Wednesday, January 29, 2025

මැයි 31 වෙනතුරු බලපාන “ සිකුරු උච්චය “

 ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු තම උච්ච රාශිය වන මීනයේ මැයි 31 වනදා තුරු සිටියි.


ලංකා කේන්දරයේ 4 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා, කේන්දරයේ 2 වැන්නට හෙවත් ධනස්ථානයට පැමිණ ඇත.
ජනරජ කේන්දරයේ 3 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති සිකුරු/ශුක්‍ර  8 වැන්න හෙවත් ආයුෂ ස්ථානයට පැමිණ ඇත.

මෙතෙක් පැවති උෂ්ණාධික කාලගුණය තරමක් පහව යන කාලයකි. සීතල කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැක.

ජනරජ කේන්දරය අනුව සිංහ ලග්නයේ 8 වැන්නට එනම් ආයුෂ ස්ථානයට සිකුරු පැමිණීම, ආණ්ඩුවට තරමක් අපලයි. ආණ්ඩුවට දොස් අහන්නට වෙන කාලයකි.  ආණ්ඩුව ඉතාම බුද්ධිමත්ව සහ ජනතා අපේක්ෂාවන් ගැන මැනවින් බලා තීරණ ගත යුතු කාලයකි.
කුම්භ ලග්න ලංකා කේන්දරය අනුව සලකා බලන කල මෙය යහපත් කාලයකි. රටේ දියුණුවට ඍජු පියවර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. මුදල් ලැබීම් ඇති වෙයි. ණය ආධාර යනාදිය ලැබෙන නිසා ආර්ථිකය ස්ථාවර වෙන්නට කරුණු යෙදේ
( පෙර ජනාධිපතිවරයා පවත්වාගෙන ගිය ආර්ථික දර්ශනයට සමාන දර්ශනයක් උදා- IMF වැනි තීරණ නිසා ආර්ථිකයට යහපතක් විය හැකි වුවද, ජනතාවගේ ප්‍රසාදය පිලිබද ගැටළු ඇතිවිය හැක.

පොදුවේ සලකන කල ආදරවන්තයන්ට යහපත් කාලයකි. ආදරය සහ පවුල් ජිවිත වල සබදතා ශක්තිමත් වන කාලයකි.
ලංකාවට තරමක් ස්වභාවික විපත් ඇතිවීමට ඉඩක් ඇත, ඒනිසා ගංවතුර තත්වයන් සුලි සුළං තත්වයක් ඇතිවීමේ අවදානම ඇත.
-

#සිකුරු #ශුක්‍ර # #srilanka

Sunday, January 19, 2025

සතියේ ලග්න පලාපය ( ජන 20 - 26)


 ජනවාරි 20 සිට 26 දක්වා ලග්න 12ට පොදු බලපෑම මෙසේය.


● මේෂ

සතිය උදාවේදි සදු සිටින්නේ කේතු සමග 6 වැන්නේ වීම තරමක් අයහපත්ය.
එනිසා සිතෙ නොසන්සුන්තාවයක් බලපවත්වයි. එය සතිය පුරාම තිබිය හැක. එසේම කලබලකාරි තීරණ ගැනීමේත් ඉඩ ඇත.
රැකියාවේ කටයුතු තම කැපවීම මත දියුණුවක් ලබාගැනීමට පුලුවන. නව රැකියා වලට යහපත්ය.
දුර ගමන් යෙදේ.
සෙම් ආශ්‍රිත රෝග, පපුව ආශ්‍රිත රෝග, ජලය ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.


-
● වෘෂභ

සදු සිටින්නේ කේතු සමග 5 වැන්නේ වීම යහපත්ය.
සිතේ සතුට ඇතිවන එසේම ගැටළු වලින් නිදහස ලැබෙන කාලයකි. නව ආර්ථික අවස්ථා, යම් හදිසි ලාභද ලැබිය හැක. ප්‍රේමය සම්බන්ධ කටයුතු වලට වඩා හොදයි.
රැකියාව හොදින් කෙරේ. රැකියාව වෙනුවෙන් සෑහෙන කැපවීමකින් කටයුතු කරයි.
අධ්‍යාපන කටයුතු වලට හොදයි. නව ආයෝජන වලටත් සුබයි.
දෙපා සම්බන්ධ සෞඛ්‍ය තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න.

-
● මිථුන

සදු  - කේතු සමග 4 සිට ඇරඹෙන සතිය හොදයි.
පවුල් ජිවිතය - ආදරය යනාදියට යහපත් සතියකි. කෙසේ වුවද තීරණ ගැනීමේදි මනාව සිතාබලා බුද්ධිමත්ව කටයුතු කරන්න. හදිසි ගමන් යෙදෙනු ඇත. මිතුරන් හමුවීමට අවස්ථා ලැබේ.
රැකියාවේ දියුණුව සහ නව රැකියා වලට යහපත්ය.
ඇස - කණ - නාසය යනාදිය සම්බන්ධ සෞඛ්‍ය තත්වයන් සහ සෙම් රෝගද, ඇවිදීමේදි ගමන් යාමේදි ඇතිවිය හැකි හදිසි අනතුරු ගැනද අවදානමත්ව සිටින්න.

