Sunday, March 24, 2019

“ ලක්ෂ්මී දේව මෑණියන් “



● ධන ලක්ෂ්මී, මල් ලක්ෂ්මී, නාග ලක්ෂ්මී, ජල ලක්ෂ්මී ලෙස ලක්ෂ්මී දේව මණ්ඩලයද 7 දෙනෙකි.

●මෙහිදි ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ මහා ලක්ෂ්මී මෑණියන් සහ ධන ලක්ෂ්මී මෑණියන් පමණි.

( සමහර අයගේ සිතේ ඇති අදහසක් නම් දෙවිවරු රට රටවලට අයත් බවය. එවැන්නක් නැත. ලෝක පාලක සමස්ත දේව මණ්ඩලයම 1කි, සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාද ශක්තිය සියලු රට වලට පවති )

● විශේෂ වශයෙන් කිව යුත්තේ යම් කෙනෙකුගේ සෞභාග්‍යයට මෙතුමියගේ ආශිර්වාදය ඉතා වැදගත් බවය.

- ලක්ෂ්මී දේව මෑණියන්ද යහපත් අයට ආශිර්වාද කරන පින්වත් දේව මාතාවකි.

ඔබද පින්කම් කර එතුමියට අනුමෝදන් කරන්න !

#ඉරු

irusewaya@gmail.com.

විශ්ව පාලක විෂ්ණු දෙවියන්ගේ දේවිය වන මෙතුමිය ධනයට, සෞභාග්‍යයට මූලිකව ආශිර්වාද කරන්නීය.

Wednesday, March 13, 2019

“ තිරුපති සහ තුලාභාර දානය “

මෑතකදී වත්මන් අගමැතිවරයා විසින් තුලාභාර දානය, තිරුපති දේවාලයේදී සිදු කර ඇති පින්තූරයක් දුටුවෙමු.
● තිරුපති දේවාලය මූලිකව විෂ්ණු දෙවියන්ට කැපවී ඇති අතර, ලොව පවතින ජනප්‍රියම විෂ්ණු දේවාලය එය වෙයි.

● ලංකාවේ මෙන්ම බොහෝ රට වල දේශපාලකයන් - ව්‍යාපාරිකයන් මෙම තිරුපති වැඳ පුදා ගන්නට පැමිණෙති.
- තමන්ගේ බරට රන් - රිදී ආදිය ලබාදීමෙන් ප්‍රාර්ථනා කරන පැතුමක් ඉටු වන බව මෙහි ඇති විශ්වාසයකි..

● 2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම පූජාව සිදු කර ඇත. බොහෝමයක් ඇති හැකි අය කරන දෙයකි.

● මෙම පූජාව අත්‍යාවශ්‍යද ? සැබවින්ම “ නැත “

- මෙම දානය හෝ දේවාලයකට යම් දෙයක් ලබාදීම දේවාලයේ පැවැත්ම මෙන්ම ඒවා පත්වාගෙන යන අයට වටිනාකම් දෙයි. ඒ හැර දෙවිවරු ඒවාට ආශාවෙන් ලෝභයෙන් සිටින්නේ නැත.
- මෙවන් දේට කැමති වන්නේ භූත - ප්‍රේත, අසුර, බහිරව, පිසාච ආදි පහත් අමනුෂ්‍ය ආත්මය. එයට හේතුව, ඔවුන්ගේ බුද්ධිය අවම මට්ටමක පැවතීමය. උසස් මනසක් ඇති දෙවිවරු එසේ නොවෙති.
( සරලව කිව්වොත්, දෙවියන්ට කියා දේවල් ගෙන පැවැත්ම තහවුරු කරගන්නා අය විසින් දෙවිවරුන් කියා මවා පා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නා අතර, දෙවිවරු ඒවා දෙස බලන්නේවත් නැත)

● ජනතාව ගැන නොදන්නා, නිසි ලෙස ජනතාවට සේවා කරන්නට හැකියාව තිබියදී නොකරන සහ නොකල දේශපාලකයන් විසින් තමන් ලග සිටින මුග්ධ අය විසින් එවන් වැඩ වලට යොමු කිරීම සැබවින්ම කණගාටුවට කරුණකි !

