Saturday, February 28, 2015

“ මණි මේඛලා දේවීන් වහන්සේ “



දේව මණ්ඩලයේ නර්ථන කණ්ඩායමේ ප්‍රධානත්වය දරන, කරුණාබර හදවතක් ඇති යහපත් දේවතාවියකි.
(පින්තූරය උපකල්පනය කරන ලද්දකි.)

Wednesday, February 25, 2015

ක්‍රීඩාවට උපන් හපන්කම් පෙන්වන යෝග මොනවාද ?

ක්‍රීඩාශීලි වීමට යම් ග්‍රහ බලයක් ඉවහල් විය යුතුය. විශේෂයෙන්ම ලෝක පූජිත ක්‍රීඩකයන් බැලූකල, දක්ෂතා විමසන කල, හඳහන් සමග සංසන්දනාත්මකව බැලූකල ග්‍රහයන්ගේ බලපෑම ගැන අවබෝධයක් ගත හැක.

* ක්‍රීඩාකාරක ග්‍රහයා වන්නේ, බුධ ග්‍රහයාය.
* බුධට අයිති ස්ථාන වලට ක්‍රීඩා පිටිද අයත්ය.

●   යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ “බුධ-සිකුරු“ ලග්න භාවයේ/1 වැන්න‍ෙ, 7 වැන්නේ, 5, 10, 11 වැන්නේ පිහිටියොත් එම අයට ක්‍රීඩාශීලි යෝග යෙදේ.
මෙම තත්වයන් සනත් ජයසූරියගේ සහ සුසන්තිකා ජයසිංහගේ කේන්දර වල පිහිටා තිබෙනු අප දැක ඇත.

* * ක්‍රීඩා කිරීමට දක්ෂ උනාට වැඩක් නැත, එයින් ප්‍රසිද්ධ විය යුතුය.

අප මෙය කල්පනා කර බලන කල, ජයසූරියට වඩා 6 පහර එල්ල කල හැකි අය ගම් වල සිටිති. ලසිත් මාලිංගට වඩා කුඩා කාලයේ දක්ෂ අය ක්‍රිකට් පිටියේ සිටිනු අප අත්දැකීමෙන් දනිමු.

●   බුධ - සිකුරු යම් කේන්දර සටහනක ලග්නයේ එනම් 1 වෙනි කොටුවේ සිටියදී, රාහුගේ දෘෂ්ඨියට ලක් වේ නම් එම තැනැත්තා ක්‍රීඩාවෙන් ප්‍රසිද්ධ වේ.
●   එසේම යම් කේන්දරයක බුධ - සිකුරු සංයෝගව සිටින විටක, රාහුගේ සහ ගුරුගේ දෘෂ්ඨි වලට ලක් වේ නම්, ප්‍රසිද්ධිය මෙන්ම ධනවත් වීමද සිදුවේ.

* ක්‍රිකට් ඉතිහාසය දෙස බැලූකල, මහේන්ද්‍ර සිං දෝණි, යුවරාජ් සිං, කෙවින් පීටසන් වැනි ක්‍රීඩකයන් ලෝක පූජිත ධනවත්ම අය අතරින් ඉදිරියෙන්ම සිටී. එයට හේතුව අදාල ග්‍රහ බලය ඔවුන්ට ධන යෝගයත් ක්‍රිඩාශිලි යෝගත් පිහිටා ඇති බැවිනි.

●   ක්‍රීඩකයන්ට, දියුණු වීමට තවත් එක්තරා තත්වයක් ලෙස මිථුන සහ කන්‍යා ලග්න වලින් ඉපදිලා ලග්නාධිපති බුධ ග්‍රහයා උච්ච වී එනම් බලවත්ව සිටින්නේ නම් ජිවිත කාලය පුරාම ක්‍රීඩාශීලි අය වෙති. ඒ අයගේ ශරීර ශක්තියද ඉහලය.

ක්‍රීඩාවට අධිපති සහ පාලනය කරන්නේ බුධ ග්‍රහයාය. බුධගේ බලපුලුවන්කාරකම් තුල, ඉදිරියට ක්‍රීඩාව ගැන විස්තර පැවසිය හැක.

බලන්න ඔබගේ හඳහන් වලත් මෙම තත්වයන් තියෙනවද කියල...

Tuesday, February 24, 2015

කේතු ග්‍රහයාගේ මහ දසාවේ පලාපල !

කේතු ග්‍රහයා, ග්‍රහ ලොව ලෙඩා වශයෙන් හඳුන්වයි. එනම් මන්දගාමි ග්‍රහයෙක් බව ජ්‍යොතිෂ්‍යයේ දැක්වේ. රාහු ග්‍රහයා සියල්ලම වේගවත් කරන අතර කේතු ග්‍රහයා සියල්ලම හකුලා තබයි.

ජ්‍යොතිෂයේදි කේතුට කුජ මෙන් යැයි කියා ඇත. එනම් “කුජ වන් කේතු “ යනුවෙනි.

● කේතුගේ මහ දසා කාලය සහ කුජගේ මහ දසා කාලය සමානය. එනම් වසර 7කි.

කේතු මහ දසාව මුළුමනින්ම වසර 7ක් වන බැවින්ද, කේතු සාමාන්‍ය ලෙස දුර්වල ග්‍රහයෙක් බැවින්ද, 3 වැන්න, 11 වැන්න, 12 වැන්න හැරුණු විට ශුභ පල දෙන ස්ථානයක් ඔහුට නොමැති වීමෙන්ද ජන්මීන්ට බොහෝවිට කේතු මහ දසාව තුල සිදුවන්නේ ශුභමය කාල පරිච්ඡේදයක් නොවේ.

● uyකේතු ග්‍රහයා ඉගෙන ගන්නා දරුවන්ට නම්, හොඳ ඵල දෙයි. එයත් බොහෝවිට හොඳ ස්ථානයක කේතු සිටියොත් පමණක් බව සිහියේ තබාගත යුතුය. එසේම සුභ දෘෂ්ඨිද වැදගත් වේ.
ඥානය, ඉගෙනීමේ ශක්තිය කේතුගෙන් ලැබේ.

● 
තවද භූමිය ආශ්‍රිත කටයුතු කරන අයට, පොලව ආශ්‍රිත කටයුතු කරන අයට කේතුගේ බලපෑම හොදින් තිබුනොත් භූමියෙන් ලැබෙන ‘රන්, රිදී, මිණි මුතු‘ හිමිවීමේ වාසනාව ලැබේ.
විශේෂයෙන්ම භූමියේ ඇති නිධන් වස්තු හිමිවන්නේද මෙවැනි අයටය.

3 සිටින කේතු බුද්ධියෙන් සහ වික්‍රමයෙන් අන් අයට වඩා කැපි පෙනෙන බවක් පෙන්වයි.
11 වැන්නේ කේතු භූමි ලාභ, සැප සම්පත් හිමිකර දෙයි.
12 වැන්නේ කේතු වියදම අඩු කර සකසුරුවම් සහිත කෙනෙකු කරයි.

නමුත් කේතුගෙන් පුද්ගලයෙකුට, මතක ශක්තිය, ප්‍රඥාව, උගත්කම හිමි වෙයි.

● කේතුට දී ඇති රූපයද එයට කදිමට නිදසුන් සපයයි. එනම් නෙළුම් මලක් තුල පුස්තකයක් ගෙන පාඩම් කරන රූපයකි. එයින් විද්‍යාමාන වන්නේ, කේතු ග්‍රහයාගෙන් ඉගෙනීමට හැර වෙන කිසිම උදව්වක් උපකාරයක් නොලැබෙනා බවය.
කේතු ශරීර ශක්තිය හීන කරන ග්‍රහයෙකි.  එමෙන්ම පාද වලට සහ කොන්දට වේදනා ගෙන දෙන්නේද මේ ග්‍රහයාය.

කේතු මහ දසාවේ අතුරු දසා සියල්ලගේම පලාපල ලගදීම බලාපොරොත්තු වන්න.

