Saturday, July 12, 2025

" සෙනසුරු වක්‍ර වීම "



ග්‍රහලොව දුකට අධිපති ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා, මාර්තු 25 මීන රාශියට පැමිණි අතර, ජුලි 13 වනදා නැවත කුම්භ රාශියට පැමිණෙයි. මෙය වක්‍ර වීමකී. එනම් පිටුපසට ගමන් කිරීමකි. නැවත වක්‍රයෙන් මිදී මීන රාශියට සෙනසුරු ගමන් කරන්නේ 2025 නොවැම්බර් මස 28 වනදා එනම් දින 135කිනි. 


-

-

ලග්න 12 පොදුවේ බලපෑම මෙසේය. ( මෙය සෙනසුරු වක්‍රව සිටින කාලයට පමණි)

‍-

මේෂ 

12 වැන්නේ සිට 11 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

ආර්ථික තත්වයේ පැවති පීඩාකාරි තත්වය අඩුවනු ඇත. ආදායම් මාර්ග සහ ආදායම් තත්වය වර්ධනය වනු ඇත. ආදායම් සම්බන්ධව තිබුනු බාධා යම් කාලයකට මගැහැරීම අස්වැසිල්ලවක් වනු ඇත.

ගෘහ ජිවිතයේ ප්‍රශ්න ගැටළු තරමක් අඩුවනු ඇත.

සෞඛ්‍ය තත්වය පෙරට වැඩිය යහපත් වනු ඇත.


-

වෘෂභ

11 වැන්නේ සිට 10 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

ආදායම් මාර්ග වල යම් හිරවීමක් විය හැක. රැකියා ස්ථානයේ ගැටළු කරදර ඇතිවිමට යම් ඉඩක් ඇත. නව රැකියා වලට බාධා ඇතිවිමටත්, කල්ගත වීමටත් යම් ඉඩක් තිබේ.

ගෘහ ජිවිතය සහ ආදරය ප්‍රේමය සම්බන්ධව හිත තුල යම් කලකිරිම් පීඩා ඇතිවිය හැක.

කොන්ද සම්බන්ධ ආබාධ, කැක්කුම් ඇතිවිමට ඉඩ ඇත. පපුවේ අසනීප ගැනද අවදානමත් වන්න. 




-

මිථුන

10 වැන්නේ සිට 9 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවන කාලයකි. ආර්ථික වශයෙන් තරමක් පීඩාකාරි වන කාලයක් වන අතර, කෙසේ වුවද පෙරට වඩා යහපත් තත්වයක් අපේක්ෂා කල හැක. 

ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා පවුල සහ සම්බන්ධ කටයුතු වෙනුවෙන් වෙහෙස වන කාලයකි. 

සෞඛ්‍ය තත්වය ගැටළුවක් නැත.



-

කටක

9 වැන්නේ සිට 8 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

නැවතත් ආර්ථික වශයෙන් තරමක් පීඩාකාරි කාලයක් වනු ඇත. වෙනදා තිබුනු උද්යෝගිමත් තත්වය අඩුවිමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලදි ගැටළු ඇතිවිමට ඉඩ ඇත. 

පවුල් ජිවිතය තුල වෙනදාට වඩා අඩදබර මෙන්ම සිත් නොහොදකම් ඇතිවිමට ඉඩ ඇත. ඔබගේ මුරණ්ඩු ගති පැවතුම් නිසාද ගෘහ ජිවිතය තුල කලකිරිම් ඇතිවිය හැක.

සෞඛ්‍ය තත්වයේ දත් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත. 


-

සිංහ

8 වැන්නේ සිට 7 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

මෙතෙක් පැවති ගැටළු ආර්ථිකය සම්බන්ධව තරමක් යහපත් වනු ඇත. ආර්ථිකයේ දියුණුවක් අපේක්ෂිතය. වෙනදාට වඩා ප්‍රබෝධයෙන් කටයුතු කිරීමක් ඇතිවනු ඇත. 

ගෘහ ජිවිතය තරමක් පීඩාකාරි සිදුවීම් සිදුවිය හැක. මංගල යෝග ප්‍රමාද විය හැක. හවුල් ව්‍යාපාර, කණ්ඩායම් සමග කරන කටයුතු වලදි ගැටළු ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත. 

සෞඛය තත්වයේ යටි බඩ ආශ්‍රිත රෝග පීඩා ගැන සැලකිලිමත් වන්න.



-

කන්‍යා

7 වැන්නේ සිට 6 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

මෙය යහපත්ය. ව්‍යාපාර කටයුතු වල නව තීරණ ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තමන්ට උදව් උපකාර ලැබෙනු ඇත. යහපත් තීරණ ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. ගන්නා තීරණ වලින් තමන්ට වාසි අත්වන කාලයකි.

ගෘහ ජිවිතය වෙනදාට වඩා සාර්ථක වෙයි. ගැටළු නිරාකරණයට හැකියාව ලැබෙයි. 

සෞඛ්‍ය තත්වයේ මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න ( මුත්‍රා ආසාදන).



