Pages

Saturday, April 4, 2015

ජය ශ්‍රී මහ බෝ සමිඳුන් රකින “කළු දේවතා බණ්ඩාර දෙවියන් “

උතුම් වූ ජයසිරි මහ බෝධිරාජයාණන්වහන්සේ රකින කළු දේවතා බණ්ඩාර දෙවියන් ගැන අදහස් බොහෝය.
ඒ අදහස් බොහෝ වුවද ලංකාව පුරාම සිටින දැහැමි සිල්වත් ගුණවත් රට වැසියන් රකින, පිහිට වන දෙවියෙකු ලෙස ප්‍රසිද්ධය.

* එක් තැනෙක සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජයශ්‍රී මහ බෝසමිදු රැගෙන වඩින විට පැමිණි කෙනෙකු ලෙසද, තව තැනෙක පුරාණ යක්ෂ ගෝත්‍රික සම්භවයක් ඇති කෙනෙකු ලෙසද මෙම දෙවියන් හැඳින්වේ.
තවත් තැනෙක දස මාර සේනාවට පවා නොබියව ආයුධ දරමින් බුදු රජුන් අසල සිටි උපුල්වන් දෙවියන් ලෙසද හැඳින්වේ.

තවත් තැනෙක උපුල්වන් දෙවියන් හෙවත් වරුණ දෙවියන් විෂ්ණු දෙවියන් බැවින් කළු දේවතා බණ්ඩාර දෙවියන්ද එසේ හැඳින්වෙනවා.

කෙසේ වුවද ලංකාවෙ කුමන බෝධින්වහන්සේ කෙනෙකු ඉදිරිපිට වුවද පිහිටාරක්ෂාව පැතීමෙන් පරිපූර්ණ ආරක්ෂාවක් මෙන්ම ධන ධාන්‍ය වැඩි දියුණු කරදීම ආදි යහපත කර දෙන දෙවි කෙනෙකු බව අප අත්දැකීමෙන් දනිමු.

No comments:

Post a Comment