Sunday, February 22, 2015

සතියේ ලග්න පලාපලය (පෙබ.23 සිට මාර්තු 2 දක්වා)

●  මේෂ
ඉතාම සුභ සතියකි.
තමාගේ ආර්ථික තත්වය දියුණු වෙයි. කරන කියන කටයුතු වල ප්‍රගතිය ඇතිවේ. එසේම මෙම සතිය මේෂ ලග්න හිමි ව්‍යාපාරිකයන්ට ඉතාම හොද සතියකි. නව ගිවිසුම් ආදියට එළඹ එහි දියුණුව ඇති කරගැනිමට පුලුවන් වන සතියකි. උත්සහයෙන් වැඩ කරන්න.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. අලුත් ඥාති මිත්‍ර සම්බන්ධකම් ඇතිවේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. එසේම නිවසට ඥාති මිත්‍රාදින්ගේ පැමිණීමද සිදුවේ.
සෞඛ්‍ය තත්වය, සෙම් රෝග, පීනස, වාත අමාරු ඇති අය ආරක්ෂා වීම සුභයි.

●  වෘෂභ
ඉතාම හොද සතියකි.
තමාගේ අදහස් මුදුන්පත් කරගැනිමට පුලුවන්. එසේම රැකියා කරන අයටත් ව්‍යාපාරික කටයුතු වල නියුතු අයටත් එහි දියුණුව සැලසේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවන අතර, තමාගේ හොද නම ගැන සියලුම දෙනා පැසසුම් කරයි. මෙම සතියේදි සහෝදරයන්ගේ වැඩ කටයුතු වලට මැදිහත් වීමට සිදුවෙයි. සුබ සතියකි.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත. සෙම් රෝග සහ වාත අමාරු වලින් පරිස්සම් වන්න.

●  මිථුන
මේ සතිය ශුභ-අශුභ මිශ්‍ර සතියකි.
මෙම සතියේ මුල් කොටසේ තරමක ප්‍රබෝධයක් පෙන්නුවද, සතිය මැදදී ආර්ථික වශයෙන් යම්කිසි පාඩුවක් පෙන්නුම් කරයි. මෙම කාලයේදි ණය ගැනීමද, ණයට දීමට හොද නැත. තැන්පත් ධනය ප්‍රවේසම් කරගැනීමට උත්සුක වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර දරුවෙකුගේ හෝ බිරිඳකගේ කටයුතු වලට මුදලක් වැය කරන බව පෙනීයයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුවක් නොමැති වුවත්, නිදන්ගත රෝග ඇති අය සතිය මැදදී ප්‍රවේසම් වීම හොදයි.

●   කටක
මේ සතිය සමස්තයක් ලෙස ගත් කල සුබයි.
වෙළඳ ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබගේ ආදායම් තත්වය වැඩි දියුණු කරගැනීමට පුලුවන් වේ. එසේම විදේශ රැකියාවන් වල නියුතු අයටත්, ජලය ආශ්‍රිත කර්මාන්ත කරන අයටත් මේ සතිය බෙහෙවින්ම සුබ බව කිව යුතුය. එසේම සියලුම රැකියා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවේ. තමාගේ ගෙදර දොරේ කටයුතු වලට හෝ, ආර්ථික කටයුතු වලට ඇවිදීමට වෙහෙස මහන්සි වීමට සිදුවෙයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. නමුත් සතිය අගදී නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.

●   සිංහ
ඉතාම සුභ සතියකි.
දියුණුවට සහ තමාගේ ආර්ථික කටයුතු වල ඉදිරි ගමනට වැඩිහිටියන්ගේ ආශිර්වාදය නොමඳව ලැබේ. ඔබට මෙම සතිය ඇතුලත පිට පලාත් වල කරන රැකියා හේතුවෙන් ආදායම වැඩි දියුණු වේ. එය ඉතාම හොද තත්වයකි. එසේම ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ සිටින ඔබට කාර්යබහුලත්වය සමග මුදල්ද ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රිතියෙන් ගත වන අතර, විවිධ ප්‍රදේශ වල සංචාරයටද අවස්ථාව ලැබේ. ඔබට මෙම සතිය මානසිකව ඉතාම සුභයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවද, සමහරවිට සෙම් රෝග සහ සතිය අගදී යම් යම් ඇඟේ පතේ අමාරු සම්බන්ධව ප්‍රතිකාර ගැනිමට සිදුවේ.

●  කන්‍යා
මේ සතිය ඉතාම ශුභ සතියකි.
සතිය ආරම්භයේ සිටම යම් යම් වැඩ කටයුතු වලින්, ඔබට ලාභ ප්‍රයෝජන ඇතිවේ. විදෙස් රැකියා කරන අයට පඩිනඩි වැඩිවේ. වෙළද ව්‍යාපාරික කටයුතු කරන ඔබට එහි දියුණුව ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම ඔබට මෙම සතියෙදි ඥාති මිත්‍ර සම්බන්ධතා වැඩි වේ. මිතුරන් සොයාගෙන එයි. එසේම ඔබගේ සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රයද මේ සතිය තුලදී සිදුවේ.
සෞඛ්‍ය තත්වය, සතිය මුලදී තිබූ යම් යම් කරදර ඔබට අවම වෙයි. වෙන ගැටළුවක් නොමැත.

●   තුලා
ඉතාම සුභ සතියකි.
හවුල් ව්‍යාපාර කරන ඔබට ඒවා දියුණු වේ. තවද සතිය මැදදී සහ අගදී ඔබ බලාපොරොත්තු වූ විශාල දියුණුවක් හිමි වෙයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ.
සෞඛ්‍ය තත්වයේ, ඇඟේ උෂ්ණාධික රෝග, මුත්‍රා අමාරු, එසේම ඒ ආදි රෝග තත්වයන් ගැන විසේසයෙන් සැලකිලිමත් වන්න.

●  වෘශ්චික
ශුභා-ශුභ මිශ්‍ර සතියකි.
සතුරු කරදර නිසා, තමාගේ ආදායම් තත්ව වලට, තරමක බාධකයක් එල්ල විය හැක. එසේම ඔබගේ හවුල් ව්‍යාපාරික සහකරුවන් සමග අවබෝධයෙන් කටයුතු කිරීම හොදයි.
ගෘහ ජිවිතයේ ඇති අවිවේකි බව සහ ඇති අධික කාර්යබහුල බව හේතු කරගෙන, පවුලේ සමහර දේවල් වලට සහභාගි වීමේ ඉඩකඩ ඇහිරී යයි.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ සහ සතිය අගදී සෙම් රෝග ආදිය ඇතිවිය හැක. පරිස්සම් වන්න.

●   ධනු
මේ සතිය මිශ්‍රපලයි.
ඔබට ආර්ථික වශයෙන් මහා පරිමාණ දියුණුවක් මේ කාලයේ ලගා කරගත නොහැක. එසේම ඔබට ඇති බාධක සහ මෙම කාලයේ ඇතිවෙලා තියෙන ග්‍රහ අපල නිසා(ඒරාෂ්ඨක තත්වය), ආර්ථික වශයෙන් තරමක දුර්වල තත්වයක් ඇතිවේ. එය විශේෂිත කාරණාවකි.
සාමාන්‍යයෙන් ඔබ මේ සතිය තුල ආරක්ෂා වී සිටිම හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරගැනීමට පුලුවන්. සතිය මැදදී පවුලේ කටයුතු වෙනුවෙන්, ඉතාම හොද මැදිහත් වීමක් කරගැනිමට ඔබට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, සෙම සහ උදරාබාධ ආශ්‍රිත රෝග වැළදීමට පුලුවන්. පරිස්සම් වන්න.

●  මකර
මේ සතිය ඉතාම ශුභ සතියකි.
ඔබගේ දියුණුව මේ කාලයෙදි සිදුවේ. හවුලේ කරන ව්‍යාපාරද, එසේම දියුණු වේ. අලුත් ආදායම් මාර්ග මේ සතියේදි මතු වෙයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර, භූමි ලාභ, ඉඩකඩම් ආදිය හිමිවෙයි. නිවසට අලුත් බඩු භාණ්ඩ හිමි කරගැනිමට පුලුවන්. හොද සතියකි.
සෞඛ්‍ය තත්වය, යහපත්ව ගත වන අතර සෙම් රෝග ඇති අය ප්‍රවේසම් වන්න.