#ඉරු

Thursday, March 7, 2019

රාහු - කේතු මාරුව

වසර 1 හමාරකට පසුව සිදුවූ රාහු - කේතු මාරුව, රටට ලෝකයට යහපත් එකකි. විශේෂයෙන්ම රටට යහපත්ය.

- පොදුවේ මෙම මාරුවෙන්, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික සහ කුම්භ යන ලග්න වලට අයහපත් බව පෙනුනද, සැබැවින්ම මෙම මාරුවේ බලපෑම ඇතිවන්නේ මෙම ජිවිතයේ යහපත්ව ගත නොකල සහ පෙර අකුසල් ඇති අයටය. එනිසා ලග්න අනුව එසේම නොවෙයි.

- සීලය රැකගෙන ප්‍රතිපත්තිය රැකගෙන සිටියේ නම් ජිවිතය අද දිනයේ සිට තරමක් හෝ හොද වනු ඇත. එසේ නොවන්නේ නම් එයට විපාක ලැබෙන්නට ඉඩ බොහෝ පවතී.

#ඉරු

Monday, March 4, 2019

මහා ශිව රාත්‍රි දිනයෙදි, ඊශ්වර දෙවියන්ගෙන් ආශිර්වාද ලැබීමට,


ලෝක පාලක ‍‍දෙවියන් ලෙස හැදින්වෙන මේ කාලයේ යාම දිව්ය ලෝකයේ ප්රධාන දෙවියන් වන, මතු බුදු වන්නට පෙරුම් පුරන, ඊශ්වර හෙවත් ශිව මහ දෙවියන්ගේ තුන්වන ඇස විවෘත වීම අද දිනයේ සිදු වෙයි.
( මහා රාවණා ගැන කතා කරන බොහෝදෙනෙක්, මහා රාවණාට එම යෝගී බලයට මූලික ආශිර්වාද ලබා දුන්නේ යෝගීන් අතර මහා යෝගියා ලෙස සැලකෙන පෙර භවයේ ඍෂිවරයෙකු වූ ශිව දෙවියන් බව දන්නේ නැත)

ඒ අරභයා යහපත පිණිස මේ පූජාව තැබීම හොඳයි.

● වෙලාව රාත්රි 7න් පසුව ( රැ 7 - 9.30 අතර)
● පහන් 01 ( දැල්ල උතුරට)
● හඳුන්කූරු 07
● පැන් වීදුරු 01

- ඊශ්වර දෙවියන්ගේ නාමයෙන් රවි ග්රහ මණ්ඩලයට පූජා වේවා ! දෝෂ දුරු වේවා ! යහපත උදා වේවා !
- මේ පින් සියලු දෙවියන්ට සියලු සත්වයන්ට සියලු ඥාතින්ට ලැබේවා !

#
ඉරු


Iru Sewaya



irusewaya@gmail.com

Tuesday, February 5, 2019

පෙබ 05 කුජ මාරුවට ශාන්ති කර්මයක් !

2019 පෙබවාරි 05 වනදා සිදුවූ කුජ මාරුවෙන් යහපත් ප්‍රතිඵල පිණිස මෙම ශාන්ති කර්මය කිරීම මැනවි !

●  කුජ ග්‍රහයාට මූලිකව බලපාන දෙවියන් වන්නේ ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ය. එනිසා කතරගම දෙවියන්ට පුද පූජා නිසි වෙලාවට, නිසි ලෙස තැබීමෙන් එම අපල දෝෂ තත්වයන් අවම කරගත හැක.
( මෙම ශාන්ති කර්මය 2019 අප්‍රේල් 12 දක්වා කිරීම සුදුසුය)

●  සතියේ සෑම දිනකම කරන්න. විශේෂයෙන් අගහරුවාදා දින මේ කටයුත්ත කල යුතුය.

●  පහන් 01
●  හඳුන්කූරු 03
●  සුදු - රතු - කහ මල් වට්ටි 01
●  පැන් වීදුරු 01
●  ගිලන් පස ප්ලෙන්ටි වීදුරු 01 ( සීනි සහිතව)

- පහනේ දැල්ල දකුණු දිශාවට විය යුතුය.
- වේලාව 8 - 9 අතර වේ ( උදේ / රෑ 2ටම අදාලය)

 - මෙම පූජාව තබා, කතරගම දෙවියන්, සෙල්ලි - වල්ලි දේව මෑණිවරුන්ට පූජා වේවා ! මේ පින් කුසල් බලයෙන් කුජගේ දෝෂ ඇතුළු, සියලු අකුසල කර්ම, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරුවේවායි පතන්න !

