Friday, March 28, 2025

සෙනසුරු මාරුව ( 2025)




සෙනසුරු ග්‍රහයා වසර 2 හමාරක් තමාගේ රාශියක් වන කුම්භ රාශියේ සිට, එනම් තමාගේ ගෙදරින් පිටවී, ගුරුතුමා ගෙදර වන/ රාශිය වන,  මීන රාශියට 2025 වසරේ මාර්තු 29 වනදා පැමිණේ.
මීන රාශියෙන් 2027 ජුනි මස 03 ( 06/03) වනදා ඊලග මාරුව සිදුවේ.

◘ සෙනසුරු ග්‍රහයා මාරු වන්නේ වසර 2 හමාරකට වරකි.

ඒ අනුව ග්‍රහයන්ගෙන් වැඩිම කාලයක් ගෙන මාරුවන්නේ සෙනසුරුය.


-

“ ලග්න 12ට බලපෑම මෙසේය “

* ලග්න වලට කියන ප්‍රතිඵලය මුලින්ම ලැබෙන්නේ මුල් අංශක 10 තුල එනම් භාව කේන්දරය අනුව ගැඹුරින් පරික්ෂා කිරිමේදි, රාශියක මුල් නවාංශක 3 සිටින අයටය.
අනිත් අයට ප්‍රතිඵල ලැබීමට තරමක ප්‍රමාදයක් එනම් මාස 6ක් අවුරුද්දක් අතර කාලයකදි මෙම ප්‍රතිඵල ලැබෙයි. 

-
● මේෂ

11 වැන්නේ සිට  12 වැන්නට සෙනසුරු පැමිණේ.
පෙර පැවති ආදායම් මාර්ග තරමක් හෝ අවහිර වීමට හේතුවන කාලයකි. වියදම වැඩිවන කාලයකි. ලග්න ඒරාෂ්ටකය මේ සමග ආරම්භ වන අතර, එය වසර 2 හමාරක කාලයක් පවති. වෙනත් අයට ලබාදී තිබුනු මුදල් / ණය වැනි දේ ගැනීම අපහසු විය හැක. ණයක් ඉල්ලා ඇත්නම් ඒවා ලැබීමටද බාධා ඇති වෙයි.
ප්‍රේම සබදතා වලට බාධා ඇතිවන්නට හැකියාව ඇති කාලයකි. ආදරය - විවාහ ජිවිතයෙදි පවුල් ආරවල් එනම් මත ගැටුම් ඇතිවිමට වැඩි ඉඩක් ඇති කාලයක් නිසා බුද්ධිමත්ව ගත කල යුතුය. කල්පනා ශක්තිය තරමක් හෝ අඩුවිමට ඉඩක් ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න.
අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා තිබේ. තරග විභාග වලින් පසුබෑම් ඇතිවිමට ඉඩක් ඇත. කෙසේ වුවද ඉවසිලිවන්තව කටයුතු කිරිමෙන් එම තත්වය මගහරවා ගැනිමට හැකියාව ලැබේ.
හදිසි රෝගබාධ, හදිසි අනතුරු, හදිසි රෝහල් ගතවීම් වැනි දේ ගැන සැලකිලිමත් වන්න.

-
● වෘෂභ

10 වැන්නේ සිට 11  වැන්නට සෙනසුරු පැමිණේ.
සමස්තයක් ලෙස හොද කාලයකි. නව ව්‍යාපාර ඇරඹීමට හොද කාලයකි. ව්‍යාපාර කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරයි. නව ආයෝජන, ආදායම් මාර්ග වලට යොමුවිය හැකි කාලයකි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වූ අයට ඒවා ලැබීමට වැඩි ඉඩක් පවති.
අතපසු වූ කටයුතු ඉක්මණින් කරගෙන තම ඉලක්ක කරා යැමට හැකියාව තිබේ.
ප්‍රේම සබදතා ගොඩනගා ගත හැකි කාලයකි. විවාහය සම්බන්ධ ගැටළු තිබුනා නම් ඒවා නිරාකරණය කරගැනීමට සහ ඒ වෙනුවෙන් කැපවීමට හැකියාව ඇති කාලයකි.
පවුල් ජිවිතය සාමාන්‍ය පරිදි යහපත්ව ගත කල හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ, ශ්වසන අපහසුතා වැනි දේ තිබුනා නම් ඒවා නැතිවන කාලයකි. තුනටිය, පිටකොන්ද - කොදුඇට පෙල ආශ්‍රිත රෝගාබාධ වලින් යම් සහනයක් ලැබෙනු ඇත.
මානසික පීඩා යනාදිය තරමක වැඩිවිය හැකි කාලයකි.