●  කුම්භ
මේ සතිය ඉතාම හොඳ සතියක්.
ඔබගේ වාසනාවට, සියලුම කටයුතු සාර්ථකව කරගැනිමට හැකියාව ඇත. එසේම ඔබට දියුණුව, ආශිර්වාදය සැලසෙන කාලයකි. පිට පලාත් වල කටයුතු, වෙලද ව්‍යාපාරික කටයුතු දියුණු වන අතර, මේ සතිය මැදදී දේපල ඉඩකඩම් මිලදී ගැනිමේ වාසනාවද හිමි වේ.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගතවේ. නෑදෑ හිතමිතුරන්ගේ පැමිණීමද අපේක්ෂා කල හැකිය. එසේම ඔබගේ දියුණුවට ඒ අයගේ උදව් උපකාර හිමිවනු ඇත.
සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නැත. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

●   මීන
ඉතාම සුභ සතියකි.
කරන කියන කටයුතු දියුණු වන, ආර්ථික තත්වය යහපත් වන සතියකි. එසේම ඔබට හොදයි. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු ඔබට දියුණුව ඇතිවෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, දරුවන්ගේ දියුණුවද සැලසේ.
සෞඛ්‍ය සම්බන්ධව විශේෂ ගැටළු නැති අතර, සෙම් ගෙඩි සහ සෙම් අමාරු ඇතිවිමට පුලුවන්, ඒ ගැන සැලකිලිමත් වන්න.
____












Friday, February 20, 2015

සිකුරු මාරුව (සති 3කට වඩා බලපැවැත්වේ)

ග්‍රහලොව මනමාලිය හැඩකාරිය වන සිකුරු ග්‍රහ තාරකාව තම උච්ච භවනය වූ මීන රාශියට 2015 පෙබරවාරි 16 වන දින පෙරවරු 6.19ට පැමිණ ඇත.

මෙම සිකුරු ග්‍රහයා පුද්ගලයෙකුගේ ලෞකික ජිවිතයේ සියලුම සැප සම්පත් නියෝජනය කරයි. විශේෂයෙන්ම විවාහය, ආදරය,  එසේම යාන වාහන, සැප සම්පත් සහිත ජිවිතය සිකුරු ග්‍රහයාගෙන් නිවේදනය වේ. එසේම ඔබට මෙම ග්‍රහයාගේ බලපෑම කෙසේදැයි අප සොයා බලමු.

●   මේෂ
සිකුරු පැමිණෙන්නේ 12 වැන්නටය.
12 වැන්නට පැමිණිම නිසා ඔබට විශේෂයෙන්ම සැප සම්පත් වින්ඳනය කිරිමේ වාසනාව ලැබේ. විශේෂයෙන්ම කම්සැප විඳීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. කෙසේ වෙතත් හොඳයි.

●   වෘෂභ
සිකුරු 11 වැන්නට පැමිණේ.
මේනිසා ඔබට ඉතාමත්ම හොද බව කිව යුතුය. සමාජශීලි බව, යහපත් මිතුරු මිතුරියන් ඇසුර, සමාජයෙන් යම්කිසි ආකාරයකට හොඳ නම ජනප්‍රිය වීම. මංගල යෝග පැමිණීම මේ ආදි ශුභ කරුණු ඉෂ්ඨ සිද්ධ වෙයි.

●   මිථුන
සිකුරු 10 වැන්නට පැමිණේ.
මේ පැමිණීම තුල ඔබට රැකියාවේ දියුණුව, රැකියාව සතුටින් කරගත හැකි වාතාවරණය උදාවෙයි. එයද හොදයි. රැකියා ස්ථානයෙදි ප්‍රේම සබදතා පවා ඇතිවිමට පුලුවන්.

●   කටක
සිකුරු 9 වැන්නට පැමිණෙයි.
ඔබට වැඩිහිටියෙකුගෙන් ඉතාම සුපිරි ගණයේ උදව්වක්, උපකාරයක් ලැබීමට හේතු වනු ඇත. එසේම ඔබට දියුණුව නිරන්තරයෙන්ම ඇතිවෙයි. පෙර පින පහල වේ.

●   සිංහ
8 වැන්නට සිකුරු පැමිණේ.
සිංහ ලග්න අයට 8 වැන්නේ සිකුරු උච්ච වීමෙන් හදිසි ධනලාභ සහ වාසනාවන්ත විවාහ තත්වයක් ඇතිමිට ඉඩ ඇත. එසේම ඔබගේ කටයුතු හොදින් කරගැනීමට පුලුවන්. උරුමහරුමකම් ලැබීමටද වාසනාව ඇත.

●   කන්‍යා
7 වැන්නට සිකුරු පැමිණේ.
උසස් විවාහයක් කරගැනිමට වාසනාව ලැබෙනවා සේම, අලුත් හවුල් ව්‍යාපාර ආරම්භ කිරිමට හොදම කාලයකි. එසේම ඔබ ජනප්‍රිය චරිතයක් වනු ඇත. තරමක කාමාධික ස්වරූපයක් ඔබට ආරෝපණය වෙයි.

●   තුලා
සිකුරු 6 වැන්නට පැමිණේ.
රෝග පීඩා ඇති නම් සිකුරුගේ මේ පැමිණීම එතරම් හොද නැත. නමුත් ඥාති මිත්‍රාදින්ගෙන් හෝ නැන්දා මාමාවරුන්ගෙන් උදව් උපකාර ලැබීමට මෙය කාරණාවකි.

●  වෘශ්චික
සිකුරු 5 වැන්නට පැමිණේ.
5 වැන්නට පැමිණීම නිසා නව ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇත. එසේම ඔබට දරුසම්පත් බලාපොරොත්තුව සිටියේ නම් මේ කාලයේ ඒවා සාර්ථක වන අතර, තවද ඔබටද තරමක කාමාධික ස්වරූපයක් ඔබගෙන් පෙන්නුම් කරයි.

●  ධනු
4 වැන්නට සිකුරු පැමිණේ.
නිවාස, භූමි ලාභ, සැප සම්පත් හිමි වීමට ඉඩ ඇත. තමන් සිටින ස්ථානය කුමක් වුවත් ඔබට අවශ්‍ය කරන සියලුම වරප්‍රසාද ඔබට හිමිවනු ඇත. ඔබට සිතේ සන්තෝෂයෙන් වැඩ කටයුතු කරගෙන යාමට පුලුවන් වන කාලයකි.

●   මකර
3 වැන්නට සිකුරු පැමිණේ.
සිකුරු 3 වැන්නේ උච්ච වීම නිසා මංගල යෝග උදා වන අතර, තමාගේ දක්ෂතා අන් අයට හෙලි වීමට කාලයකි. විශේෂයෙන්ම කලා කටයුතු වල නියැලෙන අයට මේ සිකුරුගේ මාරුව ඉතාම හොදයි.

●   කුම්භ
2 වැන්නට සිකුරු පැමිණේ.
ධන යෝග යෙදේ. ආර්ථික වාසි සැලසේ. තමාගේ ප්‍රිය වචනයට අන් අය ගරු කරයි. එසේම ඔබද තරමක කාමාශාවන් වලට අවනත වීමට ඉඩ ඇත.

●   මීන
ලග්නයේ සිකුරු උච්ච වෙයි.
මේ සිකුරුගේ බලය නිසා ඔබට වෙනදාට වඩා උද්යෝගයෙන් කටයුතු කිරිමට පුලුවන් වේ. අවිවාහක අයට මංගල යෝග උදා වන අතර, නව පෙම් සබදතා සාර්ථක වේ. එසේම තමාගේ හොද නම සමාජය තුල ජනප්‍රිය වන කාලයකි.

_ ඔබ උත්සහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න. මෙය පොදු පලාපලයකි_

* සිකුරු මාරුව සමග අප දක්වා ඇත්තේ, පොදු පලාපලයකි. මෙය උප්පත්ති කේන්දරයත් සමග සංසන්දනාත්මකව බැලිය යුතු බව අවධාරණය කරමු.
උදාහරණයක් විදියට, කන්‍යා ලග්නයේ උප්පත්ති කේන්දරයේ සෙනසුරු 7 වැන්නේ සිටින කෙනෙකුට සිකුරු 7 වැන්නට ආවාය කියා සෙතක් නොසැලසීමට ඉඩ ඇත. අන්න ඒ ආකාරයෙන් බලන කල පොදුවේ ප්‍රකාශ කරන ලද්දක් බව සැලකිය යුතුවේ.

තෙරුවන් සරණයි ! ! !