- මේ පින් කුසල් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි පතන්න !

( සැලකිය යුතුයි, මෙය අධ්‍යාත්මික පූජාවකි. මෙම අධිෂ්ඨානයන් සිතින් සිතීම ප්‍රමාණවත්ය. දෙවිවරුන්ට පින් දෙන ගාථා කියමින් ඒවා සොයමින් කටයුතු කිරීම අනවශ්‍යය)

#ඉරු

Monday, February 4, 2019

කුජ මාරුව - ( 05-02-2019)

ග්‍රහ ලොව සෙන්පතියා වන මුරණ්ඩු ගති ඇති කුජ හෙවත් අගහරු ග්‍රහයා, පෙබරවාරි 5 වනදා තම මිත්‍ර රාශියක් වූ මීනයෙන් මිදී ස්වක්ෂෙත්‍ර රාශියක් වන මේෂයට පැමිණේ. මේෂයේදී බලවත් වන කුජ, කුම්භ ලග්න ලංකා කේන්දරයේ 3 වැන්නට එනම් වික්‍රමස්ථානයට පැමිණේ. මෙහිදී කේතුට හිමි නැකතකට මේ  කුජ මාරුව සිදුවෙයි.
කුජගේ මෙම මාරුව අනුව රටට තරමක් යහපත් කාලයකි. විදේශීය රට වලින් සහයෝගය ලබාගැනීමට රජය විසින් කටයුතු කරාවි. යම් යම් දේවලට ජනතාවගේ පෙල ගැස්ම සමග ජනමතයට තරමකට හිස නමා ජනතා හිතසුව පිණිස යම් තීන්දු තීරණ ගන්නා කාලයකි. කුජ බලවත් වීම විප්ලව වලට යහපත් කාලයකි. එනිසාම මහජන මතයට යම් නැඹුරුවක් පෙන්වයි. හදිසි අනතුරු ගැනද අවදානමත් විය යුතුය.
කුජට සම්බන්ධ දේ වන යකඩ ආශ්‍රිත ව්‍යාපාර කර්මාන්ත දියුණු වන කාලයකි.
-

ලග්න 12ට පොදුවේ මෙහෙමයි !

( පොදු පලාපලයක් පමණි - කේන්දරය අනුව වෙනස් විය හැක)

-

● මේෂ
කුජ 12 වැන්නේ සිට 1 වැන්නට පැමිණේ.
කුජ ලග්නයේ බලවත් වීම හොද වුවද තරමක මුරණ්ඩු ගති ඇතිවන කාලයකි. මුහුණ සම්බන්ධව රෝගාබාධ සහ හදිසි අනතුරු යනාදිය, කැළැල් වැනි දෑ ගැනද අවදානමත් විය යුතුය.
රැකියාවේ කටයුතු දියුණු කරගැනීමට හැකියාව ඇති කාලයකි. ඉවසීම ප්‍රගුණ කල යුතුමය.
පවුලේ සමගිය උදෙසාද ඔබගේ කැපවීම අනිවාර්ය වෙයි.
-

● වෘෂභ
කුජ 11 වැන්නේ සිට 12 වැන්නට පැමිණේ.
අයස්ථානයේ සිට වැයස්ථානයට කුජ පැමිණීම පොදුවේ යහපත් නැත. ලේ සම්බන්ධ රෝග, හදිසි රෝග හදිසි අනතුරු ගැන අවදානමත් විය යුතුය. විදේශ ගත වීමට හොදයි.
ව්‍යාපාර වලින් පාඩු ලැබීමට හෝ බාධා කරදර ඇති වීමට යම් ඉඩක් තිබෙන නිසා, ව්‍යාපාර සහ රැකියා කටයුතු වලදී ගන්නා තීරණ ඉතාම බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව ගත යුතුය.
පවුල් ජිවිතයේ යම් අඩදබර ඇතිවීමට හේතු පවති. ඒ ගැන සැලකිලිමත් වන්න.
-

