
( 05/31 - 06/29)
ග්‍රහලොව හැඩකාර තරුණිය සිකුරු, තම උච්ච රාශිය වන මීනයෙන් ඉවත්ව, මැයි 31 වනදා මේෂ රාශියට සංක්‍රමණය වෙයි. මෙම ග්‍රහමාරුව ජුනි 29 දක්වාම පවති.
♥ දැනට පවතින සීතල කාලගුණය තරමක් දුරට අඩු වී උෂ්ණ කාලගුණයක් ඇතිවනු ඇත.
♥ දේශපාලඥයින්ට තරමක් අපල කාලයකි මෙය. දේශපාලකයන්ට ජිවිත හානි වුවද සිදුවිය හැකි කාලයකි.
♥ වායු ගෝලයේ කැළඹීම් අපේක්ෂා කල හැක.
♥ ආර්ථික තත්වයට තරමක් අහිතකරය. අනවශ්‍ය දේට වියදම වැඩියෙන් සිදු වන්නට හැකි කාලයකි.
-
⦾ මේ සියලු කරුණු “ පොදුවේ “ බලපෑම්ය.
කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
-
ලග්න 12ට බලපෑම මෙසේය.
-
● මේෂ
12 වැන්නේ සිට 1 වැන්නට සිකුරු පැමිණේ.
වෙනදාට වඩා තම සෞඛ්‍ය තත්වය ගැන හිතන කාලයකි.
ආර්ථික තත්වයේ පෙරට වඩා වියදම අඩුවන කාලයකි, එනම් නිෂ්ඵල වියදම් අඩුවන කාලයකි. එසේ වුවද තම සෞඛ්‍ය තත්වය වෙනුවෙන් වියදම් වැඩියෙන් විය හැකි කාලයකි.
නව ප්‍රේම සබදතා ඇතිවන්නට ඉඩ ඇති කාලයකි.
පවුලේ සමගිය වර්ධනය වෙයි.
-
● වෘෂභ
11 වැන්නේ සිට 12 වැන්නට සිකුරු පැමිණේ.
ආර්ථික තත්වයේ වියදම් වැඩිවන කාලයකි. වෙනදාට වඩා නිෂ්ඵල වියදම්ද බොහෝ සිදුවිය හැකි කාලයකි. අරපිරිමැසමෙන් කටයුතු කරන්න.
වෙනදාට වඩා ආර්ථික ගැටළු - ප්‍රශ්න ඇතිවන්නට ඉඩ තිබෙන්නේ ලග්නාධිපති 12 සිටිම නිසාය.
පවුලේ සමගියට යම් යම් බාධා ඇතිවිමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය තරමක් පිරිහීමට ඉඩ ඇත.
-
● මිථුන
10 වැන්නේ සිට 11 වැන්නට සිකුරු පැමිණේ.
ආර්ථිකයේ තරමක වර්ධනයක් පෙන්නුම් කරයි. නව ව්‍යාපාරික අවස්ථා වලට යොමුවිමට හැකියාව තිබෙන කාලයකි.
ආදරය ප්‍රේමයට අදාලව, ප්‍රේම සබදතා වලට සුභයි. නව ප්‍රේම සබදතා ඇතිවන්නට හැකියාව තිබෙන කාලයකි. මෙතෙක් තිබුනු ප්‍රශ්න ගැටළු ආදරය සම්බන්ධව විසදෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ වෙනදාට වඩා සෞඛ්‍ය සම්පන්නව සිටිමට කටයුතු කරන එනම් නිසි ආහාර - නිරෝගිමත් දින චර්යාවක් ගැන ඔබ උනන්දුවන කාලයකි.
-
● කටක
9 වැන්නේ සිට 10 වැන්නට සිකුරු පැමිණේ.
සෞඛ්‍ය තත්වයේ යම් පිරිහිමකට ලක් වීමට ඉඩ ඇත. සෙම් රෝග වැලදීමේ යම් අවදානමක් පවති.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි වෙයි. මිතුරන්ගෙන් පවා ආධාර උපකාර ලැබෙන කාලයකි.
රූපලාවන්‍ය කටයුතු කරන අයට යහපත් කාලයකි.
ආදර ප්‍රේමය සම්බන්ධව ගැටළු නැත.
-
● සිංහ
8 වැන්නේ සිට 9 වැන්නට සිකුරු පැමිණේ.
පෙර තිබුනු ගැටළුකාරි තත්වයන් තරමක් අවම වන කාලයකි. ආර්ථික ගැටළු විසදෙන කාලයකි.
ප්‍රේම සබදතා වල තිබුනු ගැටළුකාරි තත්වයන් දුරු වන, නව ප්‍රේම සබදතා ඇතිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ අයහපත් නැත.
-
● කන්‍යා
7 වැන්නේ සිට 8 වැන්නට සිකුරු පැමිණේ.
පවුල් ජිවිතය තුල තරමක අර්බුදකාරි තත්වයන්ද, පවුලේ සමගිය වෙනුවෙන් කැපවීමෙන් තීරණ ගැනිමට සිදුවන කාලයකි. මතභේද ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වයේ යම් පිරිහීමක් සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග ඇතිවිමට ඉඩ ඇත. සැලකිලිමත් වන්න.
-
● තුලා
6 වැන්නේ සිට 7 වැන්නට සිකුරු පැමිණේ.
වෙනදාට වඩා යහපත්ව ගත වන කාලයකි.
පවුල වෙනුවෙන් කැපවන කාලයකි. අඹුසැමි ප්‍රේමය, පවුලේ ආදරය වැඩිවන කාලයකි.
නව ප්‍රේම සබදතාද ඇතිවන්නට හැකියාව ඇති කාලයකි. තියෙන ප්‍රේම සබදතා වල ගැටළුකාරි තත්වයන් විසදෙනු ඇත.
සෞඛ්‍ය යහපත් වෙයි.
-
● වෘශ්චික
5 වැන්නේ සිට 6 වැන්නට සිකුරු පැමිණේ.
ගෘහ ජිවිතය තුල මතභේදාත්මක කාරණා සිදුවන කාලයකි. අනියම් සබදතා වලට යොමුවීමට ඉඩක් ඇති කාලයකි.
ආර්ථික තත්වයේ තරමකට පරිහානියට ලක්වන්නට ඉඩ ඇති කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ලොකු අවුලක් නැත.
-
● ධනු
4 වැන්නේ සිට 5 වැන්නට සිකුරු පැමිණේ.
පෙර තිබුනු රෝග පීඩා දුරුවන කාලයකි.
ආර්ථික තත්වයන් වලට විසදුම් ලැබෙන කාලයකි. නව ව්‍යාපාර සහ ආදායම් මාර්ග ඇතිවන කාලයකි.
ආදර ප්‍රේමය සම්බන්ධව අඹුසැමියන් අතර පෙරට වඩා ආදරය දළුලන කාලයකි.
-
● මකර
3 වැන්නේ සිට 4 වැන්නට සිකුරු පැමිණේ.
සෙම් රෝග බහුල වන්නට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා සෞඛ්‍ය තත්වය ගැන සිතිය යුතු කාලයකි.
ආර්ථික තත්වය තරමක් දුරට පිරිහීමට පත්වන කාලයකි. ණය සම්බන්ධ කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතයේ කටයුතු වෙනුවෙන් වියදම් අධික වන කාලයකි.
-
● කුම්භ
2 වැන්නේ සිට 3 වැන්නට සිකුරු පැමිණේ.
නව ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇති කාලයකි. තිබෙන ගැටළු නිරාකරණය විය හැකි කාලයකි.
ආර්ථික තත්වය තරමක් වර්ධනය කරගන්නට පියවර ගැනිමට හැකිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ බෙල්ල - උගුර ආශ්‍රිත පීඩාකාරි තත්වයන් පෙන්නුම් කරන නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.
-
● මීන
1වැන්නේ සිට 2 වැන්නට සිකුරු පැමිණේ.
ආර්ථිකය තරමක් වර්ධනය වන කාලයකි. පෙර තිබුනු ප්‍රශ්න ගැටළු තරමක් දුරට විසදා ගැනීමට හැකියාව ඇති කාලයකි.
ආදර - ප්‍රේමය තුල ගැටළු ඇතිවිමට යම් ඉඩක් ඇති කාලයකි.
සෙම් රෝග, හතිය - ඇදුම වැනි රෝග පීඩා ඇතිවන්නට ඉඩ ඇති කාලයකි.
-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment