ග්‍රහලොව හැඩකාර තරුණිය වන, සිකුරු ග්‍රහයා තම ස්වක්ෂෙත්‍ර රාශිය / වාස භවනයක් වන වෘෂභ රාශියෙන් මිදී, සම රාශියක් වන මිථුන රාශියට ගමන් කරයි. මෙම ග්‍රහ මාරුව අගෝස්තු 21 දක්වා පවති.
* ලංකාවට විදේශ ආධාර විශේෂයෙන් ලැබෙන කාලයකි. විදේශීය ආයෝජන අවස්ථා රටට ලැබෙන කාලයකි.
* මූල්‍ය කළමනාකරණයේ අඩුපාඩුද මේ කාලයේ ඇතිවිමට ඉඩ ඇත.
-
සියල්ල පොදු කරුණුය
-
ලග්න 12ට “ පොදුවේ බලපෑම “ මෙසේය.
-
● මේෂ
2 වැන්නේ සිට 3 වැන්නට සිකුරු පැමිණේ.
2 වැන්නාධිපතියා 3 වැන්නට පැමිණි විට ආර්ථික තත්වය තරමක් පීඩාකාරි වෙයි. ආර්ථිකයේ ගැටළු මතුවිමට ඉඩ ඇත. ලගම හිතවතුන් - සහෝදරයින් නිසා ගැටළු ඇතිවිමට ඉඩ වැඩියෙන් ඇත.
කල්ගිය විවාහ කටයුතු ඉක්මණ් වීම සිදුවන කාලයකි. මංගල යෝග උදාවන කාලයකි.
සෙම ආශ්‍රිත අසනීප ඇතිවිමටත් යම් ඉඩක් ඇත.
-
● වෘෂභ
1 වැන්නේ සිට 2 වැන්නට සිකුරු පැමිණේ.
ලග්නාධිපතියා ලග්නයේ සිට 2 වැන්න වන ධනස්ථානයට පැමිණි විට, පෙරට වඩා උද්යෝගිමත්ව වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබේ. ව්‍යාපාර කටයුතු වෙනදාට වඩා උනන්දුවෙන් වැඩ කිරීම තුල ලාභ ඉපයීමට හැක, ඒ vibe එක හිතේ තිබෙන නිසා සතුට දායකය. නව ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයකි.
ගෘහ ජිවිතය යහපත්ය.
සෞඛ්‍ය මානසික පීඩා ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න. වගකීම වැඩිවිම තුල ආතති තත්වයක්ද අපේක්ෂිතය, එනිසා මානසික සෞඛ්‍ය වෙනුවෙන් භාවනා කිරීම යහපත්ය.
-
● මිථුන
12 වැන්නේ සිට 1 වැන්නට සිකුරු පැමිණේ.
12 වන වියදම් ස්ථානයේ අධිපතියා 1 වැන්නට පැමිණිම තුල වියදම වැඩිවන කාලයකි. මානසික ගැටළු - මානසික පීඩාද ඇතිවන්නට ඉඩ ඇති කාලයකි. ආර්ථික තත්වයේ තරමක ගැටළුකාරි තත්වයන් පැන නැගීමට ඉඩ ඇත. මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය පීඩාකාරි කාලයක් බව කිව හැක. ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කරන්න.
හිසරුදාව, ස්නායු ආබාධ ඇතිවිමට ඉඩ ඇත.
-
● කටක
11 වැන්නේ සිට 12 වැන්නට සිකුරු පැමිණේ.
11 වැන්නාධිපතියා වියදම් ස්ථානය වන 12 වැන්නට පැමිණීම තුල, වෙනදාට වඩා වියදම වැඩිවන කාලයක් විය හැක. ආර්ථිකය වර්ධනය කරගැනීමට ඔබට පියවර ගැනිමට සිදුවන කාලයකි. එසේ නොකලොත් ගැටළු - ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත. විදේශගමන් යෙදෙන කාලයකි.
ගෘහ ජිවිතයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත්තේ අඹුසැමියන් අතර හිත් නොහොදකම් ඇතිවිමත්, වචන හුවමාරුවෙදි මත ගැටුම් ඇතිවිම ආදියට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ, මානසික ඒකාග්‍රතාවය රැකගැනීමට කටයුතු කරන්න.
-
● සිංහ
10 වැන්නේ සිට 11 වැන්නට සිකුරු පැමිණේ.
10 වැන්නාධිපතියා අයස්ථානය වන 11 වැන්නට පැමිණීම තුල, ආර්ථිකය තරමක් දුරට වෙනදාට වඩා යහපත් වෙන්නට ඉඩ ඇති කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි. පෙර තිබුනු සබදතා ස්ථිරව ඇතිවිමට ඉඩ ඇත. අමනාපකම් දුරුවී යහපත උදාවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ විශේෂ ගැටළු නැත.
-
● කන්‍යා
9 වැන්නේ සිට 10 වැන්නට සිකුරු පැමිණේ.
භාග්‍යස්ථාන අධිපතියා, 10 වැන්නට පැමිණිම තුල, මුදල් සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත. ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට යම් පියවර ගැනිමට සිදුවන කාලයකි. නව රැකියා උදාවන කාලයකි. එනිසා තරමක් කාර්යබහුල වන කාලයකි.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ.
