Saturday, May 17, 2025

රාහු - කේතු මාරුව ( 2025 මැයි - 2026 දෙසැ)




ඡායා ග්‍රහයන් වන රාහු සහ කේතුගේ මාරුවද ජෝතිෂ්‍යය අනුව වැදගත්කමක් තිබෙන දෙයකි. ග්‍රහයන් 9 දෙනාගෙන් පිටුපසට ගමන් කරන ග්‍රහයන් 2 වන්නේද රාහු සහ ​කේතුය.
2025 මැයි 18 වනදා, රාහු ග්‍රහයා මීන රාශියේ සිට කුම්භ රාශියට ගමන් අතර, කේතු ග්‍රහයා කන්‍යා රාශියේ සිට සිංහ රාශියට පැමිණේ.

රාහු - කේතු මාරුව, 2026 දෙසැ 05 දක්වා වසර 1 හමාරක් පමණ කාලයක් පවති.

මෙම මාරුව සම​ග රිය අනතුරු වැඩිවීමට ඉඩ තිබේ. ඒ ගැන ජනතාව ඉතා සැලකිලිමත් විය යුතුය.

රාහු කුම්භයට ආවිට, ලංකා කේන්දරයේ 1 වැන්නට හෙවත් ලග්නයට එනම් හිසට රාහු පැමිණෙන නිසා, ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තරමක් දුරට පළුදු වීමට ඉඩ ඇත.
ආණ්ඩුවට මෙතෙක් කල් ජනතාව අතර තිබුනු ප්‍රසාදය අඩු වීමට හේතු​වෙයි. ආණ්ඩුව ඒ ගැන ඉතාම කල්පනාකාරිව සහ බුද්ධිමත්ව තීරණ ගත යුතුය.
රාහු ඔළුවේ සිටින නිසා තාවකාලික දේ වෙනුවෙන් දුර දිග නොසිතා තීරණ ගැනීම තුල අවාසි - අයහපත විය හැක.
ආණ්ඩුව එසේ දූරදර්ශීව කටයුතු නොකලොත්, එහි ප්‍රතිවිපාක ලැබෙන්නේ ජනතාවටය.


⚵ ලග්න 12ට පොදුවේ බලපෑම මෙසේය

මේ කියලා තියෙන්නෙ එක් එක් ලග්නයට අනුව පොදුවේ මෙහෙම වෙන්න පුලුවන් කියලයි.
කේන්දරයේ පිහිටිම එක්ක තියෙන බොහෝ දේ මත මෙම පලාපලය වෙනස් වීමට, අඩු හෝ වැඩි වීමට හැකියාව ඇත.
_

● මේෂ
රාහු 11 වැන්නට පැමිණෙන අතර, කේතු 5 වැන්නට පැමිණේ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන මේෂ ලග්න හිමියන්ට බොහෝ සුබයි. කෝටියක් දෝෂ භංග වෙයි. ලැබීම් වැඩි කරයි. ආදායම් තත්වයන් වර්ධනය වෙයි.
ආදර ප්‍රේමය පවුල් ජිවිතය සාමාන්‍ය පරිදි වෙයි.  සාමාකාමිව සතුටින් ගත කල හැක.
උදරාශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත.

-
● වෘෂභ
රාහු 10 වැන්නට පැමිණෙන අතර, කේතු 04 වැන්නට පැමිණේ.
පපුව ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත. රැකියා කටයුතු වල අවිනිශ්චිත භාවයක් ඇතිවිමට හේතු වේ. රැකියාවේ වෙනස් වීම් හෝ මාරුවීම් ඇතිවිය හැක. වෙනදාට වඩා ගමන් බිමන් ඇතිවිය හැක. ආදායම් මාර්ග වල තරමක දුෂ්කර තීරන ගැනිමට සිදුවිය හැක. ආදායම් තත්වය වර්ධනය පියවර ගැනිමට සිදුවනු ඇත.
පවුලේ සාමකාමි බව රැකගැනිමට බුද්ධිමත් තීරණ ගත යුතුය. සිත් නොහොදකම්, අමනාපකම් ඇතිවිමට ඉඩ තිබේ.
විදේශගතවීම් වලට සුබයි.