-
● කටක

සදු - කේතු 3 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
ඔබගේ ජනප්‍රියතාවය වැඩිවන සතියකි. පවුලේ අය සමග සුහදතාවයෙන් සිටිමට අපහසු කරුණු යෙදෙුන ඇත. පවුල වෙනුවෙන් කැපවෙන කාලය අඩුවීම ගැටළුවක් වනු ඇත.
ආර්ථිකය යහපත් වුවද සිතට යම් කලබලකාරි බවක් තිබෙනු ඇත. ආවේගශීලි නොවන්න.
නව ආයෝජන, නව ආර්ථික අවස්ථා වලට යහපත්ය.
උගුර - නාසය සම්බන්ධ රෝගද කට ආශ්‍රිත රෝග ගැනද සැලකිලිමත් වෙන්න. සීතලෙන් පරිස්සම් වීමට කටයුතු කරන්න.


-
● සිංහ

සදු - කේතු 2 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය යහපත්ය.
වෙනදාට වඩා සාමාජීය කටයුතු කිරිම තුල යම් ජනප්‍රියතාවයක් ඇතිවනු ඇත. පවුලේ සමගිය දියුනු වේ. ආර්ථිකය සාමාන්‍ය පරිදි තිබේ.
රැකියාව වැඩි දියුණු වෙයි. රැකියාවේ ඉහලට යෑමට අවස්ථා ලැබේ. කලා කටයුතු වලට හොදයි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වුවත් මේ දිනවල සීතලෙන් ආරක්ෂා වන්න.


-
● කන්‍යා

සදු - කේතු 1 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය හොද සතියකි.
සැලසුම් සහගතව කරන කටයුතු වලින් ජය අත්වේ. ජයග්‍රාහි මානසිකත්වයක් ඇති වෙයි.
ආර්ථිකය දියුණු වේ. ලාබ සහිතයි.
ප්‍රේමය - ආදරයට යහපත් කාලයකි.
රැකියාවේ දියුණුව ව්‍යාපාර වල දියුණුව අපේක්ෂා කල හැක.
සෙම් ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

-
● තුලා

සදු - කේතු 12 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය තරමක් අයහපත්ය.
කෙසේ වුවද මග ඇරී තිබුනු කටයුතු සාර්ථක වෙයි.
ප්‍රේමය ආදරය ගැන යහපත් ආරංචි ලැබේ.
රැකියාවේ වෙනදාට වඩා කැපවන්නට සිදුවන කාලයක් වන අතර නිසි ලෙස කලොත් වඩාත් යහපත් වෙයි.
ඇස - කණ - නාසය සම්බන්ධ රෝග සහ ස්නායුගත රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න.


-
● වෘශ්චික

සදු - කේතු 11 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
දුර බැහැර ගමන්, විදේශගත වීම් යනාදියට අවස්ථා යෙදෙනු ඇත. මේ සමග පවුලේ අයගෙන් යම් දුරස්වීම් විය හැක.
රැකියාවට හොදයි. ආදායම් ලැබේ. ව්‍යාපාර යනාදියටත් යම් සහන ලැබේ.
හදිසි ලාභ ලැබීමටත් වාසනාව තිබේ. 
සෞඛ්‍ය තත්වය සෑම අංශයක් ගැනම සැලකිලිමත් විය යුතුය.


-
● ධනු

සදු - කේතු 10 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය මධ්‍යස්ථය.
පවුලේ අය සමග කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න.
රැකියා කටයුතු වලට හොදයි. ව්‍යාපාර යනාදියටද හොදයි නමුත් වියදම් අධිකව යෙදීමට ඉඩ ඇත.
යම් යම් ලාභ තිබේ.
සෙම් රෝග - පපුව සම්බන්ධ රෝග, කශේරුකාව ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

-

● මකර

සදු - කේතු 9 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය බොහෝසෙයින් හොදයි.
පෙර පින මතුවන කාලයකි. හදිසි ලාභ ලැබෙනු ඇත. නුවණැති අය ඇසුරට ලැබේ.
වෙනදාට වඩා කැපී පෙනෙන කාලයකි. යාන වාහන ලාභ ලැබෙන සතියකි.
රැකියාවේ දියුණුව මෙන්ම උසස්වීම් වලටද යහපත්ය. ව්‍යාපාර යනාදියටත් යහපත්.
උගුර - කණ - නාසය මෙන්ම මුඛ්‍ය ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

-

● කුම්භ

සදු - කේතු 8 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය තරමක් අයහපත්ය.
නොසිතු විරු පාඩුවක් හෝ සිත බිදවැටීමකට ඉඩ ඇත. සැලකිලිමත් වන්න. දුර ගමන් යෙදිය හැක.
​දේපල ලාභ තිබෙන නමුත් කරන කටයුතු මනාව සිතා බලා කරන්න.
රැකියාවේ කටයුතු වලට කැපවීම තුල යහපත්ය. විදේශගත රැකියා ලැබෙන්නට වාසනාව තිබේ.
මහන්සිය තුල සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන්න.