Wednesday, February 18, 2015

සතියේ ලග්න පලාපලය - පෙබ. 18 සිට

●   මේෂ
සුභදායක සතියකි.
ආර්ථික තත්වය මේ සතිය තුලදී උසස් තත්වයකට පැමිණෙයි. විශේෂයෙන්ම ගත්කල ඔබගේ මෙම සතිය තුල ණය තුරුස් ගෙවීම සහ ඔබට අයවිය යුතු ණය අයවීම සිදුවෙයි. එසේම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබටත් සුභයි. මේෂ ලග්නයේ කාන්තා පාර්ශවයේ ඔබට මෙම සතිය තුලදී අලුත් ඇඳුම් පැළදුම් ආයිත්තම් මිලදී ගැනීමට පුලුවන් වනවා ඇත.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. ගජකේශරි යෝගය යෙදෙන මෙම සතියේ නිවසට අවශ්‍ය කරන බඩුමුට්ටු මිලදී ගැනීමට පුලුවන්. එසේම ඔබට පිරිස් බලය සමග මනා පිලි ගැනීමක් ඇතිවේවි. මංගල යෝග උදාවන මෙම සතියෙදි ඥාති මිත්‍ර හිතවත්කම්ද ගොඩනැගේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවූවත් සෙම ආශ්‍රිත රෝග සහ ඇදුම රෝග ඇති අය මේ කාලයේ පරිස්සම් වන්න. මන්ද මේ කාලය තුල අධික සීතලකුත් තිබෙන නිසා එම තත්ව වැඩිවිය හැක.

●  වෘෂභ
මෙම සතිය ඉතාම හොදයි.
ඔබට ඔබගේ වාසනාවේ සහ උත්සහයේ හැටියට ආර්ථික තත්වය දියුණු කරගැනිමට පුලුවන්. එසේම දියුණුවට සහ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනිමට වැඩිහිටියන්ගේ උදව් උපකාර, ආශිර්වාදය ලැබේ. ඔබ විදේශ රටක රැකියාව කරනවා නම්, ඔබට ආර්ථික වාසි ඇතිවේ. එසේම සතිය අගදී මහා ධන උල්පතක් පෑදීමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම වාසනාවන්තව ගත වෙන අතර වැඩිහිටියන් සමග සුහදව සිටිමටත් ඔවුන්ට උදව් උපකාර කිරිමටත් තවද වන්දනා ගමන් ආදියේ යෙදෙනවා නම්, දෙමාපියන්ද සමග වැඩිහිටියන් සමග එම කටයුතු වලට නියලීමට පුලුවන්. ආර්ථික වාසියක් නිසා සතිය මැදදී ප්‍රමෝදයට පත් වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. නිදන් ගත රෝග ඇති අය එය පාලනයට උනන්දුව විය යුතුය.

●  මිථුන
මෙම සතිය හොදයි.
ආර්ථිකය සතියේ පලවන දවස් 2දි යම් යම් ගැටළු තත්ව ඇතිවෙන්න පුලුවන්. ලැබිය යුතු මුදල් ආදිය නොලැබිමටත්, අමතර ආකාරයට ණය තුරුස් වීමටත් පුුලුවන්. ඒ ගැන කල්පනාකාරි වන්න. මෙම තත්වය සතිය මැදදී හා අගදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එහිදි ආර්ථික වාසි සහ අලුත් දේවල් වලින් මුදල් හදල් උපයාගැනිමට ඔබට වාසනාව සහ ශක්තිය ලැබෙනවා.
ගෘහ ජිවිතය හොදයි. සතිය මැදදී සහ අගදි ඔබට පවුලේ අය සමග විනෝද වීමට පුලුවන්. නෑදෑ ගමන් බිමන් යාමට පුලුවන්. එසේම ඔබට විශේෂ වශයෙන් දියුණුව සැලසෙන මාර්ග එනවා.
සෞඛය තත්වයේ සෙම් රෝග සහ මුත්‍රා අමාරු, එසෙම සමහරවිට අජීර්ණ රෝග ඇතිවිමට පුලුවන්. ්‍

●  කටක
මධ්‍යස්ථ සතියකි.
සතිය මුලදි තිබු ප්‍රබෝධය තරමක ගැලහී යාමේ ලක්ෂණ සතිය මැදදී පෙන්වනවා. සතිය මැදදී මෙම කරදර බලාපොරොත්තු වෙන්න පුලුවන්. ප්‍රවේසම් විය යුතුයි. මුදල් පරිපාලනයෙදි ප්‍රෙව්සම් වන්න. ණයවීම අඩු කරන්න. තියෙන මුදල් පිරිමසාගෙන කටයුතු කරන්න.
ගෘහ ජිවිතයත් එහෙමම තමයි. ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සදු 8 හැසිරෙන කාලයෙදි ගමනෙදි බිමනෙදි පරිස්සම් වන්න. නිවසේ සමගිය සාමදානය තබාගන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් නැහැ. සතිය මැදදී බඩේ අජිර්ණ, සෙම් අමාරු, හන්දිපත් අමාරු හැදෙන්න පුලුවන්. පරිස්සම් වන්න.

●   සිංහ
මේ සතිය මධ්‍යස්ථඵලයි.
සතියේ මුල් දින 2 හමාර වැනි කාලය තුලදී ආර්ථික පාඩු සහ කරදර ඇතිවිය හැකියි. ඔබට සතුරු කරදර සහ ණය තුරුස් වීමේ අවදානම තිබෙනවා. වාහන සම්බන්ධව කටයුතු කරන අය ප්‍රවේසම් වන්න. සිංහ ලග්නයේ කාන්තා ඔබට මේ සතිය හොද නැහැ. නව ගිවිසුම් වලට එළඹීම මේ සතියෙදි මග අරින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. හොදත් නැහැ, නරකත් නැහැ. සිංහ ලග්නයේ කුඩා දරුවන් අධ්‍යාපන කටයුතු වලින් ඈත් වීමටත්, දඟ කිරිමත් පුලුවන්.
සෞඛ්‍ය, අජීර්ණ ආබාධ පුලුවන්. සිංහ ලග්නයේ කුඩා දරුවන් ජලාශ්‍රිත කටයුතු වලදි ප්‍රවේසම් විය යුතුමයි.

●  කන්‍යා
ඔබට මෙම සතිය මධ්‍යස්ථයි.
සාමාන්‍ය පරිදි ආර්ථික තත්වය හැසිරෙනවා. වෙනදාට කියනවා වගේම හිතාමතා බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් උපද්‍රව වලක්වාගත හැකියි. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලැබෙනවා. එසේම ජිවිතයේ මෙම කාලය අවුල් සහගත තත්වයක් තිබුනත් ඒවා මර්ධනය කරගෙන ආර්ථික තත්වය උඩට ගන්න පුලුවන්.
ගෘහ ජිවිතයේ නම් විශේෂ වෙනසක් නැහැ. කලබකාරි හැසිරිම සහ කාර්යබහුලත්වය එක්ක ඔබට කරදරකාරියි. ගෘහ ජිවිතය තුල වෙලාව නැහැ. කාර්යබහුලකම නිසා කරදර වුවත් එකපැත්තකින් ආර්ථික වාසි සැලසෙනවා.
විශේෂිත ලෙඩ රෝග නැති උනත් ඔබට ඇති කරල තියෙන ග්‍රහ අපලෙට සමහර වෙලාවට මානසික ආතතිය සහ කලබල වීම අනවශ්‍ය විදියට බයවීම මේ ආදි ගැටළු තියෙන්න පුලුවන්. ඒනිසා ඒ සම්බන්ධව පියවරක් ගත යුතුයි.

●  තුලා
හොද සතියක් කියල කියන්න පුලුවන්.
ඔබ මෙම සතියෙදි දියුණුවට කරන වැඩසටහන් හරියනවා. එසේම ඔබට තමාගේ උපන් පලාතෙම සමහරවිට දියුණු වෙන්න පුලුවන්. නැතිවී ගිය ජනප්‍රියතාවය ක්‍රමානුකූලව මේ සතියේ ලැබෙනවා. සියලු දෙනාගේ උදව් උපකාර ලැබෙන නිසා ඔබගේ කාලය හොදයි. ඒත් සමගම ඔබ අලුත් ව්‍යාපෘති වලට අතගැසීමට කල්පනා කරාවි.
ගෘහ ජිවිතය වඩාත් ප්‍රීතිමත්ව ගත වන්නේ, අඹු සැමි ප්‍රේමය දළුලන නිසයි. දෙදෙනාටම සමගියෙන් සමාදානයෙන් සිටින්නට පුලුවන් වගේම යම් යම් කටයුතු කරගැනිමට ඔබට පුලුවන්. එසේම ඔබ වාසනාවන්ත ආකාරයට ඔබගේ වැඩ කටයුතු කලමණාකරණය කරගනිවි.
දුවාදරුවන්ගේ දක්ෂතා නිසා ඔබගේ සිත සතුටු වෙනවා. මේ සතියෙදි ඔබගේ නිවසේ විනෝද උත්සවයක් පැවැත්වීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ දන්ත ආබාධ, දත් කැක්කුම්, සෙම් අමාරු, හිසේ කැක්කුම් වලින් පරිස්සම් වන්න.
ලොකු කරදරයක් නැහැ හොදින් ජිවත් වන්න.

