Saturday, June 22, 2019

අපද සිටින ක්‍රීඩාවට සම්බන්ධ සමූහයක අදහස් දැක්කා.

ඒ තුලම අපි මුළු රටේම විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල වල දකින දේ සහ ඒ අනුව තමන්ටත් අත් කරගන්නා ඉරණම ගැන කණගාටුවෙන් උවත් මෙසේ ලියමු.

● වෙන රටක ක්‍රිකට් දක්ෂතාවයකට අපේ අය ලේසියට හොද කියන්නේ නැත.
ඒ ආකාරයටම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන්ට අපහාස කරන ආකාරය අතිශයින්ම කණගාටුදායකය.

● පාර්ලිමේන්තුවේ 225 හොද නැතිව ඇත. ඉතිරි දේශපාලකයන් සියල්ලද හොද නැතිව ඇත. නමුත් තමන්ම එවන් අයව පත් කර කිසිවක් නොදන්නවා සේ එවන් අයට අපහාස කරන අය, හෙණ පමණක් නොව මැරේවා කියමින් පතන අය ගැනද ඇතිවන්නේ කලකිරීමකි.
- දේශපාලකයන් වැරදි බව ඇත්තය. නමුත් එවන් අයට වුවද ඔය විදියට අපහාස, පලි ගැසීම් වැනි දේ කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ අධ්‍යාත්මය දුර්වල වීමය. තමන් වෙනම අකුසල් සිදු කරගැනීමය.
- කෙනෙක් වරදක් කර ඇත්නම් පවතින නීතියේ හැටියට දඩුවමකට ලක්විය යුතුය. එයට නීති ප්‍රතිපාදන ඇති අතර එසේ නම් ඒවා කල යුතුය. එසේ නොකර වීර කතා මෙන් තමන් හිතන දේ කරමින් හැසිරෙන අය සැබවින්ම කරගන්නේ තමන්ටම වරදකි.

- අනුන්ගේ වැරදි දැන හෝ නොදැන අපහාස කරන්නට, සාප කරන්නට දගලන එවන් අය සැබවින්ම හොද චරිතද ?
- “පාපයෙන් දූෂිත නොවූ තැනැත්තා පලමු ගල ගසන්න“ ලෙස ජේසුතුමා කියූවා සේ, අන් අයට මෙසේ අපහාස කරන අය ඇත්තටම නිර්දෝෂි යහපත් අයද ???

#සිතන්න #ඉරුජුනි2019

Friday, June 14, 2019

සිංහලයන් 71-72%

යම් පිරිසක් ඉතා බියවී ඇත්තේ ලංකාවේ බහුතරය මුස්ලිම් අය වනු ඇත කියාය. සමහර ස්වාමින්වහන්සේලා විසින් කරන ලද ප්‍රකාශද මේවා මෙසේ සිතන්නට තුඩු දී ඇත.

- මේ රට ඊලග කල්පාන්තය තෙක්ම සිංහල බෞද්ධයන් මූලිකව සිටින රටකි ( දැන් සිට)
- අප දන්නාදේ අනුව, භාවනානුයෝගී උතුම් අධ්‍යාත්මික ගුණ සහිත අයගේ දැනුම අනුව එය වෙනස් වන්නේ නැත. යම් පිරිසක් එසේ කරන්නට උත්සාහ කරන්නේ නම් ඔවුන්ටද විශ්වය විසින්ම දඩුවම් දෙනු නියතය.