-
● මීන 

සදු - කේතු 7 වැන්නේ සිටිමින් ඇරඹෙන සතිය යහපත්ය.
යන එන තැන කැපී පෙනෙන සතියකි. බාධා දුරු වේ. නෑයන් - හිතවතුන් සමග ඇසුරට කාලය සැලසේ.
සමාජයට කරන​ සේවා නිසාද කැපී පෙනෙන කාලයකි.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. වෙනදාට වඩා සිතට සහනයක් ලැබේ.
හෘද වස්තුව ආශ්‍රිත රෝග, මහන්සිය යනාදිය ගැන සැලිකිලිමත් වීමද, ආහාරපානාදිය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වීමද කල යුතුය.

-

මේ සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මේවා වෙනස් විය හැක.

#iruastrology #iru Iru astrology 


 

Wednesday, January 8, 2025

සතියේ ලග්න පලාපලය ( ජන 08 - ජන 14)




ලග්න 12ට 2025 ජනවාරි මස 08 දින සිට ජනවාරි මස 14 දක්වා පොදුවේ බලපෑම මෙසේය.
 

1. මේශ ලග්නය 


මෙම සතියේදී ආර්ථික වර්ධනයට බොහෝ අවස්ථා ලැබිය හැක. නව ආයෝජන අවස්ථාද ලැබෙනු ඇත.​ කෙසේ
වුවද වියදම් ගැන සැලකිලිමත් වීමත් වැදගත්ය.
හිසරදය, මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. නිසි ව්‍යායාම ගැනද සැලකිලිමත් වෙන්න.
පවුලේ සාමය සහ සන්සුන් වාතාවරණයක් පවතී. සාමාජිකයන් සමඟ විවෘත සන්නිවේදනයේ නිරත වීමෙන් සම්බන්ධතා වැඩි දියුණු කළ හැක. දරුවන් දෙමාපියන් සමග නිසි ලෙස සන්නිවේදනය කිරීමට කටයුතු කරන්න. 


2. වෘෂභ ලග්නය 

ආර්ථිකය ස්ථාවරව පවති. පෙර කල ආයෝජන වල ප්‍රතිඵල ලබා ගැනීමේ මොහොතක් විය හැක. මනා සැලසුම් සහිතව ව්‍යාපාර ගිවිසුම්, කොන්ත්‍රාත් ආදියට එළඹීම යහපත්ය. කෙසේ වුවද මුදල් සම්බන්ධ දේවලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.
හිස, බෙල්ල උගුර ආදිය ගැන සැලකිලිමත් වෙන්න. සීතලට හසුවිමෙන්ද පරිස්සම් වන්න.
නින්ද ගැනද සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වනු ඇත. දෙමාපියන් සහ පවුලේ අය සමග වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව යෙදේ. 


3. මිතුන ලග්නය 

නොසිතු වියදම් ඇතිවෙන්නට පුලුවන් සතියකි. එනිසා වියදම් ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. අලුත් දේට යොමු නොවි ඉවසීමෙන් ගත කල යුතු සතියකි. 
මානසික ශක්තිය වැඩි දියුණුව වන කාලයකි. භාවනාවේ    යෙදෙන්නට හැකි නම් වඩාත් යහපත්ය. 
නව සබදතා ඇතිවීමට ඉඩ ඇත, මිතුරු සබදතා මෙන්ම ආදර සබදතා වලටද අවස්ථාව පවති. නිවසේ රැදෙන කාලය තරමක් අඩුවිය හැක.


4. කටක ලග්නය 


ආර්ථික තත්වයේ යම් යහපතක් ඇතිවිය හැක අනිවාර්යෙන්ම. නමුත් වියදම් ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. කලබලයෙන් තීරණ නොගන්න. 
මානසික සහනය පිණිස සන්සුන් සංගීතයට සවන් යොමු කරන්න.
වෙනදාට වඩා පවුලේ සාමය පවතින කාලයකි. පවුලේ අය වෙනුවන් කැපවෙන ඒ ගැන සතුටු විය හැකි කාලයකි. 


5. සිංහ ලග්නය 

අනවශ්‍ය වියදම් වලින් සැලකිලිමත් වන්න. කෙසේ වුවද ආර්ථිකය සාමාන්‍ය පරිදි පවති. 
ආහාර ගැනීමේදි පෝෂණීය ආහාර ගැන සැලකිලිමත් වෙන්න. ඒකාකාරි ආහාර රටාවෙන් මිදෙන්න. ව්‍යායාම් ආදියේද    යෙදිය හැකි නම් වඩා හොදයි. 
පවුලේ අය සමග සුළු සිද්ධි වලට මත ගැටුම් ඇතිවිය හැක. ඒවා වැඩිදුර නොගෙන යෑමට කටයුතු කරන්න. පවුලේ අය සමග සුහදතාවය වර්ධනය පිණිස කටයුතු කරගන්න.

6. කන්‍යා ලග්නය 

වෙනදාට වඩා ආර්ථික තත්වය යහපත් වන සතියකි. යම් කාලයකට පෙර සිට නොසිතු ලෙස යහපත් වෙන කාලයකි. 
ආහාර ගැනීම නිසි වේලාවන්ට සිදු කරන්න. ආහාර අජීර්ණ තත්වයන් ගැන සැලකිලිමත් වෙන්න. 
පවුලේ අය නිසා සතුටු සිතෙන සතියකි. එනිසාම පවුල් බැදීම වැඩි දියුණු වේ. 


