Saturday, July 12, 2025

සෙනසුරු වක්‍ර වීම



 ග්‍රහලොව දුකට අධිපති ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා, මාර්තු 25 මීන රාශියට පැමිණි අතර, ජුලි 13 වනදා නැවත කුම්භ රාශියට පැමිණෙයි. මෙය වක්‍ර වීමකී. එනම් පිටුපසට ගමන් කිරීමකි. නැවත වක්‍රයෙන් මිදී මීන රාශියට සෙනසුරු ගමන් කරන්නේ 2025 නොවැම්බර් මස 28 වනදා එනම් දින 135කිනි.

සෙනසුරු වක්‍ර වීම රටට බලපෑම පොදුවේ මෙසේය.

සෙනසුරු වක්‍ර වීම තුල ජනතාව යුක්තිය වෙනුවෙන් කැපවන සාධාරණය ඉල්ලන කාලයක් වෙයි. වැඩ වර්ජන යනාදියටත් ඉඩ තිබේ. මෙය ජනතාවට යහපත් තත්වයක් වුවද, රටට එතරම් යහපත් නොවන බව කිව හැක.
රටට විදේශීය රටවල බලපෑම ඇතිවිය හැක.
ආණ්ඩුව වෙනදාට වඩා ජනතාවට සංවේදී වෙමින් කටයුතු කල යුතු කාලයකි.
ජනතාවට පීඩා - බදු යනාදිය වැඩිවන කාලයකි.
මේ කාලයේ ජනතාවට මානසික පීඩා බහුල වෙයි.
ජනතාවට ලබාදුන් පොරොන්දු නිසි ලෙස නොකිරිම තුල ඒ ගැන වැඩි වශයෙන් සංවාද - සාකච්ඡා ඇතිවන කාලයකි. ඒ තුල රජය අපහසුතාවයට ලක්විය හැක.

වැස්ස අඩුවීමටත්, උෂ්ණාධික තත්වය වැඩිවිමටත් ඉඩ ඇති කාලයකි.

-
ලග්න 12ට පොදුවේ බලපෑම ඊළගට...

No comments:

Post a Comment