● මිථුන
කුජ 10 වැන්නේ සිට 11 වැන්නට පැමිණේ
පොදුවේ යහපත් කාලයකි. තම තනි මතයටම අනුව කටයුතු කරන්නට ගියොත් අනවශ්‍ය ගැටළු ඇතිවීමට ඉඩක් ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. හදිසි ධනලාභ මෙන්ම තරග විභාග ආදියෙන්ද ජය ගන්නට වාසනාව ලැබෙන කාලයකි. කෙසේ වුවද මේවා ගැන තේරුම් ඇතිව කටයුතු කරන්න. රැකියාවේ දියුණුව, උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථාද ලැබෙන්නට වාසනාව තිබේ.
පෙම් සබදතා සහ පවුල් ජිවිතයෙදි කාමාශාව බලවත් වන්නට ඉඩ ඇති කාලයකි. ඒ ඒ කටයුතු වලදි මනා බුද්ධිමත් සහ සංයමයකින් යුතුව කටයුතු කරන්න.


-

● කටක
කුජ 09 වැන්නේ සිට 10 වැන්නට පැමිණේ
දැඩි කඩිසර - ක්‍රියාශීලි බවක් ලැබෙන කාලයකි. වෙනදාට වඩා ආඩම්බරයක්ද සිතට දැනෙන්නට ඉඩ ඇති අතර එහි තරම නියම ආකාරයෙන්ම තේරුම් නොගතහොත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. නම කුමන ආකාරයකින් හෝ ප්‍රසිද්ධ වීමට ඉඩ ඇති නිසා කුමන ආකාරයටද යන්න සැලකිලිමත් වන්න. කැපවීමෙන් රැකියාවේ - ව්‍යාපාරයේ කටයුතු කරන්න. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. කෘෂිකාර්මික අංශ වල දියුණුවද අපේක්ෂා කල හැක.
පවුලේ කටයුතු සහ ප්‍රේම සබදතා වලදි තරමක දුරස් බවක් දැනෙන්නට ඉඩක් තිබෙන නිසා ඒවා ගැනද අවදානමත් වන්න.


-

● සිංහ
කුජ 08 වැන්නේ සිට 09  වැන්නට පැමිණේ
අධික වියදම් යෙදීමට ඉඩ තිබේ. ඒනිසා අරපරිස්සමට කටයුතු කරන්න. තරග විභාග ආදියෙන් ජය ලැබීමට හැකියාව තිබේ. කුමන ආකාරයෙන් හෝ තම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි. කෙසේ වුවද බුද්ධිමත්ව කටයුතු කිරීම මැනවි.
වෙනදාට වඩා දහමට නැඹුරුව කටයුතු කරන කාලයකි. තරමක කලබලයක්ද, කටයුතු පරක්කු කිරීම්ද සිදුවිය හැක. වාහන ව්‍යාපාර සහ මහ පොලව සහ යකඩ සම්බන්ධ කටයුතු වලට යහපත්ය. හදිසි අනතුරු යනාදිය ගැනද අවදානමත් වන්න.



-

● කන්‍යා
කුජ 07 වැන්නේ සිට 08 වැන්නට පැමිණේ
ආයුෂය ගැන කියවෙන 8ට පැමිණීම තරමක් අයහපත්ය. කෙසේ වුවද හදිසි ලාභ ලැබෙන්නට වාසනාව පවතින කාලයකි. අතමිට මුදල් ගැවසුනද වියදමද අධික වන්නට ඉඩ ඇත.
ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන් උපක්‍රමශීලිව කටයුතු කල යුතුය. හවුල් ව්‍යාපාර වලට තරමක බාධා, පාඩු විය හැකි නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න.
පවුලේ කටයුතු වලට බාධා, සමගියට බාධා ඇතිවීමටද ඉඩ ඇති නිසා ඒවා ගැනද සැලකිලිමත් වන්න.