●   වෘශ්චික
ඉතාම හොද සතියකි.
ඔබට සිතට ප්‍රීතිය ගෙනදෙන කරුණු කාරණා යෙදෙනවා. තවද ඔබ බලාපොරොත්තු වන සියලුම පැතුම් ඉෂ්ඨ සිද්ධ වෙනවා. ඔබගේ ජිවිතය සාර්ථක වෙනවා. ආර්ථික තත්වය සැබවින්ම හොදයි කිසිම ප්‍රස්නයක් නැහැ.
ගෘහ ජිවිතය ඉතාමත්ම හොදින් ගත වෙනවා. තවද මේ සතිය තුලදී ඔබගේ ඥාති මිතුරු සබදතා තරවෙන අතර, ඔබට අවශ්‍ය වන තවත් දේවල් ඔබ කරා නිරන්තයෙන්ම එනවා. ඔබටද කෙටි ගමන් යෙදීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම ගතිය සහ පීනස ඇති අය පරිස්සම් වන්න.

●  ධනු
හොද සතියකි.
ඔබගේ උත්සහයේ තරමට ආර්ථිකය දියුණු වෙනවා. ඔබ රැකියාවක නියුතු කෙනෙක් නම්, ඔබට රැකියා ජිවිතයෙදි යම්කිසි දුෂ්කරතා තිබුනත් ආර්ථික පැත්තෙන් යම් සහනශීලි වැඩපිලිවෙලකින් ඔබ තෘප්තිමත් වනවා. කලා ක්ෂෙත්‍රයේ හා වෙලද ව්‍යාපාරික කටයුතු කරන ඔබට මේ සතියේ ධන යෝග ක්‍රියාත්මක වන බැවින් ලොතරැයිපත් මිලදී ගැනීමද සුබයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වන අතර අන්සතු ධනය මෙම සතියෙදි ලැබීමට ඉඩ තියෙනවා. එසේම විවාහක අයටද භාර්යාවගේ පාර්ශවයෙන් ලැබිය යුතු දේවල් මේ සතියෙදි ලැබෙන්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වයෙ අයහපත් නම් නැහැ. එසේම ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම නීරෝගිව සිටිමට පුලුවන්. සතිය මැදදී සෙම ආශ්‍රිත රෝග වැළදීමට පුලුවන්.

●   මකර
ඉතාම හොද සතියක්.
ඔබගේ හොද නම සහ ඔබගේ ගුණවත්කම නිසා ඔබට බොහෝ අය ප්‍රියමනාප වීම තුලින් ආර්ථික වාසි වලට මග පෑදෙනවා. ජලාශ්‍රිත රැකියා කරන අයට, විදෙස් ගත අයට දියුණුව සැලසෙන්නේ නිතැතිනි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා වරදක් නැහැ. අවිවාහක අයට මංගල යෝග උදා වන අතර, ප්‍රේම සබදතා ස්ථිර වී සිතට සතුට ගෙනදෙනවා. මෙම සතිය පුරාවටම ඔබ සුවිශේෂි චරිතයක් වන අතර ඒ ගැන තවදුරටත් බලාපොරොත්තු තබාගන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත. නමුත් සෙම් රෝග ආශ්‍රිතව යම් බලපෑමක් ඇති බවයි පෙනෙන්නේ.

●  කුම්භ
හොද සතියකි.
නමුත් සතිය මුල කාලයෙදි ඔබට පාඩු සහ අලාභහානි සමග දඩ වැනි දේ ලැබෙන්නට පුලුවන්. තියෙන මුදලක් හෝ වටිනා දෙයක් නැතිවෙන්නට පුලුවන්. සතියේ මුල් දවස් 2-3 ප්‍රවේසම් විම ඒනිසා කරගන්න ඕන.
ඉන්පසු ඔබට ආර්ථික වාසි සැලසෙන්නේ නිතැතිනි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත උනත් තරමක අවිවේකි බවක් දිස් වේවි. නිවසේ සිටින්න කාලය කළමනාකරණය කරගැනිම ඔබගේ වගකීමකි.
සෞඛ්‍ය තත්වයේ උෂ්ණාධික රෝග, සෙම් අමාරු, හිසේ කැක්කුම් පොදුවේ වැළදිය හැක.

●   මීන
සමඵල සතියකි.
සතියේ මුල් දවස් 2 ඔබට හොදයි. අලුත් ආදායම් මාර්ග සහ කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. තවද ඒ සම්බන්ධයෙන් ඔබට හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, නෑදෑ හිතවතුන්ගේ පැමිණීම අපේක්ෂා කල හැකියි. දුර බැහැර ගමන් බිමන් යාමට සිදුවේවි.
සෞඛ්‍ය තත්වය අයහපත් නැහැ. සතිය මැදදී ප්‍රවේසම් වන්න, සියලුම උපද්‍රව වලින්.











Tuesday, February 17, 2015

මහා ශිව රාත්‍රි දිනයේ, මහේෂ්වරයාණන්ගෙන් ආශිර්වාද ගමු !


හින්දු ආගමේ, සිද්ධාන්තයන්ට අනුව ලොව මැවූ මහා බ්‍රහ්මයාට(මහා බ්‍රහ්ම) දෙවෙනියට සිටින්නේ “ඊශ්වර හෙවත් ශිව දෙවියන්ය“, මහේෂ්වරයාණන් නමින්ද ප්‍රසිද්ධ වන්නාවූ මහා තේජෝ බල මහා වීර පරාක්‍රම ශිව දෙවියන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ වන්නේ යුක්තිය, ධර්මය ඉෂ්ඨ සිද්ධ කිරීමටය.

මේ ආකාරයෙන් කල්පනා කරන විට ලොවට සත්‍යවාදි දර්ශනයකින් පිහිට වී සකලවිධ ලෝක සත්වයාට පිහිට වීමට උන්වහන්සේ කාරුණික බව හින්දු ආගමික පොත්පත්වල සදහන් වේ.

දිනක් වනාන්තරයේදී පුද්ගලයෙක් ඇවිදගෙන යද්දි, ඔහු පිටුපසින් මහා නපුරු කොටියෙක් එලවාගෙන ආ විටදී ඔහු දුවගෙන දුවගෙන ගොස් අසල තිබූ ගසකට නැග්ගේය.
ඔහුට කරකියා ගන්නට දෙයක් නොමැති වූ විට ඔහු මෙනෙහි කොට ඇත්තේ ශිව දෙවියන්ය. එම කතා පුවතට අනුව ඔහු ගසේ තිබුනු සියලුම කොල එළිවෙන තෙක් එකින් එක කඩා බිමට දමා ඇත. ඔහුගේ වාසනාවකට ගස යටින් ශිව ලිංගයක් මතුවූ බව එම කතා පුවතෙන් සඳහන් වේ.
ශිව දෙවියන් මෙනෙහි කල ආනුභාවයෙන් ඔහුගේ දිවිය බේරුන බව පොත පතෙහි සදහන් වේ.

අද පෙබරවාරි මස 17 වන දිනය, මහා ශිව රාත්‍රි දිනයයි. ශිව දෙවියන්ගේ 3 වන ඇස විවෘත වන්නේ අද දිනයේ රාත්‍රි 12ටය. එම අවස්ථාවේ පිලිවෙතින් හිඳ ආශිර්වාද ගැනීම මැනවි.

* අප බහුතරයක් බෞද්ධ උවත් වෙසෙසින්ම හින්දු ආගමික දෙවිවරුන්ටද ගරු වන්දනාමාන කිරිමට කාලයක් තිස්සේ හුරුවී සිටිමු.
බුදු දහමේ සදහන් වන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා අතරට අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් අතරේ මෙම ශිව, විෂ්ණු, කතරගම, පාර්වති, පත්තිනි, විනායක වැනි දෙවිවරුන්ද ඇතුලත් වේ.
මෙම දෙවිවරුන්ගෙන් දේව මණ්ඩලයේ ප්‍රධාන වැඩ සිටින විෂ්ණු දෙවියන්, පත්තිනි මෑණියන් මතු බුදු බව පතන දෙවිවරු වෙති.