-

තුලා

6 වැන්නේ සිට 5 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

ආර්ථික තත්වයේ ලැබීම් තත්වය අඩුවනු ඇත. වාසි තරමකට නොලැබී යාමට හෝ කල්ගත වීමට ඉඩ ඇත. 

ප්‍රේම සබදතා වලට තරමක ගැටළු ඇතිවිමටත්, විවාහයට බාධා වි කල්ගත වීමටත් හේතු ඇතිවිය හැක.

උදරය ආශ්‍රිත රෝග පීඩා - බඩ කැක්කුම් වැනි දේ ගැන සැලකිලිමත් වන්න.


-

වෘශ්චික

5 වැන්නේ සිට 4 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

ආර්ථික තත්වය පෙර තිබූ තත්වයට වඩා පීඩාකාරි විය හැක. රැකියා කටයුතු වල අඩපණ වීමක් ඇතිවිමට ඉඩ ඇත. ආර්ථික තත්වය වර්ධනය වෙනුවෙන් විශේෂ පියවර ගන්නා කාලයකි. 

ගෘහ ජිවිතයේ පීඩාකාරි සිදුවිම් වන කාලයකි. සිතට දුක ඇතිවන සිද්ධීන් සිදුවෙයි. 

වෙනදා ගැනීමට නොහැකි වු තීරණ ගන්නා කාලයකි.

ශ්වසානාබාධ හෝ ආශ්‍රිත ආසාදන ඇතිවිමට ඉඩක් ඇති නිසා පරිස්සම් වන්න.


-

ධනු

4 වැන්නේ සිට 3 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

පෙර තිබුනු ආර්ථිකය සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට යම් කාලයකට හැකියාව ලැබෙනු ඇත. මුදල් සම්බන්ධ ගනුදෙනු වලදි තරමක් ප්‍රවේසම් විය යුතුය. ආදායමට වඩා වියදම වැඩිවන කාලයක් විය හැක. නව රැකියා අවස්ථා උදාවන කාලයකි. 

ගෘහ ජිවිතය තුල තම සහෝදර සහෝදරියන්ගෙන් ආධාර උපකාර ලැබෙන කාලයකි. 

සෞඛ්‍ය තත්වය යහපත් වනු ඇත. 


- 

මකර

3 වැන්නේ සිට 2 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

ආර්ථික තත්වය තරමක් සුභව තිබුනේ නම් එයට යම් පීඩාකාරි කාලයක් ඇතිවනු ඇත. එනම් ලැබීමට තිබුනු දෙයක් නොලැබීමට ඉඩ ඇත. රැකි රක්ෂා කටයුතු වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ගිවිසුම් ගත වීමේදි ප්‍රවේසම් විය යුතුය.

ගෘහ ජිවිතය තුල, ප්‍රේම සබදතා වලට ගැටළු ඇතිවිමට ඉඩ ඇත. 

සෞඛ්‍ය තත්වයේ ඇස් රෝග ගැන සැලකිලිමත් වන්න. හිස ආශ්‍රිත රෝග පීඩා ගැනද සැලකිලිමත් වන්න. 



- 

කුම්භ

2 වැන්නේ සිට 1 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

පෙරට වැඩි යහපත් කාලයක් අපේක්ෂා කල හැක. අනාගතයේ යහපත් ආර්ථික තත්වයක් වෙනුවෙන් තීරණ ගන්නා කාලයකි. 

ගෘහ ජිවිතය තුල තරමක් ගැටළු ඇතිවිමට ඉඩ ඇත. යාළු මිත්‍රාදින් නිසා යම් ගැටළුකාරි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත. 

සෞඛ්‍ය තත්වයේ හිස ආශ්‍රිත රෝග පීඩා ගැන පරිස්සම් වන්න.


-

මීන 

1 වැන්නේ සිට 12 වැන්නට සෙනසුරු වක්‍ර වෙයි.

නීතිමය ගැටළු ඇතිවිමට ඉඩ ඇති කාලයකි. 

වෙනදා තිබුනු ආර්ථික තත්වයේ ගැටළු තවත් වර්ධනය විමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයකි. නැතිනම් ප්‍රශ්න ගැටළු ඇතිවිමට ඉඩ ඇත. 

ගෘහ ජිවිතය වෙනදාට වඩා කර්කශ වීමට ඉඩ ඇත. දෙමාපියන් සමග අඩදබර ඇතිවිමට ඉඩ ඇත. දුරදිග නොසිතා වැඩ කටයුතු කිරිමෙන් ගැටළු ඇතිවිමටත් ඉඩ ඇත.

ඇස් පෙනීම ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත.