7. තුලා ලග්නය 

ආර්ථිකය දියුණු වන සතියකි. නව ආයෝජන වලට වඩාත් හොද කාලයකි. 
නිරෝගී බව    රැකෙන සතියකි. වෙනදාට වඩා සිතට සැනසීමක් දැනෙනු ඇත.
පවුලේ සාමාජිකයින් සමඟ සන්සුන් සම්බන්ධතා පවතී. වෙනදාට වඩා පවුලේ එකමුතුකම, සමගිය වෙනුවෙන් කටයුතු කරන්නට හැකියාව ඇත. 



8. වෘශ්චික ලග්නය 

ආර්ථික තත්වය යහපත් වනු ඇත. කෙසේ වුවද වියදම පාලනය කරගත යුතුය. ගිවිසුම් - කොන්ත්‍රාත් වලදි ඉතා බුද්ධිමත් විය යුතුය.
ආර්ථික දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමේදි මානසික තත්වය තරමක් කලබලකාරි විය හැකි බැවින් ඒ ගැන අවදානමත් වෙන්න. 
යම් යම් කාරණා නිසා පවුලේ අය සමග සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති නිසා වචන භාවිතයෙදි පරිස්සම් වෙන්න. 


9. ධනු ලග්නය 

ආර්ථිකය අයහපත් නොවේ. කෙසේ වුවද හවුල් ව්‍යාපාර යනාදියෙදි මුදල් යෙදවීම ආදිය ගැන ඉතාම සැලකිලිමත් වෙන්න.
ආහාර රටාව ගැන සැලකිලිමත් වන්න. ජලය නිරතුරුව පානය කරන්න. 
පවුලේ ආදරය සමගිය රැකෙන වැඩෙන සතියකි. පවුලේ අය සමග කාලය ගතකිරීමෙන් සැනසිලිදායකව   ගෙවී යන සතියකි. 


10. මකර ලග්නය 

ආර්ථිකය වැඩි දියුණු වීම රදා පවතින්නෙ ඔබගේ කැපවීම මතය. දැඩි මහන්සියෙන් යම් දියුණුවක් ලැබිය හැක.
උගුර - කට - නාසය සම්බන්ධ   රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න. ආහාර රටාවේ යම් පාලනයක් කිරීමද වැදගත්ය. 
පවුලේ සාමය    රැකෙන සතියකි. 


11. කුම්භ ලග්නය 

ආර්ථිකය ගැන සුබවාදි බලාපොරොත්තු ඇතිවන කාලයකි. නිසි විශේෂඥ දැනුම සහ උපදෙස් සහිතව ආයෝජන වල යෙදෙන්න.
මානසික නිදහස      වෙනුවෙන් යම් තීරණ ගත යුතු සහ ගන්නා කාලයකි. පැය 6කවත් නින්දක් ඔබට මේ කාලයේ අත්‍යාවශ්‍ය වෙයි. 
පවුලේ සමගිය සාමය රැකෙන, ආදරය වැඩිදියුණු වන සතියකි. 



12. මීන ලග්නය 

නව ආදායම් මාර්ග උදා වන අතට මුදල් ලැබෙන කාලයකි. කෙසේ වුවද ඒවා වියදම් කිරීමේදි මනාව කළමනාකරණය කරන්න. 
නිසි ලෙස විවේක ගැනීම සහ මානසික සහනය වෙනුවෙන් කල යුතු කටයුතු කරන්න. හැකි නම් බෝධියකට ගොස් යම් වේලාවක් රැදී සිටින්න. 
පවුලේ සමගිය රැකේ. පවුල් සබදතාව වැඩි දියුණු වනු ඇත.


#ඉරු
#iruastrology #srilanka 

Friday, January 3, 2025

2025 නව වසර ලග්න 12ට පොදුවේ මෙසේ​ය


 

මේෂ

2025 පටන්ගනිද්දිම රවි 9 වැන්නෙත්, ධනය ලබාදෙන ගුරු 2 වැන්න වන ධනස්ථානයෙත් ඉන්නවා. ලග්නාධිපති කුජ ඉන්නෙ දේපල ගැන කියවෙන 4 වැන්නෙ. 

කරන වැඩ මහන්සියෙන් කරලා දියුණුවක් ලබාගන්න පුලුවන්. මැයි - ජුනි මාසයෙන් පස්සේ කරන වැඩ වල වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. වෙනදට වඩා හොද වැඩ කරන්න වගේම මෙච්චරකල් කරන්න ඕන කියල හිතපු වැඩ කරන්න හොද කාලයක්. ටිකෙන් ටික උනත් ආර්ථිකය දියුණු කරගන්න පුලුවන්. හැබැයි, ඉවසන්න ඕන. 

මාර්තු වල සෙනසුරු ග්‍රහයා දැනට ඉන්න කුම්භ රාශියෙන් අයින් වෙලා මීන රාශියට එනවා. ඒකියන්නෙ මේෂ ලග්න අයගෙ 12 වැන්නට. 12 ආවාම හිතට ටිකක් දුක්සහිත දේවල් වෙන්න පුලුවන්. ඒවගේම ලග්න ඒරාෂ්ටකයක් පටන් ගන්නවා ඒක අවු 7 හමාරක් තියෙනව.

