Friday, May 16, 2025

ගුරු මාරුව ( 2025 මැයි - 2025 ඔක්තෝබර්)



ග්‍රහලොව ගුරුවරයා වන, ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා වෘෂභ රාශියෙන් මිදී, 2025 මැයි මස 14 වනදා මිථුන රාශියට මාරු වේ.
රටේ ආර්ථිකයට යහපත් කාලයකි. රටට විදේශ ආධාර, විදේශ ණය ලැබෙන්නට හැකියාව ඇති කාලයකි. මෙතෙක් අතපසුවී තිබුනු කටයුතු සිදුවන කාලයකි. විපක්ෂ බලවේග වල සහය රජයට තරමකට ලැබෙන කාලයකි.
ලෝකයේ නව සොයාගැනීම් සිදුවන කාලයකි. යුදමය වාතාවරණයන්ද ඇතිවිය හැකි කාලයකි.
ජිවන වියද​ම ඉහල යන කාලයකි. උද්ධමනය වැඩිවීමට ඉඩ ඇති කාලයකි. 



ලග්න 12ට බලපෑම “ පොදුවේ “ මෙසේය.

-
● මේෂ
2 වැන්නේ සිට 3 වැන්නට ගුරු පැමිණෙයි.
දුරදිග නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු සිදුවිය හැක.
නව රැකියා ලැබීම හෝ ආදායම් මාර්ග වල අඩාල වීමක් පෙන්නුම් කරන කාලයකි.
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අවිවාහක අයට මංගල යෝග උදාවන කාලයකි.
ගෘහ ජිවිතයේ ඇතිවන ගැටළු වලට විසදුම් සොයාගැනීමට බාහිර පාර්ශවයන්ගේ සහය පැතීමට සිදුවන කාලයකි ( මොලය නැතිව ගන්න තීරණ වලට) .
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි.

-
● වෘෂභ
1 වැන්නේ සිට 2 වැන්නට ගුරු පැමිණෙයි.
ඔබට යහපත් කාලයකි. ආර්ථිකය වර්ධනය වෙයි. නව ආදායම් මාර්ග වලට යොමු වීමට හැකියාව තිබේ. නව රැකියා වලට හොද අවස්ථා තිබේ. ආර්ථිකයේ ස්ථාවර භාවය ඇති කරගැනිමට හැකියාව ඇති කාලයකි.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කිරීමට හැකියාව තිබේ.
දෙමාපියන්ගේ ආදරය දරුවන්ට වැඩි වශයෙන් ලැබෙන කාලයකි. දරුවන් සහ දෙමාපියන් අතර සබදතාවය ශක්තිමත් වන කාලයකි.
අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. තම ධනය - ශ්‍රමය අන් අය සහෝදර - සහෝදරියන් - ඥාතින්, ලගම හිතවතුන් වෙනුවෙන් වැය කරන්නට සිදුවන කාලයකි.
සෞඛ්‍ය තත්වය අයහපත්  නැත.

-
● මිථුන
12 වැන්නේ සිට 01 වැන්නට ගුරු පැමිණෙයි.
වියදම් අඩු කරයි. පෙර තිබුනු අනවශ්‍ය වියදම් තරමක් සාමාන්‍ය වෙයි. මෙතෙක් තිබුනු ආර්ථික ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. නව ව්‍යාපාර ආරම්භ කිරිම, නව රැකියා කටයුතු වලට යහපත් කාලයකි. ආදායම් තත්වය වර්ධනය කරගත හැකි කාලයකි.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කිරිමට හැකියාව ලැබේ. අනුන් ගැන වැඩි වශයෙන් සොයා බලන කාලයකි. මංගල යෝග උදාවන කාලයකි.
සෞඛ්‍ය තත්වය යහපත් වෙයි. 

-
● කටක
11 වැන්නේ සිට 12 වැන්නට ගුරු පැමිණෙයි.
පෙරට වඩා වියදම් පාර්ශවය වැඩි වෙයි. ආදායම් මාර්ග වල තිබෙන ගැටළු විසදා ගැනීමට වෙනත් පාර්ශව වල උදව් උපකාර අවශය වෙයි. වෙනත් අයගෙන් ණය ආධාර අවශ්‍ය වන කාලයකි. තම ආදායම් තත්වය තරමක් පරිහානියට පත්වන කාලයකි.
රැකියාවට - අධ්‍යාපනයට විදේශගත වන්නට සිතන අයට යහපත් කාලයකි.
ගෘහ ජිවිතයේ මානසික පීඩා, සිත් තැවුල් සහ කඩා වැටීම් සිදුවන්නට හැකියාව ඇති කාලයකි. බුද්ධිමත් විය යුතු කාලයකි. දරුවන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා බොහෝ සිත්තැවුල් ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
තුනටිය, බෙල්ල ආශ්‍රිත ආබාධ ඇතිවිමට ඉඩ ඇති කාලයකි.

-
● සිංහ
10 වැන්නේ සිට 11 වැන්නට ගුරු පැමිණෙයි.
ආර්ථිකය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි. ලබාදී තිබුනු ණය තමන්ට නැවත ලැබෙන කාලයකි. නව ආදායම් මාර්ග සහ නව ව්‍යාපාර කටයුතු වලට යොමුවිය හැකි කාලයකි. රැකියාවේ ස්ථිර භාවයට කටයුතු සිදුවේ.
තමන්ගෙ පවුල තුල කැපී පෙනෙන ලෙස ජිවත් විමට හැකියාව ඇතිවන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි.
සෞඛ්‍ය තත්වය යහපත් වෙයි.


-
● කන්‍යා
9 වැන්නේ සිට 10  වැන්නට ගුරු පැමිණෙයි.
තමන්ගේ රැකියා කටයුතු වල, ආර්ථික තත්වයේ ස්ථාවරත්වයක් පෙන්නුම් කරන කාලයකි. රැකියාවේ දියුණුවට වැඩ කටයුතු කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි. රැකියාව ස්ථිර කරගැනිමට හැකි කාලයකි. රැකියාවේ ගැටළු - ප්‍රශ්න විසදෙන කාලයකි. ආර්ථික තත්වය වර්ධනයට හැකියාව ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වෙයි. දරුවන් නිසා තරමක් පසුතැවිම් වලට ලක්වීමට ඉඩ ඇති කාලයකි.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ.

-
● තුලා
8 වැන්නේ සිට 9 වැන්නට ගුරු පැමිණෙයි.
අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට යහපත් කාලයකි. ආර්ථික තත්වය තරමක් යහපත් වෙයි. පෙර තිබුනු දුර්වලතා, ප්‍රශ්න විසදා ගැනීමට වෙනත් අයගෙන් උදව් ලැබෙන කාලයකි. විදේශගත අධ්‍යාපන කටයුතු වලට යොමු විමට සිටින අයට යහපත් ප්‍රතිඵල ලැබේ.
ඉදිරි කටයුතු වෙනුවෙන් පවුලෙන් තරමක් දුරස් වන කාලයකි.
දණහිස් ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇති කාලයකි.

-
● වෘශ්චික

7 වැන්නේ සිට 8 වැන්නට ගුරු පැමිණෙයි.
ආදායම් මාර්ග වල තරමකට හිරවීම් - අඩුවීම් සිදුවිය හැක. රැකියා කටයුතු වල ස්ථිර නැති භාවයක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු වලදි කණගාටුදායක සිදුවීම් ( කැපිලි කෙටිලි) වලට ලක්විය හැකි කාලයකි.
‍ගෘහ ජිවිතයේ තරමක් එකිනෙකා අතර නුරුස්සන ගති ඇතිවන කාලයකි. පවුලේ සාමාජිකයන් සමග තරමක් මත ගැටුම් ඇතිවන කාලයකි. ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කරන්න. නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ යටිබඩ ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න.

-
● ධනු
6 වැන්නේ සිට 7 වැන්නට ගුරු පැමිණෙයි.
සාමාන්‍ය ලෙස පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් විශේෂයෙන් ආර්ථිකයේ තිබුනු ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට හැකියාව ලැබෙනු ඇත. බාහිර පාර්ශව වලින් ආධාර උපකාර ලැබෙනු ඇත. ණය ලැබෙන්නට හැකියාව ලැබෙන කාලයකි.
මංගල යෝග උදාවන කාලයකි. විවාහය පිලිබද තීරණ ගැනිමට හැකියාව ලැබෙන කාලයකි. ඒ සම්බන්ධයෙන් පවුලේ අයගේ ආධාර උපකාර ලැබෙන කාලයකි.
පාද ආශ්‍රිත රෝගාබාධ ඇතිවිමට ඉඩ තිබේ.


-
● මකර
5 වැන්නේ සිට 6 වැන්නට ගුරු පැමිණෙයි.
පෙර තිබුනු යහපත් තත්වයන් තරමක් දුරට අඩුවිමට ඉඩ ඇත. ආර්ථිකයේ තරමක් දුර්වලතා ඇතිවිය හැක. ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ණය යනාදිය දුන්නොත් ඒවා ලබාගැනිමට හැකියාව නොලැබිමට ඉඩ ඇත. ආර්ථිකයේ යම් යම් හිරවීම් යනාදියට ඉඩ ඇති කාලයකි.
පෙරට වඩා මත ගැටුම් පවුල් ජිවිතයේ ඇතිවන කාලයකි. දරුවන් නිසා කලකිරිම් දෙමාපියන්ට ඇතිවිමට ඉඩ ඇත. දෙමාපියන්, දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙසෙන කාලයකි.
කෙලොස්ටරෝල් වැනි රෝගාබාධ තත්වයන් ගැන අවදානමත් වන්න.


-
● කුම්භ
4 වැන්නේ සිට 5 වැන්නට ගුරු පැමිණෙයි.
ආර්ථික තත්වය වර්ධනය හැකියාව ලැබෙන කාලයකි. බාහිර පාර්ශව වලින් උපකාර ලැබෙන කාලයකි. නව ආදායම් මාර්ගයකට යොමුවිමට සිතනවා නම් එයට යහපත් කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සාමකාමි වනු ඇත. දරු සම්පත් බලා​පොරොත්තුවෙන් සිටින අයට යහපත් කාලයකි.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි.


-
● මීන
3 වැන්නේ සිට 4 වැන්නට ගුරු පැමිණෙයි.
පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට හැකියාව ලැබේ. නව රැකියා අපේක්ෂා කල අයට යහපත් කාලයකි. ආර්ථික තත්වය වැඩි දියුණු කරගැනිමට හැකියාව ලැබේ. නිවාස ආශ්‍රිත වැඩ කටයුතු අඩපණ වී තිබුනා නම් ඒවා ඉදිරියෙදි හොදින් කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. පවුල තුල ප්‍රධානත්වය ගෙන කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වෙයි. 


-
ඉරු සේවය


071 383 5369


 

No comments:

Post a Comment