● මේ කාරණා අපගේ අංශයෙන් හැරුණුකොට දැනගැනීමට, අප විසින් මෑතකදී ජන සංඛ්‍යාලේඛන සම්බන්ධව සොයන ලදි. ඒ අනුව, සිංහලයන් 71-72% අතර ප්‍රමාණයක් සිටිති.
* යුද්ධයෙන් පසු එනම් 2009ට පසුව සිංහල ජන ප්‍රමාණය වැඩි වීමද සිදුවී ඇත. ළමයින් 1-2 හැදුවද සිංහල ජාතිය අඩු වී නැත ( ළමයි 1-2 ප්‍රමාණවත් නැත). යම් ප්‍රමාණයක් වැඩිවී ඇත.
● 9.7-10.1% සිටින ජනවර්ගයකට ලංකාවේ ප්‍රධාන ජන කොටස වන්නට නම්, එයට ඔවුන්ගේ වර්තමාන වේගය අනුවද 2200ටත් එහා කාලයක් ගත වනු ඇත. මුස්ලිම් ජනයා වැඩිම ජන සංඛ්‍යාව බවට පත්වූ රටවල් බොහෝමයක් එසේ කර ඇත්තේ යුද්ධයන් මුල් කරගෙනය. දරු උපත් ප්‍රමාණයෙන් නොවේය.
- නැති භංග වෙමින් පවතින ISIS බෝම්බ පිපිරෙව්වේද ඔවුන්ට අවශ්‍ය පරිදි මුස්ලිම් ජනතාවට අනිකුත් ජනතාව විසින් ප්‍රහාරයන් එල්ල කර ඉන්පසුව මේ රට තුල ත්‍රස්තවාදි කටයුතු සිදු කරගෙන යෑම මුල් කරගෙන විය යුතුය.

- නමුත් 30 වසරක යුද්ධය ගැන දන්නා ලංකාවේ ජනතාව එසේ මෝඩ වූයේ නැත. දේශපාලුවන්ට වාසි ලැබෙන්නට, ජනතාවට කරදර වන්නට නැවත ජාතිවාදි ගිනි ඇවිලෙව්වේ නැත.
එනිසා දැනටද පවතින පරිදි ISIS ඉතාම පසුබෑමක සිටින අතර ඉදිරි වසර වල නැත්තටම නැතිවනු ඇත.

● මුස්ලිම් ජනතාව පසුගිය වසර 10-20 කාලයෙදි, ඇඳුමින්, ආහාර වලින්, බැංකු, විවාහ නීතියෙන් සහ තවත් යම් යම් දෑ වලින් ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඈත් විය.
- තවමත් ඔවුන් නියම ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් වන්නට නිසි සූදානමක් ඇති බවක් අපට පෙනෙන්නේ නැත. එසේ වන්නේ නම් ගැටළු අවම වනු ඇත.

* වසර යම් ගණනාවකට පසුව, ලෝකයම ජනශූන්‍ය තත්වයට පත්වෙයි. එදාට වැඩිම ජන සංඛ්‍යාව සිටින්නේ කාටද යන්න කාටවත් ප්‍රශ්නයක් නොවනු ඇත බව අපගේ විශ්වාසයයි !!!

#ඉරු #ඉරුජුනි

Saturday, June 8, 2019

පසුගිය කාලයේ අධ්‍යයනය කල කේන්දර සටහන් වල බොහෝ සුබ පිහිටීම් තිබුනි.
රාජ යෝග, නීච භංග රාජයෝග පමණක් නොව පරිවර්ථන යෝග ආදියද තිබුනි.

● කේන්දර සටහනේ කුමන සුභ පිහිටීම් තිබුනද ඒවා පලදීම සිදුවන්නේ නිවරදිව ඒ ගැන දැන හදුනාගෙන කටයුතු කිරීමෙනි.
ඔබට සුප්‍රසිද්ධ කතාවක් වූ “ ඉසුරු යෝගයේ“ මුතුමිණ මහතාව මතක ඇතැයි සිතමු. ඔහු කියූ පරිදි රාජ යෝග තිබුනද ඒවා පලදුන්නේ නැත. ඒවා පලදීමද විය යුතුය නැත්නම් වැඩක් නැත.

