Thursday, March 6, 2025

“ ධන වාසනාව “





ධන වාසනාව කතා කිරීමේදී,

කේන්දරයක 2 වැන්න ගැන කතා කල යුතුමය. එමෙන්ම 5 වැන්න, 7 වැන්න, 9 වැන්න, 10 වැන්න, 11 වැන්න ගැන සෙවිය යුතුය.

කේන්දරයක 2 වැන්න වන ධන ස්ථානය බලවත් වීම කෙනෙකුට ධනය ලැබීමට ඇති ප්‍රධානම සාධකයයි.
එමෙන්ම තමන්ගේ ව්‍යාපාර හෝ තමන්ගේ ආදායම් මාර්ග වලින් ධනය ලැබීමට නම්,
2 සහ 11 වැන්න යන ස්ථාන බලවත් විය යුතුය.
තමන් රැකියාවෙන් ධනය ලැබෙන්නෙක්ද යන්න තීරණය කිරීමට 2 - 5 - 10 බලවත් වීම විය යුතුය.
විදේශගත පදිංචිය, විදේශ රැකියා, විදේශගත ලාභ පිලිබදව එනම් විදේශගතව ධනය ලැබීමට නම් 2 - 5 - 9 බලවත් විය යුතුය.
ලොතරැයි වාසනාව, අනුන්ගෙන් ලැබීම්, අන්සතු ලැබීම් වලින් ධනවත් වීමට නම්
2, 5, 8 ස්ථාන බලවත් විය යුතුය.
විවාහයෙන් ධනවත් වීමට නම් 2, 5,7 යන ස්ථාන බලවත් වීම විය යුතුය.
තවද 2 වැන්න සහ 5 වැන්න අධිපති ග්‍රහයින් එක් කොටුවක සංයෝග වීමෙන්ද ධන වාසනාව උදා වෙයි.
2 සහ 9 යන ස්ථාන වල අධිපතින් එක් රාශියක යෝග වීමෙන් තවත් ධන යෝගයක් උදා වෙයි. 2 වැන්න සහ 11 වැන්න අධිපතින් එක් රාශියක යෝග වීමෙන්ද ධන යෝග තත්වයන් උදා වෙයි.
එසේම ධන යෝග තිබුනද සමහර ජන්මපත්‍ර වල මෙම යෝග ක්‍රියාත්මක නොවන අවස්ථාද දක්නට ලැබේ. ඒ එම ග්‍රහයින්ගේ බලය අඩු වීමෙන්ය.
22 දෙර්ණාධිපතියාගේ දසාවක් ක්‍රියාත්මක වීමෙන් වැනි දෑ වලින්ද බාධා විය හැක.
ඕනෑම ලග්නයක ලග්නාධිපතියා දුර්වල වුවොත් පෙර කී යෝග තත්වයන් ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත. ක්‍රියාත්මක වුවද ධන වාසනාව ලැබුනද අධික වියදම් යෙදී එහි නිසි ඵල නොමැති විය හැක. 

* මෙම ධන යෝගයන් ක්‍රියාත්මක නොවුනද, නිසි ලෙස කේන්දරය අනුවම බලා කරන, නිසි ශාන්ති කර්ම පින්කම් යනාදියෙන්ද, මැණික් ප්‍රතිකර්ම වලින්ද ධනය සම්බන්ධ ස්ථාන බලවත් කර ධන වාසනාව උදා කරගැනීමේ හැකියාව ඇත.

_ පොදු කරුණු පමණි _

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

 අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, 

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

 නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

- irusewaya@gmail.com


071 383 5369

(WhatsApp)