-
● මිථුන
රාහු 09 වැන්නට පැමිණෙන අතර, කේතු 03 වැන්නට පැමිණේ.
පෙර තිබුනු ආදායම් තත්වයන්ට තරමක බාධා ඇතිවිමට ඉඩ ඇත. දුරදිග නොසිතා ගනු ලබන තීරණ වලින්, ගැටළුකාරි තත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
ඉගෙනීම් කටයුතු වලට බාධා ඇතිවිය හැක. ඉතා කැපවීමෙන් යුතුව ඉගෙනීම් කටයුතු කල යුතු කාලයකි.
තම පවුලේ ආදරණීයන්ගෙන් වෙන්වීම් වලට හේතු තිබේ. 

-
● කටක
රාහු 08 වැන්නට පැමිණෙන අතර, කේතු 02 වැන්නට පැමිණේ.
ආදායම් තත්වයන් තරමක් වර්ධනය කරගැනිමට පියවර ගැනිමට සිදුවනු ඇත.
ගමන් බිමන් වැඩි වෙයි. වියදම අධික වෙයි. නොසිතුවිරූ වියදම් සිද්ධ වෙයි. ආදායම අඩුවන්නට හේතු යෙදේ. ඒ ගැන බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල ගැටළුකාරි තත්වයන් වලට, මතභේදාත්මක තත්වයන් ඇතිවිමට සහ වැඩි විමට ඉඩ ඇත. ප්‍රේම සබදතා වලට තරමක් අයහපත් කාලයකි.
යටි බඩ, ආමාශගත රෝග තත්වයන් ගැන සැලකිලිමත් විය යුතුය ( ආහාර අරුචිය)

-
● සිංහ
රාහු 07 වැන්නට පැමිණෙන අතර, 01 කේතු  වැන්නට පැමිණේ.
නුවණ මෙහෙයවා කරන වැඩ කටයුතු වලින් පෙරට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. ආදායම් තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙනු ඇත. මුදල් ආශ්‍රිත කටයුතු වලදි වෙනදාට වඩා නම්‍යශීලිව කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත.
ප්‍රේම සබදතා ඇතිවිමද, හදිසියේ විවාහයට හේතු කාරණා ඇතිවිය හැක. මංගල කාරණා ඉක්මන් විය හැක.
හිස ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න ( ඔළුව කැක්කුම්)


-
● කන්‍යා
රාහු 6 වැන්නට පැමිණෙන අතර, 12 කේතු  වැන්නට පැමිණේ.
සාමාන්‍ය ලෙස ආධ්‍යාත්මික කටයුතු වර්ධනය කරගත හැකිවනු ඇත. මුදල් වියදම් කිරිම අඩුවන කාලයකි. තම මිතුරන්ගෙන් ආධාර උපකාර ලැබෙනු ඇත. ආදායම් තත්වය තරමක් දුරට වර්ධනය කරගත හැකිවනු ඇත.
ඥාතින් සමග කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.
අක්මාව සම්බන්ධ රෝග තත්වයන් ගැන සැලකිලිමත් වන්න.

-
● තුලා
රාහු 05 වැන්නට පැමිණෙන අතර, කේතු 11 වැන්නට පැමිණේ.
අධ්‍යාපන කටයුතු වලට බාධා සිදුවන කාලයකි. ලැබීම් තරමක් අවම වන කාලයකි. හදිසි ධනලාභ වලට වාසනාව තිබේ ( ලොතරැයි වැනි).
ප්‍රේම සබදතා අඩාල වීමට ඉඩ ඇත. ප්‍රේමයේ - ආදරයේ සහ ගෘහ ජිවිතය තුල මතගැටුම් නිර්මාණය විමට ඉඩ ඇත .
උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත

-
● වෘශ්චික
රාහු 04 වැන්නට පැමිණෙන අතර, කේතු 10 වැන්නට පැමිණේ.
පපුව ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත. නිවාස වැඩ කටයුතු යනාදිය මග නතරවිමට ඇණ හිටිම වැනි බාධා ඇතිවිය හැක.
රැකි රක්ෂා කටයුතු වල වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට විශේෂයෙන් වෙහෙසවිය යුතු කාලයකි. නැත්නම් ණය වීමට පවා ඉඩ ඇති කාලයකි.
පවුල් ජිවිතය සහ ප්‍රේමය යනාදියටද බාධා සිදුවිය හැක. 