● සමහර අයට යහපත් කේන්දරයක් තිබුනට වෙනත් බලපෑම් නිසා ඒවා අහිමි කරගෙන ඇත.
●ඒවා අතර මූලික දෙයක් වන්නේ තමාගේ කටයුතුය.
●ඊට අමතරව තමන්ට කරන හදි හූනියම් ආදියද බලපෑමට ඉඩ ඇත.
●සමාජීය වටපිටාවේ ඇසුරු කරන අය නිසා තමන්ගේ දියුණුව ඇතිනොවීමට ඉඩ ඇත.
● එසේම තව සමහරක් වාසනාවන්ත කේන්දර සටහන් ඇති අයට ජිවිතයේ වටිනාම කාල වලදි ගතවන්නේ අයහපත් දසාවන්ය. එවිටද කටයුතු වලට බාධා සිදුවිය හැක. අදාල පැවැත්මෙන් සහ ශාන්ති කර්ම කිරීමෙන් එම අපල තත්වයන් දුරුකර ගත යුත්තේ එබැවිනි.

● හෙටින් අපල කාලය ඉවර නම් අද අපලය උග්‍රව තිබීමට ඉඩ ඇති අතර අද දිනයේ හදිසි අනතුරකින් අතක් පයක් කඩාගත්තොත් එය තව මාස 3ක් එක්තැන්වී සිටීමට හේතුවනු ඇත.
ඒනිසා කේන්දරය කුමක් වුවද ජය ලැබෙන්නේ නිසි කටයුතු නිසි ලෙස කිරීමෙනි. කළමනාකරණය යන වචනයේ තේරුමද නිසි කලට නිසි දේ කිරීමයි. z

#iru

Wednesday, June 5, 2019

සැලකිය යුතු කොටසකගේ #වැරදි මත බොහෝය.

1. නිතරම එක එක දෙවිවරුන්ට, පින් දෙන්නට ගාථා ඉල්ලීම
- පින් දෙන්නට ගාථා කියා වෙනම අවශ්‍ය නැත. කුමන හෝ පිනක් කර මේ පින අදාල දෙවියන්ට අනුමෝදන් වේවා ! ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම හොදටම ඇතිය.
( බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ බොහෝමයක් අධිෂ්ඨානය මත සිදුවිය)

2. ලගදි කෙනෙකු විසින් ඊශ්වර,විෂ්ණු, කතරගම දෙවිවරු අසුර ලෝකයට අයත් කෙලෙස් සහිත දෙවිවරු බව කමෙන්ට් කර තිබුනි. (ඊශ්වර දෙවියන් මේ අවස්ථාවේ යාම දිව්‍ය ලෝකයේ අධිපති දෙවියන්ය)
- එය සම්පූර්ණ වැරදි මෙන්ම, මිථ්‍යාදෘෂ්ටික අදහසකි. එසේම කුසල් සහිත දෙවිවරුන්, අසුර ගණයට ලා පැහැදිලිවම අකුසල් සිදු කරගන්නා අදහස්ය.
( එවන් මුග්ධ අදහස් ඇති අයට එය පැහැදිලි කිරීමටත් කාලය ගැනීම නිෂ්ඵල කාරණයක් සේ අප දකිමු)

* අසුර ලෝකය අයත් වන්නේ, සතර අපායෙන් 1කටය. සතර අපායට දෙවිවරු අයත් නැත.
* එසේම සියලු දිව්‍ය ලෝක වලට ප්‍රධාන සක් දෙවියන්ට පවා කෙලෙස් ඇත. සියලු දෙවිවරුන්ට කෙලෙස් යම් ප්‍රමාණයක් හෝ ඇත. කෙලෙස් ප්‍රහීන වන්නට දෙවිවරු කුසල් දම් වඩති.
⭕ සියලු දෙවිවරු දහමට ගරු කරති. විෂ්ණු, ඊශ්වර, කතරගම, පත්තිනි යන දෙවිවරුන් මතු බුදු වන්නට පෙරුම් පුරන අය වෙති.

- මිනිසුන් වැරදි මතවාද වල ඇලි ගැලී සිටියාට දෙවිවරු අතිබහුතරය එසේ නැත. එයට හේතුව පරණ බුදුවරුන්ගේ කාලයේ පවා වැඩ සිටි අදටත් සිටින මාර්ගඵලලාභී දෙවිවරු පවා දෙව්ලොව සිටිමයි. මිනිසුන්ට වඩා කුසලය, අවබෝධය ඉහල දෙවිවරු, අනිත් දෙවිවරුන්ට උදව් කරති. දහම කියා දෙති. ධර්මාවබෝධයට පියවරෙන් පියවර ගෙනියති.