අධ්‍යාපනයට හොදයි. ලෙඩ රෝග ගැන අවදානමත් වෙන්න ඕන. සෙම සම්බන්ධ රෝග ගැන විශේෂයෙන්. 

හොදම දේ බෝධි පුජා සහ අසරණ අයට - අසරණ සතුන්ට උදව් කිරීම කෑම වගේ ඒවා දෙන එක ( කල හැකි සහ කල යුතු දේවල් කරන්න)  

-


වෘෂභ

2025 පටන් ගන්නෙ වෘෂභ අයට ගුරු 1 වැන්නේ ඉදගෙන. ඒක කෝටියක් දෝෂ භංග කරන පිහිටිමක්. 

ලග්නාධිපති සිකුරු 10 වැන්නේ ඉන්න එකත් හොදයි. ඔබගෙ සබදතා දියුණු වෙනවා. සිතට සැනසීමක් සතුටක් ලබන්න පුලුවන් කාලයක් වෙනවා. සෙනසුරු මාරුවෙන් පස්සෙ ඒකියන්නෙ මාර්තුවෙන් පස්සෙ අතට මුදල් යහමින් ලැබෙනවා. සෙනසුරු කියන්නෙ වෘෂභ ලග්නයට උදව් කරන ග්‍රහයෙක්. ඒවගේම මාර්තුවෙන් පස්සෙ එයා එන්නෙ ආර්ථික ලැබීම් ගැන කියවෙන 11 වැන්නට. හොදට සැලසුම් කරලා කරන වැඩ වලින් ජය ලබන්න පුලුවන්. පවුල් ජිවිතයටත් හැමඅතින්ම හොදයි. 

රුධිරය සහ ස්නායු සම්බන්ධ රෝගාබාධ ගැන සැලකිලිමත් වෙන්න. වෛද්‍ය පරික්ෂණ කරන්න එවන් රෝග තියෙනව නම්. 

ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්න පුලුවන් නම් හොදයි. ගොඩනැගිල්ලක අවශ්‍යතාවය තියෙන පාසලකට ඒක කරලා දෙන එක, පොත්පත් ගන්න අමාරු දරුවන්ට ඒකට සහනයක් දෙන්න පුලුවන් නම්, ඒවා මේ දවස් වල තියෙන යම් යම් බාධක දුරු වෙන්නත් හේතු වෙනවා.  

-


මිථුන

2025 ආරම්භයෙදි ලග්නාධිපති බුධ ඉන්නෙ 6 වැන්නෙ. සර්වාංග රෝග ගැනම සැලකිලිමත් වෙන්න හේතුවක් ඒක. හැබැයි ලොකු අවුලක් නෑ. 2024 වඩා සැනසිලිදායක අවුරුද්දක් වේවි. වෙනදට වඩා හොද දේවල් කරන්න හිතට එන කාලයක්. පවුල් ජිවිතයට වගේම රැකියාවට, ව්‍යාපාර වලට හොදයි. සුභ ඵල තිබුනත්, මතක තියාගන්නහොදට කල්පනා කරලා, සැලසුම් සහිතව කරන වැඩ කරන්න. ප්‍රේම සබදතා - විවාහ කටයුතු වලටත් හොදයි. 

අධ්‍යාපන කටයුතු වලට හොදයි. විදේශගත අධ්‍යාපනයට වගේම විදේශගත වෙලා කරන රැකියා වලටත් සුබයි. පිටරට යන්නත් පුලුවන්. 

මාර්තුවෙන් පස්සෙ සෙනසුරු 10 එන එක හොදයි. නමුත් මහන්සියෙන් වැඩ කරන්න ඕන අපේක්ෂිත ප්‍රතිඵල වලට.

පුලුවන් විදියට සත්තුන්ට කන්න දෙන්න. බෝධියකට ගිහින් ( වැසි නැති දවසක) බෝධින්වහන්සේට පැන් වත් කරලා, කරණීයමෙත්ත පිරිත, ධජග්ග සූත්‍රය, අටවිසි බුදු පිරිත වගේ පිරිත් කීපයක් කියල එන්න. 

-


කටක

2025 පටන් ගනිද්දි පොඩි කලබල ගතියක්, තරහ යන ස්වභාවයක් තියෙන්න පුලුවන්. කුජ ඉන්නෙ ඔළුවෙ ( 1). ගුරු 11 වැන්නේ ඉන්නවා එනිසා ආර්ථික තත්වය හොදයි. ​කොහොම නමුත් මුදල් ලැබෙනවා. පිටරට යන්න හිටිය නම් ඒවත් මේ අවුරුද්දේ කරගන්න පුලුවන්. දුර්වලව තිබ්බ සෞඛ්‍ය තත්වය විශේෂයෙන් හොද තත්වයකට පත් වේවි.

කාලයක්ම 8 වැන්නේ ආයුෂ ගැන කියන තැන හිටිය සෙනසුරු පින ගැන කියවෙන 9 වැන්නට එනවා මාර්තුවෙන් පස්සෙ. එතකොට සහනයක් දැනෙන්න පටන්ගනිවි. ඉගෙනීමේ වැඩ වලටත් හොදයි. කොහොම උනත් මේ මාස 3 - 4 පරිස්සමට ගත කිරිමත් වටිනවා. 