-
● ධනු
රාහු 03 වැන්නට පැමිණෙන අතර, 09 කේතු  වැන්නට පැමිණේ.
උසස් අධ්‍යාපන කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි. අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වීමට වාසනාව තිබෙන කාලයකි. වෙනදාට වඩා විවෘත භාවයකින් සහ සැහැල්ලුවකින් යුතුව වැඩ කටයුතු කරන කාලයකි. නව ව්‍යාපාර අවස්ථා උදාවිය හැකි කාලයකි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට වෙහෙසීමට සිදුවන කාලයකි.
කොදු ඇටපෙල ආශ්‍රිත රෝග පීඩා ගැන සැලකිලිමත් වන්න.

-
● මකර
රාහු 02 වැන්නට පැමිණෙන අතර, 08 කේතු  වැන්නට පැමිණේ.
ආර්ථිකය වර්ධනය කරගැනීම උදෙසා වෙහෙස වන්නට සිදුවන්නේ හවුල් ව්‍යාපාර වලට යොමුවි සිටින අය සමග මතභේද සහ මත ගැටුම් ඇතිවිම තුල ආර්ථිකය අස්ථාවර වීමද, දුර්වල වීමද සිදුවිය හැක.
වෙනදාට වඩා තරමක් කෝපය සහ ආවේගශීලි ගති ඇතිවන කාලයකි. මානුෂීය සබදතා වලින් තරමක් දුරස් වන කාලයකි.
ගෘහ ජිවිතය තුල ප්‍රේම සබදතා වලට අයහපත්ය. වචන පාලනයකින් තොරව පිට කිරිම තුල අයහපත් තත්වයක් සිදුවිය හැක.


-
● කුම්භ
රාහු 01 වැන්නට පැමිණෙන අතර, 07 කේතු  වැන්නට පැමිණේ.
ප්‍රේම සබදතා වල දුරස් වීමක් පෙන්නුම් කරන කාලයකි.
නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු සහ අලාභ විදින්නට සිදුවන කාලයකි.
ආර්ථික තත්වයේ කඩා වැටිම්ද පෙන්නුම් කරන කාලයකි. පවුලේ අනිත් අයගේ විශ්වාසය උදෙසා වෙහෙසි වැඩ කටයුතු කරන්නට සිදුවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ මානසික පීඩා බහුල කාලයකි. ආතතිමය තත්වයන් වැඩිවිම තුල, මනස ව්‍යාකුල වන නිසා මේ කාලයේ ඉතාම බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුය.

-
● මීන
රාහු 12 වැන්නට පැමිණෙන අතර, 06 කේතු  වැන්නට පැමිණේ.
විදේශගත වීම්, විදේශගත ලැබිම් යනාදිය ලැබෙන කාලයකි. ගමන් බිමන් වැඩිවන කාලයකි. ආර්ථික තත්වය පියවර ගැනිමට සිදුවන කාලයකි. නැතිනම් ආර්ථිකය පරිහානියට ලක්වන්නට ඉඩ ඇත්තේ වියදම් අධික වීම තුලය. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කල යුතු කාලයකි.
දුරදිග නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු විමට ඉඩ ඇත.
පවුල තුල මත ගැටුම් නිර්මාණය වීමට වැඩි ඉඩක් ඇති කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ඇස් ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇති නිසා සැලකිලිමත් වන්න.

-
රාහු මහ දසා, රාහු අතුරු දසා ගත කරන අයට පෙර කී තත්වයන් පොදුවේ වුවද වැඩියෙන් බලපෑමට ඉඩ ඇත.
_

රාහු - කේතු මාරුවෙන් සිදුවන අපල තත්වයන් සමනයට, “ ලග්නයට අනුව” පූජාවක් අප විසින් ලබාදෙන්නට තීරණය කර ඇත. එය  අවශ්‍ය නම් කරුණාකර අපට මසේජයක් යොමු කරන්න.
_

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

 අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, 

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

 නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)


No comments:

Post a Comment