-

● තුලා
කුජ 06 වැන්නේ සිට 07 වැන්නට පැමිණේ
විවාහය ගැන කියවෙන 7 වැන්නට පැමිණීම පොදුවේ හොදයි. කෙසේ වුවද වෙනදාට වඩා කලබලයකින් කටයුතු කිරීම තරමක් අවාසිදායක විය හැක.
රැකියා - ව්‍යාපාර යනාදියට යහපත්ය. කෙසේ වුවද වැඩිදුර නොසිතා කරන කටයුතු වලින් පාඩු වීමට යම් ඉඩක් ඇත. වියදමද වැඩි වීමට ඉඩ ඇති නිසා සකසුරුවමෙන් යුතුව කටයුතු කරන්න.
පවුල් ජිවිතයේ කාමාශාවන් වැඩි වීමට ඉඩ ඇත. එසේම දෙදෙනාගේම සතුට ගැන සිතා බලා කටයුතු කරන්නේ නම් යහපත්ය. හොද විවාහ යෝජනා ලැබෙන්නට ඉඩ පවති.
හදිසි රෝග විශේෂයෙන් ස්නායු සහ පෙනහල්ල - සෙම් රෝග ගැනද අවදානමත් වන්න.

-

● වෘශ්චික
කුජ 05 වැන්නේ සිට 06  වැන්නට පැමිණේ
ලග්නාධිපතියා රෝග සහ සතුරු ගැන කියවෙන 6 වැන්නට පැමිණීම තරමක් අයහපත්ය. බාධා තිබුනද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ඇත. අන් අයගේ මතයන් නොඉවසා කටයුතු කරන කාලයකි. කෙසේ වුවද සතුරු බාධක මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙයි. විනෝදයෙන් සිටින්නට හැකියාවද ලැබෙන කාලයකි. කෙසේ වුවද සිහියෙන් යුතුව කරන කටයුතු ගැන අවදානමත් වන්න.
අන් අයගේ සහයෝගයද ලැබෙන කාලයකි. රැකියා වලට සුභ කාලයකි. නව රැකියා වලටද වාසනාව තිබේ. ආමාශගත රෝගාබාධ යනාදිය ගැනද අවදානමත් වන්න. හදිසි කරදර වලදී බුද්ධිමත් වන්න.


-

● ධනු
කුජ 04 වැන්නේ සිට 05 වැන්නට පැමිණේ
තරමක සතුරු කරදර ඇතිවිය හැකි කාලයකි. ඒනිසා බුද්ධිය සහ උපක්‍රමය වැදගත් වෙයි. රැකියාව සහ ව්‍යාපාර කටයුතු වලදීද ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කල යුතුමය. නීතිමය ගැටළු වලටද යම් ඉඩක් ඇති නිසා ඒ ගැන දැඩි ලෙස අවදානමත් වන්න. හදිසි රෝග, හදිසි ලෙඩ, ආසාදන යනාදිය ගැනද අවදානයෙන් සිටින්න.
දන්නා කෙනෙකු සමග හෝ පෙර සිට අදුනන කෙනෙක් සමග පෙම් සබදතා ඇතිවීමට ඉඩ ඇත. කාමාශාව වැඩි වන කාලයක් නිසා මේවා ගැන සැලකිලිමත් වන්න. ගැබිණි මව්වරුන් තමන්ගේ තත්වය ගැන සැලකිලිමත්ව සිටිම වැදගත්ය.


-

● මකර
කුජ 03 වැන්නේ සිට 04 වැන්නට පැමිණේ
වියදම් වැඩි වීමට හැකියි. කෙසේ වුවද අතමිට මුදල් ගැවසේ. කළමනාකරණය කරගත යුතුමය.
මනාව සිතා බලා කටයුතු වලදී තීරණ ගන්න. රැකියා - ව්‍යාපාර ආදියට යහපත් කාලයකි. උසස් වීම්, වැඩි වැටුප් ආදියට යහපත්ය.
මෙතෙක් සිතේ පැවති කටයුතු කරන්නට උත්සහ කරන කාලයකි. කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබෙන්නට හැකියාව තිබේ. මේ සියල්ල අතර බුද්ධියෙන් කටයුතු කල යුතුමය.
හදිසි වාසනාව ලැබෙන්නට හැකියාව තිබෙන කාලයකි.


-

● කුම්භ
කුජ 02 වැන්නේ සිට 03 වැන්නට පැමිණේ
වික්‍රමස්ථානයට කුජ පැමිණීම අනුව වෙනදාට වඩා ආවේගශීලි ගති ඇති වීමට ඉඩ ඇත. තම දියුණුව වෙනුවෙන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන කාලයකි. අලංකාරයට, ලස්සනට සිටින්නට කටයුතු කරන කාලයකි. ආදායම තිබුනද, වියදමද අධික වීමට ඉඩ ඇත. තම සහෝදරකාරකාදීන්ට හදිසි අනතුරු ඇතිවීමට යම් හේතු තිබිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
වෙනදාට වඩා පවුලේ සමගිය ගැන සිතා බලා කටයුතු කරන කාලයකි. ඒවාටද බාධා ඇතිවීමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න.