-
● මිථුන

9 වැන්නේ සිට 10 වැන්නට සෙනසුරු පැමිණේ.
කරන කියන රැකියා කටයුතු වල යම් අඩපණ වීම්ද, වැඩ අතපසුවීම් ඔබගෙන්ද සිදුවිය හැකි කාලයකි. අන් අයට වැඩ පැවරීම තුලින්, එම වැඩ නිසි ලෙස ඉටු නොවිම හෝ අතපසු වීම විය හැක. ආර්ථිකය සම්බන්ධව ගන්නා තීරණ වලදි පරිස්සම් වීම කල යුතුය. ව්‍යාපාරික කටයුතු වලදි මිතුරන්ගෙන් වුවද රැවටීම් වලට හසුවිය හැකිය. නව ව්‍යාපාර වලට යැමට අදහස් කරන්නේ නම් ඒ පිලිබදව දෙවරක් සිතා බලා ඒවා කරන්න.
ස්ථිරව පැවති විවාහ කටයුතු කල්ගත වීමේ හැකියාව පවති. ආදරය ප්‍රේමය විවාහය යන කාරණා වලට බාධා ඇති වෙයි.
ගෘහ ජිවිතය තුල යම් මත ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් පවති. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසිය යුතු කාලයකි.
කොදුඇට පෙල ආශ්‍රිත  රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න. මානසික පීඩාවන් වැඩිවිමට ඉඩ ඇත. පාද ආශ්‍රිත රෝගබාධ ගැන සැලකිලිමත් වන්න.

-
● කටක

8 වැන්නේ සිට 9  වැන්නට සෙනසුරු පැමිණේ.
මෙතෙක් පැවති ආර්ථික තත්වයේ දුර්වලතා මගහැරෙන කාලයකි. අන් අයගේ උදව් උපකාර ලැබෙයි. පැවති ව්‍යාපාරික ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආර්ථික තත්වයේ නව පියවර ඉදිරිය වෙනුවෙන් ගත හැකි කාලයකි. මුදල් තත්වය යහපත් වෙයි. ණය ඉල්ලුම් කල ඒවා ලැබෙනු ඇත.
මෙතෙක් පැවති පවුලේ අසමගිකම් දුරුවි සමගිය රැකෙනු ඇත. දෙමාපියන් සහ දරුවන් ආදරයෙන් යුතුව කටයුතු කරන කාලයකි. ප්‍රේමය - ආදරය - විවාහය සම්බන්ධව පෙර තිබුනු ගැටළු නිරාකරණය වන කාලයකි. විවාහය ප්‍රමාද අයට එය ඉක්මණ් වනු ඇත.
මගහැරුනු අධ්‍යාපන කටයුතු සහ තරග විභාග ආදියට පෙරට වඩා හොද කාලයකි.
සෞඛ්‍ය තත්වයේ, ලොකු ගැටළු නැත. යහපත් වෙයි. රෝගපීඩා අඩුවන කාලයකි.
පාද සහ ඇස් ආශ්‍රිත රෝග පීඩා දුරුවන කාලයකි.


-
● සිංහ

7 වැන්නේ සිට  වැන්නට 8 සෙනසුරු පැමිණේ.
සෙනසුරුගේ පැමිණිම සමග අෂ්ටම ඒරාෂ්ටක තත්වය ආරම්භ වනු ඇත. පෙර පැවති ව්‍යාපාර කටයුතු වල ගැටළු තරමකට උග්‍ර විය හැකි කාලයකි. විශේෂයෙන් හවුල් ව්‍යාපාර ගැන සැලකිලිමත් වන්න. ආර්ථික තත්වයට බාධා ඇතිවිය හැක. මුදල් ලැබිම අඩුවිය හැක. රැකියාවේ අඩපණ වීම්ද විමට ඉඩ ඇත. කම්මැලිගති - උදාසීන වීමද සිදුවිමට ඉඩ ඇත. රැකියාවේ උසස් වීම් සම්බන්ධව ගැටළු ඇතිවි ඔබට අවාසි සහගත වීමට ඉඩ ඇත.
විවාහක අයට පවුල් ජිවිතයේ තරමක මතභේදයට තුඩුදෙන කාරණා ඇතිවිය හැක. අනියම් ඇසුරු කිරීම් වැනි දේට පෙළඹීමට ඉඩ ඇති කාලයකි.
අධ්‍යාපන කටයුතු වලට, තරග විභාග ආදියට මුහුණ දෙන්නේ නම් අවම තරමින්, විෂ්ණු දෙවියන්ට, ගණ දෙවියන්ට හෝ පහනක් තියා, ආශිර්වාද ලබාගෙන කිරිම වඩාත් හොදයි. නිසි ලෙස ඒවා කල යුතුය. අධ්‍යාපනයට බාධා විය හැක.
ඇස් පෙනීමේ දුර්වලතා මෙන්ම පාද ආශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැක. මානසික පීඩා වෙනදාට වඩා විය හැක. රෝහල් ගතවීම් සිදුවිය හැක.
බුද්ධිමත්ව කටයුතු කරන්න.