● මෙහිදී අප අවධාරණය කරන්නේ, ලෝක පාලක ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ජිවිතය යහපත් කරගැනීම පිණිසය.
ඒ හැර දේව වන්දනාවක් හුරු කරගැනීමට නොවේ. දෙවියන් සිල්වත් ගුණවත් මිනිසුන්ට වන්දනාමාන කරන්නේ එම ගුණයන්ටය. අපද දෙවියන්ගේ එම ගුණ අගය කිරිම වටී.
අපටද මෙම දෙවි දේවතාවුන්වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලබාගන්නට හැකිවන්නේ අපද සිල්වත්ව සිටියෝතින් පමණක් නේද...

අද දින ඔබගේ ජිවිතේට බලපාන වැදගත් අදහසක් මුදුන්පත් කරගැනිමට ඔබ සිතා සිටිනවා නම්, අද දින යාම 3ට, එළගි තෙල් පහනක් දල්වා ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවායි එම පහනේ අලෝකයෙන් ඉල්වන්න. ශිව දෙවියන්ට පින් අනුමෝදනා කරන්න.

යාම 3 මෙසේය.

* රාත්‍රි 9 සිට මධ්‍යම රාත්‍රි 12තෙක්,
* රාත්‍රි 12 සිට අළුයම 3තෙක්,
* අලුයම 3 සිට එලිවන 6 තෙක්,

එසේ නම් ඔබ අද දින රාත්‍රි 9ට දල්වන එළගිතෙල් පහනෙන් උදේ පාන්දර 6 වනතෙක් දල්වා තැබීමට මහන්සි ගන්න. එය ඔබට මහත්ඵල දෙන දෙයක්ම වනු ඇත.
ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ සිද්ධ කරගැනීමට අද දින ඔබට, මෙම ශිව දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටිම වැදගත්ය.

තෙරුවන් සරණයි !

Sunday, February 15, 2015

දරුසම්පත් ජීවිතයෙන් ඈත් කරන යෝග ගැන දන්නවාද ?

විවාහ දිවියට එළඹෙන සියලුම දෙනාගේ ඊලග බලාපොරොත්තුව වනුයේ, දරු සුරතල් බැලීමයි. නමුත් අද කාලයේ තරුණ-තරුණියන්ගේ ජන්ම පත්‍ර බැලූකල, කේන්දරයේ ඇති ග්‍රහ පිහිටිම් දරු සම්පත් වලට ප්‍රබල බාධාවක් බව පෙනෙන්ට තිබේ.

සාමාන්‍ය ලෙස අප ජ්‍යොතිෂ්‍යයේදී 5 වැන්න පුත්‍රස්ථානය ලෙස හඳුන්වමු.

* එසේ නම් යහපත් පින්වත් දූ කුමාරියක් හෝ පුත් කුමරෙක් ලැබීමට,
 • ඔබගේ 5 වැන්නේ සිටින ග්‍රහයා,
• 5 වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ඨි,
• 5 වැන්නාධිපතියා ලැබෙන ස්ථානයේ බල තත්වය,
• 5 වැන්නාධිපතියා උපතේදි නවාංශකයේ සිටින ආකාරය,
• විවාහ වී දරු සම්පත් බලාපොරොත්තු වෙන අවස්ථාවේදී, එම කාලයේදි ඔබ ගත කරන, මහ දසා, අතුරු දසා, විදසා සහ
• ග්‍රහ ගෝචරය
පොදුවේ මේවාට බෙහෙවින්ම බලපෑමක් ඇති කරන බව පෙනීයයි.

●  එසේම යම්කිසි කෙනෙකුගේ 5 වැන්නේ කුජ සිටිම දරුඵල වලට හානිකර බව ජ්‍යොතිෂ්‍යෙය් දැක්වේ.
●  එසේම පුත්‍රකාරක ගුරු ග්‍රහයා දුර්වල වීම එම තත්වය තීව්ර කරයි.

විශේෂයෙන්ම එවන් තත්වක් තිබියදී, පලමුව පිරිමි දරුවෙක් උප්පත්තිය ලැබීමේදි එම පවුලට සෑහෙන කරදර බාධක ඇතිවෙයි.
එසේම එවිට අප එම යුවලට උපදෙස් දෙනුයේ, ප්‍රථමයෙන් ගැහැණු දරුවෙක් ලබාගැනීමට ඇති ජ්‍යොතිෂ්‍යය පදනම ගැන දැනුවත් කිරීමෙනි.

එසේම ඉහත කේන්දරය මැනවින් පරික්ෂා කිරිමේදි පෙනී යන කරුණු රාශියක්ම වෙයි.

ඒ ගැන මා මේ කරන විග්‍රහයට මනාව අවධානය යොමු කරන්න.

●  මෙම කේන්දරයේ 5 වැන්න වූ පුත්‍රස්ථානයේ ශනි-රාහුගේ පිහිටිම නිසා, එම ස්ථානය පාප බලයන්ගෙන් සන්නද්ධව ඇත.
●  තිර රාශියක් වන වෘශ්චික රාශියට 9 වැන්න බාධක ස්ථාන යයි.
එම බාධක ග්‍රහයා, වන සදුගෙන් සහ කේතුගෙන් පාප දෘෂ්ඨි එල්ල වීම නිසා 5 වැන්න පීඩාවී ඇත.
●  එසේම පුත්‍රකාරක වන ගුරු ග්‍රහයා, කේතු හිමි මා නැකතේ වීමද 5 වැන්නේ සිටින සෙනසුරු සහ රාහු මෙම කේන්දරයට අනුව 22වන දෙර්කාණාධිපතියා මෙන්ම අෂ්ඨමාධාපති බුදහුගේ නක්ෂත්‍රයක පිහිටිමත් සෙනසුරු ග්‍රහයා සදුගෙන් 8 වැන්නාධිපතියා වීමද ප්‍රබල දෝෂ තත්වයකි.
එවිට අපිට පෙනී යන්නේ, මෙවැනි පාප පීඩිත හඳහනකින් දරුඵල බලාපොරොත්තු වීම ඉතාම දුෂ්කර දෙයක් බවයි.

* මෙම දෝෂ භංග වීමට නම් වාසනාවන්ත හඳහනක් ඇති අයෙක් සමග විවාහ වීම කල යුතුය.

* එසේම අද කාලයේ විවාහ නැකැත් පන්තිය, මනාව වැඩකටයුතු කරන ජ්‍යොතිෂ්‍යය වේදියෙක් ලවා ඉටු කරවා ගැනීමටද එම ජ්‍යොතිෂ්‍ය වේදියා සතුටු වන ගුරු පඬුරක් දීමටද අද සමාජයේ අය මැලිවී සිටී.
නමුත් මංගල උත්සවයේ අරක්කු බෝතල් වලට සහ සංගීතයක් ගැසීමට, එසේම පුහු ආටෝප වලට අත දිගහැර නොමසුරුව වියදම් කරයි.
එම තත්වයන් නිසාද මෙම දරුඵල සම්බන්ධවත්, විවාහ ජිවිතයේ චිරස්ථිතිය සහ දියුණුව සම්බන්ධවත් ගැටළු පැන නැගීම සිදුව ඇත.

එසේ නම් බුද්ධිමත් ඔබලා මේ සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි. එසේම ඉදිරියේදි මේ ගැන කටයුතු වලදි තීරණ ගනු ඇතැයි අපගේ විශ්වාසයයි.

#ඉරුසේවය

Thursday, February 12, 2015

වාස්තු ශාස්ත්‍රය ගැන... ඔබගේ දැනුමට බිඳක් !

වර්තමානයේ වාස්තු විද්‍යාව ගැන, සමාජයේ සියලුම මට්ටම් වල අය උනන්දු වන බව පෙනේ. වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකර ගැනීම මෙන්ම, ඉදිකරන ලද නිවසක පසුව කෙරෙන එක් එක් අලංකරණ සහ සැලසුම් ගැනද ඔබ දැනුවත් වීම මැනවි.

මේ සම්බන්ධව සියලුම ආකාරයෙන්ම පොදු කරුණු බිඳක් ඔබ හමුවේ තබන්නම්.

●  නිවසක් ඉදි කිරීමට ශුභ දින වශයෙන්,  “ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා “ දිනයන් සුභයි !

* එම තෝරාගන්නා දින වලදී පවතින නැකැත්, තමන්ගේ ජන්ම නැකැත් වලට ගැලපෙන ආකාරයට සූක්ෂමව බලා සකස් කරගත යුතු බව දැනුම් දෙමි.