- 

කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්, 

යන්ත්‍ර - ආභරණ,  නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන්

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)

සෙනසුරු වක්‍ර වීම



 ග්‍රහලොව දුකට අධිපති ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා, මාර්තු 25 මීන රාශියට පැමිණි අතර, ජුලි 13 වනදා නැවත කුම්භ රාශියට පැමිණෙයි. මෙය වක්‍ර වීමකී. එනම් පිටුපසට ගමන් කිරීමකි. නැවත වක්‍රයෙන් මිදී මීන රාශියට සෙනසුරු ගමන් කරන්නේ 2025 නොවැම්බර් මස 28 වනදා එනම් දින 135කිනි.

සෙනසුරු වක්‍ර වීම රටට බලපෑම පොදුවේ මෙසේය.

සෙනසුරු වක්‍ර වීම තුල ජනතාව යුක්තිය වෙනුවෙන් කැපවන සාධාරණය ඉල්ලන කාලයක් වෙයි. වැඩ වර්ජන යනාදියටත් ඉඩ තිබේ. මෙය ජනතාවට යහපත් තත්වයක් වුවද, රටට එතරම් යහපත් නොවන බව කිව හැක.
රටට විදේශීය රටවල බලපෑම ඇතිවිය හැක.
ආණ්ඩුව වෙනදාට වඩා ජනතාවට සංවේදී වෙමින් කටයුතු කල යුතු කාලයකි.
ජනතාවට පීඩා - බදු යනාදිය වැඩිවන කාලයකි.
මේ කාලයේ ජනතාවට මානසික පීඩා බහුල වෙයි.
ජනතාවට ලබාදුන් පොරොන්දු නිසි ලෙස නොකිරිම තුල ඒ ගැන වැඩි වශයෙන් සංවාද - සාකච්ඡා ඇතිවන කාලයකි. ඒ තුල රජය අපහසුතාවයට ලක්විය හැක.

වැස්ස අඩුවීමටත්, උෂ්ණාධික තත්වය වැඩිවිමටත් ඉඩ ඇති කාලයකි.

-
ලග්න 12ට පොදුවේ බලපෑම ඊළගට...

Tuesday, June 3, 2025




 ඉහත කතාව, කූඹියෝ ටෙලි නාට්‍යය බැලීමේදි හාස්‍යජනක මෙන්ම කුතුහලයක්ද ඇති කරවන්නකි.

එය සාමාන්‍ය සමාජයේ පොදු මතයයි. කූඹියෝ කතාව දිගට බැලුවේ නම්, ප්‍රියන්ත මහඋල්පතගේ, ආච්චි අම්මා කියූ පරිදි, රාහුගේ බලය සහ ප්‍රියන්ත රජ වීම යන කාරණා අවසානයේ ඔහුගේ දේශපාලන ගමන සහ ආණ්ඩුවෙ ඇමති ධූරයකට පත්වීම දක්වා වූ තැනට කල්පනා කිරීමේදි නිවරදිය.

≈☆≈ කුජ / අගහරු 7 සිටිමෙන් පිරිමියාට අපල වේයැයි කීම වැරදි කතාවකි.
කුජ 7 සිටින ස්ත්‍රිය, ශක්තිමත්ය. විශේෂයෙන් ලිංගික කටයුතු සහ සියලු කටයුතු වලදි මනා ශක්තිමත් භාවයක් ඇයට හිමිය. දුර්වල පිරිමියෙකු හා ඇය විවාහ වුවහොත්, එම විවාහය සාර්ථක නොවිමට ඉඩ ඇත.

✪ සරලවම කීමේදි, කුජ 7ට කුජ 7 ගැලපේ යන්න කිව හැක.
✪ කුජ 7ට, ගුරු / බ්‍රහස්පතී 7 ගැලපේ යන්න කිව හැක.
✪ කුජ 7ට ශනි / සෙනසුරු 7 නොගැලපේ යන්න කිව හැක.

➠ නමුත්, කුජ 7ට, ගුරු 7 සිටිම සාර්ථකදැයි කීමට එම ග්‍රහයන් සිටින තැන පමණක් නොව, නවාංශක කේන්දරය, කුජ සහ ගුරු ග්‍රහයන් සිටින අංශක ( භාව / සූක්ෂම කේන්දර), අධිපති ග්‍රහයන්, උප අධිපති ග්‍රහයන්, නැකත් යනාදි බොහෝ දේ බලපායි.

➳ දක්ෂ - ප්‍රවීණ මෙන්ම මානුෂීය බුද්ධිමත් ජෝතිර්වේදියෙකුට කේන්දරය පෙන්නූවිට සියලු කාරණා මුල සිට ගැඹුරින් විග්‍රහ කර මිස, කේන්දරයේ ග්‍රහයන් සිටින තැනින් පමණක් " පලාපල කියන්නේ නැත "..
එසේ වීමෙන් සිදුව ඇත්තේ, කේන්දර සහ විශේෂයෙන් විවාහයට අදාල පොරොන්දම් ගැලපීමේදි ජෝතිර්වේදින් 1කුට වැඩි ප්‍රමාණයක් ගාවට යෑමය. එය අතිශයින් අසාර්ථක මෙන්ම මෝඩ වැඩකි.

- #ඉරු #අනාවැකි #විවාහය #ලංකාව #කුජ7
-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)