දිග්බල වීම යනු,
ග්‍රහයන්ගේ ශක්තීන් 6න් 01කි.
මෙය සම්පූර්ණ කේන්දරය නිවරදිව පරික්ෂාවකින් පමණක් නිසි ලෙස කිව යුතු කාරණාවකි.
දිශාවන් මත පදනම්ව ග්‍රහයන්ගේ ශක්ති තරම තීරණය කිරීම “ දිග් බලය “ වෙයි.
ප්‍රබල ග්‍රහයන් දිග් බල වන අතර, දිග්බලය දුර්වල වේ නම් අයහපත් විපාක ලැබේ.
එනිසා කේන්දරය ගැඹුරින් කරන පරික්ෂාවකින් පමණක් මෙය නිවරදිව කිව හැක.
කෙසේ වුවද පොදුවේ,
1 වැන්නට එනම් ලග්නයට ගුරු/බ්‍රහස්පතී සහ බුධ ග්‍රහයා දිග් බලයි.
( දිශාව - උතුර)
4 වැන්නට සදු/ චන්ද්‍ර සහ සිකුරු/ ශුක්‍ර ග්‍රහයන් දිග් බලයි.
( දිශාව - බටහිර)
7 වැන්නට සෙනසුරු/ ශනි ග්‍රහයා දිග් බල වෙයි.
( දිශාව - දකුණ)
10 වැන්නට රවි සහ කුජ/ අගහරු ග්‍රහයන් දිග් බලයි.
( දිශාව - නැගෙනහිර)
දිග් බලයෙන් යුතු වීමෙන් ලැබෙන යහපත් ඵල මෙසේය.
-
1 වැන්නේ දිග්බලයෙන් සිටින “ ගුරු “
අධ්‍යාපන තත්වය උසස් කරනු ඇත. දෝෂ තිබුනද ඒවා මැඩ පවත්වාගත හැකි වෙයි.
1 වැන්නේ දිග්බලයෙන් සිටින “ බුධ “
මානව හිතවාදි ගති ඇති, බුද්ධිමතෙකු බිහි කරයි.
4 වැන්නේ දිග්බලයෙන් සිටින “ සදු “
දේපල ලාභ සහිත වාසනාවන්ත ජිවිතයක් උරුම කරවයි.
4 වැන්නේ දිග්බලයෙන් සිටින “සිකුරු “
සුඛෝපභෝගි වාසනාවන්ත ජිවිතයක් හිමි කරවයි.
7 වැන්නේ දිග්බලයෙන් සිටින “ සෙනසුරු “
යහපත් විවාහයක් හිමි කර දෙයි.
10 වැන්නේ දිග්බලයෙන් සිටින “ රවි”
අන් අය අතර කැපී පෙනෙන ගරුත්වයට පාත්‍ර කරවයි.
10 වැන්නේ දිග්බලයෙන් සිටින “ කුජ “
කළමනාකරණ ක්ෂෙත්‍රය වැනි ඉහල රැකියා ක්ෂෙත්‍රයක ඔබ බබලවයි..
-
මේ සියල්ල පොදු කරුණු පමණි !
-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment