(පෙබ. 27 සිට මැයි 07 වනදා දක්වා බලපායි )
- ග්‍රහලොව සුරතලා / පොඩි දරුවා වන බුධ ග්‍රහයා, කුම්භ රාශියේ සිට මීන රාශියට පෙබවාරි 27 වනදා පැමිණේ. එසේ පැමිණ උච්ච සිකුරු සමග සංයෝග වෙයි.
උෂ්ණාධික තත්වය තවත් වැඩිවිය හැකි වෙයි. මෙතෙක් පොදුවේ සැමට පැවති කරදර - බාධක ස්වභාවය තරමක් අඩුවිය හැක. විශේෂයෙන් පවතින රජයට දැනට තිබෙන තත්වය තරමක් ලිහිල් වනු ඇත.
උෂ්ණාධික කාලගුණය තිබුනද පරිසර විද්‍යාත්මක චක්‍රය අනුව වර්ෂාපතනයද කඩින්කඩ හෝ ලැබිය හැක.
ලග්න 12ට බලපෑම මෙසේය.
( පොදු පලාපලයක් පමණි )
● මේෂ
11 වැන්නේ සිට බුධ 12 වැන්නට පැමිණේ.
බුධ 12 සිටියදි කරදර බාධක තරමක් හෝ අඩු වේ. වියදම් මනාව කළමනාකරණය කල හැක.
නව අදහස් ක්‍රියාත්මක කල හැකි කාලයකි. නව ආදායම් මාර්ග වලටද යොමුවිය හැක.
ගෘහ ජිවිතය තුල ඍජු තීරණ ගැනීමෙන් තරමකට පීඩා සිටිය හැක. සිත් පීඩාද ඇතිවීමට ඉඩ ඇත.
ස්නායුගත ආබාධ වලින් පරිස්සම් වන්න.
-
● වෘෂභ
10 සිට 11 වැන්නට බුධ පැමිණේ.
යහපත් කාලයකි. නව ආදායම් ලැබේ. ඒවාට මාර්ග විවර වනු ඇත.
විද්‍යා - තාක්ෂණ අංශයේ රැකියා සහ ව්‍යාපාර වලට වඩාත් යහපත්ය. මෙතෙක් හිර වී හෝ බාධා සහිතව නැවතී තිබුනු කටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි වේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි හොදින් ගතවනු ඇත.
සෞඛ්‍ය තත්වයද යහපත් වෙයි. ස්නායුගත ආබාධ තිබේ නම් ඒවායින් සුවය ලැබේ.
සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.
-
● මිථුන
පින ගැන කියවෙන 9 සිට, රැකියාව ගැන කියවෙන 10 ට බුධ පැමිණේ.
ආදායම් මාර්ග වැඩි දියුණු කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවේ උසස් වීම් ලැබෙන කාලයකි.
ජිවිතයේ මෙතෙක් පැවති අසමගිකම් දුරුවී යහපත් ගෘහ ජිවිතයක් ඇතිවිය හැකි කාලයකි .
සෞඛ්‍ය තත්වයේ පපුව, සෙම ආශ්‍රිත රෝග පීඩා ගැන සැලකිලිමත් වන්න.
-
● කටක
8 වැන්නේ සිට 9 වැන්නට බුධ පැමිණේ.
ආදායම් මාර්ග වලට තරමක බාධා, පීඩා ඇතිවිය හැක.
අධ්‍යාපන කටයුතු වලට හොදයි.
දෙමාපියන්ගෙන් අවවාද උපදෙස් ලබාගැනිමට හැකි කාලයකි.
විදේශගතවීම් වලට සුභ කාලයකි. ඒවා ඉෂ්ට විය හැක.
ගෘහ ජිවිතය සාර්ථක වෙයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත.
-
● සිංහ
7 සිට 8 වැන්නට බුධ පැමිණේ.
දුරදිග නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු සිදුවිය හැක. වියදම් ගැන ඉතා සැලකිලිමත් වන්න.
ණය ගනුදෙනු ආදියෙන් පරිස්සම් වීම හෝ ඒවා නොකර සිටිම වඩාත් සුදුසුයි. එසේ නොකලොත් හිර වීම් වලට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ සිත් පීඩා බහුල විය හැකි කාලයකි.
ඇස් රෝග සම්බන්ධව පරිස්සම් වන්න.
-
● කන්‍යා
6 වැන්නේ සිට 7 වැන්නට බුධ පැමිණේ.
පැවති ආදායම් මාර්ග වල යම් අවහිරතා තිබුනේ නම් ඒවා දුරුවනු ඇත.
මංගල යෝග උදා වෙයි. කල්පසුවී තිබෙන විවාහ කටයුතු සිදුවීමේ ඉඩකඩ වැඩියෙන් පවති.
පෙර පැවති රෝග වල යම් හෝ සුවවීමක් අපේක්ෂා කල හැක. විශේෂයෙන් ආමාශගත රෝග පීඩා වලට සහනය ලැබෙනු ඇත.
-
● තුලා
5 සිට 6 වැන්නට බුධ පැමිණේ.
සතුරු පීඩා දුරුවන කාලයකි. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායම් මාර්ග වලට සතුරු බලපෑම් සිදුවිය හැකි කාලයකි.
දුරදිග නොසිතා තීරණ ගතහොත් ඒවායින් පාඩු විය හැක.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වේ. සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.
-
● වෘශ්චික
4 වැන්නේ සිට 5ට බුධ පැමිණේ.
මන්දගාමිව සිදුවු අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකියාව ඇත. තරග විභාග ආදියෙන් ජය ලබාගැනිමේ හැකියාව ඇති කාලයකි. කලාත්මක විෂයන් වල යෙදෙන අයට යහපත් කාලයකි.
දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ ඵල ගෙනදෙන කාලයකි. ආදර සබදතා වල ගැටළු - ප්‍රශ්න නිරාකරණය කරගත හැක.
සෞඛ්‍ය තත්වය යහපත් වෙයි.
-
● ධනු
3 වැන්නේ සිට 4 වැන්නට බුධ පැමිණේ.
නැවති හෝ අතපසුවි තිබුනු නිවාස සම්බන්ධ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකිවනු ඇත.
අධ්‍යාපන කටයුතු වලට පෙර තිබුනු බාධක දුරුවී යනු ඇත.
රැකියා බලාපොරොත්තු සිටි අයට යහපත් රැකියා ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගලාගෙන යයි, තිබුනු ගැටළුකාරි තත්වයන් සමනය වෙයි.
සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.
-
● මකර
2 වැන්නේ සිට 3 වැන්නට බුධ පැමිණේ.
නව ආදායම් මාර්ග උදාවිය හැක. තිබෙන ආදායම් මාර්ග ස්ථාවර වන කාලයකි. අන් අයගේ උදව් උපකාර තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ලබාගත හැකි කාලයකි. ණය ආධාර පවා ලබාගැනිමට හැකියාව තිබෙයි.
ගෘහ ජිවිතය සතුටුදායක වෙයි. ප්‍රශ්න අවම වෙයි.
සෞඛ්‍ය තත්වයද අයහපතක් නැත.
-
● කුම්භ
1 වැන්නේ සිට 2 වැන්නට බුධ පැමිණේ.
ආදායම් මාර්ග ස්ථාවර කරගැනිමට හැකියාව ඇති කාලයකි. ස්ථාවර ආදායම් මාර්ග නොතිබුනු අයට එය ස්ථාවර කරගැනිමට හැකියාව ලැබෙනු ඇත. මුදල් තත්වය යහපත් වෙයි.
කථන ආශ්‍රිත රැකියා කරන අයට යහපත්ය. වචනය මෙහෙයවා කරන කටයුතු වලින් ජය / වාසි ලැබිය හැකි කාලයකි. කෙසේ වුවද මුදල් වියදම් තත්වය වැඩිවිය හැක, කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය ගැටළුවක් නැත, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.
-
● මීන
12 වැන්නේ සිට 1 වැන්නට එනම් හිසට / ලග්න කොටුවට බුධ පැමිණේ.
වෙනදාට වඩා බුද්ධිමත් වන, සිතා බලා තීරණ ගන්නා කාලයකි.
පෙර පැවති අලස ගති දුරුවන කාලයකි. රාජකාරි කටයුතු වලදී අන් අයගේ සහය ලැබෙන කාලයකි.
මංගල යෝග ඇතිවන කාලයකි. එනයින් ප්‍රේම සබදතා වලටද යහපත්ය. පේම සබදතා වලට පැවති ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ හිස ආශ්‍රිත රෝග පීඩා වලින් පරිස්සම් වන්න.
-
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
- irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)