Wednesday, October 1, 2025

බුධ මාරුව



 ග්‍රහලොව සුරතලා වන බුධ, තම ස්වක්ෂෙත්‍ර රාශිය වන කන්‍යාවෙන් මිදී, මිත්‍ර රාශියක් වන තුලාවට ඔක්.03 වනදා පැමිණේ. 

 මෙම ග්‍රහමාරුව ඔක්තෝබර් 24 දක්වා පවති.

මෙම ග්‍රහමාරුවෙන් කාලගුණ තත්වය වෙනස් වෙයි. තරමක් සීතල වෙයි. එනම් වර්ෂාව අපේක්ෂා කල හැක. 

ආණ්ඩුවට තරමක් අයහපත්ය. 

-

මේෂ 

6 වැන්නේ සිට 7 වැන්නට බුධ පැමිණේ.

පවුලේ සමගියට බාධා සිදුවන සිදුවීම් විය හැක. පවුල් ආරවුල් ඇතිවීමට පවා ඉඩ ඇති බැවින් ගැන බුද්ධිමත් තීරණ ගන්න. විවාහ වීමට සිටින අයට තරමක් සුභදායක නැත. 

-

වෘෂභ

5 වැන්නේ සිට 6 වැන්නට බුධ පැමිණේ.

අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනයට බාධා විය හැක.

දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට, ගබ්සාවීමක් හෝ දරුඵළ සම්බන්ධ ගැටළු ඇතිවිය හැක. 

-

මිථුන

4 වැන්නේ සිට 5 වැන්නට බුධ පැමිණේ.

තමන් මෙතෙක් කරගෙන ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු වලට නව බලාපොරොත්තු එක් කරමින් නව අවස්ථා - යෝජනා ඇතිවන කාලයකි. බලාපොරොත්තු ඉහල නැංවේ. 

රැකියාවේ උසස් වීම් අපේක්ෂිතය. ආර්ථිකයට යහපත්ය.

-

කටක

3 වැන්නේ සිට 4 වැන්නට බුධ පැමිණේ.

තමන් මෙතෙක් නිවාස සම්බන්ධ කටයුත්තකට පීඩාවෙන් සිටියා නම්, එම කටයුතු වලට ( නිවාස අඩිතාලම දැමීම වැනි) දේට යහපත්ය. 

සහෝදරයින්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. 

-

සිංහ

2 වැන්නේ සිට 3 වැන්නට බුධ පැමිණේ.

මුදල් සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට හැකිවනු ඇත. ගැන උදව් උපකාර කරන අය මුණගැසිමට ඉඩ තිබේ. කරගෙන කටයුතු වලට අන් අයගේ උදව් ලැබෙනු ඇත.

-

කන්‍යා

1 වැන්නේ සිට 2  වැන්නට බුධ පැමිණේ.

පෙර පැවති මුදල් සම්බන්ධ ණය ගැනිමක් හෝ සම්බන්ධව තිබෙන ප්‍රශ්න ගැටළු නිරාකරණයට හැකියාව ලැබෙන කාලයකි. ගැන උදව් උපකාර ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ව්‍යාපාර කටයුතු වල තිබුනු මූල්‍ය ගැටළු විසදෙනු ඇත.

-

තුලා

12 වැන්නේ සිට 1  වැන්නට බුධ පැමිණේ.

වියදම් කළමනාකරණය කරගත යුතුය. විවිධ වියදම් යෙදෙනු ඇත. 

තමන්ගේ රූසපුව, තමන්ගේ ශරීරයේ යහපත ගැන වැඩියෙන් සිතීම නිසාද වියදම අධික වන්නට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න.

-

වෘශ්චික

11 වැන්නේ සිට 12  වැන්නට බුධ පැමිණේ.

වියදම් තත්වය වෙනදාට වඩා වැඩි විය හැක. නව තීන්දු තීරණ වලට එළඹෙන කාලයකි. 

තම පවුලේ සමගිය උදෙසා කැපවන කාලයකි. අඹුසැමියන් අතර මත ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.

-

ධනු

10 වැන්නේ සිට 11  වැන්නට බුධ පැමිණේ.

රැකියා ස්ථානයේ රැකියා කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි. තමන් වෙනුවෙන් අන් අයගේ උදව් ලැබෙන කාලයකි. නව රැකියා වලට යොමුවිමට සිතා සිටි අයට පිලිබද යහපත් බලාපොරොත්තු තබාගත හැක. 

- 

මකර

9 වැන්නේ සිට 10  වැන්නට බුධ පැමිණේ.

ආදායම් මාර්ග වල තරමක් පෙරට වඩා වර්ධනයක් පෙන්වන කාලයකි. තමන්ගේ ණය ගනුදෙනු වලට උදව් උපකාර ලබාගැනිමට හැකියාව ලැබෙන කාලයකි. ණය ගනුදෙනු සමථයකට පත්කරගත හැකිවනු ඇත.

- 

කුම්භ

8 වැන්නේ සිට 9  වැන්නට බුධ පැමිණේ.

උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා සිදුවන කාලයකි. තම අරමුණු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන කාලයකි. 

තුනටිය ආශ්‍රිත අසනීප, ස්නායුගත රෝග ගැන සැලකිලිමත් වන්න.

-

මීන 

7 වැන්නේ සිට  8 වැන්නට බුධ පැමිණේ.

පවුල තුල ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. දරුවන් සම්බන්ධ ගැටළු ඇතිවිය හැක.

දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

නිවාස සම්බන්ධ ගැටළු ඇතිවිය හැක.

-

Iru Astrology

071 - 3835369

(Whatsapp




No comments:

Post a Comment