ක්‍රීඩාශීලි වීමට යම් ග්‍රහ බලයක් ඉවහල් විය යුතුය. විශේෂයෙන්ම ලෝක පූජිත ක්‍රීඩකයන් බැලූකල, දක්ෂතා විමසන කල, හඳහන් සමග සංසන්දනාත්මකව බැලූකල ග්‍රහයන්ගේ බලපෑම ගැන අවබෝධයක් ගත හැක.
* ක්‍රීඩාකාරක ග්‍රහයා වන්නේ, බුධ ග්‍රහයාය.
* බුධට අයිති ස්ථාන වලට ක්‍රීඩා පිටිද අයත්ය.
● යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ “බුධ-සිකුරු“ ලග්න භාවයේ/1 වැන්නෙ, 7 වැන්නේ, 5, 10, 11 වැන්නේ පිහිටියොත් එම අයට ක්‍රීඩාශීලි යෝග යෙදේ.
මෙම තත්වයන් සනත් ජයසූරියගේ සහ සුසන්තිකා ජයසිංහගේ කේන්දර වල පිහිටා තිබෙනු අප දැක ඇත.
* * ක්‍රීඩා කිරීමට දක්ෂ උනාට වැඩක් නැත, එයින් ප්‍රසිද්ධ විය යුතුය.
අප මෙය කල්පනා කර බලන කල, ජයසූරියට වඩා 6 පහර එල්ල කල හැකි අය ගම් වල සිටිති. ලසිත් මාලිංගට වඩා කුඩා කාලයේ දක්ෂ අය ක්‍රිකට් පිටියේ සිටිනු අප අත්දැකීමෙන් දනිමු.
● බුධ - සිකුරු යම් කේන්දර සටහනක ලග්නයේ එනම් 1 වෙනි කොටුවේ සිටියදී, රාහුගේ දෘෂ්ඨියට ලක් වේ නම් එම තැනැත්තා ක්‍රීඩාවෙන් ප්‍රසිද්ධ වේ.
● එසේම යම් කේන්දරයක බුධ - සිකුරු සංයෝගව සිටින විටක, රාහුගේ සහ ගුරුගේ දෘෂ්ඨි වලට ලක් වේ නම්, ප්‍රසිද්ධිය මෙන්ම ධනවත් වීමද සිදුවේ.
* ක්‍රිකට් ඉතිහාසය දෙස බැලූකල, මහේන්ද්‍ර සිං දෝණි, යුවරාජ් සිං, කෙවින් පීටසන් වැනි ක්‍රීඩකයන් ලෝක පූජිත ධනවත්ම අය අතරින් ඉදිරියෙන්ම සිටී. එයට හේතුව අදාල ග්‍රහ බලය ඔවුන්ට ධන යෝගයත් ක්‍රිඩාශිලි යෝගත් පිහිටා ඇති බැවිනි.
● ක්‍රීඩකයන්ට, දියුණු වීමට තවත් එක්තරා තත්වයක් ලෙස මිථුන සහ කන්‍යා ලග්න වලින් ඉපදිලා ලග්නාධිපති බුධ ග්‍රහයා උච්ච වී එනම් බලවත්ව සිටින්නේ නම් ජිවිත කාලය පුරාම ක්‍රීඩාශීලි අය වෙති. ඒ අයගේ ශරීර ශක්තියද ඉහලය.
ක්‍රීඩාවට අධිපති සහ පාලනය කරන්නේ බුධ ග්‍රහයාය. බුධගේ බලපුලුවන්කාරකම් තුල, ඉදිරියට ක්‍රීඩාව ගැන විස්තර පැවසිය හැක.
බලන්න ඔබගේ හඳහන් වලත් මෙම තත්වයන් තියෙනවද කියල...
No comments:
Post a Comment