●  නිවසට ප්‍රවේශ වන මාර්ගය, නිවසේ ප්‍රධාන දොරට සමාන්තරව ඉදි නොකිරීමට වගබලා ගත යුතුයි.

●  ඔබ දන්නවාද “කදිමවේධ දෝෂය“ කුමක්ද කියලා ? - නිවස ඉදිරියේම ලගම, මඩ ගොහොරුවක් ඇතිවිමයි.
මෙම දෝෂය නිසා, නිවැසියන්ට විවිධ රෝග, විවිධ විපත්, එසේම කේන්ති ඒම, නිවසේ විවිධ කරදර ඇතිවිම ආදි තත්ව බලපායි.

●  සාමාන්‍යයෙන් නිරිත සිට ගිණිකොන දක්වා ඇති ප්‍රධාන මූණතේ, නිරිත දිශාවේ කොණක ප්‍රධාන දොර තැබීම දෝෂ සහිතයි.

●  නිවස පිහිටි ඉඩමේ මැදින් ලිඳක් කැපීම අසුභයි.
එමගින් නිවැසියාට අපල උපද්‍රව පැමිණේ.

● එසේම අලංකාරයට සිටුවන ගස් මේ ආකාරයට සිටුවන්න.
- නිවසේ පැත්තකට ගස් සිටුවීම අශුභ නැත.

මේ ආකාරයට නිවසක් ඉදිකිරීමට ප්‍රථමත්, ඉදි කිරීමෙන් පසුවත්... වාස්තු විද්‍යාව ගැන උනන්දු වීමෙන් බොහෝ කරදර උපද්‍රව මඟහරවා ගත හැක.
එසේම තමන්ට පැමිණෙන සියලුම උපද්‍රව නිවාරණය වී යයි.

Monday, February 9, 2015

සතියේ ලග්න පලාපලය (පෙබ 9 සිට)

● මේෂ
එතරම් සුබදායක සතියක් නොවේ.
විශේෂයෙන්ම ආදායම් මාර්ග වලට තිබුනු අවස්ථාවන් සතිය මුල් දින වලදි අවහිර වී යනු ඇත. එනිසා ආදායම් මාර්ග ඇහිරිමත් සමග ආර්ථික අපහසුතාවයන් වලට ලක්වනු ඇත. ප්‍රවේසම් වීම හොද වන අතර, සතිය මැදදී හවුල්කාර ව්‍යාපාර කරන අයද තමන්ගේ ස්ථාවරත්වය ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතයේ කිසි ගැටළුවක් නැති වුවත්, ආර්ථික පදනම තුල ඇතිවන ප්‍රශ්න නිසා මානසික නොසන්සුන්තාවය ඇතිවිමට ඉඩ ඇත. තම දුවාදරුවන්ට ඇතිවන ශාරීරික පීඩාකාරි තත්ව නිසා තම සිතට යම් අසතුටක් ඇතිවිමට ඉඩ ඇත.
නිදන්ගත රෝග ඇති අයට ඒ තත්ව උත්සන්න විය හැක. මුත්‍රා අමාරු, සෙම් ආශ්‍රිත රෝග වලින්ද පරිස්සම් වන්න.

●  වෘෂභ
එතරම් සුබදායක නොවනු ඇත.
සතියේ මුල් දින 2 හමාරෙන් පසු ආදායම් තත්ව වලට බාධක ඇතිවේ. එම නිසා එම දවස් වලින් පසු ඉදිරි දින වලදි ඔබ මුදල් පාලනය සහ ව්‍යාපාර කටයුතු කල යුත්තේ ඉතාම ප්‍රවේසමිනි. ඔබට හොද ග්‍රහ මහ දසා ඇත්නම් හැර අලුත් වැඩ ආර්ථිකමය වශයෙන් වැදගත් වන කිසිම කටයුත්තකට මුල් දින වලින් පසු යොමු නොවනවා නම් හොදයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය වන අතර, ලොකු හොදකුත් ලොකු නරකකුත් නැත. සතියේ මුල් දින වලදි දරුවන් වෙනුවෙන් කැපවීම ඔබගේ සන්තෝෂයට හේතුවෙයි.
සෞඛ්‍ය තත්වය පැත්තෙන් එතරම් හොද නැති අතර, විසේසයෙන් උදරාබාධ සහ සෙම් කෝපවිමද නිදන්ගත රෝග ඇති අයට ඒවා වල යම් සංකූලතා ඇතිවිමද විය හැක.

●  මිථුන
හොඳ සතියකි.
විසේස වශයෙන්ම මේ සතිය ඇතුලත ආර්ථික දියුණුව සැලසෙනවා මෙන්ම භූමි ලාභ, දේපල වස්තු හිමි වීමේ මහඟු ඉඩක් පවති. ඔබට ප්‍රදේශයෙන් පිටවීද ආර්ථික තත්ව හිමි වීමේ වාසනාවක් පවති.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, නිවසට අලුත් බඩු බාහිරාදියද, පදිංචි ස්ථානයේ වෙනසක්ද පෙන්නුම් කරයි. දරුවන්ගෙ දක්ෂතා නිසා සිතට ගෙනදෙන සතියකි. සතිය අගදි අවිවාහක අයට මංගල යෝගද උදාවනු ඇත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත, සතිය මැදදී අජීර්ණ රෝග වලින් පරිස්සම් වන්න.

●  කටක
සුභදායක සතියකි.
තමාගේ වටපිටාවෙ සහ හිතවත් අයගේ උදව් උපකාර සතිය පුරාම ලැබෙයි. එමගින් තමාගේ ආදායම් මාර්ග වල සහ ආර්ථික තත්වයට යම් පිටිවහලක් එයින් ලැබෙනු ඇත. එසේ නම් ඔබගේ උත්සහය අනුව ඔබට එයින් ප්‍රතිඵල නෙලා ගැනිමේ හැකියාව ඇත.
ගෘහ ජිවිතය ඉතාම සුබයි. නිවසට නෑදෑ හිත මිතුරන් මෙන්ම සහෝදරයන්ගේ පැමිණීම සිදුවේ. ඔවුන් සමග ගමන් බිමන් යාමට මෙන්ම ප්‍රීතිවිමට අවස්ථා ලැබේ. අවිවාහක අයටද, විසේසයෙන්ම ගැහැණු ළමයින්ට මංගල යෝග ප්‍රබලව යෙදෙන කාලයකි.
ප්‍රබල ගැටළු සෞඛ්‍ය තත්වයෙ නැත.

●  සිංහ
ඉතාම සුභ සතියකි.
සතිය මුළුල්ලේම සඳුගේ ගමන අනුව, ආර්ථිකය යහපත් වන ලකුණු පෙනේ. ලැබීම් භාග්‍ය මෙන්ම තමා කරන කටයුතු වල දියුණුව ඇතිවේ. ප්‍රසිද්ධිය ඇතිවේ. එසේම ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ අයට, විදෙස් රැකියා කරන අයට මේ සතිය ඉතාම සුභ බව කිව යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. නිවසට නෑදැ හිතමිතුරන්ගේ පැමිණීම සිදුවේ. ගමන් බිමන් වැඩිවේ.
සෞඛ්‍ය තත්වය හොදයි. නමුත් සෙම් අමාරු ගැන විසේසයෙන් පරිස්සම් විය යුතුය.

●  කන්‍යා
ශුභයි.
විශේසයෙන්ම විදෙස් ගත රැකියා කරන අයටත්, වෙළහෙලදාම් කරන අයටත් මේ සතිය සුභ බව කිව යුතුය. එමනිසා මෙම කාලය තුල ආර්ථිකය යහපත් වේ. මුදල් ලැබේ.
ගෘහ ජිවිතය තුල මෙතෙක් කල් කරගැනිමට නොහැකිව තිබු යම් යම් කාරණා ඉෂ්ට සිද්ධ වනු ඇත. එසේම තමාට පවුලේ අයගෙනුත් දියුණුවට උපකාර ලැබේ. නිවසට අලුත් බඩුමුට්ටු ලැබේ. විදෙස් ගමන් බිමන් ගැන බලාපොරොත්තුව සිටියා නම් මේ සතිය තුල ඒවා ඉටු වේ.
සෞඛ්‍ය තත්වය, හිසේ කැක්කුම්, පපුවේ සෙම, මානසික ආතතිය ආදියෙන් පරිස්සම් වන්න.

