහිට වීමට පමණක්මය කියා අපේ සිතේ තිබුනත්, 

දෙවියන්ගේ පිහිට ලැබෙන්නට බොහෝ කාරණා තිබේ. එයට මූලිකව කර්ම ශක්තියද බලපායි.

අප විසින් එය බුද්ධියෙන් තේරුම් ගත යුතුය.


・゚
අප රටට සිදුවූ දේ සහ ස්වභාවික අනතුරු වලට බොහෝවිට කර්මයේ බලපෑමක් ඇත. 

එය අප තේරුම්ගෙන ජිවිතය ගෙන යා යුතු මිස, දෙවිවරුන්ට අපට පිහිට වූයේ නෑ කියා කල්පනා කිරීම මුග්ධ බවක් පමණි !




#ඉරු #prayforsrilanka