-

● මීන
කුජ 01 වැන්නේ සිට 02 වැන්නට පැමිණේ
අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීම මෙන්ම බුද්ධියද සහිතව කටයුතු කල යුතුය. අනවශ්‍ය අය සමග විවිධාකාර කටයුතු වල යෙදීමෙන් ඉවත් විය යුතුය. සතුරු බාධක යනාදියද ඇතිවීමට යම් ඉඩක් ඇත. වියදම ගැන සැලකිලිමත් වන්න. තම දේ රැක ගැනීමට කටයුතු කරන්න.
ආදායම් තිබේ. කෙසේ වුවද බුද්ධිමත්ව කටයුතු කල යුතුය.
පවුලේ අයට යම් රෝග විශේෂයෙන් විවාහකාරකයාට යම් බාධා ඇතිවීමට ඉඩ ඇති නිසා ඒවා ගැන සැලකිලිමත් වන්න.

-

* කුජගේ අයහපත් බලපෑමට කල යුතු කටයුතු ඊලග ලිපියෙන් දැනුවත් කරමු !


#ඉරුසේවය
irusewaya@gmail.com

Wednesday, January 30, 2019

“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බව“ - වසර 5කට පෙර අප ඉන්දික තොටවත්ත ගැන කියූ දේ !

අද ලංකාවේ ප්‍රසිද්ධම ජ්‍යොතිර්වේදියෙකු වන, ඉන්දික තොටවත්ත මහතා ගැන, වසර 5කට පෙර ස්වර්ණවාහිනිය ප්‍රවෘත්ති අනුව බලා අප පල කල අනාවැකිය,
“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බවයි“ ..

-අම්බලන්ගොඩ වතුපිටිවල සිට කේන්දර පරික්ෂා කල ඉන්දික තොටවත්ත මහතා දැන් කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට සේවය ලබාදෙනවා.
- ඔහුට ජ්‍යොතිෂ්‍යයට අමතරව, පෙර ආත්මගත සම්බන්ධ විඥානයකද සහය තිබෙන බව අපට කිව හැකිය.


* අප කියා ඇත්තේ, ඉන්දික තොටවත්ත මහතාගෙ අනාවැකි හරියනවාද වරදිනවාද ගැන නොව, ඔහුගේ අනාගතය හොද බැවින් ඔහු ප්‍රසිද්ධ වන බවයි. එය දැන් සිදුවී ඇත.

Monday, January 28, 2019

කතා මැද කතා.

අප දන්නා,  නෝනා කෙනෙක් සිටිනවා මාලදිවයිනෙ. ඇය එහි තම සැමියා සමග දූපතක පවත්වාගෙන යනවා ඉහල ගණයේ අවන්හලක්. එය එහි ප්‍රසිද්ධ ස්ථානයක්. ඇය එම අවන්හල අරඹන සියලු කටයුතු පාහේ කලේ අපගේ උපදෙස් මතයි. සියලු ජ්‍යොතිෂ්‍යය සහ වාස්තු උපදේශ අප විසින් ලබාදුන්නා එය අරඹන අවස්ථාවේ.
පසුකාලීනව ව්‍යාපාරය බොහෝ දියුණු උනා. ඇය වතාවන් කීපයක් ලංකාවට ආවත්, අපට කතා කලේවත් නැහැ.
●  ටිකෙන් ටික ඇය ජ්‍යොතිෂ්‍ය යනාදි සේවාවන් දුරකථනයෙන් පමණක් කරගන්නට කටයුතු කලා. පෙර පැවති සබැදියාව දුරස්ව ඇය වෙනම ආගන්තුක කෙනෙක් පමණක් උනා. අප කරන්නේ සේවයන් ලබාදිම නිසා ගැටළුවක් උනේ නැහැ. පසුව ඇය ලංකාවට පැමිණ කල යුතු එක්තරා ශාන්ති කර්මයක් මාලදිවයිනේ සිට කල යුතු බව අපට දැන්වූවා. අප විසින් දන්වා සිටියේ ඇය උපන් භූමියේ එය කල යුතු බවයි. එසේ නොකර එහි ඵල නැති බවද අප පැවසුවා. ඇය පැවසුවේ ඇයට ඕන පරිදි කල යුතු බවයි. අප කිසිවෙකුට උවමනා පරිදි ශාන්ති කර්ම යෝජනා කරන්නේ නැහැ, අප කරන්නේ කල යුතු පරිදි බව අප ප්‍රකාශ කලා.