ආමාශගත රෝග වලින්, හන්දි කැක්කුම් වගේ ඒවයෙන් විශේෂයෙන් පරිස්සම් වෙන්න මේ දවස් වල.

මාර්තු පහුවෙනකම් දහමට අනුව වැඩ කරන්න තරමක් හෝ වැඩියෙන්. ඒකෙන් සහනය වගේම දෝෂ අඩුවිමත් වෙනවා.

පන්සලට ගිහින්, බෝධි පුජාවක් කරන්න, තමන්ට සෙත් පතන්න. ආශිර්වාද ලැබේවි. කරණීයමෙත්ත පිරිත, ජිනපඤ්ජර පිරිත, වට්ටක පිරිත වගේ පිරිත් සජ්ජායනය කරන්න. 

-


සිංහ

2025 පටන් ගන්නේ පින ඉස්මතු කරන ග්‍රහයෙක් වෙන ගුරු 10 වැන්නේ ඉදගෙනයි. ඒවගේම දුෂ්ට තැනක් වෙන 12 වැන්නේ කුජ ඉන්න එක ටිකක් හොද මදි. ලේ සම්බන්ධ රෝග ගැන පරිස්සම් වෙන්න. මාර්තුවෙන් පස්සේ අෂ්ටම ඒරාෂ්ටකය පටන් ගන්නවා සෙනසුරුගෙන්. එතකොට තරමක බාධා - ලෙඩ රෝග වගේ ඒවා එන්න පුලුවන්. නමුත් ඒවා අකාමකා ඉදිරියට යෑමේ වාසනාවත් සිංහ අයට තියෙනව. වෙනද උදව් නොකල අය උදව් කරාවි, කරන වැඩ හරියාවි, මොන දේ කලත් මහන්සි වෙන්න වෙනවා වගේම මහන්සියේ ප්‍රතිඵල ලැබේවි. 

රැකියා ව්‍යාපාර දියුණුවට හොද කාලයක්. යකඩ වගේම කෘෂිකර්මය සම්බන්ධ ඒවටත් වඩා හොද කාලයක්. 

අධ්‍යාපන කටයුතු වලත් ප්‍රගතියක් වේවි. 

ආමාශය සහ ස්නායු සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වෙන්න. 

බෝධි පුජා කරන්න වෙනවා, සතියට එක දවසක්වත් පන්සලකට ගිහින් ඒවා කල යුතුමයි. අසරණ අයට, රෝගින්ට උදව් කරන්න. කරණීයමෙත්ත, රතන සූත්‍රය, අන්තරාය නිවාරණ පිරිත වගේ පිරිත් සජ්ජායනය කරන්න.

-


කන්‍යා

කන්‍යා අයට 2025 පටන් ගන්නෙ ලග්නාධිපති බුද 3 ඉද්දි සහ 9 ගුරු ඉද්දි. සෙනසුරු 6 හිටියත්, මාර්තුවෙන් පස්සෙ සෙනසුරු 7 එනවා. විවාහය ගැනත් යම් සුභවාදි දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන් මෙතෙක් විවාහ නොවී නම් වගේම විශේෂයෙන් සෙනසුරු විවාහකාරකයා නම් සහ දසා අනුව විවාහයට සුභ කාලයක් ගත වෙනවා නම් විවාහය මේ වසරේ සිදුවන්නට වැඩි ඉඩක් තියෙනව. බැදල හිටියත් පවුල් ජිවිතය ශක්තිමත් සහ ආදරණීය වෙනවා. දරුවන්ටත් හොදයි. ව්‍යාපාර සහ රැකියා වල කටයුතු ටිකෙන් ටික හරියාවි. ලාබ වගේම වැටුප් වැඩිවීම් වලටත් වාසනාව තියෙනවා. ගොඩක් තරගකාරි දේවල් වලින් පවා ජය ලැබෙන වාසනාව තියෙනව. වෙනුවෙන් මහන්සි වෙන්න ප්‍රතිඵල ලැබේවි. 

ස්නායු සහ සෙම් ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වෙන්න. කෑම ගැන සැලකිලිමත් වෙන්න. 

මහා සංඝරත්නය උදෙසා දානමාන ඇතුළු ඕනැම පුජාවක් සද්සිතින් කරනවා නම් වටිනවා. පින ජිවිතය වඩා යහපත් වෙන්න හේතු වේවි. 

-


තුලා

2025 පටන් ගන්නෙ, ලග්නාධිපති සිකුරු 5 ඉන්නවා, සෙනසුරු එක්ක. ඒක නරක නෑ. හැබැයි තරමක් පීඩා තියෙනව. ගෙදර දියුණුවට යහපත්. වැඩිහිටි රෝගින් ඉන්නව නම් එයාලට උපස්ථානයක් කරන්න ඒක වටිනවා. මාර්තු වල සෙනසුරුගේ මාරුවෙන් පස්සෙ වඩාත් හොදයි.

රැකියාව ගැන කියන 10 කුජ ඉදිමත් හොදයි. කැපවෙලා කරන වැඩ වලින් ජය ලැබෙනවා. මොන අංශයෙන් කලත් දියුණුවක් ලැබෙන කාලයක්. 

