Monday, December 1, 2025

දෙවිවරු අපට පිහිට විය යුතුද ?



බ්‍රහ්ම තත්වය හෝ දේවත්වයට පත්වන්නේ තමන්ගේ යහපත් කර්ම ශක්තිය අනුවය.

 එම තත්වයන් වලට පත්වූ විට මනස ඉතා දියුණු වේ. එම තත්වය අපට තේරුම් ගැනීම ඉතාම අපහසුය.

මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේ, ශක්‍ර දේවේන්ද්‍රයාණන්වහන්සේ සිට, කිසිදු බ්‍රහ්මයෙකු, කිසිදු දෙවියකු කර්මයට විරුද්ධව වැඩ කරන්නේ නැත. කර්මයට විරුද්ධව වැඩ කරන්නටද බැරිය..


දෙවිවරු සිටින්නේ මිනිසුන්ට පිහිට වීමට පමණක්මය කියා අපේ සිතේ තිබුනත්, 

දෙවියන්ගේ පිහිට ලැබෙන්නට බොහෝ කාරණා තිබේ. එයට මූලිකව කර්ම ශක්තියද බලපායි.

අප විසින් එය බුද්ධියෙන් තේරුම් ගත යුතුය.


・゚
අප රටට සිදුවූ දේ සහ ස්වභාවික අනතුරු වලට බොහෝවිට කර්මයේ බලපෑමක් ඇත. 

එය අප තේරුම්ගෙන ජිවිතය ගෙන යා යුතු මිස, දෙවිවරුන්ට අපට පිහිට වූයේ නෑ කියා කල්පනා කිරීම මුග්ධ බවක් පමණි !




#ඉරු #prayforsrilanka

Wednesday, November 26, 2025

කේන්දරයේ 8 වන කොටුව

 


" කේන්දරයේ 8 වැනි කොටුව "

කොටු 12කින් යුක්ත කේන්දරයක 1,4,7,10 මෙන්ම 5,9,10,11 ගැනද බොහෝවිට කතා වෙයි.

නමුත්, ආයුෂ ගැන කියවෙන 8 ගැන වැඩිය කතාවක් නැත.

6,8,12 පොදුවේ කේන්දරයක දුෂ්ට ස්ථාන සේ සැලකේ.


මෙයින් 8 වැන්න,

ආයුෂ

විවාහයෙන් පසු ජිවිතය

විවාහයේ දායාද

සිතේ ස්වභාවය

ව්‍යාපාර යනාදිය 

ගැන කියවෙයි.


8 වැන්නට පොදුවේ කිසිදු ග්‍රහයෙකු සුභ නැති ලෙස පැවසුනද,


සිකුරු 8 වැන්නේ සිටීමෙන් ශාන්ත සුවදායක මරණයක් හිමි වෙන බව කියවේ ( 22 දෙර්කාණාධිපති හෝ වෙනත් අසුභයක් නැතිව)

තවද ගුරු 8 සිටිමෙන්ද අයහපතක් නැත.


► 8
වැන්නට නරකම ග්‍රහයා වන්නේ,

සඳු / චන්ද්‍රයාය


7 සහ 8 අධිපතියන් එකට සංයෝගව සිටිම "පියමුක්ත යෝගය" වෙයි. 

එය ප්‍රබල විවාහ දෝෂයකි.


8
වැන්න අධිපති ග්‍රහයා, 8 වැන්න අධිපතිගේ තත්වය, 8 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ සංයෝග, දෘෂ්ටි සහ තවත් කරුණු මත විවිධාකාර වෙනස්වීම්  කේන්දරයේ ඇතිවිය හැක.

* සියලු කරුණු පොදු කරුණුය - කේන්දරයේ ස්වභාවය අනුව වෙනස් වේ. 


ඔබගේ ලග්නය අනුව 8 වැන්න අධිපති ග්‍රහයා දැනගැනීමට කරුණාකර කමෙන්ට් කරන්න.


-
ඉරු සේවය 

071 383 5369

(WhatsApp)