__
විවාහය ජිවිතයේ වැදගත්ම අංග වලින් එකකි. දෙදෙනෙකුගේ එක්වීම, පරපුර පවත්වාගෙන යාම මෙන්ම, නව නෑයන් ලැබීම, එකමුතුකම යනාදි බොහෝ දේ සදහා ඉතා වැදගත්ය.
( වීඩියෝව අප විසින් “ විවාහ නැකැත් පත්‍රය “ සෑදු විවාහයකිනි)
ඔවුන් දෙදෙනාට යහපතක්ම වේවා !
♥ විවාහයට ගැලපීම දෙදෙනාගේම මනාව සිදුකරාට පසුව විවාහය සිදුවන බව ස්ථිර වීමෙන් පසුව, නැවත කේන්දර 2ම ගැඹුරින් පරික්ෂා කල යුතුය. එ සේ කරන්නේ විවාහයට සුදුසු දිනයක් බැලීමටය. මෙම දිනය මනමාලයාට සහ මනමාලිය යන දෙදෙනාටම සුභ දිනයක් විය යුතුය. දෙදෙනාටම අනුව සුභ නැකැත් තිබිය යුතුමය.
♥ සාම්ප්‍රදායක් ලෙස නැකැත් සාදවනු ලබන්නේ “ මනමාලයාගේ පාර්ශවයෙනි”.
ඊටපසුව එම නැකැත් මනමාලිගේ පාර්ශවයට ලබාදෙනු ලබයි.
නිවරදි ආකාරයට මංගල නැකැත්, නැකැත් දවසක මනමාලිගේ පාර්ශවයට කියනු ලබයි. එය කියනු ලබන්නේද නිසි සුභ නැකතකට අනුවය.
♥ ඉන්පසුව දෙපාර්ශවය එක්දිනක රැස්වී, එදින මනාව කෑමබීම යනාදියෙන් සංග්‍රහ ගරු කටයුතු සිදු කරනු ලබයි. මනමාලියගෙ පාර්ශවයෙන් මනමාල පාර්ශවයට පොරොන්දු වූ දෑවෑද්දෙන් බාගයක් හෝ යම් ප්‍රමාණයක් දීම සිරිතකි.
මේ කාලයේ පොදුවේ “ විවාහ නැකැත් පත්‍රය “ ලෙස ලබාදෙන්නේ මංගල දිනයේ සිට සුභ නැකැත්ය.
1- මනමාලියට නිවසෙන් පිටවීමට නැකැතක් ලබාදීම
2- මනාමාලයාට නිවසෙන් පිටවීමට නැකතක් ලබාදීම
3- රූපලාවන්‍ය කටයුතු සිදු කරන තැනින් මනමාලියට විවාහ මංගල්‍යය පැවැත්වෙන ස්ථානයට ඒමට නැකතක් ලබාදීම.
4 - රූපලාවන්‍ය කටයුතු සිදු කරන තැනින් මනමාලයාට විවාහ මංගල්‍යය පැවැත්වෙන ස්ථානයට ඒමට නැකතක් ලබාදීම.
5 - පෝරුවේ චාරිත්‍ර
6 - මනමාලයාට සහ මනමාලියට පෝරුවට නැගීමට නැකත ලබාදීම.
7 - මනමාලයාට සහ මනමාලියට පෝරුවෙන් බැසීමට නැකත ලබාදීම
( ♦ පෝරුවේ චාරිත්‍ර අතර නැකැත් සාදනු ලබන්නේ අෂ්ටක කියන තැනැත්තාය)
8 - විවාහය ලියාපදිංචි කිරීමේ නැකත.
9 - සව්දිය පිරිමේ නැකත.
( තියෙනවා නම් ලබාදෙනු ලබයි)
10 - ආහාර අනුභව නැකත
11 - විවාහය පවත්වන ස්ථානයෙන් පිටවීමේ නැකත.
12 - රාත්‍රි යේ මංගල හෙවත් රති නැකත.
13 - පහුවෙනිදා ( හෝ වෙනත් දිනයක්), මනමාලයාගේ නිවසට පැමිණීමේ නැකත.
මෙම නැකැත් සියල්ල ගැන මනමාලයා, මනමාලිය සහ දෙපාර්ශවයේ නෑයන් සමග සාකච්ඡා කර මැනවින් සැකසිය යුතුය. අවශ්‍යතාවයේ පරිදි මෙන්ම මානුෂීය වීමද ජෝතිර්වේදින් විසින් කල යුතුය.
“ ස්වස්ථි සිද්ධම් “
-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
—
No comments:
Post a Comment