අධ්‍යාපනයට හොදයි. උසස් අධ්‍යාපන කටයුතු වලට මෙතෙක් නොතිබුනු අවස්ථා සහ ජයග්‍රහණ ලබන්න පුලුවන් කාලයක්. 

කන කෑම ගැන සැලකිලිමත් වෙන්න. අවේලාවේ කෑම වගේ දේවල් වලින් වලකින්න. ඇගපත මහන්සිය වගේ තත්වයන් ඇති වෙන්න පුලුවන්. හදිසි ලාභ ලැබෙන්නත් පුලුවන්. 

බෝධි පුජා කටයුතු කරන්න. කරලා පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔප්පු නොකරපු භාරහාර තියෙනව නම් අනිවාර්යෙන්ම ඒවා ඔප්පු කරන්න.

-


වෘශ්චික

2025 ඇරඹෙන්නෙ ඔබට ප්‍රසිද්ධිය වගේම සතුට ලැබෙන බවට ඉගි ලබාදෙමින්. 

කලින්ට වඩා උද්යෝගිමත්ව වැඩ කරන්න ඔබ පෙළඹෙනවා. ව්‍යාපාර කටයුතු විශේෂයෙන් දියුණු කරගන්න පුලුවන්. රැකියා වලටත් හොදයි. ගෘහ ජිවිතය යහපත් වෙනවා. මාර්තුවෙන් පස්සෙ සෙනසුරුගෙ මාරුවෙන් වඩාත් හොදයි වගේම, කලින්ට වඩා සැනසිල්ලක් දැනේවි. ඒත් මැයි වල රාහු 4 ඒමෙන් පොඩි පොඩි කරදර කලබල ඇතිවෙනවා හිතේ සහ වැඩ වල ඒවා මනාව කළමනාකරණය කරගන්න නැත්නම් පාඩු වෙන්න පුලුවන්. අන් අය විශ්වාස කරලා කරන කටයුතු වලදි පරිස්සම් වෙන්න.

කලාව සහ විසිතුරු දේට අදාල රැකියා ව්‍යාපාර වලින් දියුණුවක් ලැබේවි. අධ්‍යාපනයට කරනව නම් කැපවෙන්නම ඕන. ජිවිතය විදින්න වගේම වෙනුවෙන් මහන්සි වෙන්න ඕන බවත් හිතේ තබාගන්න.

මෞත්‍ර ලිංගික පද්ධතියට අදාල රෝග, සෙම් රෝග ගැන සැලකිලිමත් වෙන්න. මානසික තත්වය යහපත් තත්වයෙන් පවත්වා ගන්නත් වැඩ කරන්න.

වඩා හොදයි මානසික අවුලකින් හෝ එවන් අපහසුතා තියෙන අයට උදව් කරනව නම්. එවන් තැනකට ගිහින් උනත් කමක් නෑ එසේ කිරිම හොදයි. බෝධි පුජා කටයුතුත් කල යුතුයි. කරද්දි, තුන් සූත්‍රය සජ්ජායනය කරන්න.

-


ධනු

ලග්නාධිපති ගුරු 6 කියන රෝගස්ථානයේ ඉද්දි පටන් ගත්තත් මේ වසර හොද වර්ෂයක් වෙනවා. රවි 1 ඉන්නෙ. ගොඩක් මහන්සියෙන් තමන්ගේ දියුණුවට වැඩ කරන කාලයක්. කලබල ගතියත් සෑහෙන තියෙවි එනිසා ඒක සන්සුන් කරගන්න වැඩ කරන්න. භාවනාව හොදයි. මැයි - ජුනි මාස වලින් පස්සේ වඩාත් හොදයි විශේෂයෙන් ආර්ථික තත්වයට. ඔය අතර වංචාකාරයන්ට අසුවීමත් යම් ඉඩක් තියෙනව. 

රැකියාව ව්‍යාපාරයේ දියුණුව අපේක්ෂා කරන්න පුලුවන්. යම් ආයෝජන අවස්ථාත් ඒවි, සියල්ල බුද්ධිමත්ව කරන්න. අධ්‍යාපනයට හොදයි. මොලේ පාවිච්චි කරලා කරොත් කොයිතරම අමාරුකම් තිබ්බත් ජයක් ලැබේවි.

සෙම, ආමාශගත රෝග, ස්නායු රෝග යනාදිය ගැන සැලකිලිමත් වෙන්න.

අසරණ සතුන්ට කෑම සහ ඉන්න හිටින්නට තැන් සලසා දීම, දුගි මගී යාචක අයට හැකි තරම සත්කාර කිරිම වගේ ඒවා පුලුවන් තරම කරන්න. බෝධි පුජා කටයුතු හොදයි. ඒවා කරලා ලක්ෂ්මි මෑනියන්ට අනුමෝදන් කරලා ආශිර්වාද ඉල්ලන්න. 

- 


මකර

මකර ලග්න අය සෑහෙන කට්ටක් පහුගිය කාලේ කෑවා, 2025දි ඒක වෙනස් වෙන්නට නියමිතයි.