* භූත - ප්‍රේත - අසුර - කුම්භාණ්ඩ - පිසාච වැනි පහත් අමනුෂ්‍ය තත්වයේ ලා සිටින සම්‍යක්දෘෂ්ටික නොවන බලවේග වල සිතුම් අනුව යමින් වැරදි මත වල සිටීම, සසර දික් කරගන්නා කටයුත්තකි..

#ඉරු

Tuesday, May 28, 2019

යම් පිරිසකගේ බලවත් විශ්වාසයක් තිබෙනවා අපේ රට යම් දිනක, මුස්ලිම් අය විසින් අල්ලා ගනීවි කියල.
- ත්‍රස්තවාදි ප්‍රහාරයන් සිද්ධ වන්නට පෙර, ජනගහණය වැඩි කරගැනීමෙන් රට ඇල්ලීම ගැන සමාජයේ පවා කතාබහක් තිබුනා.
- ජනගහණය වැඩි කිරීමෙන් රට අල්ලා ගැනීම සහ ඊට අදාල දේවල් නොකර සිටියා කියා ප්‍රතික්ෂේප කිරීමක් අප කරන්නේ නැත.

* නමුත්, මෙම දිවයින අප දන්නා සූවිසි බුදුවරුන්ගේ 1 වෙනි බුදුන්වහන්සේ වැඩි ඕජ දීපයයි. මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුන්වහන්සේද වඩින, ලංකා ද්වීපයයි. මෙත් බෝසත් මහ දෙවියන්, තව්තිසාවේ සිට ලංකාව බලනවා සේම, මාතෘ දිව්‍ය රාජයා තම පුතාගේ බුදු සසුන සහ එය රැකෙන රට ගැන බලා සිටිනවා. දිව්‍ය - බ්‍රහ්ම 2ටම ප්‍රධාන වූ සක් දෙව් රජ, මහා බ්‍රහ්ම රාජයා මෙන්ම සතරවරම් දෙව් රජවරුද දැන් සෝවාන් තත්වය පවා ඉක්මවා සිටින අය. ඒ සියලුදෙනා මේ කුඩා දිවයින දෙස බලා සිටිනවා.
( දැන් ඔබ අහන්න පුලුවන්, බෝම්බ, වැරදි පාලකයන් ගැන. ඒව ජනතාවගේ කර්ම ශක්තියේ දේවල්. වැරදි තීරණ ගැනීම් වගේ ඒව. කර්ම ශක්තිය වෙනස් කරන්න බුදුන්වහන්සේවත් කටයුතු නොකල අවස්ථා තිබුනා)

- එනිසා කුමන දේ තිබුනද, මේ රට සිංහල - බෞද්ධයින්ට වඩා වැඩියෙන් වෙනත් වාර්ගිකයන්ගේ රටක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. එයට යමෙක් උත්සාහ දරයිද, ඔවුන් විනාශ වී යනු ඇත.

එය මේ මහ පොලවේ ධර්මතාවයකි !

#ඉරු

Friday, May 24, 2019

කුවේණිය ලංකාවට සාප කල බවට මතයක් පැතිර යමින් පවති. එය පෙර සිටන් පැවත එන්නකි. එනිසාම ලංකාවට කරදර සිදුවන බවක් කියයි.
- එසේ වුවද එය වැරදිය. කුවේණිය ශාප කලේ තමන්ට අසාධාරණ කල, තමන් රැවටවූ අයටය. එනම් විජය රජතුමාටය..

- ලංකාවට වැරදීම් සිදුව ඇත්තේ, ලංකාවේම මිනිසුන්ගේ අකුසල අනුවය. පත් කරගන්නේද වැරදි අයවය. පත් කරගත්තද ඊටපසුව නරක් හෝ පෙර නොවූ විරූ නරක පෙන්වන අයද බොහෝ සේ සිටිති.



