Tuesday, March 25, 2025

සෙනසුරු මාරුව ( 2025)


Uploading: 2230272 of 3289926 bytes uploaded.


සෙනසුරු ග්‍රහයා වසර 2 හමාරක් තමාගේ රාශියක් වන කුම්භ රාශියේ සිට, එනම් තමාගේ ගෙදරින් පිටවී, ගුරුතුමා ගෙදර වන/ රාශිය වන,  මීන රාශියට 2025 වසරේ මාර්තු 29 වනදා පැමිණේ.
මීන රාශියෙන් 2027 ජුනි මස 03 ( 06/03) වනදා ඊලග මාරුව සිදුවේ.

සෙනසුරු ජල රාශියකට පැමිණීම තුල, වැසි තත්වයන් වැඩිවන කාලයක් වෙයි. ගංවතුර සහ බැදුනු ස්වභාවික තත්වයන්ද ඇතිවීමේ වැඩි ඉඩක් පවති.
මේ මැයි මස වනතුරු, සිකුරුද සිටින්නේ මීන රාශියේ බැවින්, ප්‍රසිද්ධ කලාකරුවන්ගේ හදිසි වියෝවීම් සිදුවන්නට ඉඩ ඇති කාලයකි.
ගුවන් යානා අනතුරු වැනි දේද සිදුවන්නට ඉඩ ඇති කාල පරාසයකි.
සමස්තයක් ලෙස වියදම් අධික වන කාලයකි. ධනය රැකගැනීමට කටයුතු කල යුතුය.
උද්ඝෝෂණ - වැඩ වර්ජන සිදුවන කාලයකි.
ආණ්ඩුවට ජනප්‍රසාදය අඩුවන්නට හේතුවන කාල සීමාවකි. ඉක්මණ් ක්‍රියාමාර්ග ගෙන, ජනතාවට නිසි සහන සහ නීතිය ආධිපත්‍යය සම්බන්ධ කටයුතුද කිරීම තුල ජනතා ප්‍රසාදය පවත්වාගැනීමට හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් කිව යුත්තේ තීන්දු තීරණ ඉක්මණින් ගත යුතු බවයි.
තාක්ෂණික පිපිරීම් වැනි දේ ලෝ පුරාම සිදුවිය හැක.  -
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය, අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
  • irusewaya@gmail.com
071 383 5369 (WhatsApp)

Monday, March 24, 2025

රතන යන්ත්‍ර​ය




 රතන යන්ත්‍රයය බුදු ගුණ යන්ත්‍ර අතරින් ඉතාම ප්‍රතිඵලදායක යන්ත්‍ර රත්නයකි.


*
මෙම යන්ත්‍ර මනාකොට ජීවම් කටයුතුව පැළදීමෙන් සියලුම උපද්‍රව නැතිවේ.

එසේම මෙම යන්ත්‍ර භාවිතය නිසා තමාගේ වැඩ කටයුතු කාර්ය සාධනය ඇතිවේ.

* එමෙන්ම සමහර අයට බලපාන යක්ෂ, ප්‍රේත උපද්‍රව එසේම ඇස්වහ කටවහ දෝෂ කුඩා දරුවන්ට බලපාන්නාවූ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ මේ ආදි සියලුම උපද්‍රව මෙයින් වැළකේ.

* සතුරන් දමනය වීමටත්, එසේම තමාගේ වචනය අන් අය පිලිගැනීමටත් බලගතු වන අගනා යන්ත්‍රයකි, රතන යන්ත්‍රය.


◙ යන්ත්‍ර කෙතරම් තිබුනද, සියලුම යන්ත්‍රයන් තමාගේ කේන්දර සටහන අනුව නැකැත් වලට ගැලපෙන ආකාරයට තමාගේ ග්‍රහ තත්ව හැසිරෙන ආකාරයට විමසා බලා, ඒ අනුව පැළදිය යුතුය.


*
කටයුත්ත ආරම්භයේ සිට අවසානයද, පැලදීමද නිසි ලෙස සුභ නැකැත් වලට අනුව පමණක් කල යුතුය. එසේ නොකිරීමෙන් ඇතිවන සුභ ඵල අවමය. 


-
යන්ත්‍රය කිරීමට සම්බන්ධ වන තැනැත්තන් සියලුදෙනාද සීලවන්ත ගුණවන්ත අය විය යුතුය. එසේම නිර්මාංශ වීමද වැදගත්ය. 


-
කඩයකින් බඩුවක් ගන්නා සේ ගෙන පැලදීමෙන් අයහපත මිස යහපතක් නොවේ. අවම සතියක්වත් මෙම කටයුත්තට ගතවනු ඇත, එය තීරණය කල යුත්තේද කේන්දරය අනුව පවතින ග්‍රහබලය ගැන මනා අවබෝධයකින් යුතුවය. 


#ඉරුසේවය


Iru Astrology


කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව

ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)