-
● කන්‍යා

6 වැන්නේ සිට 7 වැන්නට සෙනසුරු පැමිණේ.
හවුල් ව්‍යාපාර වල ගැටළු ඇතිවිය හැක. රැවටීම් වලට ලක්වීමට ඉඩ ඇති කාලයකි. ව්‍යාපාර ණය සම්බන්ධ ගැටළු ඇතිවිමට ඉඩ ඇත. රැකියාවේ මිතුරන් සහ අනෙක් පාර්ශවයන්ගෙන් ගැටළු - බාධා - සිත් නොහොදකම් ඇතිවිමට ඉඩ ඇත. දුරදිග නොසිතා තීරණ ගතහොත් ඒවායෙන් අවාසි සහගත සිදුවිම් විමට ඉඩ ඇත. මුදල් ගනුදෙනු වලදි පරිස්සම් විය යුතුය.
ආදරය ප්‍රේමය - පවුල් ජිවිතය තුල ගැටළුකාරි තත්වයන් උද්ගත වීමේ දැඩි ඉඩක් පවති.
ප්‍රේම සබදතා වල ගැටළු මෙන්ම ඒවා කැඩී යාමට ඉඩ ඇත. ස්ථිරව තිබුනු විවාහ වල ගැටළු මෙන්ම ඒවා නතර වීම පවා විය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ මානසික පීඩා බහුල කාලයක් විය හැක. හිසේ කැක්කුම් වැනි රෝග ගැන සැලකිලිමත් වන්න. ශ්වසන අපහසුතා, පෙනහැල්ල සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

-
● තුලා

5  වැන්නේ සිට 6 වැන්නට සෙනසුරු පැමිණේ.
පෙර පැවති ආර්ථික අපහසුතා දුරුවීමේ වැඩි ඉඩක් ඇති කාලයකි. රැකි රක්ෂා වල උසස් වීම් ගැටළු නැතිවීමට ඉඩ ඇත. රැකියා වලට උසස් අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. ව්‍යාපාර කටයුතු වලට සතුරු කරදර / තරගකාරිත්වයෙන් ලැබුනු කරදර බාධක අඩුවි ඔබට ඉදිරියට පැමිණිය හැක.
අධ්‍යාපන කටයුතු වලට බාධා පෙර පැවතියද එම තත්වයන් ක්‍රමිකව සහනය වනු ඇත. තරග විභාග ආදියෙන් ජයගැනීමට හැකියාව ලැබේ. පෙර පැවති අලස ගති - නිදිමත ගතිය පහව යනු ඇත.
ප්‍රේම සබදතා වලට දැඩි බාධා පෙර තිබුනු අතර ඒවා දැන් ඉවත් වනු ඇත. නව ප්‍රේම සබදතා ගොඩනගා ගැනීමටද හොද කාලයකි.
ගෘහ ජිවිතය පෙර පැවති අසමගිකම්, දුර්වලතා මග හැරි යහපත් කාලයක් උදා වන කාලයකි. දෙමාපියන්ගේ ආධාර උපකාර දරුවන්ට ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ආමාශගත, උදරාබාධ වැනි දේ සුව වන කාලයකි. පපුව ආශ්‍රිත රෝග පීඩා වලින් පරිස්සම් වන්න.


