අද කාලයේ වයස 18 සිට බොහෝවිට 20,21 පසුවීමේ සිට වයස අවු 25-28 යම් තරුණියක් විවාහ වීමට සූදානම් හෝ නැත්නම් ඇයගේ විවාහය ප්‍රමාද බව සමහරු කියති. නමුත් එය සත්‍යය නොවේය.
¤ ජ්‍යොතිෂ්‍යයට අනුව විවාහය කල්ගත වීම යනු අවු 28ට පසුව විවාහය සිදුවීමයි.
සංස්කෘතිමය වශයෙන් විවාහයක් සිදුවන්නේ වයස අවුරුදු 22 සිට 28 දක්වා කාලයේදි නම් එය සාමාන්‍ය විවාහයක් ලෙස සැලකිය හැක.
මෙය අවු 30 උවද ගැටළුකාරි තත්වයක් නොවෙයි.
ඉන්පසුව වන විවාහයන් විවාහ ප්‍රමාද / කල්ගත වූ විවාහ ලෙස සැලකේ.
¤ විවාහය ගැන සැලකීමේදි,
විවාහය ගැන කතා කිරීමේදි කතා නොකරම බැරි ග්‍රහයෙකු වන්නේ “ සිකුරුය”.
සිකුරු, ග්‍රහලොව හැඩකාර මනාලිය වශයෙන් ජෝතිෂ්‍යය තුල හැදින්වේ.
¤ ඊට අමතරව, විවාහය ගැන බැලීමේදි 7 වැනි කොටුව, 7 වැනි කොටුවේ අධිපති, 7 වැනි භාවයේ උප අධිපති ගැන සැලකිල්ලට ලක් කල යුතුය.
¤ විවාහය කල්ගත වීමට නම් “සිකුරු ග්‍රහයා නීච වීම” ප්‍රබල කරුණකි.
¤ සිකුරු ග්‍රහයා නීච වීම තුල, විවාහය පිලිබදව තිබෙන උනන්දු සහගත තත්වය එම කේන්ද්‍ර හිමියාට අඩු කරයි. එමනිසා විවාහය කල්ගත විය හැක.
¤ 7 වැන්න පාපකර්තරී වීමෙන්ද ( එනම් 7 වැන්නෙ දෙපස කොටුවල පාප ග්‍රහයන් සිටිම),
¤ 7 වැන්න තුල පාප ග්‍රහයන් සිටිමද විවාහයට බාධා සහිත ග්‍රහමය තත්වයකි.
¤ තවද, පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි වලට 7 වැන්න ලක්වීමෙන්ද, විශේෂයෙන්ම ශනි - රවි වැනි ප්‍රබල ග්‍රහයන්ගේ දෘෂ්ටි වලට ලක්වීමෙන්, නීච ග්‍රහයන්ගේ දෘෂ්ටි වලට ලක්වීමෙන් විවාහය කල්ගත විය හැක.
¤ කුජ - ශනි 7 වැන්නේ තැන්පත් වීමද,
¤ රාහු 7 වැන්නේ තැන්පත් වීමද පොදුවේ විවාහයට බාධා හෝ දෝෂ ඇති කරවන තත්වයන්ය.
¤ මේ සියල්ලට අමතරව සමහර කේන්දර වල විශේෂයෙන් ගැහැණු දරුවාගේ කේන්දරය ප්‍රබල වීම තුල විවාහයට බාධා වන එනම් නිසි ගැලපීමක් සොයාගැනීම අපහසුවීම අප දැක ඇත.
¤ විවාහයෙදි දෙදෙනාගේ කේන්දර සටහන් ගැලපීම අතිශයින් වැදගත් වන අතර, කේන්දර සටහන් නිවරදිව බැලුවේ නම් දෙදෙනාගේ ඕනෑ එපාකම් සිට සියල්ල නිසි ලෙස කේන්දර සටහන සමග කරන පූර්ණ විවාහ පරික්ෂාවෙදි දැනගෙන එයට අවශ්‍ය දේ කල හැක.
( කේන්දර සටහනේ තිබෙන දේ සහ සත්‍ය යනු 2ක් නොවෙයි. 1ක්ම වෙයි)
- පෙර අප කී සියලු දේ පොදු කරුණුය. එක ග්‍රහයෙකු 2කු සිටින තැනකින් පමණක් නිවරදිව කිව නොහැකි අතර සම්පූර්ණ කේන්දර පරික්ෂාවක් නිරදව්‍යව කර කිව යුතු දේය.
එනිසා මෙයට නිකරුණේ බිය විය යුතු නැත.
_
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
irusewaya@gmail.com
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment