Sunday, August 3, 2025

සෙනසුරුගේ බලපෑම විද්‍යාත්මකව

 


සඳු/චන්ද්‍රයා පෘථවියේ උපග්‍රහයෙක් - ප්‍රමාණය අනුව පෘථවියට වඩා ඉතා කුඩාය.

නමුත්, පුර කාලයට මුළු පෘථවියම එළිය කරන්නට චන්ද්‍රයාට පුලුවන්.

  එහෙම කරන්නෙ සූර්යයාගෙන් වැටෙන ආලෝකය පරාවර්ථනය කරලයි..


සූර්යයාගෙන් සියලු ග්‍රහයන්ට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් පරාවර්ථනය වන බව අපි දන්නවනේ ?

 (චන්ද්‍රයා මූණට කණ්ණාඩියක් සවි කරගෙන නැත, ආලෝකය පරාවර්ථනයෙන් සඳ එළිය පෘථිවියට වැටේ).


සූර්යයා සහ සියලු ග්‍රහ වස්තූන් භ්‍රමණය වන්නේ ආකර්ෂණ ශක්තියකට අනුවය. 

එය අන්තර් සබඳතාවයකි. 

ග්‍රහ ලෝකයන් අතරද එකිනෙක අතරද ආකර්ෂණ සබදතාවයක් තිබේ.

පෘථිවියේ සිට වෙනත් ග්‍රහලොවකට යන විට පෘථවියේ ආකර්ෂණය යම් දුරකට තිබේ. 

එසේ වෙනත් ග්‍රහ ලෝකයට අයත් ආකර්ෂණයක්ද පෘථවියට තිබේ..


**
එයින් එක ග්‍රහයෙකු හෝ ඉවත් වුවොත් වෙන දේ හිතන්න පුලුවන්ද ?


සෙනසුරු ඈතක සිටියද, පෘථිවියට වඩා ඉතා විශාල ග්‍රහයෙකි.

(සෙනසුරු විශාලත්වයෙන් 2වෙනි වන්නේ බ්‍රහස්පතීට පමණි.)


සෙනසුරු සමගද සබදතාවයක් පෘථවියට තියෙනවා, එකිනෙකට නොගෑවි ගමන් කරන්නෙ එහෙමයි.

සෙනසුරුට වැටෙන ආලෝක කදම්බයෙන් කොටසක් අනිකුත් ග්‍රහ ලෝක වලටද වැටේ. 

➤➤ ආලෝක කදම්බය තමයිග්‍රහ දෘෂ්ටිලෙස ජ්‍යොතිෂ්‍යයේ පෙන්නුම් කරන්නේ..

උපන් මොහොතේදි ග්‍රහයන් සිටි ආකාරය අනුව, ග්‍රහයන්ට වැටෙන ආලෝක ප්‍රමාණය තමයි පෙන්නල කතා කරන්නේ,

මේ ග්‍රහ දෘෂ්ටිය වැටෙනවා, මෙතන සෙනසුරු සිටින විතර මෙතරම් ප්‍රබල හෝ දුබල තත්වයක පිහිටිනවා


  එම බලපෑම සැබෑවටම  තියෙනව.අප කතා කරන්නෙ භූත ආත්ම හෝ නොපෙනන බලවේග ගැන නොවෙයි.


 
  අප  සෙනසුරුගේ බලපෑම ඉතා විශාල බව අප පිලිගන්නේ නැත. 

  විශාල බලපෑමක් ඇත්තේ සූර්යයාගේ සහ චන්ද්‍රයාගේය.

අප සියලු කටයුතු කරන්නේ රවි/සූර්යයා සහ සඳු/චන්ද්‍රයා මූලික කරගෙනයි.

චන්ද්‍රයා අනුව නැකැත් සාදන අතර, සූර්යයා අනුව ලග්න සාදයි.


සෙනසුරුගෙන් වැඩිය ලැබෙන්නේ අපල විපත් වන අතර, එයට හේතුව සෙනසුරු විශාල ග්‍රහයෙක් ලෙස අනිත් ග්‍රහයන්ට වඩා එක්තරා අංශයක විශාල ආකර්ෂණයක් ඇති නිසාය..


---

කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්, 

යන්ත්‍ර - ආභරණ,  නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව 

 ඇතුළු සියලුම සේවාවන්

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)

#srilanka #senasuru #chandra #ravi #lka