-
● වෘශ්චික

4 වැන්නේ සිට 5 වැන්නට සෙනසුරු පැමිණේ.
පෙර පැවති ආර්ථික තත්වයේ අපහසුතා තරමක් අඩුවිය හැක. මුදල් ලැබිම අතින් යහපත් කාලයකි. රැකි රක්ෂා වල දියුණුව අපේක්ෂා කල හැක. නව ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගත හැකි කාලයකි. ජිවිතය සුභවාදිව යහපත් සහ දියුනුවක් වෙනුවෙන් වෙනස් කරගත හැකි කාලයකි.
ප්‍රේම සබදතා වලට බාධා ඇති වීමට ඉඩ ඇත. ගෘහ ජිවිතය තුලද මත ගැටුම් - සැක සංකා ඇතිවිමටද ඉඩ තිබේ. පවුලේ පැවති අසමගිකම්, අගහිගකම් අඩුවන කාලයකි. නිවාස ආශ්‍රිත කටයුතු සිදු කරගැනිමේ හැකියාව ඇති කාලයකි.
අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවන්නේ කම්මැලිකම, අලස වීම යනාදිය නිසාය, එයින්ම තරග විභාග වලදි පසුබෑම් ඇතිවිමට ඉඩ ඇත, බුද්ධිමත්ව ඉගෙනිම් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ වැනි උදරය ආශ්‍රිත රෝග පීඩ වලින් පරිස්සම් වන්න. හිසේ ආබාධ ඇතිවිමටත් ඉඩක් ඇත.

-

● ධනු

3 වැන්නේ සිට 4 වැන්නට සෙනසුරු පැමිණේ.
මුදල් අතින් රැවටිම් වලට ලක්වීමට ඉඩ ඇති කාලයකි. මුදල් ලැබෙන අවස්ථා සහ මුදල් ලැබෙන මාර්ග අඩුවිමට හේතු වන කාලයකි. ආර්ථිකයේ දුර්වලතා ඇතිවන්නට හේතුවිය හැක්කේ දුරදිග නොසිතා ගනු ලබන තීරණ නිසාය. රැකියා තත්වයන්ට බාධා ඇතිවිය හැක. රැකියා ස්ථානයේ මිතුරු ඇසුර වැඩිවිම නිසාද රැකියා කටයුතු වලදි බාධා විය හැක. මිතුරන්ට මුදල් ණයට ආදිය දීමෙන් ඒවා නැතිවීමට ඉඩක් ඇත. රැකියාවේ උසස් වීම් ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තරමක් බාධා මත ගැටුම් අසමගිකම් ඇතිවන්නට හැකියාව ඇති කාලයකි. අධික ලෙස කෝපවීම තුල තවත් ප්‍රශ්න ඇතිවිය හැක. ආවේගශීලි බව පාලනය කරගන්න.
නිවාස සම්බන්ධ වැඩ කටයුතු වලදි ඒවා අඩපණ වීමට ඉඩ ඇත.
පපුවේ අසනීප තත්වයන් ගැන සැලකිලිමත් වන්න. මහන්සි ගතිය, ශ්වසන අපහසුතා ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.

-
● මකර

2 වැන්නේ සිට 3 වැන්නට සෙනසුරු පැමිණේ.
ලග්න ඒරාෂ්ටකය අවසන් වෙයි මේ පැමිණීම සමග.
පෙර පැවති ආර්ථිකයේ අගහිකම් අපහසුතා දුරු වනු ඇත. නව ව්‍යාපාර වලට සුබයි. දැනට කරගෙන යන ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. රැකියා කටයුතු වල ඉදිරි පියවරයන්ට ඉක්මණින් යොමුවිමට හැකියාව ලැබේ. ඒ සදහා ආයතන ප්‍රධානින්ගෙන් ආධාර උපකාර ලැබෙනු ඇත. පෙර පැවති මුදල් සම්බන්ධ ගැටළු නිරාකරණය කරගත හැකි වනු ඇත. ණය වී සිටියා නම් ණය වලින් නිදහස් වෙන්නට හැකියාව ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතයේ තිබුනු පැටලිලි සහගත ස්වභාවය මෙන්ම මෙතෙක් තිබුනු අසමගිකම් දුරුවන කාලයකි. ආදර - ප්‍රේමයට - විවාහය සම්බන්ධව වැදගත් තීරණ ගැනිමේ හැකියාව ඇති කාලයකි. නව ප්‍රේම සබදතා වලටද ඉඩක් පවති.
අධ්‍යාපන කටයුතු වලට හොදයි. උසස් තරග විභාග ආදියෙන් ජය ලැබෙන්නට හැකියාව තිබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වය පෙරට වඩා යහපත් වෙයි. ඇස් ආශ්‍රිත රෝගපීඩා යනාදිය සුවපත් වන කාලයකි. කලක් පැවති හිසේ අමාරු වැනි දේ සුව වන කාලයකි.

-
● කුම්භ

1 වැන්නේ සිට 2 වැන්නට සෙනසුරු පැමිණේ.
ලග්න ඒරාෂ්ටකයේ අවසාන වසර 2 හමාරට පැමිණ ඇත.
ආර්ථික අපහසුතා තරමක් වැඩිවිය හැක. ණය ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය. ණයට දී ඇත්නම් ඒවා ගැනීම අපහසු වෙයි. ආර්ථිකය මනාව කළමනාකරණය කරගෙන නැත්නම් ඒවායේ දුර්වලතා ඇතිවිය හැක. රැකියා කටයුතු වල තරමක පසුබැමක් විය හැක.
ආදරය - ප්‍රේමය වැනි දේ පිලිබදව වෙනදාට වඩා කේන්ති යන එනම් ඉක්මණ් කෝපය ඇතිවිමට ඉඩක් ඇත. මානසික පීඩා වැඩිවිය හැකි කාලයකි.
ගෘහ ජිවිතය තුල අඩදබර ඇතිවිමට ඉඩක් ඇත. වචන හුවමාරුවෙන් පරිස්සම් විය යුතුය. බුද්ධිමත් විය යුතුය.
ඇස් රෝග, ඇස් ආශ්‍රිත රෝග ඇතිවිමට ඉඩ ඇත. දත් රෝග - මුඛය සම්බන්ධ රෝග තත්වයන්ද ඇතිවිමට ඉඩ ඇත. මානසික පීඩාවන් වැඩිවිම නිසා ආතති තත්වයන් / depression වැනි ඇතිවිමේ ඉඩක් පවති.

-
● මීන 

12 වැන්නේ සිට 1 වැන්නට සෙනසුරු පැමිණේ.
ලග්න ඒරාෂ්කයේ 2වන අදියර එනම් දෙවන වසර 2 හමාර ඇරඹෙයි.
ආර්ථික තත්වයේ තරමකට මුදල් ආශ්‍රිත ගැටළු ඇතිවිය හැක. රැවටිම් වලට ලක්විය හැක. මුදල් ගනුදෙනු වලදි ප්‍රවේසම් විය යුතුය. ආර්ථිකය මනාව කළමනාකරණය කරගැනිමට උපදෙස් පවා ලබාගැනීමට සිදුවන කාලයකි. ව්‍යාපාර වල නොසිතා ගනු ලබන තීරණ නිසා පාඩු ඇතිවිමට වැඩි ඉඩක් ඇත.
ගෘහ ජිවිතය තුලද, ආදර - ප්‍රේමය - විවාහය තුල සිත් කලකිරිම් බොහෝ විය හැකි කාලයකි. ප්‍රේමය සම්බන්ධව විවාහ සබදතා වලට බොහෝ බාධා මෙන්ම කඩා වැටිමට පවා යම් ඉඩක් පවතින බව කිව යුතුය. ඒ ගැන ඉතා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ඔබ විසින් කටයුතු කල යුතුය. අනියම් සබදතා වලට යෑමෙන් පවතින අවුල් උග්‍රවීමට ඉඩ ඇත. ඉතාම සැලකිලිමත් වන්න.
මානසික පීඩා වැඩිවන කාලයකි. හිස - හිසකෙස් ආශ්‍රිත රෝග පීඩා බහුල වන කාලයකි. පපුව - හෘදය වස්තුව ආශ්‍රිත රෝග පීඩාද ඇතිවිමට ඉඩ ඇත.

-


Tuesday, March 25, 2025

සෙනසුරු මාරුව ( 2025)


Uploading: 2230272 of 3289926 bytes uploaded.


සෙනසුරු ග්‍රහයා වසර 2 හමාරක් තමාගේ රාශියක් වන කුම්භ රාශියේ සිට, එනම් තමාගේ ගෙදරින් පිටවී, ගුරුතුමා ගෙදර වන/ රාශිය වන,  මීන රාශියට 2025 වසරේ මාර්තු 29 වනදා පැමිණේ.
මීන රාශියෙන් 2027 ජුනි මස 03 ( 06/03) වනදා ඊලග මාරුව සිදුවේ.

සෙනසුරු ජල රාශියකට පැමිණීම තුල, වැසි තත්වයන් වැඩිවන කාලයක් වෙයි. ගංවතුර සහ බැදුනු ස්වභාවික තත්වයන්ද ඇතිවීමේ වැඩි ඉඩක් පවති.
මේ මැයි මස වනතුරු, සිකුරුද සිටින්නේ මීන රාශියේ බැවින්, ප්‍රසිද්ධ කලාකරුවන්ගේ හදිසි වියෝවීම් සිදුවන්නට ඉඩ ඇති කාලයකි.
ගුවන් යානා අනතුරු වැනි දේද සිදුවන්නට ඉඩ ඇති කාල පරාසයකි.
සමස්තයක් ලෙස වියදම් අධික වන කාලයකි. ධනය රැකගැනීමට කටයුතු කල යුතුය.
උද්ඝෝෂණ - වැඩ වර්ජන සිදුවන කාලයකි.
ආණ්ඩුවට ජනප්‍රසාදය අඩුවන්නට හේතුවන කාල සීමාවකි. ඉක්මණ් ක්‍රියාමාර්ග ගෙන, ජනතාවට නිසි සහන සහ නීතිය ආධිපත්‍යය සම්බන්ධ කටයුතුද කිරීම තුල ජනතා ප්‍රසාදය පවත්වාගැනීමට හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් කිව යුත්තේ තීන්දු තීරණ ඉක්මණින් ගත යුතු බවයි.
තාක්ෂණික පිපිරීම් වැනි දේ ලෝ පුරාම සිදුවිය හැක.  -
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය, අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම, සුභ ඵල ලබාදීමට දෙන යන්ත්ර, පැලදිය යුතු ස්වර්ණාභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
  • irusewaya@gmail.com
071 383 5369 (WhatsApp)

Monday, March 24, 2025

රතන යන්ත්‍ර​ය




 රතන යන්ත්‍රයය බුදු ගුණ යන්ත්‍ර අතරින් ඉතාම ප්‍රතිඵලදායක යන්ත්‍ර රත්නයකි.


*
මෙම යන්ත්‍ර මනාකොට ජීවම් කටයුතුව පැළදීමෙන් සියලුම උපද්‍රව නැතිවේ.

එසේම මෙම යන්ත්‍ර භාවිතය නිසා තමාගේ වැඩ කටයුතු කාර්ය සාධනය ඇතිවේ.

* එමෙන්ම සමහර අයට බලපාන යක්ෂ, ප්‍රේත උපද්‍රව එසේම ඇස්වහ කටවහ දෝෂ කුඩා දරුවන්ට බලපාන්නාවූ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ මේ ආදි සියලුම උපද්‍රව මෙයින් වැළකේ.

* සතුරන් දමනය වීමටත්, එසේම තමාගේ වචනය අන් අය පිලිගැනීමටත් බලගතු වන අගනා යන්ත්‍රයකි, රතන යන්ත්‍රය.


යන්ත්‍ර කෙතරම් තිබුනද, සියලුම යන්ත්‍රයන් තමාගේ කේන්දර සටහන අනුව නැකැත් වලට ගැලපෙන ආකාරයට තමාගේ ග්‍රහ තත්ව හැසිරෙන ආකාරයට විමසා බලා, අනුව පැළදිය යුතුය.


*
කටයුත්ත ආරම්භයේ සිට අවසානයද, පැලදීමද නිසි ලෙස සුභ නැකැත් වලට අනුව පමණක් කල යුතුය. එසේ නොකිරීමෙන් ඇතිවන සුභ ඵල අවමය. 


-
යන්ත්‍රය කිරීමට සම්බන්ධ වන තැනැත්තන් සියලුදෙනාද සීලවන්ත ගුණවන්ත අය විය යුතුය. එසේම නිර්මාංශ වීමද වැදගත්ය. 


-
කඩයකින් බඩුවක් ගන්නා සේ ගෙන පැලදීමෙන් අයහපත මිස යහපතක් නොවේ. අවම සතියක්වත් මෙම කටයුත්තට ගතවනු ඇත, එය තීරණය කල යුත්තේද කේන්දරය අනුව පවතින ග්‍රහබලය ගැන මනා අවබෝධයකින් යුතුවය. 


#ඉරුසේවය


Iru Astrology


කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,

අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,

සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,

නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව

ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.

irusewaya@gmail.com

071 383 5369

(WhatsApp)