#ඉරු

Thursday, May 23, 2019

දෙබසක්,

 හිතවතා : මම එදා ඇහුවාම මෝදි දිනනවා කියල කිව්ව නේද ? ඇයි ඒක ෆේස්බුක් දැම්මෙ නැත්තෙ ?

අප : අහපු අය කීපෙකට ඒව බලල කිව්වා. ඒක ලංකාවෙ ක්‍රමයට නෙමෙයි, ඉන්දියාවේ විදියට හිතුව නම් දිනීම පැහැදිලියි. භාරතීය ජනතා පක්ෂෙට සහය දෙන ශිව සේනා ඉන්දියාවෙ හරි බලවත් ත්‍රස්තවාදි ගැටළු එක්ක.

හිතවතා : නොකිව්ව එක අපරාදෙ.

අප : එක විදියකට හිතුවාම එහෙමයි. ඒත් බෝම්බ සිද්ධිය අපි කිව්වෙ නෑනේ. ඇත්තටම ඒක අපි දන්නෙ නෑ. භාවනාවෙන් අපිට සම්බන්ධ අයගෙන් ඇහුවාම කිව්වෙ, ඒක කර්මානුරූපිව වෙච්ච දෙයක් කියලයි. සමහර ඒව කර්මය නිසා වෙනස් කරන්න බැහැ.

හිතවතා : වෙන දේවල් කිව්ව නම් නම තව ප්‍රසිද්ධ වේවි නේද ?

අප : අපිට ප්‍රසිද්ධිය කියන එක ඔය තරම උවමනා නෑ. එහෙම උනා නම් ටිවි චැනල් වලට යන්න තිබ්බ. එහෙම නොකලේ ඒක අත්‍යාවශ්‍ය නොවන නිසයි.
අනික වෙන හැමදේම අපි දන්නව නම්, ඒක ලෝක පැවැත්මට අභියෝගයක්.

හිතවතා : ඉස්සරහට මොනව වේවිද ? පහුගිය දවසක අනාවැකි කිව්ව නේද ඊලග ජනාධිපති ගැනත් ? ඒව වෙනස් වේවිද ?

අප : රටක නායකයෙක් වෙන එක විශේෂ දෙයක්. ඒකට අදාල පින තියෙන්න ඕන. ඒක නැතිව වෙන්න බැහැ. මොන විදියට සෙත් පැතුවත්, මොන තරම යන්ත්‍ර කටයුතු කලත් ඒක ගන්න බැහැ. ඒ ගැන අපි කියපු අනාවැකි වල වෙනසක් වෙන්නෙ නැහැ.
රටට හොද වේවිද කියන එක වෙනම සිතා බැලිය යුත්තක්. රට හොද තත්වයකට පැමිණීමට නොහැකි බව ඇති කරන්නෙ පාලකයොයි ජනතාවයි. පාලකයන්ට බල තණ්හාව නිසා වෙනස් වීම් වෙනව. ජනතාව රැවටෙනවා තේරුම් ගන්නෙ නෑ.
ජනතාව වරද්ද ගත්ත විදියක් කියන්නම්, අපේ දැනුමට, 2017 අපි කිව්වා නැකැත් අනුව කටයුතු කරන්න එපා ඒ වෙලාවෙ අවුරුදු නැකැත් හොද නෑ කියල. එක නැකත හැමෝටම හොද වෙන්නත් බැහැනෙ. කො‍‍හොම උනත් එක වෙලාවකට දෙයක් හැමෝම කරන එක වටිනවා. ඒක කරලා නැති කරදර ඇති උනා. ඒවගේ තියෙනව.

හිතවතා : අපි මොකක්ද කරන්න ඕන ?

අප : සීලය, ප්‍රතිපත්තිය රැකගෙන ඉන්න. හොදට හිතල බලල ඡන්දය දෙන්න !

#ඉරු