● ඇය එයින් අප හා අමනාප වූවා. ඉන්පසුව අප සේවය ගත්තේ නැහැ. මාස 8කට පමණ පෙර ලංකාවෙ එකතරා ප්‍රසිද්ධ වෙමින් පවතින ජ්‍යොතිර්වේදියෙකුව ඇය විසින් සියලු පිරිවැය දරා ඇයගෙ මාලදිවයිනේ අවන්හලට ගෙන්වාගෙන තිබුනා. අපට ආරංචි පරිදි එම තැනැත්තාට මිලියන කීපයක් එම කටයුතු වෙනුවෙන් ලබාදි තිබෙනවා. මාස 2-3ක් යනවිට ඇයගේ ව්‍යාපාර බොහොම පාඩු ලබන තත්වයට පැමිණ ඇත. අර තරම මුදලක් ගෙවලත් එම කටයුතු නිසියාකාරව කරගෙන නැහැ. ඇයගෙ සහෝදරයා මේ ලගදි කතා කර එම විස්තරය සහ නැවත අයට අපගේ සේවය අවශ්‍ය බව කියූවත්, අප කිසිවක් කීවේ නැහැ. පෙර කී ජ්‍යොතිර්වේදියාගේ ඇඩ් එකක් ෆේස්බුක් හරහා දර්ශනය වූ නිසාද අපට මේවා මතක් උනා. ඔහු පින්තුර පවා ගෙන ඇත්තේ තමන්ගේ මහානීය තත්වයන් පෙන්වන්නටයි. නමුත් කරන්නේ වෙන දෙයකි.

●  ලංකාවෙ බහුතර මිනිසුන් කැමති, වැඩියෙන් ප්‍රදර්ශනය කරන Show එකට කරන වැඩටය. යම් දේශපාලකයෙක්, පෝසතෙක් පන්සල්, දේවාල, පල්ලි යනාදියට යනවා නම් ඔහු හොද කෙනෙක් කියා හිතනවා. ඒ විතරක් නෙමෙයි දෙවිවරු, ධර්මය පවා එහෙම අයට ආශිර්වාද කරන බව හිතනවා. ඒත් ඇත්තම කතාව එවන් චරිත වැජඹෙන්නේ තමන්ගේ පින සහ කැපවීම ( උපක්‍රමශීලිව) මතයි. බොහෝවිට කිසිදු දෙවි කෙනෙකු එවන් චරිත වලට ආශිර්වාද කරන්නේ නැහැ. නමුත් යම් යම් දේවල් දීලා භූත, ප්‍රේත, අසුර/යක්ෂ වගේ අයගේ සහය ගන්න පුලුවන්. පහත් අමනුෂ්‍ය ආත්ම රැවටෙනවා වගේම, ඒවා ස්ථිර නැහැ. දෝෂ බොහෝමයි.

- ලංකාවෙ බහුතරය කැමති ආකාරය කෙසේ වුවද, ඉදිරියේදි බොහෝමයක් දේවාල වලට සෙනග යෑම අඩු වෙන තත්වයක් ඇති වෙනවා. එය එසේ වන්නේ සැබෑ තත්වයන් ජනතාවට අවබෝධ වීමෙන්. නැතිව දෙවියන්ට අඩුවක් වීමෙන් නෙමෙයි. දෙවිවරු දේවාල වල නැහැ. එන්නෙත් කලාතුරකින්. දේවාල වලට අරක්ගෙන ඉන්නේ, විවිධාකාර භූත - ප්‍රේත - අසුර/ යක්ෂ සහ දේවාල වල කපු මහතුන්. බොහෝමයක් කපු මහතුන්ද දැන් සීලයක් රකින්නේ නැහැ. එයම ඔවුන්ගේ විනාශයට හේතු වෙනවා.