ඔබ පසුගිය කාලවල තේරුම් ගත් ආකාරයට ධාර්මික ජිවිතය වඩා යහපත් බවත් එය වැඩිදුර ගෙන යා යුතු බවත් අනුව කටයුතු කල යුතු බවත් පැහැදිලි වේවි. මාර්තුවෙන් පස්සේ අවු 7 හමාරක් තිබ්බ ඒරාෂ්ටක තත්වය අවසන් වෙනවා. අනුව වෙනදාට වඩා කටයුතු පහසු වේවි. සතුටින් ඉන්න පුලුවන් පවුල සහ නෑදෑ හිතමිතුරන් එක්ක.

රැකියාවේ දියුණුව මෙන්ම ව්‍යාපාර වල වැඩි ලාභ හිමි වෙන කාලයකි. කුමන ක්ෂෙත්‍රයක වැඩ කලත් දියුණුවක් ලැබේවි. අධ්‍යාපන කටයුතු වලටත් හොදයි. 

සෙම, හෘද රෝග තත්වයන් ගැන විසේසයෙන් සැලකිලිමත් වෙන්න. 

බෝධි පුජා කරන්න. අටවිසි පිරිත 9 වතාවක් සජ්ජායන කරන්න. පන්සල් මළුව පිරිසිදු කරන්න. 

- 


කුම්භ

2025 ආරම්භයෙදි ලග්නාධිපති ශනි ඉන්නෙ සිකුරු එක්ක 1 වැන්නෙ. ඒකියන්නෙ ඔළුවෙ. ඒරාෂ්ටකයේ මැදක තමයි දැන් ඉන්නෙ. නමුත් ලග්නාධිපති සෙනසුරු නිසාම ලොකු පීඩාවක් නෑ. 4 වැන්නේ ගුරු සිටිමත් බොහොම හොදයි. රාහු 2 සිටිම තුල තරමක මතභේදාත්මක කතා හෝ හිත් අමනාපකම් ඇතිකරගන්නත් පුලුවන් කතාවෙන්. ගැන සැලකිලිමත් වෙන්න. මාර්තුවෙන් පස්සේ ඒරාෂ්ටක අපලය තවදුරටත් අඩු වෙනව වගේම මැයි වලින් පසුවට වේගයෙන් වැඩකටයුතු කරගන්නත් පුලුවන් වෙනවා. 

රැකියාවේ සහ ව්‍යාපාරයේ දියුණුව අපේක්ෂා කරන්න පුලුවන්. නමුත්, ගැටළු ඇතිවෙන්න ඉඩක් තියෙන නිසා පරිස්සම් විය යුතුයි. ලාභ තිබුනත් කරන කටයුතු හරියටම බලල නිවරදි විදියටම නීතියට අනුව කරන්න. නැති කරදර ඇතිවිමේ යම් අවදානමක් තියෙනව. ණය ගැනීම් සහ ණයට දීම් ආදියෙන් පරිස්සම් වෙන්න. 

කැපවීමෙන් කරනවා නම් ඉගෙනීමෙ වැඩ වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුලුවන්. 

හෘදය සම්බන්ධ රෝග, මුහුණ සම්බන්ධ රෝග යනාදිය ගැන පරිස්සම් වෙන්න.

-


මීන 

ලග්නාධිපති, ගුරු 03 වැන්නේ ඉදන් පටන් ගැනීම තරම් හොද නැතත්, ගුරුගෙන් අයහපතක් වෙන්නෙ නෑ. ටිකක් ආර්ථික අපහසුතා ආවත් ඔබගේ කැපවීම මත මග හරවා ගන්න පුලුවන්. සෙනසුරු ඒරාෂ්කයේ මුල් වසර 2 හමාර මාර්තු මාසයෙන් අවසන් වනු ඇත. තවත් වසර 5ක් ගත කරන්නට තිබේ. වෙනදාට වඩා පන්සල් - පල්ලි යෑම සහ සිතට සහනය දෙන දේ කිරිම වඩාත් හොදයි. 

රැකියාවේ සහ ව්‍යාපාරයේ කටයුතු වලට දියුණුව ඇතිවෙයි. උසස් අයගේ - හිතවතුන්ගේ උදව් උපකාර ලැබෙන කාලයකි. කරන කටයුතු බුද්ධිමත්ව සිතා බලා කල්පනාවෙන් කල යුතුය. වසර මැද සිට ප්‍රඥාගෝචර කටයුතු කිරිම වඩාත් සුදුසුය. 

අධ්‍යාපන කටයුතු වලටද යහපත්ය. 

පාද ආශ්‍රිත වේදනා, කොදු ඇට පෙල ආශ්‍රිත වේදනා, වළලුකර සහ අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වීමේ අවදානම පවති. ගැන අවදානමත් වන්න. 

බදාදා සහ සෙනසුරාදා දිනවල බෝධි පුජා කටයුතු එකදිගට 9ක්වත් කරන්නේ නම් මැනවි. අතර අසරණ අයට සහ සතුන්ට කෑමබීම දෙන්න. කරණීයමේතත පිරිත සජ්ජායනය කරන්න. 

** මේ සියලු කරුණු ලග්නයට අදාල පොදු කරුණුය !!!

ඔබගේ කේන්දර සටහන අනුව මෙම පලාපල වෙනස් විය හැක.


#ඉරු


කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව  අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ, මැණික් වර්ගය යනාදිය ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com