●  තුලා
මේ සතිය සමඵලයි.
සතියේ මුල් දවස් 2-3දි ආර්ථික වශයෙන් අලාභහානි ඇතිවිමට ඉඩ ඇත. එසේම ඔබ ණයට දුන් මුදලක් හෝ ඔබට ලබාදුන් මුදලක් නිසා ඔබ දැවැන්ත දුෂ්කරතාවයකට පත්විමට ඉඩ ඇත. එමනිසා ආර්ථික තත්වය කළමනාකරණය කිරිමේදි පරිස්සම් වන්න. ඉන්පසු ලබන ඉරිදා දක්වාම වරදක් නැත.
ගෘහ ජිවිතය ප්‍රිතියෙන් ගත වේ. සතියේ මුල් කොටසෙදි නිවසින් බැහැරව සිටිමට සිදුවේ. එහෙත් එයින් ලොකු අවාසියක් සිදු නොවේ. සතිය අගදී විනෝද ගමන් බිමන් ආදියට යෑමට සිදුවේ.
සෞඛ්‍ය පාද වල අමාරුකම් ආදිය, ඇගේ පතේ වේදනාව ආදිය ඇතිවෙයි.

●  වෘශ්චික
ඉතාම සුබ සතියකි.
විශේසයෙන්ම ආර්ථික වාසි ඇතිවේ. සතියේ මුල් දවස් 2-3 ඔබට ඉතාම ජයයි. ඉන්පසුව පරිස්සම් විම හොදයි. ඔබ කල්පනාකාරිව කටයුතු කිරිම ඔබගේ දියුණුවට හේතුවේ.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය රජ කරන මේ කාලයේදි විනෝද ගමන් ආදියද දුර ගමන් ආදියද එවන් අවස්ථාද ලැබෙනවා. අවිවාහක අයගේ මංගල යෝජනා සඵල වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුවක් නැහැ.

●  ධනු
ඉතාම සුභ සතියකි.
කරන කියන වෙළදාම් කටයුතු දියුණු වෙනවා. ආර්ථික ස්ථාවරත්වයට සමාජයෙන් සහ යාළු මිත්‍රාදින්ගෙන් උදව් උපකාර සහ එම පදනම වැටෙනවා. මෙම සතිය තුල සමහරවිට හදිසි ධනලාභ හිමි විමටද ඉඩ තිබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර දරුවන් සමග විනෝද වීමට සතුටින් සිටිමට අවස්ථාව හිමිවේ. පවුලේ සහෝදරයන් නිවසට ඒමට නියමිතයි. මෙම සතියෙදි ඔබ වඩාත් සමාජශීලි පුද්ගලයෙක් වේවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සතිය අගදි මානසික කණගාටුවකට පත්විමට පුලුවන් සැලකිලිමත් වන්න.

●  මකර
වාසනාවන්ත සතියකි.
පෙර පින පෑදෙන සතියකි. ආර්ථික වාසි ඔබගේ උත්සහයේ තරමට දියුනු වන අතර, වෙළදාමේ නියුතු අයට සහ විදෙස් රැකියා වල නියුතු අයට ඉතාම හොදයි.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ප්‍රේමය වර්ධනය වන අතර, අවිවාහක අයගේ මංගල යෝග සඵල වෙනවා. නිවසට නෑදෑ හිතමිතුරන්ගේ පැමිණීම නිසා සිතට සතුට ලැබේ. මකර ලග්න වැඩිහිටි අයට වන්දනාමාන කටයුතු වලට යෑමටද පුලුවන්.
සෞඛ්‍ය තත්වය, එතරම් වරදක් නැහැ. සතිය අගදී සෙම් කෝපවීම සහ වාත අමාරු ඇතිවිමට ඉඩ ඇත.

●  කුම්භ
සමඵල සතියකි.
ඔබට සතියේ මුල් දවස් 2 හමාර සැලකිල්ලෙන් සිටින්න. සතුරු කරදරයක් නිසා ආදායම් මාර්ග බිඳ වැටිමට පුලුවන්. අලුතින් පටන් ගන්නා ව්‍යාපාර එම දවස් 2 මගහරවා කරන්න. ඉතුරු දවස් කීපය ඔබට ඉතාම සුභයි. ආර්ථිකය දියුණු වීමට ඇති ග්‍රහමය පදනම මෙම සතියේ මැදින් පසු ඔබට උදා වෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, දුවලාට අසනීප වීමට පුලුවන්. ඒ ගැන වැඩිය කල්පනා කල යුතු නැහැ. නමුත් සතිය පුරාම ඔබට යම්කිසි ප්‍රබෝධයක් දැනේවි.
සෞඛ්‍ය ගැටළු නම් ජලාශ්‍රිත බෝවන රෝග සහ වෛරස් රෝග විසේසයි. ඇස්වහ කටවහ දෝෂද පාලනය කරගැනිම ඔබගේ වගකීමයි.

●  මීන
ඔබට ශුභාශුභ මිශ්‍රපල සතියකි.
සතියේ මැද දවස් 2 හමාර, එතරම් අයහපත් වන්නේ, ඒරාෂ්ඨක අපලයක් සහ සදුගේ 8 වැන්නට පැමිණීම නිසාය. මෙම කාලයේ තමන් ආරම්භ කරන්නාවු සියලු කටයුතු බාධාවක් ඇති කරන නිසා ඒවා වල ඉතාම හොදක් දක්නට ලැබෙන්නෙ නැහැ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වන අරත, පවුල අභ්‍යන්තරයේ ඇතිවන ගැටළුවක් නිසා සිතට ගැටළුවක් ඇතිවිමට පුලුවන්. එනිසා පුද්ගලයන් සමග සම්බන්ධකම් යම්තාක් දුරට අඩුවිමට පුලුවන්. පවුලේ සාමාජිකයන් සමග ඉවසීමෙන් කටයුතු කිරිම මේ තත්වයට එකම පිලියමයි.
බෝවන රෝග සහ ආහාර ජිර්ණයේ ඇති දුර්වලකම් නිසා බඩේ කැක්කුම් ආදිය ඇතිවිමට පුලුවනි. පරිස්සම් වන්න.




















Sunday, February 8, 2015

සිතන්න..

අපගේ සේවා ඇල්බමයේ ඇති විවිධාකාර යන්ත්‍ර සහ මුදු යනාදිය දකින බොහෝදෙනෙක් එක්වරම විමසන්නෙ ඒවායෙ මිල ගණන් ගැනය.

එය තමන්ට සුදුසුද නැද්ද යන්න ගැන ඔවුන්ට අවබෝධයක් නැති හැඩකි.
මෙවිට අපට මතකයට එන්නෙ, හිටපු ජනාධිපතිතුමා අතේ වජ්‍රායුධයක්/රත්තරන් ගුලිය තිබුනු බැවින් ඊබේ එකෙන් පවා විවිධාකාර ගණන් ගෙවමින් තමන් කැමති මොඩල් වලින් වජ්‍රායුධ ගෙන්වා ගත් අය ගැනය.
අප සියලුදෙනාට තියෙන්නෙ විවිධ කර්ම ශක්ති... ඒනිසා අපලයක් හෝ තත්වය වැඩි දියුණු කරගන්න නම් කල යුතු පුද පිලිවෙත් ආදියත් එකිනෙකාට වෙනස්...
වජ්‍රායුධයට වුවද තමාගේ කේන්දර සටහන අනුව ගැලපෙන ක්‍රමයක් තිබේ... මොඩල් වලින් කල නොහැක.

ජ්‍යොතිෂ්‍යය, යන්ත්‍ර විද්‍යාව සහ ඒ ශාන්ති කර්ම හරියට නොදන්න හෝ, ලාබය තකා එසේ
කරන අය තමයි එම යන්තරය සෑම කෙනෙක්ටම නිර්දේශ කරන්නෙ...

එහෙම නැත්නම් රාහු අපලය තියෙන 100කට විතර එකපාරට “ නාගර්ජුන යන්ත්‍රය“ ජප කරල දෙන්නෙ...
යන්ත්‍රයක් කරනව කියන්නෙ අපේ කර්මය එක්ක සටන් වැදීමක්... ඒනිසා ඒ කරන කෙනා සිල්වත් ගුණවත් වීම අනිවාර්යයි. ඒවගේම හරියට ප්‍රතිඵල එන්න නම් අදාල කෙනාට විතරයි ඒ යන්තරය කල යුත්තෙ..
ඒව අපි තේරුම් ගත යුතුයි.

#‎ඉරුසේවය‬