පපුව සම්බන්ධව සෙම් රෝග ඇතිවිම ගැනද, හතිය, ඇඳුම - පීනස වැනි රෝග තත්වයන් ගැනද සැලකිලිමත් වන්න.
-
● තුලා
8 වැන්නේ සිට 9 වැන්නට සිකුරු පැමිණේ.
ලග්නාධිපතියා මෙන්ම 8 වැන්නාධිපතියාද වන සිකුරු 9ට පැමිණීම තුල,
අධ්‍යාපන කටයුතු වලින් වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි. ආර්ථික තත්වය තරමක් අයහපත් විය හැක්කේ වියදම වැඩිවන නිසාය. රැකියා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකියාව තිබේ.
ගෘහ ජිවිතය - ආදර ප්‍රේමය යම් යම් ගැටළු තිබුනද, ඒවා නිරාකරණය කරගෙන ඉදිරියට යෑමට හැකියාව තිබේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නැත.
-
● වෘශ්චික
7 වැන්නේ සිට 8 වැන්නට සිකුරු පැමිණේ.
විවාහ ස්ථානාධිපතියා / 7 වැන්නාධිපති වන සිකුරු, 8 වැන්න වන ආයුෂ / දුෂ්ට ස්ථානයට පැමිණීම තුල, ආර්ථික තත්වය තරමක් දුරට පිරිහීමට පුලුවන්. මුදල් ලැබීම තරමක් අඩුවන කාලයකි. කණ්ඩායම් ක්‍රියාකාරකම් - හවුල් ව්‍යාපාර වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තරමක් පීඩාකාරි වෙන්නට හැකියාව ඇත. ඒ වෙනුවෙන් වෙනදාට වඩා පවුල් ජිවිතය වෙනුවෙන්, රැකගැනීමට වෙහෙසන කාලයකි. සිත් තැවුල් - මානසික පීඩා ඇතිවිය හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ මුත්‍රා ආසාදන ඇතිවිමට ඉඩ ඇත.
-
● ධනු
6 වැන්නේ සිට 7 වැන්නට සිකුරු පැමිණේ.
6 වැන්නාධිපතියා වන සිකුරු විවාහ ස්ථානය වන 7 වැන්නට ඒම තුල,
වෙනදාට තිබූ, මානසික ගැටළු ප්‍රශ්න වලට විසදුම් ලබාගත හැකි කාලයකි. ආර්ථික තත්වය අතින් තරමක් පීඩාකාරි කාලයක් විය හැක. මෙම තත්වය මග හරවා ගැනීමට, යම් පියවරක් ගැනීමට සිදුවන කාලයකි. ණය මුදල් ප්‍රශ්න ඇතිවිමට යම් ඉඩක් ඇත.
ගෘජ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. විවාහ යෝජනා ස්ථිර වන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නැත.
-
● මකර
5 වැන්නේ සිට 6 වැන්නට සිකුරු පැමිණේ.
5 වැන්නාධිපතියා වන සිකුරු, රෝග ස්ථානය / සතුරු ස්ථානය වන 6 වැන්නට පැමිණීම තුල,
ආර්ථික තත්වය තරමක් ඇහිරීමට ලක්වීමට / හිරවීමකට ලක්වන කාලයක් විය හැක. මුදල් ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය. සොරුන් / මංපහරන්නන්ගෙන් පරිස්සම් විය යුතු කාලයකි. ඔබව රැවටීමට ලක්වීමට ඉඩ ඇති කාලයකි.
දරුඵල ආශ්‍රිත ගැටළු - ගබ්සා වීම් ඇතිවිමට ඉඩ ඇති නිසා ඒ ගැන ඉතාම සැලකිලිමත් විය යුතුමය.
-
● කුම්භ
4 වැන්නේ සිට 5 වැන්නට සිකුරු පැමිණේ.
4 වැන්නාධිපතියා වන සිකුරු 5 වැන්න වන පුත්‍රස්ථානයට පැමිණීම තුල,
පෙර පැවති ගැටළුකාරි තත්වයන් විසදෙන කාලයකි. අන් අයගේ උපකාර ලැබෙන කාලයකි. ණය ගනුදෙනු බලාපොරොත්තුව සිටින අයට ( Loan අපේක්ෂා කල) ඒවා පිලිබද සතුටුදායක පිලිතුරක් අපේක්ෂා කරගත හැකි කාලයක් වෙයි.
දරුඵල සම්බන්ධ ගැටළු පැවති අයගේ, ගැටළු වලට විසදුම් ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි වෙයි.
-
● මීන
3 වැන්නේ සිට 4 වැන්නට සිකුරු පැමිණේ.
3 වැන්නාධිපතියා 4 වැන්න වන කුටුම්භස්ථානයට පැමිණීම තුල, ආර්ථික තත්වය නම් යහපත් වෙයි. එහි ගැටළුවක් නැත. ඉගෙනීම් කටයුතු වලට මව් පාර්ශවයෙන් ආධාර උපකාර ලැබෙන කාලයකි. නව රැකියා අවස්ථා උදාවිය හැකි කාලයකි.
ආදර - ප්‍රේමයට ලොකු ගැටළු නැත. ප්‍රේම සබදතා වලට යම් ගැටළු ඇතිවිමට - මත ගැටුම් ඇතිවිමට ඉඩක් ඇති කාලයකි.
සෙම් රෝග අධික වීමට ඉඩ ඇත ඒ ගැන සැලකිලිමත් වන්න.
-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)